පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link

Friday, December 11, 2015

වැඩ කරන ජනතාව වෙනුවෙන් නිර්මාණය කර ගායනා කල ගීත



මීට දශක කීපයකට පෙර නිර්මාණය වූ ගීත අතරින් කම්කරු ජනතාව වෙනුවෙන් ඉතාම සාර්ථක ලෙස නිර්මාණය කර ගායනා කල ගීත අසන විට අපට දැනෙන්නේ පුදුමාකාර වින්දනයකි.එතරම් ඩුරට මෙම නිර්මාණ කරුවෝ ,ගයකයෝ අති සාර්ථකය.එවන් ගීත කිහිපයක පහත රසවින්දනය සදහා ඉදිරිපත් කෙරේ



හැත්තෑව දශකයේ මතු වූ සිංහල ගීත අතර අමරණීය ගීතයක් ලෙස ‘අඳුරු කුටිය’ නැමැති ගීතය හඳුන්වා දිය හැකි ය. මේ ගීතය එකල සරල සංගීතයේ පැවැති ආකෘතිය පුපුරවා හළ ගීතයක් විය. සංගීතයට වඩා මිනිස් හඬෙහි ඇති බල පෞරුෂය මේ ගීතයෙන් සමාජගත විය. එහෙත් මේ සියල්ල ම අබිබවා නැඟී සිටින්නේ මේ ගීතයෙන් මතුවන සමාජ යථාර්ථයයි.

මේ ගීයට පසුබිම් වන්නේ රවින්ද්‍රනාථ තාගෝර් ගේ ගීතාංජලියෙහි අන්තර්ගත පද්‍යයකි. එහෙත් ඒ පද්‍ය අනුකරණය නොකරන රචකයා එය පොදු ජනතාවගේ ගීතයක් බවට පත් කරනු ලබයි. මේ ගීයෙහි දිවෙන පදමාලාව, කවිතා ගුණය හා ගේයතා ගුණය රැකගත් නිර්මාණයක් වන්නේ එබැවිනි.
මා මෙහි දී මහගම සේකරයන්ගේ පැදි පෙළක් දිග හරින්නේ තත්සර ඇසුර පාඨකයන් වෙනුවෙනි.

“දවසක් දා

කැඩපත ඉදිරියට ගොසින්

ඇඳි සළු පිළි උනා දමා

හෙළුවැල්ලෙන් බලා උනිමි

වැද්දෙකු තව වැද්දෙකු හට

මුණ ගැසුණාක් මෙන් වෙමි මම

මගේ ම පිළිබිඹුවට

නිකමට විරිත්තුවෙමි

එවිට ඔවුහු
දුනු ගී ගෙන
මා හා සටනට සැරසුණහ
සිනාසුනෙමි
එවිට ඔවුහු දුනු හී ගෙන
මා හා මිතුරු වූහ
බැටළු රංචු දක්කාගෙන
තණ බිමකින් තණ බිමකට
ඇවිද ගියෙමි
මම සීසා දිය බැඳ
ශිෂ්ටාචාරය ඉන් නෙළාගතිමි
යාග හෝම බිලි පූජා
වේද මන්ත්‍ර ගී කීවෙමි
ගයා ශීර්ෂයේ දී
බෝ මැඩ විප්ලවය දුටිමි
බැබිලෝනිය ග්‍රීසිය චීන මහා ප්‍රාකාරය
ගොඩනැඟුවෙමි
සක්වල තුළ විදුලි වෙසින් ඉඟිළී ගොසින්
සඳ කතරින් වැලි ගෙනාමි
ඒත් මට වැටහෙයි
මම තාමත් ළදරුවෙක්මි
ලොව ගැන කිසිවක් නොදන්න
ලොව ගැන තිබියේවා
මා ගැනවත් මම නොදනිමි
කැඩපත මත පිළිබිඹුවෙන්
මම කවුරු ද මම ඇසුවෙමි
පිළිබිඹුවෙහි ගැබ් වී ඇති
දේව හැඩය
එවිට පළමු වරට දුටිමි

(මහගම සේකර)

කෙතරම් දීර්ඝ කවියක් වුව ද මා මෙය තත්සර ඇසුර පාඨකයන්ට සිහිපත් කළේ මනුෂ්‍යයාගේ වටිනාකම මනුෂ්‍යයා නොදන්න බවත්, මනුෂ්‍යයා තුළ දෙවියකු සැඟවී සිටින බවත් සේකර මනාව පෙන්වා දී ඇති බැවිනි. එහෙත් දේවත්වය ඊටත් එහා තලයකට ගෙන යාමට මේ හීනයේ රචකයා සමත් වෙයි.

“අඳුරු කුටිය තුළ

දොරගුළු ළාගෙන

ගයන ගීතිකා යදින යාතිකා

දෙවියන් හට නෑසේ...





