Showing posts with label ශ්‍රී ලා0කීය උරුම. Show all posts
Showing posts with label ශ්‍රී ලා0කීය උරුම. Show all posts

Monday, December 25, 2017

ඉතිහාසය මකා ජාතිය යකාට ආගම අහකට දමන යහපාලනය


2017.12.10 වන ඉරුදින දිවයින පුවත්පතේ "විෂය නිර්දේශයෙන් ඉතිහාසය ඉවතට" යන මැය යටතේ කීර්ති වර්ණකුලසූරිය විසින් පළකර තිබූ පුවත දැක මම මවිතයට පත් වූයෙමි. මෙලෙස ඉතිහාසය මෙරටින් ඉවත් කිරීමට එක්‌තරා මහාචාර්ය වරයෙක්‌ සාකච්ඡා වට කිහිපයක්‌ම පැවැත්වූ බව එම පුවතෙහි සඳහන් කර තිබුණි. ඔහු සඳහන් කරන ආකාරයට පින්ලන්තයේ ඉතිහාස විෂයක්‌ නැති බවට ලැබී ඇති උපදෙස්‌ මත ලංකාවේ ඉතිහාසය ද අකාමකා දැමීමට සාකච්ඡා කරන බවයි හැඟී යන්නේ.

දැන් දැන් මේ රටේ සිදු වන්නේ, අදහාගත නොහැකි සිදුවීම්ය. රටේ ප්‍රශ්න නැතිවට රට අවුල් කරන ප්‍රශ්න හදන අය නිදැල්ලේ කුමන්ත්‍රණ කරමින් සිටී. ජාතික සම්පත් වැය කරමින් මහාචාර්ය පදවි ලබා ගත් මේ අය රටේ ආර්ථිකය ගොඩනඟන්න උපදෙස්‌ නොදී නැති ප්‍රශ්න ඇති කරන්න දරන වෑයම පිළිකුල් සහගතය. සමහරුන්ට මේ රට අනාගමික රටක්‌ කරන්න, පෙඩරල් රටක්‌ කරන්න, සම ලිංගික රටක්‌ කරන්න අවශ්‍ය වී තිබේ. භඨධ කාරයෝ දේශීය විදේශීය කුමන්ත්‍රණකරුවෝ අධිරාජ්‍යවාදී පාලන සමයේදී පවා ඉටුකරගත නොහැකිව තිබූ උරුමයන් වනසන්න සුදුසුම යුගය හැටියට මේ පාලන සමය යොදාගෙන රටේ පිනුම් ගහන්න සූදානම් වීම කණගාටුවට කරුණකි.

රටකට ඉතිහාසයක්‌ අවශ්‍ය නැතැයි කියන භෞතිකවාදී නරුමයන් කිහිප දෙනෙක්‌ රහසිගත ලෙස දරන උත්සාහයන් ගැන මවිසින් ඉතිහාස විෂය අධ්‍යාපන විෂය මාලාවෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ ඇති බවට මේ වසරේ මුල් භාගයේ දී දෙරණ රූපවාහිනි මාධ්‍ය ඔස්‌සේ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්‌වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරා- මැතිතුමා එදිනම එවැන්නක්‌ කිසිසේත් සිදු නොකරන බවත්, තමන් එවැන්නකට ඉඩ නොතබන බවත් ප්‍රසිද්ධ රැස්‌වීමකදී ප්‍රකාශ කර තිබුණි. එසේ නම් මේ දිවයින පුවත කාගේ උවමනාවකට අනුව සිදු වන්නක්‌ ද? නැති නම් අප කාටත් කොලේ වහලා මෙම අමන ද්‍රෝහී ක්‍රියාව සිදු කරන්න සූදානම් වෙනවාද? මේ සිදුවීම් දෙස බලන විට මේ රටේ පාලකයන් සියලු දෙනාම දැනුවත්වම විශාල විනාශයක්‌ මේ රටට කරන්න සූදානම් වෙලාදැයි සැක සිතෙයි. මහා පරිමාණයෙන් නටබුන් විනාශ කිරීම, විල්පත්තු වැනි මහා ජාතික වනෝද්‍යාන අක්‌කර දහස්‌ ගණනින් විනාශ කිරීම, විග්නේශ්වරම් මේ රට දමිළ රටක්‌ ය, දේවානම් පියතිස්‌ස රජතුමා ද දමිළයෙකි. යනුවෙන් කරන ප්‍රකාශ ද සලකා බලන විට මේවාද ඉතිහාසය නැති කිරීමේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල දැයි සිතීම සාධාරණය. 

ඉතිහාසය දැනගැනීමෙන් දරුවන් ඈත් කිරීමට දරන උත්සාහය හෙළා දැකිය යුතුය. මෙමගින් සිදු වන්නේ තමන්ගේ පාරම්පරික උරුමයන් නැති කිරීමය. ජාතික සිරිත් විරිත් අහිමි කිරීමකි. දෙමාපියන්ට වැඩිහිටියන්ට ගරු නොකරන, ආචාර ධර්ම නැති සමාජයක්‌ බිහි වීමකි. අවසානයේ අපට ඉතිරි වන්නේ, කුඩුකාරයන්, සල්ලාලයන් සහ සදාචාර විරෝධී අක්‌මුල් නැති වල්මත් වූ සමාජයක්‌ පමණි. වර්තමානය ගොඩනැඟෙන්නේ, ඉතිහාසයේ පාඩම් ඉගෙනීමෙන්ය. එසේ නොමැති තැන රටකට ජාතියකට අනාගතයක්‌ ඉතිරි නොවනු ඇත.
බුදු දහම, කිතුනු දහම, ඉස්‌ලාම් දහම, ඉතිහාසයට අයත්ය. ලෝකයේ ඕනෑම ජාතියකට තමන්ට උරුම කෙටි හෝ දිගු ඉතිහාසයක්‌ ඇති බව කිව යුතුය. ඔවුහු තම අනන්‍යතාවන් දේවත්වයෙන් සලකති. වෙනත් අය තමන්ට නැති උරුමයන් පෙන්වා දෙමින් අයිතිවාසිකම් කියද්දී අවුරුදු දහස්‌ ගණනක අප සතු උරුමයන් නැති කිරීමට කැස කවන අය ගැන මේ රටේ වගකිව යුත්තන් නිහඬව සිටීම මහා අපරාධයකි.

අකිල විරා- ඇමැතිතුමනි, මේ ගැන විශේෂයෙන් සොයා බලා කවුරුන් හෝ ඉතිහාසය ඉවත්කිරීමේ වැඩපිළිවෙළක නිරත වී සිටිනවානම් ඔවුන්ගේ ඒ ක්‍රියාව රටට හෙළි කළ යුතුයි. මේ කියන මහාචාර්යවරයා කවරෙක්‌ද? ඔහුට රටක ඉතිහාසයක්‌ නැති කළ හැකිද? මෙය කාගේ හෝ ඩොලර් ලබා ගන්නා ක්‍රමවේදයකට ඔහු ගිජුවෙලාද? ජාතියේ උරුමය පිළිබඳ පුරාවස්‌තු පිළිබඳ පරිසරය පිළිබඳ, ඉතිහාසය පිළිබඳ, සංවේදී පිරිස්‌ හා බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමු වේවා. ලෝකයේ බලවත් රටවල් තම ඉතිහාසය අගේ කරද්දී, අපේ නරුමයන් එය අකා මකා දැමීමට පෙළගැසීම පුදුමයට කරුණකි.

ජනාධිපතිතුමනි, ඉහත කී කරුණු දෙස බලන විට ඔබතුමා ද නොදැනුවත්ව ඇතැම් බලවේග විශේෂයෙන් ජාතිවාදි බලවේග තමන්ගේ පටු අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වී ඇති බව පෙනී යන කරුණකි. එබැවින් අවසානය ඔබතුමාගේ චරිතයට ද්‍රෝහී ලේබලයක්‌ ඇලවෙනතුරු මෙම බලවේග රටට හානිකර ක්‍රියා සිදුකිරීමට තිබේ. එබැවින් අවදියෙන් සිටින මෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි. පසුගිය මාසයේ දී මැතිවරණ සීමා නිර්ණය කිරීමේ දී මනෝ ගනේෂන්, දිගම්බරන්, රවුෆ් හකීම්, ෆයිසර් මුස්‌තාපා යන දේශපාලකයන් දැඩි ජාතිවාදී පදනමක සිට ශ්‍රීපාද පාලනය බෞද්ධයන්ගෙන් ඉවත්වන පරිදි අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස්‌ 3 කට කඩන ගැසට්‌ටුවක්‌ නිකුත් කිරීමෙන් පසු ශ්‍රීපාද ස්‌ථානය අනාගතයේ ජාතිවාදීන්ගේ ගොදුරක්‌ බවට පත් කර ඇති බව පෙනේ. එදා ඉංග්‍රීසි පාලන සමයේ පවා සෙල්ලිපි මගින් පැරණි රජදරුවන් ශ්‍රී පාදයට ලබා දී තිබුණු ගම්වර වෙනස්‌ කිරීමට, අන්සතු කිරීමට ඉදිරිපත් නොවීය. එහෙත් පලාත් පාලන ඇමැතිවරයා ශ්‍රීපාදය ජනාධිපතිවරයා යටතේ තිබෙන්නේ යෑයි කියමින් ජාතිවාදී ලෙස බලය බෙදීමක්‌ සිදුවෙන පරිදි හා අනාගතයේ මෙම ස්‌ථානය ඔවුන් සතු යෑයි යන මිථ්‍යාවාදය සැබෑකර ගැනීමේ අපේක්‌ෂාවෙන් වංචනික ලෙස මෙම බෙදීම සිදු කරන්නට ඇතැයි අපගේ හැඟීමයි. එබැවින් ඔබතුමන් මැදිහත් වී මේ අදිසි හස්‌තයෙන් මෙම පූජා භූමිය නිදහස්‌ කිරීමටත් දැනට වේගයෙන් සිදුවන විල්පත්තු වන විනාශය නතර කිරීමටත් නීතිමය පියවර ගැනීමට නිර්භයව කටයුතු කරන මෙන් දන්වා සිටීමට කැමැත්තෙමි. රටේ වගකිව යුතු ප්‍රධානියා ලෙස ඔබතුමා සතු බලතල අනුව සෘජු තීරණයක්‌ ගතයුතු අතර එය ඔබතුමාටත් අපගේත් රටේත් යහපතට හේතුවනු ඇතැයි දන්වා සිටීමට කැමැත්තෙමි. එමෙන්ම වගකිවයුතු මහා සංඝයාගේත් දේශ හිතෛෂී සියලු දෙනාගේමත් විශේෂ අවධානය මේ සඳහා යොමු වනු ඇතැයි උදක්‌ම අපේක්‌ෂා කරමි.

පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්මවාගීශ්වර 
කැප්පිටියාගොඩ සිරිවිමල ස්‌ථවිර


Thursday, December 14, 2017

එතෙර උන්ගේ වුවමනාවට අපේ අටුකොටු වැනසීම.දෙවන ලෝක යුද්ධ​ෙයන් පසු ආර්ථිකයෙන් බිංදුවට වැටී සිටි ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සූරාකෑමෙන් ජීවත් වූ යුරෝපීය රටවල් මුහුණ පෑ බරපතළම ප්‍රශ්නය වූයේ සිය රාජ්‍යයන් පවත්වාගෙන යාම සඳහා ලෝකය සූරාකන්නේ ​ෙකසේද? කොහොමද? යන ආර්ථික ගැටලුවයි.






