Monday, August 3, 2020

වසර 125 ක් සපිරෙන දහම් පාසල් ඉතිහාසය


සමස්‌ත ලංකා දහම් පාසල් දිනය වශයෙන් අගෝස්‌තු 03 වැනි දින සම්මත කරගන්නා ලද්දේ 1895 අගෝස්‌තු 03 වැනිදා ගාල්ලේ විජයානන්ද දහම් පාසලේ ආරම්භ දිනය වශයෙන් සලකාය.

ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්aකොට්‌තුමන් සහ රුසියානු ජාතික හෙලේනා පැට්‌ට්‍රොව්නා බ්ලැවැස්‌කි මැතිනියත් යන පරම විඥනාර්ථවාදී පුරෝගාමීන් දෙදෙනා 1880 මැයි 17 වැනි දින ගාලු වරායෙන් දිවයිනට පැමිණ මැයි 19 වැනි දින ගාල්aලේ විජයානන්ද විහාරස්‌ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අක්‌මීමන ධර්මාරාම හිමියන් වෙතින් තිසරණ සහිත පන්සිල් සමාදන්ව බෞද්ධයන් වූහ.

ඕල්කොට්‌තුමාගේ පුරෝගාමිත්වයෙන් මෙරට ඇති වූ බෞද්ධ අධ්‍යාපනයේ එක්‌ ප්‍රමුඛ අංශයක්‌ වූයේ ඉරු දින දහම් පාසල් සේවාවයි.

1980 කොළඹ පරමවිඥනාර්ථ බෞද්ධ සංගමය පළ කළ සියවස්‌ සැමරුමේ සඳහන් වන්නේ 1881 පෙබරවාරි 13 වැනිදා මැලිබන් වීදියේ නො. 54 දරන නිවසේ පළමු දහම් පාසල ආරම්භ කළ බවකි. එහෙත් ගුරුවරුන්ගේ හිඟය නිසා මෙය වැඩිකල් පවත්වාගත නොහැකි විය.

1884 සී. ඩබ්ලිව්. ලෙඩ්පීටර් මහතා හා සී. දොන් බස්‌තියන් යන දෙදෙනා එක්‌ ඉරිදා දහම් පාසල් ව්‍යාපාරය කරගෙන ගියද එයද අඛණ්‌ඩව කරගත නොහැකි විය.

1978 දී කොළඹ ආනන්ද විද්‍යාලය මගින් පළ කළ 'ආනන්ද' නම් කලාපයේ සඳහන් වන්නේ '1886 නොවැම්බර් 01 දා මැලිබන් වීදියේ නො. 61 දරන ස්‌ථානයේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ආරම්භ කළ බවයි. අද එය ආනන්දයයි. සී. ඩබ්ලිව්. ලෙඩ් පීටර් මහතා ප්‍රථම විදුහල්පති විය. ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 37 කි. මෙහි ගුරුවරුන්ට බුද්ධ ධර්මය ඉගැන්වීය." දක්‌වන ලද සියල්ලම අද පවත්නා ඉරු දින දහම් පාසල් සේවාව වැන්නක්‌ නොවේ.

1991 දී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පළ කළ ආචාර්ය ආනන්ද ගුරුගේ මහතාගේ සංස්‌කාරකත්වයෙන් පළ කළ "ධර්මපාල ප්‍රතිරාවය" 356 පිටුවේ මෙසේ සඳහන් වේ.

"මම සෙන්පතිතුමාගේ රියෙන් බටහිර පළාතේ ගමින් ගමට යමින් අධ්‍යාපන ව්‍යාපාරය ජනප්‍රිය කරවීම සඳහා දේශනා පැවැත්වීමි. මේ වන විට ලෙඩ් පීටර් මහතා සිය ඉරුදින පාසල් කොළඹ අරඹා තිබිණි.

මෙහි එන ධර්මපාල තුමාගේ කියමනේ ද පැහැදිලි වන්නේ දහම් පාසල් සේවාවේ ආරම්භය නොව ආනන්ද විHdලයේ ආරම්භය ගැනයි.

1893 ජුනි මස 8 වැනි දින "ලක්‌මිණි පහන" පුවත්පතේ පුවත් සිරස්‌තලය සඳහන් වූයේ බුද්ධාගම ඉගැන්වීම ගැනය. "කුඩා දරුවන්ට ඉරිදා දිනවල බුද්ධාගම ඉගැන්වීම පිණිස කොළඹ හැරිසන් මහතා උස්‌තැන්නේ නිවසේම පිහිටුවන ලද පාඨශාලාව මේ 9 ඉරිදා පිහිටුවන අපරභාගයේ පවත්වනු ලැබේ. මේ සඳහා අවස්‌ථාව හික්‌කඩුවේ නායක හිමියන් ඇතුළු ගිහි පැවිදි පිරිසක්‌ සහභාගි වන බවයි."

දැනට වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ විධිමත් මුල්ම ඉරුදින දහම් පාසල වන්නේ 1895 අගෝස්‌තු 03 දා ඇරඹි විජයානන්ද දහම් පාසල බව තහවුරු වේ.

දහම් පාසල් සේවාවද ඕල්කට්‌තුමා ඇතුළු පිරිස මෙරටට ඇති කළ බෞද්ධ පුනර්ජීවනයේම එක්‌ අංගයකි. මෙකල පළ වූ "ලක්‌මිණි පහන", "සරසවි සඳරැස්‌" ආදී පුවත්පත් පරීක්‍ෂා කරන විට ඕල්කොට්‌තුමා, ධර්මපාල ආදීන් නොයෙකුත් තාඩන පීඩන මැද ගෙන ගිය අරගලය මනාව පැහැදිලි වේ.

ඕල්කොට්‌තුමාගේ දිනපොතේ 143 පිටුවේ මෙවැනි සඳහනක්‌ ඇත.

"මගේ සිතට වැදගත් අදහසක්‌ පහළ විය. බෞද්ධ ළමයින් ඔවුන්ගේ හැම විහාරස්‌ථානයකම විශේෂ දිනවල බෞද්ධාගම උගත යුතුය. ක්‍රිස්‌තියානිවරු තම දරුවන්ට පල්ලියේ තම ආගම උගන්වන සේ බෞද්ධයන් එසේ නොකරන්නේ මන්ද?

ඉරු දින දහම් පාසල් ඇතිකිරීමේ චින්තන පදනම ඕල්කොට්‌තුමාගේ චින්තනයේ හරය වූ බව පෙනේ. ගාල්ලේ විජයානන්ද දහම් පාසල 1895 අගෝස්‌තු 03 වැනි දින ඇරඹි නමුත් එය අඛණ්‌ඩව පවත්වාගෙන යැම සඳහා "විජයානන්ද සභාව" නමින් සභාවක්‌ ඇතිකරන ලදී.

1889 ඇරඹි විජයානන්ද දහම් පාසල විහාරාධිපති පයාගල සිරිසුමනතිස්‌ස හිමියන්ගේ අභාවයත් දහම් පාසල ඇරඹූ ඩී. කේ. සුබසිංහ මහතා කොළඹට මාරු කිරීමත් නිසා දහම් පාසල නවතා දමන ලදී.

පසුව 1895 අගෝස්‌තු 03 වැනි දින විහාරාධිපති පූජ්‍ය ඇගුලපොල ජිනරතන ස්‌වාමීන්වහන්සේ විසින් නැවතත් දහම් පාසල ආරම්භ කරන ලදී.

ආරම්භයේදී සිසුන් 75 ක්‌ පමණ සිටි දහම් පාසල ක්‍රමයෙන් 15 දක්‌වා අඩු විය. මේ සම්බන්ධයෙන් කලකිරුණු විහාරාධිපති හිමියන් සහ ක්‍රියාකාරීන් සාකච්ඡා කොට රැස්‌වීමක්‌ කැඳවීය. එහිදී "විජයානන්ද" නමින් සභාව පිහිටුවිය. ප්‍රධාන අනුශාසක ධුරයට පූජ්‍ය ඇහැලේපොළ ජිනේරය හිමි ද සභාපති ධුරයට එස්‌. ඒ. ජයසුන්දර ලේකම් ජී. සමරකෝන්, උපලේකම් ඊ. එච්. තෙබේරිස්‌ සිල්වා ද 10 දෙනකුගෙන් යුත් කාරක සභාවක්‌ ද පත්කර ගන්නා ලදී.

මෙසේ ඇරඹි දහම් පාසල ක්‍රම ක්‍රමයෙන් දියුණු විය. මුලදී ගුරුවරු 4 දෙනකු ඉගැන්වීමේ කටයුතු කළ අතර සිසුන් 40-50 අතර ප්‍රමාණයක්‌ විය. ඉරිදා දින උදේ 8 සිට 10 දක්‌වා බුද්ධ ධර්මය සිසු අවබෝධය ආදි ගෝලයන් ඉගැන්වීම් කරන ලදී. වසරින් වසර ප්‍රභාවය කරා ගිය දහම් පාසල විවිධ ප්‍රභූන් විසින් ආධාර උපකාර කරනවා වූ අතර දරුවන්ට ත්‍යාග දීම විවිධ තරග පමණක්‌ නොව විභාග පරීක්‍ෂණ ද පවා පැවැත්විණි. වාර්තාවල සඳහන් වන පරිදි විවිධ පංති යටතේ ඉගැන්වීම් කෙරුණු අතර ළමුන් 700ක්‌ පමණ දහම් පාසලට සහභාගි වූ බව දැක්‌වේ.

විජයානන්ද සභාව ක්‍රම ක්‍රමයෙන් පුළුල් සංවිධානයක්‌ බවට පත්විය. බොහෝ දෙනා එයට සම්බන්ධ වීමට පෙලඹිණි.

ඉතා ක්‍රමානුකූල මුදල් පාලනයක්‌ හා විධිමත් බව නිසා විජයානන්ද සභාව ශක්‌තිමත් වූ අතර ඒ නිසාම විජයානන්ද දහම් පාසල ද දියුණුවෙන් දියුණුවට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ 1895 දී ඇරඹි විජයානන්ද දහම් පාසල මවු දහම් පාසල ලෙස සලකා ශාඛා දහම් පාසල් 04 ක්‌ පිහිටුවීමයි. 1901 වර්ෂය වන විට ඒවා නම්,

1. දේවතුර මාගල්ලේ සුධර්මාරාම දහම් පාසල

2. මිනුවන්ගොඩ පරමානන්ද දහම් පාසල

3. ගල්වඩුගොඩ පරම විඥන දහම් පාසල

4. මාතලේ කූඹියන්ගොඩ විද්‍යානන්ද දහම් පාසල වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධිමත් ඉරු දින දහම් පාසල වූ ගාල්ලේ විජයානන්ද ඉරුදින දහම් පාසලේ ප්‍රධානාචාර්යවරු පිළිබඳ සටහනක්‌ තබමි.

1. ඩී. ඡේ. සුබසිංහ මහතා - 1889 සිට වසර කිsහිපයක්‌

2. බදුල්ලේ ඥානවිලාන හිsමි - 1895-1914 දක්‌වා

3. බී. ජී. පියදාස සිරිසේන මහතා - 1915-1934 දක්‌වා

4. ඩී. ජයසිංහ මහතා - 1935-1949 දක්‌වා

5. එච්. ජයසිංහ මහතා - 1950-1962 දක්‌වා

6. පණ්‌ඩිත ගාල්ලේ
අපි වෙමු සිරිලක බොදු දරුවෝ

No comments:

Post a Comment