Tuesday, December 6, 2016

සැගව ගිය හිමි රුව










අත්වැල බිදුණු පසු දිවියේ
වියලි පත් තටු අගින් මුදවා
සිදී ගිය දා ගත රැදුණු දිරි
කෙලෙස තනිවම සිටින්නේ

රන් හුයෙන් බැදි සිනිදු කෝමළ
සුරටහ ගොර හැඩි වෙලා අද
සිහි කරමි තුන යම අතීතය
කළ පින් මතක් කර දෙලොවට

කිරි සිදුණා ලැම පිදුව රතු ලේ
උරා බී දරු කැළ සැනසෙනු දැක බලා
සැගව ගිය හිමි රුව දෙනෙත් අසළ
ඇදුණේද උණු කදුළු අද  බොද වෙලා




1 comment:

  1. සඳ හිමි බැස ගියත් දුර ජීවන ගමනේ
    විඳ ගත නොහැකි දුක නුඹටත් දැනෙනවනේ
    සිඳ බව බැම්ම පන්සිල් රැකගෙන සිතිනේ
    අද දිවි ගෙවනු සිත සැනසෙයි නුදුරු දිනේ.....

    ජයවේවා!!!

    ReplyDelete