Monday, December 25, 2017

ඉතිහාසය මකා ජාතිය යකාට ආගම අහකට දමන යහපාලනය

2017.12.10 වන ඉරුදින දිවයින පුවත්පතේ "විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවතට" යන මැය යටතේ කීර්ති වර්ණකුලසූරිය විසින් පළකර තිබූ පුවත දැක මම මවිතයට පත් වූයෙමි. මෙලෙස ඉතිහාසය මෙරටින් ඉවත් කිරීමට එක්‌තරා මහාචාර්ය වරයෙක්‌ සාකච්ඡා වට කිහිපයක්‌ම පැවැත්වූ බව එම පුවතෙහි සඳහන් කර තිබුණි. ඔහු සඳහන් කරන ආකාරයට පින්ලන්තයේ ඉතිහාස විෂයක්‌ නැති බවට ලැබී ඇති උපදෙස්‌ මත ලංකාවේ ඉතිහාසය ද අකාමකා දැමීමට සාකච්ඡා කරන බවයි හැඟී යන්නේ.

දැන් දැන් මේ රටේ සිදු වන්නේ, අදහාගත නොහැකි සිදුවීම්ය. රටේ ප්‍රශ්න නැතිවට රට අවුල් කරන ප්‍රශ්න හදන අය නිදැල්ලේ කුමන්ත්‍රණ කරමින් සිටී. ජාතික සම්පත් වැය කරමින් මහාචාර්ය පදවි ලබා ගත් මේ අය රටේ ආර්ථිකය ගොඩනඟන්න උපදෙස්‌ නොදී නැති ප්‍රශ්න ඇති කරන්න දරන වෑයම පිළිකුල් සහගතය. සමහරුන්ට මේ රට අනාගමික රටක්‌ කරන්න, පෙඩරල් රටක්‌ කරන්න, සම ලිංගික රටක්‌ කරන්න අවශ්‍ය වී තිබේ. භඨධ කාරයෝ දේශීය විදේශීය කුමන්ත්‍රණකරුවෝ අධිරාජ්‍යවාදී පාලන සමයේදී පවා ඉටුකරගත නොහැකිව තිබූ උරුමයන් වනසන්න සුදුසුම යුගය හැටියට මේ පාලන සමය යොදාගෙන රටේ පිනුම් ගහන්න සූදානම් වීම කණගාටුවට කරුණකි.

රටකට ඉතිහාසයක්‌ අවශ්‍ය නැතැයි කියන භෞතිකවාදී නරුමයන් කිහිප දෙනෙක්‌ රහසිගත ලෙස දරන උත්සාහයන් ගැන මවිසින් ඉතිහාස විෂය අධ්‍යාපන විෂය මාලාවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ ඇති බවට මේ වසරේ මුල් භාගයේ දී දෙරණ රූපවාහිනි මාධ්‍ය ඔස්‌සේ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්‌වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරා- මැතිතුමා එදිනම එවැන්නක්‌ කිසිසේත් සිදු නොකරන බවත්, තමන් එවැන්නකට ඉඩ නොතබන බවත් ප්‍රසිද්ධ රැස්‌වීමකදී ප්‍රකාශ කර තිබුණි. එසේ නම් මේ දිවයින පුවත කාගේ උවමනාවකට අනුව සිදු වන්නක්‌ ද? නැති නම් අප කාටත් කොලේ වහලා මෙම අමන ද්‍රෝහී ක්‍රියාව සිදු කරන්න සූදානම් වෙනවාද? මේ සිදුවීම් දෙස බලන විට මේ රටේ පාලකයන් සියලු දෙනාම දැනුවත්වම විශාල විනාශයක්‌ මේ රටට කරන්න සූදානම් වෙලාදැයි සැක සිතෙයි. මහා පරිමාණයෙන් නටබුන් විනාශ කිරීම, විල්පත්තු වැනි මහා ජාතික වනෝද්‍යාන අක්‌කර දහස්‌ ගණනින් විනාශ කිරීම, විග්නේශ්වරම් මේ රට දමිළ රටක්‌ ය, දේවානම් පියතිස්‌ස රජතුමා ද දමිළයෙකි. යනුවෙන් කරන ප්‍රකාශ ද සලකා බලන විට මේවාද ඉතිහාසය නැති කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල දැයි සිතීම සාධාරණය. 

ඉතිහාසය දැනගැනීමෙන් දරුවන් ඈත් කිරීමට දරන උත්සාහය හෙළා දැකිය යුතුය. මෙමගින් සිදු වන්නේ තමන්ගේ පාරම්පරික උරුමයන් නැති කිරීමය. ජාතික සිරිත් විරිත් අහිමි කිරීමකි. දෙමාපියන්ට වැඩිහිටියන්ට ගරු නොකරන, ආචාර ධර්ම නැති සමාජයක්‌ බිහි වීමකි. අවසානයේ අපට ඉතිරි වන්නේ, කුඩුකාරයන්, සල්ලාලයන් සහ සදාචාර විරෝධී අක්‌මුල් නැති වල්මත් වූ සමාජයක්‌ පමණි. වර්තමානය ගොඩනැඟෙන්නේ, ඉතිහාසයේ පාඩම් ඉගෙනීමෙන්ය. එසේ නොමැති තැන රටකට ජාතියකට අනාගතයක්‌ ඉතිරි නොවනු ඇත.
බුදු දහම, කිතුනු දහම, ඉස්‌ලාම් දහම, ඉතිහාසයට අයත්ය. ලෝකයේ ඕනෑම ජාතියකට තමන්ට උරුම කෙටි හෝ දිගු ඉතිහාසයක්‌ ඇති බව කිව යුතුය. ඔවුහු තම අනන්‍යතාවන් දේවත්වයෙන් සලකති. වෙනත් අය තමන්ට නැති උරුමයන් පෙන්වා දෙමින් අයිතිවාසිකම් කියද්දී අවුරුදු දහස්‌ ගණනක අප සතු උරුමයන් නැති කිරීමට කැස කවන අය ගැන මේ රටේ වගකිව යුත්තන් නිහඬව සිටීම මහා අපරාධයකි.

අකිල විරා- ඇමැතිතුමනි, මේ ගැන විශේෂයෙන් සොයා බලා කවුරුන් හෝ ඉතිහාසය ඉවත්කිරීමේ වැඩපිළිවෙළක නිරත වී සිටිනවානම් ඔවුන්ගේ ඒ ක්‍රියාව රටට හෙළි කළ යුතුයි. මේ කියන මහාචාර්යවරයා කවරෙක්‌ද? ඔහුට රටක ඉතිහාසයක්‌ නැති කළ හැකිද? මෙය කාගේ හෝ ඩොලර් ලබා ගන්නා ක්‍රමවේදයකට ඔහු ගිජුවෙලාද? ජාතියේ උරුමය පිළිබඳ පුරාවස්‌තු පිළිබඳ පරිසරය පිළිබඳ, ඉතිහාසය පිළිබඳ, සංවේදී පිරිස්‌ හා බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමු වේවා. ලෝකයේ බලවත් රටවල් තම ඉතිහාසය අගේ කරද්දී, අපේ නරුමයන් එය අකා මකා දැමීමට පෙළගැසීම පුදුමයට කරුණකි.

