ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිහි කරන නත්තල, ලෝකයෙහි ඇති ප්‍රධාන ආගමික උත්සවයකි.
අද ලෝකය පුරා මේ උත්සවය දෙසැම්බර් මස 25 වෙනි දින පවත්වතත්, ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ නියම දිනය අවිනිශ්චිතය.
ඡ්‍යොතීෂ් ශාස්ත්‍රය අනුව සලකා බලා, ජනවාරි 1 වෙනි දින, ජනවාරි 6 වෙනි දින, මාර්තු 21 වෙනි දින ආදියෙන් එක් දිනක උන්වහන්සේ ගේ උත්පත්තිය සිදුවන්නට ඇතැයි සමහරු සලකති.
ආදී සාන්තුවරයන් වන ශුද්ධ වූ ක්‍රිසොස්තම්, ශුද්ධ වූ ඉපිපැනියස් යන්නවුන් අතර පවා මේ දිනය, ගැන මතභේද පැවතුණි. මේ මතභේද ඇතිවීමට මුල් හේතුව ක්‍රිස්තුන් වහන්සේ ඉපදුණු සමයෙහි, අවුරුද්ද ගණන් ගන්නා ක්‍රම පහකට වඩා පැතිර තිබීමය.
ආදි ක්‍රිස්තියානි පියවරුන් මේ උත්සවය දෙසැම්බර් 25 වෙනි දිනට යෙදුවේ හතරවන ශතවර්ෂයේදීය. ශීත කාලය වන දෙසැම්බර් මාසයේ 25 වෙනි දින යුරෝපා රටවල සිටි ආදීම ජනයාගේ ප්‍රධාන මංගල්‍ය දිනයයි. ක්‍රිස්තු ලබ්ධිය පැතිරීමට පෙර මේ දිනය “ආලෝකයේ උත්සව“ දිනය ලෙස සැලකූහ. මෙය සූර්ය දිව්‍ය රාජයා පිළිබඳව පැවැත්වූ එකකි.
මේ උත්සව දිනට කිවූ තව පැරණි නාමයක් නම් “යූල්” යනුයි. තවම නත්තල් උත්සවයට “යූල්ටයිඩ්” යැයි කියනු ලැබේ. නත්තල් කාලයට සාදන කේක් සමහර විට කොට කැබැල්ලක හැඩයට තනා තිබෙනු ඔබ දැක ඇත. මෙය ඉපැරණි යුරෝපා ගම්බද උත්සවයක සලකුණකි. ක්‍රිස්තු ලබ්ධිය පැතිරීමට පෙර එංගලන්ත ආදී රටවල මේ කොට කැබැල්ල පුළුස්සා ආලෝකයේ උත්සවය පවත්වන ලදී.
ලෝකයේ පවතින වෙනත් ආගම් ධර්ම මෙන්ම, ක්‍රිස්තියානි ආගම ද ඒ ඒ දේශයන්හි පරිසරය අනුව වෙනස් විය. ක්‍රිස්තු ලබ්ධිය යුරෝපයේ පැතුරුණු විට ක්‍රිස්තොත්පත්තිය, දෙසැම්බර් 25 වෙනි දිනට නියම විය. කිස්තුන් වහන්සේ හැඳින්වෙන එක් විරුදාවලියක් නම් “ආලෝකයේ කුමරා” යනුයි. “ක්‍රිස්මස්” යන ඉංග්‍රීසි වදනෙහි අර්ථය ක්‍රිස්තුන් වහන්සේගේ මංගල්‍යය යනුයි. පැරණි ඉංග්‍රීසි භාෂාවෙහි “මාස්” යනු යෙදෙන්නේ මංගල්‍යයකටය.
”ඩයස් ක්‍රිස්ටෙනටාලිස්” යන ලතින් වදන කෙටියෙන් යොදා මේ උත්සවයට නටාල් කියනු ලැබේ. ක්‍රිස්තු ධර්මය ලංකාවට ගෙන ආ පෘතුගීසීන්ගේ භාෂාවේ මේ උත්සවයට යොදන්නේ “ඕ නටාල්” කියායි. සිංහල “නත්තල්” යන වදන බිඳී ආවේ එයිනි.
නත්තල් සමයේ දී තෑගි බෝග දීම, නත්තල් පත් හිත මිතුරන්ට ඇරීම, කුඩා ළදරුවන් පිනන නත්තල් පප්පාගේ පැමිණීම, මේ උත්සවයේ ප්‍රධාන අංගයන්ය.
