හිරිකඩ පොදැලි නළ රැළි සුව සිසිල ගෙන
දිරි බල වඩද්දි’ මිහිලිය දෙසට පැන
කිරිවැද පලබරින් තුරුලිය පුබුදුවන
සිරිබර “වස්සමයෙ” දිනු පින බලනු මැන
දින දින බෝධි පූජා පන්සලෙහි ගමේ
බණ පිරිතෙහි බෙළෙන් හද දොස අඳුර නිමේ
පින මහිමය “කටිනයෙහි” ‘වස්’ එළඹි සමේ
ගෙන දී සසර කෙළවර මොක් සුවඳ හැමේ
සීතල සුළං රැල් පැන එන අරුණෝදේ
හේවිසි, දවුල්, හොරණෑ, රාවය වීදේ
සාමෙන් පිබිද හැර දා සැම මත බේදේ
චීවර වඩම්මන පෙර හැරටම ඈඳේ
මොක් සුව දෙන “කඨින” දා ගම හතර දෙසින්
එක්වෙති සහය දී සැම, පන්සලට ගොසින්
නික්මී සක්දෙවින් බණ දම් අසනු රිසින්
සක්මන් කරයි පැන බොදු උවසුවකු වෙසින්