Sunday, January 31, 2016

මහවැවෙන් බිහි වූ ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පි සෝලියස් මැන්දිස් මහතා






ඓතිහාසික කැලණිය රාජමහා විහාරයේ බිතු සිතුවම් නිර්මාණය කරමින් ලෝක ප්‍රකට චිත්‍ර කලා ශිල්පියකු වශයෙන් ප්‍රකට වූ වලිමුනි සෝලියස්‌ මැන්දිස්‌ මහා කලා ඇදුරුතුමා ගුණානුස්‌මරණය සිහි ගන්වමින් ඔහුට උපහාරයක්‌ වශයෙන් මෙම ලිපිය පළ කෙරේ.



සෝලියස්‌ පුංචි දරුවාගේ උපන් දිනය වන්නේ 1896 ජුනි 17 වැනිදාය. සෝලියස්‌ මැන්දිස්‌ට සහෝදර සහෝදරියන් අට දෙනකු වූහ.

 ඔහු ගේ සම්පූර්ණ නම වලිමුණි සෝලියස් මැන්දිස් ය. පියා ඩබ්.සිරිනෝරිස් මැන්දිස් සහ මව ක‍රෝලින් හාමි ලෙසත් සඳහන්ය. පියා දේශීය වෛද්‍යවරයෙකි. .සෝලියස් මැන්දිස්ට පිළිගත් ඉහළ අධ්‍යාපනක් නොතිබුණ ද විශ්ව කීර්තියට පත් සිත්තර නාමයක් ලබා ගැනීමේ භාග්‍ය සතු වී ඇත.
තම ගමට ආසන්න නාත්තන්ඩියට සමීප මාවිල පන්සලේ හත්වැනි පංතිය දක්‌වා ඉගෙන ගත් පුංචි සෝලියස්‌ මැන්දිස්‌ පසුව මාදම්පේ කතෝලික පාසලකත්, නාත්තන්ඩිය වීරහේන මහා පිරිවෙනේත් ශිල්ප හැදෑරීය. ඔහුගේ දෙමාපියන්ට උවමනාව තිබුණේ තම පුතු ආයුර්වේද වෛද්‍යවරයකු කිරිමටයි. ඒත් පුංචි කාලයේ සිටම ගමේ පන්සලටත්, පරිසරයටත් ඉතාම ඇලුම් කරමින් තම ස්‌වෝත්අසාහයෙන්ම චිත්‍ර නිර්මාණය කිරීමේ උනන්දුව සෝලියස්‌ට තිබුණි. ඉතාම සන්සුන්, නිහතමානී, නිදහස්‌ව සිතීමට ප්‍රිය කළ ඔහු සෑම චිත්‍රයක්‌ම තමන්ට ආවේණික ශෛලියකින් නිර්මාණය කළේය.
සෝලියස් මැන්දිස් කුඩා කාලයේදී ම මෙමෝනියස් ද සිල්වා නම් වූ සිය මාමා සමඟ බිතු සිතුවම් කලාවේ නිරත වූ බවට සාධක ඇත. මහවැවට නුදුරු මාවිල කුසුමාරාමයේ දක්නට ඇති සිතුවම් ඔහුගේ චිත්‍ර ඇඳීමේ මූලාරම්භය දක්වන සිතුවම් වේ.කලාත්මක වටිනානමටත් වඩා මානව විද්‍යාත්මක වටිනාකමක් ගැබ්වන පරිදි සිය සිතුවම් නිර්මාණ තමාට නිතර දක්නට ලැබෙන භෞතික සාධක ඔස්සේ නිරූපණය කිරීමක් ඇරම්භයේ දී දැකිය හැකිය. සෝලියස් මැන්දිස් ආරම්භක සිතුවම් නිරීක්ෂණය කරන විට එකල ඔහු එම්.සාර්ලිස්ගේ සිතුවම් අනුකරණය කළ බව පෙනේ. සාර්ලිස් චිත්‍ර ශිල්පියාගේ සිතුවම් එකල ජනප්‍රිය වී තිබීම එයට හේතු වන්නට ඇත.
මේ වන විට මාරවිල සුමන කුසුමාරාමයේ සිතුවම් අඳින අයුරු දුටු සෝලියස්‌ ඒ පිළිබඳව බොහෝ උනන්දුවෙන් සොයා බැලීය. එම විහාරයේ විහාරාධිපති හිමියන් සෝලියස්‌ මැන්දිස්‌ගේ උනන්දුව පිළිබඳව අවබෝධ කරගෙන විහාරයේ සිතුවම් නිර්මාණය කරන සිත්තරාහට බාරදී ඇත. මැන්දිස්‌ සිත්තරාගේ සිතුවම් කලා ලොවේ ආරම්භය එය බව වාර්තා වේ. ඉන් පසුව මැන්දිස්‌ සිත්තරා විහාරාරාමවල චිත්‍ර ඇඳීමේ වැඩ භාර ගෙන කරගෙන ගියේ ඉතාම සතුටින් හා කැමැත්තෙන්ය. ඒ අනුව 1912 වසර වන විට මාරවිල සුමන කුසුමාරාම විහාරය, 1915 රණස්‌ගල්ල විහාරයත්, 1920 වන විට ගිරිඋල්ලේ මැද්දෙපොල විහාරයේත්, පොළොන්නරුවේ ශ්‍රී ජයබා විහාරයේත්, උඩුබද්දාව ටැම්පිට විහාරයේත්, මල්වාන ලෙනගම්පල විහාරය ඇතුළු විහාර රැසකට සිතුවම් නිර්මාණය කළේ අනෙකුත් විහාරවල සිතුවම්වලට වෙනස්‌ වූ මඟක්‌ ගනිමින්ය.
මෙම වකවානුව වන විට විදේශ ආක්‍රමණ නිසා විනාශ වී ගිය කැලණිය පූජා භූමියේ නව ප්‍රතිසංස්‌කරණ කටයුතු හෙලේනා විජයවර්ධන ළමා තැනිය අතින් සිදු වෙමින් පැවතුණි. විජයවර්ධන පරම්පරාවේ අයට උවමනා වූයේ කැලණිය විහාරයේ නව බිතු සිතුවම් නිර්මාණය කිරීම සඳහා ඉතාම දක්‌ෂ ශිලපියෙකුගේ සහයෝගය ලබාගැනීමටයි. ඒ අනුව ඒ වන විට රටේ විවිධ පළාත්වල සිතුවම් කරමින් සිටි තරුණ සෝලියස්‌ මැන්දිස්‌ගේ නව ආරක චිත්‍ර ශෛලිය දැක කැලණි විහාරයේ නව විහාර මන්දිරය සහ සිතුවම් නිර්මාණය කිරීමේ භාරදූර අභියෝගය සෝලියස්‌ මැන්දිස්‌ මහතාට පැවරීය. හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසින් මැන්දිස්‌ මහතාව ඉන්දියාවේ අජන්තාව, එල්ලෝරා වැනි ලෝක පූජිත සිතුවම් නැරැඹීමටත්, ඒවායේ ලක්‌ෂණ හඳුනා ගැනීමටත් ඉන්දියාවට යෑවූ බව සඳහන් වේ.
හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ උපදෙස්‌ අනුව 1930 දී කැලණි විහාරයේ සිතුවම් හා මූර්ති නිර්මාණය ආරම්භ කළ මැන්දිස්‌ මහතා 1948 පමණ තෙක්‌ බිතු සිතුවම් නිර්මාණය කළේය. මේ සිතුවම් සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නට මැන්දිස්‌ කලාකරුවා අමතක කළේ නැත. ඇසට ඉතාම සුවය ගෙන දෙන වර්ණ උපයෝගී කර ගත්තේය. මකුළු මැටි, පස්‌ වර්ග, ශාකවල පත්‍ර, පොතු, බිත්තර සුදු මදය, තැඹිලි වතුර ආදිය ප්‍රධාන වශයෙන් බදාමයට සහ වර්ණ සඳහා යොදා ගත්තේය. බිත්තර සුදු මද ලබා ගත්තේ බිඳුණු බිත්තරවලින් පමණක්‌ බවද සඳහන් වේ. කැලණි විහාරයේ බිතු සිතුවම් අතර නව විහාර ගෙයි සියලුම සිතුවම් ඇතුළු මූර්ති විහාර මන්දිරයේ නිර්මාණය ද සෝලියස්‌ මැන්දිස්‌ කලාකරුවා අතින් සිදුවීම විශේෂ සිද්ධියකි. ඔහුගේ සෑම රේඛාවක්‌ම, හැඩතලයක්‌ම වර්ණයක්‌ම සිතුවමට උචිතවම යොදා ගත්තේය. හේමමාලා දන්ත කුමරු දළදාව වැඩමවීම, බුදුන් වහන්සේගේ ලංකා ගමන, කැලණිතිස්‌ස කතා පුවත, ලංකා ඉතිහාසය ඇතුළු සිතුවම් රැසක්‌ කදිමට නිර්මාණය කර ඇත. නෙළුම් මල්, පලාපෙති, ලියවැල් මෝස්‌තර නිර්මාණාත්මක ලෙස උචිත තැන්වල යොදා ඇත. චිත්‍ර කලාව හදාරන සිසු සිසුවියන්ටත්, ගුරුවරුන්ටත් සිතුවම් කලාව පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන සෑම දෙනාටත් කැලණි විහාර සිතුවම් සෞන්දර්ය විශ්වවද්‍යාලයක්‌ වැනිය. එහි එක්‌ පැතිකඩක්‌ වන්නේ නුවර යුගයේ චිත්‍රත්, නූතන යුගයේ චිත්‍රත් දැකිය හැකි එකම ස්‌ථානය කැලණිය විහාරයයි.

