Saturday, December 31, 2016

2017 නව වසරේ





දුරුතු මසේ නිවෙසට ආ අමුත්ත දින දසුන කදිම
අරුම පුදුම ඉදිරි ගමනෙ තතු පවසයි දිනයක හැම
කරුමෙ අපේ නිමා වුණායයි පවසන විලසක උරුම
අරුණලු රැස් දහර ගලයි පෙන්වා ළහිරුගේ තරම

ගෙවුණු වසරෙ අමිහිරි දෑ අමතක කර දමා ඉවත
හැදුණු වැඩුණු ගුණ දහමට අනුකූලව යොමා දෙනෙත
බිඳුණු මිතුරු නෑදෑකම තර කරගෙන සදා දියත
ලැබුණු වසරෙ කිරිබත් කමු සිරිකත ගෙනඒවි සැපත

රටට දැයට සමයට හෙට නොනැසෙන මෙහෙයක් කෙරේවා
අදට වඩා හෙට ජාතික අබිමානය ළෙහි රැඳේවා
ගතට සිතට සුව බල දෙන නිරෝගිතාවය දැනේවා
සතුට සැපත සම්පත පිරි නව වසරක් උදා වේවා









Tuesday, December 27, 2016

අරුමැති සාදයක්









එගොඩ වත්තෙ බංගලාවෙ
ලොකු හාමුගෙ
උපන් දිනේ සාදෙ අදලු
වත්ත වටේට ම දල්වා
පාට පාට විදුලි බුබුළු
බලන් නඟේ
නුඹ කවදාවත් දැක නැති
මේ විසිතුරු
ලොකු කුඩ සිටුවා තැන තැන
මේස රවුමෙ පුටු තියාන
ගනිමින් මධුවිත ටික ටික
දුම් දමනා රසමසවුළු
බලපන් බුදිනා අරුමය
නාභිය පෙන්වා ඇදගෙන
ඇඟට හිරට කොටට ඩෙනිම්
තවරා වත්සුනු සියොලඟ
පැද්දෙන පෙරළෙන කාලේ
රැඟුම් රඟදෙන අරුමය...
සඳත් බැස යනව හිමිහිට
කාලය ගිය හැටි නොදැනි ව
අන්දර වැට මුල්ලෙ ඉඳන්
බැලුවා ඇති ඔය විගඩම්
උදෙන් පිසූ
බත් ඩිඟිත්ත
පිළුනු ගැහෙන්නට කලියෙන්
කන්නට විගැහින් අපි යමු
නඟේ අපේ
පැල් කොටේට...








Sunday, December 25, 2016

සුනාමියට වසර 12 යි







ගැඹුරු සත්සර පතුල බිදලා
ඇබරි ඇබරී වියරු රළ පෙල
මුහුද මහ මැද දෙදරවාලා
බුර බුරා නැගි කුරිරු රළ පෙල

වෙරළ සම්පත ගිලා ගත්තේ
මිනිස් ජීවිත දසදහස් ගනනින්
නිවෙස් සුණු විසුණු කරමින්
සියලු හිමිකම් නසා දමලා

දුවපු මහ දන මනන් අතරේ
මහළු ගැබ්බර අබල දුබල අයද
හැති දමා පරදුවට තබලා
දිව්වෙ තම දිවි රැකුමටා

නිමාවුනි රළ බිදුනු පෙම හා
මහ පොළොව දෙවනත් කරාලා
ශේශවූ වේ කැබලි පමනකි
ගලින් ඉදිවුන මාලිගා




Saturday, December 24, 2016

නත්තලේ උපත ගැන ඔබ නො ඇසූ දේ








ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිහි කරන නත්තල, ලෝකයෙහි ඇති ප්‍රධාන ආගමික උත්සවයකි.
අද ලෝකය පුරා මේ උත්සවය දෙසැම්බර් මස 25 වෙනි දින පවත්වතත්, ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ නියම දිනය අවිනිශ්චිතය.
ඡ්‍යොතීෂ් ශාස්ත්‍රය අනුව සලකා බලා, ජනවාරි 1 වෙනි දින, ජනවාරි 6 වෙනි දින, මාර්තු 21 වෙනි දින ආදියෙන් එක් දිනක උන්වහන්සේ ගේ උත්පත්තිය සිදුවන්නට ඇතැයි සමහරු සලකති.

ආදී සාන්තුවරයන් වන ශුද්ධ වූ ක්‍රිසොස්තම්, ශුද්ධ වූ ඉපිපැනියස් යන්නවුන් අතර පවා මේ දිනය, ගැන මතභේද පැවතුණි. මේ මතභේද ඇතිවීමට මුල් හේතුව ක්‍රිස්තුන් වහන්සේ ඉපදුණු සමයෙහි, අවුරුද්ද ගණන් ගන්නා ක්‍රම පහකට වඩා පැතිර තිබීමය.
ආදි ක්‍රිස්තියානි පියවරුන් මේ උත්සවය දෙසැම්බර් 25 වෙනි දිනට යෙදුවේ හතරවන ශතවර්ෂයේදීය. ශීත කාලය වන දෙසැම්බර් මාසයේ 25 වෙනි දින යුරෝපා රටවල සිටි ආදීම ජනයාගේ ප්‍රධාන මංගල්‍ය දිනයයි. ක්‍රිස්තු ලබ්ධිය පැතිරීමට පෙර මේ දිනය “ආලෝකයේ උත්සව“ දිනය ලෙස සැලකූහ. මෙය සූර්ය දිව්‍ය රාජයා පිළිබඳව පැවැත්වූ එකකි.

මේ උත්සව දිනට කිවූ තව පැරණි නාමයක් නම් “යූල්” යනුයි. තවම නත්තල් උත්සවයට “යූල්ටයිඩ්” යැයි කියනු ලැබේ. නත්තල් කාලයට සාදන කේක් සමහර විට කොට කැබැල්ලක හැඩයට තනා තිබෙනු ඔබ දැක ඇත. මෙය ඉපැරණි යුරෝපා ගම්බද උත්සවයක සලකුණකි. ක්‍රිස්තු ලබ්ධිය පැතිරීමට පෙර එංගලන්ත ආදී රටවල මේ කොට කැබැල්ල පුළුස්සා ආලෝකයේ උත්සවය පවත්වන ලදී.
ලෝකයේ පවතින වෙනත් ආගම් ධර්ම මෙන්ම, ක්‍රිස්තියානි ආගම ද ඒ ඒ දේශයන්හි පරිසරය අනුව වෙනස් විය. ක්‍රිස්තු ලබ්ධිය යුරෝපයේ පැතුරුණු විට ක්‍රිස්තොත්පත්තිය, දෙසැම්බර් 25 වෙනි දිනට නියම විය. කිස්තුන් වහන්සේ හැඳින්වෙන එක් විරුදාවලියක් නම් “ආලෝකයේ කුමරා” යනුයි. “ක්‍රිස්මස්” යන ඉංග්‍රීසි වදනෙහි අර්ථය ක්‍රිස්තුන් වහන්සේගේ මංගල්‍යය යනුයි. පැරණි ඉංග්‍රීසි භාෂාවෙහි “මාස්” යනු යෙදෙන්නේ මංගල්‍යයකටය.

”ඩයස් ක්‍රිස්ටෙනටාලිස්” යන ලතින් වදන කෙටියෙන් යොදා මේ උත්සවයට නටාල් කියනු ලැබේ. ක්‍රිස්තු ධර්මය ලංකාවට ගෙන ආ පෘතුගීසීන්ගේ භාෂාවේ මේ උත්සවයට යොදන්නේ “ඕ නටාල්” කියායි. සිංහල “නත්තල්” යන වදන බිඳී ආවේ එයිනි.
නත්තල් සමයේ දී තෑගි බෝග දීම, නත්තල් පත් හිත මිතුරන්ට ඇරීම, කුඩා ළදරුවන් පිනන නත්තල් පප්පාගේ පැමිණීම, මේ උත්සවයේ ප්‍රධාන අංගයන්ය.
ජේසු තුමන් ඉපදුණු විට එතුමාට වන්දනා මාන කිරීමට ගස්පාර්, මෙල්කියෝර් සහ බල්තසාර් නමැති රජවරු තිදෙනෙක්, තෑගි බෝග ද රැගෙන එතුමා වෙත පැමිණියෝය. මෙය සිහිවීමක් ලෙස නත්තල් දිනවල ලෝකයේ බොහෝ රටවල තෑගි බෝග දීමේ සිරිත පවතී. ලෝකයේ සෑම රටකම නත්තල් උත්සවයේ ප්‍රධාන තැනක් ගන්නා තැනැත්තෙකි සාන්ත ක්ලෝස්. “නත්තල් පප්පා” යනු මෙරට ඔහුට ව්‍යවහාර කරන නාමයයි. ඕනෑම නත්තල් උත්සවයක තෑගි බෝග බෙදන්නේ ඔහුය.

