Wednesday, January 6, 2016

මෙරට සංගීත ක්ෂේත‍්‍රය රැප්කාරයන්, හිපියන්, සූකිරි බටිල්ලන්, මොඩ් ගොවියන් මැද අරාජික වී තිබෙ

.



ප මේ ගත කරනුයේ ඇතැම් මාධ්‍යවල ඔසවා තැබීමෙන් එක් දිනකදී ‘සුපිරි තරු’ බවට පත් වන්නන් ඊළඟ දිනයේදී කොහේදැයි සොයා ගත නොහැකි සමයකි. අනෙක් අතට අද තරු නොවන්නේ කවුරුන්දැයි සොයා ගැනීම කළුනික සෙවීමක් වී තිබෙන්නේ පඳුරකට ගැසූ කල්හි තරු රොත්ත ගණනින් වැටෙන තරු පෙනෙන්නට තිබෙන බැවිනි.
මෙරට සංගීත ක්ෂේත‍්‍රය රැප්කාරයන්, හිපියන්, සූකිරි බටිල්ලන්, මොඩ් ගොවියන් මැද අරාජික වී තිබෙ
පහත තිබෙන්නෙ ආචාර්‍ය පණ්ඩිත් අමරදේවයන් විසින් 1966 ගායනා කළ ඉතාම රසවත් අරථවත් ගීතයකි.

වර්ථමානයේ එක් එක් අය විසින් මෙවන් අදිවිතීය කළා කරුවන්ගේ ගීත අනුකරණය තුළින් සිදුවන විනාශ ඉතාම අසාධාරණයකි.

මෙන්න ගීතය


video




පෙම්වතකු විරහ වේදනාවට තබා ගැහැණියක් විළිරුජාව ට හෝ නොතබන විලාප, කලාප වශයෙන් සංයුක්ත තැටිවල කොටා අපට බෙදන බෙලහීන, නපුංශක අහවලුන් අඩුම තරමින් මේ ගී පදවැල් නිකමට හෝ කියවාබැලිය යුතුයි. එසේ කියවා තේරුම්ගෙන හෝ දන්නා අන්‍යයකු ලවා තේරුම්කරවාගෙන හෝ   "නිර්මාණකරණය" නම් වන ඉච්ඡාබසට මුවාවී අපගේ පරම අභිමානය වන උදාර මව්බස අපයෝජනය කිරීම වහාම නවතාදැමිය යුතුයි. ගේයපද නිමැවුමකදී ගතෙහි දී මෙන් දෘඪ රීතින් අකුරට රැකීමට අපහසුවන්නට බැරිනැත. නිර්මාණශීලිබව ද බහුශ්‍රැතබව ද අවැසිවන්නේ එතැනදී ය. උපමාවක් යෙදීමට මුලින් ඒ උපමාව දැනසිටිය යුතුය. එවිට "සෙව්වන්දි නිල්ජලාශේ විලේ හංසයාටයි" වැනි කුණුහරුප ලියන්නට සිදුවන්නේ නැත. හඩු බසින්ම ඇසුවොත්, සුස්තරේ දන්නවානම් තනි ඇහැට ඇඬෙන්න දෙන්නට බැරිද? සිතේ හටගත් විරහව ගඟක් නොව සාගරයක් උතුරන්නට ඇසට කඳුළු නැඟු අයුරු ද වේදනාවෙන් දෑස් පියවුණේ කෙසේදැයි යනුද ගුණසිංහ සුරින් ලියාඇති අන්දම දකින ඔබ අන්ද-මන්ද නොවන්නේද? 
"සිතෙහි නැඟී පෙම් රළ පෙළ වෙරළ වැළඳ නිල් දෑසක කඳුළුවලට පෙරලුනා, දෑස අඳුර කැටිවුණා."
මේවා මහප්‍රාණ වැඩි කියා සිතෙයි නම් ඊට ද අපේ මව්බස පිළිතුරු සපයා ඇති අයුරු මෙන්න,
"වඳිමු සුගත සෑසි පියා, සුදු අරලිය මලිනි පුදා, සසරදුකින් එතෙරවන්න, පතමු නිවන් සැපත සැමා."
මහප්‍රාණ නැත. අපබ්‍රංශ නැත. කුණුහරුප ද නැත. සරළ සුගම සුන්දර සිංහල!

..
ගීත රූපවාහිනී වැඩසටහන් සඳහා රූපයට නැඟීමේදී රූප රචනාවල අද අපට බොහෝ විට දකින්න ලැබෙන්නේ විසූක දස්සන, විච්චූර්ණ දේවල්. ගීතයට එම රූප රාමු කොතරම් අදාළ ද කියලා සමහර අවස්ථාවල මට හිතාගන්න බැහැ.”
අද ගීත නොගයන කෙනෙක් හොයාගන්න බැහැ. ගායනයෙහි ප‍්‍රතිභාව ඇති තරුණ පරපුරක් අපට සිටියත් ඔවුන් පවා නොමඟ යවනසුලු ගායන තරග, රැලි, ජනප‍්‍රිය සංස්කෘතික ප‍්‍රවණතා වත්මන් මාධ්‍ය යාන්ත‍්‍රණයෙහි දකින්න ලැබෙනවා. ව්‍යාජ හීන ලෝකවල තරු ලෙස පුම්බා අතරමං කරන තාරුණ්‍යය ඉන් මුදවා යහ මඟට ප‍්‍රවේශ කිරීමටත් සුභාවිත සංගීත කලාවේ ප‍්‍රමිතිය රැක ගැනීමටත් රාජ්‍ය මට්ටමේ වැඩපිළිවෙළක් අවශ්‍ය යැයි ඔබට සිතෙන්නේ නැද්ද?

“ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නත් මෙහිදී බලපානවා. ඕනෑම කෙනෙකුට ගීත ගයන්න ඉඩ තිබිය යුතු යැයි පොදු මතයක් අද අපේ රටේ ඇතිවී තියෙනවා. එදා ගුවන් විදුලිය පමණක් පැවැති යුගයේ ගීතයේ ප‍්‍රමිතිය රැකුණා.
සංගීත පරීක්ෂණවලින් ශිල්පීන් වර්ගීකරණය කොට ඔවුන්ට සරල ගී වැඩසටහන් ලබා දුන්නා. අද ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකා වැඩියි. නමුත් ගීතයක ප‍්‍රමිතිය ගැන ඔවුන්ගේ කිසිදු සැලකිල්ලක් නැහැ.
මේ නිසා සෑම මාධ්‍ය නාළිකාවක් ම අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක්, නීති රීති මාලාවක් සකස් කිරීම ඉතා වැදගත්. එතැනදී ගීතයක ප‍්‍රමිතිය රැක ගැනීමට ඉවහල් වන වගන්ති ද ඇතුළත් විය යුතුයි. නිර්මාණකරුවන්ට කර්තෘභාගය ගෙවීම නීති ගත කරන්න අපි බොහෝ වාරයක් සාකච්ඡා කළා. එය ලබන මාසයේ සිට කි‍්‍රයාත්මක වීමට සකස් කර තිබෙනවා.
විද්‍යුත් මාධ්‍ය මුළු දවසෙම යැපෙන්නෙ මේ ගීතවලින්. නමුත් කර්තෘ භාගය නොගෙවා මඟ හරින්න බොහෝ මාධ්‍ය ආයතන උත්සාහ කරනවා. එදා ගුවන් විදුලියේ රිජ්වේ තිලකරත්න මහතාගේ යුගයේත් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ඩී.බී. නිහාල්සිංහ මහතාගේ යුගයේත් උසස් ප‍්‍රමිතියක් ඇති වුණේ ඔවුන් අනුගමනය කළ නිවැරදි ප‍්‍රතිපත්ති නිසා.
 පෞද්ගලික නාළිකාවලට රජයෙන් බලපත‍්‍ර ලබාදෙන විට ඔවුන් අනුගත විය යුතු නිශ්චිත ආචාර ධර්ම පද්ධතියකට යටත්ව එය සිදු කළා නම් අද මෙරට සංගීත කලාවට බලපාන හානිකර තත්ත්වයන් බොහොමයක් වළක්වා ගන්න ඉඩ තිබුණා.

එතෙක් ප‍්‍රමිතිය රැකගෙන තිබුණු රජයේ නාළිකා පවා තරගකාරීත්වය නිසා අද පෞද්ගලික නාළිකාවල ඇතැම් දේ අනුකරණය කිරීමට යෑම කනගාටුවට කරුණක්. ඒ නිසා සංගීතය ප‍්‍රමුඛ සියලු කලාවන් හි අනාගත සුරක්ෂිත භාවය සඳහා එවැනි ප‍්‍රමිතිය රැකෙන නිශ්චිත වැඩපිළිවෙළකට යෑම අවශ්‍යයි.
හොඳ ගීත කොතරම් බිහි වුණත්, ඒවා මාධ්‍ය මඟින් නිසි ලෙස ප‍්‍රචාරය වෙන්නේ නැහැ. පසුගිය කාලයේ සෝමතිලක ජයමහගේ හොඳ ගීත රැසක් බිහි වුණා. ඔහු ගී ගයන්නේ ඉඳහිට.
එසේම ගීත නිර්මාණයට ඔහු විශාල වෙහෙසක් දරනවා. නමුත් මේ එකදු ගීයක්වත් මට නම් කිසිම නාළිකාවකින් ඇසුණේ නැහැ. මෙවැනි දේ සිදුවන විට මේ රටේ මාධ්‍ය ගැන මට විශාල කලකිරීමක් ඇති වෙනවා. ඒවායේ නිතර අසන්න දකින්න තියෙන්නේ බාල, නිසරු අවර ගණයේ ඝෝෂාකාරී ගීත.”
වත්මන් තරුණ පරපුර බටහිර රැල්ලත් සමග පියබා යන හැටි දැක්කම මා දකින්නෙ රැල්ල වෙරළට ආදරය කලත් රැල්ල වෙරල කලකදි විනාශ කරනව වගේ ගසාගෙන යන ආකාරයකි,කිසිදු හැගීමක් නැති අසන්නාද දන්නේ නැති හිස් කිරිපනු ස0ගීතය ඔවුන් අසති.
පහු ගිය දිනක පිට රටින් ආ එන් රික් බලන්න ගොස් රටම විලිලැජ්ජා කල තරුණියන් වැනි මනස හිස් අයගෙන් අපිට සිතා ගත හැකිවන්නෙ අනේ කාල් වනේ වාසේ වගේ දෙයකි
අවබෝධය හා අගයක් නැති අපේ රටේ කළාව විහිලුවක් සේ ගනන් නොගෙන ඉතාම ආශාවෙන රස විදින්නේ නම් අපේ කළාව කොතරම් සුන්දරද,නිහඩද,මනස්ට කොතරම් සහනයක්ද යන්න මොනවට පැහැදිලි වේ