පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link
▼
නත්තල් සීනු
සීනු හඬින් ලොව පිබිදෙනවා
සිත්මල් උයන සරු දකිමින් සොඳුරු නදී
අත්වැල් බැදෙන ගම දෙගොඩින් පෙරට ඇදී
මෙත්මල් පුරන ජන හදවත් බඳුන රිදී
නත්තල් වැහි වැටේ උඳුවප් සිසිල දි දී
සත් සර සීනු හඬ නත්තල් කුලුනු මත
උන් තම තැන තබා සැනසුම සතුට සිත
සත් වග යැදුම බැති පුදහර අපරි- මිත
අත් කළ වගයි දෙව් මැදුරෙන් පතන සෙත
කන් දෙන ගීතිකා පදවැල් මිහිර පෙරී
චින් තන රටාවට පුරමින් හිතට දිරී
පුන් කලසකින් උතුරා යන සුවඳ කිරී
ගෙන් ගෙට වාසනා! නත්තල් ඉසුරු සිරී
අතමිට සරු දකින හිරු - සඳු හිනැහීම
හිතයට බර අඩුව පොදු ජන සැනසීම
මිහි බට දෙවිඳ - පෙම්බර කුමරුනි, සාම
අපහට දෙනු මැනවි! නත්තල සැමදාම
සිත්තුළ සාමෙ රැව්දේවා
ReplyDeleteපිත්තල පහන් දැල්වේවා
නෙත්තුළ සතුට ඉතිරේවා
නත්තල නුඹට සුභ වේවා......
ජයවේවා!!!