යුරෝපා රටවලත්, මෙරට ක්‍රිස්තියානි පවුල්වල සිටින ළමයින්ගේත්, හොඳම නත්තල් යහළුවා සාන්ත ක්ලෝස්ය. ඔහු රෑට රහසින් විත් තෑගි දෙන බව ළමෝ අදහති.
මේ තෑගි දැමීමට ඔවුහු තම තමන්ගේ මේස් කකුල් ඇඳ අසල එල්වා තබති. සාන්ත ක්ලෝස් යනුවෙන් සලකන්නේ ශුද්ධ වූ නිකුලස් තුමන්ය. මෙතුමා ඉතා කාරුණික තැනැත්තෙකි. ඔහු ජීවත්ව සිටියදී රහසින් විත් ඉතා දිළිඳු පවුලකට බොහෝ උපකාර කළේය. ක්‍රිස්තියානි ලෝකය දෙසැම්බර් 25 වෙනි දින මොහුගේ මංගල්‍යය පවත්වයි. ඔහු නත්තල් උත්සවයට එක්වූයේ කෙසේ දැයි කිව නොහැකිය.

බොහෝ කතෝලික නිවෙස්වල, ක්‍රිස්තුන් වහන්සේ ඉපදුණු ගවලෙනෙහි ආකෘතිය තනනු ලැබේ. කතෝලික දේවස්ථානවල ද මේ “ගවලෙන් තනනු ලැබේ. මෙය තැනීම ආරම්භ කෙළේ අසීසියේ ශුද්ධ වූ ප්‍රැන්සිස්තුමාය. ඔහු 1224දී ග්‍රෙසියෝහි දී “ගවලෙනෙහි” ආකෘතියක් තනා ඒ අසල සිට, ජනයාට ක්‍රිස්තොත්පත්තිය පිළිබඳ දේශනා කෙළේය.
නත්තල් උත්සවයෙහි ඉතා ජනප්‍රිය වී ඇති අංගයක් නම් නත්තල් කාඩ් නෑදෑ හිත මිතුරන් වෙත යැවීමය. ඔබ මේ දිනවල ඕනෑම පොත් සාප්පුවකට ගොඩ වැදුණු විට නත්තල් පත් විකිණීමට තබා තිබෙනු ඔබට දක්නට ලැබේ. ඔබ ක්‍රිස්තු භක්තිකයකු වුවද නොවූව ද ඔබට ද මේ නත්තල් පතක් ලැබීමට පුළුවන. කෙනෙකු ඔබට නත්තල් පතක් එවන්නේ සාමයත් ප්‍රීතියත් පැතීම සඳහාය.

ප්‍රථම නත්තල් පත මුද්‍රණය කෙළේ 1846 දීය. ප්‍රථම වරට නත්තල් පත් 1000ක් මුද්‍රණය කර එකක් සිලිම ගණනේ විකුණන ලදී. මේ ප්‍රථම නත්තල් පත මුද්‍රණය කළ තැනැත්තා ඒ.ඩබ්ලිව්.ඩොබ්සන් නමැති ඉංග්‍රීසි ජාතිකයෙකි.
ප්‍රථම නත්තල් පත ඇති වූ ක්‍රමය ගැන බොහෝ මත භේද පවතී. මෙය කෙසේ වුවත් නත්තල් පත් යැවීම අද නත්තල් උත්සවයේ ප්‍රධාන අංගයක් ව තිබේ. නත්තල් උත්සවයේ කලාත්මක දෙය ද, පියකරු නත්තල් පත්ය.

ත්තල මෙරට වැසි ජන සමූහයකට අවුරුද්දේ මහඟු දිනයකි. එහෙයින් අද ලංකාවේ ජාතික උත්සව දිනයක් බවට පැමිණ තිබේ. නත්තලට උරුමකම් ඇත්තේ ක්‍රිස්තු භක්තිකයන්ටය.
ඔවුන් ක්‍රිස්තු ස්වාමි දරුවානන්ගේ ජන්ම දිනය නත්තල කොට සලකන හෙයිනි. ක්‍රිස්තු සාමයිකයින් පමණක් නොව, බෞද්ධ හින්දු වැනි ලාංකික වූ අනිත් සාමයිකයින් විසින් ද නත්තල උත්සව අවස්ථාවක් කොට සලකනු ලැබේ. ආගමික උත්සවයකට වඩා ජාතික උත්සවයක මුහුණුවර දැන් මෙරට නත්තලේ වැඩෙමින් පවත්නේ ඒ නිසාය.
නත්තල වනාහි දිග ඉතිහාසයක් ඇති උළෙලකි. එහෙයින් එහි ඓතිහාසික අගය අප කාටත් පොදු වූවකි.

ලතින් බාසාවේ ව්චබචතඪඵඩ යන්න මේ නත්තල් වචනයේ මුල කොට සලකනු ලැබේ. එයින් ආ ව්චබචත යන්න ඉංගි‍්‍රසි ප්‍රමුඛ අපර දිග භාෂා ගණනාවකත් තෙලිඟු මරාති බෙන්ගාලි ආදි පෙරදිග බාසා කීපයකත් ව්‍යවහාරයේ පවතී. එහි තේරුම උත්පත්තියයි.
මේ උපත ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ ජන්ම ලාභය හා සම්බන්ධ කර “විශේෂ උත්පත්තියක්” වශයෙන් ගණන් ගෙන ඇත. ඊට පසු එය “උත්පත්ති මංගල්‍යයක්” කොට ද, අනතුරුව “මංගල්‍යයක්” කොට ද පවත්වා පසුව ආගමික පොදු උත්සවයක් වශයෙන් යොදාගෙන තිබේ. අද එහි ආගමික මුහුණු වරට වඩා ජාතික පෙණුමක් පිළිබිඹු කරවමින් පවතී.

මෙය ලංකාවට පුහුණුව ආයේ ක්‍රි. 16 වන සිය වසේදී පෘතුගීසින්ගෙනුයි. ඔවුහු ක්‍රිස්තු උපන් දිනය කොට සැලකූ දෙසැම්බර් 25 වෙනිදා නේතල්-නාතල් දිනය කොට සැලකූහ. ඒ වහර මේ රටේ සිංහල හා දෙමළ අතරට පත් වී නත්තල් යනුවෙන් හැඳින්වෙන්නට වන.
මෙසේ පෘතුගිසි සභ්‍යත්වය අනුව නත්තල බිහිව ආ නමුත්, අපරදිග රටවල එය අදත් හඳුන්වන්නේ ‘ක්‍රිස්ට්මස්’ නමිනි. එපමණක් නොව පෘතුගිසි වහරට නොනැමුණු අනිත් හැම දෙනෙකුටම පාහේ නත්තල වඩා පුරුදුව ඇත්තේ ක්‍රිස්ට්මස් නමින් ය.
නත්තල් මංගලය මුලදී ඇති වූයේ ක්‍රි. 200 වන සියවසේදී පමණ බව කතෝලික විශ්වකෝෂයේ සඳහන් වී තිබේ. එහි දැක්වෙන ඒ විස්තරය අනුව නොයෙක් රටවල එකම දිනයක් නොව, වෙන් වෙන් දිනවල මේ මංගලය පැවැත්වූ බව දත හැකිය. එයින් අපට තේරුම් ගන්නට පුළුවන් එක් කරුණක් නම් ක්‍රිස්තු තුමන් උත්පත්ති දිනය ගැන මතභේද ලෝකයේ පැරණි විද්‍යාඥයන් අතර පැවැති බවයි.