මේ වන විට අප ලෝක ආහාර දින 36 ක් වසරක් පාසා පවත්වා ඇත. 36 වැනි ලෝක ආහාර දිනය පසුගිය දා රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන ලදී. මෙම දිනය සැලසුම් කොට ආහාර බෝග නිෂ්පාදනය කරන ආසියානු රටවල් තුළ මේ දිනය පිහිටුවා පවත්වා ගෙන යාමට උපකාර කරන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගිනි. ආකෘ නමින් කෙටි නමකින් හඳුන්වන්නේ මෙම ආයතනයයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධාන සමූහයේ එක් සංවිධානයක් ලෙස හංවඩුව ලබා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේ 1944-1945 කාලවකවානුවේ ඇමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ රූස්වෙල්ට් මහතාය. ආකෘ ආයතනය උපන්නේ ඒ ආකාරයටය.   
දෙවන ලෝක යුද්ධ​ෙයන් පසු ආර්ථිකයෙන් බිංදුවට වැටී සිටි ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ සූරාකෑමෙන් ජීවත් වූ යුරෝපීය රටවල් මුහුණ පෑ බරපතළම ප්‍රශ්නය වූයේ සිය රාජ්‍යයන් පවත්වාගෙන යාම සඳහා ලෝකය සූරාකන්නේ ​ෙකසේද? කොහොමද? යන ආර්ථික ගැටලුවයි. මේ පිළිබඳව රාජ්‍ය නායකයින් එක්ව අවස්ථා ගණනකදී සාකච්ඡා වට කීපයක් පැවැත්වූ අතර මේ අවදියට පෙර ඇමරිකාවේ කෘෂි ලේකම් ලෙස කටයුතු කළ අර්ල් බට්ෂ් නම් වූ රෝපණ ද්‍රව්‍ය නිපදවන්නකු කියා තිබූ කාරණය විමසුමට ගැනිණ. ඔහු කියා තිබූ කථාව මෙසේය.   
ආසියාතික රටවල මිනිසුන්ට ධනවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සමාජවාදය හෝ මෙකී කිනම් වාදයකින්වත් වැඩක් නැති බවත් ඔවුන්ගේ එකම වාදය වන්නේ ආහාර වාදය හෙවත් ආහාර බෝග නිෂ්පාදනය පමණක් බවත් ඔහු කියා තිබුණි. මේ කථාවට ඕනෑකමින් කන් දුන් ජනාධිපති රූස්වෙල්ට් ආහාර නිෂ්පාදනය අවියක් ලෙස පාවිච්චි කළ හැකි නම් ආයුධ නිෂ්පාදනයට වඩා අපි ඊට අවදානය යොමු කරමු යයි අවධාරණය කළේය.   
ලෝක සූරාකන්නන්ගේ සූරාකෑමේ මාධ්‍ය වන්නේ වෙ​ෙළඳාමයි. මීට වඩාත් හොඳම වචනය වන්නේ ජාවාරම යන්නයි. මෙම ජාවාරම්කරුවන්ගේ නිෂ්පාදන වන්නේ ජීව ලෝකයට වින කරන ආයුධ, ගිනි දියර, වස විස, යන්ත්‍ර සූත්‍ර ආදියයි.   
ආහාර නිෂ්පාදනය සිදුවන්නේ පොළොව මතු පිට පසෙහිය. මේ පස තුළ ජීවයක් ගැබ් වී තිබේ. අා​පෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර භූතයන්ගේ සංකලනයෙන් ජීවය උපදී. මෙම ජීවය පොළොවේ පසට සංකලනය වේ. සියලු විද්‍යාත්මක හා අන්තර්ඥාන අවබෝධවලින් අනාවරණය වී ඇති කරුණු අනුව පොළොව මතුපිටට මෙම ජීවාත්මක පරිසරය ඇති වූයේ වසර කල්ප කෝටි ගණනකට පෙරදීය. තනිකරම ගිනි​ බෝලයක්ව පැවැති පෘතුවියේ මතුපිට තලයේ පමණක් ජීවයක් ඇති වීමට තරම් සුදුසු පරිසරයක් නිර්මාණය වුවද පොළොවේ අභ්‍යන්තරය තවමත් දරුණු ගිනි කන්දකි. සමහර රටවල වරින් වර මතු වන ගිනි කඳුවලින් එය සනාථ වේ. පෘථිවි ගර්භය තුළ ගිනි කඳු සේම ගිනි දියර වර්ග වස විස ආදියද පවතී. ඇමරිකාවේ නිෂ්පාදනය වන්නේ පෘථිවි ගර්භයෙන් ඇද ගන්නා වස විස සහිත ගිනි දියර හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආදියයි.   
පරිසරයට හා ජීවයට කෙතරම් හානිකර වුවත් ඇමරිකාවට ඇත්තේ පොළෝ ගර්භයෙන් ඇද ගන්නා මෙම ගිනි දියර වස විස හා තෙල් වර්ගයන්ය. ඇමරිකාවේ ආර්ථිකය හසුරුවා ගැනීමට නම් පොළොවෙන් ඇද ගන්නා මෙවැනි දේ වෙ​ෙළඳ භාණ්ඩ බවට පත් කොට ලෝකයට බෙදාහැරිය යුතුය. ආසියාව ආහාර බෝග නිෂ්පාදනයේ ලොකුම වෙළෙඳ පොළය. මෙම ආසියානු ආහාර බෝග නිෂ්පාදනය අැමරිකාවේ තෙල් හා වස විස ආශ්‍රිත නිෂ්පාදනයක් බවට පත්කරලීමෙන් අැමරිකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා කටයුතු කිරීම හා කටයුතුවල සම්බන්ධීකරණය කෙළින්ම ආකෘ සංවිධානයට පරවනු ලැබිණ. වස විස හා තෙල් වර්ග අළෙවි කර ගැනීමෙන් ආරම්භ කරන ලද ආර්ථික විප්ලවයේ කුමන්ත්‍රණ අපේ රටවලට පැමිණියේ හරිත විප්ලවයේ හාස්කම් අැති කරන නාමයෙනි. ​ෙම් හරිත විප්ලවයේ නියමුවා වූයේ ​ආකෘ සංවිධානයයි. ​ෙද්ශීය ගොවිතැන උඩු යටිකුරු කරමින් මේ රටේ ​ගොවිතැන ආක්‍රමණය කොට, දෙබිඩි බීජ උත්පාදනය රසායනික පොහොර භාවිතය පළිබෝධනාශක භාවිතය වල් නාශක කෘමි නාශක ආදිය මේ රටට කද බැඳගෙන ආවේ හරිත විප්ලවය හරහා ආකෘ සංවිධානය මගිනි. හරිත විප්ලවය හෙවත් ඇමරිකාවේ තෙල් හා වස විස විකුණන සූත්‍රය දෙබිඩි බීජවලට හා රසායනික ගිනි තෙල් හා කෘත්‍රීම පො​ෙහාරවලට මුළු රටම අැබ්බැහි කරවන්නට 1960 සිට එක් දශකයකට වඩා කල් ගියේ නැත.   
ලංකාවේ දේශපාලකයන්ට මෙන්ම රාජ්‍ය කළමනාකරණ මට්ටමේ නිලධාරීන්ට ද විදේශීය ශිෂ්‍යත්ව පුහුණු වැඩසටහන් යාන වාහන ආදී අනේක විධ වරදාන ආකෘ සංවිධානය මගින් ලබා දෙමින් ඔවුන් පදමට හීලෑ කර ගැනීමෙන් පසු ඔවුන් ලවා වස විස සහිත ගිනි තෙල් වර්ග හා ආම්පන්න මෙරට ගොවිතැනට හඳුන්වා දීමට ආකෘ සංවිධානය කටයුතු කරන ලදී. ලෝක ආහාර දිනය ද ආකෘ සංවිධානයේ තවත් උප්පර වැට්ටියකි. තම තමන්ගේ සාක්කුවලටත් කීයක් හෝ ගාලා එන හෙයින් රාජ්‍ය කළමනාකරණය ද මේ උගුල්වලට ගොවි ජනතාව හිර කරදෙති.   
අපේ රටේ සිංහලේ තිබුණේ වසර දහස් ගණනක් අත්දැකීම්වලින් මුවහත් වූ කෘෂි රටාවකි. එය හඳුන්වනු ලැබුවේ ඉරහඳ පවත්නාතාක් කල් ගොවිතැන් කළ හැකි ස්වභාව ධර්මයට අනුකූල වූ ගොවිතැන් රටාවක් හැටියටය. අපේ මෙම දේශීය ගොවිතැනේ පදනම වූයේ මහ පොළොව සහ ඉර හඳයි. ඉර හඳ යට මහ පොළොව අපගේ නොමියෙන නිධානයයි. මෙය ඇමරිකාව කියන සස්ටේනබල් කෘෂිකර්මයට වෙනස් වූවකි.   
අපේ මේ උතුම් ගොවිතැන් රටාව ආකෘ සංවිධානය මගින් රටේ පාලකයන්ටද ගොවි ජනතාවට ද විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හඳුන්වා දෙන ලද්දේ යල් පැන ගිය හණමිටි නොදියුණු ගොවිතැන් රටාවක් හැටියටය. පළමුවෙන්ම පටන්ගත් මහවැලි එච් කලාපයේ සිටි ගව පට්ටි මස් කඩයට දැක්කා අත් ට්‍රැක්ටර් දේශීය මහවැලි ගොවියා අතට දුන්නේ ආකෘ සංවිධානයේ යටිසූත්තරකාර බලපෑම නිසාය. ඒ නිසා අපේ කුඹුරට ගවයා​ෙග් මෙහෙවර අහිමි වූවා පමණක් නොව ගව පට්ටියෙන් අපට ලැබුණු පස්ගෝ රස ද අහිමි වී පිටරට කිරිපිටි පැකැට්ටුවට දිව දික් කරන්නට සිදු විය. මේවා හරිත විප්ලයෙන් අපට ලැබුණ දායාදය.   
සිංහල රටේ පැවැති සිංහල ගොවිතැන් රටාව මුලිනුපුටා දමා දෙබිඩි බීජ, තෙල්, රසායනික පොහොර භාවිත කරන ආකෘ සංවිධානයේ කෘත‍්‍රිම ගොවිතැන් රටාව මේ රටේ පැළපැදියම් කරන්නට ආකෘ සංවිධානයට අවශ්‍ය විය. ඒ සඳහා දේශපාලකයන්ගේ ද රාජ්‍ය කළමනාකරණයේ ද පූර්ණ සහයෝගය ලබා ගන්නා ලදී.   
දේශීය ගොවිතැනේ මාතෘත්වය ඇත්තේ වැවටය. සිංහල ගොවිතැන් රටාව මුලිනුපුටා දැමීම සඳහා දේශීය ගොවිතැනට බද්ධ වූ වැව විනාශ කර දැමීම ඔවුන්ගේ තවත් අරමුණක් විය. ලක්ෂයකටත් වඩා මේ රටේ විසිරී ගොස් පැවැති වැව් පද්ධතිය ක‍්‍රමානුකූලව විනාශකර දැමීමට ඔවුහු උපායශීලී වූහ. උදාහරණයක් ලෙස මහවැලි එච් කලාපය දැක්විය හැක. එච් කලාපය තුළ රජ කාලේ සිට පැවැති වැව් 548කින් 272ක් පමණ පොළොවට සමතලා කර දමන ලද අතර ඉතිරිය නටබුන් වන්නට හැරියේය. මේ විනාශය සඳහා අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ අනුග‍්‍රහය ලැබිණ. හෙළ රජ දවස ‘වැව’ ගමේ ගොවියාගේ දේපළක් වශයෙන් පැවැති අතර එය රාජ්‍ය දේපොළක් ලෙස රජයට ඈඳා ගැනීමෙන් පසු සමස්ත වැව් පද්ධතියම කාබාසිනියා කර දැමීමට කටයුතු කරනු ලැබීය. රජරට පුරා පැතිර තිබූ වැව් ගම්මාන සම්ප‍්‍රදාය මුළුමනින් රජය සහභාගී කරගෙන විනාශ කර දැමීය.   
ඒ අතර බීජයේ පටන්ම ගොයම් ගසට ඇමෙරිකානු වස විෂ හා යෙදවුම් හුරු කරනු ලැබීය. හැටේ දශකයේ සිටම හරිත විප්ලවය නමින් මෙරටට බෝ කළේ ආකෘ සංවිධානයේ දේශීය ගොවිතැන විනාශ කොට ඔවුන්ගේ වස වස මුසු ගොවිතැන් ක‍්‍රමයේ පල විපාක වශයෙන් දැනට වසර කිහිපයක සිට වකුගඩු, පිළිකා, හෘද රෝග, දියවැඩියාව රුධිර රෝග ආදිය මඟින් මේ රට පුරා පැතිරෙන්නට පටන් ගෙන තිබේ.   
ආකෘ සංවිධානයේ වස විස මුසු ගොවිතැන් රටාව මොනතරම් විනාශකාරී තත්ත්වයට පත් වී තිබේ ද යත් මුළු මහත් රජරටම වකුගඩු රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් ගිලගෙන තිබේ. මේ වන විට රජයේ සංඛ්‍යා ලේඛන අනුව රජරට පමණක් වකුගඩු රෝගයෙන් මියගිය සංඛ්‍යාව විසි දහස ද ඉක්මවා ඇති අතර ලක්ෂයකට වඩා වැඩි පිරිසකට රෝගය වැළඳී තිබේ. පිළිකා රෝගයද ඊට දෙවැනි නැත. අනුරාධපුර මහ රෝහලේ පිළිකා රෝගීන්ගේ වාට්ටු දෙකම පිරීගොස් ඇති අතර වසරකට පිළිකා රෝගීන් දහසකට වඩා එකතුවන බව පිළිකා විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කර ඇත.   
මානව හිමිකම් කඩ කළා යයි අප වෙත චෝදනා එල්ල කරමින් නඩු දාන ඔබට තර්ජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේම තවත් සංවිධානයක් වූ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් ඔවුන්ගේ වස විස අපේ ගොවිතැනට මුහු කිරීමෙන් සිදුවන විශාල ජීවිත විනශය ගැන කතා නොකරන්නේ ඇයි? ජීවත් වීමට මිනිසාට ඇති අයිතිය කඩකරමින් ඔවුන්ගේ වස විෂ මුහු ගොවිතැන හරහා රෝග බෝකර මේ රටේ ගොවීන්ගේ ජීවත්වීමේ අයිතිය විනාශ කර දමන ආකෘ සංවිධානය මඟින් කෙරෙන මානව හිමිකම් කඩකිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය කතා නොකරන්නේ ඇයි? ගොවියාත් ගොවිතැනත් ගොවි බිමත් විනාශ කරමින් ඔවුන් කරගෙන යන තෙල් පොහොර වෙ​ෙළඳාම නිසා අනාථ වන මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පවුල්වලට ඔවුන් වග නොකියන්නේ ඇයි?   
ඇමරිකානු ජාවාරම්කරුවෝ ආකෘ සංවිධානය හරහා සිය රටේ නිෂ්පාදිත වස විෂ අලෙවි කිරීමේ සාර්ථක වෙළෙඳ පොළක් බවට අපේ රට පත්කරගෙන ඇත. කාලයක් තිස්සේ ඇමරිකානු වස විෂ මේ රටේ ගොවිතැනට යෙදවීම හේතුවෙන් වකුගඩු - පිළිකා වැනි රෝග දැන් දැන් බහුල ලෙස රට පුරා වැපිරෙන්නට පටන්ගෙන ඇත. අපේ රටේ නිවහල් උතුම්ම ජීවනෝපාය වූ ගොවිතැන දැන් මේ රටේ ජන ජීවිත බිලිගන්නා මාරයකු බවට පත්ව ඇත. මේ තත්ත්වය තුළ ගොවියන් මැරීයන තුරු බලා සිටීමට තරම් ඇමරිකාව ඉදිරියේ අපේ පාලකයන් නිවට වී ඇත. ඇමරිකාව වස විෂ මුසු ගිනි දියර පොහොර හරහා මේ රටේ කරගෙන යන ජීවිත විනාශය ගැන කථා කරන්නට දේශපාලකයන්ට කොන්දක් නැත. රාජ්‍ය කළමනාකරණයට ලැබෙන අනේක විධ වරදාන නිසා ඔවුන්ගේ කටවල්වලට ද ඇමරිකානු ඉබියතුරු වැටී ඇත. මොවුන්ගේ නිවටකම් නිසා අහිංසක ගොවි ජීවිත ඇමරිකානු ජාවාරම්වලට නිතිපතා බිලි වෙයි. ජනතාව බිල්ලට දී දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් කරගෙන යන මෙම ජාති ද්‍රෝහී ජඩ ක‍්‍රියාවේ බරපතළකම වසා දමන්නට ආකෘ සංවිධානය වසරකට වරක් මේ රටේ ලෝක ආහාර දිනයක් පවත්වයි. දේශපාලකයන් හා රාජ්‍ය කළමනාකරුවන් ද ලෝක ආහාර දිනයට ආවඩමින් එය රට පුරා ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරයි. එමගින් ඔවුන්ගේ සාක්කුවලට ද ඉල්ලම් කැට වැටෙයි.   
මේ අන්දමට ආකෘ සංවිධානයේ සටකපට වැඩ මගින් ඔවුන්ගේ ගිනි දියර පොහොර ජාවාරම මේ රටේ දිගටම කරගෙන යන අතර ඒ නිසා ඉරහඳ පවතින තාක් පවතින්නට මේ රටේ පවත්වාගෙන ආ ස්වාභාවික ගොවිතැන අද වන විට මුළුමනින්ම හැඳිගෑවී ගොස් ආකෘ ගොවිතැනම රජ වී ඇත. ආකෘ ගොවිතැන නිසා මේ රටේ ඉමක් කොනක් නැතිව වැපිරීයන බෝ නොවන රෝග නිසා වසරක් පාසා රෝගීන් දහස් ගණනක් මිය යති. මේ වන විට මේ රටේ දරුවන්ගෙන් සියයට පහළොවක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත. යළිත් වරක් අතීතයේ පැවැති චෝල ආක‍්‍රමණය නිසා අනුරාධපුරය ජනශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත්වූ අයුරින්ම දැන් ආකෘ සංවිධානයේ ගොවිතැන් රටාව නිසා අනුරාධපුරය ජන ශූන්‍ය ප‍්‍රදේශයක් බවට පත්වෙමින් ඇත. බෝවෙන රෝගයක් පැතිරී යන්නාක් මෙන් අද අනුරාධපුරයට කඩාවැටී ඇති මෙම රෝග බිය හා මරණ බිය සෙසු ප‍්‍රදේශවලටද ක‍්‍රමයෙන් පැතිරී යනු එ්කාන්තය. 

මේ යථාර්ථය තේරුම් ගෙන ප‍්‍රමාද වී හෝ දැන්වත් ආකෘ සංවිධානය විසින් මේ රටේ ගොවියාටත්, ගොවි බිමටත් ගොවිතැනටත් කරන ලද මහා අපරාධයට ආකෘ සංවිධානයෙන් වන්දි අයකර ගෙන, එම සංවිධානය මේ රටින් පළවා හැර ඉරහඳ පවතින තුරු පවතින්නට පවත්වාගෙන ගිය මේ රටේ දේශීය ගොවිතැනට යළි පණ දීම රට කරවන ඇත්තන්ගේ පැහැරහැරිය නොහැකි ජාතික වගකීමකි.   

Lakbima. Article










සාකච්ඡා කළේ - එප්පාවල 
රත්න බී. ඒකනායක

Friday, September 23, 2016

කයිය ( පැරැණි සිංහල සමාජයේ සමාජ ප්‍රාග්ධනය )












කයිය කියල කියද්දි එක පාරටම ඔන්න අරූගෙ හෙන කයිය..ඌ හෙන කයිවාරු කාරය කියල මටත් බනීද මන්ද...
වර්තමානය වන විට අතිතය කනපිට පෙරළී උඩු යටි වන අදහස් ඉස්මතු වෙන කාලෙ
ඔන්න කයියක් ගහන්න හිතුන මටත්

කයිය හෙවත් සමාජ ප්‍රාග්ධනය යන්නෙන් සරලව අදහස්‌ කරන්නේ ඉතා සුවිශේෂී අදහසකි. එනම් ප්‍රතිමාන, අනෝන්‍ය විශ්වාසය, අවබෝධය තුළින් පුද්ගලයන් අතර ගොඩනැගෙන සාමූහික ශක්‌තියයි. මෙම සාමූහික ශක්‌තිය ජීවිතයේ බොහෝ අවස්‌ථාවලදී ප්‍රයෝජනවත් වන්නකි. 

මෙවැනි සාමූහික ක්‍රියා විශාල වශයෙන් මිනිසාට ප්‍රතිලාභ අත්කර දේ. සමාජ ප්‍රාග්ධනය අනූන ප්‍රජාවක්‌ පිළිබඳ සාක්‌ෂ්‍ය මගින් පෙන්නුම් කරන්නේ එවැනි සමාජ තුළ අපරාධ අඩුවීම, යහපත් සෞඛ්‍ය තත්ත්වය, ඉහළ අධ්‍යාපනික ජයග්‍රහණය සහ ආර්ථික වර්ධනයක්‌ ඇති බවයි.

වැව් බැඳි රටේ එකමුතුකම හා සාමූහිකත්වය පිළිබඳ ව සඳහන් කරන විට කයිය එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. කයිය යන්නෙන් සමූහය යන්න අදහස් වේ.

අලි රංචුව ගැන සදහන් කරන විට තුන්දෙනා කයිය හත්දෙනා කයිය යනුවෙන් වහරන්නේ ද එනිසා ය. “උක්කුවාගේ බලු කයිය” යන යෙදුමින් අදහස් වන්නේ ද උක්කුරාලගේ බලු රංචුව ගැනය.

ඒ අනුව කයිය යන්න සමූහය යන අරුත් දනවන බව පැහැදිලිව පෙනේ. ප්‍රධාන වශයෙන් කයි වර්ග දෙකක් වේ. පිරිමි කයිය හා ගැහැනු කයිය ඒ කයි වර්ග දෙකයි. පිරිමි කයිය සඳහා පිරිමින් පමණක් සහභාගි වන අතර ගැහැනු කයිය නියෝජනය වන්නේ කාන්තාවන් ගෙනි.

වල් කෙටීම, නියර බැඳීම, සී සෑම වැනි කාර්යයන් සඳහා පිරිමි කයිය යොදාගන්නා අතර කුරහන් කැපීම වැනි අවස්ථාවලදී ගෑනුන් යොදවා ගනී. ගොයම් කැපීම වැනි කාර්යයන් සඳහා මේ දෙපිරිස ම සහභාගිවෙති.
කයිය සංවිධානය කිරීමේදී පිළිගත් චාරිත්‍ර ද අනුගමනය කිරීමක් සිදුවේ. කයිය කියනවා යනුවෙන් හඳුන්වන මේ චාරිත්‍රයේ දී හමුවී කතාබස් කර නියමිත දිනයේදී කයිය සඳහා පැමිණෙන ලෙස ඇරියුම් කිරීම එක් ක්‍රමයකි. අනෙක් ක්‍රමය වන්නේ කයියට බුලත් දීමයි.

නුවර කලාවියේ පැවැති ක්‍රමය වන්නේ කයිය සඳහා එක බුලත් කොළයක් දී ඇරියුම් කිරීමයි. කයියට බුලත්දීම නමින් හඳුන්වන මේ කයි කීමේදී කයිය දිනයේදී සපයන ආහාරවල ද සුවිශේෂත්වයක් දක්නට ලැබේ. කයි කීමේදී ද ඒ ක්‍රියාව සඳහා දක්ෂම පිරිස් තෝරාගෙන ආරාධනා කරති.

පිදුරු සෙවිලි කිරීම හා දඬු වැට බැඳීම වැනි කටයුතු වලදී ඒ කාර්යයන්වලට නම් දැරූ පුද්ගලයන් ම හඳුනාගෙන ඇරියුම් කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි. ගොයම් කැපීම කුරහන් කැපීම වැනි කාර්යයන් සඳහා කයිකාරයන් තෝරා ගන්නා විට ඊර්ෂ්‍යාකාරයන් හට කයියට ඇරියුම් නොකිරීමට ද වගබලා ගනිති. බෝගයේ වපසරිය හා ඵලබරවීම පිළිබඳ ව ඇස්වහ වදින නිසා එබඳු අය වගාවට ඇතුල් කර නොගැනීම මෙහිදී විශේෂයෙන් සලකනු ලැබේ.
කයිබත



බුලත් දී කැඳවනු ලබන කයියේදී උදේ හීල සුදු බත් හා 
එළවුළු වෑංජනයක් පොල් සම්බලක් වැනි දේකින් යුක්ත වෙයි. දිවා ආහාරය සඳහා කැවුම් කෙසෙල්ගෙඩි සමඟ ඉඹුල් කිරිබත් දෙනු ලැබේ. රාත්‍රි ආහාරය සුවිශේෂ ආහාරයකි. සුදු බත් රතු බත් මෙන්ම මස් හෝ මාළු ද, අල, කරවල, පරිප්පු වැනි ඒ යුගයේ සුවිශේෂ ආහාරවලින් ද කයිබත සකස්වෙයි.

ආහාරයෙන් පසුව දෙන අතුරු පස ලෙස පොල්කිරිවලට කෙසෙල්ගෙඩි හා සීනි මිශ්‍ර කර සාදා ගන්නා පානයක් සපයනු ලැබේ. ඇතැම් විට “කිරිපැණි” සාදා සංග්‍රහ කරති. කිරි පැණි යනු කිරිත් පැණිත් නොව හාල්පිටි, පොල්කිරි හා සීනි මිශ්‍ර කර සාදා ගන්නා පල්පයක් වැනි ආහාරයකි. කයිබතට කිරි පැණි සෑදීම එවකට පැවැති විශේෂ සංග්‍රහයකි. සාමාන්‍ය කයියකදී නම් විශේෂ කයිබත සකස් කරන්නේ දිවා ආහාරය සඳහායි.

මෙහිදී ඇතැම් විට රාත්‍රී කයිබතක් සපයන්නේ නැත. ප්‍රධාන කයියකදී උදේ සහ දිවා ආහාරවලට මස් මාලු සපයන්නේ නැත්තේ කයිකාරයන්ගේ ආරක්ෂාව සඳහා බව කියති. එසේ වූ විට කැත්තෙන් දෑකැත්තෙන් හෝ පන්නන් කැත්තෙන් (කුරක්කන් කැපීමට භාවිතා කරන්නේ පන් කැත්තයි) අනතුරු සිදුවන බව ගමේ ඇත්තන් පවසති.

කයිය සහ කයිවාරුව

කයිය සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීමේදී සෝයුරු සෝයුරියන් හා පිය පුත්වරු මෙන්ම බාප්පලා පුතාලා අම්මලා දුවලා එකම කයියට යොදා නොගනිති. කයියේදී කයිවාරුව වෙහෙස නිවා ගැනීමට වැදගත්වී. මෙහිදී කයිවාරුකාරයන් විසින් කියනු ලබන හාස්‍ය උපදවන කතා අතර අසභ්‍ය කතා ද කෙරේ. හොරගමන් බිමන් වැනි ඕපාදූප මේ කයිවාරු වලදී බොහෝ විට භාවිතා වෙයි. මෙනිසාම කයි කීමේදී තෝරා බේරාගන ශ්‍රමිකයන් නම් කිරීමට කයි හිමියා ප්‍රවේශම් වෙයි.
කයියට කවි කීම
ගොයම් කැපීම කුරහන් කැපීම වැනි අවස්ථා වලදී කයියේ එන අය කවි කියමින් කාර්යයේ නිරත වෙති. ගොයම් කවි කුරහන් කවි ආදිය බිහිවීමට තිඹිරි ගෙය වී ඇත්තේ ද මෙවැනි කයි බව ද සිතිය හැකි ය. ඒකරාශී වී වැඩකිරීමේ ප්‍රීතිය කරන කාර්යයේදී මහන්සිය අවම කරගැනීම හා එකිනෙකාගේ කුසලතා දැක්වීම ද මේ තුළින් සිදුවී ඇති බව පෙනේ.

කයියට ඇඹුල


කයිය ගැන කියන විට බොහෝ අයට ඇඹුල මතක් වෙයි. කයියට ඇඹුල අරන් යාම ප්‍රසිද්ධ කරුණක් වී ඇතත් නුවර කලාවියේ කොටු ගම්මානවල ඇඹුල වෙනුවට ඒ සඳහා යොදාගන ඇත්තේ ‘කයිබත’ යන වැහැරුමයි. එනිසාම ඇඹුල මෙහිදී කයිබත වී ඇති බව පෙනේ.



"විශේෂයෙන්ම එක කුලයකට අයත් ගම්වල සමාජ ඒකාග්‍රතාව බෙහෙවින්ම ශක්‌තිමත්ය. මෙවැනි ගමක විසූ හැම පවුලකටම ගොවිතැන් කිරීමට හෝ ගෙයක්‌ තැනීමට හෝ වැනි කටයුත්තකදී අන් අයගේ සහාය ලැබෙන බවට ස්‌ථිර විශ්වාසයක්‌ තැබිය හැකි විය.

මෙම කයිය ස0කල්පය ගැන විද්වතුන් පල කල අදහස් කීපයක් නම්

මහාචාර්ය ඇම්. බී. ආරියපාල මධ්‍යකාලීන ලංකා සමාජය නම් කෘතියේදී මෙවැනි අදහසක්‌ පළකර ඇත.

"පවුලක සාමාන්‍යයෙන් නෑ පවුල් රාශියකින් වටලන ලද්දේ විය. මේ පවුල ඕනෑ එපාකම්වලදීද ලෙඩදුක්‌, ප්‍රීති උත්සව ආදී සියලු ප්‍රීති ජන මෙන්ම දුක්‌ඛදායක අවස්‌ථාවලදීද අෙන්‍යාaන්‍ය සහයෝගයෙන් කටයුතු කළේය. 

ඒ අනුව ඔවුනට තම ඥතීන්ට සමූහයේ සහාය, උපකාරය ලැබුණේ සතුටේදී පමණක්‌ නොව දුක්‌ඛදායක අවස්‌ථාවකදීද ඔවුන්ගේ සහයෝගය ලැබී ඇත. එය එ නෙදා ජීවිතය පහසුවෙන් ගෙවීමට උදව් වන්නට ඇති බව පැහැ ලිය. 

පැරැණි ලාංකික සමාජයේ අෙන්‍යාaන්‍ය සම්බන්ධතා කැපී පෙනුණ විශේෂ අවස්‌ථාවක්‌ වූයේ ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික කටයුත්ත වූ ගොවිතැනේදීය. වී ගොවිතැන හා සම්බන්ධ සියලුම අවස්‌ථාවලදී හේන් ගොවිතැනේ දී සාමූහික ක්‍රියාකාරකම් බහුලව ක්‍රියාත්මක වී ඇති බව පෙනේ.

කුඹුරු ගොවිතැන ගත්විට ඔවුන් ඊට අවශ්‍ය ශ්‍රමය උපකරණ හා වෙනත් අවශ්‍යතා සපුරා ගන්නා ලද්දේ අෙන්‍යාaන්‍ය සහයෝගිතාව මගිනි. එහිදී "අත්තම" හා "කයිය" වැනි ක්‍රම භාවිත විය. රොබට්‌ නොක්‌ස්‌ මේ ගැන මෙසේ ලියා ඇති බව එදා හෙළ ව නම් ග්‍රන්ථයෙන් පෙනේ. 

"කුඹුරු ගොවිතැනට අදාළ බිම කෙටීමේදී මැඩීමේදී, හෑමේදී, වැපිරීමේදී පමණක්‌ නොව ගොයම් කපා පෑගීමේදී ද ගම්වැසියෝ උනුන්ට සහයෝගී වී වැඩ කරති. මේ සාමූහිකව වැඩ කිරීමේ සම්ප්‍රදායට "අත්තම් ක්‍රමය" යෑයි කියනු ලැබේ. 

සිංහල සමාජ සංවිධානය කෘතියෙහිද මෙය මෙසේ දක්‌වා ඇත.
සිංහල සමාජ සංවිධානය කෘතියේ රැල්ත් පීරිස්‌ මේ පිළිබඳ දැක්‌වෙන විස්‌තරය මෙපරි වේ

"ඔවුන් කුඹුරු කොටන විට හා ගොයම් කපන විට ගමේ සියලු දෙනාම එක්‌ව එසේ කරති. එකිනෙකාට ඇප උපකාරී වීමේ මේ ක්‍රමය "අත්තම" යනුවෙන් හඳුන්වයි. යමෙක්‌ තව කෙනකුට උපකාර කරන්නේ අනෙකා ද එවැනිම ශ්‍රමයක්‌ හෝ න ගණනක්‌ හෝ කුඹුරු වැඩ සඳහා පෙරළා යෙදෙන බැවිනි. ඒ නිසා ඔවුන් සියලු දෙනාම එකතුවී එක්‌ පුද්ගලයෙකුගේ ගොයම් කපති. ඊළඟට තව පුද්ගලයෙකුගේ වශයෙන් අවසාන තෙක්‌ම එකිනෙකාගේ ගොයම් කපති".

මේ අනුව කුඹුරු ගොවිතැනට අදාළ ශ්‍රමය පහසුවෙන්ම "අත්තම් ක්‍රමය" මගින් ලබාගත් බැවින් ඊට අවශ්‍ය ශ්‍රමය සඳහා අමතර වියදමක්‌ දැරීමට ගොවීන්ට සිදු නොවීය. "කයිය" ද මෙවැනිම ශ්‍රමය ලබා ගැනීමේ ක්‍රමයකි. 

"කයිය ක්‍රමයට අනුව ශ්‍රමය බහුලව අවශ්‍ය වූ අවස්‌ථාවන්හි දී ගොවියෙක්‌ තම හිතවතුන් කිහිප දෙනෙක්‌ ඒ කාර්ය සඳහා කැඳවන අතරම ඔහු ඒ පරිද්දෙන්ම හිතවතුන්ට අවශ්‍ය අවස්‌ථාවලදී ඔවුන්ගේ වැඩ කටයුතුවලට සහභාගී වේ.

මෙවැනි අෙන්‍යාaන්‍ය උපකාරයෙන් ගොවිතැනට අදාළ ශ්‍රම සම්පත ලබාගැනීමේ මූලික පදනම වූයේ ඔවුන් අතර වූ විශ්වාසයයි"

"තමන්ට උදව් ලැබූ පුද්ගලයා තමන්ට ඔවුන්ගේ උදව් අවශ්‍ය වූ විටෙක ප්‍රති උපකාරය සඳහා පැමිණියේය යන විශ්වාසය ඔවුන් තුළ තිබිණි." මේ ක්‍රමය මගින් තමාට අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් සපයාගෙන සාර්ථකව ගොවිතැන් කිරීමට එකල ගොවීහු සමත් වූහ.

ශ්‍රී ලංකාවේ ගොවිතැන හා සම්බන්ධ විශේෂ ප්‍රභේදයක්‌ වන වියළි කලාපයේ නුවර කලාපීය ආදී ප්‍රදේශවල වාරි කෘෂි කර්මාන්තය ආශ්‍රිතව මෙවැනි සාමූහික ක්‍රියා බහුලව දැකගත හැකි විය. 

එකල එම ප්‍රදේශයේ සියලු ගොවීහු වර්ෂා කාලයෙන් පසුව ගොවිතැන සම්බන්ධයෙන් සාකච්ඡා කරති. මෙහිදී ගමරාල හා අනෙක්‌ පාංශුකාරයන් එක්‌ව එළැඹෙන ගොවිතැන් වාරයේ දී ගොවිතැන් කරන කුඹුරු ප්‍රමාණය (පවතින ජලය අනුව) ආරම්භක නය, ඉන්පසු ඇළ වේලි ආ ය ශුද්ධ කිරීම ආරම්භ කරති. (මෙසේ එක්‌ව සාකච්ඡා කිරීම ගම් සභාව ලෙසද හැඳින්වේ)

"පොදු ඇළ වේලි ශුද්ධ කිරීම කරන ලද්දේ සියලු දෙනාම එකතුව හෝ කොටස්‌ වශයෙන් බෙදාගෙනය" ශුද්ධ කිරීම පමණක්‌ නොව වැව හා ඇළවේලි නඩත්තු කිරීම හා ඒවා නිසි ලෙස පවත්වාගෙන යැමටත් සියලු දෙනා සහයෝගය දෙන ලදී.

කුඹුරු සී සෑම, වැපිරීම ආ ය ඉහතින් දැක්‌වූ ආකාරයට අත්තම් හෝ කයිය මගින් සිදුකළ අතර වැපිරූ කුඹුරු සතුන්ගෙන් වෙනත් ආපදාවලින් ආරක්‌ෂා කර ගැනීමද සහයෝගයෙන් කළ කාර්යයක්‌ විය. 

"පාංශුකාරයෝ සිය කුඹුරු නිරතුරුවම ආරක්‌ෂා කරගනු වස්‌ මාරුවෙන් මාරුවට රැකවලේ යෙදුණෝය. 

මෙම කරුණු අනුව බැලූ විට ඔවුන් එකිනෙකාට උදව් කරන ලද්දේ තමාට හිමි රාජකාරියක්‌ ලෙස සිතා හෝ වෙනත් නීති රීතියක්‌ මගින් නියම කළ නිසා නොව ඔවුන් අතර තිබූ විශ්වාස ප්‍රතිමාන හා සාමූහික හැඟීම් නිසාවෙන් බව පැහැ ලි වේ. 