ජනාධිපතිතුමනි, ඉහත කී කරුණු දෙස බලන විට ඔබතුමා ද නොදැනුවත්ව ඇතැම් බලවේග විශේෂයෙන් ජාතිවාදි බලවේග තමන්ගේ පටු අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන කරුණකි. එබැවින් අවසානය ඔබතුමාගේ චරිතයට ද්‍රෝහී ලේබලයක්‌ ඇලවෙනතුරු මෙම බලවේග රටට හානිකර ක්‍රියා සිදුකිරීමට තිබේ. එබැවින් අවදියෙන් සිටින මෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි. පසුගිය මාසයේ දී මැතිවරණ සීමා නිර්ණය කිරීමේ දී මනෝ ගනේෂන්, දිගම්බරන්, රවුෆ් හකීම්, ෆයිසර් මුස්‌තාපා යන දේශපාලකයන් දැඩි ජාතිවාදී පදනමක සිට ශ්‍රීපාද පාලනය බෞද්ධයන්ගෙන් ඉවත්වන පරිදි අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස්‌ 3 කට කඩන ගැසට්‌ටුවක්‌ නිකුත් කිරීමෙන් පසු ශ්‍රීපාද ස්‌ථානය අනාගතයේ ජාතිවාදීන්ගේ ගොදුරක්‌ බවට පත් කර ඇති බව පෙනේ. එදා ඉංග්‍රීසි පාලන සමයේ පවා සෙල්ලිපි මගින් පැරණි රජදරුවන් ශ්‍රී පාදයට ලබා දී තිබුණු ගම්වර වෙනස්‌ කිරීමට, අන්සතු කිරීමට ඉදිරිපත් නොවීය. එහෙත් පලාත් පාලන ඇමැතිවරයා ශ්‍රීපාදය ජනාධිපතිවරයා යටතේ තිබෙන්නේ යෑයි කියමින් ජාතිවාදී ලෙස බලය බෙදීමක්‌ සිදුවෙන පරිදි හා අනාගතයේ මෙම ස්‌ථානය ඔවුන් සතු යෑයි යන මිථ්‍යාවාදය සැබෑකර ගැනීමේ අපේක්‌ෂාවෙන් වංචනික ලෙස මෙම බෙදීම සිදු කරන්නට ඇතැයි අපගේ හැඟීමයි. එබැවින් ඔබතුමන් මැදිහත් වී මේ අදිසි හස්‌තයෙන් මෙම පූජා භූමිය නිදහස්‌ කිරීමටත් දැනට වේගයෙන් සිදුවන විල්පත්තු වන විනාශය නතර කිරීමටත් නීතිමය පියවර ගැනීමට නිර්භයව කටයුතු කරන මෙන් දන්වා සිටීමට කැමැත්තෙමි. රටේ වගකිව යුතු ප්‍රධානියා ලෙස ඔබතුමා සතු බලතල අනුව සෘජු තීරණයක්‌ ගතයුතු අතර එය ඔබතුමාටත් අපගේත් රටේත් යහපතට හේතුවනු ඇතැයි දන්වා සිටීමට කැමැත්තෙමි. එමෙන්ම වගකිවයුතු මහා සංඝයාගේත් දේශ හිතෛෂී සියලු දෙනාගේමත් විශේෂ අවධානය මේ සඳහා යොමු වනු ඇතැයි උදක්‌ම අපේක්‌ෂා කරමි.

පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්මවාගීශ්වර 
කැප්පිටියාගොඩ සිරිවිමල ස්‌ථවිර

Sunday, December 24, 2017

සුබ නත්තලක් වේවා

සාමයෙ මල් පොකුරු ලෝ සත හටම බෙදයි
පාපයෙ ගැලී ඇති අය පාපයෙන් මුදයි
ශෝකයෙ පහව ගොස් සෙනෙහසෙ සතුට සදයි
ලෝකයෙ සොදුරුතම නත්තල් දිනය අදයි

මිතුරන් වාගෙ ලොවම එකමුතු වී ඉන්න
සුපසන් ලෙස සැවොම ප්‍රේමෙන් සැනසෙන්න
දුගියන් වගේ නැති බැරි අය හට අතදෙන්න
සමිදුන් ඉගැන්වූවා ලොව ජයගන්න

Sunday, December 17, 2017

පාන් නැත්නම් බියර් බීපන් කිව්වලු.මාදම්පේ වෙළෙඳසලකට මාසෙකට යීස්‌ට්‌ කන්ටේනරයක්‌...

අය වැයෙන් බියර් මිල අඩු කිරීමට යෝජනා විය. බියර් මිල අඩු කිරීමත් සමඟ නීති විරෝධී කසිප්පු පරිභෝජනය අඩු වන බව ආණ්‌ඩුවේ මැති, ඇමැතිවරු ප්‍රසිද්ධියේ කතාබහ කළහ. ඒ කතාවලින් සනාථ වන්නේ රටේ කසිප්පු ජාවාරම වැඩි වී ඇති බව ඇමැතිවරු ද දැන සිටින බවය. එහෙත් එම කතා අම්බානට කසිප්පු බී මොළය කරච්චල් වී සිටින බෙබාලාට නම් ආතල්ය. සිහිබුද්ධියෙන් සිතන කෙනෙකු නම් ඒ කතා අසා හාස්‍යයෙන් සිනා සී පිළිකුළෙන් ඉවත දමන්නේය. මන්ද බියර් පාරිභෝගිකයන්ගේ සහ කසිප්පු පාරිභෝගිකයන්ගේ සමාජ පන්තීන් හා ජීවන රටාව බෙහෙවින්ම වෙනස්‌ය. තුන්වේලටම කසිප්පු බොන බේබද්දෙකුට සූර් වෙන්නට බියර් බූලියක්‌ බිව්ව ද මදිය. බියර් එකක සහ කසිප්පු බෝතලයක ඇති ඇල්කොහොල් ප්‍රමාණය සහ බේබදු සමාජ පන්ති දෙක අතර විශාල වෙනසක්‌ ඇති බව ප්‍රථමයෙන් අප වටහාගත යුතුය. රටේ නීති විරෝධී කසිප්පු ජාවාරම ගැන කතා කළ යුත්තේ ඊට පසුය.
 
 මේ වන විට මෙරට කසිප්පු
ජාවාරම විශාල ලෙස වර්ධනය වෙමින් තිබේ. වාර්තා වන අන්දමට කසිප්පු ජාවාරම වැඩිවීමට ප්‍රධාන හේතුව අරක්‌කු මිල වැඩී වීමටත් වඩා පොලිසිය කසිප්පු ජාවාරම්කාරයන්ව අත්අඩංගුවට නොගැනීමය.
 
 ''මාසෙකට නඩුවක්‌ දීලා... ඕ.අයි.සී. මහත්තයටයි, එස්‌.අයි. මහත්තයටයි කීයක්‌ හරි අතමිට මෙලෙව්වහම වැඩේ ෂේප්... රාළහාමිලාට නම් දඩමස්‌ ටිකක්‌, හොඳ අරක්‌කු බෝතලයක්‌ දුන්නම ඉහටත් උඩින්...'' රට පුරා කසිප්පු ජාවාරම්කාරයන් අප සමඟ හරි උජාරුවට එසේ කියූ වාර අනන්තය. එවැනි පොලිස්‌ නිලධාරීන් සහිත ප්‍රදේශවල කසිප්පු ජාවාරම් සිදුවන ස්‌ථාන වැටලීම් කළ ද ඵලක්‌ නැත. වැටලීමට පෙර කසිප්පුකාරයන්ට ඔත්තුව යන්නේය. එසැණින් ක්‍රියාත්මක වන කසිප්පුකාරයන් බඩු භාණ්‌ඩ ද රැගෙන මාරු වන්නේය. වැටලීම අසාර්ථකය. කසිප්පුකාරයන් නැවතත් පෙරන්නේය. කසිප්පු ජාවාරමයි, එකී ප්‍රදේශවල පොලිසියි ගහට පොත්ත වගේය. එහෙයින් ගමෙන් කසිප්පු ජාවාරම තුරන් කිරීම විශාල අභියෝගයකි. දැන් සිදු කළ යුත්තේ කසිප්පු ජාවාරමේ මුදුන් මුල මුලින්ම උදුරා දැමීමය. එනම් කසිප්පු පෙරීමට යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන යීස්‌ට්‌ පරිභෝජනයට නීති පැනවීමය.
 
 වාර්තා වන අන්දමට වර්ෂයකට මෙරටට යීස්‌ට්‌ මෙටි්‍රක්‌ ටොන් තුන්දහසක්‌ පමණ ආනයනය කරනු ලැබේ. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන පහළොවක්‌ පමණය. ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් යීස්‌ට්‌ ආනයනය කරනු ලබන අතර වර්තමානයේදී බහුලව යීස්‌ට්‌ ආනයනය කරනු ලබන්නේ චීන රටෙනි. මෙරට ලියාපදිංචි ආයතන දහයක්‌ පමණ යීස්‌ට්‌ ආනයනය කරනු ලැබේ. ඒ අතරින් සියයට හතළිහක පමණ යීස්‌ට්‌ ආනයනය කරනු ලබන්නේ මෙරට ලියාපදිංචි බහුජාතික සමාගමක්‌ විසිනි. එම ආයතනය ඇතුළු සියලු ආයතන ආනයනය කරනු ලබන යීස්‌ට්‌ ප්‍රමාණයෙන් මෙටි්‍රක්‌ ටොන් එක්‌දහස්‌ පන්සීයක්‌ පමණ බේකරි නිෂ්පාදන සහ බිස්‌කට්‌ සඳහා යොදාගන්නා අතර, යීස්‌ට්‌ ආනයනය කරනු ලබන ආයතන විසින්ම බේකරිවලට යීස්‌ට්‌ බෙදාහැරීම සිදු කරනු ලැබේ. ආනයනය කරනු බලන ඉතිරි යීස්‌ට්‌ මෙටි්‍රක්‌ ටොන් එක්‌දහස්‌ පන්සීයෙන් වැඩි ප්‍රමාණයක්‌ අලෙවිවන්නේ කසිප්පු ජාවාරම සඳහාය. එහෙත් එම ගනුදෙනුව යීස්‌ට්‌ ආනයනය කරන ආයතන සහ කසිප්පු ජාවාරම්කාරයන් අතර සෘජුව සිදුවන ගනුදෙනුවක්‌ නොවේ. කසිප්පු ජාවාරම සිදුවන ප්‍රදේශවල ඇති වෙළෙඳසල් හරහා වක්‍රාකාරව සිදුවන ගනුදෙනුවකි. විශේෂයෙන්ම යීස්‌ට්‌ වෙළෙඳාම ජයටම සිදුවන්නේ තොග වෙළෙඳසල් හරහාය. රට පුරා තොග වෙළෙඳසල්වලට බෙදාහරින යීස්‌ට්‌ තොග බොහෝ විට මිලදීගනු ලබන්නේ කසිප්පු ජාවාරම්කාරයන් විසිනි. මන්ද බේකරි නිෂ්පාදන සහ ගෘහස්‌ථව පිළියෙළ කරගන්නා පිටි කෑමවලට හැරනු විට යීස්‌ට්‌ යොදාගනු ලබන්නේ කසිප්පු පෙරීම සඳහා පමණි.
 