මිසර දෛවඥයන් අපේ‍්‍රල් 24 - 25 දා නත්තල් දිනය වූ බව පෙන්වා ඇති අතර ලෝකයේ තවත් සමහරුන්ගේ කල්පනාව ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ මාර්තු 28 වැනි දා කියායි. ඒ අතර තවත් සමහරු ඒ දිනය ජනවාරි 6 වැනි දා හෝ 10 වැනි දා හෝ කොට සැලකූහ.
ක්‍රිස්තු තුමන් උපන් දිනය දෙසැම්බර් මස 25 වන දා බව පළමු කොටම වාර්තා වී ඇත්තේ උතුරු අපි‍්‍රකාවේ බව කියනු ලැබේ. ඒ වනාහි ක්‍රි. ව. 383 දී බව කියැවේ. ක්‍රි. ව. 433 දී ඊජිප්තුවේ එම දිනය නියම කොට මංගල්‍යයක් පැවැත් වූ බව ද සඳහන් වී තිබේ. මේ සටහන් අනුවම මේ වකවානුවේ දී මිසර - තුර්කි - ජෙරුසලම්හිත් ක්‍රිස්තු ජන්ම දිනය දෙසැම්බර් 25 දා කොට ගණන් ගෙන උත්සව පවත්වා තිබේ.
බයිබලයේ මාර්තු මාසයේ ක්‍රිස්තු තුමන් මවු කුස පිළිසිඳී දෙසැම්බර්හි උත්පත්තිය ලැබූ බව කියා තිබීමෙන් පෙනෙන්නේ දෙසැම්බර් 25 වෙනි දා ක්‍රිස්තු තුමන් උපන් දිනය කොට බයිබලය ලියූ කාලයේදී සම්මතව පැවැති බවයි.
මේ සම්මතය ක්‍රි. ව. 388 දී රෝමයේ එසේම පැවැති බව ද සඳහන් වේ. එයින් පෙනෙන්නේ නොයෙක් රටවල ක්‍රිස්තු තුමන්ගේ උපන් දිනය පිළිබඳ නොයෙක් අදහස් පැවතුණත් ක්‍රි. සතරවන සියවස මුල දී දෙසැම්බර් 25 වෙනි දා ම ක්‍රිස්තු තුමන්ගේ උපන් දිනය කොට සම්මතව ඇති වගයි. මේ සම්මතය ඇතිවූ තැන් සිට මුළු ලෝක වාසී සියලු නිකායික ක්‍රිස්තු භක්තිකයෝම දෙසැම්බර් 25 දා නත්තල් දිනය කොට විශ්වාස කර ගෙන එති.
මේ නිමිති කොට මුල දී පැවැත් වූ ආගමික උත්සවය කල්යත් ම ඒ ඒ ආගමිකයක්ගේම සමාජ උත්සවයක් වන්නට පටන් ගති. නත්තල් හා සම්බන්ධව ඇති නත්තල් සීයා, නත්තල් ගස හා නත්තල් කේක් ගෙඩිය වැනි දේ මෙයට යා කරනු ලැබූයේ එවක පැවැති අනික් ආගමික කොටසකගේ සිරිත් අනුවය. එහෙත් දැන් ඒවා නත්තල් උත්සවයේ ගැබ් ගත් ලකුණු වී ඇති සැටි ඔබට දකින්නට පුළුවන.
කා බී නටා සෙල්ලමින් කාලය ගෙවන අවස්ථාවක් හැටියට මුලදී නත්තල් උත්සවය පිළියෙල නොවූ බව ඔබ දත යුත්තකි. ස්වකීය ආගම් කතුවරයා සිහිකර ඔහුගේ ගුණ ගයා ආත්මය ගලවා ගන්නා පිළිවෙත සිහි කර ගන්නා ආගමික මංගල්‍යයකි. එදා නත්තලෙහි පැවතුණේ.
එහෙත් ඒ පරමාර්ථය අද සමහරුන් අතර බොහෝ දුරට වෙනස් වී ඇත. එසේ වී ඇත්තේ නත්තල් මංගල්‍යය බාහිර වූ අලංකාර වලින් සරසා ජනතාව කෙළි දෙලෙන් ගතකරන අවස්ථාවකට පෙරළා ගැනීම නිසාය.
ආගමික උත්සවයක පරමාර්ථය මෙසේ වෙනස් වී යෑම නත්තල් උත්සවය සම්බන්ධයෙන් පමණක් නොව, අනිත් කවර ජාතික ආගමික උත්සවයක් සම්බන්ධයෙන් වුව ද සිදුවිය හැක්කකි. එයින් වන වරදක් නම් ඒ උත්සවයේ මුල් පරමාර්ථය කල් යෑමේ දී නැති වී යෑමට ඉඩ ඇති වීමයි.
ලංකාවේ පැවැත්වෙන අනික් සෑම උත්සවයකට වඩා නත්තල් උළෙලේ මේ බාහිර වැඩීම ශීඝ්‍රව කෙරී ඇති බව පෙනේ. ඒ වනාහි අද ඊයක නොව, නත්තල් උළෙල මෙහි ප්‍රසිද්ධව පටන් ගැණුනු 17 වන සිය වසේ සිටම වැඩී එන්නකි.
සැපසේ කා බී නටා කෙළි දෙලෙන් ගත කිරීමම, නත්තලේ උසස් අංගය බව මෙරට සෑම තරා තිරමක ජනයාටම දැන් ඒත්තු ගොස් ඇත. ඉසුරුමත්ව කෙළිදෙලෙන් ගත කරන මිනිසුන් සඳහා “සෑමදා නත්තල්” යන පිරුළ පවා මේ රටේ ඇති වූයේ නත්තලේ බාහිර ඔපය ඉක්මනින් වැඩි දියුණු වී ආ නිසාය.



Friday, December 23, 2016

නත්තල් සීනු








සීනු හඬින් ලොව පිබිදෙනවා සිත්මල් උයන සරු දකිමින් සොඳුරු නදී අත්වැල් බැදෙන ගම දෙගොඩින් පෙරට ඇදී මෙත්මල් පුරන ජන හදවත් බඳුන රිදී නත්තල් වැහි වැටේ උඳුවප් සිසිල දි දී සත් සර සීනු හඬ නත්තල් කුලුනු මත උන් තම තැන තබා සැනසුම සතුට සිත සත් වග යැදුම බැති පුදහර අපරි- මිත අත් කළ වගයි දෙව් මැදුරෙන් පතන සෙත කන් දෙන ගීතිකා පදවැල් මිහිර පෙරී චින් තන රටාවට පුරමින් හිතට දිරී පුන් කලසකින් උතුරා යන සුවඳ කිරී ගෙන් ගෙට වාසනා! නත්තල් ඉසුරු සිරී අතමිට සරු දකින හිරු - සඳු හිනැහීම හිතයට බර අඩුව පොදු ජන සැනසීම මිහි බට දෙවිඳ - පෙම්බර කුමරුනි, සාම අපහට දෙනු මැනවි! නත්තල සැමදාම





Wednesday, December 21, 2016

වැඩිහිටි නිවාසේ සිට පුතුට ලියමි




මිරිවැඩි නොහදුනන පා යුග ගෙවෙන තුරා
කරගැට මල් පිපී දෑතම ගෙවෙන තුරා

සරසවි උපාධිය නුඹ වෙත වඩින තුරා
ඩාදිය වැගිරුවෙමි ගත සවි තිබෙන තුරා


නිළ දරුවෙකු වෙලා වගකිව යුතු තැනක
නිළ රිය අරන් යන නුඹ විලසින රජෙක

පල ලැබු නිසා එදවස දුටු සිහිනෙක
ගැලවුම් කරුයි සිතුනා නුඹ පෙර පිනක


කාළය දෙපා අතරින් රිසි ලෙස ගැලුවා
සීදේවියක නුඹෙ පතිනිය වී ආවා

වාසල නුඹේ පිය හට නුසුදුසු වූවා
මා අමතකව ලොව උඩු යටිකුරු වූවා


මා වැනි පියවරුන් තව හිස් අහස බලා
පසුවෙති අසරනව මෙහ උකටලී වෙලා

අහරක් අවැසි නැති තරමට රිදුම් වෙලා
කුසගිනි මකයි උතුරන දුක් කදුළු වෙලා


නුඹෙ ගෙයි කැකුළු මල් පැහැ මම නොදනී
මුව පොව්වන්ගෙ දග සිහිනෙන් දකින්නෙමි

හෙට එයි මහළු විය එය සිහි කරන්නෙමි
මේ දුක නොවේවා නුඹ හට පතන්නෙමි  





Friday, December 16, 2016

ජීවිතය










රුණළු ව
ගිනිදළු ව
මළහිරු ව
හැලඹරින් බැස යද්දි දිවයුරු
තුරු මැදින් සෙල වෙමින්
පෑළදොරින් ගෙට ඇදෙයි
ගන අඳුර

දිවි මගේ පියවරක්
නිමා කොට එකළාව
හිත මිතුරු දෑත් මත
දෙන ඇතුළේ උඩුකුරුව
කෙනෙක් අවසන් ගමන්
යන අයුරු මට කියයි
හඬ හඬා දුරින් දුර
මැකී යන මළ බෙරය

දොරකඩින් පටන්ගෙන
පෙනෙන මානයෙ දිවෙන
කොඩි බැඳපු සුදු කෝටු
තැනින් තැන මග දෙපස
විසිර ගිය ගොක් රෑන්
ගේ මිදුල අඳුරු කළ
ආවරණ සුදු රෙද්ද
පිරුවටෙන් වැසී ගිය
පේළි කළ හිස් අසූන්

කාන්සිය පාළු බව
හුදෙකලාවෙන් වෙලුණු
මගේ හද තනි කරන්
කියා දෙන හැටි අගෙයි
තථාගත හිමි දෙසූ
ඒ ගැඹුරු දහම් පද

එළිවේවී රෑ වෙවී
රෑ වෙවී එළි වෙවී
නොනැවතී ගෙවී යන
නිමක් නැති දින අතර
දවසක් ද ජීවිතය






Thursday, December 15, 2016

Face Book මිතුරු හවුලෙන් අසරන පවුලකට නිවසක් සාදති





දිළිදු බවේ දරුණුතම ප්‍රහාරයට ලක්වූ පවුල් වෙනුවෙන් දම් පියස බොදු බැති පිටුවෙන් සහන යටතේ අසරණ පවුලකට නිවසක් සාදමින් සිටිති

මුහුණු පොතේ මිතුරු හවුලෙන් දිළිදු පවුලකට නිවාසයක් සාදා දෙති
වර්ථමානය වන විට සමාජ ජාලා වෙබ් අඩවි තුළ එක එක ආකාරයේ මුහුණු පොත් සහ විවිධ ආකාරයේ මිතුරු හවුල් නිර්මානය වී ඇත.ඒ අතර අපිද බුදු දහම පිළිබදව තොරතුරු බෙදා ගන්න හවුලක් ( ගෲප් එකක් ) ගොඩ නගා ගත්තෙමු.
20016 මාර්තු 2 දින දම් පියස බොදු බැති පිටුව නිමින් ආරම්භ කල අතර මේ වන විට 15000 ක සාමාජික සාමාජිකාවන් පිරිසක් අප හා එක් රොක්ව සිටිති.

කාලයේ ඇවෑමෙන් දැන උගත් සමාජ්ශීලි පිරිසක් එක් රොක් වුන අතර ධර්මය කෙරෙහේ ඔවුන්ගේ නැඹුර්තාවය ඉතා උසස් විය.විවිධ රටවල් වල විවිධ ස0ස්කෘතීන් යටතේ රැකියාවල නිරත වූවත් අපිට හිමි නිර්මල බුදු දහම අමතක නොකල මොවුන් සමූහය තුළ නිතරම සිටිතු
මෙසෙ මාස 9 ක් ගිය කල මා හා සමීපව කටයුතු කල සාමාජිකයෙක් සමග කල ස0වාදයකදී මතු කල ඉතා උසස් කාරණයක විය.Eනම් ලිවීමෙන් එපිට ප්‍රායෝගික ලෝකයේ කෙලෙස නම් මෙම දහම් පඩුරු මුදා හරින්නේද යන්නයි.අකුරට සීමා වූ අදහස් ප්‍රායෝගික ලොවේ කාට හෝ හෙට දිනට පිහිටක් වෙන ආකාරයට අප පිටුවෙන් යමක් කල යුතියි යන්න අප ද්දෙනා අතර ඇති වුන ඉතා යහපත් සිතුවිල්ලකි.
මුලින් අප සිතුවේ දුප්පත් දෙමාපියන් හට හිමි දරුවන්ට අධ්‍යාපනය ලබන්න උපකාර කිරීම සහ ඔවුන්ට අව්ශ්‍ය කරන යම් යම් අඩු පාඩු සපුරා දීමත්ය.ඉතින් අරමුණ කතා කල දින දෙකක් ගිය තැන ඉතාම වාසනාවන්ත ලෙස අප හට දිළිදු පවුලක් සොයා ගත හැකි වූ අතර එදිනම ( මුහුණු පොතේ මිතුරෙක් මාර්ගයෙන් ) මාගේ සුහද මිතුරෙකු හරහා අවශ්‍ය මුදල් ආධාරද ලැබීම අප ගමනේ ආරම්භයත් අනාගතයත් සුභවාදී ලෙස සිතා ගැනීමට අපිව යොමු කලහ.
ඒ මිතුරන් අතර ඊස්‍රායකයේ සේවය කරන  ඉන්දික,දමයන්ති.දීපික,ලසන්ත, ස0ජීව යන අය වූහ.

මිතුරු හමුල පවත්වාගෙන යන අප

දුෂාන් ජයරත්න                                                                                ප්‍රියන්ත ප්‍රේමසිරි















         
                                                                               

අප හට හමු වූ දිළිදු පවුල දේවහූව කොස්ගහ හින්න ( වාන් අල අසලා පදි0චි බී එම් ශ්‍රියානි කුමාරි මහත්මියගේ ( ස්වාමිය අහිමී විය.කුඩා දියනියන් ද්දෙනෙකු සමගින් අසරන භාවයට පත් වූ මෙම පවුලට හිමි නිවස මැටියෙන් සහ තහඩු සෙවිලි සහිත විය.
අපගෙන ඔවුන් ඉල්ලා සිටියේ විදුලිය සපයා දිය හැකිනම් ඔබ තුමන්ලාට ගොඩාක් පින් අත්වේ යයි කියාය.




මුලින් අප සිතුවත් විදුලිය වෙනුවට එම පවුලේ දරුවන්ට අවශ්‍ය පාසල උපකරනත්,ඇදුම් පැලදුම් සහ යම් මුදල් ප්‍රමානයක් ප්‍රධානය කිරීමට වූවත් විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කල රුපියල් 38000 ක මුදල ඉතා ඉක්මනින් අප අහට සපයා දීමට  අප මිතුරන් කැමති වූහ.
මේ වන විට විදුලිය සපයා දීම අවසනය







කිරි සිනා මුසුවුන මල් මල් කුමාරියො


නොසිතූ ලෙස ඉතාම කෙටි කාලයකින් අරමුණු සඵල
වූ අතර අප මුහුණු පොතේ පල කල විස්තර කියවූ වෙනත් මිතුරු මිතුරියන් එදිනම අප හට දෑ වූයේ අපිද ඔබලා හරාහා ( දම් පියස බොදු බැති පිටුව ) මෙවැනි සමාජ සත්කාර කිරීමට ඉදිරිපත් වන්නෙමුය කියාය.අපි ඔවුන්ගේ කාරුණික වදන් ව්ලට සවන් දුන්නෙමු.කරුණු කාරනා එසේ සිදු වෙහ්දී අප දුරකතනෙය්න් කොස්ගහහින්න ග්‍රාමයේ විහාරවාසී නායක ස්වාමින් වහන්සේ සමග සම්බන්ධ විය.උන් වහන්ශේගෙ අනුශාසනා මත එම පවුල්ට අවශ්‍ය නිවස ( දැනට මැටියෙන් සාදා ඇතී සිමෙන්ති හා ගඩොලින් බැද නිම කල නිවසක ලෙස සකසා දීමට තීරනය කලෙමු
තීරනය එසේ වෙද්දී මේ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පිළිබදව අප කල විමසුමකදී පෙර අප හට දැන්වූ දානපතියන් ඉතා කඩිනමින් මුදල් අපගේ ගිනුම වෙත බැර කලහ.
ඔවුන් අතර

