Tuesday, October 11, 2016

ආගම








කෝවිල බිඳදා පන්සල හැදුනට
බුදුරැස් නැත එහි විහිදෙන්නේ
පන්සල බිඳදා කෝවිල හැදුවත්
නැත දෙවියෝ එහි වැඩ ඉන්නේ

ආගම් නාමෙන් රැවටුණු මිනිසුනි
මුලා නොවී ඇස් ඇරපන්නේ
සාමය සමඟිය ඇති තැන පමණයි
දෙවිවරු බුදුවරු වැඩ ඉන්නේ

බුදුන් පුදන්නට මල් සුපිපෙනවා
දෙව් මැදුරේ මිදුලේ මල් පඳුරේ
සත සිත නිවෙනා බණක් ඇසේවා
සිව් සත සනහා මිනිසුන්ගේ





4 comments:

  1. මලක් පිදූමුත් පන්සලෙ කෝවිලෙ
    හිත කිලිටියි නම් පලක් නොවේ
    යහපත් ගතිගුණ බෙදා දමන්නට
    හිත ඇතුලෙන්මයි ආ යුත්තේ.........

    ජයවේවා!!!

    ReplyDelete
  2. කෝවිල් කඩා පන්සල් හදපු එක තැනක් අපේ රටේ පෙන්වන්න. හැබැයි පන්සල් කඩා ඒ මත කෝවිල් හදපු තැන් ගැන අපෙ රටෙන් ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්. එතන දෙවියෝ ඉන්නවාද නැද්ද කියලා නම මම දැක්කෙ නැහැ.තිරිකුනාමලේ කොනේශ්වරම් දේවාලයට හෝ නල්ලුර් කෝවිලට ගොස් බලන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. http://magebima.blogspot.it/2015/10/blog-post_21.html

      Delete
    2. මෙහිදී අදහස් කලේ කෝවිල් කඩල පන්සල් හදල නොව එහෙම තත්වයක් සිදුවේවි කියා..එසේම මමද 2002 මෙවැනි දැඩි අදහස් අනුව ක්‍රියා කල කෙනෙක්..අපේ පලාතේ ඔහොම හිස ඔසවන් ආව.නමුත් අපි ඉඩ දුන්නෙ නැ.එවට සාකි දෙන්න රූප හෝ ලිපි නැත.පසුව මා හටද අපහසුතාවයක් ඇති උනා කල කෝලාහලය.....එසේම් පල්ලි විශේශයෙන් බයිබල් කරුවන් මේ ලෙස කරනව.මුස්ලිම් අය මෙහෙම කරනව.එක් එක් ප්‍රදේශයට බලපාන ජන.ආගම් බහුල්ත්වය අනුව.

      නල්ලුර් කෝවිලට සිද්ද උන දෙය ගැන මා ලියූ ලිපියක ලින්ක් එක එවා ඇත..එසේම මුන්නේශ්වරමට සිදු වූ දෙයද ලියා ඈත..ස්තුතියි ඔබට

      Delete