Thursday, September 17, 2015

“Hotel California ගීතය තුලින් අප දෘශ්‍ය කිරීමට උත්සහ දැරුවේ 70 දශකයේ ‘ඇමරිකානු සිහිනයේ' අඳුරු යටිබඩ හා සංගීත ක්ෂේත්‍රයේ පැවති දුරාචාරය යි.”

“Hotel California ගීතය තුලින්  අප දෘශ්‍ය කිරීමට උත්සහ දැරුවේ 70 දශකයේ ‘ඇමරිකානු සිහිනයේ' අඳුරු යටිබඩ හා සංගීත ක්ෂේත්‍රයේ පැවති දුරාචාරය යි.”
              ඒ Hotel California ගීතයේ රචකයා වූ ඩොන් හෙන්ලි (Don Henly) ගේ වචනයි.




1970තරම් ඈත යුගයක වුවද ධනවාදී සමාජ ක්‍රමයක් මගින් කළා ක්ෂේත්‍රයේ පුද්ගලයෙකුගේ ආත්මය සූරාකෑමේ ඛේදවාචකය ඇමරිකාව තුල දක්නට හැකිවිය.එකී හෘදසාක්ෂියේ  හඬ එම යුගයේ කරලියට බට ඊගල්ස්(Eagles) නම් රොක්(Rock) සංගීත කණ්ඩායමෙන් ප්‍රතිරාව දේ.
“Hotel California ගීතය තුලින්  අප දෘශ්‍ය කිරීමට උත්සහ දැරුවේ 70 දශකයේ ‘ඇමරිකානු සිහිනයේ' අඳුරු යටිබඩ හා සංගීත ක්ෂේත්‍රයේ පැවති දුරාචාරය යි.”
              ඒ Hotel California ගීතයේ රචකයා වූ ඩොන් හෙන්ලි (Don Henly) ගේ වචනයි.
On a dark desert highway,cool wind in my hair
Warm smell of colitas , rising up through the air
Up ahead in the distance,I saw a shimmering light
My head grew heavy and my sight grew dim
ඒ,සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත්වූ මනුෂ්‍යත්වයෙන් තොර සමාජ කාන්තාරයක් යන වෙහෙසකර ගමනේදී ක්ෂේම භූමියක් සේ පෙනෙන මිරිඟුවක්,ඉදිරියෙන් ඇති බවට හඟවන මාර්ග සංඥා ය.එය ගත සනහන සීත සුලන් රැල්ලකි.විටෙක සීතලට ගැලපෙන උණුසුම් මාරිජුවානා ගන්ධයකි.මේ පොපියන සංවේදනයන් තුල හැඟීම් වලින් හිස බරවන අතරේම බුද්ධියේ පෙනීම හීන වේ.
“මිනිසෙකු විසින් ජීවිතයේදී අත්දැකිය හැකි භයානක දේවල් දෙකකි.එනම් ගැහැණිය සහ මත්ද්‍රව්‍ය යි.”
                එසේ කියන්නේ මෙමෙ ගීතයට හඬ මුසුකරන Don Felder ය.
Then she lit up a candle and show me the way
අපායක් විය හැකි දිව්‍යලෝක තුල තමන්ට ආශ්වාස කිරීමට ඔක්සිජන් වුවද සැපයීමට සුදානම් කාන්තාවන් සිටියි.එය,එකට කොක්ටේල් එකක් පානය කිරීමේ අවමයේ සිට ගංජා කුරක ආලෝකයෙන් සුඛාන්ත ලෝකයේ අඳුරු මුළු පෙන්වීම දක්වා දිගු වේ.
            ඇමරිකානු ජනප්‍රිය සිහිනයේ ගිලී සුඛාන්තය කර යන ගමනේදී ඔවුන් වඩ වඩාත් අතෘප්තිකර වේ.මධ්‍යසාර යෙන්  ඔවුන්ගේ උගුර තෙත් නොවේ, කෙතරම් අභිසුරුලියන් හමුවේ වුවද ඔවුන්ගේ රාගය නොසන්සිඳේ.අසහනකාරී බවේ හි තුඩ වෙලාවක් අවේලාවක් නොමැතිව පපු තුලට කිඳා බසී.නින්ද අවශ්‍යම කටුක රාත්‍රියයන්ගේ දී පවා නින්දෙන් අවදි වීමට ඔබට බලකරයි.(Wake you up in the middle of the night just to hear them say…)
          ජීවිතය සොයා යන්නවුන් අවසානයේ තමන්ගේ අතෘප්තිකර ජීවිතය තුල ආත්මීය වශයෙන් සිරගත වේ.(We are just prisoners here of our own device).
අවසානයේදී ධනවාදී සමාජ ගංගාවේ තමන්ට අහිමි වූ තමන්ම ම සොයා ඇවිදින්නට ඔවුන්ට සිදුවේ.බොහෝ දෙනා එසේ සෙවීම අතහැර දම ඔහේ පාවී යන අතර එතරම් සැඩ පහරක වුවද උඩුගම් බලා පිහිනන්නට පොර බඳින  එකෙක් දෙන්නෙක් නැතුවා නොවේ.එසේ වුවත් එකී හැම අවස්ථාවකදී ම සිදුව ඇත්තේ ‘මෙයින් නික්මීම මරණය පමණක්ය’ යන්න ඔවුන්ට සිහිගන්විම පමණි.මේ ඔවුන්ගේ ශෝකාලාපයයි……

Last thing I remember I was, running for the door
I had to find the passage back to the place I was before
Relax said the night man we are programmed to receive 
You can check out anytime you like but you can’t never leave…
මඟ දිගට ටෙලිවිෂන් කුණු බක්කි අවුස්සමින් දිනක් පහන්වන ඇසිල්ලෙහි සියලු ක්ලේශ නසා රියලිටි තරුවක්  වීමට අතදරුවාගේ පටන් පොරකන සමාජයකට උචිතම තැන Hotel California 


No comments:

Post a Comment