 මෙරටට ආනයනය කරන යීස්‌ට්‌ වර්ග හතරකි. වැඩි සීනි යීස්‌ට්‌, අඩු සීනි යීස්‌ට්‌, ටුඉන් වන් 
 
 යීස්‌ට්‌ සහ බේකරි නිෂ්පාදනවලට භාවිතා නොකරන යීස්‌ට්‌ය. මේ අතරින් මෙරටට බහුලව ආනයනය කරනු ලබන්නේ අඩු සීනි යීස්‌ට්‌ය. බේකරි කෑම සඳහා භාවිතා නොකර යීස්‌ට්‌ තොග සෘජුවම යොදාගනු ලබන්නේ කසිප්පු පෙරීම සඳහාය. අඩු සීනි යීස්‌ට්‌ තොග බහුලව යොදාගනු ලබන්නේ ද කසිප්පු පෙරීම සඳහා. බේකරි නිෂ්පාදන සඳහා සියයට හැත්තෑපහකට වැඩි ප්‍රමාණයක්‌ ලබාගන්නේ ටුයින් වන් යීස්‌ට්‌ය.
 
 මෙරට බහුල තම යීස්‌ට්‌ අලෙවියක්‌ සිදුවන්නේ මීගමුව, වෙන්නප්පුව, හලාවත අවට ප්‍රදේශවලය. මාදම්පේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළෙඳසලක මාසයකට යීස්‌ට්‌ කන්ටේනර පෙට්‌ටියක්‌ (කිලෝ ග්‍රෑම් 20000 ක්‌) අලෙවි වන බව ද වාර්තා වේ. එමෙන්ම කුරුණෑගල, ගල්ගමුව, කැකිරාව, අනුරාධපුරය, පොළොන්නරුව ආදී උතුරු මැද බොහෝ ප්‍රදේශවලට මෙන්ම කොළඹ, කළුතර, අලුත්ගම, ගාල්ල, මාතර දෙනියාය, වීරකැටිය, කතරගම, බුත්තල, මොනරාගල, ඇඹිලිපිටිය, රත්නපුරය ආදී ප්‍රදේශවල ද යීස්‌ට්‌ තොග වශයෙන් අලෙවි වන බව වාර්තා වේ. මාසයකට යීස්‌ට්‌ ටින් දහස මිලට ගන්නා තොග වෙළෙඳසල් ද ඒ අතර තිබේ. 
 
 වර්තා වන අන්දමට මාසයකට මෙරට පිටි පරිභෝජනය මෙටි්‍රක්‌ ටොන් හැටදහසකි. එම පිටි ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක්‌ බිස්‌කට්‌ නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වන අතර ඉතිරිය බේකරි නිෂ්පාදන සහ ගෘහස්‌ත පරිභෝජනය සඳහා යොදාගනු ලැබේ. බේකරි නිෂ්පාදන ක්‍රියාවලියේදී ද සෑම පිටි කෑම වර්ගයකටම යීස්‌ට්‌ යොදනු නොලැබේ. එමෙන්ම පිටි කිලෝ සීයක නිෂ්පාදන සඳහා යීස්‌ට්‌ යොදනු ලබන්නේ ග්‍රෑම් 250 - 500 අතර ප්‍රමාණයකි. මෙරට ලියාපදිංචි සහ නොවන සම්පූර්ණ බේකරි සංඛ්‍යාව හාරදහස්‌ පන්සීයත් පන්දාහත් අතර ප්‍රමාණයකි. එම බේකරිවල පාන් මෝලියකටම යොදන්නේ යීස්‌ට්‌ ස්‌වල්පයකි. බේකරියක සතියක නිෂ්පාදනවලට යීස්‌ට්‌ ග්‍රෑම් 500 ක ටින් එකක්‌ ප්‍රමාණවත්ය. එවැනි පසුබිමක වර්ෂයකට යීස්‌ට්‌ මෙටි්‍රක්‌ ටොන් තුන්දාහසක්‌ ආනයනය කරනු ඇත්තේ රටේ ජනතාවට කිරි හොදි කෑමට නොවන බව යීස්‌ට්‌ ආනයනය කරන ආයතන ද දැනුවත්ය. එමෙන්ම බේකරි කෑමවලට නොගන්නා යීස්‌ට්‌ ආනයනය කරනු ලබන්නේ පිට්‌ටු හදන්න නොවන බවද එම ආයතන දැනුවත්ය. එහෙත් එම ආයතන ව්‍යාපාරික මානසිකත්වයෙන් වාසිය ඉදිරියේ තොත්ත බබාලා ගානය. මෙරටට යීස්‌ට්‌ ආනයනය කරනු ලබන ආයතනවලින් වැඩි ප්‍රමාණයක්‌ බහුජාතික සමාගම්ය. රටේ මිනිස්‌සු කසිප්පු බී මියගිය ද ඔවුන්ට ගැටලුවක්‌ නැත. ඔවුන්ට ඇවැසි යීස්‌ට්‌ අලෙවියෙන් ලැබෙන ලාභය පමණි.
 
 1977 අවුරුද්දට පෙර මෙරට වෙළෙඳපොළේ යීස්‌ට්‌ ලබාදෙනු ලැබුවේ බේකරි බලපත්‍ර හිමියන්ට පමණි. එමෙන්ම යීස්‌ට්‌ විකිණීමේ අයිතිය පැවරී තිබුණේ සමුපකාරවලට පමණි. මෙරට වෙළෙඳපොළට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීමත් සමඟ යීස්‌ට්‌ වෙළෙඳාමත් නිදහස්‌ විය. ඕනෑම වෙළෙඳසලක යීස්‌ට්‌ විකිණීමට අවස්‌ථාව සැලසිණි. ඒ සමඟ පාන්වලට මිලට ගත් යීස්‌ට්‌ ස්‌වල්පයක්‌ දමා පළතුරු වඩියක්‌ ගහගෙන අඩියක්‌ ගහපු මිනිස්‌සු මහා පරිමාණයෙන් කසිප්පු පෙරන්න ගත්හ. ටික කාලයක්‌ ගත වන විට ගම්බද ප්‍රදේශවල සහ කොළඹ වතුවල බෙබාලට කසිප්පු නැතිවම බැරි මත් වතුරක්‌ විය. ප්‍රදේශයෙන්, ප්‍රදේශයට කසිප්පුවලට විශේෂ නම් ද පටබැඳිණි. හැලි අරක්‌කු, පෙති අරක්‌කු, ඒ නම් අතර ප්‍රසිද්ධය. පෙති අරක්‌කු ප්‍රසිද්ධ කොළඹ වතුවලය. පෙති අරක්‌කු යනු සීනි, යීස්‌ට්‌වලට අමතරව මානසික රෝගීන්ට ලබාදෙන බෙහෙත් පෙති කිහිපයක්‌ ද ගෝඩා හැලියට කලවම් කර පෙරා ගන්නා ලද කසිප්පුය. හැලි අරක්‌කු යනු පොල් රාවලට සීනි, යීස්‌ට්‌, රටඉඳි, පරණ වූ පළතුරු එකතු කර සතියක්‌ පමණ පල් කර හැලියකට දමා රත් කර පේරා ගන්නා ලද කසිප්පුය. හැලි අරක්‌කුවලට ප්‍රසිද්ධ මීගමුව, කොච්චිකඩේ, හලාවත, පුත්තලම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය. 
 
 කසිප්පුවලට ඇති ඉල්ලුම වැඩිවීමත් සමඟ හැලිය පැත්තකට දමා බැරල් භාවිතා කරමින් සීනි සහ යීස්‌ට්‌ පමණක්‌ යොදාගෙන අද පල්වෙන්න දමා හෙට පෙරන තත්ත්වයට කසිප්පු ජාවාරම දියුණු විය. ගෝඩා සහිත යකඩ බැරල් රත් කිරීමට දර ලිප් වෙනුවට ගෑස්‌ ලිප් යොදාගන්නා තරමට කසිප්පු ජාවාරමට උපරිම තාක්‍ෂණය එකතු විය. වතුර බැස යන දිය පාරක්‌ සහිත කැලෑ ප්‍රදේශයක රහසිගතව කරගෙන ගිය කසිප්පු ජාවාරම අද වන විට නිවාස, ගොඩනැඟිලි තුළ පේරන තරමට කසිප්පුකාරයන් කෙරුම්කාරයන් බවට පත්ව සිටිති. රත් කර දඟර කම්බියක ආධාරයෙන් පෙරා ගන්නා කසිප්පු සැර කිරීමට සීනි, යීසAට්‌වලට අමතරව කටු කම්බි, සිමෙන්ති, බැටරි කුඩු සහ ඇතැම් වේදනා නාශක පෙති වර්ගද ගෝඩා හැලියට එකතු කරන බව කසිප්පු ජාවාරම්කාරයන් සූර් පිට අපට කියූ විස්‌තරය. එසේ පෙරා ගන්නා ලද කසිප්පු ස්‌ප්‍රීතු බෝතලයකට වතුර බෝතල් තුනක්‌ පමණ කලවම් කිරීමට හැකි බවද ඔවුන්ගේ අදහසය. එහෙත් යීස්‌ට්‌ නොමැතිව කසිප්පු පෙරීමට නොහැකි බව කසිප්පු ජාවාරම්කාරයන්ගේ ද අදහසය. එසේ නම් මෙරට යීස්‌ට්‌ වෙළෙඳාමට සීමා පැනවීමක්‌ සිදු කරන්නේ නම් කසිප්පු ජාවාරම නතර කිරීමට විශාල පිටිවහලක්‌ වන බව සැබෑය. එහෙත් යීස්‌ට්‌වලට සීමා පැනවිය යුත්තේ මෙරට බේකරිකරුවන්ට අවැඩක්‌ නොවන අයුරිනි.
 
 මෙරට මද්‍යසාර භාවිත කරන පුද්ගලයන්ගෙන් සියයට හතළිස්‌නවයක්‌ (49%) කසිප්පු පානය කරන්නන් බව සමීක්‍ෂණ වාර්තාවලින් පෙන්වා දෙන්නේය. රට තුළ නීති විරෝධී මත්පැන් භාවිතය සහ අලෙවිය වැඩි වීම යනු නීත්‍යනුකූල මත්පැන් වෙළෙඳාමෙන් රජයට අයවිය යුතු බදු ආදායම පහළ වැටේ. එමෙන්ම ප්‍රමිතියෙන් තොර නීති විරෝධීව නිෂ්පාදනය කරන මත්පැන් පානය කර රෝගීන් වන මිනිසුන් සුවපත් කිරීමට රජයට විශාල වියදමක්‌ දැරීමට සිදු වී තිබේ. ගම්බද, වතු ජනපද තුළ මිනිසුන්ගේ බීමත්කම නිසා ගෘහස්‌ථ හිංසනය, ලිංගික අපයෝජනය, විරැකියාව සහ දිවි නසාගැනීම් ඉහළ ගොස්‌ ඇති බවද වාර්තා වේ. බිරින්දෑවරු දවස මුළුල්ලේ වෙහෙසී කුලියක්‌ කර උපයා ගන්නා සොච්චම බේබදු සැමියන් මංකොල්ලකා ගන්නා නින්දිත සිද්ධි ගම් පළාත්වලින් ඕනෑවටත් වඩා වාර්තා වේ. ගෙවල්වල අඩ දබරවලට මුල කසිප්පු බව ගැමි කාන්තාවන් කියති. මත්පැන් බී දුක තුනී කරගන්නා බව කියන පිරිමි සිටිති. එහෙත් බීමත් සැමියාගේ වධ බන්ධන නිසා දුක තුනී කරගැනීමට බොන ගැහැනු නම් නොවෙති. එහෙයින් දුකට මත යනු හිස්‌ කතාවකි. තිතට මත යනු අද තිබෙන බරපතල ගැටලුවකි. පොලිසිය සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල වාර්තාවලට අනුව මත්පැන් නිසා මරණ වැඩිම රටක්‌ ලෙස අපේ රටට ද ඉදිරියෙන්ම සිටිති. අධික මත්පැන් භාවිතය නිසා සීරෝසිස්‌ රෝගය වැළදී මිය යන ප්‍රමාණය ද මේ වන විට වර්ධනය වෙමින් තිබේ. තුන්වේලටම කසිප්පු බොන බේබදු මිනිසුන්ට බොහෝ විට අවසානයේ උරුම වන්නේ සීරෝසිස්‌ රෝගී තත්ත්වයෙනුත් ඔබ්බට ගිය දුක්‌ත මරණයකි. අක්‌මාව, වකුගඩු දිය වී ගොස්‌ ඇඟ ඉදි මී, කාසකාරයක්‌ ලෙස මියෑදෙන විට තැම්බුණු ඉස්‌සෙක්‌ ගානය.
 
 එහෙත් හොඳ හැටි මතට ඇබ්බැහි වී සිටින බේබද්දන් නම් කසිප්පු, අරක්‌කු නැති නම් බැටරි කූරක්‌ හෝ උරච්චි කර දිව තබාගෙන මත් වන බව නොරහසකි. එමෙන්ම මත්පැන් මිල කොතරම් ඉහළ ගියද බොන මිනිහා ආණ්‌ඩුවට බැණ, බැණ හෝ බොන බව ද අපි දනිමු. අපට ඇවැසි මත්පැන් බී මැරෙන්න යන අයව මතින් ගලවාගැනීම නොවේ. මතට ඇබ්බැහිවෙමින් සිටින තරුණ පරම්පරාව මත් දියෙන් ගොඩගැනීමය. එහෙයින් රටේ මිනිසුන්ට කසිප්පු බී ඉස්‌ ගෙඩි සේ මියෑදෙන්න ඉඩ දෙනවද? නීති විරෝධී මත් දියෙන් ගොඩ ඒමට යීස්‌ට්‌ පරිභෝජනයට සීමා මායිම් දමනවාද? තීරණය කළ යුත්තේ රටේ බලධාරීන්ය. කසිප්පු ජාවාරම නතර කළ හැකි හොඳම සහ කෙටිම මාර්ගය අපි පෙන්වා දුන්නෙමු. දැන් බලධාරීන් ක්‍රියාත්මක වන හැටි අපි බලා සිටිමු.

මාදම්පේ වෙළෙඳසලකට මාසෙකට යීස්‌ට්‌ කන්ටේනරයක්‌...

tharanga rathnaweera

Thursday, December 14, 2017

එතෙර උන්ගේ වුවමනාවට අපේ අටුකොටු වැනසීම.දෙවන ලෝක යුද්ධ​ෙයන් පසු ආර්ථිකයෙන් බිංදුවට වැටී සිටි ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සූරාකෑමෙන් ජීවත් වූ යුරෝපීය රටවල් මුහුණ පෑ බරපතළම ප්‍රශ්නය වූයේ සිය රාජ්‍යයන් පවත්වාගෙන යාම සඳහා ලෝකය සූරාකන්නේ ​ෙකසේද? කොහොමද? යන ආර්ථික ගැටලුවයි.

