Monday, November 14, 2016

ජීවිත ගමන





ආ මඟ කෙටිය තව යායුතු මඟ        දුරය
බැළු බැළු සියළු තැන ඇත්තේ අවහිරය
අප යන මේ ගමන මරණින් කෙළ   වරය
එය තව උපතකට සසරෙහි බිහි දොරය


දුක සැප ජය පරාජය උණු කඳුළු           සිනා
හමුවී නතර වූවත් ලොව බොහොම  දෙනා
සමබර ගතිය හඳුනන වෙර තිබෙන කෙනා
නියමිත ගමන යන්නට හුරු පුරුදු       වුණා


හිසමත තබාගෙන ඉසිලිය නොහැකි බරක්
යන්නට තිබෙන්නේ නොසිතුව තරම   දුරක්
කවදා දකිනු හැකිදැයි නොම දකිමු තෙරක්
එනමුදු ගමන යායුතුවෙයි රැගෙන    වෙරක්


තණඅග රැඳුනු පිනිබිඳු හිරු එළිය                     දැක
නැතිවන අයුරු දිවියට සම කෙරිය                  හැක
නොසිතුව නොම පැතුම සුළු මොහොතකදි එක
ජීවිත ගමන කෙළවරවෙයි ගෙනෙන                  දුක




6 comments:

  1. පාවෙන සිහින මත්තෙම නොගැලී සෑණින
    නෑවෙන කුසල් අකුසල් හරිහැටි රැගෙන
    යාවෙන භවයෙ නිවනක පැතුමක් රැගෙන
    පේවෙන දිවි ගමන වැඩි ඈතක නොයන........

    අපූරුයි දුශාන්. හැමදාමත් කවියට දාන පින්තූර දුශාන්ගේම නිර්මාණයන්ද ?

    ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තුතියි සොයුර හැමදම පිලිතුරු කවි ලියනවට
    ෆොටො නම් මන් අරන් එඩිට් කරන ඒව..ඒක නිසා 100% මගෙ කියන්න අයිතියක් නෑ.

    ReplyDelete
    Replies
    1. තව දෙයක්. දුශාන් සමාජ සංවර්ධන පැත්තට බර ආයතනයක සම්බන්ධයක් තියෙනවද ? නිතර ලියන අපූරු කවි නිසයි අහන්නේ. මමත් ඒ වගේ කවිවලට ගොඩක් කැමති.

      Delete
  3. ඔයා හරි දුමී.,මූලිකවම අපි ගම්බදයි.සමාජෙ කට්ට කාපු ගොඩේ විදියට ගත්ත අත්දැකීම් එක්ක යන ගමනක් සමාජ ස0වර්ධන ආයතනයක් සමග සම්බන්ද නම් නෑ.මන් එදා සිටම දහම්පාසල .ගම එක්ක හිටිය.පස්සෙ සමාජ සේවයට බැස්ස.හැබැයි ඔක්කොම ස්වෙච්ඡාවෙන් කරන්නේ.
    මේ ලියවිල්ල සම්බන්ද උනෙ වසර දෙකකට උඩදි.අත්දැකීමනම් බහුලයි.නමුත් අන්ත්‍රජාල ඔඅහසුකම් ලැබුනෙ ලගදි.
    මේ වෙනකොට සමාජයට කරපු දේවල් ගැන හිතුවොත් සහ එයින් වෙච්ච් අලාභ එමටයි.
    ධැන් ටිකක් විතර වෙන්වෙල පවුල් බර අදිනව.

    ReplyDelete
    Replies
    1. අදුරගන්න ලැබීමත් සතුටුක් දුශාන්.
      0777 940 772 නිවාඩු වෙලාවක අපි කතා කරමු.

      ජයවේවා!!!


      Delete
    2. හිතවත් දුමින්ද.ඔබගේ ප්‍රශ්නය හමුවේ මා ගොලු උනා.ඔයාගෙ නොම්මරය දුන්නට ගොඩක් ස්තුතියි.මන් ටික් කලකට විදේස ගත උනා.diuty leave සමගින්.ආර්ථික අපහසුතා නිසා.ලබන වසරේ ලංකාවට නැවත එනව.මන් යුරොප් ඉන්නෙ.කෝල් එකක් දෙන්නම් ඔයාට
      අදුර ගන්න ලැබීම ගොඩක් සතුටුයි.මන් මෙහෙ ආවෙ ජුනි.නමුත් ලංකාවෙ විදියට තමා ජීවත් වෙන්නෙ.ඉරිදට මන් කතා කරන්නම්.අහිතක් සොයුර....දුෂාන්

      Delete