කැලණි විහාරයේ බිතුසිතුවම්



බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශ‍ය ලද පූජනීය ස්ථානයක් ලෙස කැලණි විහාරය බෞද්ධයන්ට සුවිශේෂී වේ. කැලණි විහාරයේ පූජනීය වස්තූන් හැරුණු විට විහාරය තුළ දක්නට ලැබෙන සිතුවම් වැඩි වැදගත් කමකින් යුක්තය. මෙම සිතුවම් නිර්මාණය කරන ලද්දේ සෝලියස් මෙන්ඩිස් නම් වූ සිත්තරාණන් විසිනි. ඉතිහාසය පුරාවට ම කැලණි විහාරය විදේශීය බලපෑම්වලට නතු විය. ඉංග්‍රීසි පාලනයට යටත්ව පැවති යුගයක සෝලියස් මෙන්ඩිස් මහතා විසින් මෙම ඓතිහාසික බෞද්ධ සිද්ධි සිතුවමට නැගීම සංස්කෘතික අතින් ද වැදගත් ය. බුදුන්වහන්සේ මෙරට වැඩමකිරීමේ සිට වැදගත් බෞද්ධාගමික ඓතිහාසික සිද්ධීන් රැසක් මෙතුමන් විසින් සිතුවමට නගා ඇත. ඒ අතර චූලෝදර ම‍හෝදර යුද්ධය, සංඝමිත්තා තෙරණින්වහන්සේ විසින් ශ්‍රී මහා බෝධිය මෙරට වැඩමවීම , හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් දන්ත ධාතූන් වහන්සේ ‍මෙරට වැඩමවීම, මහින්දාගමනය, කාලිංග මාඝ කැලණි විහාරය විනාශ කිරීම හා විජය කුමරා ලක්දිවට පැමිණීම ආදී සිතුවම් වේ. මෙම සිතුවම් කෙතරම් මිනිස් සිත ඇද බැඳ ගත්තේද යත් මෙම අවස්ථාවන් සම්බන්ධයෙන් අපට චිත්‍රරූප මැවෙන්නේ ද මෙන්ඩිස් මහතා විසින් ඒ සඳහා නිර්මාණය කර ඇති සිතුවම් ඇසුරිනි. කැලණි විහාර සිතුවම්හි කැලණි ඉතිහාසය දැක්වෙන සිතුවම් ද අන්තර්ගත වේ. මෙතුමාගේ සිතුවම් තුළ ඔහුට ම ආවේනික තාක්ෂණයක් වේ. සෝලියස් මෙන්ඩිස් මහතාගේ සිතුවම් වස්තු විෂය, රිද්මය හා ශෛලිය අතින් විශිෂ්ටත්වයෙන් යුතුය. කැලණි විහාරයේ සිතුවම් සඳහා ඔහු තෝරාගත් ශිල්ප ක්‍රමය ස්වභාවික මෙන්ම පුරාණ වන්නකි. ඒ සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය අනුසාරයෙන් සිතුවම් සඳහා වර්ණ පිළියෙල කරගත් බව පැවසේ. ඔහු සායම් නිපදවා ගැනීමට කිකිළි බිත්තර යොදා ගත් බවත් ඒ සඳහා බිඳුණු බිත්තර භාවිත කළ බවත් ප්‍රකට ය. සෝලියස් මෙන්ඩිස් සිය බිතුසිතුවම් සඳහා තෝරාගත් වර්ණ සිත නිවන, ශාන්ත ස්වභාවයක් ඇතිකරයි. නිල්, රතු, කහ යන මූලික වර්ණ එකිනෙක මිශ්‍ර කිරීමෙන් ලැබෙන වර්ණයන්ට සුදු වර්ණය මිශ්‍ර කිරීමෙන් ඔහු තම බො‍හෝමයක් සිතුවම් වර්ණ ගන්වා ඇත. වර්ණ ගැන්වීමේ දී ත්‍රිමාන ලක්ෂණ මතුවන පරිදි පින්සලෙන් ඇඳ තිබීමත්, කලු මිශ්‍ර වර්ණයකින් සිතුවම් චරිත මතුකර පෙන්වීමත් විශේෂ ලක්ෂණයකි.
කැලණි විහාරයේ චිත්‍ර ඇඳීම සඳහා ඉන්දියාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන නන්දලාල් බෝස් මහතා එක් අවදියක දී මෙරට කැඳවීය. නමුත් සෝලියස් මෙන්ඩිස් අඳිමින් සිටි සිතුවම් දුටු නන්දලාල් බෝස් පවසා ඇත්තේ ඒ සඳහා යෝග්‍යත ම පුද්ගලයා සෝලියස් මෙන්ඩිස් බවයි.
ප්‍රතිභාපූර්ණ කලාකරූවෙකු වශයෙන් කලා කටයුතු සඳහා ම තම දිවිය කැපකළ මෙතුමා අවිවාහක‍යෙකි. සෝලියස් මෙන්ඩිස් මහතා තම අවසාන කාලයේ දී තමා සතු වූ සියලු දේපොළ අඳ, ගොළු, බිහිරි දරුවන්ගේ ප්‍රයෝජනයට පරිත්‍යාග කළ බව කියවේ. එයට සිවිරාජ ලෙස නම් තබා ඇත. මෙය බෞද්ධ සාහිත්‍යයේ එන නමකි. ඒ අනුව ද ඔහු විසින් නිර්මිත කලා නිර්මාණ වලින් පමණක් නොව සිතුම් පැතුම්වලින් පවා උසස් පුද්ගල‍යෙකු බව ක්‍රියාවෙන් ම සනාථ කොට ඇති බව පැහැදිලිය.
කැළණි විහාරයේ ඇදි සිතුවම්
1.බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කිරීම 2.නාගදීපයට වැඩම කිරීම 3.විජය කුමරුගේ ලංකා ගමනය 4.දළදාව වැඩම කිරීම 5.ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම 6.මහින්දාගමනය 7.සංඝරාජ හිමිට පදවි පිරිනැමීම







සෝලියස්‌ මැන්දිස්‌ මහා කලාකරුවා මියයන තෙක්‌ම තනිකඩව ජීවත් විය. ඔහු සතුව තිබූ දේපළ මාදම්පේ මහවැව ඉඩම සිවිරාජ නමින් අඳ ගොළු බිහිස්රි පාසලක්‌ පවත්වාගෙන යැම සඳහා පරිත්‍යාග කිරීම ඔහුගේ පරිත්‍යාගශීලි බව මොනවට පැහැදිලි වේ. එම කලාකරුවා 1975 සැප්තැම්බර් 01 දින අපට අහිමි විය. ඔහුට මෙම ලිපිය උපහාරයක්‌ම වේවා·


මමද මෙම ගම් පියසේ ඉපිද ජීවත්වීම ලද භාග්‍යක් කොට සලකමි

.

( අන්තර්ජාලයෙන් සොය ගත් ලිපි වල එකතුවක්)

Saturday, January 30, 2016

ලොව සීතලම ගම්මානය ඔයිමියාකොන්






දෙසැම්බර්, ජනවාරි කියන්නෙ තරමක් සීතල මාස 2 ක්. අපේ රට තරමක් උණුසුම් රටක් නිසා නත්තල් කාලයට පැමිණෙන මේ සීතලට අපි කවුරුත් කැමැතියි. ඒත් සෙන්‍ටිග්‍රේඩ් අංශක ඍණ 50 ක් (- 500c) වගේ සීත උෂ්ණත්වයක ජීවත් වෙන්න සිදුවුණොත් ඒක මොන වගේ අත්දැකීමක් වේවිද? එය දැනගන්න Oymyakon ගම්මානයට ගිහින් බලන්නට ඕනෙ.

ඔයිමියාකොන් (Oymyakon) කියන්නෙ ලෝක‍ෙය සීතලම ගම්මානය. එසේත් නැත්නම් ලොව උෂ්ණත්වය අඩුම ස්ථිර මනුෂ්‍ය වාසයක් ඇති ස්ථානය. මෙම ගම්මානයෙහි ජනගහනය 500 ක් පමණ වන අතර වාර්තා වී ඇති අඩුම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 67.7 ක් (- 67.70c) ලෙස 1993 පෙබරවාරි 6 වැනිදා සටහන් වී තිබෙනවා.
ජනවාරි මාසයේත් සාමාන්‍ය උෂ්ණත්වය - 500c පමණ සටහන් වෙනවා.



ඉන්ධන පිරවුම්හල
















ඔයිමියාකොන් වෙත ගමන් කරනවා නම්Yakutsk නගරයේ සිට දින 2 ක් පුරා ගමන් කළ යුතුයි. 300000 ක පමණ ජනගහනයක් වෙසෙන මෙම නගරය ලෝකයේ උෂ්ණත්වය අඩුම නගරයයි. (- 340c).
උතුරු සයිබීරියාවේ එනම් රුසියාවේ තමයි මෙම ඔයිමියාකොන් ගම්මානය පිහිටා තිබෙන්නේ. මුහුදු මට්ටමේ සිට මීටර් 750 ක (750m) පමණ ‍උසකින් පිහිටා තිබෙන මෙම ගම්මානයේ දිවා කාලය දෙසැම්බර් මසදී පැය 3 ක් වන අතර ජූනි මසදී පැය 21 වෙනවා.
මේ නිසා ජූනි, ජූලි හා අගෝස්තු මාස වලදී 300c ට වඩා ඉහළ උෂ්ණත්වයන් වාර්තා වූ අවස්ථා ද තිබෙනවා. ඒ කෙසේ වූවත් ඔක්තෝම්බර් මස අවසානයේ සිට මාර්තු මස වන තෙක් සෑම දිනකම උෂ්ණත්වය 00c ට අඩුයි.


ගම්වැසියෙක්...



















ශාක වර්ග වගා කිරීම ඉතා අපහසු නිසා මාංශමය ආහාර තමයි මෙම ගම්වාසීන් වැඩිපුර භාවිතා කරන්නේ. මාළු හා සත්ත්වයන්ගෙන් ලබාගත් කිරි ආහාර ලෙස භාවිතා කරනවා.
බැටරි සහිත උපාංග භාවිතා කිරීමත් ඉතා අපහසුයි. ඒ ඉතා අධික සීතල නිසා‍. ඒ නිසා සංඥා (සිග්නල්) තිබුණත් මෙම ගම්වාසීන්ට ජංගම දුරකථනය භාවිතා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.



වැසිකිළියක්...



























ගමේ වෙසෙන සියලුම දෙනාට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගන්න තිබෙන්නේ එ‍කම එක වෙළෙඳ සලක් පමණයි. මෙම ගම්මානයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් තමයි රථවාහන නවතා තැබීම. බොහෝ දෙනා වාහනයේ එන්ජිම ක්‍රියා විරහිත නොකර වාහනය ගාල් කර තබනවා.
එසේ කර‍න්නේ පසුදින උදයේ නැවත පණ ගන්වන්න නොහැකි වේවි යන බිය නිසා. එසේ නොමැති නම් හීට‍ර් සවි කරන ලද ගරාජයක් තුළ වාහනය නවතා තබනවා. ගෘහස්ථ වැසිකිළි කිසිවක් දක්නට නොලැබීමත් විශේෂත්වයක්.
කඳු වළල්ලකින් වටවූ නිම්නයක පිහිටා ඇති මෙම ගම්මානය එම පිහිටීම නිසාම තද සුළං වලින් ආරක්ෂා වී තිබෙන අතර, ඒ නිසා ම තව තවත් උෂ්ණත්වය පහළ යාම වැළකී තිබෙනවා. ඔයිමියාකොන් නගරයේ නමෙහි අරුත තමයි (නොමිදෙන ජලය) (non freezing water). ලෝකයේ ශීතම ගම්මානයට මෙම නාමය ලැබී ඇත්තේ අසල පිහිටා ඇති උණු දිය උල්පතක් නිසායි.



උණුදිය උල්පත...



















ලියන පෑනෙහි තීන්ත මිදීම, තමා පළඳින උපැස් යුවළ මූණටම ඇලී තිබීම හා බැටරිවල ආයු කාලය ඉතා අඩු වීම මෙම ගම්වැසියන් මුහුණ දෙන දෛනික ප්‍රශ්නයි.
හදිසියේවත් මරණයක් සිදු වුවහොත් එම මළ සිරුර වළ දැමීම තමයි ඔවුන්ට ඇති ලොකුම ප්‍රශ්නය. ඉතා අධික ලෙස මිදී ඇති හිම සහ පස් හාරා වළක් සෑදීම දින 3 ක් පමණ ගතවන ඉතා සංකීර්ණ වැඩක් බවයි වාර්තා වෙන්නේ.

Saturday, January 23, 2016

මැද පෙරදිග තත්ත්වය වඩාත් නරක අතට හැරෙයි

ත්


alt

සෞදි - ඉරාන ගැටුම දුර දිග යන ලකුණු


මැද පෙරදිග යනු අප රටටද ඉතා අදාළ කලාපයක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ලාංකිකයින් විශාල පිරිසක් මැද පෙරදිග කලාපයේ රැකියාවල නිරත වෙති. මේ නිසාම මැද පෙරදිග මේ වනවිට උණුසුම් වෙමින් ඇති තත්ත්වය ගැන අවධානය යොමු කිරීම ලංකාවාසීන්ටද වැදගත් වන කාරණාවකි.
පසුගිය කාලය පුරාම මැද පෙරදිග කලාපයේ පැවතියේ එතරම් ස්ථාවර තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම සිරියාව කේන්ද්‍ර කරගෙන වර්ධනය වෙමින් පැවති යුදමය තත්ත්වයත්, අයි. එස් සංවිධානයේ නැග ඒම සමග ඇති වූ ගැටලුත් නිසා මෑත කාලයේ එම කලාපය පැවතියේ දැඩි අස්ථාවරත්වයකත්, ව්‍යාකූලත්වයකත් ගිලෙමිනි.

මේ වනවිට මැද පෙරදිග සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක්වන  අලුත්ම කාරණාව බවට පත්ව ඇත්තේ සෞදි අරාබිය සහ ඉරානය අතර උණුසුම් වෙමින් ඇති ගැටුම සහ ඒ හේතුවෙන් කලාපය පුරා පැතිරෙමින් ඇති නොසන්සුන්තාවයි.

මෙම තත්ත්වයට මුල පිරුණේ සෞදි අරාබිය තුළ කලක් තිස්සේ සිරගත කරගෙන හුන් රාජ්‍ය විරෝධී පූජකවරයෙකු ලෙස සැලකෙන ෂෙයික් නිමර් අල් නිමර් පසුගියදා සෞදි රජය විසින් මරණ දණ්ඩනයට යටත් කරනු ලැබිමත් සමගයි. සෞදි පාලනයට එරෙහිව කටයුතු කිරීමේ චෝදනාව මත සිරගත කර සිට මරණයට පත් කෙරුණු ෂෙයික් නිමර් යනු ෂියා නම් නිකායට අයත් වූවෙකි. මුස්ලිම් ලෝකයේ එකිනෙකට පසමිතුරු ප්‍රධාන නිකාය දෙකක් වන ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර කාලයක් තිස්සේ ගැටුම් පවතින අතර සෞදියේ පාලන බලය හොබවන්නේ සුන්නි මුස්ලිම් නිකායයි. සෞදිය තුළ සුන්නිවරුන්ගේ පාලනය පෙරළා දමා ෂියා පාලනයක් ඇති කරන්නට  ෂියා මුස්ලිම් සටන්කාමීන් සැලසුම් කරමින් සිටිනවාය යන්න සෞදි පාලකයින්ගේ චෝදනාවයි. (මෙම ෂියා මුස්ලිම් කණ්ඩායම්වලට ඉරානය සහය දෙන බවත්, ඒ හරහා සෞදියේ පාලනය අවුල් කිරීමට කටයුතු කරමින් සිටින බවත් සෞදියේ විශ්වාසයයි.)

සෞදියේ සිටින ෂියා සුළුතරයේ අයිතිවාසිකම් දිනා දීම සඳහා ඉරානය එරටට මැදිහත් වුවද කම් නැතැයි යන අදහසක ෂෙයික් නිමර් සිටීමද සෞදි පාලකයින්ගේ උදහසට හේතු වූවක් බව පැවසේ.
ෂෙයික් නිමර්ගේ ඝාතනයත් සමගම, බලා‍පොරොත්තු විය හැකි පරිද්දෙන්ම ඉරානය තුළ විශාල උද්ඝෝෂණයක් සහ මහජන කැළඹීමක් මතු විය.  ඉරානය යනු, නිමර්ද අයත් නිකාය වන ෂියා මුස්ලිම්වරුන්ගේ පාලනයක් සහිත රටකි. සුන්නි රාජ්‍යයක් විසින් ෂියා පූජකවරයෙකු මරා දැමීම ඉරානයේ ෂියා වැසියන්ට දරා ගැනීමට අපහසු වූ අතර ඔවුහු ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි සෞදි තානාපති කාර්යාලයට පහර දී එය ගිනිබත් කරන්නට පියවර ගත්හ. මේ සිද්ධියත් සමග සෞදිය ඉතා දැඩි ආකල්පයක් වෙත අවතීර්ණ වූ බව පෙනී ගියේය. වහාම ඉරානය සමග තානාපති සබඳතා අත් හැරීමට තීරණය කළේය. නමුත් තත්ත්වය නරක අතට හැරීම පාලනය කිරීම සඳහා ඉරාන රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කළහකාරීන් සෞදි තානාපති කාර්යාලයට පහර දීම ඉරාන රජය කිසිසේත් අනුමත නොකරන බවයි. මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමටද ඉරාන ජනාධිපති හසන් රොහානි නියෝග කළ නමුත් සෞදි පාලකයින් ඒ ගැන වැඩි තැකීමක් කළ බවක් පෙනුණේ නැත.

තත්ත්වය උණුසුම් වෙද්දී සෞදියේ රියාද් නුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලය වසා දමා එහි සිටි නිලධාරීන්ට නැවත ඉරානය බලා යන ලෙස සෞදි රජය දැනුම් දුන්නේය.
තත්ත්වය වඩාත් අර්බුදකාරී මාවතට හැරුණේ කලාපයේ සුන්නි බලය සහිත රටවල් රැසක් සෞදි අරාබිය සමග පෙළට සිට ගනිමින් ඉරානය සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හැරීමට පියවර ගැනීමත් සමගය. මුලින්ම සෞදි අරාබිය සමග පෙළ ගැසුණේ  සූඩානය සහ බහරේනයයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයද ඉරානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවම කිරීමට පියවර ගත් අතර කුවේටයද ඉරානයේ සිටි සිය තානාපතිවරයා නැවත කැඳවා ගත්තේය. කටාර් සහ ජෝර්දාන් යන රාජ්‍යයන්ද මේ ආකාරයෙන්ම ක්‍රියා කර ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත් මෙම පසුබිම තුළ ඉරානය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කොන් කෙරෙමින් තිබිම කිසිසේත් ඉරානයේ සතුටට හේතු වූයේ නැත. එනිසා ඔවුන්ද සෞදි අරාබියට කිසියම් අනතුරු ඇඟවීමක් කරමින් තම රටට එරෙහිව කටයුතු කිරීමෙන් වළකින ලෙස දැනුම් දුන්නේය. මෙම  සටහන ලියන මොහොත වනවිටත් තත්ත්වය සමනය වන පාටක් පෙනෙන්නට නොතිබුණු අතර මැද පෙරදිග කලාපයේ අවිනිශ්චිතතාව සහ අස්ථාවර ගතිය කමෛන් ඉහළ යමින් ඇති බවකි දැකගන්නට තිබුණේ.
මේ අතර මෙම කලාපයේ විශාල අර්බුදයක් නිර්මාණය කර ඇති සිරියානු ප්‍රශ්නය පසුගිය දිනවල සාමකාමී මාවතකට පිවිසෙන්නට පටන් ගෙන තිබුණද දැන් යළිත් ඉහළ යන්නට පටන් ගෙන ඇති සුන්නි- ෂියා ආතතිය නිසා එම ප්‍රශ්නයද නැවත අවුල් වනු ඇති බවට බොහෝ දේශපාලන නිරීක්ෂකයෝ බිය පළකරති. සිරියාවේ ද පවතින්නේ ඉරානයේ මෙන්ම ෂියා පාලනයක් වන අතර එරට සුන්නි කැරළිකරුවෝ බසාර් අල් අසාද් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට සටන් කරමින් සිටිති. සිරියානු ප්‍රශ්නයද නැවත උත්සන්න වුවහොත්  මැද පෙරදිග තත්ත්වය විශාල අවුල් ජාලාවක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.  එමෙන්ම එවැනි තත්ත්වයක් තුළ අයි එස් සංවිධානය මර්දනය කිරීමද තවදුරටත් අසීරු වනු ඇතැයි යන්න නිරීක්ෂකයින්ගේ විශ්වාසයයි.

