Tuesday, December 27, 2016

අරුමැති සාදයක්









එගොඩ වත්තෙ බංගලාවෙ
ලොකු හාමුගෙ
උපන් දිනේ සාදෙ අදලු
වත්ත වටේට ම දල්වා
පාට පාට විදුලි බුබුළු
බලන් නඟේ
නුඹ කවදාවත් දැක නැති
මේ විසිතුරු
ලොකු කුඩ සිටුවා තැන තැන
මේස රවුමෙ පුටු තියාන
ගනිමින් මධුවිත ටික ටික
දුම් දමනා රසමසවුළු
බලපන් බුදිනා අරුමය
නාභිය පෙන්වා ඇදගෙන
ඇඟට හිරට කොටට ඩෙනිම්
තවරා වත්සුනු සියොලඟ
පැද්දෙන පෙරළෙන කාලේ
රැඟුම් රඟදෙන අරුමය...
සඳත් බැස යනව හිමිහිට
කාලය ගිය හැටි නොදැනි ව
අන්දර වැට මුල්ලෙ ඉඳන්
බැලුවා ඇති ඔය විගඩම්
උදෙන් පිසූ
බත් ඩිඟිත්ත
පිළුනු ගැහෙන්නට කලියෙන්
කන්නට විගැහින් අපි යමු
නඟේ අපේ
පැල් කොටේට...








1 comment:

  1. තාමත් ඔය වගේ දේවල් නැත්තෙම නෑ දුශාන් අයියේ. කවි පෙල අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete