Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

Thursday, February 2, 2017

සමරමු කුලී නිදහස




කෑම එක Free බෝතලය  Free    
පාට කොඩි දී දිනය ඔබෙ කී
දවසෙ කුලියත් දී
මැති ඇමති එක්ව කා බී
පායපන් හිරු කී
හෙට දිනත් සරු වෙයි  කී
කියා නැටුවත් වෙහෙසී
මුළාවකටම තවත් යට වී
වසර හැට නවයක් ගත වී
සමරමු කො අපි කී
එකෙක් නෑ ගැති වී
නගන්නට යළි රට එක් වී
මඩිය තර කරතී
උනුන් හොද හැට්  කා බී
පිට රටට ගැති වී
සිහල ගැති අමතක  වී
සියලු දේ විකින
රටම උකසට විකිනී
හෙට දිනක දියුණූ
රටක නෑ දකිනූ
සැම කල්හිම අසමූ
උන්ගෙ වැදි බන පමනක්ම ඇසුනූ.





Wednesday, January 4, 2017

කුළ ගෙට යනතුරු දියනියකට හෙටක්







වැලි පොල් කටු ගෙන 
මිදුලේ තනියම 
බත් ඉව්වා නුඹ 
මවක වෙලා
බෝනික්කා ගෙන 
වෙද ගෙදරට 
හඬමින් දිව්වා 
පියකු වෙලා
කෝටුව අරගෙන 
කවි ගී කිව්වා 
තනියම ටීචර් 
කෙනකු වෙලා
සුරතල් දෝණිය 
අපටත් නොදැනීම 
අද මහ ලොකු 
ගැහැණියක වෙලා
නුඹේ යොවුන් සිත 
පාට සිහිනවල 
රහසින් වත් නැත 
සැරි සැරුවේ
සුවඳට දිව එන 
මත් බමරුන් දෙස 
නුඹ නැහැ 
හොරැහින් වත් බැලුවේ
දොසක් අහන්නට 
දෙමවුපියන් හට 
දුවේ ඉඩක් නැහැ 
නුඹ තැබුවේ
කිරුළක් නැතුවත් 
නුඹ හින්දා මම 
රැජිනක් වූවා අද





Sunday, January 1, 2017

ගැහැනුන්ගේ කඳුළු













ගැහැනුන්ගේ නෙතගින් ද 
සිතැගින් ද

රිදවා රිදවා ගලන ඒ

උණුසුම් කඳුළැලි

සිව් දිගින් ගලා ඇවිදින් 

ලෝකයම උතුරා යන දාක

ඒ උණුහුම් කඳුළු අතර ම
ඒවාට් ඉගිද බිගිද දුන්
කෲර මිනිසුන් ගිලී යනවිට
සියල්ල සිදුවී හමාරය
ගැහැනියකගෙ හිතක උනන

 කඳුළු බිංදුවක වගතුග

කවියක් කොට ලියා තබමි 

ඇහැ ගැටුණොත් කියවනු මැන

ලොව දහසක් පතිනියනට 

ඇහෙනවාද මගෙ මේ හඩ

ඒ කවියේ අකුරු අතර 

ඔබෙ කඳුළත් ඇති බලන්න




Tuesday, December 27, 2016

අරුමැති සාදයක්









එගොඩ වත්තෙ බංගලාවෙ
ලොකු හාමුගෙ
උපන් දිනේ සාදෙ අදලු
වත්ත වටේට ම දල්වා
පාට පාට විදුලි බුබුළු
බලන් නඟේ
නුඹ කවදාවත් දැක නැති
මේ විසිතුරු
ලොකු කුඩ සිටුවා තැන තැන
මේස රවුමෙ පුටු තියාන
ගනිමින් මධුවිත ටික ටික
දුම් දමනා රසමසවුළු
බලපන් බුදිනා අරුමය
නාභිය පෙන්වා ඇදගෙන
ඇඟට හිරට කොටට ඩෙනිම්
තවරා වත්සුනු සියොලඟ
පැද්දෙන පෙරළෙන කාලේ
රැඟුම් රඟදෙන අරුමය...
සඳත් බැස යනව හිමිහිට
කාලය ගිය හැටි නොදැනි ව
අන්දර වැට මුල්ලෙ ඉඳන්
බැලුවා ඇති ඔය විගඩම්
උදෙන් පිසූ
බත් ඩිඟිත්ත
පිළුනු ගැහෙන්නට කලියෙන්
කන්නට විගැහින් අපි යමු
නඟේ අපේ
පැල් කොටේට...








Sunday, December 25, 2016

සුනාමියට වසර 12 යි







ගැඹුරු සත්සර පතුල බිදලා
ඇබරි ඇබරී වියරු රළ පෙල
මුහුද මහ මැද දෙදරවාලා
බුර බුරා නැගි කුරිරු රළ පෙල

වෙරළ සම්පත ගිලා ගත්තේ
මිනිස් ජීවිත දසදහස් ගනනින්
නිවෙස් සුණු විසුණු කරමින්
සියලු හිමිකම් නසා දමලා

දුවපු මහ දන මනන් අතරේ
මහළු ගැබ්බර අබල දුබල අයද
හැති දමා පරදුවට තබලා
දිව්වෙ තම දිවි රැකුමටා

නිමාවුනි රළ බිදුනු පෙම හා
මහ පොළොව දෙවනත් කරාලා
ශේශවූ වේ කැබලි පමනකි
ගලින් ඉදිවුන මාලිගා




Wednesday, December 21, 2016

වැඩිහිටි නිවාසේ සිට පුතුට ලියමි




මිරිවැඩි නොහදුනන පා යුග ගෙවෙන තුරා
කරගැට මල් පිපී දෑතම ගෙවෙන තුරා

සරසවි උපාධිය නුඹ වෙත වඩින තුරා
ඩාදිය වැගිරුවෙමි ගත සවි තිබෙන තුරා


නිළ දරුවෙකු වෙලා වගකිව යුතු තැනක
නිළ රිය අරන් යන නුඹ විලසින රජෙක

පල ලැබු නිසා එදවස දුටු සිහිනෙක
ගැලවුම් කරුයි සිතුනා නුඹ පෙර පිනක


කාළය දෙපා අතරින් රිසි ලෙස ගැලුවා
සීදේවියක නුඹෙ පතිනිය වී ආවා

වාසල නුඹේ පිය හට නුසුදුසු වූවා
මා අමතකව ලොව උඩු යටිකුරු වූවා


මා වැනි පියවරුන් තව හිස් අහස බලා
පසුවෙති අසරනව මෙහ උකටලී වෙලා

අහරක් අවැසි නැති තරමට රිදුම් වෙලා
කුසගිනි මකයි උතුරන දුක් කදුළු වෙලා


නුඹෙ ගෙයි කැකුළු මල් පැහැ මම නොදනී
මුව පොව්වන්ගෙ දග සිහිනෙන් දකින්නෙමි

හෙට එයි මහළු විය එය සිහි කරන්නෙමි
මේ දුක නොවේවා නුඹ හට පතන්නෙමි  





Friday, December 16, 2016

ජීවිතය










රුණළු ව
ගිනිදළු ව
මළහිරු ව
හැලඹරින් බැස යද්දි දිවයුරු
තුරු මැදින් සෙල වෙමින්
පෑළදොරින් ගෙට ඇදෙයි
ගන අඳුර

දිවි මගේ පියවරක්
නිමා කොට එකළාව
හිත මිතුරු දෑත් මත
දෙන ඇතුළේ උඩුකුරුව
කෙනෙක් අවසන් ගමන්
යන අයුරු මට කියයි
හඬ හඬා දුරින් දුර
මැකී යන මළ බෙරය

දොරකඩින් පටන්ගෙන
පෙනෙන මානයෙ දිවෙන
කොඩි බැඳපු සුදු කෝටු
තැනින් තැන මග දෙපස
විසිර ගිය ගොක් රෑන්
ගේ මිදුල අඳුරු කළ
ආවරණ සුදු රෙද්ද
පිරුවටෙන් වැසී ගිය
පේළි කළ හිස් අසූන්

කාන්සිය පාළු බව
හුදෙකලාවෙන් වෙලුණු
මගේ හද තනි කරන්
කියා දෙන හැටි අගෙයි
තථාගත හිමි දෙසූ
ඒ ගැඹුරු දහම් පද

එළිවේවී රෑ වෙවී
රෑ වෙවී එළි වෙවී
නොනැවතී ගෙවී යන
නිමක් නැති දින අතර
දවසක් ද ජීවිතය






Wednesday, November 30, 2016

කඩදහි ඔරු - ( සාර භූමියේ අතීතය සුන්දරය )










අපේ අතීතයෙ පුංචි දවස්වල වැහි කාලෙට එන පොඩි දිය පාරේ නුඹයි මායි බැස වතුර කඩිත්තේ මතකයි කඩදහි ඔරු පා කෙරුවා යන්නෙ ටික දුරයි ඔරුවෙ දිය පිරෙයි කොළයත් දියවෙයි වතුරට බිලි වෙයි නුඹේ පුංචි නිල් නෙත් යුග අතරින් දුටුවොත් ගිලිහෙන කඳුළක් දිය මත යළිත් හැදුවොතින් කඩදහි ඔරුවක් සිනා මල් පිපෙයි නුෙඕ ලවන් මැද පති කුලයට ගිය නුඹ අද ගම නැත දොළ පාරෙද දිය වියළී ගොස් ඇත මගෙ කඳුළු කැට කොපමණ හැලුණත් වියළී ගිය දොළ ඉපදීමක් නැත ගිලුන ඔරු හැමත් දිරාපත්ව ගොස් මා පමණක් මෙහි දැන් ඉතිරිව ඇත





Saturday, November 26, 2016

ටෙලිවිෂණී!





දිනෙන් දින
තරුණවනටෙලිවිෂණී
අදහාගන්න බැරි සුන්දරී පුංචි ම සන්දියේ ගලිවරුත් මට පෙන්නුවා හා හා හරි හාව - වාගෙ මමත් උඩ පැන්නා නිරාහාරව ව සිටි රෑක එබී අල්ලපු ගෙදරට උඹ දෙස බැලූ මගෙ පොඩි දවස සුන්දර ම හිරු මඬල වී මට රැගෙන ආ මල්ගුඩි දවස මට තාම මතකය කල් ගෙවී නයිට්‍රයිඩර් ප්‍රේමයක් මට පෙන්නුවා එදා සිට මගේ හිත හැම රෑම පැන්නුවා කළු සුදු අතරමැද අලුපාට අතීතය දෙබෑවුණු එක රෑක වර්ණවත් නුඹෙ මුහුණ දැක ගන්න වැසූවෙමි පාඩම් පොත මහ රෑ එකොළහට
ඇවිදින් මැද සාලයට උණා දැමුවෙමි නුඹේ සළුපට අනුරාග ගිනි සිළුව වෛවර්ණ රූ සපුව නාභියත් වටකරන් නාගයෙක් පච්චයක පයෝධර වට පවා
සර්පයන් ඔතාගෙන බැලුවා ය මා දෙස ගොදුරක් දුටු කලෙක ළංවන හැපිනියක ලෙස සුරතින් ගිලිහුණාදුරස්ථ පාලකය බිම වැටි කුඩු වුණා
යෞවනයෙ ඉදිරිපිට...

Monday, November 21, 2016

කවි සිතුවම් පුබුදනා රාත්‍රිය











සුමුදු මුදු වළා අතරින්

පුන්සද එබෙනා
බැබිල මල් සදිසි 
තරු පොඩිති අහසෙ දිලෙනා
කැකුළු මල් ඕවිල්ලෙ
සිගිති පිනි බිදු නිදන රාත්‍රිය
නෙක නාද රටාවෙන්
රැහැයි පළගැටි ගායනා
සුමුදු සේපාලිකා කඩුපුල්ද
මුදු සුවද මුදා සුළගට
නෙත් හරින 
තුරුලතා නැලවෙමින් මද පවනෙ
කවි සිතුවම් පුබුදනා රාත්‍රිය
බලන්න නිමේශයකට
කොතරම් සුන්ද




Tuesday, October 25, 2016

වෙනස








ගමට කලින් හිරු වැඩියට
මොළවන්නට ලිපක් කොහිද.....
ළඳු දෙණිවල ඇවිද ගිහින්
මිටි බඳින්න දර කොයින්ද.....
රටා තියල අමදින්නට
වැලි මිදුලක් මෙහෙ කොයින්ද
නිල් තණකොළ හැඩට වවපු
සිමෙන්ති බිම හතර වටේ
වෙරළු දං හිඹුටු මෙහෙ නෑ
බෙහෙතකටත් හොයා ගන්න
ගෙදර යන ගමන් ගන්නට
ගහෙන් කැඩුව නැවුම් ඒවා
දිය පාරේ තිත්ත පැටවු
උඩ පැන පැන නටන්නෙ නෑ
ගේ ඇතුළෙ ම මහා පොකුණු
ගෝල්ඩ් ෆිෂ්ලා, සින්දු කියන
දෙ ඇස් පොවන හැම මානෙම
විසල් පවුරු අහස උසට
පීදෙන නිල් කෙත්වතු නැහැ
නිල් අහසට සිනා සලන
හමන සුළඟ සිහිලක් නෑ
ගිනි ගත් හිත් නිවාලන්ට
ගමේ පැලට වැඩිය සැපක්
මෙහි තියේද සොයා ගන්න





Friday, October 21, 2016

සාමා අමර නයනා සමග එක් වූ සල් ගස







මග තොටදී අද සාමා හමු විය
ඇය ගුරුතුමියක් ඉස්කෝලේ
අමරත් බැදලලු පුතෙක් ඉන්නවලු
ඇය කී පසුවයි දැන ගත්තේ

අපි දුට් සල් ගස කපා දමාලූ
මුළු පරිසරයම එහි වෙන්සලු දැන්
දරා ගන්න බැරි ඒ ශෝකෙන් සිටි
නයනා සමුගත්තලු රහසේ

සල් ගස නයනා සාමා සිහි වී
මගේ හදත් සැලුනා රහසේ
කවදත අමතක නොවෙනා කාලෙක
සුන්දර මතක තිබ්බා අප හට

ආයෙත් යන්නට ඇත්නම් පාසල්
හිත මගෙ කියනව මට ඇසුනා
එකේ ප0තියේ ඒ පිටු අතරේ
ආයෙහ්ට් මගෙ හිත ඇදිල ගියා




Thursday, October 20, 2016

කදුළු මිළ කළ හැකි නම්




කඳුළු මිල කළ හැකි නම්
බෝ පෝසත් ය අද මම්
තැවුල් විකිණිය හැකි නම්
සත් මහල් මත හිඳිමි අද මම්

සිනා සල්පිල් ඇති කළ
කවුරු ගොඩවෙද කනස්සලු පිල
සතුටු විදුලිය බල බල
කවුරු තපිතිද තැවුල් ගිනි මැල

ඇතිරිලි මත සුමට
නිදන සිහිනය දකින දනහට
ඇවිටිලි කොට කුමට
අකමැතිය ගොඩවෙන්න පැදුරට

දෑවැදි පහුරු පිට
නැග දන ඇදෙති එගොඩට
මට මිල නැති කලට
කවුරු කරති ද මෙමා එගොඩට

Friday, October 14, 2016

මහල්ලා සහ සැඳෑව






ගේ පුරා රජයයි
නිහඬතාවය පාළුව
දුබල එළියකි කුප්පිය
සක්මන් කරයි තනිකම
ගියේ ඈ කොතැන ද
ආයෙත් එයිද කිසි දින
ගෙවී ගිය ඈ සමගින්
අතීතය විසිතුරු ද කොතරම්
බත් ඉදෙන සුවඳකි ගෙතුලේ
මිදුලේ වැලේ රෙදි කඩ
පොල් අතු හැඩේ සුදු වැලි
සවස් යාමය සුවයකි
පවුල් වී දුරබැහැරට
නික්ම ගිය දූ දරුවන්
දෙදෙනා පැලේ එක්වී
ගෙවූ දිවි සුවපත් ද කොතරම්
ඇය නැත ඇගේ සුවඳයි
සැඳෑ සුළඟේ එන්නේ
වැල් ඇඳ තනි රකී මට
කඳුළ පාළුව සමඟින්


Wednesday, October 12, 2016

නූතන ජීවක වෙදදුරන්








”ඉඳගන්න”.
”හිටගන්න”.
”ප්‍රෙෂර් අද වැඩිවගේ.”
”බෙහෙත් වැඩිකර බලමු.”
”එහා ෆාමසියෙන් ගන්න.”
”එන මාසේ මුල ආයෙ.”
”සුළු ගාණක් මගේ
ගාස්තුව වැඩි වෙලා.”
මේ බෙහෙත් ටික බීල
ඇවිත් මා හමු වන්න
වෙනසක් නෑ වගේනම්
ආයේ වෙනසක් කරමු
”ඊළඟ නොම්මරෙ එන්න.”




Monday, October 10, 2016

වැස්ස....










මේ කුළු අහසට වඩින්න
 විදුලිය රේඛා ඇදෙන්න 
හීගතු සුළඟක් ඇවිදින් 
හෙමිහිට ගතවට වෙලෙන්න

 රෙදි වේලල අරන් තියා 

අම්මා දර, දිය, වී ටික. 
සේරෝමත් ගෙට අරගන 
අගු පිලේම බල ඉන්නෙ 

 ගොළු වී ගිය විහඟ ගීත 

යළි අපෙ සවනට ඇසෙන්න 
තුරුළිය නව දලු මල් ලා 
පරිසරයම හැඩ කරන්න 

 ඇළ,දොළ ගංගා ගලන්න 

වතුපිටි සරුසාර වෙන්න 
සිවුපා සතුනට දිය බී 
සතුටින් එහෙ මෙහෙ සරන්න 

 මින් රළ සතුටින් දියඹේ 

පීනායන යුරු බලන්න 
වියළී ඉරි තැළුණ බිමෙන් 
ළා නිල් තණපත් නැගෙන්න 

 පෙම්වත් වැස්සක් වසින්න 

හනි හනිකට හනි හනිකට



Friday, October 7, 2016

මම නුඹේ පියා ය


 






මහලු වුව ජීවිතය?
අය කොටස පරදවා
වැය කොටස හිස ඔසවා
දූගේ ටියුෂන්වලට
පුතුගේ පාසල් වියදමට...
 
යහමින් කුස පුරවා ද?
කසී සළු ඇඟ දවටා ද?
 
ණයකරුගේ ගිණුම් පොතට
පඩි පත ම යට වෙලා...
කුලී වැඩ කොටස
අත පයට පවරලා...
පුතුනි, මම නුඹේ පියා ය
දැන් ඉතින් මහලු වී
අතපයට වාරුවක් නොමැති ව
තව ම හරි හරියට
මහා පොළවට ඔට්ටු වෙමි...
 
නුඹලා;
වැඩි වැඩිහිටියන් ව
ජීවිතය ගැටගසන තුරු









Monday, October 3, 2016

කසාවත







පුංචි සන්දියෙ දුවල පැනලා
ලන්ද බඩවැටියේ
ගඩා ගෙඩි කා ඇවිද නැටූ හැටි
ඕවිටක් ගානේ,

කුරුලු ගීයට බටනළා හඬ
මුසුකළා මම ආදරෙන්
ඇරී පාසල් සවස් යාමයෙ
ගත කලා සෙල්ලමෙන් නිතරම,

පුංචි සිවුරෙන් දෙවුර වහගෙන
බෝ සෙවණ යට භාවනාවේ
යෙදී උන්නත් මගේ  අම්මේ
ඒව සිහිවෙන විට දුකයි ,


සෙල්ලමට සිත දුව ගියත් මගෙ
එහෙත් මගෙ දුක තුනී වෙනවා
හතර වරිගෙ ම නිවන් දක්නා
බවක් එදා අම්මා කී නිසා.




Wednesday, September 28, 2016

එකම අරමුණක්...










මා රැකියාවට ගොසින්

ආපසු එනතුරා

නුඹ බලා සිටියා එදා

නුඹෙ පුංචි සන්දියේ

මා කිසිවක් ගෙන එතැයි

අපේක්ෂාවෙන්...


එලෙසින් ම

නුඹ එනතුරා

මමද බලා සිටින්නෙමි මෙදා

මගෙ සැඳෑ දිවියේ

නුඹ සුවෙන් එතැයි යන





Saturday, September 17, 2016

ගැහැනුන්ගේ කඳුළු





ගැහැනුන්ගේ
නෙත’ගින් ද සිතැ’ගින් ද
රිදවා රිදවා ගලන ඒ
උණුසුම් කඳුළැලි...

සිව් දිගින් ගලා ඇවිදින්
ලෝකය ම උතුරා යන දාක...
ඒ උණුහුම් කඳුළු අතර ම
ඒවාට ඉඟිද බිඟිද දුන්
ඒ කෘර මිනිසුන් ම
ගිලී යන විට
සියල්ලසිදු වී
හමාර ය


************

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular