Friday, October 14, 2016

මහල්ලා සහ සැඳෑව






ගේ පුරා රජයයි
නිහඬතාවය පාළුව
දුබල එළියකි කුප්පිය
සක්මන් කරයි තනිකම
ගියේ ඈ කොතැන ද
ආයෙත් එයිද කිසි දින
ගෙවී ගිය ඈ සමගින්
අතීතය විසිතුරු ද කොතරම්
බත් ඉදෙන සුවඳකි ගෙතුලේ
මිදුලේ වැලේ රෙදි කඩ
පොල් අතු හැඩේ සුදු වැලි
සවස් යාමය සුවයකි
පවුල් වී දුරබැහැරට
නික්ම ගිය දූ දරුවන්
දෙදෙනා පැලේ එක්වී
ගෙවූ දිවි සුවපත් ද කොතරම්
ඇය නැත ඇගේ සුවඳයි
සැඳෑ සුළඟේ එන්නේ
වැල් ඇඳ තනි රකී මට
කඳුළ පාළුව සමඟින්


1 comment:

  1. දරු හුරතලය උන්ගේ ලොව ඉගිලීලා
    දැරු වීරියක වයසක මා රඳවාලා
    තරු එළි දිලෙන අඳුරු තැනෙක තනිකරලා
    කරුවල වැටුනදෝ ඈ නැති දා ඉඳලා.......

    ජයවේවා!!!

    ReplyDelete