යම් කෙනකුට අසනීපවීම් නිසා ඔහුගේ පංගුවේ අස්‌වැන්න කපා ගැනීමට නොහැකි වී නම් සෙසු අය එක්‌වී ඔහු වෙනුවෙන් එය කපා දුන්හ. 

මෙමගින් පැහැ ලි වන්නේ ඔවුනොවුන් අතර තිබූ අෙන්‍යාaන්‍ය බැඳීම මගින් ඔවුන්ගේ ජීවිතයේ අපහසු අවස්‌ථා පහසුවෙන් ජයගෙන තම වි පෙවෙත සාර්ථකව හා ක්‍රමානුකූලව ගත කිරීමට ඉන් හැකියාව ලබාගත් බවයි. එමෙන්ම අන්තර් සම්බන්ධතා හා සාමුහිකත්වය නිසා අත්කර ගත් නොයෙක්‌ ප්‍රතිලාභද ඉන් පැහැ ලි වේ.

ගොවිතැනට සම්බන්ධ ඉඩම් භුක්‌ති රටාවේද ඇතැම් අංග මෙහිදී දැක්‌විය හැකිය. ඉන් එකක්‌ ලෙස කල්ගත වන විට ඉඩම් පංගුකාරයන් අතර කොටස්‌ ලෙස බෙදී යැම මගින් අස්‌වැන්න සරු නොවීම හා වෙනත් ඇතිවන ගැටලු මඟහරවා ගැනීමට භාවිතා කළ "කට්‌ටිමාරු" හා "තට්‌ටුමාරු" ක්‍රම දැක්‌විය හැකිය. 

සිංහල සමාජ සංවිධානය කෘතියේ රැල්ත් පීරිස්‌ මේ පිළිබඳ දැක්‌වෙන විස්‌තරය මෙපරි
දි වේ. 

"දේපොළ හැම තට්‌ටු මාරු පාංශුකාරයෙකුටම සමානව ලැබෙන සේ සමාන කොටස්‌ රාශියකට බෙදන ලදී. අනතුරුව ඇත්ත වශයෙන්ම ක්‍රමානුකූලව බෙදීමක්‌ කරනු වෙනුවට හා සෑම කොටස්‌කරුවෙකුටම ඔහුගේ නියමිත කොටස්‌ බෙදා වෙන්කර දෙනු වෙනුවට සම්පූර්ණ ඉඩම ඒ ඒ පුද්ගලයාට අයත් කොටස්‌වලට සමාන කාලසීමාවකට භුක්‌ති විඳීමට සලස්‌වන ලදී. ඔහුගෙන් පසු ඊළඟට සිටින තැනැත්තාට ඉඩම් භුක්‌තිය ලැබේවි. මේ අයුරින් කොටස්‌ හිමි සියලු දෙනාටම වාරයක්‌ ලැබේ.

මේ ආකාරයට ඒ ඒ භුක්‌ති විඳින තැනැත්තා අන් අයට අස්‌වැන්න ඉඩමේ ප්‍රමාණයට සමානුපාතිකව බෙදාදෙනු ලැබේ. මින් අස්‌වැන්න අඩුවීමක්‌ හෝ වෙනත් ගැටලු අවම වන ඉඩම් ඵලදායී ලෙස වගාවේ යෙදවේ. එම ක්‍රමය අෙන්‍යාaන්‍ය විශ්වාසය මත රැඳී පවතී. එමෙන්ම ඉඩම් පිළිබඳ ආරවුල් ද එම සමාජයේ aaaසාමුහික හැඟීම නිසා අවම මට්‌ටමක විය. 

"අනුන්ගේ දේපළ අයිති කර ගැනීමට හෝ ඇඟිලි ගැසීමක්‌ උපකාරී වැඩ කටයුතු නිසා නොවීය"

මීට අමතරව වී ගොවිතැනේ දී ධාන්‍ය පැසෙන තුරු කපා පාගන්නා තුරු සිය පවුලේ යෑපීම සඳහා වී ණයට ගැනීමේ ක්‍රමයක්‌ද මහනුවර යුගයේ ගොවීන් අතර ක්‍රියාත්මක වී ඇත. ධාන්‍ය පැසුණු කල ඇති අස්‌වැන්නෙන් නියමිත කොටසක්‌ ණය හිමියාට ආපසු ගෙවනු ලැබේ. රොබට්‌ නොක්‌ස්‌ මේ ගැන මෙසේ ලියා ඇත. 

මේ ණය ගනුදෙනු ක්‍රමය ආගන්තුකයන්ගේ හා දුප්පතුන්ගේ වි පෙවතට බෙහෙවින් උපකාර වන්නේය.

මෙමගින්ද පෙන්නුම් කරන්නේ එ නෙදා ජීවිතයේ දී අෙන්‍යාaන්‍ය උපකාරය මගින් අපහසු අවස්‌ථා පහසුවෙන් ගෙවීමට හැකි වූ ආකාරයයි. කුඹුරු ගොවිතැනේ දී පමණක්‌ නොව හේන් ගොවිතැනේ බොහෝ අවස්‌ථාවලදී සාමුහිකත්වයෙන් ක්‍රියාකර ඇත. එහිදී කැලේ කැපීම, භූමිය සකස්‌ කිරීමේදී, වැටවල් සකස්‌ කිරීමේදී, වැපිරීමේදී, හේන් රැකීමේදී හා අස්‌වැන්න නෙළා ගැනීමේදී වගා කළ සියලු දෙනා එක්‌ව කටයුතු කර ඇත. මේජර් ඩේවිට්‌ගේ පහත සටහන මේ බව කියා ඇත. 

කැලේ තිබෙන ඉඩමක කොටසක්‌ සිය යෑපීම සඳහා අස්‌වද්දා ගොවිතැන් කිරීමට පිළියෙල කිරීමේදී ගමේ පංගුකාරයෝ සියලු දෙනාම සහයෝගයෙන් වැඩ කළහ.

එපමණක්‌ නොව ගොවිතැන් කටයුතුවලට ආශිර්වාදය ලබා ගැනීම හා අස්‌වනු ආරක්‌ෂා කර ගැනීම පිණිස පැවැති විවිධ චාරිත්‍ර වාරිත්‍ර හා පුද පූජාවලදී ද සියල්ලෝම එකට එක්‌ව කටයුතු කළහ.

පුරාණ ගම පිළිබඳ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මෙසේ ලියයි.

ගමේ සශ්‍රීකත්වය ළඟා කිරීමට කෙරෙන යාගහෝම ආ ය සඳහා කටයුතු කිරීමේදී ගම්මඩු, පහන්මඩු හා ගිනිමඩු යනා ය නැටීමට ගමක නොයෙකුත් කුලමලවල අය එක්‌වී සහයෝගයෙන් කටයුතුවල යෙදේ. 

මේ ආකාරයට ගොවිතැන හා සම්බන්ධ සියලු කටයුතුවලදී පමණක්‌ නොව ගොවිතැනට අමතරව එ නෙදා කටයුතුවලදී ගම්වැසියන් සහයෝගයෙන් කටයුතු කර ඇත. ඒ අතර ගමේ පොදු දේපළ නඩත්තු හා ආරක්‌ෂා කර ගැනීමේදී ගම්මුන්ගේ සහභාගිත්වයෙන් සැදුම්ලත් "ගම් සභාව" ක්‍රියාත්මක වී ඇත. ඒ අතර ගමට අයිති පාරවල්, අම්බලම්, පන්සල් ආදී නඩත්තු කිරීම ප්‍රධාන වේ. 

තවද ගම්මුන්ගේ සාමකාමී වි පෙවෙතට හානි පමුණුවන රණ්‌ඩු ආරවුල් විසඳීමේදී ගම් සභාව ක්‍රියාත්මක වී ඇති අතර එමගින් සමාජයේ ඒකාග්‍රතාව ඉ රියට පවත්වාගෙන ගොස්‌ ඇත.

මෙයින් පෙනී යන්නේ පුරාණයේ සිට ගමේ සමාජ, ආර්ථික කටයුතු ඉටුකිරීම, සාමය පවත්වාගෙන යැම, යුක්‌තිය පසිඳලීම ආදී කාර්යයන් ගම්සභාව විසින් ඉටු කළ බවයි. 

මීට අමතරව පුද්ගලයන් අතර අෙන්‍යාaන්‍ය බැඳීම ආ ය දක්‌නට ලැබුණේ එ නෙදා ජීවිතයේ විවිධ අවස්‌ථාවලදී ය. එනම් සතුටුදායක මෙන්ම හ සි ආපදාවකදී ඔවුන් එකිනෙකාට උපකාරී වී ඇත. 

උදාහරණ ලෙස දරු ප්‍රසුති අවස්‌ථාවකදී උදව්කර ඇත්තේ තම අසල්වැසියන්ය. නොක්‌ස්‌ මෙසේ ලියා ඇත. 

"දරුවන් ප්‍රසූතියේ දී සිංහල ස්‌ත්‍රීන් හට නියම වින්නඹු කාන්තාවක්‌ නැත්තේය. ගම්වාසී අසල්වැසි වැඩිහිටි ස්‌ත්‍රියක අතින් වින්නඹු මවකගේ යුතුකම් කොටස ඉටු වන්aනේ."

එමෙන්ම යමෙකුගේ මළගමක්‌ සිදුවූ අවස්‌ථාවේ පටන් භූමිදානය හා දානමය පින්කම අවසන් වන තෙක්‌ සියලු කටයුතු සඳහා සහාය වන්නේ තම ඥතීන් හා අසල්වැසියන්ය. එහිදී ශ්‍රමයෙන් මෙන්ම වෙනත් අවශ්‍ය බොහෝ දෙයින් උපකාර සපයති. රැල්ෆ් පීරිස්‌ මේ ගැන මෙසේ ලියා ඇත. 

"ආදාහනය අවසාන වන තුරු මළගෙයි ගිනි මෙළවන්නේ නැත. එතෙක්‌ ශෝකප්‍රාප්ත පවුලට ආහාර සපයන්නේ කාරුණික අසල්වැසියන් විසිනි.

එ නෙදා ජීවිතයේ දී අවශ්‍ය වන උපකරණ භාණ්‌ඩ ආ ය පමණක්‌ නොව ඇඳුම් පවා නැති අවස්‌ථාවලදී අන්‍යයන්ගෙන් ඉල්ලා භාවිතා කිරීම සිදුවී ඇත. නොක්‌ස්‌ට අනුව 

"තමන්හට ගමනක්‌ යන විට අඳින්නට නොමැති නම්, ඇඳුම් ඇති අයගෙන් ඉල්ලාගෙන යැම දුප්පතුන්ගේ සිරිතකි. එසේ අනුන්ගෙන් ඉල්ලා ඇඳ පැළඳගෙන යැම නින්දාවක්‌ හෝ ම කමක්‌ සේ නොසලකති."

ඔවුනොවුන් අතර තිබූ බැඳීම නිසා එසේ ඉල්ලා ගැනීම හෝ තව කෙනකුට යමක්‌ දීම නින්දාවක්‌ හෝ කරදරයක්‌ ලෙස ඔවුන් කිසි විටෙක නොසිතා ඇත.

මෙසේ තමන්ට අවශ්‍ය විටක උදව් උපකාර කිරීමට පිරිසක්‌ සිටීම එකල සමාජයේ ආඩම්බර විය යුතු කරුණක්‌ බව පැහැ ලි වේ. නොක්‌ස්‌ මේ ගැන මෙසේ ලියයි.

"කිසියම් මහත් කටයුත්තකදී කරවාගත යුතු අවස්‌ථාවක්‌ පැමිණි විටෙක උපකාර ලබාගැනීමට පුළුවන් තරුණ සංඛ්‍යාවක්‌ ඇති බව දෙමව්පියෝ දනිති. එය ම කමක්‌ නොව පුළුවන්කමක්‌ කොට සලකන ඔවුන්..."

මේ සියලු කරුණු විමසා බැලීමේදී අතීතයේ ශ්‍රී ලාංකීය සමාජයේ සාමුහිකත්වය, අෙන්‍යාaන්‍ය විශ්වාසය, ප්‍රතිමාන ආදී මත පදනම්වූ අන්තර් සබඳතා ජීවිතයේ බොහෝ අවස්‌ථාවලදී පුද්ගලයන්ට පෞද්ගලික හා කණ්‌ඩායම් වශයෙන් නොයෙකුත් ප්‍රතිලාභ අත්කර දුන් අයුරු පැහැ ලි වේ. එමගින් පුද්ගලයෙකුට තනිව ඉටුකර ගත නොහැකි බොහෝ අරමුණු ඉටුකර ගත හැකි වූ අතර එමගින් ජීවිතයේ මුහුණ දීමට සිදුවන අපහසු අවස්‌ථා පහසුවෙන් ජය ගැනීමට ද උපකාරී වී ඇත. එමගින් ආර්ථිකමය ශක්‌තිය මෙන්ම මානසික ශක්‌තියද ලැබී ඇත. 

මෙවැනි ප්‍රතිමාන, අන්තර් සබඳතා හා අෙන්‍යාaන්‍ය විශ්වාස මත පදනම් වූ ක්‍රියා එම සමස්‌ත සමාජයේ ගුකාලීන පැවැත්මට හා සමාජයේ කාර්යක්‍ෂමතාවටද එම සමාජයේ ක්‍රමානුකූල පැවැත්මටද උපකාරී වී ඇත. එබැවින් පුරාණ ලංකා සමාජය තුළ සමාජ ප්‍රාග්ධනය නොඅඩුව තිබූ බව ඉතා හොඳින් පැහැ ලි වේ.

නුවර කලාවියේ ජීවන පැවැත්මේදී සාමූහිකත්වය සහජීවනය සහ සහයෝගය පවත්වා ගෙන යාමට ඉවහල් වූ කයිය අප අතරින් ඈත්වී ඒ වෙනුවට මුදල ඉස්මතුවීම දුක්බර තත්ත්වයකි. එහෙත් මේ දෑ අගය කරන අයට ද වැල යන අතට මැසි ගැසීම විනා වෙනත් කළ යුතු දෙයක් ඉතිරි වී නැත.




මහාචාර්ය දයා අමරසේකර ගේ පොත් ආශ්‍රයෙන් සහ අන්තර්ජාල තොරතුරු සමගින් ඇසූ දුටු තොරතුරු අනුව සකස කලෙමි





Wednesday, August 24, 2016

අපේ යක් බෙරය සහ බෙර



තුන් හෙළය එක්සේසත් කළ දුටුගැමුණු යුගයේදී රත්නමාලී චෛත්‍යයේ ධාතු නිධානෝත්සවයෙදී තූර්යවාදනය පිළිබදව සඳහන් වෙයි.
දෙවනපෑතිස් රජ සමයේදී ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ ජම්බුද්වීපයේ සිට වැඩමකරවන අවස්ථාවේදී විවිධ කුලවර්ග 18 ක පිරිස් මෙහි පැමිණියහ. බෝධි පූජා පැවැත්විම සඳහා ගන්ධබ්බ කුලයේ වාදක පිරිස් පැමිණිබවත් ශී‍්‍ර මහා බෝධිය වැඩමවීමෙදී පංචතූර්ය වාදනය කළ බවත් සඳහන්්වෙයි.
එකල පංචතූර්ය වාදනය නොතිබෙන්නට හැකි ද ?









