Monday, March 30, 2020

මියගිය පළමු කොරෝනා රෝගියා කලක් අප.නිවස ජීවත් වූ අයෙක්


මේක කියවද්දි බය වෙයි මටත් කොරෝනා.කියල..නැ නෑ.එයා අවුරුදු ගානක කලින් අල්ලපු ගමට ගියා පදිංචියට(කොස්වාඩියෙන් හාල්පන්විල ගමට ) 

බීමට ටිකක් ඇබ්බැහි වෙලා හිටිය පොරක්.එදා සිටම ඉතින් ඒ නිසා වකුගඩුවක්ද අහිමි විය.ඒ ගැන ඉතින් කියන්න ඕන නෑනෙ.එසේ තිබියදී පවා ගයිඩ් වැඩේ කරන් ඉදිද් තමා මේකත් එලොවන් ඇවිත් පත්තු උනේ

ප්‍රශ්ණය යනු එය නොව ඔහු ආසරය කල අය සහ දුව බෑනා ආහ අසනීප වී සිටියදී බලන්න පැමිණි අයද බියෙන් සිටීමයි
කොරෝනා වෛරසය ආසාදනය වී ශ‍්‍රී ලංකාවේදී මියගිය පළමු රෝගියා වනුයේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි මාරවිල හාල්පන්විල ප‍්‍රදේශයේ අරලිය මාවතේ පදිංචිව සිටි ධර්මසිරි ජනානන්ද නමැති එක්දරු පියෙකි.



පනස් නව (59) හැවිරිදි වියේ පසුවූ ඔහු සංචාරක මග පෙන්වන්නෙකි. මෙම මරණයත් සමග මාරවිල හාල්පන්විල ප‍්‍රදේශයේ දැඩි ආරක්ෂිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇති බව මාරවිල පොලිසියේ මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතා පැවසීය.

මියගිය ධර්මසිරි ජනානන්ද මහතා භාෂා ගණනක නිපුණත්වයක් ඇති අයෙකි. ජර්මන් ජාතික සංචාරක පිරිසක් රැුගෙන සීගිරිය, දඹුල්ල සහ යාල යන ප‍්‍රදේශවල දින ගණනාවක සංචාරයක නිරත වීමෙන් පසු ඉකුත් 15 වැනිදා නැවත සිය නිවස කරා පැමිණි අතර පසු දින ඔහුට හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මාරවිල ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ එහි වෛiවරයා ඔහු පරීක්ෂා කර බලා මාරවිල මූලික රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබා ගැනීමට උපදෙස් දී ඇත.

මාරවිල මූලික රෝහලේ වෛiවරුන්ගේ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔහු කොරෝනා වෛරසය ආසාදිතයකු බව නිගමනය කිරීමෙන් පසු අංගොඩ ජාතික බෝවන රෝග විiායතනයට යැවීමට කටයුතු කර ඇත. එහිදී දින ගණනාවක් සාමාන්‍ය වාට්ටුවක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 24 වැනිදා රෝග තත්ත්වය උත්සන්න වීමෙන් දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇත. එසේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 28 වැනිදා ඔහු මිය ගොස් තිබේ.


ධර්මසිරි ජනානන්ද මහතා කාලයක් තිස්සේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් යන රෝගාබාධවලින් පෙළුණු අයෙකි. ඔහුට මීට වසර කීපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වකුගඩුවක් ද බද්ධ කර ඇති බව වෛiවරු පවසති.

මාර්තු 25 සිට අප්‍රේල් 7 දක්වා ඉතා අවදානම් කාලයක් ලෙස සලකා ජනතාව ඒකරාශීවීම වැළැක්වීමට වහා පියවර ගතයුතු බව වෛද්‍ය සංගමය පවසයි



දැනට හඳුනාගත් කොවිඩ් - 19​ රෝගීන් 100 ආශ්‍රයෙන් මෙතෙක් හඳුනා නොගත් කොරෝනා රෝගීන් 500 ක පමණ ප්‍රමාණයක් සිටිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා කීය.  

මෙම රෝගීන් 100 ඇසුරු කිරීම මත නිරෝධායනය කරමින් සිටින 18000 ක පිරිස අතරත් මේ අය සිටිය හැකි බව ද වෛද්‍ය සොයිසා මහතා කීය.  

එක් රෝගියකුට තවත් රෝගීන් 406 ක ප්‍රමාණයක් බිහි කළ හැකි වෙන අතර සමාජ ගැටීම් සියයට 75 කින් අඩු නොකළහොත් මේ තත්ත්වය වර්ධනය වෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.  

රෝගය බෝවී ඇති අයෙක් සමාජයෙන් ඈත්වී නිවසේ සිටියහොත් රෝගය බෝවීම සිදුවන්නේ සියයට 2.5 කට පමණක් බව අනාවරණයවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
එක් රෝගියකුගෙන් තවත් 406 කට රෝගය බෝවෙන්නේ නම්, අපේ රටේ සමාජගතවී සිටින රෝගීන් සංඛ්‍යාව අනුමාන කළ නොහැකි බව ප්‍රකාශ කළ වෛද්‍ය සොයිසා මහතා අප රට පසුවන්නේ අවදානම් සීමාවේ බවද කීය.  

හඳුනාගත් රෝගීන් 100 න් 35 ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර ඉතිරි 65 නිසා තවත් 500ක 600ක පමණ පිරිසක් නිරෝධායනය විය යුතු බවට සැක කරනු ලබන බව ද කීය.  

මෙම වසංගත රෝගී තත්ත්වය පියවර 4 කින් යුක්තවෙන අතර පළමුවැන්න කිසිම රෝගියකු නොවීමයි. දෙවැන්න අහඹු ලෙස රෝගීන් සිටීමයි. තුන්වැන්න රෝගීන් සමූහයක් වශයෙන් සිටීමයි. සිව්වැන්න සමාජගත ව්‍යාප්තියයි. අප සිටින්නේ තුන්වැනි පියවරේ ‘බී’ කොටසේය. මේ වෙනවිට පවුලෙන් එළියට රෝගය ව්‍යාප්තවී ඇති බව ද වෛද්‍ය සොයිසා මහතා කීය.  

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් වෛද්‍ය සොයිසා මහතා මෙසේද කීය.  

හදිසි තත්ත්වයක් යටතේ රෝගීන් සංඛ්‍යාව වැඩි වුවහොත් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරා ගත නොහැකිවනු ඇත. මේ හඳුනාගත් රෝගීන් 100 න් 18000 ක් ගැන අවධානය යොමුකර ඇත. සමාජගත රෝගී විය හැකි පිරිස ගැන පැහැදිලිව කිව නොහැක.  

මේ පිරිස් ගැටෙන එක අවම කළ යුතුව ඇත. වැඩි රෝගීන් පිරිසක් සිටින්නේ කොළඹය. කළුතර ගම්පහ අනෙක් ප්‍රදේශයි. මේ අය අතර පළාතෙන් බැහැරට ගිය අය සිටිනු ඇත. ඉන්දියාව දින 21 ක් සියල්ල නතර කර ඇත. සියයට 75 කට වඩා රටේ සංචරණය නතර කර ඇත. ඒ අය සඳහා ජන ජීවිතය ගෙන යාමට තීන්දු තීරණ ගත යුතුව ඇත. ද්‍රව්‍ය නිවාසවලට ගෙනගොස්දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. රෝගය ප්‍රබල වූ පසු ප්‍රතිකාර කිරීමට අපට ඇති අවස්ථාවන් සීමා සහිතය.  

