Sunday, October 30, 2016

ගැහැනිය






විරුවන්, කලා කරුවන්, විදුවන්                රැසට
ජීවය ලබා දී, නැති අයුරින්                           නිවට
ලේ කිරි කර පොවන සවිබල              වඩනුවට
ගැහැනිය සදාතන සඳ මඬලයි              ලොවට

සෙනෙහස සදාතනිකව හද කුටිය           තුළ
උතුරන, ඒ මඟින් සිත් මල් පුබුදු                කළ
ඇති මහ බලය ‘අම්මා’ යන අකුරු            වල
කිසිදා කිසිවකුට නොම කළ හැකි ය      මිල

ගැහැනිය දෙවැනි තැනකට ලා         සලකන්න
නොහැකි ය කිසිවෙකුට මේ ලොව තුළ ඉන්න
ඒ මහ සවිය රැකගෙන පෙරටම              යන්න
අදිටන් කරමු එකතුව ලෙස                සුපසන්න









1 comment:

  1. කව්.රුත් පිළිගනී මේ ලොව සැනසෙන්නේ
    මව් සෙනෙහසේ අරුමය නිති බැබලෙන්නේ
    පව් පලදේවි කුමටද ඇය ගරහන්නේ
    මව් පදවියට ගරුතැන දී සිටින්නේ.....

    කවදත් වගේ අදත් දුශාන්ගේ කවිය අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete