Tuesday, June 13, 2017

ඔන්න කඩනවනම් පොල්.පෝසත් වෙන්න මාර්ගයක්




සමාජයෙන් කොන්කර තිබූ පොල්කැඩීමේ රැකියාව අද හොදම හා වැඩිම ආදායම් ලබන රැකියාව වෙලා.එහි නිරතවූවන් පැය 04 ක කාලයක්තුල උපයන මුදල රුපියල් 2000/.ඉක්මවති.අනතුරුදායක බවනම් සත්‍යයක්ලු
වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශය තුල වෙසෙන ජනතාවගෙන් වැඩිදෙනා සමාජයේ ඇති පහත්ම රැකියාව පොල් කැඩීමේ රැකියාව ලෙස නම්කළ වකවානුව දැන් නිමාවට පත්ව ඇති අතර අද එම රැකියාව සමාජයේ ඉහළම රැකියාවක් බවට පත්ව ඇති බවත් තමන් පැය 04 ක කාලයක් තුල එනම් වරුවකදී පොල්ගස් 20 කට ගොඩවී ලබාගන්නා මුදල රුපියල් 2000/.කට වැඩි බවත් එම පිරිස් පෙන්වා දෙති.
පොල් කැඩීමේ රැකියාවට එදා යොමුව තිබූ පිරිස් කෙකිවලින් එම කටයුතු සිදුකළද අද එම කටයුතු සිදු නොවේ.ඒ සදහා වැඩිම පිරිසක් යොමුවී තිබුනේ ඉන්දියාවේ සිට දිවයිනට පැමිණ සිටි ද්‍රවිඩ ජාතිකයන්ය.ඔවුන් එම කටයුතු ඉතාමත්ම කාර්යක්ෂම කළ අතර පොල් කැඩීමට අයකලේද ඉතාම සුලු මුදලකි.
අදවනවිට එම පිරිස් නැති අතර කෙකිවලින් පොල් කැඩීම ද්‍රවිඩයින් හා සමානව සිදුකිරීමට අපේ අයට නොහැකිවූයේ එම ප්‍රායෝගික දැනුම උපයෝගිකර ගත නොහැකිවීමත් එම කෙකි නිසි ලෙස පිළියෙල කර ගැන්මට අපේ අයට හැකියාවක් නොමැතිකමත් හේතුවෙනි.පොල් වගාකිරීමේ මණ්ඩලය පවා පොල්කැඩීමට නානා උපකරණ භාවිතා කළත් සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිවූ අතර කෙකිවලින් පොල් කැඩීම පුහුණු කලද එයද අඩාලවී ගියේ එම කෙකි සොයා ගැනීමේ දුෂ්කරතා සහ ඒවා පදම් කර ගැන්මට හැකියාවක් නොමැතිකම හේතුවෙනි.
කෙකිවලින් පොල් කැඩීම වෙනුවට වෙන්නප්පුව ආසනයට අයත් කිරිමැටියාන ලුණුවිල හා අවට පිරිස් ගස්නැග පොල් කැඩීමට හුරුපුරුදුවූ අතර අද ඔවුනට උණු කැවුම් ලෙස ඉල්ලුමක් තිබේ.එක ගසකට ඔවුන් රුපියල් 50.60 ත් අතර මුදලක් අයකලද ඒ මුදලටවත් පොල් කඩාගන්නට ඔවුන් සොයාගැන්ම දුෂ්කරය.ඔවුන් සාමාන්‍යයෙන් උදය වරුවේ පමණක් එම කටයුතු සිදුකර සවස විශ්‍රාමසුවයෙන් පසුවන අතර උදයවරුවේ ගස් 40 කට පමණ ගොඩවී රුපියල් 2000/. ක මුදලක් සොයා ගනිති.
ගස්නැග පොල්කැඩීමේදී ඉඩම්හිමියාට විශාල මුදලක් වැයවන නමුත් පොල්ගසේ වියළි අතු කඩා ගස පිරිසිදු කිරීම හා නියමිත පොල්ගෙඩිය පහසුවෙන් තෝරාබේරා කැඩීමට ඇති හැකියාව නිසා ගස්වල පලදාව ඉහලයන නමුත් කෙකිවලින් කැඩීමේදී ඔවුන් අයකරන ගාස්තුව අඩුවුවද ගසට ලැබෙන ඉහත සාත්තු කිසිවක් නොලැබෙනු ඇත.
කෙසේ වෙතත් ඔවුනට ඇති විශාල ඉල්ලුමත් ඔවුන්ගෙන් වන උපරිම සේවාවත් හා රැකියා විරහිතවසිටින තරුණ පිරිස්වල ප්‍රමාණය ඉහළ යමින් ඇති නිසා රජය මැදිහත්ව මෙම රැකියාව ගැන ජනතාව දැනුවත් කර පුහුණුවක් ලබාදී මෙය පහත් රැකියාවක් යයි සමාජය තුල ඇති වැරදි මතයට තිත තැබීම අගනා පියවරක් බවද ජනතාව පෙන්වා දෙති.
සටහන සහ ඡායාරූපය
වෙන්නප්පුව විශේෂ සුනිල් ප්‍රනාන්දුපුල්ලේ

4 comments:

  1. නරක නෑ වැඩේට බැස්සොත්....:)
    ගොඩක් කාලෙකින් පස්සෙ නේද අයියේ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අම්මෝ එයාලව දැං අල්ලන්ඩ බැ

    ReplyDelete
  3. මඟුලක් කතා කරනව රුපියල් 50 ට 60 ට පොල් කඩපු කාලය ඉවරයි
    මෙහෙ (රුවන්වැල්ල ) ගහකට 100
    නැත්තං ගෙඩ් දෙකයි
    ගෙඩි දෙකක් දෙනවට වඩා ලාබයි 100 දෙන එක
    පයිලට් ල වත් උං තරං ගණං උස්සන්නෑ

    ReplyDelete
  4. හෆොයි පොල් කඩන්නෝ ගිය උඩ.....ඔව් බන් තව ඉස්සරහට මන් හිතන්නෙ දකුණු ආසියාවෙන් ශ්‍රමිකයන් ගෙන්නන්න වෙයි වගේ

    ReplyDelete