දානයක් සත්පුරුෂ දානයක් වීමට
නම්...............
මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ ඒ භාග්‍යවත් වු අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර දී මේ උතුම් වූ දහම් පෙළ දේශනා කළහ. ඒ මෙසේය. “මහණෙනි, සත්පුරුෂ දාන පහකි. ඒ කුමක්ද? “සද්ධාය දානං දේති” ශ්‍රද්ධාවෙන් දන් දෙයි. ශ්‍රද්ධාව නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ම ඇති කර ගන්නා වූ ප්‍රසාද ලක්ෂණ ගුණයයි. අවබෝධයෙන් ම ශ්රද්ධාවට පත්වීම නම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම අරමුණු කරගෙන, නව අරහාදී බුදුගුණ තේරුම් ගැනීමයි. එමෙන්ම එම බුදු ගුණයන් වෙතට සමීප වීමයි. එම බුදුගුණයන් තේරුම් ගෙන අවබෝධයට පැමිණෙන විට, සිත ඇලීමෙන් සහ ගැටීමෙන් මිදෙන්නට පටන් ගනියි. එවැනි සිතකට ඉතාම පහසුවෙන් දීම පුරුදු කළ හැකිය. “පයතපානී” “වොස්සග්ගරතො”” යනුවෙන් සඳහන් කළේ එයයි. එනම් දෙන්නට සෝදා ගත් අත් දෙකෙන් සහ දීමට නැමුණු අත් දෙකක් යනුවෙනි. දානයකදී සකස් විය යුතු අවස්ථා තුනම මානසික වශයෙන් මෙහිදී සකස් වෙයි. එනම් පූර්ව ෙච්තනා (දානයට පෙරාතුව, අලෝභ, අදොaස, අමෝහ නම් වූ කුසල ෙච්තනා පැවතීම ( පුඤ්චන ෙච්තනා (දානය සිදුකරන අවස්ථාවේදී ද. අලෝභ, අදොaස, අමෝහ කුසල ෙච්තනා පැවතීම) සහ අපර ෙච්තනායි (දානයෙන් පසුවද අලෝභ, අදොaස, අමෝහ නම් වූ කුල ෙච්තනා පවත්වා ගැනීමයි.)
මෙයට තවත් දහම් කොටසක් එකතු කර ගත හැකිය. එනම් “සෝමනස්ස සහගත ඥාණසම්පයුක්ත අසංඛාරික සිත් පෙළක් පැවතිය යුතු බවය. එහි අදහස මෙසේයි. දානමය ක්‍රියාව කෙරේ ප්‍රසාදයෙන් ද, කර්මය හා එහි ඵලය පිළිබඳ අවබෝධයෙන් ද අනුන්ගේ මෙහෙයවීමකින් තොරව තමාගේම සිතේ මෙහෙයවීමෙන් ම සිත හා සිතුවිලි සකස් වීමයි.
දෙවනුව සඳහන් කරන්නේ “සක්කච්චං දානං දේති” “සකසා දන් දෙයි” යනුවෙනි. මෙහිදී දාන සංවිභාගරතෝ” යනුවෙන් සඳහන් කළ පරිදි, මනා කොට, පරීක්ෂාකාරීව ද සංවිධානයෙන් ද. විමසා බලා ද දන දෙන්නේය. “කාලේන දානං දේති” යනුවෙන් සඳහන් කරන්නේ සුදුසු කාලයෙහිම දන් දිය යුතු බවය. දන් දීමේදී පූජා බුද්ධියෙන් සහ අනුග්‍රහ හෙවත් අනුකම්පා බුද්ධියෙන් ද යුතුව එය කළ හැකිය. එනම් බුද්ධාදී උතුමන් වෙනුවෙන් සිදු කරන දානය නම් උතුම් ගුණයන් සලකාගෙන කරන පූජාවකි. එය පූජා බුද්ධියෙනි. නැති බැරි අයෙකුට හෝ යමක් ඉල්ලාගෙන පැමිණි කෙනෙකුට හෝ ඥාති හිතමිත්‍ර අයෙකුට යමක් දෙන්නේ නම් එය අනුකම්පාවක් ලෙස ය. මෙම කුමන හෝ ආකාරයකින් නිසි කල දානය හෙවත් දීම සිදු කළ හැකිය.මීළඟට සඳහන් කරන්නේ “අනග්ගහිත චිත්තෝ දානං දේති” යනුවෙනි. එනම් දෙන දෙයෙහි සිතේ බැඳීමක් නැතිවම දන් දෙන බව ය. “මුත්තචාග” යනුවෙන් සඳහන් කරන්නේ ද මෙයයි. මෙහිදී පරමාර්ථ ධර්ම කථාවෙහි සඳහන් කරන
“පටිනිස්සග්ග” නම් වූ එනම් අත්හැරීම ඉලක්ක කිරීමක් අදහස් කෙරේ. ආධ්‍යාත්මික (අජ්ජධත්ත) හෝ බාහිර (බහිද්ධා) නම් වූ කවර දෙයක් වුවද තණ්හා මදමාන දෘෂ්ඨීන්ගෙන් බැහැරව දීම හෙවත් අත්හැරීම ම මින් අදහස් කෙරේ. මෙම දාන කතාවෙහි අවසන් වශයෙන් සඳහන් කරන්නේ “අත්තානංච පරංච අනුපහච්ච දානං දේති” යනුවෙනි. එනම් තමාගේද, අන්‍යයන්ගේ ද ශීලයෙන් ආරම්භ වෙන්නා වූ ගුණයන් නැති නොකොට ගෙනම දන්දිය යුතු බවයි. මෙහිදී පස් පව්, දස අකුසල් වලින් බැහැරව ම දානය කළ හැකි වන්නේ නම්, කිසි විටෙකවත් තමාගේ ගුණයකට හෝ අන් අයට හෝ හානියක් විපතක් නොවන්නේ ය. මෙහිදී ගලපා ගත යුතු දහම් පෙළ මෙසේ ය. “උට්ඨාන විරියාදිගතේහි භෝගේහි බාහාබල පරිචිතේහි සේදා වක්ඛත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි” යන්නයි. එනම් භෝග හෙවත් ධනය සපයා ගත යුත්තේ උට්ඨාන වීර්යෙන්ද, දැතේ බාහු බලයෙන්ද, දහදිය වැගිරීමෙන්ද, ධර්මානුකූලව ම බවය. එසේ උපයා ගත් යමකින් දෙන දානය උත්කෘෂ්ඨ දානයක් වීමට මූලික පසුබිම සකස් කරයි.