ජේසු තුමන් ඉපදුණු විට එතුමාට වන්දනා මාන කිරීමට ගස්පාර්, මෙල්කියෝර් සහ බල්තසාර් නමැති රජවරු තිදෙනෙක්, තෑගි බෝග ද රැගෙන එතුමා වෙත පැමිණියෝය. මෙය සිහිවීමක් ලෙස නත්තල් දිනවල ලෝකයේ බොහෝ රටවල තෑගි බෝග දීමේ සිරිත පවතී. ලෝකයේ සෑම රටකම නත්තල් උත්සවයේ ප්‍රධාන තැනක් ගන්නා තැනැත්තෙකි සාන්ත ක්ලෝස්. “නත්තල් පප්පා” යනු මෙරට ඔහුට ව්‍යවහාර කරන නාමයයි. ඕනෑම නත්තල් උත්සවයක තෑගි බෝග බෙදන්නේ ඔහුය.
යුරෝපා රටවලත්, මෙරට ක්‍රිස්තියානි පවුල්වල සිටින ළමයින්ගේත්, හොඳම නත්තල් යහළුවා සාන්ත ක්ලෝස්ය. ඔහු රෑට රහසින් විත් තෑගි දෙන බව ළමෝ අදහති.
මේ තෑගි දැමීමට ඔවුහු තම තමන්ගේ මේස් කකුල් ඇඳ අසල එල්වා තබති. සාන්ත ක්ලෝස් යනුවෙන් සලකන්නේ ශුද්ධ වූ නිකුලස් තුමන්ය. මෙතුමා ඉතා කාරුණික තැනැත්තෙකි. ඔහු ජීවත්ව සිටියදී රහසින් විත් ඉතා දිළිඳු පවුලකට බොහෝ උපකාර කළේය. ක්‍රිස්තියානි ලෝකය දෙසැම්බර් 25 වෙනි දින මොහුගේ මංගල්‍යය පවත්වයි. ඔහු නත්තල් උත්සවයට එක්වූයේ කෙසේ දැයි කිව නොහැකිය.
බොහෝ කතෝලික නිවෙස්වල, ක්‍රිස්තුන් වහන්සේ ඉපදුණු ගවලෙනෙහි ආකෘතිය තනනු ලැබේ. කතෝලික දේවස්ථානවල ද මේ “ගවලෙන් තනනු ලැබේ. මෙය තැනීම ආරම්භ කෙළේ අසීසියේ ශුද්ධ වූ ප්‍රැන්සිස්තුමාය. ඔහු 1224දී ග්‍රෙසියෝහි දී “ගවලෙනෙහි” ආකෘතියක් තනා ඒ අසල සිට, ජනයාට ක්‍රිස්තොත්පත්තිය පිළිබඳ දේශනා කෙළේය.
නත්තල් උත්සවයෙහි ඉතා ජනප්‍රිය වී ඇති අංගයක් නම් නත්තල් කාඩ් නෑදෑ හිත මිතුරන් වෙත යැවීමය. ඔබ මේ දිනවල ඕනෑම පොත් සාප්පුවකට ගොඩ වැදුණු විට නත්තල් පත් විකිණීමට තබා තිබෙනු ඔබට දක්නට ලැබේ. ඔබ ක්‍රිස්තු භක්තිකයකු වුවද නොවූව ද ඔබට ද මේ නත්තල් පතක් ලැබීමට පුළුවන. කෙනෙකු ඔබට නත්තල් පතක් එවන්නේ සාමයත් ප්‍රීතියත් පැතීම සඳහාය.
ප්‍රථම නත්තල් පත මුද්‍රණය කෙළේ 1846 දීය. ප්‍රථම වරට නත්තල් පත් 1000ක් මුද්‍රණය කර එකක් සිලිම ගණනේ විකුණන ලදී. මේ ප්‍රථම නත්තල් පත මුද්‍රණය කළ තැනැත්තා ඒ.ඩබ්ලිව්.ඩොබ්සන් නමැති ඉංග්‍රීසි ජාතිකයෙකි.
ප්‍රථම නත්තල් පත ඇති වූ ක්‍රමය ගැන බොහෝ මත භේද පවතී. මෙය කෙසේ වුවත් නත්තල් පත් යැවීම අද නත්තල් උත්සවයේ ප්‍රධාන අංගයක් ව තිබේ. නත්තල් උත්සවයේ කලාත්මක දෙය ද, පියකරු නත්තල් පත්ය.
නත්තල මෙරට වැසි ජන සමූහයකට අවුරුද්දේ මහඟු දිනයකි. එහෙයින් අද ලංකාවේ ජාතික උත්සව දිනයක් බවට පැමිණ තිබේ. නත්තලට උරුමකම් ඇත්තේ ක්‍රිස්තු භක්තිකයන්ටය.