නිකායික ගැටුම් ඇති විය හැකි බව දැන දැනත් සෞදි අරාබිය ෂෙයික් නිමර් ට මරණ දඬුවම ලබා දුන්නේ මන්ද යන්න මේ වනවිට දේශපාලන නිරීක්ෂකයින් අතර සාකච්ඡාවට ලක් වෙමින් ඇති කාරණාවකි. සෞදි රජය ගත් එම මතභේදකාරී තීරණය මේ වනවිට බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් වී ඇති බවක්ද පෙනී යයි.

මෙවැනි ඉක්මන් තීරණයක් ගන්නට සෞදි අරාබිය පෙළඹෙන්නට ඇත්තේ බාහිර වශයෙන්ද, අභ්‍යන්තර වශයෙන්ද සෞදිය මේ වනවිට කිසියම් අනාරක්ෂිත තත්ත්වයක පසුවීමත්, ප්‍රශ්න රැසක පැටලී සිටීමත් නිසා ඇති වූ ආතතිය හා නොඉවසිල්ල නිසා විය හැකි යයිද ඇතැම්හු පෙන්වා දෙති. විශේෂයෙන්ම තමුන්ගේ සම්ප්‍රදායික සතුරෙකු ලෙස සැලකෙන ඉරානය පෙරට වඩා බලවත්ව නැගිටිමින් ඇතැයි යන්න සෞදිය මේ වනවිට නිතර බියෙන් පසුවන කාරණාවකි. ඊට එක් ප්‍රධාන හේතුවක් වූයේ කාලයක් පුරා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන්ගේ උදහසට පාත්‍රව සිටි ඉරානය දැන් කමෛන් එම බලවත් රටවල අවධානය සහ සහයෝගය දිනාගන්නට පටන්ගෙන තිබිමයි.

මෙම වෙනස ඇති වූයේ ප්‍රධාන වශයෙන්ම ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ කේන්ද්‍ර කරගනිමිනි. කාලයක් පුරා ඉරානය සිය රට තුළ න්‍යෂ්ටික
වැඩපිළිවෙළක් ක්‍රියාවට නගමින් සිටි අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් මේ ගැන නිතරම සිටියේ සැකයෙනි. න්‍යෂ්ටික වැඩපිළිවෙළ ක්‍රීයාත්මක කරන්නේ බල ශක්තිය වැනි සිවිල් අවශ්‍යතා සඳහා බව ඉරානය කීවද බටහිර ජාතීන් සිතුවේ මෙම සිවිල් අරමුණුවලට මුවා වී ඉරානය
න්‍යෂ්ටික අවි නිශ්පාදනය සඳහාද කැස කවමින් සිටිනවා විය හැකියයි කියාය. ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කළහොත් එය මැද පෙරදිග කලාපයේ බලතුලනය තමුන්ට අවාසිදායක ආකාරයෙන් හැඩගස්වනු ඇතැයි බිය වූ ඇමෙරිකාව ඇතුළු පාර්ශ්ව අවසානයේ නතර වූයේ ඉරානයට එරෙහිව සම්බාධක රැසක් පනවමිනි.

නමුත් මෑතකදී මෙම බටහිර රාජ්‍යයන් සහ ඉරානය කිසියම් ගිවිසුමකට එළඹෙන්නට සමත් වූ අතර ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙ‍ලේ යම් යම් සංශෝධන කරන්නටත්, බටහිර රටවල් සිය සම්බාධක ආදිය ලිහිල් කරන්නටත් පියවර ගන්නා යම් එකඟතාවකට එළඹුණෝය. බටහිර සහ ඉරානය අතර ඇති වූ මෙම සම්බන්ධය සෞදි අරාබිය වැනි රටවල් දකින්නේ තමුන්ට තර්ජනයක් වශයෙනි. විශේෂයෙන්ම ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් වුවහොත් ඉරානය කලාපයේ ආර්ථික බලවතෙකු ලෙස නැගිටිනු ඇතැයි යන බිය සෞදිය වැනි රටවලට පවතී. කලින් ඇමෙරිකාව සෞදි අරාබියේ ප්‍රබල හිතවතෙකු ලෙස සිටි රටක් වූ අතර එම බැඳීම කමෛන් ලිහිල්වන්නට පටන්ගෙන ඇතැයි යන අදහසක්ද සෞදිය තුළ පවතියි. ඉරානය දෙස නිතර  සැකෙන් බැලීමේ ආතතිය වැඩි දියුණු වීමට මෙයද බලපෑ සාධකයකි.

එසේම සිරියාවේ පවතින, බසාර් අල් අසාද්ගේ  ෂියා පාලනයට ද ඉරානය සහයෝගය දැක්වීමද, රුසියාව වැනි බලවතුන් පවා එහිදී ඉරානය සමග සිටීමද සෞදියට තවත් හිසරදයකි.
මේ තත්ත්වය තුළ, සෞදියේ පාලනයට එරෙහිව කටයුතු කළ බව පැවසුණු  ෂියා මුස්ලිම් පූජක නිමර්ට ඔවුන් මරණ දඬුවම දුන්නේ එමගින් ඉරානයට කිසියම් තර්ජනාත්මක පණිවුඩයක් දීමට විය හැකිය යන්න ඇතැම් විචාරකයින්ගේ අදහසයි. නමුත් මෙම රටවල් අතර පවතින සංකීර්ණ යථාර්ථයන් හමුවේ මේ පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කිරීම එතරම් සරල, පහසු කටයුත්තක් නොවන බවද රහසක් නොවේ.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ඇමෙරිකාව, රුසියාව වැනි රටවල්ද මැද පෙරදිග උත්සන්න වෙමින් ඇති උණුසුම්  තත්ත්වය පිළිබඳ සිටින්නේ දැඩි අවධානයෙනි. ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වහා පියවර ගන්නා ලෙස ඔවුහු සෞදි අරාබියෙන් මෙන්ම ඉරානයෙන්ද ඉල්ලා තිබේ. නමුත් ඔවුන් සිතන තරම් ලෙහෙසියෙන් තත්ත්වය සමනය වනු ඇතැයි සිතිය නොහැක්කේ මෙම ගැටුම්කාරී පසුබිමට හේතු සාධක වූ කාරණා තවමත් ඒ ආකාරයෙන්ම වලංගුව පවතින බැවිනි.