ශ්‍රියානි පෙරෙර මිය
කුමාරි ගම්හේවා
නිලන්ති හෙට්ටිආරච්චි
චලිත මධුස0ඛ
යන අය වූහ

 අද දින සුභ නැකතින් ආරම්භ වූ මූලික පදනම නායක හාමුදුරුවන්ගේ අනුශාසනා මත දැමූ  අයුරු.

video



අවට ගම් වාසින්ගේ සහයෝගය

video





ඉතින් අද සිට මේ දිලිදු පවුලේ අනාගතය නව නිවසක් සමගින් මලඵල ගැනිවීම අදිටන් කරගත් අප මිතුරු හවුල දායක විය හැකි අයෙක් වෙතොත් ඒ සදහා සහයෝගය දක්වන ලෙස ඉල්ලා සිටින අතර මේ වන විට විශාල පිරිසක් මුහුනු පොත හරහ උපකාර කිරීමට ඉදිරිපත් වී සිටිති.
ජය වේවා



Tuesday, December 13, 2016

පුන් පොහොදා වඳිමු





සාර සැකි කප් ලකක් සරා භවයෙන් භවේ
පුරා පාරමී දම්, පතා බුදු බව ලොවේ
නිරා මිස පී‍්‍රතියක් ලැබු නිවනින් සුවේ
අරා විදුරාසනය සමවතින් බැබළුවේ


සවන රැස් සරණියෙන් දිගන්තය එළි වුණේ
මෙත් දිවැස් දසුන වැද දුක් අඳුර දුරු වූණේ
සිවු සස්, නැණින් දැන සත් වගට යොමු වූණේ
නමා හිස් වඳිමු මුනි වෙසඟ පුන් පොහො දිනේ



Tuesday, December 6, 2016

සැගව ගිය හිමි රුව










අත්වැල බිදුණු පසු දිවියේ
වියලි පත් තටු අගින් මුදවා
සිදී ගිය දා ගත රැදුණු දිරි
කෙලෙස තනිවම සිටින්නේ

රන් හුයෙන් බැදි සිනිදු කෝමළ
සුරටහ ගොර හැඩි වෙලා අද
සිහි කරමි තුන යම අතීතය
කළ පින් මතක් කර දෙලොවට

කිරි සිදුණා ලැම පිදුව රතු ලේ
උරා බී දරු කැළ සැනසෙනු දැක බලා
සැගව ගිය හිමි රුව දෙනෙත් අසළ
ඇදුණේද උණු කදුළු අද  බොද වෙලා




Wednesday, November 30, 2016

කඩදහි ඔරු - ( සාර භූමියේ අතීතය සුන්දරය )










අපේ අතීතයෙ පුංචි දවස්වල වැහි කාලෙට එන පොඩි දිය පාරේ නුඹයි මායි බැස වතුර කඩිත්තේ මතකයි කඩදහි ඔරු පා කෙරුවා යන්නෙ ටික දුරයි ඔරුවෙ දිය පිරෙයි කොළයත් දියවෙයි වතුරට බිලි වෙයි නුඹේ පුංචි නිල් නෙත් යුග අතරින් දුටුවොත් ගිලිහෙන කඳුළක් දිය මත යළිත් හැදුවොතින් කඩදහි ඔරුවක් සිනා මල් පිපෙයි නුෙඕ ලවන් මැද පති කුලයට ගිය නුඹ අද ගම නැත දොළ පාරෙද දිය වියළී ගොස් ඇත මගෙ කඳුළු කැට කොපමණ හැලුණත් වියළී ගිය දොළ ඉපදීමක් නැත ගිලුන ඔරු හැමත් දිරාපත්ව ගොස් මා පමණක් මෙහි දැන් ඉතිරිව ඇත





Tuesday, November 29, 2016

පිං කැටේ පිරෙනවා සුදු අශ්වය අනුහසින් තනිවැල්ලෙ බණ්ඩාර දෙවියෝ


( මෙම ලිපිය දුටු විගස ඔබට සිහියට එන්නෙ අපෝ ආයෙත් එකෙක් ලියල කියල.මොකද මේ සම්බ්න්ධව කිහිප දෙනෙක් ලියා තිබුනා මමද කියෙව්වෙමි. මමද කලින් ලියෙව්වෙමි.  ( නිවාඩු දින වල ) නමුත් මෙ ලිපිය හා සම්බන්ධව රජු ජීවත් වූ ප්‍රදේශයේ සැරි සරා සහ අතීතයෙ ජීවත්ව ලබා ගත් සහ පොත පතට එක් එක කල අයගේ සත්‍ය විස්තර ඇසුරෙන් ලියා තැබුවෙමි.)

කොළඹ හලාවත මහාමාර්ගය අසබඩ පිහිටි තිනිිපිටි වැව ඉස්මත්තෙහි තනා තිබෙන විශාල සුදු අස්රුව දෙස එමගෙහි යනෙන ඕනෑම අයෙකු දෙතුන් වතාවක්වත් හැරි හැරී නොබලන්නේ නම් පුදුමයකි. තනිවැල්ලේ දේවාලය නම් වූ මෙය සුවිශේෂී වන්නේ මේ විශාල අශ්වරුව නිසාමය.

‘මාදම්පෙ තනිවැල්ලේ දේවාලයේ පුදසුන කරන්නේ මෙයින් වසර පන්සීයකට පමණ ඉහතදී මාදම්පා පටුන පාලනය කළ තනියවල්ලභ කුමාරයා වෙනුවෙන්. ඔහු ප‍්‍රාදේශීය පාලකයකු හෝ යුවරජෙකු වුණත් තම ප‍්‍රදේශයේ යටත්වැසියන්ගේ දුක සැප නිතරම සොයා බැලූ කෙනෙක්්. ඒ විතරක් නොවෙයි බොහෝ සවස් යාමයන්හි ගම් දනව්හි ඇවිදිමින් නිවෙස්වලට ගොස් බුලත්විටක් එහෙම හපලා ආ ගිය තොරතුරු කතා කරමින් හිටපු ජනහිතකාමී පාලකයෙක් විදිහටයි ප‍්‍රදේශය පුරා පැතිර තිබෙන ජනශ‍්‍රැතිවලින් පවා දැනගන්නට තිබෙන්නේ. රාජාවලියට අනුව තනිියවල්ලභ කුමාරයා යනු ධර්ම පරාක‍්‍රමබාහු රජුගේ දෙවන බිසවකගේ පුත‍්‍රයෙක්.’

සකලකලා වල්ලභ නමින් යුත් සොහොයුරෙක්ද ඔහුට විය. අටවන පරාක‍්‍රමබාහු රජුගේ උපදෙස් මත තතියවල්ලභ කුමරු මාදම්පා පටුනත් සකලකලා වල්ලභ කුමරු උඩුගම්පළත් පාලනය කළෝය. මාදම්පා පටුනට කොස්වාඩිය මාදම්පෙ, මහවැව, කුඩාවැව, අඩප්පරගම, පුරුදුවැල්ල, කෝලිමඩුව, ගල්අමුණ, මට්ටාකොටුව, තොඩුවා, , හේනපොළ, ගල්මුරුව යන ගම්දොළස අයත් බැව් රෝහණ මද්දුමරාල සිය ‘තනියවල්ලභ රජු/දෙවිඳු සොයා යෑම’ නම් කෘතියෙහි සඳහන් කරයි.

‘එහෙත් තනියවල්ලභ කුමාරයාගේ පාලන බල ප‍්‍රදේශයට මාදම්පා පටුනට අයිති ගම් දොළහට අමතරව තවත් විශාල ප‍්‍රදේශයක් අයිතිව තිබූ බව ඉතිහාසය පරීක්ෂා කරන විට පෙනෙනවා. ඔහු මේ ප‍්‍රදේශය කෘෂිකාර්මික කටයුතුවලින් සරුසාර භූමියක් බවට පත්කරන්න වෙහෙස මහන්සි ගෙන ක‍්‍රියා කරපු බවකුත් පේනවා. කුමාරයා මේ ප‍්‍රදේශය පුරා සැරිසරන්නේ සුදු අශ්වයකු පිට නැගිලා ගොහින්. ඒ නිසා තමයි දේවාල භූමියේ සුදු අස්සයෙකුගේ අනුරුවක් හදලා තියෙන්නේ’.