ඔවුන් ක්‍රිස්තු ස්වාමි දරුවානන්ගේ ජන්ම දිනය නත්තල කොට සලකන හෙයිනි. ක්‍රිස්තු සාමයිකයින් පමණක් නොව, බෞද්ධ හින්දු වැනි ලාංකික වූ අනිත් සාමයිකයින් විසින් ද නත්තල උත්සව අවස්ථාවක් කොට සලකනු ලැබේ. ආගමික උත්සවයකට වඩා ජාතික උත්සවයක මුහුණුවර දැන් මෙරට නත්තලේ වැඩෙමින් පවත්නේ ඒ නිසාය.
නත්තල වනාහි දිග ඉතිහාසයක් ඇති උළෙලකි. එහෙයින් එහි ඓතිහාසික අගය අප කාටත් පොදු වූවකි.
ලතින් බාසාවේ ව්චබචතඪඵඩ යන්න මේ නත්තල් වචනයේ මුල කොට සලකනු ලැබේ. එයින් ආ ව්චබචත යන්න ඉංගි‍්‍රසි ප්‍රමුඛ අපර දිග භාෂා ගණනාවකත් තෙලිඟු මරාති බෙන්ගාලි ආදි පෙරදිග බාසා කීපයකත් ව්‍යවහාරයේ පවතී. එහි තේරුම උත්පත්තියයි.
මේ උපත ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ ජන්ම ලාභය හා සම්බන්ධ කර “විශේෂ උත්පත්තියක්” වශයෙන් ගණන් ගෙන ඇත. ඊට පසු එය “උත්පත්ති මංගල්‍යයක්” කොට ද, අනතුරුව “මංගල්‍යයක්” කොට ද පවත්වා පසුව ආගමික පොදු උත්සවයක් වශයෙන් යොදාගෙන තිබේ. අද එහි ආගමික මුහුණු වරට වඩා ජාතික පෙණුමක් පිළිබිඹු කරවමින් පවතී.
මෙය ලංකාවට පුහුණුව ආයේ ක්‍රි. 16 වන සිය වසේදී පෘතුගීසින්ගෙනුයි. ඔවුහු ක්‍රිස්තු උපන් දිනය කොට සැලකූ දෙසැම්බර් 25 වෙනිදා නේතල්-නාතල් දිනය කොට සැලකූහ. ඒ වහර මේ රටේ සිංහල හා දෙමළ අතරට පත් වී නත්තල් යනුවෙන් හැඳින්වෙන්නට වන.
මෙසේ පෘතුගිසි සභ්‍යත්වය අනුව නත්තල බිහිව ආ නමුත්, අපරදිග රටවල එය අදත් හඳුන්වන්නේ ‘ක්‍රිස්ට්මස්’ නමිනි. එපමණක් නොව පෘතුගිසි වහරට නොනැමුණු අනිත් හැම දෙනෙකුටම පාහේ නත්තල වඩා පුරුදුව ඇත්තේ ක්‍රිස්ට්මස් නමින් ය.
නත්තල් මංගලය මුලදී ඇති වූයේ ක්‍රි. 200 වන සියවසේදී පමණ බව කතෝලික විශ්වකෝෂයේ සඳහන් වී තිබේ. එහි දැක්වෙන ඒ විස්තරය අනුව නොයෙක් රටවල එකම දිනයක් නොව, වෙන් වෙන් දිනවල මේ මංගලය පැවැත්වූ බව දත හැකිය. එයින් අපට තේරුම් ගන්නට පුළුවන් එක් කරුණක් නම් ක්‍රිස්තු තුමන් උත්පත්ති දිනය ගැන මතභේද ලෝකයේ පැරණි විද්‍යාඥයන් අතර පැවැති බවයි.
මිසර දෛවඥයන් අපේ‍්‍රල් 24 - 25 දා නත්තල් දිනය වූ බව පෙන්වා ඇති අතර ලෝකයේ තවත් සමහරුන්ගේ කල්පනාව ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ මාර්තු 28 වැනි දා කියායි. ඒ අතර තවත් සමහරු ඒ දිනය ජනවාරි 6 වැනි දා හෝ 10 වැනි දා හෝ කොට සැලකූහ.
ක්‍රිස්තු තුමන් උපන් දිනය දෙසැම්බර් මස 25 වන දා බව පළමු කොටම වාර්තා වී ඇත්තේ උතුරු අපි‍්‍රකාවේ බව කියනු ලැබේ. ඒ වනාහි ක්‍රි. ව. 383 දී බව කියැවේ. ක්‍රි. ව. 433 දී ඊජිප්තුවේ එම දිනය නියම කොට මංගල්‍යයක් පැවැත් වූ බව ද සඳහන් වී තිබේ. මේ සටහන් අනුවම මේ වකවානුවේ දී මිසර - තුර්කි - ජෙරුසලම්හිත් ක්‍රිස්තු ජන්ම දිනය දෙසැම්බර් 25 දා කොට ගණන් ගෙන උත්සව පවත්වා තිබේ.