මෙසේ අවබෝධයෙන් යුතුවම දන්දීම නිසා ලැබෙන විපාකයෝ කවරේද යත්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.
“මහණෙනි, සැදැහයෙන් දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු වූයේ දැකුම්කලු වූයේ, ප්‍රසාද එළවන සුළු වූයේ මනා වූ ප්‍රසන්න ද වෙයි.”
“මහණෙනි සකස් දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහාධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. දරුවෝ ද ස්වාමි භාර්යාවෝ ද, දාසයෝ ද, කම්කරුවෝ ද, පිරිවර ද කීකරු වෙති. කන් යොමු කරති. දැනුම සඳහා සිත් පිහිටුවති.
“මහණෙනි, නිසි කල්හි දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග වූයේ ආඪ්‍ය ද වෙයි. සුදුසු කල ඔහුගේ හෝ ඇයගේ යහපත සඵල වෙයි.
“මහණෙනි, දෙන දෙයෙහි නොබැඳුණු සිත් ඇතිව දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇති වූයේ, මහා භෝග වූයේ, ආඪ්‍ය ද වෙයි. උදාර වූ පස්කම් ගුණයෙන් යුතු භෝග පරිහරණයට සිත නැමෙයි.
“මහණෙනි, තමා හා අන් අයට පීඩා නොකොට දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇති වූයේ මහා භෝග ද වූයේ ආඪ්‍ය ද වෙයි. ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ තමාට අප්‍රිය අයගෙන් හෝ කිසිවකුගෙන් හෝ ඔහුට හෝ ඇයට භෝගයන්ට කරදරයක්, විපතක් හානියක් නොවෙයි.
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම දහම් පෙළ සත්පුරුෂයකුගේ දන්දීමේ පිළිවෙතයි. එසේ අවබෝධයෙන් ම යුතුව සිදු කරන ලද දානයේ විපාක. ප්‍රාර්ථනා කළත් නොකළත් එම සත්පුරුෂයාට ලැබෙයි. සම්මා සම්බුද්ධත්වය, පච්ෙච්ක බෝධිය, අරහත්වය. අධිෂ්ඨාන කරන කවර බෝධිසත්වයෙක් වුවද, පාරමී ගුණ අතර දානය ප්‍රමුඛත්වයෙන්ම පුරුදු කරයි. නිවන් මගෙහි පරම අධිෂ්ඨානය වන තෘෂ්ණාව නැති කිරීම මූලික වශයෙන් සැකසී ඇත්තේ ද දානය ප්‍රධාන කොටගෙන ය. දාන චිත්තයෙන් මෙහෙයවන කුසල් මග “අත්හැරීමට” එනම් අස්මි මානය ඉවත් කොට සසරබැමි බිඳ දැමීමට මාර්ගය සකසා දෙයි. මෙම ධාතු ස්කන්ධ, ආයතනයන්ගෙන් සැදුම්ලත් ශරීර පුඤ්ජය, අනිත්‍ය වශයෙන්ද. දුක් වශයෙන් ද අනාත්ම වශයෙන් ද දැක ගනියි “නේතං මම, නේසෝ, හමස්මි, නමේෂො අතීතා)
සකසා දෙන්න, ගෞරවයෙන් දෙන්න, සියතින්ම දෙන්න, හැකි හැම වෙලාවකම හැකි අයුරින්ම දෙන්න. ආත්ම දෘෂ්ඨිය බැහැර කොට. දෙන දෙය සිතින් අල්ලා නොගෙන, ධර්මාවබෝධය ඇතිවම දෙන්න. මගඵල සහ නිවන ඒ මගට අරමුණු වනු ඇත.
No comments:
Post a Comment