දෙවියන් අදහන මිනිසුන් සමඟ ගැටලුවක් මේ තේමාව මඟින් ඇති කර ගැනීමට අවශ්‍ය නොවේ. දෙවියන් ඇදහීම හෝ නොඇදහීම මානව අයිතියකි. එහෙත් කම්කරුවාට මේ තුළ දෙන්නෙ අනල්ප වටිනාකමකි.

“මේ තරම් සියුමැලි ද කලුගල්

හිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස දුන් මිනිසා සොයා

(රජීව් වසන්ත වෙල්ගම)
(ගායනය - සුනිල් එදිරිසිංහ)

තිරයේ රඟන මිනිසුන්ට අප්‍රමාණ ප්‍රේක්ෂකයෝ සිටියි. එහෙත් තිරය පිටුපස සිටින්නෝ තිරයෙන් ම වැසී යති. කම්කරුවා ද ඇතැම් කලාකරුවන් මෙන් ම තිරයෙන් වැසී යන්නකි. මේ සමඟ තවත් පදමාලා කීපයක් මගේ මනැසට ගලා එයි.

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ

දෑතේ විරියෙනි රටවල් හැඳුණේ

ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්

මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ

(රඹුකන සිද්ධාර්ථ හිමි)

අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා

රන් දාදිය තාර වෙලා බිමට ගලනවා

මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා

පාර අයිනෙ අපි සැමදා බලා ඉන්නවා



(ගායනය - එඩ්වඩ් ජයකොඩි)

කම්කරුවා අහිංසකයෙකි. පාණ්ඩිත්‍යයෙන් තොර වූවකි. එහෙත් ඔහු මිනිසෙකි. මේ මිනිසා කඩේ යැවීම පහසු ය. කම්කරුවෝ දෙවිවරු නොවෙති. දෙවිවරු පාලකයෝ ය. නිල දරුවෝ ය. ඒ ඔවුන් ලබා උපන් හැටි ය. මේ මොවුන් ලබා උපන් හැටි ය. කම්කරුවාට පාලකයෙක් විය නොහැකි වන්නට පුළුවන. බලධාරියෙන් නොවන්නට පුළුවන. කම්කරුවන්ට දේවත්වය ලබාදිය යුත්තේ ඔවුන් අන්දන්නට නම් එය සාහසික අපරාධයකි. එවිට ‘මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසුයි” වැනි පපඩම් වර්ණනාවක් අද අපට අනවශ්‍ය ය. එහෙත් රචකයා මේ කුහකත්වය ජය ගනී. ඒ ඔහුගේ ව්‍යංග්‍යාර්ථ පූර්ණ භාෂා ප්‍රාතිහාර්යයෙනි. පහත සඳහන් පෑ පේළිය ඒ සඳහා කදිම නිදසුනකි.

“බලන් කඩ තුරා හැර දැසේ”

කඩතුරා පහ කළ විට යථාර්ථය සඳ + එළිය සේ දිළිසේ.
මේ කියන දෙවියෝ සළු පිළි පැලැඳ නොමැත. ඔවුන්ගේ සළු පිළි දූවිලි ය. එහෙත් ඒ දූවිල්ලෙන් උපදින්නේ අනාගතයට පාර තනන දෙවියෙකි.

“සිනිඳු සුවැති සළු සිරසින් හැරදා

දූවිලි මඩ වැකි පිළිගත පලඳා

දෙවියන් රුව දක්නට හැක්කේ





මේ ගීතයෙහි මහා ප්‍රාතිහාර්යය කරන්නේ සංගීතඥයා ය. වැඩ කරන මිනිසාගේ කර්ණ කඨෝර ස්වරය මිනිස් හඬ මඟින් මතු කිරීමට කේමදාසයෝ මහගු වෑයමක යෙදෙති.
මහා දුක් කන්දරාවක් අත්විඳිය, කම්කරුවා ගේ හද ගැහෙන රාවය කේමදාසයෝ සංගීතය හා මිනිස් හඬ සමඟ සංකලනය කරති. එය සාමාන්‍ය සරල ගීතයේ සීමාව සමතික්‍රමණය කරන්නකි. එසේ ම මේ දෙවියන් හා එක්විය හැක්කේ නිකමුන්ට නොව වැඩ කරන මිනිසුන්ට බව රචකයා පවසයි.
එය ශ්‍රමය හා ශ්‍රමිකයන් වෙනුවෙන් පුදන සැබෑ (සැබෑ) මල් මිටකි. එහෙත් මේ සියල්ල දැකීමට නම් දෑසෙහි බැඳි කඩතුරාව ඉරා දැමිය යුතු ම ය. කුමන හී රචනා කළ ද අදත් මේ සැබෑ දෙවියා ආව තේව කාරයෙකි. දෙවියන් සිටින්නේ අදත් දෙවියන් සිටින තැන්වලම ය. කඩතුරාව අදත් ඉවත් වී නොමැත. සුන්දර ගීයක දේවත්වය ලබන වැඩ කරන ජනතාව අදත් සිටින්නේ දේවාලයේ කුණු බක්කියේ බව වරක් දෙවරක් නොව තුන් වරක් ම කියමින් නවතිමි.



No comments:

Post a Comment