බයිබලයේ මාර්තු මාසයේ ක්‍රිස්තු තුමන් මවු කුස පිළිසිඳී දෙසැම්බර්හි උත්පත්තිය ලැබූ බව කියා තිබීමෙන් පෙනෙන්නේ දෙසැම්බර් 25 වෙනි දා ක්‍රිස්තු තුමන් උපන් දිනය කොට බයිබලය ලියූ කාලයේදී සම්මතව පැවැති බවයි.
මේ සම්මතය ක්‍රි. ව. 388 දී රෝමයේ එසේම පැවැති බව ද සඳහන් වේ. එයින් පෙනෙන්නේ නොයෙක් රටවල ක්‍රිස්තු තුමන්ගේ උපන් දිනය පිළිබඳ නොයෙක් අදහස් පැවතුණත් ක්‍රි. සතරවන සියවස මුල දී දෙසැම්බර් 25 වෙනි දා ම ක්‍රිස්තු තුමන්ගේ උපන් දිනය කොට සම්මතව ඇති වගයි. මේ සම්මතය ඇතිවූ තැන් සිට මුළු ලෝක වාසී සියලු නිකායික ක්‍රිස්තු භක්තිකයෝම දෙසැම්බර් 25 දා නත්තල් දිනය කොට විශ්වාස කර ගෙන එති.
මේ නිමිති කොට මුල දී පැවැත් වූ ආගමික උත්සවය කල්යත් ම ඒ ඒ ආගමිකයක්ගේම සමාජ උත්සවයක් වන්නට පටන් ගති. නත්තල් හා සම්බන්ධව ඇති නත්තල් සීයා, නත්තල් ගස හා නත්තල් කේක් ගෙඩිය වැනි දේ මෙයට යා කරනු ලැබූයේ එවක පැවැති අනික් ආගමික කොටසකගේ සිරිත් අනුවය. එහෙත් දැන් ඒවා නත්තල් උත්සවයේ ගැබ් ගත් ලකුණු වී ඇති සැටි ඔබට දකින්නට පුළුවන.
කා බී නටා සෙල්ලමින් කාලය ගෙවන අවස්ථාවක් හැටියට මුලදී නත්තල් උත්සවය පිළියෙල නොවූ බව ඔබ දත යුත්තකි. ස්වකීය ආගම් කතුවරයා සිහිකර ඔහුගේ ගුණ ගයා ආත්මය ගලවා ගන්නා පිළිවෙත සිහි කර ගන්නා ආගමික මංගල්‍යයකි. එදා නත්තලෙහි පැවතුණේ.
එහෙත් ඒ පරමාර්ථය අද සමහරුන් අතර බොහෝ දුරට වෙනස් වී ඇත. එසේ වී ඇත්තේ නත්තල් මංගල්‍යය බාහිර වූ අලංකාර වලින් සරසා ජනතාව කෙළි දෙලෙන් ගතකරන අවස්ථාවකට පෙරළා ගැනීම නිසාය.
ආගමික උත්සවයක පරමාර්ථය මෙසේ වෙනස් වී යෑම නත්තල් උත්සවය සම්බන්ධයෙන් පමණක් නොව, අනිත් කවර ජාතික ආගමික උත්සවයක් සම්බන්ධයෙන් වුව ද සිදුවිය හැක්කකි. එයින් වන වරදක් නම් ඒ උත්සවයේ මුල් පරමාර්ථය කල් යෑමේ දී නැති වී යෑමට ඉඩ ඇති වීමයි.
ලංකාවේ පැවැත්වෙන අනික් සෑම උත්සවයකට වඩා නත්තල් උළෙලේ මේ බාහිර වැඩීම ශීඝ්‍රව කෙරී ඇති බව පෙනේ. ඒ වනාහි අද ඊයක නොව, නත්තල් උළෙල මෙහි ප්‍රසිද්ධව පටන් ගැණුනු 17 වන සිය වසේ සිටම වැඩී එන්නකි.
සැපසේ කා බී නටා කෙළි දෙලෙන් ගත කිරීමම, නත්තලේ උසස් අංගය බව මෙරට සෑම තරා තිරමක ජනයාටම දැන් ඒත්තු ගොස් ඇත. ඉසුරුමත්ව කෙළිදෙලෙන් ගත කරන මිනිසුන් සඳහා “සෑමදා නත්තල්” යන පිරුළ පවා මේ රටේ ඇති වූයේ නත්තලේ බාහිර ඔපය ඉක්මනින් වැඩි දියුණු වී ආ නිසාය.
No comments:
Post a Comment