නිහාල් පීරිස්

Wednesday, January 13, 2016

වැසිකිළි තිබිය යුත්තේ එය තිබිය යුතු තැන ය. එය සාලයට ගෙන එන්නේ නම් එය ද මානව හිමිකම් කඩකිරීමකි. පරිසර දූෂණයකි.




ඹ කපුගේ ගැන දන්නව ද?
නෑ...
උඹ දෑස නිලුපුල් තෙමා අහල තියෙනව ද?
නෑ...
එතකොට මාරියාවේ?
නෑ...
උඹල මොනවද බං අහන්නෙ?

මේ . ප්‍රශ්නය අසන්නේ මම මගේ  මිතුරෙකුගෙනි

කපුගේ බැබළෙන්නට කරුණු කීපයක් බලපායි. පළමුවැන්න නම් ඔහුගේ හඬයි. පාළු සුසාන භූමියක් පසු කරගෙන සුළඟේ දෝංකාර දෙන ශෝකී නාදයක් ඔහු සතු ය. “උන්මාද සිතුවම්” නමැති ගීය ඔහු ගැයු විලාසයට කිසිවකුට අනුකරණය කළ නොහැකි ය. “උලලේනෝ” වැනි ගීතයක් අනුකරණය කිරීමට, ආධුනිකයකු හෝ උත්සාහ කරනු මා දැක නැත. “මාරියාවේ” නැමැති ගීයද එසේ ම ය.

අනෙක් කරුණ වන්නේ ප්‍රතිභා පූර්ණ ගීත රචකයන් රාශියක් ඔහු වටා එක්වීමයි. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, රත්න ශ්‍රී විජේසිංහ, රංබණ්ඩා සෙනෙවිරත්න හා ලූෂන් බුලත්සිංහල ඒ අතරින් ප්‍රධාන ය. ඔවුන් ගේ ගේය පද මාලා මා පෙර කී සුවිශේෂ සොහොන් හඬ සමඟ මනා ව බද්ධ විය. එසේම ඔහු සඳලුතලයෙන් බැස මිනිසුන්ට බද්ධ වූ සොඳුරු මිනිසකු විය.


ලූෂන් බුලත්සිංහලයන් ගේ නිර්මාණයක් ගැන මම ගිය වතාවේ ද සටහනක් තැබුවෙමි. මෙවර ද ඔහුගේ නිර්මාණයක් තෝරා ගැනීම ගැන කිසිවෙක් අමනාප නොවෙත් වා! “සුදු නැන්දා” නම් වූ ගීතය වැඩියෙන් විකාශනය වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය තුළයි. මේ ගීය එකල කොතරම් ජනපි‍්‍රය වී ද යත් මිතුරන් සමඟ විනෝද වන සෑම විටක ම මම මේ ගීය ගායනා කළෙමි.

ගැමි තරුණයකු මුහුණ දෙන ශෝචනීය අනුභූතියක් මේ සඳහා වස්තු වෙයි. තම වස්තු බීජය සංකේතාත්මක කාව්‍යමය භාෂාවක් ඔස්සේ ගොනු කිරීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත් වෙති.

නෑනා මස්සිනා සම්බන්ධය ගැමි ජීවිතය හා බද්ධ වූවකි. බොහෝ විට මස්සිනා නෑනා දෙමාපිය ආශිර්වාදය මත විවාහ කරගනී. එහෙත් මේ ගැමි තරුණයාට එබඳු වාසනාවක් හිමිවී නොමැති ය. කිනම් හෝ දෛවෝපගත අභාග්‍යයක් නිසා සියල්ල කණපිට පෙරළි තිබේ. රචකයා මේ විරසකය සන්නිවේදනය කරන්නේ පාරිසරික සංකේත ඔස්සේ ය.
 

“සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
මාමණ්ඩි ඇයි මට මඟ හැරියේ...

ඔහු දුටු විගස සුදු නැන්දා දොර වසයි. මාමණ්ඩී මඟ හැර යයි. ගේ තුළින් ඇසෙන්නේ ඉකි බිඳුමකි. වෙනදා ඔහු පිළිගැනීමට ඉදිරියට දිව එන සිනා මුහුණ අද දකින්නට නොමැත. ඒ සුසුදු වත ගේ මුල්ලට වී ඉකි බිඳියි. මෙය ගැමි පරිසරයේ සිදුවිය හැකි සිද්ධි දාමයකි. මේ දර්ශනය රචකයා චිත්‍රයට නඟයි. ලූෂන් බුලත්සිංහල සිංහල ගීතයේ රූප රචකයා වන්නේ එබැවිනි. තම නෑනණ්ඩියගේ නිවසේ පරිසරය ම ඔහුට එරෙහි වන ආකාරය රචකයා චිත්‍රයට නඟයි
 

වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා

රචකයා විසින් ශෝක රසය මැවීම සඳහා යොදාගන්නේ මීළඟ අවස්ථාවයි. තම නෑනණ්ඩියට තෑගි දීමට රීදි පොටක් ඔහු හංගාගෙන පැමිණ ඇත. මේ ගැන නොදන්නා හීන් නඟාට ඒ ගැන කෙසේ පවසන්න ද? රිදී පොට තෑගි දීම ගැන දින සති මාස ගණන් මැවු සිහින සියල්ල බොඳ වී ගොසිනි.
 

රිදී පොටක් හංගා ගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ


රචකයා තම පාරිසරික සංකේත මාලාව ඉදිරියට ම ගෙනි යයි. ඒ සෑම සංකේතයක ම මේ තරුණයාගේ පරාජිත ඉරණම රැඳී පවතී. තම නෑනා ගේ සැළලිහිණි කූඩුවේ සැළලිහිණියාට ද මේ වෙනස වැටහී තිබේ. උගේ සතුටු ගී ගොළු වී ගොසිනි. කනප්පුවේ තිබෙන බුලත් හෙප්පුව වූ කලී හිත හොඳින් කෙනෙකු පිළිගැනීමේ සංකේතයකි. ඒත් ඒ හොඳ හිත පළුදු වී ගොසිනි. මේ මොහොතේ හෙප්පුව බිම වැටී තිබේ. ඒ අජීවී වස්තු පවා වේදනාවට පත් වී තිබේ.
 

තටු පොරවාගෙන සැළයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පර මල් වැඩලා
ගලේ විහාරෙත් ගොළු වීලා

පහන් පැලේ මල් පිදීමට තරම් පහන් සිතක් දැන් පහළ නොවේ.
මල් අසුන මත ඇත්තේ පරමල් ය. පෝදාට දෙදෙනා එක් ව මල් පිදීමට ගිය ගලේ විහාරය පවා තුෂ්ණිම්භූත ව බලා සිටී. ඔවුන්ගේ ආදරය සමඟ ආගමික ගුණ සුවඳ ද බද්ධ වී තිබු ආකාරය රචකයා මේ මඟින් මතු කර දක්වයි.
සෑම කවියක් ම ගීතයක් නොවේ. එහෙත් සෑම සාර්ථක ගීයක ම හොඳ කවියක් ගැබ් ව පවතී. මෙය හොඳ කවියක් අන්තර්ගත හොඳ ගීයක් වන්නේ එබැවිනි.

සුභාවිත සිංහල ගීතය අද කඩා වැටෙන්නේ හොඳ කවියන් ගීත රචනයට අවතීර්ණ නොවීම හේතුවෙනි. අද තරුණ පරපුර විශ්වාසය තබා ඇත්තේ තනු නිර්මාණ ගැන පමණි. එසේ නොමැති නම් ඔවුන් ගේ විශ්වාසය රූප රචනා කෙරෙහි ය.

රසිකයන්ගේ රසිකත්වය ද සැබැවින් ම මොට වී ඇත. එසේ නැතිනම් මොට කර ඇත. ශ්‍රී ලංකාව ගොඩගන්නට කර්මාන්තශාලා හෝ මහාමාර්ග තැනිමෙන් පමණක් ම නොහැකි ය. බාල පරපුරට හොඳ දේ අසන්නට ඉඩ තැබිය යුතු ය. වල් බූරු ජනමාධ්‍ය තුළ වල් පැළ උදුරා දැමිය යුතු ය.

මානව හිමිකම්වල සැබෑ අර්ථය හඳුනා ගත යුතු ය. ඕනෑ ම දෙයක් ඉදිරිපත් කිරීමට නිදහසක් ඇත්නම් ප්‍රතික්ෂේප කිරීමේ නිදහස ද පැවතිය යුතු ය. වැසිකිළි තිබිය යුත්තේ එය තිබිය යුතු තැන ය. එය සාලයට ගෙන එන්නේ නම් එය ද මානව හිමිකම් කඩකිරීමකි. පරිසර දූෂණයකි.

එදා ගීතය අර්ථයෙන්,රසයෙන් ගුණාත්මක වුවද වර්තමානයේ බහුතරයක්ම නිර්මාණ බිහි වන්නේ යටිගිටියෙන් කෑ ගැසූ ,කන්දොස්කිරියාවෙන් සහ සොටු පෙරා ගත් හඩන පනක් තුළින් තරුනය,තරුනියන්ගේ සිත් වසග කරන අනර්ථවත් හුදෙක් ආලයෙන් මත්වූ පරාදවූ විලාපය තබන්නා වූ ගීතය

ගමක පාසලක් ගොඩ නැගීමෙන් ගමක් යහපත්ව ගොඩ නැගෙනවද,ඉන්පසු රටට වැඩ දායි පුදගලයෙකු බිහිවෙනවාද හා සමානවම අර්ථවත් ගීතය නිර්මාණයෙන් ,ඇසීමෙන් යහපත් සිතුවිලි පහල වෙන රසිකයන්ද් බිහිවේ.

ප්‍රසිද්ධ ස්ථානවල කුණු දැමීම තහනම් ය. එහෙත් ප්‍රසිද්ධ ජනමාධ්‍ය වලින් කුණු බෙදා හරියි. නිවේදක ගිරව් හා ගිරවියෝ ඒ සඳහා සැදී පැහැදී සිටිති.

එක් ප්‍රසිද්ධ සිංහල ගුරුතුමෙක් රූපවාහිනියේ “අසැබි චිත්‍රපට” සඳහා ඉඩක් සැපයිය යුතු බව දේශනයකදී පැවසුවේ ය. අපට ඒ තරම් ම නිදහසක් අවශ්‍ය ද? මේ ගැන තවත් සිතන්නට ඔබ පෙලැඹේ නම් “තත්සර ඇසුර” තවත් අර්ථවත් වනු ඇත. මක්නිසාද, සංගීතයේ තත්සර අප ඇසුරු කළ යුත්තේ, වඩා යහපත් හෙට දවසේ සංවේදී මිනිසුන් බිහි කිරීමට මිස පිස්සන් බිහි කිරීමට නොවන බැවිනි.



Wednesday, January 6, 2016

මෙරට සංගීත ක්ෂේත‍්‍රය රැප්කාරයන්, හිපියන්, සූකිරි බටිල්ලන්, මොඩ් ගොවියන් මැද අරාජික වී තිබෙ

.



ප මේ ගත කරනුයේ ඇතැම් මාධ්‍යවල ඔසවා තැබීමෙන් එක් දිනකදී ‘සුපිරි තරු’ බවට පත් වන්නන් ඊළඟ දිනයේදී කොහේදැයි සොයා ගත නොහැකි සමයකි. අනෙක් අතට අද තරු නොවන්නේ කවුරුන්දැයි සොයා ගැනීම කළුනික සෙවීමක් වී තිබෙන්නේ පඳුරකට ගැසූ කල්හි තරු රොත්ත ගණනින් වැටෙන තරු පෙනෙන්නට තිබෙන බැවිනි.
මෙරට සංගීත ක්ෂේත‍්‍රය රැප්කාරයන්, හිපියන්, සූකිරි බටිල්ලන්, මොඩ් ගොවියන් මැද අරාජික වී තිබෙ
පහත තිබෙන්නෙ ආචාර්‍ය පණ්ඩිත් අමරදේවයන් විසින් 1966 ගායනා කළ ඉතාම රසවත් අරථවත් ගීතයකි.

වර්ථමානයේ එක් එක් අය විසින් මෙවන් අදිවිතීය කළා කරුවන්ගේ ගීත අනුකරණය තුළින් සිදුවන විනාශ ඉතාම අසාධාරණයකි.

මෙන්න ගීතය


video




පෙම්වතකු විරහ වේදනාවට තබා ගැහැණියක් විළිරුජාව ට හෝ නොතබන විලාප, කලාප වශයෙන් සංයුක්ත තැටිවල කොටා අපට බෙදන බෙලහීන, නපුංශක අහවලුන් අඩුම තරමින් මේ ගී පදවැල් නිකමට හෝ කියවාබැලිය යුතුයි. එසේ කියවා තේරුම්ගෙන හෝ දන්නා අන්‍යයකු ලවා තේරුම්කරවාගෙන හෝ   "නිර්මාණකරණය" නම් වන ඉච්ඡාබසට මුවාවී අපගේ පරම අභිමානය වන උදාර මව්බස අපයෝජනය කිරීම වහාම නවතාදැමිය යුතුයි. ගේයපද නිමැවුමකදී ගතෙහි දී මෙන් දෘඪ රීතින් අකුරට රැකීමට අපහසුවන්නට බැරිනැත. නිර්මාණශීලිබව ද බහුශ්‍රැතබව ද අවැසිවන්නේ එතැනදී ය. උපමාවක් යෙදීමට මුලින් ඒ උපමාව දැනසිටිය යුතුය. එවිට "සෙව්වන්දි නිල්ජලාශේ විලේ හංසයාටයි" වැනි කුණුහරුප ලියන්නට සිදුවන්නේ නැත. හඩු බසින්ම ඇසුවොත්, සුස්තරේ දන්නවානම් තනි ඇහැට ඇඬෙන්න දෙන්නට බැරිද? සිතේ හටගත් විරහව ගඟක් නොව සාගරයක් උතුරන්නට ඇසට කඳුළු නැඟු අයුරු ද වේදනාවෙන් දෑස් පියවුණේ කෙසේදැයි යනුද ගුණසිංහ සුරින් ලියාඇති අන්දම දකින ඔබ අන්ද-මන්ද නොවන්නේද? 
"සිතෙහි නැඟී පෙම් රළ පෙළ වෙරළ වැළඳ නිල් දෑසක කඳුළුවලට පෙරලුනා, දෑස අඳුර කැටිවුණා."
මේවා මහප්‍රාණ වැඩි කියා සිතෙයි නම් ඊට ද අපේ මව්බස පිළිතුරු සපයා ඇති අයුරු මෙන්න,
"වඳිමු සුගත සෑසි පියා, සුදු අරලිය මලිනි පුදා, සසරදුකින් එතෙරවන්න, පතමු නිවන් සැපත සැමා."
මහප්‍රාණ නැත. අපබ්‍රංශ නැත. කුණුහරුප ද නැත. සරළ සුගම සුන්දර සිංහල!