මේ වන විට අප ලෝක ආහාර දින 36 ක් වසරක් පාසා පවත්වා ඇත. 36 වැනි ලෝක ආහාර දිනය පසුගිය දා රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන ලදී. මෙම දිනය සැලසුම් කොට ආහාර බෝග නිෂ්පාදනය කරන ආසියානු රටවල් තුළ මේ දිනය පිහිටුවා පවත්වා ගෙන යාමට උපකාර කරන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගිනි. ආකෘ නමින් කෙටි නමකින් හඳුන්වන්නේ මෙම ආයතනයයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධාන සමූහයේ එක් සංවිධානයක් ලෙස හංවඩුව ලබා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේ 1944-1945 කාලවකවානුවේ ඇමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ රූස්වෙල්ට් මහතාය. ආකෘ ආයතනය උපන්නේ ඒ ආකාරයටය.   
දෙවන ලෝක යුද්ධ​ෙයන් පසු ආර්ථිකයෙන් බිංදුවට වැටී සිටි ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සූරාකෑමෙන් ජීවත් වූ යුරෝපීය රටවල් මුහුණ පෑ බරපතළම ප්‍රශ්නය වූයේ සිය රාජ්‍යයන් පවත්වාගෙන යාම සඳහා ලෝකය සූරාකන්නේ ​ෙකසේද? කොහොමද? යන ආර්ථික ගැටලුවයි. මේ පිළිබඳව රාජ්‍ය නායකයින් එක්ව අවස්ථා ගණනකදී සාකච්ඡා වට කීපයක් පැවැත්වූ අතර මේ අවදියට පෙර ඇමරිකාවේ කෘෂි ලේකම් ලෙස කටයුතු කළ අර්ල් බට්ෂ් නම් වූ රෝපණ ද්‍රව්‍ය නිපදවන්නකු කියා තිබූ කාරණය විමසුමට ගැනිණ. ඔහු කියා තිබූ කථාව මෙසේය.   
ආසියාතික රටවල මිනිසුන්ට ධනවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය හෝ මෙකී කිනම් වාදයකින්වත් වැඩක් නැති බවත් ඔවුන්ගේ එකම වාදය වන්නේ ආහාර වාදය හෙවත් ආහාර බෝග නිෂ්පාදනය පමණක් බවත් ඔහු කියා තිබුණි. මේ කථාවට ඕනෑකමින් කන් දුන් ජනාධිපති රූස්වෙල්ට් ආහාර නිෂ්පාදනය අවියක් ලෙස පාවිච්චි කළ හැකි නම් ආයුධ නිෂ්පාදනයට වඩා අපි ඊට අවදානය යොමු කරමු යයි අවධාරණය කළේය.   
ලෝක සූරාකන්නන්ගේ සූරාකෑමේ මාධ්‍ය වන්නේ වෙ​ෙළඳාමයි. මීට වඩාත් හොඳම වචනය වන්නේ ජාවාරම යන්නයි. මෙම ජාවාරම්කරුවන්ගේ නිෂ්පාදන වන්නේ ජීව ලෝකයට වින කරන ආයුධ, ගිනි දියර, වස විස, යන්ත්‍ර සූත්‍ර ආදියයි.   
ආහාර නිෂ්පාදනය සිදුවන්නේ පොළොව මතු පිට පසෙහිය. මේ පස තුළ ජීවයක් ගැබ් වී තිබේ. අා​පෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර භූතයන්ගේ සංකලනයෙන් ජීවය උපදී. මෙම ජීවය පොළොවේ පසට සංකලනය වේ. සියලු විද්‍යාත්මක හා අන්තර්ඥාන අවබෝධවලින් අනාවරණය වී ඇති කරුණු අනුව පොළොව මතුපිටට මෙම ජීවාත්මක පරිසරය ඇති වූයේ වසර කල්ප කෝටි ගණනකට පෙරදීය. තනිකරම ගිනි​ බෝලයක්ව පැවැති පෘතුවියේ මතුපිට තලයේ පමණක් ජීවයක් ඇති වීමට තරම් සුදුසු පරිසරයක් නිර්මාණය වුවද පොළොවේ අභ්‍යන්තරය තවමත් දරුණු ගිනි කන්දකි. සමහර රටවල වරින් වර මතු වන ගිනි කඳුවලින් එය සනාථ වේ. පෘථිවි ගර්භය තුළ ගිනි කඳු සේම ගිනි දියර වර්ග වස විස ආදියද පවතී. ඇමරිකාවේ නිෂ්පාදනය වන්නේ පෘථිවි ගර්භයෙන් ඇද ගන්නා වස විස සහිත ගිනි දියර හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආදියයි.   
පරිසරයට හා ජීවයට කෙතරම් හානිකර වුවත් ඇමරිකාවට ඇත්තේ පොළෝ ගර්භයෙන් ඇද ගන්නා මෙම ගිනි දියර වස විස හා තෙල් වර්ගයන්ය. ඇමරිකාවේ ආර්ථිකය හසුරුවා ගැනීමට නම් පොළොවෙන් ඇද ගන්නා මෙවැනි දේ වෙ​ෙළඳ භාණ්ඩ බවට පත් කොට ලෝකයට බෙදාහැරිය යුතුය. ආසියාව ආහාර බෝග නිෂ්පාදනයේ ලොකුම වෙළෙඳ පොළය. මෙම ආසියානු ආහාර බෝග නිෂ්පාදනය අැමරිකාවේ තෙල් හා වස විස ආශ්‍රිත නිෂ්පාදනයක් බවට පත්කරලීමෙන් අැමරිකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා කටයුතු කිරීම හා කටයුතුවල සම්බන්ධීකරණය කෙළින්ම ආකෘ සංවිධානයට පරවනු ලැබිණ. වස විස හා තෙල් වර්ග අළෙවි කර ගැනීමෙන් ආරම්භ කරන ලද ආර්ථික විප්ලවයේ කුමන්ත්‍රණ අපේ රටවලට පැමිණියේ හරිත විප්ලවයේ හාස්කම් අැති කරන නාමයෙනි. ​ෙම් හරිත විප්ලවයේ නියමුවා වූයේ ​ආකෘ සංවිධානයයි. ​ෙද්ශීය ගොවිතැන උඩු යටිකුරු කරමින් මේ රටේ ​ගොවිතැන ආක්‍රමණය කොට, දෙබිඩි බීජ උත්පාදනය රසායනික පොහොර භාවිතය පළිබෝධනාශක භාවිතය වල් නාශක කෘමි නාශක ආදිය මේ රටට කද බැඳගෙන ආවේ හරිත විප්ලවය හරහා ආකෘ සංවිධානය මගිනි. හරිත විප්ලවය හෙවත් ඇමරිකාවේ තෙල් හා වස විස විකුණන සූත්‍රය දෙබිඩි බීජවලට හා රසායනික ගිනි තෙල් හා කෘත්‍රීම පො​ෙහාරවලට මුළු රටම අැබ්බැහි කරවන්නට 1960 සිට එක් දශකයකට වඩා කල් ගියේ නැත.   
ලංකාවේ දේශපාලකයන්ට මෙන්ම රාජ්‍ය කළමනාකරණ මට්ටමේ නිලධාරීන්ට ද විදේශීය ශිෂ්‍යත්ව පුහුණු වැඩසටහන් යාන වාහන ආදී අනේක විධ වරදාන ආකෘ සංවිධානය මගින් ලබා දෙමින් ඔවුන් පදමට හීලෑ කර ගැනීමෙන් පසු ඔවුන් ලවා වස විස සහිත ගිනි තෙල් වර්ග හා ආම්පන්න මෙරට ගොවිතැනට හඳුන්වා දීමට ආකෘ සංවිධානය කටයුතු කරන ලදී. ලෝක ආහාර දිනය ද ආකෘ සංවිධානයේ තවත් උප්පර වැට්ටියකි. තම තමන්ගේ සාක්කුවලටත් කීයක් හෝ ගාලා එන හෙයින් රාජ්‍ය කළමනාකරණය ද මේ උගුල්වලට ගොවි ජනතාව හිර කරදෙති.   
අපේ රටේ සිංහලේ තිබුණේ වසර දහස් ගණනක් අත්දැකීම්වලින් මුවහත් වූ කෘෂි රටාවකි. එය හඳුන්වනු ලැබුවේ ඉරහඳ පවත්නාතාක් කල් ගොවිතැන් කළ හැකි ස්වභාව ධර්මයට අනුකූල වූ ගොවිතැන් රටාවක් හැටියටය. අපේ මෙම දේශීය ගොවිතැනේ පදනම වූයේ මහ පොළොව සහ ඉර හඳයි. ඉර හඳ යට මහ පොළොව අපගේ නොමියෙන නිධානයයි. මෙය ඇමරිකාව කියන සස්ටේනබල් කෘෂිකර්මයට වෙනස් වූවකි.   
අපේ මේ උතුම් ගොවිතැන් රටාව ආකෘ සංවිධානය මගින් රටේ පාලකයන්ටද ගොවි ජනතාවට ද විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හඳුන්වා දෙන ලද්දේ යල් පැන ගිය හණමිටි නොදියුණු ගොවිතැන් රටාවක් හැටියටය. පළමුවෙන්ම පටන්ගත් මහවැලි එච් කලාපයේ සිටි ගව පට්ටි මස් කඩයට දැක්කා අත් ට්‍රැක්ටර් දේශීය මහවැලි ගොවියා අතට දුන්නේ ආකෘ සංවිධානයේ යටිසූත්තරකාර බලපෑම නිසාය. ඒ නිසා අපේ කුඹුරට ගවයා​ෙග් මෙහෙවර අහිමි වූවා පමණක් නොව ගව පට්ටියෙන් අපට ලැබුණු පස්ගෝ රස ද අහිමි වී පිටරට කිරිපිටි පැකැට්ටුවට දිව දික් කරන්නට සිදු විය. මේවා හරිත විප්ලයෙන් අපට ලැබුණ දායාදය.   
සිංහල රටේ පැවැති සිංහල ගොවිතැන් රටාව මුලිනුපුටා දමා දෙබිඩි බීජ, තෙල්, රසායනික පොහොර භාවිත කරන ආකෘ සංවිධානයේ කෘත‍්‍රිම ගොවිතැන් රටාව මේ රටේ පැළපැදියම් කරන්නට ආකෘ සංවිධානයට අවශ්‍ය විය. ඒ සඳහා දේශපාලකයන්ගේ ද රාජ්‍ය කළමනාකරණයේ ද පූර්ණ සහයෝගය ලබා ගන්නා ලදී.   
දේශීය ගොවිතැනේ මාතෘත්වය ඇත්තේ වැවටය. සිංහල ගොවිතැන් රටාව මුලිනුපුටා දැමීම සඳහා දේශීය ගොවිතැනට බද්ධ වූ වැව විනාශ කර දැමීම ඔවුන්ගේ තවත් අරමුණක් විය. ලක්ෂයකටත් වඩා මේ රටේ විසිරී ගොස් පැවැති වැව් පද්ධතිය ක‍්‍රමානුකූලව විනාශකර දැමීමට ඔවුහු උපායශීලී වූහ. උදාහරණයක් ලෙස මහවැලි එච් කලාපය දැක්විය හැක. එච් කලාපය තුළ රජ කාලේ සිට පැවැති වැව් 548කින් 272ක් පමණ පොළොවට සමතලා කර දමන ලද අතර ඉතිරිය නටබුන් වන්නට හැරියේය. මේ විනාශය සඳහා අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ අනුග‍්‍රහය ලැබිණ. හෙළ රජ දවස ‘වැව’ ගමේ ගොවියාගේ දේපළක් වශයෙන් පැවැති අතර එය රාජ්‍ය දේපොළක් ලෙස රජයට ඈඳා ගැනීමෙන් පසු සමස්ත වැව් පද්ධතියම කාබාසිනියා කර දැමීමට කටයුතු කරනු ලැබීය. රජරට පුරා පැතිර තිබූ වැව් ගම්මාන සම්ප‍්‍රදාය මුළුමනින් රජය සහභාගී කරගෙන විනාශ කර දැමීය.   
ඒ අතර බීජයේ පටන්ම ගොයම් ගසට ඇමෙරිකානු වස විෂ හා යෙදවුම් හුරු කරනු ලැබීය. හැටේ දශකයේ සිටම හරිත විප්ලවය නමින් මෙරටට බෝ කළේ ආකෘ සංවිධානයේ දේශීය ගොවිතැන විනාශ කොට ඔවුන්ගේ වස වස මුසු ගොවිතැන් ක‍්‍රමයේ පල විපාක වශයෙන් දැනට වසර කිහිපයක සිට වකුගඩු, පිළිකා, හෘද රෝග, දියවැඩියාව රුධිර රෝග ආදිය මඟින් මේ රට පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබේ.   
ආකෘ සංවිධානයේ වස විස මුසු ගොවිතැන් රටාව මොනතරම් විනාශකාරී තත්ත්වයට පත් වී තිබේ ද යත් මුළු මහත් රජරටම වකුගඩු රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් ගිලගෙන තිබේ. මේ වන විට රජයේ සංඛ්‍යා ලේඛන අනුව රජරට පමණක් වකුගඩු රෝගයෙන් මියගිය සංඛ්‍යාව විසි දහස ද ඉක්මවා ඇති අතර ලක්ෂයකට වඩා වැඩි පිරිසකට රෝගය වැළඳී තිබේ. පිළිකා රෝගයද ඊට දෙවැනි නැත. අනුරාධපුර මහ රෝහලේ පිළිකා රෝගීන්ගේ වාට්ටු දෙකම පිරීගොස් ඇති අතර වසරකට පිළිකා රෝගීන් දහසකට වඩා එකතුවන බව පිළිකා විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර ඇත.   
මානව හිමිකම් කඩ කළා යයි අප වෙත චෝදනා එල්ල කරමින් නඩු දාන ඔබට තර්ජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේම තවත් සංවිධානයක් වූ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් ඔවුන්ගේ වස විස අපේ ගොවිතැනට මුහු කිරීමෙන් සිදුවන විශාල ජීවිත විනශය ගැන කතා නොකරන්නේ ඇයි? ජීවත් වීමට මිනිසාට ඇති අයිතිය කඩකරමින් ඔවුන්ගේ වස විෂ මුහු ගොවිතැන හරහා රෝග බෝකර මේ රටේ ගොවීන්ගේ ජීවත්වීමේ අයිතිය විනාශ කර දමන ආකෘ සංවිධානය මඟින් කෙරෙන මානව හිමිකම් කඩකිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය කතා නොකරන්නේ ඇයි? ගොවියාත් ගොවිතැනත් ගොවි බිමත් විනාශ කරමින් ඔවුන් කරගෙන යන තෙල් පොහොර වෙ​ෙළඳාම නිසා අනාථ වන මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පවුල්වලට ඔවුන් වග නොකියන්නේ ඇයි?   
ඇමරිකානු ජාවාරම්කරුවෝ ආකෘ සංවිධානය හරහා සිය රටේ නිෂ්පාදිත වස විෂ අලෙවි කිරීමේ සාර්ථක වෙළෙඳ පොළක් බවට අපේ රට පත්කරගෙන ඇත. කාලයක් තිස්සේ ඇමරිකානු වස විෂ මේ රටේ ගොවිතැනට යෙදවීම හේතුවෙන් වකුගඩු - පිළිකා වැනි රෝග දැන් දැන් බහුල ලෙස රට පුරා වැපිරෙන්නට පටන්ගෙන ඇත. අපේ රටේ නිවහල් උතුම්ම ජීවනෝපාය වූ ගොවිතැන දැන් මේ රටේ ජන ජීවිත බිලිගන්නා මාරයකු බවට පත්ව ඇත. මේ තත්ත්වය තුළ ගොවියන් මැරීයන තුරු බලා සිටීමට තරම් ඇමරිකාව ඉදිරියේ අපේ පාලකයන් නිවට වී ඇත. ඇමරිකාව වස විෂ මුසු ගිනි දියර පොහොර හරහා මේ රටේ කරගෙන යන ජීවිත විනාශය ගැන කථා කරන්නට දේශපාලකයන්ට කොන්දක් නැත. රාජ්‍ය කළමනාකරණයට ලැබෙන අනේක විධ වරදාන නිසා ඔවුන්ගේ කටවල්වලට ද ඇමරිකානු ඉබියතුරු වැටී ඇත. මොවුන්ගේ නිවටකම් නිසා අහිංසක ගොවි ජීවිත ඇමරිකානු ජාවාරම්වලට නිතිපතා බිලි වෙයි. ජනතාව බිල්ලට දී දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් කරගෙන යන මෙම ජාති ද්‍රෝහී ජඩ ක‍්‍රියාවේ බරපතළකම වසා දමන්නට ආකෘ සංවිධානය වසරකට වරක් මේ රටේ ලෝක ආහාර දිනයක් පවත්වයි. දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් ද ලෝක ආහාර දිනයට ආවඩමින් එය රට පුරා ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරයි. එමගින් ඔවුන්ගේ සාක්කුවලට ද ඉල්ලම් කැට වැටෙයි.   
මේ අන්දමට ආකෘ සංවිධානයේ සටකපට වැඩ මගින් ඔවුන්ගේ ගිනි දියර පොහොර ජාවාරම මේ රටේ දිගටම කරගෙන යන අතර ඒ නිසා ඉරහඳ පවතින තාක් පවතින්නට මේ රටේ පවත්වාගෙන ආ ස්වාභාවික ගොවිතැන අද වන විට මුළුමනින්ම හැඳිගෑවී ගොස් ආකෘ ගොවිතැනම රජ වී ඇත. ආකෘ ගොවිතැන නිසා මේ රටේ ඉමක් කොනක් නැතිව වැපිරීයන බෝ නොවන රෝග නිසා වසරක් පාසා රෝගීන් දහස් ගණනක් මිය යති. මේ වන විට මේ රටේ දරුවන්ගෙන් සියයට පහළොවක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත. යළිත් වරක් අතීතයේ පැවැති චෝල ආක‍්‍රමණය නිසා අනුරාධපුරය ජනශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත්වූ අයුරින්ම දැන් ආකෘ සංවිධානයේ ගොවිතැන් රටාව නිසා අනුරාධපුරය ජන ශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත්වෙමින් ඇත. බෝවෙන රෝගයක් පැතිරී යන්නාක් මෙන් අද අනුරාධපුරයට කඩාවැටී ඇති මෙම රෝග බිය හා මරණ බිය සෙසු ප‍්‍රදේශවලටද ක‍්‍රමයෙන් පැතිරී යනු එ්කාන්තය. 