කොතලාවල වෛද්‍ය පීඨයට අදාළ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය යොදා ගැනීමට පියවර ගෙන ඇත. ඇඳන් 80 ක් 100 ක් අතර ප්‍රමාණයක් එහි සැකසිය හැකි වෙයි. ඉදිරියේදී තදබදයක් ඇතිවුවහොත් එයට සූදානම් විය යුතුව ඇත. රෝගය බරපතළ වුවහොත් තදබදයක් ඇති නොවනසේ පියවර ගැනීමට සූදානමක් තිබිය යුතුව ඇත. හදිසි ප්‍රතිකාර, විශේෂයෙන් නිර්වින්දන වෛද්‍යවරු මේ ගැන සාකච්ඡා කර තිබේ.  

මේ තාක්ෂණය යොදා ගත හැකි අවස්ථාවකි. රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ලබාදීමේදී තාක්ෂණය දියුණු කළ යුතුව ඇත. මේ වෙනවිටත් වෛද්‍යවරු 10 ක් පමණ නිරෝධායනයට යෙදවීමට සිදුවී ඇත. වෛද්‍යවරු යෙදවීමට නොහැකි වුවහොත් එය බරපතළ ප්‍රශ්නයකි. වෙනත් රටවල වෛද්‍යවරු බොහොමයක් සේවයෙන් ඉවත්වී ඇත.  

මේ තත්ත්වයන් මත අප්‍රේල් 1 සිට 7 වැනිදා වෙනතුරුවත් උච්චම අවස්ථා ලෙස සැලකිය යුතුය. සමාජ දුරස්ථතාවය දෙවැනි පියවර යටතේ තිබිය යුතුය. දැනට තිබෙන දත්ත අනුව පසුගිය 23 හා 24 දිනවල කරන ලද ක්‍රියාකාරකම් සමග එතැන සිට සති දෙකක් බැලිය යුතුය. ගිය 13 වැනිදා සිට 27 වැනිදා දක්වා එක් අවස්ථාවක්ද, දෙවැනි අවදානම අප්‍රේල් මුල් සතියේද විය යුතුයි. ඒ අනුව මාර්තු 25 සිට අප්‍රේල් 7 දක්වා ඉතා අවදානම් කාලයක් ලෙස සලකා ජනතාව ඒකරාශීවීම වැළැක්වීමට වහා පියවර ගතයුතු බවද හෙතෙම අවධාරණය කළේය.  

Tuesday, March 24, 2020

ඇය අම්මා නම් විය........................


නුඹත් මවක් වන්නට ඇත
දරුවන් එක දෙක වදාපු
මව් සෙනෙහස අභියස නෑ
ලොව කිසිවක් එරෙහි වන්නෙ
ලැබුණ පුන්චි විරාමයේ
නෑ කිසි විටකදි සැලුනේ
භය සංකා වට නොසැලී
යමු මේ දිවි ගමන පුතේ
















කොරෝනා හමුවේ නොවැටෙන ඉතාලිය - ලොව විශිෂ්ඨ රටකි එය



ලෝකයම පිස්සු වට්ටපු ඉතාලිය,❤️❤️

* ලෝක සිතියමේ බූට් සපත්තුව' වන නුඹ,

* ක්‍රිස්තු පූර්ව 71 වසරෙදී තම 40 වෙනි වියේදී ඝාතනයට ලක් වන රෝම අවිසුරුවකු (Gladiator) වූ ස්පාටකස් බිහි කළ නුඹ,

* ක්‍රිස්තු පූර්ව 44 වසරේ මාර්තු 15 දින ඝාතනය කෙරුණු, ජූලියස් සීසර් නම් රෝම අධිරාජයා බිහි කළ නුඹ,

* ක්‍රි.ව. 79 වසරේ අගෝස්තු මස 24, 25 දෙදිනදී පිපිරුණු විසූවියස් යමහලේ ලාවා වලින් යටවූ පොම්පේයි හා හ‍ර්කියුලේනියම් නගර තම ඇකයේ සඟවාගත් නුඹ,

* ක්‍රි.ව. 64 වසරේ ජූලි මස 17, 18 දිනවල රෝමය ගිනි ගත් විට වීනා වාදනය කළ බව කියන, මාතෘ ඝාතක පාලක නීරෝ බිහි කළ නුඹ,