..
ගීත රූපවාහිනී වැඩසටහන් සඳහා රූපයට නැඟීමේදී රූප රචනාවල අද අපට බොහෝ විට දකින්න ලැබෙන්නේ විසූක දස්සන, විච්චූර්ණ දේවල්. ගීතයට එම රූප රාමු කොතරම් අදාළ ද කියලා සමහර අවස්ථාවල මට හිතාගන්න බැහැ.”
අද ගීත නොගයන කෙනෙක් හොයාගන්න බැහැ. ගායනයෙහි ප‍්‍රතිභාව ඇති තරුණ පරපුරක් අපට සිටියත් ඔවුන් පවා නොමඟ යවනසුලු ගායන තරග, රැලි, ජනප‍්‍රිය සංස්කෘතික ප‍්‍රවණතා වත්මන් මාධ්‍ය යාන්ත‍්‍රණයෙහි දකින්න ලැබෙනවා. ව්‍යාජ හීන ලෝකවල තරු ලෙස පුම්බා අතරමං කරන තාරුණ්‍යය ඉන් මුදවා යහ මඟට ප‍්‍රවේශ කිරීමටත් සුභාවිත සංගීත කලාවේ ප‍්‍රමිතිය රැක ගැනීමටත් රාජ්‍ය මට්ටමේ වැඩපිළිවෙළක් අවශ්‍ය යැයි ඔබට සිතෙන්නේ නැද්ද?

“ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නත් මෙහිදී බලපානවා. ඕනෑම කෙනෙකුට ගීත ගයන්න ඉඩ තිබිය යුතු යැයි පොදු මතයක් අද අපේ රටේ ඇතිවී තියෙනවා. එදා ගුවන් විදුලිය පමණක් පැවැති යුගයේ ගීතයේ ප‍්‍රමිතිය රැකුණා.
සංගීත පරීක්ෂණවලින් ශිල්පීන් වර්ගීකරණය කොට ඔවුන්ට සරල ගී වැඩසටහන් ලබා දුන්නා. අද ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකා වැඩියි. නමුත් ගීතයක ප‍්‍රමිතිය ගැන ඔවුන්ගේ කිසිදු සැලකිල්ලක් නැහැ.
මේ නිසා සෑම මාධ්‍ය නාළිකාවක් ම අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක්, නීති රීති මාලාවක් සකස් කිරීම ඉතා වැදගත්. එතැනදී ගීතයක ප‍්‍රමිතිය රැක ගැනීමට ඉවහල් වන වගන්ති ද ඇතුළත් විය යුතුයි. නිර්මාණකරුවන්ට කර්තෘභාගය ගෙවීම නීති ගත කරන්න අපි බොහෝ වාරයක් සාකච්ඡා කළා. එය ලබන මාසයේ සිට කි‍්‍රයාත්මක වීමට සකස් කර තිබෙනවා.
විද්‍යුත් මාධ්‍ය මුළු දවසෙම යැපෙන්නෙ මේ ගීතවලින්. නමුත් කර්තෘ භාගය නොගෙවා මඟ හරින්න බොහෝ මාධ්‍ය ආයතන උත්සාහ කරනවා. එදා ගුවන් විදුලියේ රිජ්වේ තිලකරත්න මහතාගේ යුගයේත් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ඩී.බී. නිහාල්සිංහ මහතාගේ යුගයේත් උසස් ප‍්‍රමිතියක් ඇති වුණේ ඔවුන් අනුගමනය කළ නිවැරදි ප‍්‍රතිපත්ති නිසා.
 පෞද්ගලික නාළිකාවලට රජයෙන් බලපත‍්‍ර ලබාදෙන විට ඔවුන් අනුගත විය යුතු නිශ්චිත ආචාර ධර්ම පද්ධතියකට යටත්ව එය සිදු කළා නම් අද මෙරට සංගීත කලාවට බලපාන හානිකර තත්ත්වයන් බොහොමයක් වළක්වා ගන්න ඉඩ තිබුණා.

එතෙක් ප‍්‍රමිතිය රැකගෙන තිබුණු රජයේ නාළිකා පවා තරගකාරීත්වය නිසා අද පෞද්ගලික නාළිකාවල ඇතැම් දේ අනුකරණය කිරීමට යෑම කනගාටුවට කරුණක්. ඒ නිසා සංගීතය ප‍්‍රමුඛ සියලු කලාවන් හි අනාගත සුරක්ෂිත භාවය සඳහා එවැනි ප‍්‍රමිතිය රැකෙන නිශ්චිත වැඩපිළිවෙළකට යෑම අවශ්‍යයි.
හොඳ ගීත කොතරම් බිහි වුණත්, ඒවා මාධ්‍ය මඟින් නිසි ලෙස ප‍්‍රචාරය වෙන්නේ නැහැ. පසුගිය කාලයේ සෝමතිලක ජයමහගේ හොඳ ගීත රැසක් බිහි වුණා. ඔහු ගී ගයන්නේ ඉඳහිට.
එසේම ගීත නිර්මාණයට ඔහු විශාල වෙහෙසක් දරනවා. නමුත් මේ එකදු ගීයක්වත් මට නම් කිසිම නාළිකාවකින් ඇසුණේ නැහැ. මෙවැනි දේ සිදුවන විට මේ රටේ මාධ්‍ය ගැන මට විශාල කලකිරීමක් ඇති වෙනවා. ඒවායේ නිතර අසන්න දකින්න තියෙන්නේ බාල, නිසරු අවර ගණයේ ඝෝෂාකාරී ගීත.”
වත්මන් තරුණ පරපුර බටහිර රැල්ලත් සමග පියබා යන හැටි දැක්කම මා දකින්නෙ රැල්ල වෙරළට ආදරය කලත් රැල්ල වෙරල කලකදි විනාශ කරනව වගේ ගසාගෙන යන ආකාරයකි,කිසිදු හැගීමක් නැති අසන්නාද දන්නේ නැති හිස් කිරිපනු ස0ගීතය ඔවුන් අසති.
පහු ගිය දිනක පිට රටින් ආ එන් රික් බලන්න ගොස් රටම විලිලැජ්ජා කල තරුණියන් වැනි මනස හිස් අයගෙන් අපිට සිතා ගත හැකිවන්නෙ අනේ කාල් වනේ වාසේ වගේ දෙයකි
අවබෝධය හා අගයක් නැති අපේ රටේ කළාව විහිලුවක් සේ ගනන් නොගෙන ඉතාම ආශාවෙන රස විදින්නේ නම් අපේ කළාව කොතරම් සුන්දරද,නිහඩද,මනස්ට කොතරම් සහනයක්ද යන්න මොනවට පැහැදිලි වේ