 'පින්කැට' කතාව දිගේ හොයාගෙන ගියේ තනිවැල්ලෙ දේවාලයට. සාමාන්‍යයෙන් මේ ලියන කතාවලට දින වකවානු ලිඛිත සාක්‍ෂි අවශ්‍ය නෑ. ඒ වගේම මේ විදියට යනෙන මඟ දෙපස ඉදිවෙන ජනතාවගේ පූජා ස්ථානවලට ඒ විදියෙ නිශ්චිත තොරතුරු නෑ. එහෙම දෙයක් තියෙනවා කියලා කෙනෙක් කිව්වත් අපිට ඒක වැඩකුත් නෑ. අපිට වුවමනා වෙලා තියෙන්නෙ මිනිස්සුන්ගේ හදගැස්ම කියවා ගන්න. මිනිස්සු තම තමන්ගෙ වැඳුම් පිදුම්, ඇදහිලි විශ්වාස මත හදාගත්ත මේ වගේ තැන්වල ඇත්තම කතා තියෙන්නෙ මිනිස්සු ළඟ. ඒවා කටින් කට අරගෙන ආපු මතකයන්. ජනප්‍රවාද කියලා කියන්නෙ ඒවට. ජනප්‍රවාද ඉතාම විසිතුරුයි. ඒ වගේම ජනප්‍රවාද ඉතාම රසවත්. අපි නතර වෙන්නෙ ඒ රසවත් බව ළඟ. මේ මිනිස්සු වසර සිය ගාණක් පුරා පරිස්සම් කරගත්ත ඇත්ත.

එතකොට මොකක්ද මේ තනිවැල්ලෙ දේවාලය සම්බන්ධ කතාව?









දේවාලය 



තනිවැල්ල දේවාලයේ අදහන්නෙ, වඳින්නෙ පුදන්නෙ තනිවැල්ලෙ බණ්ඩාර දෙවියන්ව. මේ දෙවියන් සැලකෙන්නෙ ප්‍රාදේශීය දෙවි කෙනෙක් විදියට. සාමාන්‍යයෙන් මින්නේරි දෙවියො, ගලේ බණ්ඩාර දෙවියො, කැලේ බණ්ඩාර දෙවියො, රංවල දෙවියො වගේ ප්‍රාදේශීය දෙවිවරුන්ව අපි අදහන අවස්ථා තියෙනවා. එතකොට කවුද මේ තනිවැල්ලෙ බණ්ඩාර දෙවියො කියන්නෙ?

ඒ කතාව ඉතාම අපූරු එකක්. සකලකලාවල්ලභ සහ තනියවල්ලභ කියන්නෙ සහෝදරවරු. ඒ වගේම මේ දෙන්නම ප්‍රාදේශීයව රජකම් කරපු, යුව රජවරු. නැත්නම් ප්‍රාදේශීය රජවරු කියලයි ඉතිහාසය කියන්නෙ. මේ අය අතරින් තනියවල්ලභ යුව රජතුමා මේ මාදම්පෙ ප්‍රදේශය මුල්කරගෙන රජකම් කරලා තියෙනවා. සකලකලාවල්ලභ රජ්ජුරුවො උඩුගම්පළ ආශි්‍රතව රාජධානි පිහිටුවාගෙන ඉඳලා තියෙනවා.

පුත්තලම - කොළඹ පාරේ වෙන්නප්පුව එහෙම පහු කරගෙන පුත්තලම පැත්තට යනකොට ඔබට මුණ ගැසෙන අපූරු පූජා ස්ථානයක් තියෙනවා. සිත්කලු වෙල් යායක පසුබිමේ වෑකන්දක සීමාවෙ ඉදිවෙච්ච මේ තැන පහුකරගෙන යන ඕනෑම කෙනෙක් එතැන නතර වෙනවා. නතර වෙලා පඬුරක් එහෙම දාලයි ගමනෙ ඊළඟ කොටස යන්නෙ.


සාමාන්‍යයෙන් මෙතැන හඳුන්වන නම තමයි තනිවැල්ලෙ දේවාලය. වෙන කිසිම තැනක නැති විදියට තනිවැල්ලෙ දේවාලෙ ඉදිරියෙ ඉදිවෙලා තියෙන්නෙ දේවරූපයක් නෙවෙයි. එතැන තියෙන්නෙ අස්ස රූපයක්. මේ අස්ස රූපය හදලා තියෙන්නෙත් ප්‍රධාන පාරට පිටුපාලා. දේවාලය පැත්තට ආචාර කරන විදියට ඉදිරි ගාත් දෙක උස්සගෙන.



කොලඹ  පුත්තලම පාර අසබඩ මාදම්පෙ නගරය


ඔහුගේ පාලන සමයේදී ඉන්දියාවේ කාල පට්ටම්ගම් ප‍්‍රදේශයෙන් පැමිණි කාරයාන් නමැත්තෙකු හලාවත මුතුපර බලහත්කාරයෙන් කොල්ල කන්නටත්, අලි ඇතුන් අල්ලාගෙන විකුණන්නටත් පටන්ගත් බැවින් උඩුගම්පොළ පාලනය කළ සිය සොහොයුරා වන සකලකලා වල්ලභ සමග සේනාව රැුගෙන ගොස් කාරයාන් මරා දමා තවත් අසූදෙනෙකු ගලග‍්‍රහයෙන් ගෙන කෝට්ටේ රජතුමා ඉදිරියට පැමිණ වූ බවත් රාජාවලියේ සඳහන් වෙනවා.’ 

. මේ යුද ගැටුම්වලදී තනිවැල්ලෙ බණ්ඩාර කියන්නෙ ඉතාම දක්‍ෂ රණශූරයෙක්. ඔහු සාමාන්‍යයෙන් සටනකට ගියොත් නොපරදින බවයි හැමෝම වගේ දැනගෙන ඉඳලා තියෙන්නෙ. නමුත් සටනක් කියලා කියන්නෙ මොකකින් මොකක් වෙයිද කියලවත් හිතන්න පුළුවන් එකක් නෙවෙයිනෙ. ඕනෑම විදියක ජගතෙක් පුංචි අතපසු වීමකින් පරදින්න පුළුවන්.

ඒ නිසා සාමාන්‍යයෙන් රජවරු යුද්ධවලට යනකොට සිරිතක් කරගෙන තියෙනවා කොඩි එසවිල්ලක්. ඒ සඳහා එක් අයෙක්ව විශේෂයෙන් පත් කරනවා. එයාගෙ රාජකාරිය වෙන්නෙ රජ්ජුරුවො යුද්ධයෙන් පැරැදුණොත් කළු කොඩි එසවීම, දිනුවොත් උස්සන්නෙ සුදු පාට කොඩියක්. මේ පණිවුඩයත් සමඟ රජ මාලිගාවේ බිසෝවරු ඇතුළු පිරිසයි, මාලිගාව වටේ ඉන්න පුරවැසියොයි තමන්ගෙ ගැන තීරණ ගන්නවා. රජ්ජුරුවො දිනලා නම්, පී්‍රති ප්‍රමෝදයට පත්වෙලා පී්‍රති උත්සව පවත්වනවා. පැරැදිලා නම් තම තමන්ගෙ ආරක්‍ෂාව හදාගන්නවා. සමහරු පලා යනවා. බිසෝවරු සිය දිවි නසා ගන්නා අවස්ථා පවා තියෙනවා. ඒ නිසා මේ කටයුත්ත ඉතාම කල්පනාවෙන් කළ යුතු දෙයක්.තනියවල්ලභ රජ්ජුරුවෝ මේ කාර්යය පවරලා තියෙන්නෙ 'අඩප්පරයා' කියලා කෙනෙක්ට. 
මේ රජ්ජුරුවන්ගෙ අග බිසව වෙලා හිටපු සමුද්‍රා දේවිය ඉතාම රූමත් කෙනෙක්ලු. රජ්ජුරුවෝ යුද්ධයට ගිය අතරෙ අඩප්පරයා රජ්ජුරුවන්ගෙ බිසවට අයුතු යෝජනාවක් කරලා තියෙනවා. "අඩප්පරය" කීප වතාවක්ම උත්සාහ කළත් ඒක හරි ගිහිල්ලා නෑ.


.ඒ අතර 'අඩප්පරය' මේ වැඩේට වෙනත් උපක්‍රමයක් කල්පනා කරනවා. ඔහු කරන්නෙ රජ්ජුරුවො යුද්ධය පැරැදුණු බව දනවන්න කළු කොඩි ඔසවන එක. රජ්ජුරුවෝ මිය ගියා කියලා දැනගත්තට පස්සෙ මුද්‍රා දේවිය තමන්ගෙ අවශ්‍යතාවට එකඟ වෙයි කියලයි අඩප්පරයා හිතන්නෙ. නමුත් රජු මියගිය බවක් දැනගත්ත වහාම මුද්‍රා දේවිය සිය දිවි හානිකර ගන්න තීරණය කරනවා...
ඒ අතර යුද්ධය අවසන් කරපු තනියවල්ලභ රජජුරුවො රජ මාලිගාවට එනවා. ඒ එන්නෙ ජය අරගෙන. නමුත් ඔහු එනකොට රජ මාලිගාවේ කළු කොඩි දාලා. ඒ ඇයි කියලා විමසන කොටයි දැනගන්න ලැබෙන්නෙ ඒකට හේතුව බිසවගේ මරණය කියලා. ඒ ගැනත් දැනගෙන, අඩප්පරයා කරපු සිද්ධියත් දැනගෙන රජ්ජුරුවෝ සිය දිවි හානි කරගත්තය කියලයි සමහර තැනක නම් කිය වෙන්නෙ

මෙම ප‍්‍රවාදයට අනුව තනියවල්ලභගේ දේවිය අතිශය සුරූපිනියකි. ජනවහරේ එන කවකින් ඇගේ රුව වර්ණනා කරනුයේ මෙලෙසය.

‘සන් සැර සුතන කෙළියට හුදු රනින් සැදූ
පන්දුවකට බඳුය ඇගෙ පියයුරු සුමුදු
රන්රිය සකක බඳු පුළුලූකුල පිරිසිදු 
පුන් වැලිතලාවකි සළෙලූන් කළ පුබුදු’

රූප සම්පත්තියෙන් අනූන වුවද තොමෝ පතිවත සුරැුකි ගුණවත් කාන්තාවකි. ඇයගේ රුවින් මත්ව තනියවල්ලභගේ අගමැතිවරයා ඇයට ලොබ බැඳ සිටියේය. කාරයාන් හා පැවති යුද්ධයේදී රජු මිය ගිය බව පවසා නොයෙක් චාටු බස් පවසමින් අගමැතිවරයා ඇයගේ සිත ගන්නට උත්සාහ කළත්, එය ව්‍යර්ථ වූවා පමණක් නොව සිය සැමියා මියගියායැ’යි විශ්වාස කොට දේවියද සියදිවි නසාගත්තාය. යුද්ධය දිනා පැමිණි තනියවල්ලභ මේ සිද්ධියෙන් කම්පාවට පත්ව කඩුව පොළවෙහි සිටවා ඒ මතට පැන තමාද සියදිවි නසාගත්තේය.

මෙයින් පසුව මාදම්පා ප‍්‍රදේශයට පැමිණියේ දුර්භාග්‍ය කාලයකි. වසංගත රෝග, ආහාර අහේනිය ප‍්‍රදේශය තුළ බලවත් විය. ප‍්‍රදේශවාසීහු තනියවල්ලභ කුමරු දේවත්වයෙන් සලකා දුක් උවදුරුවලින් තමන් බේරා දෙන්නැයි ඉල්ලා තිනිපිටි වැව ඉස්මත්තේ වූ මහා නුගරුකෙහි අතු එල්ලා භාරහාර වන්නට පුරුදු වූහ.

පසුකලෙක එබිමෙහිම කුඩා දෙවොලක්ද තනා ගත්හ.


දේවාලය ඉදිරිපිට සුදු අස් රුව ඉදිවීම පිළිබඳව ඇත්තේද අපූරු වෘත්තාන්තයකි. මේ දෙවොල ආශ‍්‍රිත ප‍්‍රදේශයෙහි ඉතා ධනවත් හෙට්ටි කුලයේ අයකු සිට ඇත. ඔහු දිනපතා දෙවොල ඉදිරිපසින් තම අසුන් බැඳි කරත්තයෙන් යනු එනුයේ දෙවොල කෙරෙහි කිසිදු ගරුසරුවක් නැතිවය. එක්තරා දිනෙක ඔහු අශ්ව කරත්තයේ නැගී දේවාලය ඉදිරිපිටින් යත්දී එක්වරම අසුන් දෙදෙනා කරත්තයද ඇදගෙන තිනිපිටි වැවට පැන්නෝය. හෙට්ටියාගේ පාදයක් බිඳිණි. පාදයේ තුවාලය සුව වෙන බවක් නොපෙනුණේය. එක්තරා දිනෙක රාත‍්‍රියේදී ඔහුට සිහිනෙන් කෙනෙකු පවසා ඇත්තේ, දේවාල බිමෙහි අශ්ව රුවක් සාදන බවට භාරයක් වන ලෙසටය. ඒ අනුව ඔහු අදාළ භාරය සිදුකර ඇති අතර, කකුලේ තුවාලයද සුව වී ඇත. ඉන් පසු ඔහු ලීවලින් සුදු අශ්ව රුවක් දේවාලය ඉදිරිපිට තැනවීය. පසුකලෙක ලී රුවට පිටින් බදාමින් පුරවා දැන් තිබෙන අශ්ව රුව සකසා ඇත.



වෙනත් ජන්ප්‍රවාද
නමුත් මේ අතර තනියවල්ලභ රජ්ජුරුවෝ සියල්ල අතහැරලා දාලා භාවනා කරන්න ගියා කියලයි කිය වෙන්නෙ. එහෙම ගියාම මේ ප්‍රදේශයේ ජනතාව 'අපේ අප්පච්චි නෑ' කියලා මේ කියන තැන හැමදාම පහනක් පත්තු කරන්න පටන් අරගෙන තියෙනවා. එහෙම කාලයක් ගත වෙලා යන අතරේ රජ්ජුරුවෝ වන වැදිලා භාවනා කරනවා.
එක දවසක මේ පහන පත්තු කරන තැනට මිනිස්සු එනකොට රජ්ජුරුවෝ ඇවිල්ලා ඉඳලා තියෙනවා.
"අපේ අප්පච්චි ඇවිල්ලා" කියපු මිනිස්සු තනියවල්ලභ රජ්ජුරුවන්ට වැඳුම් පිදුම් කරලා තියෙනවා.
එදා ඒ තනියවල්ලභ රජ්ජුරුවො හිටපු තැන තමයි මේ 'තනිවැල්ලේ දේවාලය' ඉදිවෙන්නෙ.




දේවාලයේ කපු මහතා






සාමාන්‍යයෙන් ඕනෑම දේවාලයක් සම්බන්ධව කපුමහත්වරුන්ගේ පරම්පරාවක්ද, තේවාකරුවන්ගේ පරම්පරාවක්ද පවතින මුත් තනිවැල්ලේ දේවාලය හා බද්ධව එබඳු පරම්පරා නොමැතිවීමද විශේෂත්වයකි. එනිසා මේ දෙවොලෙහි තේවා කටයුතු කරනුයේ මාසික වැටුප් හා දීමනා ලබන්නන් පිරිසකි. දේවාලයේ පාලනයද පවතින්නේ භාරකාර මණ්ඩලයක් යටතේය. වත්මන් භාරකාර මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ දේවාලය තරමටම පැරණි මාදම්පේ ප‍්‍රභූ පරම්පරාවක් වන සේනානායක පරපුරේ අයෙකි.