* පීසා වල ඇලවුණු කුළුණ උසුලන් සිටින නුඹ,               

* පාලම් 400 කින් යාවුණු, දූපත් 118 ක් ඇල මාර්ග වලින් වෙන්වූ, සුන්දර වෙනිස් පුරවරය අයත් නුඹ,

* ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලය වන Bologna සරසවිය ක්‍රි.ව. 1088 දී ඇරඹූ නුඹ,

* අති උත්තම පාප් වහන්සේ හට සෙවණ දෙන වතිකානුව දරා සිටින නුඹ,

* බ්‍රහස්පතිගේ සුවිසල් චන්ද්‍රයන් වන අයෝ,යුරෝපා, ගැනිමීඩ්, කැලිස්ටෝ සිව්දෙන සහ සූර්ය ලප, සිකුරු කලා, චන්ද්‍ර ආවාට, මුලින්ම දුටු මහා විද්‍යාඥ, ගැලීලියෝ ගැලීලී බිහි කළ නුඹ,

*සෙනසුරු චන්ද්‍රයන් වන ඉයාපැටුස්,රියා, ටෙතිස්, ඩියෝනි සිව්දෙන සොයාගත් තාරකා විද්‍යාඥ, ගියොවන්නි ඩොමෙනිකෝ කැසිනි බිහි කළ නුඹ,

* සුප්‍රකට ගණිතඥ ලියනාඩෝ ෆිබොනාච්චි            බිහි කළ නුඹ,

* මිනිසෙකුගේ මැදිකන උගුර හා සම්බන්ධ කෙරෙන යූස්ටේකීය නාලයන් යුගල සොයා ගත්, බාතොලොමියෝ යූස්ටේකී බිහි කළ නුඹ,

* මිනිස් සිරුරක කුඩාම සෛලයක් වන ශුක්‍රාණුවක් විශාලම සෛලයක් වන ඩිම්බය සමඟ එක්වන අඳුරු,පටු මඟ වන පැලෝපීය නාලයන් යුගල සොයා ගත් කාය ව්‍යවච්ඡේද විද්‍යාඥ, ගේබ්‍රියෙල් ෆැලෝපියෝ බිහි කල නුඹ,

* රුධිර කේශනාලිකා සොයා ගත් මාර්සෙලෝ මැල්පිගී බිහි කළ නුඹ,

* කෘත්‍රිම සිංචනය මුලින්ම ලොවට හඳුන්වා දුන් ලැසරෝ ස්පැලන්සානි බිහි කළ නුඹ,

* ස්වයංසිද්ධ ජනන මතය සාවද්‍ය බව පරීක්ෂණාත්මකව තහවුරු කළ ෆ්‍රැන්සිස්කෝ රෙඩි බිහි කළ නුඹ,

* ලොව මුල්ම වායු පීඩනමානය ( Barometer ) තැනූ, ඉවැන්ජලිස්ටා ටොරිසෙල්ලි බිහි කළ නුඹ,

* ලොව මුල්ම රසදිය රුධිර පීඩනමානය ( Sphygmomanometer ) තැනූ සිපියෝනි රිවා රොකී බිහි කළ නුඹ,

* සත්ව විද්‍යුතය අනාවරණය කළ ලුයිජි ගැල්වානි බිහි කළ නුඹ,

* ලොව මුල්ම විදුලි කෝෂය හා බැටරිය තැනූ, ඇලෙසැන්ද්‍රෝ වෝල්ටා බිහි කළ නුඹ,

* දැන් වාමන ග්‍රහයෙකු ලෙස සැළකෙන මුල්ම ග්‍රහකය වන සෙරෙස් සොයාගත් තාරකා විද්‍යාඥ, ගයිසෙප්පි පියාසි බිහි කළ නුඹ,

* කණුවක බැඳ පණ පිටින් පුළුස්සා ඝාතනය කළ තාරකා විද්‍යාඥ, ගියොර්දානෝ බෲනෝ බිහි කල නුඹ,

* ඇවගාඩ්‍රෝ නියමය ඉදිරිපත් කළ රසායන විද්‍යාඥ, අමාදියෝ ඇවගාඩ්‍රෝ බිහි කළ නුඹ,

* සෛල තුල ස්‍රාවයන් නිපදවන ගොල්ගි සංකීර්ණය සොයා ගත් නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ, කැමිලෝ ගොල්ගි බිහි කළ නුඹ,

* මැලේරියා පරපෝෂිත ක්ෂුද්‍ර ජීවියාගේ ජීවන චක්‍රය මෙන්ම ඇනොපිලිස් ගැහැණු මදුරුවන්ගෙන් මැලේරියාව මිනිසාට ආසාදනය වන බව සොයා ගත්, ගියොවන්නි බැටිස්ටා ග්‍රාසි බිහි කළ නුඹ,

* කොළරා බැක්ටීයාව මුලින්ම සොයා ගත්, ෆිලිපෝ පැසිනි බිහි කළ නුඹ,

* ජලභීතිකා රෝගී බල්ලන් හා එම මිනිසුන්ගේ මොළයේ සෛල තුල වයිරසය අඩංගු 'නෙග්රි දේහ' නම් පොකුරු සොයාගත් ඇඩෙල්චි නෙග්රි බිහි කළ නුඹ,

* AIDS රෝගීන්ට  මාරාන්තික වන  නියුමෝනියා රෝගයක් ඇති කරන  නියුමොසිස්ටිස් කැරීනි නම් අහිංසක බැක්ටීරියාව සොයා ගත්, ඇන්ටෝනියෝ කැරීනි බිහි කළ නුඹ,

* අඟහරු ග්‍රහ ලොව මත දුරේක්ෂයෙන් දුටු රේඛා කෘත්‍රිම ඇල මාර්ග ලෙස වරදවා හඳුනාගත්, ගියොවන්නි ෂියාපෙරලි බිහි කල නුඹ,

* ගුවන් විදුලි යන්ත්‍රයේ නිර්මාණකරු,                                                                                       ගුග්ලියෙල්මෝ මාර්කෝනි බිහි කළ නුඹ,

* ලොව මුල්ම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය නිර්මාණය කළ නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ, එන්රිකෝ ෆර්මි බිහි කළ නුඹ,

* ටෙක්නීෂියම් (Tc) සහ ඇස්ටටීන් (At) යන මූල ද්‍රව්‍ය මෙන්ම ප්‍රති ප්‍රෝටෝන අංශු මුලින්ම සොයා ගත්  නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ, එමිලියෝ ජිනෝ සෙග්රේ බිහි කළ නුඹ,

* අභ්‍යවකාශයේදී  'එස්ප්‍රෙසෝ' නම් ක්‍රමයට කෝපි පිළියෙල කර පානය කළ මුල්ම පුද්ගලයා වන, සමන්තා ක්‍රිස්ටොෆොරෙටි යන අභ්‍යවකාශගාමිනිය ඇතුළු තම දරුවන් රැසක්ම උඩු ගුවනට යනු ආඩම්බරයෙන් බලා සිටි නුඹ,

* පෙර පාසල් අධ්‍යාපනය හඳුන්වා දුන් අධ්‍යාපනඥ, මාරියා මොන්ටිසෝරි බිහිකළ නුඹ,

* 'මොනාලිසා' සිත්තම් කළ ලියනාඩෝ ඩාවින්සි බිහි කළ නුඹ,

* 'ඩේවිඩ්' ප්‍රතිමාව මූර්තිමත් කළ මයිකල් ඇන්ජිලෝ  බිහි කළ නුඹ,

* ප්‍රකට චිත්‍ර ශිල්පීන් වන රෆායෙල් සහ ගියෝටෝ බිහි කළ නුඹ,

* 'The Divine Comedy' පබැඳූ මහා කවි, ඩාන්ටේ අලිගියරි බිහි කළ නුඹ,

* 'The Prince' රචනා කළ දාර්ශනික හා ලේඛක, නිකොලෝ මැකියාවෙලි බිහි කළ නුඹ,

* මහා කවි හා ලේඛක ගියොවන්නි බොකාසියෝ බිහි කළ නුඹ,

* සුප්‍රකට නවකතාකරුවකු හා ලේඛකයකු වන ඇල්බර්ටෝ මොරේවියා බිහි කළ නුඹ,

* 'Last Emperor', 'Last Tango In Paris', 'Little Budda' සිනමා කෘති නිමැවූ ඇකඩමි සම්මානලාභී අධ්‍යක්ෂ බර්නාඩෝ බර්ටොලුසී බිහි කළ නුඹ,

* නාසි නායක හිට්ලර් සමග දෙවන ලෝක මහා සංග්‍රාමයේදී එක් වූ ෆැසිස්ට් නායක, බෙනිටෝ මුසොලිනී වැන්නෙකුත් බිහි කළ නුඹ,

* 'ෆියට්' , 'ෆෙරාරි' , 'ලැම්බොගිනි' වැනි වටිනා මෝටර් කාර් රථ ලොවට බිහි කළ නුඹ,

* මාරාන්තික වයිරස් වසංගතයකින් ලොවම ගලවා ගැනීමේ සටනක් ගැන ඩෑන් බ්‍රවුන් ලියූ, Inferno' (නිරය) නවකතාවට තෝතැන්න වූ නුඹ,

* Covid 19 වයිරස් වසංගතය ඉදිරියේ පරාජය විය නොහැක!!!
                       
මනුෂ්‍යත්වයේ නාමයෙන්,   

ඔබට Covid 19 වෛරසය පරාජය කිරීමට ශක්තිය ලැබේවා!!! ❤️❤️     
 
Premashantha Kumarasiri ගේ වෝලයෙන් උපුටා ගැනුමකි.

Thursday, March 19, 2020

COVID -19 තවදුරටත් ව්‍යාප්ත වුවහොත් මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි ය







නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අද (19) ලොවට අනතුරු ඇඟවීය.

මෙම වයිරසය දුප්පත් රටවල පැතිර ගියහොත් විශාල හානියක් සිදුවිය හැකි බව කී මහලේකම්වරයා ඉන් වැළැක්වීමට නම් මුළු ලොවම නව කොරෝනා වයිරසයට එරෙහිව එක්ව සටන් කළ යුතු යැයි ද කීය.

‘‘ලැව්ගින්නක් ලෙස වයිරසයට ව්‍යාප්ත වීමට ව්‍යාප්ත වීමට ඉඩ දුන්නොත් මිලියන ගණනක් මිය යන්න පුළුවන්. විශේෂයෙන්ම ලොව අවදානම් කලාපවලට මෙයින් වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩි’’ යැයි ද ඔහු කීවේය.

‘‘මුළු ලෝකයම සහයෝගයෙන් සහෝදරත්වයෙන් වැඩ කරන්න ඕනෑ. හැමෝම මේකට උනන්දු වෙන්න ඕනෑ. මේ සඳහා සදාචාරාත්මක අවශ්‍යතාවක්. එය අත්‍යවශ්‍ය’’ යැයි ද හෙතෙම කීය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ‘‘සෞඛ්‍ය ව්‍යවසනයක්’’ යැයි ද ඒ සඳහා මුළු ලොවම එක්ව සටන් කළ යුතු යැයි ද හෙතෙම කීය.

‘‘හැම රටක්ම ඔවුන්ට හැකි පමණින් ඔවුන්ගේම උපායමාර්ග ගනිමින් ඉන්නවා. මේ කටයුත්තකම විනිවිදභාවය තිබිය යුතුයි.

අපි ඉක්මන් පියවර ගත යුතුයි. ඒ වගේම අර්බුදයකට මුහුණ දීමට ශක්තිය නැති රටවලට උදව් උපකාර කළ යුතුයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය බහුපාර්ශ්වීය සටනක් ගෙන යනවා. සෑම රටක්ම සෑම ආණ්ඩුවක්ම ඊට සහයෝගය දැක්විය යුතු’’ යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.