තගළිම් රැළ බෙර තම්මැට පං තත්තිරිඹමුරූ
තඹමේ ඩැක බෙර බොම්බලි වීණා මිණසුසිරූ
බෙර මද්දළ කහළම් රසු කිගළම් බඳසොදුරූ
මෙසියල් මහ ගිඟුමෙන් පළ කෙරෙමින් සිදුඅයුරූ

(තිසර සන්දෙශය)
බෙර අපේ සංස්කෘතික දායාදයකි. සිංහල සංස්කෘතියේ මෙන්ම බෞද්ධ සංස්කෘතියේද සුවිශේෂී භාණ්ඩයකි බෙරය.
මෙයින් පෘථිවි ජල, තේජස්, වායු යන සතරෙහි හට ගැන්මත් පැවැත්මත් සංකේතවත් වේ.සතර මහා භූතයන්ගෙන් හටගන්නා දෝෂ සමනයටද සමත් බෙරය ශබ්ද ධ්වනියෙන් යුක්ත ප‍්‍රාථමික වාi භාණ්ඩයකි.
සතුරු උපායන්, පණිවුඩ යැවීමට, කාල වෙලාව දැක්වීමට, සේනා මෙහෙය වීමට, ජය පරාජය ප‍්‍රකාශකිරීමට, පී‍්‍රතිය ශෝකය ප‍්‍රකාශ කිරීමට,යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් ආදී අභිචාර කටයුතුවලට ද, සංස්කෘතික හා කලා කටයුතුවලට ද සශී‍්‍රකත්වය දැක්වීම ආදියට ද මිනිසා බෙරය එදා භාවිත කෙළේය. අද ද භාවිතා කරයි. හෙටත් භාවිත කරයි.
මිනිසා බෙරය හොඳ නරක දෙකෙටම යොදාගනී. ශාන්ති කර්ම වස් දොස් දෙස් දෙවොල් තැබීමටත් වස් දොස් මුදාහැරීමටත් බෙරය අතිශය බලවත් වාi භණ්ඩයකි.මගුල් බෙර, මළ බෙර, අණබෙර, රණබෙර, වදබෙර, මිනීබෙර, හේවාබෙර වශයෙන් ඒ ඒ අවස්ථා අනුව බෙරයට නම් ලැබේ.
සිංහල අනන්‍යතාව සුරැුකෙමින් අන්ජාතීන්ට නොදෙවැනිවන්නට සිංහලයන් සතු කලානිර්මාණ සමත් වී තිබේ. සිංහල කලා අතර නැටුමත් බෙර වැයුමත් එකිනෙක හා බද්ධ වී ඉහළම ස්ථානයක පවතී.
ආදීම සංගීත භාණ්ඩයක් වූ බෙරය කි‍්‍ර.පූ. 300 ට පෙර මෙසපොටේමියා ශිෂ්ඨාචාරයේ කලානිර්මාණ අතරත් ඉන්දියාවේ පෞරාණික ගල්කැටයම් අතරත් සටහන්වි තිබීම බෙරයේ ඓතිහාසික බව විරාජමාන කරයි.
එසේම මිසරයේ පාරාවෝ පෙළපතේ සොහොන්කොත්හි ඇති රූප සටහන් අතර බෙර වයන්නන්ගේ සටහන්ද වෙයි. මෙම සොහොන් කොත් අවුරුදු 5000 ට වඩා පැරණිබව පුරාවිiත්මක මතය යි. එහෙයින් බෙරයේ ඉතිහාසය අවුරුදු 5000 ට පෙර කාලය දක්වා ගමන් කරයි. එසේම මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ නටබුන්වලත් බෙර අතින්ගත් දළ මිනිස් රූප බෙර වාදනයේ ඉතිහාසය පිළිබඳව සාක්කි සපයයි.
වනචාරී ගෝති‍්‍රක ජනයා පවා යාග හෝම, ගිනි දෙවියන් පිදිම, යක්ෂයන් පිදීම, මළවුන් පිදිම ආදී කටයුතු සඳහා බෙර වාදනය කැර ඇතිබව විවිධ මූලාශ‍්‍රයන්හි දැක්වේ.
පෙරදිග මෙන්ම අපරදිග සමාජයෙන් ද බෙර පිළිබඳ තොරතුරු අසන්නට ලැබේ. පෙරදිග රටවල් අතරින් ඉන්දියාවේ බෙර වර්ග විශාල සංඛාවක් ගැන අසන්නට ලැබේ. භාරතයේ ඇති විවිධ ආගමික හා සමාජයීිය පරිසරයන්හි ගායනය, වාදනය හා නර්තනය මුලික කර බෙරය මුල්තැන් ගනී . බෙරයේ විවිධ ධ්වනි ශබ්ද නිසා විවිධාකාර්ය සඳහා බෙරය යොදා ගැනෙයි.
පටහ, මද්දල, හුඩුක්කා, මුරජ, තී‍්‍රවලී, ඩතුලි, ඩමරු, ඩක්කා, ඩමස, ඝටම්, දුන්දාහි, කුඩුක්කා, ඩක්කරී, තුම්බකී, වශයෙන් භේරී නාම විශාල සංඛ්‍යවක් භාරතීය සමාජයේ පැවතියේය. වර්තමානයේ මෘදංග, පක්චාඡ්, තබ්ලා, ඩෝල්, මාර්දෝල්, ඩොල්කි, නක්කරා, කෝල් වශයෙන් භේරී වර්ග ඇත. භේරී සංස්කෘත පදයේ සිංහල අර්තය බෙරය යි.ශී‍්‍ර ලංකාවේද බෙර වාදන ශිල්පයට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇතත් ඒ පිළිබඳව සටහන් වී ඇත්තේ අඩුවෙනි.
කි‍්‍රව 460-478 මහානාම හිමියන් විසින් ලියන ලද මහා වංශයයෙහි විජය කුමරු ලංකාවට පැමිණි දිනයේ සිරසවත්තු පුරයේ පැවති මංගල උත්සවයක තූර්ය වාදනයක් ගැන සඳහන් ය. එහි තූර්යවාදන භාණ්ඩ යනුවෙන් සඳහන් කළේ අවන්ද භාණ්ඩ විය යුතුය. හමක් බැඳ තට්ටුකිරිමෙන් ශබ්ද ධ්වනියක් උපදවා ගත හැකි භාණ්ඩ අවන්ධ භාණ්ඩය.
පසු කලෙක ලියන ලද මහාවංශ ටීකාවෙහි තූර්යවාදන යන්න පංචතූර්ය යනුවෙන් දක්වා ඇත.
ගමන් යනෙන සොඳ රූබර තාලෙට ඇත්රජ ගමනටනික්මෙන්නේ
පවන් සලනවිට කන්පෙති සලමින් දෑලේ මිණි නදවිහිදෙන්නෙ
පංචතූරිය ගී නද තාලෙට ඇත්රජ ගමනටපිවිසෙන්නේ
පෙරසිට පැවතෙන ගජගා වන්නම මේලෙසමයි ලොවපැවතෙන්නේ

රන්සිවිගේ ඇතු පිටින් වඩින කල දෙපයේ චාමරදිලිසෙන්නේ
පෙම්බර දෙපසේ ඉර හඳ කොඩියද රැලි මල්දම් වටදිලිසෙන්නේ
පංච එතූරිය ගී නද තාලෙට ඇත්රජ ගමනටනික්මෙන්නේ
පෙර සිට පැවතෙන ගජගා වන්නම මේ ලෙසමයි ලොවපැවතෙන්නේ

(ගජගා වන්නම)
එසේම පණ්ඩුකාභය රජු චිත්තරාජ, කාලවේල, වෙස්සවණ, ව්‍යධදේව ආදි යක්ෂයන් සඳහා පූජාවිධි පැවැත් වූ බව සඳහන්ය. එහි පූජාවන්හිදී ගායන, වාදන, නර්තන කළ බවත් සටහන්වෙයි. එමකල්හි වාදන සඳහා බෙර භාවිතා කරන්නට ඇති.
ගැටබෙර, පණා බෙර, එකැස් බෙර, මිහිඟු බෙර, මද්දල, පටහ, ලොහොබෙර, පටහ, ලොහොබෙර, යුවළ බෙර, මහබෙර, දැදුරු බෙර, රෝද බෙර, මුදඟු බෙර, ඝෝෂ බෙර, තල්ප්පර, තම්මැට, නාසන, රණ රඟ ඝෝෂා, වීරන්දම්, සමුද්‍ර ඝොෂා, අපුක්කුලි, තිඹ්ලිවු, දවුල්, මොරසු, මල්ලරි, සිරිවිලි තප්පු, ඩැක්කි, උඩැක්කි, ඖරසක්පඤච ආදී භේරී නාම ථූප වංශයෙන් හමුවෙයි.
එසේම කුවේනි අස්න, සද්ධර්මාලංකාරය, අමාවතුර, චූල වංශය, ධාතු වංශය, කාව්‍යශේඛරය, උමංදාව, දළදාසිරිත, සැවුල් සන්දේශය, පරවි සන්දේශය, තිසර සන්දේශය, පරවි සන්දේශය, හංස සන්දේශය, සන්දේශ කාව්‍ය වැනි පුරාණ සාහිත්‍ය කෘතිවල විවිධ බෙරනාම සඳහන්ව ඇත.
සක් සින්නම්හර- තන්තිරි පට-ගැට පහටු
මහ බෙර-පනා බෙර-රන්සක් -රිදී සක්-
ආදී වූ පංචාංගික තූර්ය නාදයෙන්
(උම්මග්ග ජාතකය කි‍්‍රව 1303-1333)
එමෙන්ම ලංකා ඉතිහාසය හැදැරීමේ දී අපේම විශිෂ්ට සටන්ක‍්‍රමයක් වන අංගම්පොර සටන් ශිල්පයේදී ද බෙර වර්ග භාවිත වෙයි. අංගම් පොර ශිල්පය රාවණ රජුගේ මුත්තා දක්වා අතීත පුරාණයකට උරුමයි. බෙර වාදනයේ ධ්වනිය සටන් රිද්මයට අනුගතව වාදනය කිරීමෙන් සටන්කරුටත් ජවය නියමාකාරයෙන් ග‍්‍රහණය කරගත හැකිය.
එසෙම ඉන්දියාවේ සිට ලංකාවේ වෙරළට ගොඩබට දෙවොල් දෙවියන් සමගද දියුණු ශිෂ්ඨාචාරයක ජනයා පැමිණෙන්නට ඇත. දෙවොල් දෙවියන් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්හි බලවතෙකියි සඳහන්ය. එබැවින් එකල භේරී භාණ්ඩ නොතිබෙන්නට නොහැකිය.
වර්තමාන ලංකාවෙහි උඩරට බෙරය හෙවත් ගැට බෙරය, පහතරට බෙරය හෙවත් යක් බෙරය, දවුල, රබාන, උඩැක්කිය, තම්මැට්ටම, තම්බෝරුව, බුං මැංඩිය, දළු බෙරය, යනාදී බෙර වර්ග භාවිතවෙයි.
ඉහත සඳහන් භාණ්ඩ අනාදිමත් කාලයක සිට ලාංකික අනන්‍යතාව රැගෙන එන වාද භාණ්ඩයෝයි. පරම්පරාගතව පැවතෙන මෙම බෙරවාදන ශිල්පය බෙර තාක්ෂණය ඉතා දියුණු ශාස්තී‍්‍රය වාදන ශිල්පයකි. එමෙන්ම ලාංකික බෙර වාදන ශෛලිය සන්නිවේදන භාෂාවක් වශයෙන් වර්තමානයේ තාර්කික මත බිහිවෙමින් පවතී.
ඉහත බෙර වර්ග අතරින් සිංහලයන්ටම ආවේනික බෙරවර්ග දෙකකි. ඒ උඩරට බෙරය, ගැට බෙරය සහ පහතරට යක් බෙරයයි. මෙම ගැට බෙරය සහ යක් බෙරය හා හැඩයට හා නිමාවට සමාන බෙර වර්ගයක් ලෝකයේ වෙනත් රටක මෙතක් නිර්මානය වී නැත.
ගැට බෙරය හා යක් බෙරය අතීත සිංහලයන්ගේ ඉතා විශිෂ්ට අපූර්වතම නිර්මාණයකි. පහත රට රුහුණු නර්තන සම්ප‍්‍රදායයේ ප‍්‍රධාන අවන්ධ භාණ්ඩය යක් බෙරයයි. මෙම බෙරය පහතරට බෙරය, රුහුණු බෙරය, දික් බෙරය, ඝෝෂකය, දෙවොල් බෙරය, යක් බෙරය යනුවෙන් ද හැදින්වෙයි.
බෙර උපත කවියෙන් දක්වා අති සැටි
තිලොවට උතු-ම්වන
මුනි දහම් මහ සඟගණ
වැඳ අත් බැඳමුදුන
කියම් භේරිය උපතකවියෙන

රත් හඳුන් කඳගෙන
එරන් වරපටිසමගින
ගෝසත් මුවසමින
මෙසේ සාදා බෙරයගසමින

එදා බුදුමඟුලට
රැස්වූ සුරන්එතනට
ගදඹ දෙවි එමවිට
දැකුම් වැඳුමක් ගසාමෙලෙසට

යක් බෙරය
යක් බෙර උපත
බෙරයේ උපත පිළිබඳව විවිධ වෘතාන්ත බෙහෝ වෙති. මේ කල්පයෙහි පළමුව බුදු බව ලද කුකුසඳ මුනිඳුන් බුද්ධත්වයට පැමිණියදා විශ්වකර්ම දිව්‍ය ප‍්‍රත‍්‍රයා බෙරයක් මැවූ බවත් පංචසිඛ ගාන්ධර්ව දිව්‍ය ප‍්‍රත‍්‍රයා එම බෙරය වැයූ බවත් දැක්වෙයි. එම විශ්වකර්ම දිව්‍ය ප‍්‍රත‍්‍රයා විසින් මැවූ බෙරය තෙගවු හෙවත් ගව් තුනක් විශාල බවත් බෙරකඳ රත් සඳුන් ලීයෙන් ද වරපට රනින් ද මැවූ බවත් සඳහන්ය.
මහ බඹුගේ දිවෙන් වජ්ජාධිපති, නිපුණාධිපති, කරා
ණාධිපති, සන්දාධිපති යනුවෙන් බෙර හතරක් උපත ලදැයි තවත් කතාවක සඳහන්ය.
මා මුනිඉසිවරා
නෙර්ත කරනටසපුරා
බෙරයක් උරදරා
ගාන්ධර්වය තාලඇදුරා

පළමු කල්පයෙහි ලොව පහළ වූ මහා සම්මත නිරිගේ බිසව මැණික්පාලයි. මැණික්පාල බිසවට වසවර්ති මාරයා විසින් කරන ලද විනයක් කැපීම සඳහා යාගයට අවශ්‍ය වාදනය සඳහා බෙරයක් අවශ්‍ය වීලූ. එවිට විශ්වකර්ම දිව්‍ය ප‍්‍රත‍්‍රයා ඉර්ෂීවරයනට බෙරයක් මවා දුන්නැයි ඉහත කවෙන් දැක්වෙයි.
දෙකක් බෙර බැඳගෙන
දෙන්නෙක් දෙපස සිටගෙන
ගී තාලන්ලෙසින
ගසන් දෙසවන් බිහිරිකරමින

කෝලම්හි බෙර ගැන සඳහන් වන කවියකි
භේරී තාලම
එදා මරු බුදුව වැඩහිඳ බෝමුලේ විදුරාසනේසිට
සදාගත් ඩඹරු තෙගව් පමණින් ගදඹ ජය ගොස පතුරවන්නට
පුදා මුනිඳට මිණිපහන් දිව මල්ද නානා පසඟ තුරුකොට
එදා එතැනදි දෙවැනි ගැසුවේ භේරි තාලම් ගදඹමෙලෙසට

භේරි ඝොෂාණක් හෘද මධ්‍ය ලංඡු
තරිත්ක්කිනංභෙරි නාදංච පාදං
කි‍්‍රණ කි‍්‍රණ තකු-දං තත් දිත් තොන් නන්
ත්‍රෛලෝක්‍ය නාථං වන්දාම් බුධං
තත් සව්දම
දන්නවද නුඹ සුසැට සව්දම් මිතුරෙ මා හා වාදවෙන්නට
ඉන්නවද ලොවෙ මෙමට වැඩියෙන් සමත් අය මා පරදවන්නට
දුන්න බැට පෙර එමූසිලයට දන්නවානම් එපාඑන්නට
මෙන්න මේ තත් කියන සව්දම් පාර වැරදෙයි ගමටයන්නට

තත්ත තාතා තතා තාතා තක්ක
තක්කිට තොක්කතා
තක්ක කර්තක තතක තත තික
තක්ක තක්කිත තෙක්කතා
දිත් සව්දම
වාද කෙරුමට ආ නමුත් සකි උඹට මොකවත් නැතදැනෙන්නේ
නාද සතරක් ඇතේ පළමුව දන්නේ නැතිවද ඔහොමඉන්නේ
මූද පීනා එතර වෙන්නට මොටද ඔය වීරියකරන්නේ
යෝදයා මම තමයි දෙවනුව දිත් කියා සවුදම්ගසන්නේ

පදය
දිත් දිත් තරි කඩ ගුරු පාදන්
හඬ සුර හරයුම් දුන් දුන් දුන්
දින් දින් දින් තවි තක්කුම් කුම්
තූහර්ත තුන් දිම් දිම් දිම් දිම්
තොන් සව්දම
මෙහෙම සව්දම් ගසනවා නම් දේය පණවන් සතුටු පඬුරට
තියනවා නම් ලොවේ විමසා ඉගෙනගන් ඔබ ගුරුන් ළඟසිට
ගහනවා නම් ගසාපන් අද දෙන්න මෙතැනදි වාදවෙන්නට
දුවනවා නම් හෙඳයි තුන්වෙනු තොන් කියා සව්දමගැසූවිට

තොන් ක‍්‍රතකඩ තක තරිංගු
තක තෙයි ක‍්‍රතක තරිංගු
කඩ තක තරි කිට තා
නන් සව්දම
දන්නවා නම් සු සැට සව්දම් සිංහයා සේ වෙයසබාවට
දෙන්න තුටුවෙයි මගේ සෙල්ලම් බලා සිටියොත් තෑගමා හට
සම්බුදුන් හට එදා ගදඹය ගැසුව සව්දම් මෙමාසිහිකොට
නන් කියන සව්දම ගසන් නෙමි නුඹේ කන් යුග බිහිරිවන්නට

නන් කි‍්‍රෂ්ට කිඩි තක
දිත් තලංගු රොමිකිට
කිටි තක තා
බෙරය සැකසීම
බෙරයේ කඳ රත් හදුන් ලීයෙන් සැදූ බව විවිධ ජන මූලාශ‍්‍රවලින් හෙලිදරව් වෙයි. රත් හදුන් අරටුව ඉතා ශක්තිමත් හා පැලීයාමක් සිදු නොවන නිසා රත්හදුන් දැවයෙන් බෙර සදා ඇත. එහෙත් රත් හදුන් ඉතා දුර්ලභ දැවයකි. එනිසා කොහොඹ, ඇහැල, කොස් වැනි දැවයෙන්ද බෙර නිර්මාණය කර ඇත. පසුව කොහොඹ. ඇහැල වැනි දැව දුර්ලභ වූයෙන් තල්. කිතුල් දැවයෙන් ද බෙරකඳ නිමවා ඇත.
එහෙත් කොහොඹ. ඇහැල වැනි දැවයෙන් සැදූ බෙර ඉතා යෝග්‍ය බව පැරණි බෙර වාදකයන්ගේ පිළිගැනීම යි. ධ්වනිය රඳවා ගැනීමේ විශේෂ හැකියවක් ඇහැල, කොහොඹ බෙර කෙ`දහි ඇතිබව විද්‍යානුකූලය.
බෙර සැකසීමේ වත් පිළිවෙත්
බෙර සෑදීමෙදී පැරණි බෙරවාදකයෝ විවිධ වත් පිළිවෙත් අනුගමනය කර ඇත්තාහ. ශුභ මුහුර්තියක් බලා ගසක් තේරීම සඳහා යන වාදන ශිල්පියා සුදුසු වෘක්ෂයක් තෝරා ගනියි. ගස තේරීමෙදී හෙන පහර වැදී මියැදුණු ශාක, ගසේ කඳට හානිවූ ශාක වෙනත් ආයුධයකින් කැපූ ශාකයන් තෝරා නොගනී.
පසුව ශුභ නැකතින් ගසවෙත යන ශිල්පියා ගස වටා ගොක් රැුහැන් ඇද මල් පහනින් සුවඳ දුමින් වෘක්ෂ දේවතාවුනටත් සතරවරම් දෙවියන්ටත් ගැන්ධර්ව දෙවියන්ටත් භූමියට අරක්ගත් බහිරවයන්ටත් පිං දි වෘක්ෂය කැපීමට අවසර පතයි.
සතර වරම් කවි, ශ්ලොක, ස්තෝත‍්‍ර, යාදිනි, සැහැලි ගයමින් අවසර පතයි. මෙවැනි පුද පූජා සඳහා බුද දිනක් හෝ ශනි දිනක් යොදාගනී. පූජාවෙන් පසුව අමාවක දිනෙක ගස කැපීම සඳහා යොදාගනී. එදින මන්ත‍්‍ර ජපකර සුභ නැකතකින් ගස කපා ගනී.
තුන් වියත් තුනඟුල් දිගටත් එක් වියත් තුනඟුල් මුවවිට වනසේත් බෙර කොටය සකසා ගනී. කොටය හාරන්නේ අස්විද නැකතිනි. පුසුව හෙන යෝගය නම් නැකතින් බෙර කොටයේ දෙපසට හම් එලාගනී. අවුරුදු 10 ට වරක් යෙදෙන මෙම හෙන යෝගය වාද්‍ය භණ්ඩ සැදීමට ඉතා යෝග්‍ය නැකතක් බව පැවසේ.
ඇසල මස බුදදින
පසළොස්වකටපැමිණෙන
පුවසල නැකතයෙන
දනුව බුද හෝරාව ලත්හෙන

මෙලෙස හෙනයෝගෙට
යොදමින් නැකත්නිසිකොට
බෙරය ගෙනසුරතට
තබා මළහම් එලාවටකොට

බෙරය නිමවා වාදනයට පෙර ජීවප‍්‍රාණ මන්ත‍්‍රයෙන් මතුරා බෙරයට දුම් අල්ලා ප‍්‍රාණ පිහිටුවා ගත් බවත් දැක්වේ.
කඳ සැකසීම
දැව ව්ශේෂයෙන් සකසා ගන්නා ලද බෙර කඳ අඟල් කාලක් පමණ ගනකම සිටින සේ හාරයි. පසුව හෑරූ කඳ පදම්කළ යුතුය. මද පවනේ වියලාගත යුතුය. එසේ වියලා ගැනීමෙදී කඳ මඳක් හෝ ඇද නොවන සේ තබා ගැනීමට කඳ ඇතුළත කුහරය තුළ ලී මුක්කු ගසයි. බෙර කඳ හොදින් වියලූණු පසුව වායුව පිටතට නොයන ලෙස හා කෘමී සතුන්ගෙන් වන හානි වැළැක්වීමට දුම්මල උණුකර බෙරකඳෙහි අතුළත ආලේප කරයි.
ගැටි වැල් හම් යෙදීම
බෙරයේ දෙපස ඇස් දෙකට හම් යෙදීම සඳහා ගැටි වැල් යොදාගනී. කැප්පිටිය, රත්මල්, රතඹලා, රදලිය, මල්කෑර, සියඹලා කෝටු මේ සඳහා යොදාගනී. මෙම කෝටු පවනේ වියළාගෙන පොත්ත හැර පොල් තෙල් ගා මද ගින්නේ රත්කරමින් අවශ්‍ය පරිදි නවාගනී.
සිහින්ව කැපූ රෙදිපටියක් දවටා බෙර ඇසට මනා ලෙස සවිකරගනී. මෙම ගැටි වැල් සඳහා කැප්පිටියා කෝටු ඉතා යෝග්‍ය වේ. කැප්පිටියා ගසේ ඇති විශේෂිත රසායනයන් නිසා කෘමි සත්තු ඊට හානි නොකරති.
බෙරයේ කට හෙවත් බෙර ඇසේ දෙපැත්තම එක හා සමාන විශ්කම්භයෙන් යුක්තය. එනම් එක් වියත් තුනඟුලකි. බෙරයේ ඇස හෙවත් තට්ටුව සාදනු ලබන්නේ හරක් කිරි බොක්කෙනි. සාදා නිමකළ පසු දෙපැත්තම ශබ්ද මාධූර්යයෙන් යුක්තය. එකිනෙකට වෙනස්ය. මෙයින් එක් පැත්තක් හයි පැත්තය. බෙර ඇසමත පොඟවන ලද හරක් බොක්ක ගැටිවැල මත තබා රැලිනොවැටෙන සේ ඇදබදී.
වරපට
බෙරහම බෙර කඳේ රඳවාතැබීම සඳහා ඇද බැඳගන්නා පටිය වරපටයි. මේ සඳහා හරක් හම් යොදා ගනී. රවුමට කපාගත් හරක් හමකින් පළල මිමි 6-8 අතර වන සේ සිහින් තීරු වශයෙන් මෙම සම කපාගනු ලැබේ. කපාගත් සම හොඳින් වියළාගනු ලැබේ. කැපුම් හමේ ගෙතුම් වැල් හෙවත් ම්ම් 4ක් පමණ සිහින් වරපට වෙනිවර නමින් හඳුන්වයි.
බෙරය වාදකයාගේ ඉනේ රඳවා තබාගැනීමට අවශ්‍ය ලණුව රැදවීම සඳහා යොදන කන්වැල ද සකසා ගන්නේ මෙම වෙනිවර ගොතා ගැනීමෙනි.
පසුව කැපුම් හම ඒ මත තබා වරපටිවලින් ඇද සකස්කරගී. වරපටි ඇදගැනීමට තුරන් සිදුරු 12 -14 ක් කපා ගනී. ඒ මත උඩ යට සිටින සේ වරපටියක් ඔතාගනී. මෙහි ලණුවක් සේ ඔතන්නේ වෙනිවර කැරැල්ලයි. එම සියල්ල වෙනිවර කැරැල්ල කැපුම් හම ගැටිවැල හැක්ම නමින් හදුන්වයි. ඉන්පසු කැන්වරය යොදයි. පහතරට බෙරයේ වරපට අඟල් කාලක් පමණ වෙයි. එහි දිග බඹ 7ක් පමණ වේ. ඉන බදින ලණුව රෙදිවලින් සැදු පටියකි.
බෙර වාදකයා
බෙර වාදකයා ආගම ධර්මය පිළිපදින සිහිනුවනින් යුත් අයකු වීමත් අනිවාර්යයි. එසේම නිසි ලෙස ශාරීරික අංගෝපාංගයන්ගෙන් යුත් නිසි ශරීර සෞඛ්‍යයකින් යුත් අයෙක් විය යුතුය. දෑත නිසියාකාරව මාංශ පේශීන්ගෙන් යුත් ඇඟිලි අනවශ්‍ය ලෙස දිගින් අඩුනොවී, මහතින් වැඩිනොවී නිසියාකාරව පිහිටිය යුතුය. ගොළුවූවන්, බිහිරිවූවන්, කොරවූවන්, අත්පා අවයව සිඳුනෝ, උන්මාද රෝගියෝ, අඟුටු මිට්ටෝ, වක් වූ ශරීර ලක්ෂණ ඇත්තෝ අංගවිකල වූවෝ අත් පා බරවා රෝගයට ගොදුරු වූවෝ
බෙර වාදනයට නුසුදුසු වෙති.
බෙර වාදක ඇදුම
බෙරවාදක ඇම උඩරට, පහතරට, සපරගමුව හා එක් එක් නර්තන විලාශවල අනුව වෙනස් වෙයි. යක්බෙරය වැයීමේදී ද සුදුසු ඇදුම් ආයිත්තම්වලින් සැරසීම සිරිතකි. මේ සඳහා හිසට - උරමාලය පළඳියි සතර රියනක් පමණ සුදුරෙද්දක් හිසවට කරකවා හිසමත පළදියි. ගසම් පටිය නම් අලංකාර පටියක් මේ වෙළුම මත බඳියි. ගෙලට පබළු මාලයක් පළදියි. පැරණි වාදකයන් රිදී මාල පැළඳි බව ද සදහන් වේ. දෙකනට කඩුක්කන් පැළඳිය යුතුයි. ඒවා රිදියෙන් හෝ පබළුවලින් සකසා ඇත. ළැමට වර්ණවත් පබළුවලින් සැකසූ රෙදිවලින් තැනූ රැළිමන්තයක් පළදියි. දෑතට රිදියෙන් හෝ පිත්තලෙන් සැකසූ බන්දි වළලූ පළදී. ඉණට රැළි තබා වම්පසට නෙරිය තබා අඳින සේලයක් මේ සඳහා රියන් හයක පමණ සුදුරෙද්දක් ගනී. බඳට අඟල් දහයක් පමණ පච්ච වඩම් (රතුරෙදි) පටි වෙලූමකි. සමහරු රිදී හවඩියක්ද මේ මත බඳින බව සඳහන්වෙයි.
උරහිසට -ශුභ නූල
ශාස්ත‍්‍රයෙහි නිපුණබව හැඟවීම සඳහා ගුරුන් විසින් මෙම නූල පළඳවයි. කහ වර්ණ මිමි 3 ක් පමණ නූලකින් සකසාගන්නා ශුභ නූල මුතු පබළු යොදා අලංකාරකරගනී.
දෙපයට
වළලූ කරට කුඩා රැලි පටියකි. සලම්බුද පය ලන බව සඳහන්ය.
පහත රට බෙර ඇදුම් කට්ටලය
(මාතර සම්ප‍්‍රදාය)
1.මේස් කලිසම
2.ලොවිච්චි
3.සිලම්බු
4. සුදු සේලය
5. ඉණ දවටන සුදු රෙද්ද
බෙර වාදනය
පහතරට බෙර ශිල්පය මාතර හා බෙන්තර යනුවෙන් පරම්පරාගතව පැවතෙයි. එම රටා දෙක අතර සුළු වෙනස්කම් තිබුණේ වුවත් මේ බේදය බෙර වාදන ශිල්පයේ දියුණුවට බාධාකාරී වී ඇත.
බෙර වාදනය ඉතා සියුම්ව හැදෑරිය යුතු කලාවකි. එසේම මනා සංයමයකින් යුතුව ප‍්‍රගුණ කළ යුතු ශිල්පයකි. බෙර වාදන කලාව පාරම්පරිකව පැවත එන හෙයින් මනා ගුරු ගෝල සම්බන්ධතාව මත මෙම ශිල්පය පැවත ඇත.
කුලමල බේද මත බෙරවාදන කලාව අත්හැරි පිරිස්ද වෙති. එසේම බෙර වාදන කලාවට අළුතින් එක්වූ පිරිස්ද වෙති. කෙසේ වෙතත් බෙරවාදන කලාවට එක්වන ආධුනික මෙන්ම ප‍්‍රවීන ශිල්පීන්ද බෙර අක්ෂර අනුව ශිල්පය හැදෑරිය යුතුයි.
බෙරයේ සමට තට්ටුකළ විට කම්පනයක් ඇතිවේ. එයින් ශබ්ද ධ්වනි ඇතිවේ. එම ඇතිවන ශබ්ධ ධ්වනි බෙර අක්ෂර ලෙස හැදින්වෙයි. බෙරවාදකයා ශබ්ද ධ්වනියේ විපුලතාව, අල්පතාව, තාරතාව , මන්ද්‍රතාව, ඉතා සියුම්ව හැදෑරිය යුතුය.
පූර්ණ අක්ෂර, ඌණාක්ෂර යනුවෙන් බෙර අක්ෂර කොටස් දෙකකි.
ග, ධ්, ත, ධ යන අක්ෂර වෙනත් අක්ෂරයක සහායක් නොමැතිව උපදවාගත හැකි බැවින් පූර්ණ අක්ෂරය.
ර්, ර, න්, හිං, හූ, හි, ධ්, ත්, රි, යන අක්ෂර වෙනත් අක්ෂරයක සහාය ලබාගෙන උපදවාගත යුතු හෙයින් ඌනාක්ෂර නම් වේ.
ක් - තක්, දික්
ර - හුර
රි - තරි, දරි
න් - නොන් , නන්
ද් - ගද්,, ධගද්
ධ් - ගධ්
බෙර අක්ෂර, බීජාක්ෂර සහ ගර්භාක්ෂර යනුවෙන් තවත් ප‍්‍රභේද දෙකකි. බීජාක්ෂර සහ ගර්භාක්ෂර සම්මිශ‍්‍රණය වීමෙන් පද නිපැදවෙයි.
උඩරට හා පහතරට බෙරවාදන ශෛලීන් දෙකෙහෙදිම තත්, දිත්, තොං, නං යන ශබ්ද ධිවනි සතර බීජාක්ෂර වෙයි. ශිල්පය ආරම්භයෙහි වාත මේඝය නිසා සිව් දිසාවෙන් තත්, දිත්, තොං, නං යන සතර ඇතිවූ බව මේ පළිබඳ ඇති මතයකි.
අජමහස වාවැද
එයින් නැගුණේ සිව්නද
නයනු සහ දියනුද
තො යනු නයනුත් මෙ සිව්අකුරුද

මේ ශබ්දසතරා
මුලට ගෙන පෙරඇදුරා
ගැසු බෙර උරදරා
එපද මේ සැටි දනුවඉඳුරා

එසේම ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන් නිසා මේ ශබ්ද හතර උපන් බව තවත් මතයකි.
ගර්භාක්ෂරබීජාක්ෂර හැරුණු විට නිපදවා ගත හැකි අනෙකුුත් සියලූ අක්ෂර ගර්භාක්ෂර වෙයි. එක් ශබ්දයක් උපදවාගැනීමට එක් අක්ෂරයක් හෝ අක්ෂර කිහිපයක් ගැනීම සිදුවෙයි. මෙසේ යෙදෙන අක්ෂර ගනන අනුව ගර්භාක්ෂර කොටස් කිපයට වෙන්කරගත හැකිය.
ඒකාක්ෂර - එක් අකුරකින් පමණක් ශබ්ධ උපදවා ගැනීම ග , ධ , ත
ද්විත්වාක්ෂර - අකුරු දෙකක් එක්කිරීමෙන් ශබ්ද උපදවා ගැනීම ගත් , ධිත් , දැහිං
ති‍්‍රත්වාක්ෂර -අකුරු තුනක් එක් කිරීමෙන් ශබ්ද නිපදවා ගැනිම.තතොඟ , තහුර
චතුර්තාක්ෂර - අකුරු හතරක් එක්කිරීමෙන් ශබ්ද උපදවා ගැනීම තක්කිත , ධෙගදිත
පංචාක්ෂර - අකුරු පහක් එක්කිරීමෙන් ශබ්ද උපදවා ගැනීම,තක්කිනං , රෙඟදකත්
එසේම තිත්වාක්ෂර දෙවරක් යෙදීමෙන් ෂඩාක්ෂරද ති‍්‍රත්ව චතුර්ථ අක්ෂර එක් කිරීමෙන් සප්තාක්ෂරද , චතුර්තාක්ෂර දෙවරක් එක්වීමෙන් අෂ්ටාක්ෂරද නිපදවාගත හැකයි.

පද සංයොජනත සංයෝජන

ත-  තදිකින තිතෙය
තත- තදිමත තිරි
තක- ත්ධොං තිරිකිට
තක්- තතත්ත තිතෙත්ත
තක- ත්කකිට තෙයි
තරි- තක්කිනං තොං
තකට- තත්තොඟ තොඟ
තහුර- තත් තරිකිට තොංකින
තහුරෙං- තා තොහින
තත්ත- තාකිට ත‍්‍රිං
තංතාඟ- තාදිත්
තරිඟුන්- ති
තරිකිට- හිති
තරිතත්- තිත්
ධ සංයොජන
ධ- ධුන්න
ධග- ධුධන
ධගද්- ධෙගධ ධගුං ධෙගත්
ධිත්- ධෙගධත් ධිං ධෙගත ධිත්ත ධෙගඳ
ධිත්තං- ධෙගදිත
ධිතං -දෙගුඳත්
ධිරි -ධෙග්ගුඳ
ධම් -දොන්
දිම්ම් -දොංත
ධිකට- දොංගධ
ධික්ක්ට- දොතෙත්
ධිකු- ද්‍රංද්‍රංත
ධ්කුඳ- ද්‍රොමිත
ධ්කුඳක- දොමිතත්
ධ්ගධං -දොංගඩ
ධ්හුර- දොහොකඩ
ධ්හුර- දොහොකඩ
ධහුං- රං දැහිං
ධුන- දැහිංත
ග සංයොජන
ග-ගධ්
ගධ- ගධිං
ගධ්- ගත
ගධං- ගති
ගධග- කූහිති
ගධ්ධ- ගුඳං
ගධිත- ගුඳත්
ගධිතං- ගූංද
ගතිත- ගුදංත
ගදත්- ගුගුඳ
ගධිතකු- ගුඳිත
ගධිකිට- ගුං දොංත
ගද්දිත- ගුං දගත්
ගද්දිරිකිට- ගුංදත්
ගධිං- ගුංඳගුඳං
ගහිති - ගුංදිරිකිට
ර සංයොජන
රිං රිංත
රෙගධ
රෙගත
රෙගධත්
රෙගුඳ
රෙගත්
රෙගධිත
රෙගුඳිත
රෙඟුදත්
රෙගුඳගත්
ක සංයෝජන
කකු
කුරු
කුරුං
කිට
කිටි
කිනං
ක‍්‍රතත්
ක‍්‍රතක
කධ
හ සංයෝජන
හුර
හුරගධ්
හුරගධ
හුරගත
හුරගත්
හුරකධත්
හුරගුං
හුරකුඳ
හුරතත්
හ්රිංභුද්
නැටුම් දෙව් රජදෙව්යන් අතර නමගිය නැට්ටුවා ඊශ්වර, ඉසිවර හෙවත් ඉසුරුය. නටරාජා යනු ඊශ්වරයන්ට තවත් අන්වර්ථ නාමයකි. පහතරට නෘත්‍ය සම්ප‍්‍රදායේ ඊශ්වර නැටුම මිශ‍්‍රව ඇත.
තත් තාලය / අ/සන් සුන් නා රජ පෙර සිටිමින් එහි සහ නොයෙකුත් සැම දෙවියන් පිරි වර මින් සුර වදුරන් බඔ පුත් සව්සැට සෙනග මවාගෙන කෙරුව නෙර්ත පෙරපින් ඇති නිරිඳුගෙ ඉදිරිපිටට පැන ගැසුවා ගදඹය සුරලූත් යොම් කරතත් යන තාලය කකුසඳ මුනිඳුට, දැකුම් ලෙසට ගැසුවා පද එක් කර
පදයතත් තකතා, හුජෙන් තත්තා, ජෙනකිට තක තන්ත‍්‍රා
දිත් තාලය /ඔ/කියන්න නම් මම දන්නව තාලම් පැවතුණු සැටි පෙර කාලෙක සොඳ ලෙසඅසන් න සිත කැමතිව නම් මහතුනි කියන්න පුලූවනි පෙර සිට එන බසබලන්න මෙහි සිටි මැති සහ පිරිසට, නෙර්තය කර සිට ගදඹය එළි බැස ගසන්න දෙවනුව පැමුණුනි මුණිදුට, දිත් යන තාලය ගදඹය නොවලස
පදය දිත් කිට ජෙන කිට තක තත්තා තක් කිට කිට කිටි තක කුජෙන් කිට කිට තරිකිට ජෙ ජෙ ගත්තත් තරිකිට කිටිතක දොමි කිට තා
තොත් තාලය/ට/මින් ඉස්සර පෙර කාලෙක බුදුවුණ කකුසඳ මුනිඳුන් සව් සත දැකුමටදැන් මම පවසන සව්දම් තාලම්,වෙන් වෙන් වශයෙන් පවසමි පෙරසිටපින් ඇති මුනිඳුගෙ ඉදිරි පිටට පැන,ගැසුවා ගදඹය සුරලූත් ගනනටතොන් යන තාලය පැවතුණු සැටි පෙර කියන්න බැරිනම් නාරිනු නුඹකට
පදයතොන් කඩ කඩ තක දිත් කූන් දත් හුදිම් හුදිම්කිට ක‍්‍ර තක තත්තා
නන් තාලය/ද/දුකි යන සසරින් ගොඩලන්නට පෙර කකුසඳ මුනිඳුට ගුණ මෙලෙසින්එක එක වෙන වෙන තාලම් සමගින්, පවසම් දන්නා පමණ යසින්හකු හිරි වැටෙමින් අරින්න බැරිකට නොකිවොත් තාලය උත්පත්තිය නන්කකු සඳ මුනිඳුට දකින්න සොඳ ලෙස ගැසුවා ගදඹය නන් යන තාලන්
තත් දිත් තොන් නන්සිදුහත් කුමරා සම්බුද්ධත්වයට පත්වූදා මිනිස් ලොවට පැමිණි දෙවියෝ විදුරසුන් අබියස තත් දිත් තොන් නන් යන සිව් මහා ශබ්දයන් යටත් දෙසිය සොලොස් වැදෑරුම් නැටුම් ගැයුම් වැයුම් එක්ව මංගල උත්සව කළාහු ය.
පදය නන් ජෙක කුකුජෙන් තක ජෙන් කුකුජිත් තක ජෙන්තු තක්කිට තකදොන් තත් තගති තගති තකිට ගතතිට තරිකිට කුද කුකුද කිට තා
අත්මාරු හරඹයක්කුදිත ගදිත ගදි ගදා ගුදිත ගදිත ගදි ගදාගුදිත ගදිත ගදි ගද ගුදාගුදිත ගදිත ගදි ගදා
වන්නමතෙතෙන තෙතෙන තෙන තෙනම් තෙතෙ නම තෙන තෙන තෙනම් තෙනෙන තෙනෙන තෙනෙ නම් තෙන තෙනෙන තෙනෙන තෙන තෙනම්
පුරාණ තාල ශාස්ත‍්‍රයෙහි පැවසෙන හැටියට, තත්, දිත්, තොන්, නන් යටතේ ගැයු වැයු තාල නමින් එන අන්‍ය අවස්ථාද ඇත්තේය.
තත් තාලයසක් රජ අසුරන් සහ යුදටයන් ජයගත් සමයෙදි පොරනේවික් මැති සුරඟන ඇවිදින් නැටුවලූ එදා සක‍්‍ර බවනේඑක් වී සැම සුර දෙවියන් සමගින් පංච සිකය එදිනේතත් යන තාලය පළමුව ගැසුවේ සක් රජහට එදිනේ
පදයදෝං ගත්තත්, ගතත් තත් දැහිං
ශ්ලෝකයසුරේන්ද්‍ර· ප‍්‍රථම· කාලො ලද්ධ්‍යවා නෙර්ජරාස් පදංවිබුධා පංච සිඛිතනු තකාරෙ වෙන තත් විද·
ස්වස්ති ශී‍්‍ර සාර විමල විපුල, යශෝ කීර්තිධර සර්ව නිර්ජරාධිපති, ශක‍්‍රදිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අසුර බල පරම විද්ධ්වංශනය කොට, උභය දිව්‍ය ලොකාධිපති ශක‍්‍ර දිව්‍ය රාජ්‍යශී‍්‍රය ලත් දා සර්ව ප‍්‍රකාරවූ ප‍්‍රතිහීත වාදයෙහි දක්ෂ සුශික්ෂිත පංචශිඛ නම් දිව්‍ය පුත‍්‍ර තෙම ත කාරය මුල් කොට තත් තාලය ගායනය කළේ යැයි දැක්වෙයි.
දිත් තාලය (ක) ඇත් රජ සමගින් සිවලූන් යුද කොට ලජ්ජාවුන ලෙසිිනේලැජ්ජාවී යන්නට වෙයි මෙනුඹට කීවොත් මට මෙදිනේඑක්මැති උමයංගනා දේවිගේ සෝකය යන ලෙසිනේදිත් යන තාලය පළමුව ගැසුවේ ඊශ්වර දෙවි විසිනේ
ශ්ලෝකයවියොග·් පාර්වතී පූනද්‍රඃ තත‍්‍රඛො ගිරි සො නමො දිර්ඝ රූප ගුණං වර්ණං, දිත් තාලංච ප‍්‍රකාශයෙත් (වෘෂභ වාහනාරූඩ ක්‍යාල හස්ත, තිනෙත්‍රො පලක්ෂිත* ඊශ්වර දිව්‍ය රාජොත්තමයාණන් වහන්සේ වියෝගවූ පාර්වතිය සනසනු තකා, ඡුත‍්‍රාංග නම් භෙරිය නිර්මාණය කළේ ආතත විතතාදිය මුල්කර දිත් තාලය ගායනය කළේ යයි දැක්වෙයි.
තොන් තාලය (ඩ)පින් ඇති අපෙ මුනි බෝමැඩ විදුරස්නේ වැඩවුන් සඳනේබිම්බර මවමින් ඒ ආ වසවත් පැරද ගියා සොඳනේපින් ඇති මුනිඳුට ඉස්තුති කරමින් සක් දෙව් රජ විසිනේතොන් යන තාලය පළමුව ගැසුවේ සක් දෙව් රජ තොසිනේ
ශ්ලෝකය දිත් තො සුගත පදං ප‍්‍රාප්‍ය, තත‍්‍ර කාලො සුජීම් පති දීර්ඝ රූප ගුණා වර්ණං, තොන් තාලන් ප‍්‍රභවිස්පති,
ත්‍රෛතල තිලක, සකලඥය සාගර පාර ගතාශෙෂ, නෛක ගුණරත්න මන්දිරායමානවූ අප තථාගත, සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ, පංච මාර පරාජය කොට, බොධිදෘම මූලයෙහි වැඩ උන්කල්හි ශක‍්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ත කාරය මුල්කොට තොන් තාලය ගායනා කළේ යයි දැක් වේ.
නන් තාලය (න)පින් ඇති අපෙ මුනි දක්නට අසුරිඳු අසුර පුරෙන් පැමිනේගම්බිර මුනිඳුගෙ සීලේ බලයට අසුරිඳු කර දමනේදම් දෙසමින් මුනි ආ සුරිඳුන් හට පන්සිල් දී සොඳිනේනන් යන තාලය රාහු අසුර තෙම මුනිඳුට ගැසු එදිනේ
ශ්ලෝකයබාහුල්‍යං දීර්ඝපති දිත්‍ය, දින පාදං පමාණතෙ නන් සර්ව වෙපවිත් තාලං, නන් තාල උග‍්‍රඝොෂනී
කනක ගිරි ශෘංගාභිජාත, සහශ‍්‍ර කිරනඡ්වලිතවු, චන්ද්‍ර සූය්‍ය උභය මණ්ඩලය එකැගිල් බලෙන් වසාලන්නට සමර්ථවූ, සාර දහස් අටසියයක් යොදුන් උස ඇති රාහු අසුරේන්ද්‍රයන් න කාරය මුල්කොට නන් යන තාලය ගායනය කළේ යයි දැක්වෙයි.
මෙසේ තත්, දිත්, තොන්, නන්, සතර ගයා අනතුරුව ඒ හා එන වන්නම ගයයි.
තෙනෙන තෙනම් තෙන තෙන තෙනෙ නම් තෙනතෙනෙන තෙනෙම් තෙනතෙන තෙනෙ නා.
පඤ්ච තාලය යන තාල විසිතුරුද මෙකී තත්, දිත්, තොන්, නන් වෙනුවෙන් දිරි දෙන බව එහි වූ පද සමුදාය සෑදී වැඞී ඇති අයුරින් පැහැදිලි වේ.
තන් තාලය /උ/බැන්ද සුර බරණින්ම සැරි ගෙන පියුම් පිට නටනා පදෙන්සින්දු පදයට නාද එක යුරු ගීත නාදය කී ලෙසින්නන්ද විසිතුරු පාද ලස්සන නටා සිව් සැට තාල මෙන්පන්ච තාලේ කවුත්තම් පද තත්ත තරිකිට යන පදෙන්
පදයතත් තරිකිටතා තක දිත තරිතක් කින කින ජෙක්කුන්තක රොමිදික්කිටි තක දොමිකිට තක රොමි දින්
දිත් තාලය /ග/සවු සැටක් බරණයන් සැරසී පෑපු රඟමඩලට තොසින්ගවු තුනක් දිග බෙරෙන් තාලම වයන නෙර්තය දිවපුරෙන්දෙවු සුරන් හා නටන තාලම නෙර්ත ගීතය නාදයෙන්දෙවුනු ගැසුවයි නෙර්ත තාලය දිත්ත දිමිතක යන පදෙන්
පදයදිත්ත දිමි තක තරි දින්තක තරිකිට කිනන් කිනන් දිත් තතකින ජෙක්කුන්කුරුමන කුරුමන තොන්
තොන් තාලය /ණ/තුන්ග සරබින් වයන තාලම නෙර්ත ගීතය නාදයෙන්බැන්ද සුර බරණින් සැරසිගෙන ඉසිවරන්ගේ නෙර්තයෙන්සින්දු පදයට නාදයෙන් රසු ගීතයෙන් පද තාල මෙන්තුන් වෙනුව ගැසු නෙර්ත තාලය තොන්ග තදිකින යන පදෙන්
පදය තොන්ග තදිකින තොහොවර තකතරි රෙජෙන කි ජෙන්තක තොන්ග තතරිජෙකුතදින්නකු තොන් කිට තාම්
නන් තාලය /ප/සිව් වරම් සුර බඹ දෙවිඳු සක් රජ වරම් දුන් නෙර්තයෙන්දෙව් සුරන් ගන පෑපු බරණින් තිස් දෙකක් පද තාලමින්සිව් වරම් දෙවි සමග පිරිවර වයන පද මේ තාලමෙන්සිව් වෙනුව ගැසු පද කවුත්තට නන් තකුම් තරි යන පදෙන්
පදයනන් තකුම් නාරායන කිනන් තත් දිත් තොන් නන් තක දික තා තාතදික්කු තොම් කිට තොම්
තවද තත් සවුදම, දිත් සවුදම, තොන් සවුදම, නන් සවුදම යනුවෙන් ඒ ඒ අක්ෂර වලට බල දෙමින් සවුදම් සතරක් ද ඇත.
තත් සව්දම /එ/දන්නවද නුඹ සුසැට සව්දම් මිතුරෙ මා සහ වාද වෙන්නටඉන්නවද ලොවෙ මෙමට වැඩියෙන් සමත් අය මා පරද්දන්නටදුන්න බැට පෙර එමූසිලයට දන්නවා නම් එපා එන්නටමෙන්න මේ තත් කියන සව්දම් පාර වැරදෙයි ගමට යන්නට
පදයතත්ත තාතා තතා තාතා තක්කතක්කිට තොක්කතා තක්ක කර්තක තතක තත තිකතක්ක තක්කිත තෙක්කතා
දිත් සව්දම /ජ/වාද කෙරුමට ආ නමුත් සකි උඹට මොකවත් නැත දැනෙන්නේකාද සතරක් ඇතේ පළමුව, දන්නෙ නැතුවද ඔහොම ඉන්නේමූද පීනා එතර වෙන්නට, මොටද ඔය වීරිය කරන්නේයෝද යා මම තමයි දෙවනුව දිත් කියා සව්දම් ගසන්නේ
පදය
දිත් දිත් තරි කඩ ගුරු පාදන් හඬ සුර හරයුම් දුන් දුන් දුන්දින් දින් දින් තවි තක්කුම් කුම්තුහර්ත තුන් දිම් දිම් දිම් දිම්
තොන් සව්දම /ත/මෙහෙම සව්දම් ගසනවා නම් දේය පණවත් සතුටු පඬු රට තියෙනවා නම් ලොවේ විමසා ඉගෙණගන් ඔබ ගුරුන් ලඟ සිටගහනවා නම් ගසාපන් අද දෙන්න මෙතනදි වාද වෙන්නටදවනවා නම් හොඳයි තුන්වෙනු තොන් කියා සව්දම ගැසූ විට
පදය
තොන් ක‍්‍රතකඩ තක තරිංගු තක තෙයි ක‍්‍රතක තරිංගුකඩ තක තරි කිට තා නන් සවුදම /බ/දන්නවා නම් සු සැට සව්දම් සිංහයා සේ වෙයි සබාවට දෙන්න තුටුවෙයි මගේ සෙල්ලම් බලා සිටියොත් තෑගි මා හටසම්බුදුන් හට එදා ගදඹය ගැසුව සව්දම මෙමා සිහිකොටනන් කියන සව්දම ගසන්නෙමි නුඹේ කන් යුග බිහිරි වෙන්නට
පදයනන් කි‍්‍රෂ්ට කිඩි තකදිත් තලංගු රොම්කිටකිටි තක තා
වාදකයින් දෙවියන් රජුන් අදීහු දැක්මෙහිදි ගයන දැකුම් අත්හි වූ කවි අතරද ත, ද, තො, න මුල් වූ කවි බඳු පදමාලාවකි.
තත්, දිත්, තොන්, නන්
* තගුන කිට ජෙන් දකින්දිකු තොංගු කර්තක දකින්තොගුන තකු තොන් දකින්නගුන කර්තක තොන් නන් දකින්
* තත් තහකු සුර දකින්දිත් දිගු දිදින ජෙන් දකින්තොන් ක‍්‍රතක තෙයි දකින්නන් ක‍්‍රතක තගුන ජෙන් දකින්
* තත් ක‍්‍රතක රජ දකින්දිත් කිටක දිකු දැන් දකින්තොන් තොතොඟු මම් දකින්නන් ක‍්‍රතක දිත් තොන් දකින්
තත්, දිත්. තොන්, නන් ගැමියන් තුලද ව්‍යවහාර වෙයි.
රබ්බඩ පුවකේ දෙකට කපාලා හතරට ඉරු කරතෙයිවෙත්තිල බුලතේ හුනු ටික ගාලා නැට්ට කඩා දමතෙයිදත් කොල පිත්තල බොත්තන් දාගෙන පානට දත තියතෙයිතත් දිත් තොන් නන් තාලම බැරි නම් කැවුම් කාපු රිහියයි
සව්දම් තුළ පදවල පමණක් තත් දිත් තොන් නන් යෙදෙන සව්දම් දෙකක් ඇත.
යාත්තර නැව් යනෙන මුහුදේ කුඩා ඔරු නොපදීද පසුවමසාත්තර යට වාද කෙරුමට මෙනුඹ ආඑක ඉතා ගොන්කමපාත්කම විඳගන්ට සිදුවෙයි මෙනුඹහට නොගියොතින් විගසමපාත්තර බිඳගන්ට සිදුවෙයි ඔන්න ගසනෙමි පතිනි සව්දම
පදය
තත්, දිත්, තොන්, නන්, තාල උදාරයකිමිනික සව්දම් හුද විපාදයචන්ද්‍රවතීගේ ඉන්ද්‍රනීලගත විමනික සුරලූවනෙතකනන් ජෙහෙකඩ විනත විනෝදර ගත්තේ රත්රන් සලඹ අතේසෙත්සිරි දෙවනා පත්තිනි සුරනා අත්පුඩි පඬිපුර ජෙහෙදක තත් තරිතාහක ජෙන් ජෙන් පත්තිනි සුර සව්දම්
කවියනුගුණැති දෙව්දත් බැන්දයි වයිරය රන් තලියක් ගැන රොසයෙන් දාරස ඇති දම් රස දෙසුවා අපෙ මුනි ඔහු හට කරුණා ගුණයෙන් දාබල ඇති දෙව් රජ දෙන් මට නුවණක් දින දින වඳිනෙමි දෝතින් දාගන පති සව්දම ඔන්න ගසමි මම මෙනුඹට බැරිවෙයි මෙලෙසින් දා
පදය
තත් දත් තොන් නන්තකකුන දික්කුන් තක නතින් ගුනක‍්‍රත කිට විනපිට අරුලව කිරුලවගනපති ජෙහෙජෙහෙතරි ගුදත් තරිකිට තක තොන් නන්
තත් දිත් තොන් නන්සම්මා සම්බුදු පියාණන් සම්බුද්වයට පත්වූදා මිනිස් ලොවට පැමිණි දෙවියෝ විදුරසුන් අබියස තත් දිත් තොන් නන් යන සිව් මහා ශබ්දයන් යටත් දෙසිය සොළොස් වැදැරුම් නැටුම් ගැයුම් වැයුම් එක්ව මංගල උත්සව කළහුය.
නමස්කාර පදගද්දිරිකිට ගුංදිරිකිට ගදත ගුදත් දොංගද්දිරිකිට ගුංදිරිකිට ගදත් ගුදත් දොංගද්දිරිකිට ගුංදිරිකිට ගදත් ගුදත් දොංගච්දිරිකිට ගුංදිරිකිට දැහිං
චාමර පදගුං දෙං ගද ගද, ගදිතගු දොං ගදගුං දෙං ගද ගද, ගදිතගු දොං
ගුංද ගුදෙං ගදි ගද ගද ගුගුද ගුදෙං ගදි ගද ගුං
ගුංද ගුදෙං ගදි ගද ගදගුග-ද ගුදෙං ගදි ගද ගදගුංද ගුදෙං ගද ගද ගදගුගුද ගුදෙජ ගදි ගද ගුං
ආරම්භ පද (රට යකුමේදීත් අසන්නට ලැබේ)
(අ) 1 ගුදග් ගුද ගුදග් ගද ගදගුදග් ගද ගුදග් ගද ගුං
ගුදග් ගද ගුදග් ගද ගදගුදග් ගද ගුදග් ගද ගුං
11 ගුදග් ගද ගුදග් ගද ගුං ගුදග් ගද ගුදග් ගද ගුං
111 ගුද ගද ගුංගුද ගද ගුං
4. ගුහිත ගදත් දෙගදිත ගුදත් දැහිංරිං දැහිං දිං දැහිං දිං දැහිංගද්දත් තිට ගද්දත් දොං
5. ගුංදග් කිට ගුංදත් දැහිංගුද්දග් කිට ගද්දත් දොං
(ආ) 1. ගද්දිරිකිට ගුංදිරිකිට ගද්දිරිකිට තාගද්දිරිකිට ගුංදිරිකිට ගද්දිරිකිට තා
2. ගද්දිරිකිට තාගුංදිරිකිට තා
3. ගද්දිරිකිට ගුංදිරිකිට ගද්දිරිකිට දැහිංගද්දිරිකිට ගද්තත් දොං
(ඉ) 1. ගද ගුදිතේ ගදගු දංතගද ගුද ගද ගදගු දංත
ගද ගුදිතේ ගදගු දංතගද ගුද ගද ගදගු දංත
2. ගද ගුද ගද ගදගු දංතගද ගුද ගද ගදගු දංත
3. ගදගු දංතගදගු දංත
4. ගුහිත ගදත් දෙගදිත ගුදත් දැහිංරිං දැහිං දිං දැහිං දිං දැහිංගද්දග් තිට ගද්දත් දොං
5. ගුංදග් කිට ගුංදත් දැහිංගද්දත් කිට ගද්දත් දොං
නැටුම් ඉවර කරන නියමිත පද ඇත. තත් ගහිතිගදංඑක් පදයකි. මෙම පද නූතන වාදකයින් නොතකා හැරීම නිසා පරිහානියට යමින් පවතී. ඉරට්ටවලදී එම පද ඉවත්කිරීමේවන හානිය වැටහේ.
1. හ්රීං තහුර ගද ගදත් ගහිති ගදංතත් දිගදං තක් දොංතක් ගහිති ගදං
2. දොං ගතිත්තගද ගතිත්තගුද ගද, ගුද ගද, ග-ද ගදතක් කත් තකත් තත් හ්රීං තහුර ගද ගදත් ගහිත ගදංතක් දිගදං තක් දොංතක් ගහිති ගදං
3. දොං තත් තත් තත් තදිකින ගත හුරගත් තත හුර ගත්තිත හුර ගත් ගද්ද දිත්ත ගද්දිත ගද හුරගද් හ්රීං තහුරගද ගදත් ගහිත ගදංතත් දිගදං තත් දොං තත් ගහිති ගදං
4. හ්රීං තහුර ගදි ගදත් ගහිති ගදංතත් දිගදං තත් දොං
හ්රිං තහුර ගද ගදත් ගහිති ගදංතත් දංගදං තත් දොං
හ්රීං තහුර ගද ගදත් ගහිති ගදංහුරීං තහුර ගද ගදක් ගහිති ගදං
ගහිති ගදං ගුහිති ගදංහ්රිං තහුර ගද ගදක් ගහිති ගදංතක් දිගදං තක් දොං
තත් ගහිති ගදං
5. හුර ගද ගදත් දැහිං දෙගද ගද ගද ගුදත් දැහිං හුර ගද ගදත් දැහිං දැහිං දෙගද ගද ගද ගුදත් දැහිං
හුර ගද ගදත් දැහිංහුර ගද ගදත් දැහිං
රිං රිං රිංගද ගද ගුද ගද, ගදගද ගුදගද, ගද ගද ගුද ගද ගුද ගද ගද්දත් දැහිං
ගද් දිත් තත්දෙග් දිත් තක්
ගද් දිත් තක්තක් දොද් දොං
ගද් දිත් තත් තත් ගහිති ගදං
මගුල් රාගය
1.(අ) ගද් දිත් තා කිරිකිටගද් දිත් තා කිරිකිට
(ආ) ගද්දෙං ගද ගද් දෙංගද ගදි ගද
(ඉ) ගුං දත්තගු දත් දැහිං
(ඊ) තහුරුද ගුද ගද්දොං ත ග දා
2. (උ) ගදිතග දා ගුදගදිතග දා ගුදගදිතග දා ගුද
(ඌ) තහුරුද ගුද ගද් තහුරුද ගු-ද ගද් දොං ත ග දා
(එ) ගදිතග දා ගුදගදිතග දා ගුදගදිතග දා ගුද
(ඒ) තහුරුද ගුද ගද්තහුරුද ගුද ගද්තහුරුද ගුද ගද්දොං ත ග දා
3. (ඔ) ගදිතග දා ගුදගදිතග දා ගුද ගදිතග දා ගුද
( ඕ) ගුං දත් ගද්දත් තහුරුද ගුද ගද් ගුං දත් ගද්දත් තහුරුද ගුද ගද්තහුරුද ගුද ගද්තහුරුද ගුද ගද්
හුර ගද ගද ගද් ගදංගදිත ගද ගුද ගුංදෙග දත්දොං ත ග දි ත ග ද දැහිං
සිය පදය
1 (අ) දැහිං කිරිකිට
(ආ)ගුද ගද ගුං දගුදොං තග දිත ගද දැහිං
(ඉ) තහුරුද ගුද ගද්ගුද ගද ගුද ගද්දෝං තහුර ගද දැහිං
(ඊ) රෙග්ගද් දෙග් ගද් දෙග් ගද ගුද ගද දැහිං
2. (උ) 1. දොං, ත ග දි ත ග දගද්. ත ග දි ත ග දගද් . ත ග දි ත ග ද  ගු ද ග ද ගුං දත්
2. දොං. ත. ග දි ත ග ද ගද් . ත ග දි ත ග දගද් ත ග දි ත ග ද ගු ද ග ද ගුං දත්
3. දොං ත ග දි ත ග දගද් . ත ග දි ත ග දගද් ත ග දි ත ග ද ගු ද ගද, ගුංදත්
(ඌ) දොං ත ග දි ත ග ද  තා
(එ) ති ති ගද, ගු ගු දත් දොං
3. (ඒ) 1. දොංතග දිතගද දැහිංකිරිකිට ගුංදත් දොං
දෙගදග දිතගද දැහිංකිරිකිට ගුංදත් දොං
2. දොංත තහුර ගද දැහිං කිරිකිට ගුංදත් දොං
දෙගද තහුර ගද දැහිංකිරිකිට කුංදත් දොං
3. දොංතග දෙංතගු දාකිරිකිට ගුංදත් දොං
දෙගතග දෙංතගු දාකිරිකිට ගුංදත් දොං
(ක) දොංතග දිං දං ගත්දත් දොංදෙග දග දිං දං ගත්දත් දොං
(ග) ගද් දත් දොංදෙග දත් දොං
(ජ) දොද් දොද් දොං
4. (ට) 1. රෙග්ගද් දිංගද ගදිතග දිංගදගුහිතග දිං දිං ගද්දත් දොං
දොංත තහුර ගද දැහිංකිරිකිට ගුංදත් දොං
2. දෙගදත් දිංගද ගදිතග දිංගදගුහිතග දිංදං ගද්දත් දොං
දොං තග දිත ගද දැහිංකිරිකිට ගුංදත් දොං
(ඩ)- රෙග්ගද් දිං ගද ගහිතිග දිං ගදගුහිතිග දිං දං ගද්දත් දොං
දෙගදත් දිංගද ගහිතිග දිංගදගුහිතිග දිං දං ගද්දත් දොං
(ණ) රෙග්දත් දිංගද ගද්දත් දොංදෙගදත් දිංගද ගද්දත් දොං
(ත) ගද් දත් දොංදෙග දත් දොං
(ද) දොද් දොද් දොං
(න) දොංත ගද්දත්තහුර හුර ගද්
දිග දං
5. (ප) 1. තිතං තිතං තාතිතිගද ගුගු දත් තාතිතෙත්ත ගුගුදත් තාතහුරත් හුර හුර තා
තිතං තිතං තා තිතිගද ගුගුදත් තා තිතෙත්ත ගුගුදත් තාතහුරත් හුර හුර තා
2. තිතං තිතං තා තිති ගද ගුගු දත් තා
තිතං තිතං තාතිතිගද ගුගු දත් තා
3. තිති ගද ගුගු දත් තා තිති ගද ගුගි දත් තා
4. තිතිං තිතං තා
තිති ගද ගුගු-දත් තා
තිතෙත්ත ගුගු දත් තා
තහුරත් හුර හුර තා

(මහනුවර ප‍්‍රදේශයේ කුඹුරුවල අස්වැන්න නෙලීමේ කටයුතුවලදී භාවිතා කරන බෙර වර්ගයක් වන බුම්මැඩිය ජාතික පුස්තකාල සේවා මණ්ඩල සංරක්ෂණ ඒකකයෙනි)


















2011 අගෝස්තු මස 06 12:16:46 | ජානක ගලප්පත්ති    ල0කාදීප  අපේ උරුමය පිටුවෙන් 2011

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular