කෝවිල බිඳදා පන්සල හැදුනට
බුදුරැස් නැත එහි විහිදෙන්නේ
පන්සල බිඳදා කෝවිල හැදුවත්
නැත දෙවියෝ එහි වැඩ ඉන්නේ
ආගම් නාමෙන් රැවටුණු මිනිසුනි
මුලා නොවී ඇස් ඇරපන්නේ
සාමය සමඟිය ඇති තැන පමණයි
දෙවිවරු බුදුවරු වැඩ ඉන්නේ
බුදුන් පුදන්නට මල් සුපිපෙනවා
දෙව් මැදුරේ මිදුලේ මල් පඳුරේ
සත සිත නිවෙනා බණක් ඇසේවා
සිව් සත සනහා මිනිසුන්ගේ
මලක් පිදූමුත් පන්සලෙ කෝවිලෙ
ReplyDeleteහිත කිලිටියි නම් පලක් නොවේ
යහපත් ගතිගුණ බෙදා දමන්නට
හිත ඇතුලෙන්මයි ආ යුත්තේ.........
ජයවේවා!!!
කෝවිල් කඩා පන්සල් හදපු එක තැනක් අපේ රටේ පෙන්වන්න. හැබැයි පන්සල් කඩා ඒ මත කෝවිල් හදපු තැන් ගැන අපෙ රටෙන් ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්. එතන දෙවියෝ ඉන්නවාද නැද්ද කියලා නම මම දැක්කෙ නැහැ.තිරිකුනාමලේ කොනේශ්වරම් දේවාලයට හෝ නල්ලුර් කෝවිලට ගොස් බලන්න පුලුවන්ද?
ReplyDeletehttp://magebima.blogspot.it/2015/10/blog-post_21.html
Deleteමෙහිදී අදහස් කලේ කෝවිල් කඩල පන්සල් හදල නොව එහෙම තත්වයක් සිදුවේවි කියා..එසේම මමද 2002 මෙවැනි දැඩි අදහස් අනුව ක්රියා කල කෙනෙක්..අපේ පලාතේ ඔහොම හිස ඔසවන් ආව.නමුත් අපි ඉඩ දුන්නෙ නැ.එවට සාකි දෙන්න රූප හෝ ලිපි නැත.පසුව මා හටද අපහසුතාවයක් ඇති උනා කල කෝලාහලය.....එසේම් පල්ලි විශේශයෙන් බයිබල් කරුවන් මේ ලෙස කරනව.මුස්ලිම් අය මෙහෙම කරනව.එක් එක් ප්රදේශයට බලපාන ජන.ආගම් බහුල්ත්වය අනුව.
Deleteනල්ලුර් කෝවිලට සිද්ද උන දෙය ගැන මා ලියූ ලිපියක ලින්ක් එක එවා ඇත..එසේම මුන්නේශ්වරමට සිදු වූ දෙයද ලියා ඈත..ස්තුතියි ඔබට