නිවස
- ENGLISH (1)
- Face bookසමාජ සේවා (2)
- USA ELECTION 2016 (1)
- අධ්‍යාපන (3)
- අමරදේව ශූරින් වෙනුවෙන් අතීත මතකයක් (1)
- අවුරුදු (1)
- ආගමික (1)
- ඉතිහාස කතා (7)
- කවි (14)
- ක්‍රීඩා (1)
- ජීවිත (6)
- නත්තල (1)
- නිදහස (2)
- නිසදැස් (36)
- ප්‍රාදේශිය ඉතිහාසය (1)
- බෞද්ධ (21)
- රස වින්දන (18)
- රැකියා (2)
- ලොව (11)
- ශ්‍රී ලා0කීය උරුම (4)
- ශ්‍රී ලා0කීය දේශපාලකයො (2)
Friday, December 23, 2016
නත්තල් සීනු
සීනු හඬින් ලොව පිබිදෙනවා සිත්මල් උයන සරු දකිමින් සොඳුරු නදී අත්වැල් බැදෙන ගම දෙගොඩින් පෙරට ඇදී මෙත්මල් පුරන ජන හදවත් බඳුන රිදී නත්තල් වැහි වැටේ උඳුවප් සිසිල දි දී සත් සර සීනු හඬ නත්තල් කුලුනු මත උන් තම තැන තබා සැනසුම සතුට සිත සත් වග යැදුම බැති පුදහර අපරි- මිත අත් කළ වගයි දෙව් මැදුරෙන් පතන සෙත කන් දෙන ගීතිකා පදවැල් මිහිර පෙරී චින් තන රටාවට පුරමින් හිතට දිරී පුන් කලසකින් උතුරා යන සුවඳ කිරී ගෙන් ගෙට වාසනා! නත්තල් ඉසුරු සිරී අතමිට සරු දකින හිරු - සඳු හිනැහීම හිතයට බර අඩුව පොදු ජන සැනසීම මිහි බට දෙවිඳ - පෙම්බර කුමරුනි, සාම අපහට දෙනු මැනවි! නත්තල සැමදාම
Subscribe to:
Post Comments (Atom)
සිත්තුළ සාමෙ රැව්දේවා
ReplyDeleteපිත්තල පහන් දැල්වේවා
නෙත්තුළ සතුට ඉතිරේවා
නත්තල නුඹට සුභ වේවා......
ජයවේවා!!!