‘සාමාන්‍යයෙන් දේවාලය විවෘත කරන්නේ බදාදා හා සෙනසුරාදා දිනවලදී පමණයි. මේ දින දෙකේ පෙරවරු හයට දේවාලය විවෘත කරනවා. ඊට පෙර කපු මහත්වරු නා පිරිසිදු වී බුදුන් වැඳ පන්සිල් සමාදන් වී මල් පහන් පූජා කරනවා. ඒ අතරෙම දේව මාලිගය, කඩවර දේවාලය, බුදු මැදුර, බෝධි වෘක්ෂය, ඉපැරණි නුග ගස හා බහිරව රූපය ආදියට සුවඳ දුම් ඇල්ලීමත් සිදු කරනවා. ඊට පස්සේ තමයි දේවමාලිගයේ දොර විවෘත කරන්නේ. බැතිමතුන්ගේ භාරහාර වීම් වතාවත් අවසන් කිරීමෙන් පසුව සිරිතක් ලෙස දේව මාලිගයේ බිම සෝදා පිරිසිදු කර සුවඳ දුම් අල්ලා කිසියම් අයෙකුගෙන් වරදක් සිදුවී ඇත්නම් දෙවියන්ගෙන් සමාව ඉල්ලා යාතිකා කරනවා. ඊට පස්සේ තමයි දොර වහන්නේ.’

තනිවැල්ලේ දේවාලයේ වාර්ෂික මංගල්‍යය පවත්වනුයේ හැම වසරකම අගෝස්තු මාසයේදීය. මංගල්‍යය පවත්වන්නේ සෙනසුරාදා දිනකය. ඊට පෙර එන බදාදා දින උදෑසන හතට දේවාල භූමිය තුළ කෙසෙල් කැනක් බිම් කිරීම පළමු චාරිත‍්‍රයයි. ඉන් පසුව කැවුම් පිසීම සිදුවන අතර, එහිදී පිසින මුල්ම කැවුම සහ තවත් කැවුම් විසිපහක් මංගල්‍ය පූජාවට වෙන් කරයි. මුල්ම කැවුම පිසූ පසුව එයට ඉරටුවක් ගසා තබන්නේ කැවුම හඳුනා ගැනීම පිණිසය.
කප තොරණ සිටුවන්නේ සිකුරාදා දින දහවල දොළහට දේව මාලිගාව ඉදිරිපිටය. 
දැකුම් වට්ටිය සකසන්නේ ඒ සඳහා සකසාගත් පිරිසිදු වට්ටියක පිරුවට එලා ඒ මත පුවක් මල් කිණිති තබාය. නානුවලින් සෝදා දේවාභරණ පිරිසිදු කර ගැනෙයි.

මහ දේවාලය, බෝධිය, කඩවර දේවාලය කප තොරණ හා නුග ගස යන ස්ථානයන්වලට දේවාභරණ වැඩමවා පිරුවටයක් එලා ඒ මත බුලත් කොළ දෙකක් හා පඬුරු දෙකක් තබා ආභරණ තැන්පත් කර ගස පේ කිරීමේ චාරිත‍්‍රය සිදුවේ. මේ ආකාරයෙන් දැකුම් වට්ටි පිරිනැමීම, කිරිමුට්ටි කිරි මඩුවට කිරිමුට්ටි හත වැඩම්මවීම, ඉතිරි වූ කිිරි මුට්ටි දේවාලයට වැඩමවීම, පන්දම් ගස දැල්වීම යන අනෙකුත් දේව චාරිත‍්‍ර සිදුකර බැතිමතුන්ට දේව දානය පිරිනැමීම සිදුවෙයි. අවසන සියලූ චාරිත‍්‍ර සිදුකර අවසන් බව දෙවියන්ට සැලකර පොල් ගසා දෙවියන්ට පින් අනුමෝදන් කර ඉදිරි වසර සඳහා දේවාශිර්වාදය ප‍්‍රාර්ථනා කිරීම කර සිකුරාදා දින සිට විවෘතව තැබූ දේව මාලිගාවේ ප‍්‍රධාන දොරටුව වසා තැබීමෙන් දේවාලයේ වාර්ෂික මංගල්‍යයේ අභිචාර විධීන් අහවර වෙයි.







පින් පෙට්ටි


මේ පින් පෙට්ටි හැදුවේ කවුද කින්ද මන්ද කියලා නිශ්චිත තොරතුරක් නෑ. නමුත් දැන ගන්න තියෙන විදියට තනියවල්ලභ රජ්ජුරුවෝ වන වැදිලා ඉඳලා මතු වුණු දවසෙ ඉඳලාම මෙතැනින් යනෙන මිනිස්සු පඬුරු පාක්කුඩම් වෙන් කරලා තියෙනවා. අදත් ඒ විදියටම මිනිස්සු මෙතෙන්ට වඳිනවා, පුදනවා, පඬුරු දානවා, තමන්ගෙ දුක කියනවා කියලයි දකින්න අහන්න ලැබෙන්නෙ.
මේ පින් කැටේට එකතු වෙන මුදලින් මේ බිම ඉතාම සුන්දර තැනක් කරලා තියෙනවා.
ඒ වගේම නිතර සමාජ සත්කාර කටයුතුත් සිදුවෙනවා. අදත් මේ දෙවොල් බිමේ තනිවැල්ලෙ බණ්ඩාර දෙව් අනුහස නොඅඩුව තියෙනවා කියලයි බැතිමතුන්ගේ විශ්වාසය.


මෙම උතුම් මිනිසා දේවත්වයෙන් ලබන්නේ එකල  ගම් දනව්වල මිනිසුන්ට දෙවි කෙනෙක් සලකන්නා ආකාරයට අවශ්‍ය ශස්‍රීකත්වයෙන් අඩුවක් නොකල නිසාය.
මෙය ලියන මම මේ ගම් ප්‍රදේශවල පියමන් කරන විට දුටු සුන්දරත්වය ඉතාම මනරම්ව දකින අතර ඒ ලෙසින් අපිට දායද කර දුන් අයුරු සිහිවන විට දැනෙන්නෙ ඉතාම ආඩම්බරයකි.
එයින් අප අවට ඇති කුඩා ගම්වල එක් එක් වැසියන් විසින් පුද පූජා   කිරීමට ප්‍රාදේශීයව ගොඩ නගාගත් ගත් දේවල දෙකක් පහත රූප වලින් දක්වමි






මහවැව තනිවැල්ල දේවලය





කොස්වාඩිය ( මා ජීවත්වන ගමේ ) තනියවල්ලභ දේවාලය
(සෙනරත් මාරසි0හ නම් ගමට විශාල සේවයක් කල දානපතියකුගේ පරිත්‍යාගයෙන් අපිට උරුම වූ සහ වත්මන් භාරකාරත්වයද එම පරම්පරාව සතුය)

ප්‍රදාන දේවාලය මාදම්පේ ප්‍රදේශයේ සහ මහවැව ,කොස්වාඩියෙ ඇතුළු අනිත් ගම්බිම් වලද මෙලෙස දැකිය හැක.
මහවැව තිනිපිටිය වැව අසල තනියවල්ලභ රජුන් විසින් අද අපිට දායද කල වැව සහ ඒ අවට ඇති තවමත් ජීවමාන් නුග ගස මාද0 ගස සහ ප්‍රදේශවාසින්ට පුද සත්කාර කිරීමට ඉදි කරන ලද දේවාල භූමිය.




මෙම දේවාලය ඉදිරිපිටින් මා සිය දහස්වාරයක් ගමන් කොට ඇත.























තනියවල්ලභ රජු විසින් සිටවන ලද බවට සාක්ශි දරන අදටත් සුරක්ශිතව පවතින විශාල මාදන් ගස





ඒ වගේම ශ්‍රී ල0කාවේ දැනට පවතින විශාලත වෙල්යායට හිමිකම් කියන්නේද තනියවල්ලභ රජු විසින් අදටත් ගොවිතැන් කටයුතු කරන විශාල වෙල්යායයි.එහි වත්මන් තත්වයනම් එදා පැවති තත්වයට වඩා හාහ්පසින්ම වෙනය.අනවසර ඉදි කිරීම්,කුනු කසල බැහර කිරීම,ගොවිතැන් කටයුතු කරන ගොවීන්ට අවශ්‍ය ජල පහසුකම් පවා නොලැබීම වැනි කරුනු දැක්විය හැක.මාද නිවාඩු කල මෙම කුඹුරු වල වැඩ කර ඉතාම සතුටක් ලැබුවෙමි.


වැවට ආසන්නව ඉදිකල බුදු පිලිම වහන්සේ...



සිරිලක දෙවෙනි විශාලතම වෙලයාය




                          
නි කළු ගලින් නිමවූ බුදුන් වහන්සේගේ කේශ                                                          ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති දාගැබ් වහන්සේ