මේ යථාර්ථය තේරුම් ගෙන ප‍්‍රමාද වී හෝ දැන්වත් ආකෘ සංවිධානය විසින් මේ රටේ ගොවියාටත්, ගොවි බිමටත් ගොවිතැනටත් කරන ලද මහා අපරාධයට ආකෘ සංවිධානයෙන් වන්දි අයකර ගෙන, එම සංවිධානය මේ රටින් පළවා හැර ඉරහඳ පවතින තුරු පවතින්නට පවත්වාගෙන ගිය මේ රටේ දේශීය ගොවිතැනට යළි පණ දීම රට කරවන ඇත්තන්ගේ පැහැරහැරිය නොහැකි ජාතික වගකීමකි.   

Lakbima. Article

සාකච්ඡා කළේ - එප්පාවල 
රත්න බී. ඒකනායක

Sunday, December 10, 2017

දෙසම්බරයේ අමතක නොවන1974, ලක්ශපාන අසල සප්ත කන්‍යා කදුවැටියේ හැපී 198 ක් මිය ගිය ගුවන් අනතුර

පුද්ගලයන් එකසිය අනූ එක්‌ දෙනකුට මරු කැඳවූ මෙරට බිහිසුණුම ගුවන් අනතුර සිදුව ඊට වසර හතළිස්‌ තුනක්‌ පිරුණ ද , නොර්ටන් බ්‍රිඡ් ටෙබර්ටන් වතුයායට අද පා තබමින් එදවස සිහිගන්වද්දී මේ මොහොතකට පෙර එම අනතුර සිදු වූ සෙයක්‌ අපට හැඟෙන්නේය. සමනල අඩවියේ ලක්‌ෂපාන ඉස්‌මත්තේ පිහිටි සප්ත කන්‍යා කඳුවැටිය හි මනරම් සුන්දරත්වය වෙලා ගත් ගුප්ත භයංකර පෙනුමක්‌ දැන් දැන් ඊට නතුව ඇත්තේ නොසිතුව මොහොතක හිස්‌ අවකාශයට එක්‌වූ පණනල නිසා විය හැකිය. සීත සෘතුව ඇරඹී තිබුණු දෙසැම්බරය නුවරඑළිය ආසන්නයේ වූ නෝර්ටන් බ්‍රිඡ් ටෙබර්ටන් ඉහළ මායිමටද මීදුම සහිත කාලගුණයක්‌ පවතින්නට ඇත. සීතලෙන් වෙලී ගත් කඳුකරය මුළු රටම උණුසුම් කරවමින් සප්ත කන්‍යා කඳුවැටියේ ගුවන් යානයක්‌ ගැටී සුණුවිසුණු වීම අද ඉතිහාසයට එක්‌ව තිබේ.
ඉන්දුනීසියාවේ සුර්වෙයාර් සිට මක්‌කම බලා ගමන් ගනිමින් සිටි වන්දනාකරුවන් එකසිය අසූදෙදෙනකු හා කාර්ය මණ්‌ඩලයේ නවදෙනකු මෙම ගුවන් අනතුරින් මිය ගියහ.
නෙදර්ලන්ත ජාතික හෙන්රික්‌ ලැම්රේ ගුවන් නියමු වශයෙන් කටයුතු කළ මාර්ටින් එයාර් ඩී-සී-8 ගුවන් යානය 1974- දෙසැම්බර් මස 04 දින නෝර්ටන් බ්‍රිඡ් ටෙබර්ටන් වතුයායට ඉහළින් ගමන් ගනිමින් තිබියදී රාත්‍රී 10.10 ට පමණ සප්ත කන්‍යා කඳු වැටියේ ගැටී විනාශයට පත්වූයේ ජාත්‍යන්තරයේම අවධානය ඊට යොමු කරවාලමිනි.
කාර්මික දෝෂයක්‌ හේතුවෙන් මෙම ගුවන් අනතුර සිදුව තිබෙන බව පසුව කළ පරීක්‌ෂණ මගින් හෙළිවී තිබිණි.
කඩාවැටුණු ගුවන් යානයේ එක්‌ රෝදයක්‌ නෝර්ටන් බ්‍රිඡ් පොලීසිය ඉදිරිපිට සිහිවටනයක්‌ ලෙස අද ද දක්‌නට ලැබෙන්නේය.
මේ සම්බන්ධයෙන් අදටත් අදහස්‌ දක්‌වන්නේ එකල කුඩා දරුවන්ව සිටි මෙදා වැඩිහිටියන්ව සිටින පිරිසකි.
"අපි අනතුර බලන්න යද්දී සල්ලි කොළ කන්ද පාමුලත් වැටිලා තිබුණා. ඇඳුම් පැළඳුම් පවා තැන තැන විසිරිලා. ගස්‌ උඩ යානාවේ කෑලී රැඳී තිබුණා. මළ සිරුරු කොටස්‌ තමයි හම්බ වුණේ. දැන් මේ අනතුර වෙලා අවුරුදු 41 ක්‌ ගතවුණත් තාමත් කන්ද දකිනකොට ඒක මැවිලා පේනවා."
"මම නිදාගන්න ගියා විතරයි. මහා පිපිරුම් හඬක්‌ ඇහුණා. කවදාවත් එච්චර ලොකු පිපුරුම් හඬක්‌ අහලා නොතිබුණු නිසා මම ඇඳෙන් පැනලා එළියට දිව්වා. කන්ද පැත්තේ ගින්දර පත්තුවෙනවා පේනවා. මහත්තයා ඒ පැත්තට ගිහින් ටික වෙලාවකින් ඇවිත් ප්ලේන් එකක්‌ සප්ත කන්‍යා කන්දේ හැප්පිලා ගිනි අරන් කිව්වා. කළුවරේ අපිට යන්න විදිහක්‌ තිබුණේ නැහැ. මහත්තයා කට්‌ටිය එක්‌ක කන්ද පැත්තට ගියා." එවකට විසි වැනි වියේ පසුවූ නෝර්ටන් බ්‍රිඡ් කිරිවන්එළිය පදිංචි මල්ලිකා හෙන්නායක අද හැට දෙහැවිරිදි වියේ පසුවෙයි. බිහිසුණු ගුවන් අනතුරේ මතක ආවර්ජනය කරන අතරතුර ඇය ගුවන් යානයේ සුන්බුන් අතර තිබී තම සැමියා ගෙනවිත් දුන් හොන්කොං රාජ්‍යයට අයත් ඩොලර් දහයක නෝට්‌ටුවක්‌ අපට පෙන්වූවාය. ඇය සිහිවටනයක්‌ ලෙස එය සුරැකිව ළඟ තබාගෙන සිටී.
"එදා රෑම අපි ඇහැරිලා හිටියේ. අදටත් දෙසැම්බර් මාසේ ළංවෙන කොට මට මේ අනතුර මතක්‌ වෙනවා.... දැන් අවුරුදු අටකට විතර කළින් ගුවන් යානයේ එදා ප්‍රධාන නියමුවා ලෙස හිටපු ලෑම් මහත්තයාගේ පුතා ලංකාවට ඇවිත් වාර්තා චිත්‍රපටියක්‌ කළා. අනතුර ගැන මතකක්‌ තිබෙන හැමෝම ඒ මහත්තයා මුණ ගැහිලා තොරතුරු ලබා ගත්තා... එදා මේ අනතුරින් මියගිය 190 දෙනකුගේ සිරුරු සප්ත කන්‍යා කඳු පාමුල මිහිදන් කළා. එක්‌ ගුවන් සේවිකාවකගේ සිරුර හඳුනා ගන්න පුළුවන් මට්‌ටමේ තිබුණ නිසා එයාගේ පෙම්වතා මළ සිරුර මෙහි මිහිදන් නොකර ඉන්දුනීසියාවට රැගෙන ගිය බවද ඇය කීය.
අනතුරින් මියගිය ගුවන් යානයේ කාර්ය මණ්‌ඩලයේ නවදෙනාගේ නම් සටහන් කළ සිහිවටන ඵලකයක්‌ සප්ත කන්‍යා කන්ද පාමුල මළ සිරුරු මිහිදන් කළ ස්‌ථානයේ අද ද දක්‌නට ලැබේ. එම ස්‌ථානයේ සිහිවටනයක්‌ ලෙස තබා තිබූ මාර්ටින් එයාර් ගුවන් සමාගමේ ගුරුලකුගේ රැව සහිත නිල ලාංඡනය පසුකාලීනව කිසිවකු විසින් රැගෙන ගොස්‌ තිබේ.
එකල පහළොස්‌ හැවිරිදි පාසල් සිසුවකුවූ වීරප්පන් රායි සිද්ධිය මෙසේ විස්‌තර කළේය. එදා හොඳටම සීතල දවසක්‌. මීදුම හවස්‌ කාලයේ ඉඳලම තිබුණා. මහ ලොකු හඬකින් පිපුරුමක්‌ ඇතිවුණා. ජනේලය තුළින් ගේ ඇතුළට විදුලියක්‌ කොටනවා වගේ එළියක්‌ ආවා. මොකක්‌ද කියලා හිතාගන්න බැරිවුණා. එළියට ගිහින් බලනකොට කන්ද පැත්තේ ගිනිබෝල පත්තු වෙනවා. කැලේ තැනින් තැනත් ගින්දර එළි පේන්න තිබුණා. වත්තේ තේ ෆeක්‌ටරියේ නළාව වත්තේ මහත්තයා නාද කරලා හැමෝම කැඳෙව්වා. තාත්තත් එක්‌ක මාත් ගියා. ප්ලේන් එකක්‌ කන්දේ හැප්පිලා කඩාගෙන වැටිලා කියලා වත්තේ මහත්තයා තමයි කිව්වේ. පන්දම් එළි අරගෙන ලොකු කන්ද නගින්න කැලේට ගියා. රෑ එළිවෙනකම් මහන්සි වුණත් අඳුර නිසා මොනවත් කරගන්න පුළුවන්කමක්‌ තිබුණේ නැහැ කියලා තාත්තා කිව්වා. ඒ කලේ දැන් වගේ දුරකථන පහසුකම්, මාධ්‍ය නැති නිසා සිද්ධිය ප්‍රචාරය වුණේ පහුවදායි. මිනිස්‌සු වැල නොකැඩී අනතුර බලන්න එන්න පටන් ගත්තා. දිනමිණ පත්තරේ අනතුර ගැන ලොකු විස්‌තරයක්‌ දාලා තිබුණා. පත්තර විකිණුනේ උණු කැවුම් වගේ.... කළු පෙට්‌ටිය හොයන්න තමයි හමුදාව වගේම පිටරටින් ආපු මහත්තුරු මහන්සි වුණේ. පත්තරවලත් ඒ විස්‌තර දාලා තිබුණා. කළු පෙට්‌ටිය ගොඩක්‌ වටිනවා කියලා මම හිතුවා. දවස්‌ ගාණකට පස්‌සේ ඒක කන්දේ දෙබොක්‌කාවක තිබිලා හම්බවුණා කියලා දැනගන්නට ලැබුණා.
වර්ෂ 1966 මුල්ම ගුවන් ගමන ගිය මාර්ටින් එයාර් ගුවන් යානය සුන්දර නුවරඑළියේ සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී සුණුවිසුණුව යද්දී වසර අටක ආයුකාලයක්‌ ගෙවා තිබිණි. අනතුර සිදුවූ අවස්‌ථාවේ එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව නිවැරදි තක්‌සේරුවක්‌ කළ නොහැකි වූයෙන් නොයෙක්‌ කටකතා සමාජයේ පැතිර ගියේය. ලක්‌ෂපාන විදුලි බලාගාරයේ ආලෝක කුලුනු කටුනායක ගුවන් තොටුපළේ ආලෝක කුලුනු ලෙස ගුවන් නියමුවා වැරදියට වටහාගෙන ගුවන් යානය පහතට ගැනීමට ගිය අවස්‌ථාවේ එය කන්දේ ගැටුණු බව එවැනි එක්‌ කතාවකි. කටුනායක සිට ගුවන් යානයේ මැදිරිය අතර පැවති අදහස්‌ හුවමාරුව නිවැරදි ලෙස සිදු නොවීම අනතුරට හේතුව බව තවත් මතයකි. එම අවස්‌ථාවේ ගුවන් යානය තිබූ නාවික සැතපුම් 40 ක දුර ප්‍රමාණය ඉංග්‍රීසි භාෂා උච්ඡාරණයේදී ෆොaර්ටි යන්න ෆොaර්ටීන් ලෙස වැරැදියට වටහා ගැනීම නිසා ගුවන් නියමු යානය පාත්කිරීමේදී එය කන්දේ ගැටී තිබෙන බවට පැතිර ගිය මතයට සමාජයේ ප්‍රභූ පිරිස්‌ද එකල යම් එකඟතාවක්‌ පළ කැර තිබිණි. තවත් පිරිසක්‌ මෙම මත දෙකටම වෙනස්‌වූ මතයක්‌ දැරිය. ඒ බුදුන්ගේ පා පහස ලද සමනොල කඳු මුදුනට ඉහළින් යානය ගමන් ගැනීම අනතුරට හේතුව බව එම මතයයි. මේ සියල්ල බොරු කරමින් පසුකාලීනව මේ පිළිබඳ පරීක්‌ෂණ පැවැත්වූ විදේශීය නියෝජිත පිරිස යානයේ කාර්මික දෝෂයක්‌ අනතුරට හේතුව බව ප්‍රකාශයට පත්කරනු ලැබීය. ජීවිත 191 සමඟ විනාශ වූ යානය පිළිබඳ දැන් ඇත්තේ මතකයක්‌ පමණි. සිහිවටන ඵලක හැරෙන්නට අනතුරේ මතක අවදි කෙරෙන ගුවන් යානයේ කොටසක්‌ අදත් නෝර්ටන් බ්‍රිඡ් පොලිස්‌ ස්‌ථානයට ගියවිට දැකගත හැකිය. ඒ යානයේ ඉදිරිපස ටයරයයි.
රයිට්‌ සහෝදරයන් ගුවන් යානය නිර්මාණය කැර ගෙවුණු දශක 11 ක කාලය තුළ ලොව පුරා ගුවන් අනතුරු වලින් දස දහස්‌ ගණනක්‌ මියගොස්‌ ඇත. පළමු ගුවන් අනතුර ගුවන් යානයේ නිර්මාතෘ ලෙස පිළිගැනෙන රයිට්‌ දෙසොහොයුරන්ගෙන් කෙනකු වන ඕවිල් රයිට්‌ (Orville Wright) අතින් සිදුවූයේ 1908 වසරේ සැප්තැම්බර් 17 දිනය. ලුතිනන් තෝමස්‌ සෙල්ෆ්රිඡ් (Thomsa Selfridge) නමැති අයට මරු කැඳවූ එම ගුවන් අනතුරින් පසු තවත් අනතුරු දහස්‌ ගණනකට ගුවන් යානා භාජනය විය. ඒ අතරින් බිහිසුණුම ගුවන් අනතුර ලෙස අදටත් පිළිගැනෙන්නේ ටෙන්රිෆ් (Tenerife) ගුවන් තොටුපළේදී බීජිං 747 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරය. මෙම යානා දෙකේ සිටි හයසිය හතලිස්‌ හතරදෙනකු අතරින් මෙහිදී පන්සියඅසූ තුන්දෙනකු ජීවීතක්‌ෂයට පත්වූ බව සඳහන් වන්නේය. ජපානයේ ටෝකියෝ හයිඩා ගුවන් තොටුපළේ සිට ඔසකා ගුවන්තොට දක්‌වා මගීන් පන්සිය පස්‌ දෙනකු
රැගෙන යමින් තිබූ ගුවන් යානය එහි කාර්ය මණ්‌ඩල සාමාජිකයන් පහළොස්‌ දෙනකුද සමඟ කඩාවැටී විනාශ වූයේ 1985 වසරේ අගෝස්‌තු 12 දායි. තනි ගුවන් යානයක්‌ අනතුරට ලක්‌ව වැඩිම පිරිසක්‌ මියගියේ එම අනතුරිනි.
එදා මෙදාතුර ලොව සිදුවූ බිහිසුණුම ගුවන් අනතුරුවලින් එකක්‌ ලෙස අදටත් සප්ත කන්‍යා ගුවන් අනතුර පිළිගැනෙයි. ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයා ඩී.සී 08 ගුවන් යානය ඉන්දුනීසියාවේ සූර්වෙයාර් ගුවන් තොටුපළින් මක්‌කම වන්දනාකරුවන්
රැගෙන ගමන් ආරම්භ කැර තිබුණේ දහවල් 12.00 ට පමණය. එය කටුනායක ගුවන්තොටුපළට (බණ්‌ඩාරනායක ජත්‍යන්තර ගුවන්තොටුපළ) ගොඩබස්‌සවා යළි සෞදි අරාබියේ ජෙඩා ගුවන්තොටුපළ වෙත ගමන් ගැනීම පනස්‌ දෙහැවිරිදි ප්‍රධාන ගුවන් නියමු හෙන්ඩි්‍රක්‌ ලෑම් (Hendrik Lamme)ගේ අවශ්‍යතාව විය. ගුවන් පියාසර පැය විසිහයදහස්‌ හත්සිය හැත්තෑවක්‌ සම්පූර්ණ කර සිටි අති දක්‌ෂ ගුවන් නියමුවකු වූ ඔහු ශීතලට ගුලි ගැසී තිබුණු ඝන මීදුම් තට්‌ටු විදගෙන යානය පියාසර කැර තිබුණේ අඩි 2000 ක්‌ පමණ වූ උසකිනි. සප්ත කන්‍යා කඳුවැටියේ පස්‌වැනි කන්ද අභිමුව ඔවුන්ගේ ගමන නැවතුනේ කටුනායකට යැමට විනාඩි ගණනක්‌ ඉතිරිව තිබියදීය.
ඒ තත්පරයද ඔවුන්ගේ ජීවිත සියල්ල සොබා දහම වෙත යළි ගෙන්වා ඇත්තේ අපට සිහිකරන්නට මතකයක්‌ ඉතිරි කරමිනි
සමන්තී වීරසේකර