Friday, September 9, 2016

අප මිලදී ගන්නා භාණ්ඩවල ඇති මේ අංක මොනවාද?







වෙළෙඳ‍පොළේ ඇති ආහාර ද්‍රව්‍ය ඇසුරුම්වල මෙන්ම වෙනත් බොහෝ නිෂ්පාදනවලත් සිහින් තීරු ඉරි ආකාරයට දැක්වෙන සංකේතය ඔබ කොතෙකුත් දැක ඇති ඕඒඅ ඛිච්ජ් නමින් ඔබ අසා ඇති මෙම තීරු සංකේතය පිළිබඳව භාණ්ඩයක් මිලදී ගැනීමේදී යම් ප්‍රමාණයකට හෝ ඔබ අවධානය යොමු කර තිබේද? එම  සංකේතය පාරිභෝගික අපට වැදගත් නැතැයි ඔබ සිතන්නට ඇත. එසේ නැතිනම් එම සංකේතයෙන් පාරිභෝගිකයාට උකහා ගත හැකි දෙයක් ඇතැයි නොසිතන්නට ඇත.

එහෙත් මෙම සංකේතයේ සිහින් තීරු කෙළවර ඇති අංක තුළ සැඟවී ඇත්තේ එම නිෂ්පාදනයන්ට අදාළ වැදගත් තොරතුරු බව බොහෝ පාරිභෝගිකයෝ නොදනිති. විදේශ රටවලින් ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍යන්හි සහ වෙනත් නිෂ්පාදනයන්හි ජ්ඒව් (ජ්උඅජ්ඒව් ඒඅඊඛිඒඹ්ජ් ව්උර්ඕජ්අ) නමින් හැඳින්වෙන සංකේතයක් එහි ඇසුරුමේ දක්වා තිබේ. අංක දහ තුනකින් යුතු මෙම අංක පේළියේ ඉතා වැදගත් තොරතුරක් එහි මුල් අංක තුනෙන් පැවසේ. එම මුල් අංක තුන වන්නේ එම භාණ්ඩය නිපදවා ඇති රටට ආවේණික අදාළ අංකයයි. ඒ ආකාරයට වෙළෙඳ‍පොළේදී බහුලව හමුවන භාණ්ඩයන් නිෂ්පාදනය කර ඇති රට කුමක්දැයි පාරිභෝගිකයාට දැනගැනීමට හැකියාව තිබේ.


පහත දැක්වෙන්නේ බහුලව අපේ රටට ආහාර ද්‍රව්‍ය සහ වෙනත් නිෂ්පාදනයන් ආනයනය කරන රටවල් කිහිපයක සංකේතාංකයි. එම සංකේතාංක පිළිබඳව දැනුවත් වීම තුළින් උසස් හා ගුණාත්මක තත්ත්වයෙන් යුතු පාරිභෝගිකයා අපේක්ෂා කරන ආකාරයේ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
තීරු සංකේතයේ මුල් අංක තුනෙන් පැවසෙන භාණ්ඩය නිපදවා ඇති රට කුමක්දැයි මෙලෙස ඔබට හඳුනාගත හැකිය.


890-ඉන්දියාව
955-මැ‍ලේසියාව
690- සිට 695 දක්වා චීනය
888 සිංගප්පූරුව
500-509 දක්වා මහා බ්‍රිතාන්‍යය
471-තායිවානය
450 - 459 සහ 490 - 499 දක්වා ජපානය
000-019, 030-039, 060-139 දක්වා ඇමෙරිකාව
479 - ශ්‍රී ලංකාව


විදේශ රටවලින් ආනයනය කරන ඇපල්, දොඩම් වැනි පලතුරුවලත් ආනයනික එළවළු වර්ගවලත් කුඩා ස්ටිකරයක් අලවා ඇත්තේ ඇයි දැයි ඔබ මොහොතකට හෝ සිතුවාද? එම ස්ටිකරයේ සඳහන් අංක පේළියෙන්ද පාරිභෝගිකයන්ට දැනගත හැකි වැදගත් තොරතුරක් වේ. එනම් එම අංක තීරුවෙන් අදාළ පලතුරු හෝ එළවළු වර්ගය වගාකොට ඇති ආකාරය හඳුනාගත හැකිය.
අප මිලදී ගැනීමට අදහස් කරන පලතුරු වර්ගයේ හෝ එළවළු වර්ගයේ ඇති ස්ටිකරය අංක නවයෙන් ආරම්භ වන අංක පහකින් යුතු වූවක් නම් එය කාබනික වගාවකින් ලබාගත් ඵලදාවකි. එනම් එය ස්වාභාවිකව වගාකරන එළවළුවක් හෝ පලතුරකි.
අදාළ එළවළු වර්ගය හෝ පලතුරු වර්ගය අංක තුනෙන් හෝ හතරෙන් ආරම්භ වන අංක හතරකින් සමන්විත අංක පෙළක් නම් එය කෘමිනාශක සහ රසායනික ‍පොහොර යොදා කළ වගාවකි.
අංක අටෙන් ආරම්භ වන අංක පහකින් යුතු වූ සංකේතයෙන් හැඟවෙන්නේ එයට ජාන තාක්ෂණය යොදාගෙන ඇති බවය.



උපදෙස්
ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ
කායික රෝග විශේෂඥ වෛද්‍ය
වරුණ ගුණතිලක

No comments:

Post a Comment