Tuesday, October 11, 2016

තත්ත්වය




තත්ත්වය රැකිය යුතු බව හැම තැනම කියයි අපමණ වෙහෙස ගෙන රැකුමට කරුණු සොයයි එය රකිනවා නම් කිසිවෙක් නොමඟ නොයයි නැති තත්ත්වයක් ගෙන සමහරු ඉහළ ගියයි යුතුකම ගුණදහම දිවියට වැද ගත්වේ පොදුජන මෙහෙය සලකන වැඩ අග පත්වේ නිවැරදි ගමන් මඟ ගිය හොත් රස වත්වේ රැකෙනව නියති හිත හොඳ පිරිසගෙ තත්ත්වේ





2 comments:

  1. නැති තත්ත්වයක් මුදලින් ගන්නටයි සිතා
    හති නැති සමහරුන් අවැඩත් කරයි පුතා
    බැති සිත් මණුදහම් වැඩකට නැතැයි ගොතා
    කති බොති තත්ත්වේ ඇත්තේ මුදලටයි සිතා....

    ජයවේවා!!!

    ReplyDelete
  2. කදිම පිලිතුර සොයුර..........ජය වේවා

    ReplyDelete