Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Friday, March 31, 2017

ශිෂ්‍යත්වය










පටවා කළුගලක් සමනලයකුගෙ පිටේ
දෙයි පුහුණුවක් ඉගිලෙන්නට හැටට හැටේ
බසයක් තුළම බත් අහුරක් ඔබා කටේ
ටියුෂන් යද්දි මල් පරවී බිමට වැටේ!

ලොකු පාසලක් ලොකුකම පෙන්වනු පිණිස
හිමි වී ජයෙන් ජය වෙන්නට හෙට දවස
සංසිඳුවන්න මවුපිය සිප්නැණ පවස
පොඩි දරුවන්ගෙ පොර පිටියක් වෙයි නිවෙස!

හැකිනම් දෙසීයම අරගන්නට ලකුණු
දිව රෑ දෙකේ මල්පොඩි හඬවයි පිපුණු
වනපෙත තුරුඋයන් දැක මල්පල පිරුණු
පිට පාරෙන් දුවයි විලසින් වෙඩි වැදුණු

කැල නැත මතකයේවත් නෑ හිත මිතුරු
අරගෙන සරුංගල් නොහදයි උණ පතුරු
අස්වනු විභාගෙන් නෙළුවොත් ලෙස සොඳුරු
පාරක දෙපා නවතිනවද මල් ඇතිරු




Friday, February 10, 2017

අම්මා කෙනෙකු හට කියනා ගුණ වරුණ



දරු සෙනෙහසින් රතු ලේ කිරි බින්දු පෙරා
දෝතට අරන් දෙන රස කිරි මිහිරි පෙරා
දුන් කිරිවලින් ඇග ලේ මස් නහර පුරා
බිහි කළ මවට වඳිනෙමු දිවි තිබෙන තුරා

අම්මා කෙනෙකු හට කියනා ගුණ වරුණ
දරුවන් සැමට සිටිනා ලක් දෙරණ
අම්මා වරුන් ඇත සොද ගුණදම් පුරන
ගෙන් ගෙට බුදුන් ලෙස සිටිනා මිණි පහන

බුදු සසුනටත් තම දරුවන් පූජා කරන
රට ජාතිය රකින්ටත් දරුවන් හරින
සැම නිවසකම අම්මා යන අකුරුව් තුන
නිවසට දෙව් දුවකි අම්මා අග රැජින

ලොව මුදු ගුණය එකතැන කැටිකළ අම්මේ
නිවසට මුනිදුවක් ආදර බර අම්මේ
සසරින් සසර යන විට අපි අම්මේ
නිවන් නිවේවා මතු බුදු වී අම්මා


Friday, December 23, 2016

නත්තල් සීනු








සීනු හඬින් ලොව පිබිදෙනවා සිත්මල් උයන සරු දකිමින් සොඳුරු නදී අත්වැල් බැදෙන ගම දෙගොඩින් පෙරට ඇදී මෙත්මල් පුරන ජන හදවත් බඳුන රිදී නත්තල් වැහි වැටේ උඳුවප් සිසිල දි දී සත් සර සීනු හඬ නත්තල් කුලුනු මත උන් තම තැන තබා සැනසුම සතුට සිත සත් වග යැදුම බැති පුදහර අපරි- මිත අත් කළ වගයි දෙව් මැදුරෙන් පතන සෙත කන් දෙන ගීතිකා පදවැල් මිහිර පෙරී චින් තන රටාවට පුරමින් හිතට දිරී පුන් කලසකින් උතුරා යන සුවඳ කිරී ගෙන් ගෙට වාසනා! නත්තල් ඉසුරු සිරී අතමිට සරු දකින හිරු - සඳු හිනැහීම හිතයට බර අඩුව පොදු ජන සැනසීම මිහි බට දෙවිඳ - පෙම්බර කුමරුනි, සාම අපහට දෙනු මැනවි! නත්තල සැමදාම





Tuesday, December 13, 2016

පුන් පොහොදා වඳිමු





සාර සැකි කප් ලකක් සරා භවයෙන් භවේ
පුරා පාරමී දම්, පතා බුදු බව ලොවේ
නිරා මිස පී‍්‍රතියක් ලැබු නිවනින් සුවේ
අරා විදුරාසනය සමවතින් බැබළුවේ


සවන රැස් සරණියෙන් දිගන්තය එළි වුණේ
මෙත් දිවැස් දසුන වැද දුක් අඳුර දුරු වූණේ
සිවු සස්, නැණින් දැන සත් වගට යොමු වූණේ
නමා හිස් වඳිමු මුනි වෙසඟ පුන් පොහො දිනේ



Tuesday, December 6, 2016

සැගව ගිය හිමි රුව










අත්වැල බිදුණු පසු දිවියේ
වියලි පත් තටු අගින් මුදවා
සිදී ගිය දා ගත රැදුණු දිරි
කෙලෙස තනිවම සිටින්නේ

රන් හුයෙන් බැදි සිනිදු කෝමළ
සුරටහ ගොර හැඩි වෙලා අද
සිහි කරමි තුන යම අතීතය
කළ පින් මතක් කර දෙලොවට

කිරි සිදුණා ලැම පිදුව රතු ලේ
උරා බී දරු කැළ සැනසෙනු දැක බලා
සැගව ගිය හිමි රුව දෙනෙත් අසළ
ඇදුණේද උණු කදුළු අද  බොද වෙලා




Tuesday, November 22, 2016

වියපත් සිතුවිලි








ලොල ලොල ගාන විට දත්ටික නොමැති කට
සෙලවෙයි වාරු නැති අතපය තරගය ට
වල එක පයයි ගොඩ එකකුයි තියෙන මට
කළ යුතු දෙයක් නැත මලගම ළඟය හෙට

ආ මග හරි දිගය යා යුතු මග කෙටිය
ඒ මේ ජීවිතේ නැව පැදවෙන හැටිය
වදිනා තැන හබල විසිරෙන පෙණ කැටිය
තව ටික දුරක් වත් පැදගෙන යනු තොටිය

ගොඩ කරගත් සියලු දේ මහමෙර උසට
වැඩකට ගත නොහැක පය දූවිලි ලෙසට
බිහිරිය දෙකණ නොපෙනෙයි කිසිවක් ඇසට
මේ කුණු කය රැගෙන තව දුර යනු කුමට

මේ මහගෙදර ඇති අන්තිම කුටිය කොනේ
ලණු ඇඳ තමයි අවසානෙට ඉතුරු වුණේ
සෙනෙහස දිනූ අය සිටියත් සතර කොනේ
යා යුතු ගමන තනිවම යා යුතුය අනේ

නොතිර සැප සොයා ඉඳුරන් හට රැවටී
නිතර දුකට පත්වෙන කුණුකය නොවටී
සතර ඇත්ත දැනගෙන දුක කරන කෙටී
අජර අමර නිවනින් සැනසීම වටී





Monday, November 14, 2016

ජීවිත ගමන





ආ මඟ කෙටිය තව යායුතු මඟ        දුරය
බැළු බැළු සියළු තැන ඇත්තේ අවහිරය
අප යන මේ ගමන මරණින් කෙළ   වරය
එය තව උපතකට සසරෙහි බිහි දොරය


දුක සැප ජය පරාජය උණු කඳුළු           සිනා
හමුවී නතර වූවත් ලොව බොහොම  දෙනා
සමබර ගතිය හඳුනන වෙර තිබෙන කෙනා
නියමිත ගමන යන්නට හුරු පුරුදු       වුණා


හිසමත තබාගෙන ඉසිලිය නොහැකි බරක්
යන්නට තිබෙන්නේ නොසිතුව තරම   දුරක්
කවදා දකිනු හැකිදැයි නොම දකිමු තෙරක්
එනමුදු ගමන යායුතුවෙයි රැගෙන    වෙරක්


තණඅග රැඳුනු පිනිබිඳු හිරු එළිය                     දැක
නැතිවන අයුරු දිවියට සම කෙරිය                  හැක
නොසිතුව නොම පැතුම සුළු මොහොතකදි එක
ජීවිත ගමන කෙළවරවෙයි ගෙනෙන                  දුක




Sunday, October 30, 2016

ගැහැනිය






විරුවන්, කලා කරුවන්, විදුවන්                රැසට
ජීවය ලබා දී, නැති අයුරින්                           නිවට
ලේ කිරි කර පොවන සවිබල              වඩනුවට
ගැහැනිය සදාතන සඳ මඬලයි              ලොවට

සෙනෙහස සදාතනිකව හද කුටිය           තුළ
උතුරන, ඒ මඟින් සිත් මල් පුබුදු                කළ
ඇති මහ බලය ‘අම්මා’ යන අකුරු            වල
කිසිදා කිසිවකුට නොම කළ හැකි ය      මිල

ගැහැනිය දෙවැනි තැනකට ලා         සලකන්න
නොහැකි ය කිසිවෙකුට මේ ලොව තුළ ඉන්න
ඒ මහ සවිය රැකගෙන පෙරටම              යන්න
අදිටන් කරමු එකතුව ලෙස                සුපසන්න









Saturday, October 22, 2016

රැවුළට ගෙතූ කවි






නෑඹුල් රැවුළ එන කඩිසර මදි හන්දා
ගෙන ගිනිකූරු දැළි රැවුළේ උඩ ඇන්දා
ගැටවර වියේ ලැදි රැවුළට ඇයි මන්දා
ඇතිදා වහ කදුරු වගෙ නැති දා ඇන්දා

අබරණයක් වෙලා අද මුහුණට රැවුළ
ගාමිණි අබා වළගම්බා වැනි රැවුළ
ඉසිවර තවුස් වෙස් ගත් තව උන් රැවුළ
ජූතක බමුණු ලෙස නිකටේ දිගු රැවුළ

සිහිනිව ගිනිකූරු කට් නම් තැබු රැවුළ
දෙපසේ මුව සපත්තුවෙ හැඩ ගත් රැවුළ
තොළ මැද මදක් තැබු සමනල් කට් රැවුළ
තේජස් ලෙසට කරකැවු අංකුටු රැවුළ

බෑවත් නොබෑවත් හැමදා එන රැවුළ
මූසල බවක් කියවෙයි නැති උන් රැවුළ
කළු කෙස් පැහෙන තුරු හැඩ ගන්වන රැවුළ
කිසිදා යළි නොඑන බෙහෙතක් නැති රැවුළ







      

Tuesday, October 11, 2016

ආගම








කෝවිල බිඳදා පන්සල හැදුනට
බුදුරැස් නැත එහි විහිදෙන්නේ
පන්සල බිඳදා කෝවිල හැදුවත්
නැත දෙවියෝ එහි වැඩ ඉන්නේ

ආගම් නාමෙන් රැවටුණු මිනිසුනි
මුලා නොවී ඇස් ඇරපන්නේ
සාමය සමඟිය ඇති තැන පමණයි
දෙවිවරු බුදුවරු වැඩ ඉන්නේ

බුදුන් පුදන්නට මල් සුපිපෙනවා
දෙව් මැදුරේ මිදුලේ මල් පඳුරේ
සත සිත නිවෙනා බණක් ඇසේවා
සිව් සත සනහා මිනිසුන්ගේ





තත්ත්වය




තත්ත්වය රැකිය යුතු බව හැම තැනම කියයි අපමණ වෙහෙස ගෙන රැකුමට කරුණු සොයයි එය රකිනවා නම් කිසිවෙක් නොමඟ නොයයි නැති තත්ත්වයක් ගෙන සමහරු ඉහළ ගියයි යුතුකම ගුණදහම දිවියට වැද ගත්වේ පොදුජන මෙහෙය සලකන වැඩ අග පත්වේ නිවැරදි ගමන් මඟ ගිය හොත් රස වත්වේ රැකෙනව නියති හිත හොඳ පිරිසගෙ තත්ත්වේ





Friday, September 30, 2016

නුඹ නැති ළමා දිනයක් කුමට ද?








කුස්සියෙ වැල් පොටේ දුම් කෑ සුදු ගවුම
ඉකිබිඳ හඩයි දැනිලා ඔබ නැති අරුම

තනිවුණ පොත් මිටිය මුල්ලක ඇත තවම
හීනෙන් පෙනෙනවාද? නංගියෙ මේ සැවොම


බෝ වසරක් පිරෙයි නුඹ ගොස් බංගලාව ට
කුස්සියෙ වලං ගොඩ හිනැහෙයි ඔච්චම ට

දැලිකුණු ගත දරන් නුඹ වැඩ කරන විට
සුදු මුදු දෑත රිදුණි ද? කරගැටවල ට


සියොතුන් ගී ගයයි දොරකඩ ඇටඹ ගසේ
වනමල් හිනැහුනා අවිහිංසකව මෙසේ
මෙහෙකාරියක් විලසින් දිවි ගෙවන මෙසේ
නුඹ නැති ළමා දින අපි සමරමුද? කෙසේ


මුකුලිත වේය අකලට මේ මල් කැකුළු
නැත වියැකුණේ ලක් මවගේ දුක් කඳුළු

මුදවා ඔවුන් බැඳ ඇති යදමින් එකළු
එළඹුන ළමා දින වගුරමු තුටු කඳුළු




Wednesday, September 28, 2016

තනිකම












වදා දූ පුතුන් කැළ
හදා උස් මහත් කර
කල වයස පැමිණි කල
දීග දී සියලු දෙන

බලා මුනුබුරන් කැළ
විසිර ගිය කැදලි වෙත
තනි වුනෙමි මහගෙදර
ඔබෙ පියතුමා සමඟ


මහළු වී දිරා ගිය කය
පැමිණියා යන්න අවසන
ඔහු මගෙන් වෙන්වුණේ
යළිත් නොඑන ලෙසට


නිදන විට රෑ කලට
යහන වෙත යැවෙන විට
නෙත ගැටෙන රුවයි ඔබෙ
ඇත්තෙ තනිකමට අද






Monday, September 26, 2016

පෑන









ලියන අයට නිතර ම සෙනෙහස පාන
සොයන පිරිස ඇදකුද හොඳ නැති මූන
වියන යට ගියත් හැකිවන ලෙඩ දාන
කියන තරම් හොඳ නැත අතරැදි පෑන

පරිහරණය කරයි ඇති අය දෙගාතය
පිරිසිදු වුණත් එම අයගේ අතීතය
කිරි බදුනකට ගොම වැටුණම අනාතය
හරි යට පෑන ඒ වාගෙම සනාතය

නිල් රතු මෙන් ම කළු යනුවෙන් ඇති පාට
සිල් රෙද්දක් ඇඳන් වාගේ හිටියාට
ඇල්මක් නිතර දක්වන පොදු මිනිසාට
ගල් ගැහු වැනිය මෙය දෙබෙරෙට හැමදාම

හැමටම පිහිටවන දිව රැය දින ගානේ
මේ වැනි සම්පතකි දූ දරුනට ඕනේ
නම ගම ලියා ලිපි ලිව්වොත් රතු පෑනේ
එය යමි කෙනෙකුගේ විය හැක අවසානේ

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
වාගෙ කියල සිතුවොත් වෙයි නොකැපිල්ල
ඇති උවමනාවට පමණක් යොදන විට
පෑනෙ අගය තේර්යි අපි හැමෝටම

පෑන නුහුරු වන විට සමහර අයට
ගහනව කනා අත්සන ඒ වෙනුවටම
උගත මනා ශිලපය මතු රැකෙන්නට
පෑන් බොහෝ උපයෝගිය අප සැමට





යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද

පෑනේ බලයෙන් ජනතාවකට කළ හැකි බොහෝ දේ වෙයි. සමාජයක් ඥානවන්ත පිරිසක් බවට පත් කිරීමට අමතරව පෑනෙන් ලැබෙන අදහස්වලින් කඩුවෙන් කෙරෙන යුද්ධකට වඩා ඇති ප්‍රබල බලපෑමක් සමාජය වෙත කළ හැකිය. සිතට නැගෙන තවත් අදහසකි. එනම් නූතන තාක්‍ෂණයේ අති දියුණු අඩියකට පත් වී වර්තමාන ලෝකය  පරිගණක භාවිතය අතින් ඉතා දුර ගමනක් ගොස් ඇත. එසේ නම් ‘කඩුවට වඩා පරිගණකය ප්‍රබලය’ යන අදහස උක්ත ප්‍රස්තාව පිරුළට ආදේශ කෙරෙන යුගයක් දැනටම උදා වී ඇද්දැයි අපට 

සිතේ. 

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular