Showing posts with label ජීවිත. Show all posts
Showing posts with label ජීවිත. Show all posts

Wednesday, February 15, 2017

මවු ගුණ ඔප කළ බුදු බණ




මිනිස් හෝ තිරිසන් හෝ කුමන ආත්මයක උපන්නත් මෑණියකගේ කුසයෙන් බිහිවීම ස්වාභාවික උපතක් වශයෙන් සැලකිය හැකිය. වත්මන් දියුණු යැ’යි සම්මත ලෝකයෙහි විද්‍යාත්මක මෙවලම් මගින් දරු උපත් සිදු කැරෙන බව ද අසන්නට ලැබේ. කෙසේ වුව, මවකගෙන් ලැබෙන සෙනෙහස, ආදරය, කරුණාව, වෙනත් කිසිවකුගෙන් ලැබේවි’යි සිතිය නොහැකිය. කවුරුත් අපට එරෙහි වුවද ප්‍රතික්ෂේප කළද, අප අතහැර නොගොස් , අප සුරකින එකම කාන්තාව මව පමණි. අංගුලිමාලට රටක් විරුද්ධව සිටියද මෑණියන්ට ඔහු තම ආදරණීය පුතාම විය. දරු සෙනහස නිසා, ලේන අම්මා තම වල්ගයෙන් මුහුදු ජලය හිස් කිරීමට ගත් ප්‍රයත්නයක් ගැන පුවතක් බෞද්ධ සාහිත්‍යයේ එයි. බළල් මව තම දරු පැටවුන් ආරක්‍ෂක ස්ථාන හතකට ඔසවාගෙන යන්නේ දරුවන්ගේ ආරක්ෂාව සැලසීම පිණිසයි. කකුළු මව දරුවන් බිහිවීමෙන් පසු මරණයට පත් වන්නේ දරුවන්ගේ පැවැත්ම උදෙසාය. මියගිය මවගේ සිරුර අනුභව කැරෙමින් කකුළු දරුවෝ වර්ධනය වෙති. මිනිස් හෝ තිරිසන් හෝ හැම මවක්ම දරුවන් උදෙසා තම ජීවිතය කැප කරති. අපමණ දුක් විඳිති. ‘උනහපුලුවාට උගේ දරුවා මැණිකක් වගේය’ කීවද කුමන සතකුට වුවද තම දරුවා මැණිකටත් වඩා අගනේය.

අම්මා කියන වචනය දෙසවනට අමාවක් බඳුය. එතරම් මිහිරි වදනක් තවත් නැති තරම්ය. එම වචනය තුළ සෙනහස, ආදරය, කරුණාව දයාව මේ සියල්ලක්ම අන්තර්ගතව ඇත. ආදර යේ උල්පත වූ අම්මා...’ වැනි ගී පදවැල් ලියැවෙන්නේ ඒ නිසායි. ‘මව‘ යන්නෙන් ‘මවන්නි’ යන අදහස ගම්‍ය වේ. මව,, මවන්නේ දරුවන්ය. මෙත්, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බඹ විහරණ ඇත්තේ මහා බ්‍රහ්මයා හැරුණ විට, මවුපියන් තුළ පමණකි. අම්මා කියන විට ඇගේ සිත දරු සෙනහසින් ඉපිල යයි. දරු සෙනෙහස නිසාම ඇගේ ලෙය කිරට හැරවේ. ඇය දරුවකු පිළිසිඳ ගත් දින සිට කලලයට අහිතකර කිසිවක් ආහාරයට නොගන්නී දරු සෙනෙහස නිසාමය. එසේම අංග විකල නොවූ රූමත් ගුණවත් නැණවත් දරුවකු ලැබේ වා’යි නිබඳවම ප්‍රාර්ථනා කරයි. දරුවන් නිසා ඇතිවන ශාරීරික වේදනා ඉවසා ගනියි. තම සිරුරෙහි පෝෂ්‍ය පදාර්ථ සියල්ලක්ම පිළිසිඳ ගත් දරුවා වෙනුවෙන් කැප කරන්නීය.

මව පිළිබ¼ඳ බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවන්හී දේශනා කළහ. සිදුහත් කුමරු ඉපැදී සතියකින් මව මහාමායා දේවිය කලුරිය කළාය. දෙව් ලොව උපන් මාතෘ දිව්‍ය පුත්‍රයා හමුවට වැඩම කළ බුදු හිමියෝ දහම් දෙසූ බව ප්‍රකට කරුණකි. උන් වහන්සේ තමන් හදාවඩා ගත් සුළු මෑණියන්ට ද , මාතෘත්වයෙන් සලකා කටයුතු කළ බව සඳහන් වෙයි. මෙහෙණි සසුන පිහිටුවීමට එක් හේතුවක් කැර ගත්තේ සුළු මෑණියන්ගේ ආයාචනයයි. සුළු මෑණියන් රහත් මෙහෙණින් වශයෙන් පිරිනිවන් පෑමට යන අවස්ථාවේ ඇය සමග දෙව්රම් වෙහෙර ඉම දක්වා පසු ගමන් කළෝ, මවට දක්වන සැලකිල්ල නිසාමය.

බුදු රජාණන් වහන්සේ තරම් මවු ගුණ දේශනා කළ වෙනත් ශාස්තෘවරයකු මෙතෙක් පහළ වී නැත. ‘ජගන්මාතා’ හෙවත් මව් දෙවඟන පිදීම ඈත අතීතයේ සිට ඇතැම් ජන සමාජ වල තිබුණ ද , මාතෘත්වය පිළිබඳ මිනිස් හදවත් විනිවිද යන සේ දේශනා කළෝ බුදු හිමියන්මැ පමණකි. ‘බුද්ධෝ ඉව මාතා ..’ ‘ මව බුදුරදුන් හා සමාන වේ’ , ‘ මාතා පිතා දිසා පුබ්බා ‘ මවුපියන් පූර්ව දිසාව වේ’. මාතාපෙත්ති භරං ජන්තු ‘ ‘මවට සැලකීම සත් පුරුෂ ධර්මයකි. ‘ , ‘ මාතා පිතූ® උපට්ඨානං ‘ , මව්ට පියාට උපස්ථාන කිරීම මංගල කරුණකි. , ‘වෝ මාතරංවා පිතරංවා ..’ මවුපියන්ට නොසැලකීම පිරිහීමට කරුණකි’ , එසේම හැකියාව තිබියදී මවුපියන්ට නොසැලකීම වසල කරුකි. ‘, ‘බ්‍රහ්මාති මාතා පිතරෝ ..”” මවුපියන් මහා බ්‍රහ්මයාට සමානය’ , ‘ මාතා මිත්තං සකේ සරේ” “ අම්මා ගෙදර සිටින උසස්ම මිතුරිය වෙයි’, මෙසේ විවිධ අවස්ථාවන්හිදී මවුගුණ පෙන්වා වදාළහ. ‘ නසන්ති පුත්ත තානාය නජනා නපී බන්ධවා’ ආදි වශයෙන් මවත් දරුවන් වෙනුවෙන් හෙළන කඳුළු සාගර ජලය ද පරදවන බව පෙන්වූහ.
මව් සෙනෙහස උදාහරණයට ගනිමින් බුදු හිමියන් දම් දෙසූහ. මෙත් වැඩීම කෙලෙස කළ යුතුදැ’ යි පැහැදිල ි කැරෙන උන්වහන්සේ,

‘මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ
ඒවම්පි සබ්බ භූතේසු
මානසම්භාව යේ අපරිමාණං ‘


යනුවෙන් යම් කිසි මවක් තම එකම පුතු ජීවිතයම නොදෙවෙනි කොටැ සුරකින්නේ කෙලෙසකටද , ඒ අයුරින් සකල සත්ත්වයාට අපමණ මෙත් සිතිවිලි පැතිර විය යුතුය. යනු එහි අරුතයි.
‘කිකීච අණ්ඩං චමරීව වාලධිං
පියංච පුත්තං නයනංව ඒකනං ‘ ජීවිත පරිත්‍යාගයෙන් බිජු රක්නා කිරල් දෙනක් මෙන්ද ජීවිත පරිත්‍යාගයෙන් වල්ගය රක්නා සෙමර මුවා මෙන්ද, ජීවිත පරිත්‍යාගයෙන් එකම පුතු රක්නා මවක් මෙන් ද සීලය රැකිය යුතු බව බුදු හිමියෝ දේශනා කළහ. සිහිය පිහිටුවා ගැනීමේ පිළිවෙත පිළිබඳ දේශනා කැරෙන බුදුරජාණන් වහන්සේ, ඒත කුම්හේ භික්ඛවේ මාතුමත්තිසු මාතු චිත්තං උපට්ඨපේථ භගිනි මත්තීසු භගිනි චිත්තං උපට්ඨපේථ...” මහණෙනි , ඔබ මව් තරමේ ස්ත්‍රියක් සමග කථා කරන්නෙහි නම් ඇය තමන්ගේ මවය’යි සිත්හි තබා ගත යුතුය. යනුවෙන් දේශනා කළහ. සසර බියකරු බව දක්වන බුදු හිමියන් ‘දිඝරත්තං වෝ භික්‍ඛවේ මාතු මරණං පච්චනුභූතං තේසංවෝ මාතුමරණං පච්චනුහොන්තානං’ (අනවතග්ග සංයුතිය) මහණෙනි, තොප විසින් දීර්ඝ කාලයක් මාතෘ මරණයෙන් වන දුක විඳින ලද්දේ ය. මාතෘ මරණ දුක විඳින තොප මනාප විප්‍රයෝගයෙන් හඬා වගුරවන ලද කඳුළු බොහෝ ය.

සතර මහා සාගරයේ ජලය ඒ කඳුළට මඳය’ යනුවෙන් දේශනා කළහ. තවද ‘අනුජානාම් භික්‍ඛවේ මාතා පිතුන්නං දාතුං’ මහණෙනි, මවුපියන්ට යමක් දීම අනුදනිමි. මවිපියෝ රජ වූවද පුත්‍ර භික්‍ෂුවගෙන් යමක් බලාපොරොත්තු වෙත්නම් දිය යුතු ය.
උපස්ථාන බලාපොරොත්තු වෙත් නම් කළ යුතු ය. දුබල මව්පියන්ට උපස්ථායකයකු නැතිනම් පන්සලෙහි නතර කැර ගෙන එය කළ යුතු ය. ස්ත්‍රී ශරීරය ස්පර්ශ කිරීම නොසුදුසු බැවින්, එසේ නොකරමින් උපස්ථාන කළ යුතු ය.

පිණ්ඩපාතය කැර හෝ මවුපියන් පෝෂණය කළ යුතු බව අනුදැන වදාළ බුදුරදුන්, එසේ නොකරන මහණහුට ඇවැත් සිදුවන බව දේශනා කළහ. කෙසේ වෙතත් මවගේ වුවද ස්ත්‍රී ශරීරය බ්‍රහ්ම චරියාවට අනතුරුදායක බව සැලකූ බුදුහිමියන්, විපතකදී වුවද ස්ත්‍රියක ස්පර්ශ කිරීම නොසුදුසු බව දැක්වූහ. ගඟකට වැටී සැඩ පහරට අසුව පාවෙනු දකින ශික්‍ෂාකාමී භික්‍ෂූව ඇගේ ශරීරය නොඅල්වයි. ඇය බේරා ගැනීමට ඔරුවක් හෝ ලී කොටයක් හෝ වෙනත් දෙයක් ළං කළ යුතු ය. එබන්දක් නැති විටක සිවුරු කොණක් හෝ ළං යුතු ය. මව සිවුරෙහි එල්ලුණු විට සිවුර අදිමියි යන හැඟීමෙන් ඇද මව බේරා ගත යුතු ය. (පාරාජිකාපාලිය) මෙවැනි ශික්‍ෂා බුදුහිමියන් පැනවූවේ කාමය, අනුරාගය මව් පදවියේ ගෞරවය වුවද වනසා දැමීමට හේතුකාරක වන බව සැලකීමෙනි. ‘අසාතමන්න ජාතකය’ වැනි කථා පුවත් අනුවැ මේ බව පැහැදිලි වෙයි. එවැනි නොමිනිස්කම් අනුවැ වර්තමානයෙහි ද ඇතැම් මව්වරු දරුවන් වනසන අයුරු ඇතැම් පුවත් අනුවැ අසන්නට ලැබේ. තමාගේ කුස තමන් විසින්ම තියුණු අවියකින් පලා, කළලය එළියට ගෙන විනාශ කැරෙන මව්වරුන් පිළිබඳව මෙකල අසන්නට ලැබෙයි. ප්‍රේතවස්තු වර්ණනාවේ එන ‘පංචපුත්තකාදක’ කථා වස්තුව මෙහිදී අපට සිහිපත් වෙයි. අද මෙන් එදාද කසළ ගොඩවලට දැමීමෙන් දරුවන් වනසන මව්වරුන් පිළිබඳ සිදුවීම් අසන්නට ලැබෙයි. බුදු හිමියන්ට පවා වෙදකම් කළ ‘ජීවක’ වෛද්‍ය වරයාගේ කථා පුවත නිදසුනකි. එසේ වුව, බුදු පදවිය වැනි උත්තරීතර පදවියක් ලැබුවේ මෑණියන්ගෙන් ලද ආශිර්වාදය නිසා බව ‘මාතුපෝසක’ කථාව මගින් බුදු හිමියෝ පෙන්වා දුන්හ.

‘මාතරී පිතරී චාපී - යෝ මිච්ඡා පටිපප්ජතී...’ යනුවෙන් ‘කථ’ සූත්‍රයේ බුදුහිමියන් වදාළේ මව සහ පියා කෙරෙහි යම් දරුවකු වැරැදි ලෙස පිළිපැද්දහොත් ඔහු හෝ ඇය කිසිම ගුණධර්මයක් නැති අයකු වන බවයි.

දරුවකු මව්පියනට උපස්ථාන කරමියි හැඟීමෙන් මව එක උරහිසකද පියා අනෙක් උරහිසෙහි ද තබා වසර සියයක කාලයක් ආහාර පාන දෙමින් උපස්ථාන කැරෙයි ද ඔහුට මවුපියන්ට ගෙවිය යුතු ණය ගෙවා නිම කළ නොහැකි බව දේශනා කැර ඇත. (අං.නිකාය) එහෙත් මවුපියන් ගුණධර්ම වලින් හීනවැ, මිථ්‍යා දෘෂ්ටි ගෙනැ සිටිත් නම්, ඔවුන් සම්‍යක්දෘෂ්ටි ගත කළහොත් පමණක් එම ණය ගෙවා නිමැ කළ හැකි බව පෙන්වූහ. අද ඇතැම් දරුවන් රාජකාරී කටයුතු නිසා මවුපියන්ට සැලකීමට වෙලාවක් නැති බවට මැසිවිලි නගති. එහෙත් ලංකා රාජ්‍යය විචාල 8 වැනි අග්බෝ රජතුමා මෑණියන්ට උවැටන් කළ අයුරු ‘මහාවංසයෙහි’ සඳහන් වෙයි. එතුමා උදෑසන මෑණියන් වැඳැ, සුවඳ පැන්වලින් නහවා, කිළිටි ඇඳුම් සියතින්මැ සෝදා, පිරිසුදු කරයි. මලින්, සුවඳින් මෑණියන්ට පූජා කරයි. චෛත්‍යයක් වටා මෙන් තුන් වරක් මෑණියන් වටා ප්‍රදක්‍ෂිණා කරයි. තමන් අතින්මැ මෑණියන්ට ආහාර කවා, ඉතිරිය තමන් අනුභව කරයි. උපස්ථාන කැරෙන සේවක සේවිකාවන්ට ද රාජ භෝජන පිරිනමයි. මෑණියන් නිදන කුටියෙහි සුවඳ ගල්වා, සුව පහසු යහනාවෙහි සතපවා, ඇගේ යටි පතුල්වල සුවඳ තෙල් ගල්වයි. ඇයට නින්ද ගිය පසු, සියලු ආරක්‍ෂාව සලසා, ඇයට පිටුපා නොගොස්, දර්ශන පථයෙන් ඈත් වන මොහොතෙහි යළිත් වතාවක් මහත් බැතියෙන් වන්දනා කැර නික්ම යයි.

මරණින් මතු අවීචියෙහි උපදනා පාප කර්ම පහක් ගැන බුදු සමයෙහි උගන්වයි. එහි පළමු වැන්න නම් මව මැරීමේ අකුසලයයි. බුදු හිමියෝ අඟුල් මල් සොයා වැඩියේ එබඳු බියකරු අකුසලයකින් ඔහු බේරා ගැනීමේ අදහසිනි. එමඟින් ද පෙන්වා වදාළෝ මවකගේ වටිනාකම යැ. මෙවැනි දහසකුත් බුදු බණ පද ඇසූ බොදුනුවන් ‘දසමාසේ උරේ කත්වා...’ වැනි ගාථා ගයමින් මවු පද පිණිපා කළෝ මවුගුණ ඔප කළ බුදු බණ නිසාමැයි. මව් වෙනුවෙන් කියැවුණ ජන කවි මෙන්මැ ජනශ්‍රෘතීන් රැසක් අපට උරුමවැ ඇත.

“වට්ටාරම බෙලිගල වැඳපන් අම්මේ
අලුත් නුවර දළදා වැඳපන් අම්මේ
කිරි වෙහෙරේ රංකොත වැඳපන් අම්මේ
බීපු කිරට පව් ඇරපන් මගෙ අම්මේ”


මෙවැනි ජනකවි දහස් ගණනක් බොදු ජන සමාජයට දායාද වූවේ බුදු දහමෙහි ආභාෂය නිසාමයැ. දරුවකුට මව් තුරුල අමා නිවන් පුරයකි. ‘මාතුපෝෂක’, ‘සෝනනන්ද’ සාමජාතකය වැනි කතා මගින් මවුපිය උපස්ථානය පිළිබඳ ලද පෙරහුරුව සුළුපටු නොවේ. සිංහල ජනකවි වඩාත් සමීප බවක් දැක්වූයේ මව කෙරෙහි ය. පියාට තැනක් නොලැබුණාම නොවේ. අම්මා නිවසට ආලෝකයක් වූවා ය. ඇය නිවසෙහි ආධිපත්‍යය පතුරු වන්නියද වේ. ඒ නිසාම ඇය නිවසෙහි මානව සහ භෞතික සම්පත් කළමනාකාරිණිය බවට පත් වූවා ය. ඒ නිසාම ඇය සමාජයේ වඩාත් කතාබහට ලක් වූවා ය. දරුවන්ගේ ප්‍රාර්ථනාව වූයේ, මගේ අම්මාට බුදු බව ලැබෙන්නට ඕන. යනුවෙනි.

බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
අම්මා අපේ ජාතිත් මට ලැබීයන්
ගෙදර එළිය අපෙ අම්මා ඉන්න කොට
සතර අපායේ නොවැටී නිවන් දකින් අම්මා
ජාතිත් අපේ මව්පියෝ වාසනාවන්


අම්මා නැති අපට බඩගිනි වෙන්ට එපා මේ එදා ජනකවියාගේ මුවින් ගිලිහුණු කවි පද කිහිපයකි. මේවා මඟින් ගම්‍ය වන්නේ ජනකවියා මවුපිය උපස්ථානයේ උත්තරීතර බව පිළිබඳ අපූර්ව තොරතුරු උකහා ගත්තේ බුදු බණ තුළින් බවයි. දරුවන්ට පින්සිදු කැර ගැනීමට තිබෙන එක් පින් කෙතක් නම් මව්පියන් යැ. එම පින්කෙත අමතක කැර කුමන පින්කම්ද?




Tuesday, August 9, 2016

කරත්තය









ගමකට බඩු පොදි බැඳගෙන කෙඳිරි ගගා ඇදෙන්නේ
කෙවිට බහා තෙල් කඳුළක් කඩ ඇණයට හොවන්නේ
උහුලන්නට බැරි බරකට ගොනාය කර ගහන්නේ
කාන්සියට සීපද හඬ ගමන් වෙහෙස නිවන්නේ



කඳු පල්ලම් පෙනී යන්න ලන්තෑරුම වැනෙන්නේ
නැත හිතුවක්කාර කමක් සක් පා ඔලු රකින්නේ
වේ දඬු මාරාව රටා පිදුරු දඟර මවන්නේ
දඩ මෙ‍ෙහවර ලබාගන්න ගොනාට පළිගහන්නේ



යව පට්ටම් සක් ගරාදි බෝස් ගෙඩිය උපන්නේ
මළ යුගයක් හා නොමළත් තවමත් කරකැවෙන්නේ
අග හිඟකම නැති බැරිකම දැන වෙහෙසක් දරන්නේ
පණ දෙන්නට බැරිවූ දා ගොනා මරා බුදින්නේ





Monday, November 9, 2015

ගැහැණු ලමයිනේ බලාගෙනයි


ගැහැණු ලමයිනේ බලාගෙනයි
චීත්ත කැලක් වෙලා ඉපදිලා තැලෙන පොඩි වෙන සමාජයේ උඹ උපාසක අම්මෙක් වෙලා නිවන් යන හැටි

උඹල අම්ම  බඩේ ඉන්නකල් සිහින මැවුවෙ ***කෙල්ලෙක් *** ලැබුනොත් හොදයි කියල වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් ඉන්න ඕන නිසා.

නර්ස් නෝනල ඔට්ටු වෙලා ඔට්ටු වෙලා උඹව මේ ලෝකෙට අරන් දුන්නෙ මාව සිසර් කලාට පස්සෙ.ඒ වෙලාවෙ කිව්වෙ ***සෝක් කෙලි පොඩ්ඩක්*** හම්බෙලා තියෙන්නෙ කියල.

ටික ටික උඹ ලොකු මහත් වෙන්න ගත්තට පස්සෙ උබැළෑ අප්පච්චි කිව්වෙ දැන් ***ළමිස්සියක්*** ටිකක් පරිස්සමින් ඉන්න කියල,,

ටිකෙන් ටික ලොකු වෙලා උඹ ගමේ ගොඩේ ඉස්කෝලෙ යන එනකොට ගමේ උන් කියන්න ගත්තෙ ***හැඩකාර කෙල්ලක් ***කියල.

ඔය අතරෙ තමයි ගොඩාක් අඩු පාඩු කම්  මැද උගන්වන්න උඹලගෙ අප්පුච්ච මහන්සියෙන් වැඩ කරල කරල බැරි ගැහුනෙ.
උඹ ඒ දුක දැනගෙන කොහොම හරි සාමන්‍යපෙළ ඉස්කෝලෙටම ආඩම්බරයක් දීල ඉහලින් පාස් වෙද්දි ඉස්කෝලෙ නෝනල කීව්*** හරි දස්ස කෙල්ල***  කියල

 ඒත් අපේම කරුමෙට  උබලගෙ අප්පුච්ච මළාම උඹලගෙ නැන්ද   කීවෙ පවු ආසරණ  ***එකී කියල.***

කොහෙන් කොහොම හරි උඹලගෙ අම්මගෙ පපුවෙ අමාරුව වැඩි වෙලා කරකියා ගන්න දෙයක් නැතිව් වෙද්දි උඹේ ඉස්කෝල ගමන කඩාකප්පල් වෙලා ගාමන්ට් එකෙ රස්සාවට ගියාම ඒකෙ උන් කීවෙ ***උත්සාවන්ත කෙල්ල*** කියල

මාසයක් මැරිල මැරිල ගත්ත පඩියෙන් අම්මටත් චීත කැල්ලක් අරන් දීල උඹත් අලුත් ගවුමක් ඇදන් වැඩපලට ගියම ගේට්ටුවෙ සිකියුරිටි අයියල කීවෙ අලුත් එක *** පට්ට කෑල්ල*** කියල

ඔය යන එන අතරෙ උබට මොකක් හරි වෙනසක් වෙලා හන්දියෙ ත්‍රී වීල් අයිය එක්ක සම්බන්දයක් හදා ගෙන ඉන්නව දැක්කම අහල පහල උන් කීවෙ   ***ඒකිත්***   ඉවරයි කියල


උඹේ නොදැනුවත් කමට ත්‍රී වීල් අයිය එක්ක එහෙ මෙහෙ ගිහින් අමාරුවෙ වැටුනම ගමේ උන් කීවෙ   ***අනාථ වෙච්ච එකියක්   ***කියලය

උඹ කොහොම හරි බඩක් උස්සගෙන වැඩත් කරල ලමයවත් හදාගෙන ඉන්නකොට වටේ උන් කිව්වෙ  *** මාර බඩ්ඩක් ***  තමා කියල

කොහොමෙන් කොහොම හරි උඹත් ඉන්න බැරිව ත්‍රීවීල් අයියව හොයල ආපු තරහට ඒකව මරල දැම්මම ලෝකෙම උන් කීවෙ උඹ ***අපරධ කාරියක් ***කියලය

පොලීසියෙන් ඇවිත් උඹව කුදලන් යනකොට උන් කීවෙ නැගපන්  ජිප් එකට ***බැල්ලී ***  කියලය.

එතකොට උඹ කෑ ගහල ඇඩුවෙ අනේ මගෙ පොඩි එකී කියලය.කවුද බලා ගන්නෙ කියලය.ඒකිත් ලමා නිවාසෙකට අරන් ගියනෙ
පොලීසියෙන් අරන් ගිහින් උසාවියට දාපු උඹට නඩුකාර උන්නැහෙ ඇමතුවේ ***විත්තිකාරිය***  ලෙසය

උඹ අසරණ වෙලා මෙහෙම මහ උළු ගෙදරට අරන් ගියාම ඒකෙ උන් උඹව භාර දුන්නෙ මෙන්න ***අලුත් නම්බර් එකක් *** කියලය

කාලය ගෙවිල ඔහොම උඹගෙත් අවසානය ලගා වෙලා පාන්සුකූලයට වැඩිය හාමුදුරුවො කිව්වෙ*** මේ උපාසිකාව***   කියලයි


ඉතින් ගැහැණු දරුවනේ මේ ලෝකෙ හරිම කුරිරුයි
නැති බැරි මිනිස්සුන්ට සමාජය සලකන්නෙ හරි භයානක විදියටයි
ඉතින් පරිස්සම් වෙයල්ල.





ජීවිත කාලයක් පුරාවට 
හසරැලින් මල් මැසූ ගවුම්පොඩි,
දඟ කතා ගොතා සැදු කළාලය,
අම්මගේ උණුහුමේ-
සුවඳ ගත් පොරෝණය, 
කප කපා නෙත පිනූ පින්තූර
අලවලා නිම කෙරූ සිහින පොත,

ගෙන යන්න වෙන්නේ නැහැ..
ගැහැණු ළමයිනේ,
ඇඟිලි බැඳ රන් හුයෙන්
නික්ම යන හෙට දාට




දියණියක් ලෙස මෙලොව බිහිවූ දා පටන් අම්මගෙ තාත්තගෙ අයියගෙ සෙවනේ හැදෙන්නටත් ඔවුන්ගේ රැකවරණය නිබදවම පැතීමටත් ස0සාරෙන් ස0සාරෙට තමජීවිතයේ නවාතැන සකසා ගැනීමත් අදිටන් කරගත් මෙලොව බිහිවූ එකම මනු සතා කාන්තාවයි


කිරි සුවද දැනෙන දා සිට සහකරුවෙකු කැන්දාගෙන යන දා දක්වා මේ ර0ගනයේ යෙදීමට තමන්ට සිදුවීම විටෙක අවනඩුවක් වේද කියා සිතේ.නමුත් ආදි කාල්යේ සිටම අප ස0කෘතිය බිහිවී ඇත්තේ ගැහැණය අනුන්ගේ රැකවරණය යටට ඇද දැමීමයි.මන්ද එසේ වන්නේ සමාජයෙන් ඇයට සිදුවන්නා වූ අකරතැබ්බයන් නිසාද?ඇයි එස වන්නේඅ.?

තම මවගේ පියාගේ රැකවරනට අමතරව වැඩිහිටි සහෝදර සහෝදරියන් ගේ රැකවරණයද ලබමින් සිරවුන ජීවිතයක්ඩෝ ඇය ගත කරන්නේ කියා විටෙක් සිතෙනවා නොවේ.

 පාසලකට ගියත්.පන්සලකට ගියත් ගමනක් බිමනක් ගියත් තනිව නොයන ඇය අම්මා  තාත්තා අයියා ගෙන් කෙනෙකු සමග යාමට හැමවිට සිදුවෙයි.

ඇයි එසේ වන්නේ ගමේ ගොඩේ ඇම්බැට්ටයන්ගෙන් ආරක්ශා කරගන්නද?කෲර සමගයෙන් බේරා ගන්නද?පැහැර ගැනීම්,දූෂණ කිරීම් නිසාද?ඔව් එසේ විය හැක.එස සිදු වී ඇත.සුදුසු කල්හි තම සහකරුවා සොයා ගන්නාතාක් කල් මේ විදින අසාධාරණයට වග කිව යුතේ කවුද?මෙසේ ගැහැණු ලමයේකුගේම් සහොදර වෙනත් පිරිමින්ගෙන් නොවේද?

නිමක් නොමැති සසර දුක ඔබට හිමියි
--------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------
ගැහැණියක් ලෙස ඉපදී මේ ලොව මොන තරම් සුන්දර කරනවද 

මං ඉපදුනු වෙලේ මාව අල්ල ගන්න,
උනුසුම දෙන්න ගැහැනියක් ළග හිටිය
ඒ තමා 

මගේ 
අම්ම

ළදරුවෙකු ලෙස මා වැඩෙද්දී,
මාව ‍රැකබලා ගන්න,
සෙල්ලම් කරන්න
ගැහැනියක්  සිටියා
ඒ තමා මගේ
හෝදරිය..

මං පාසල් යන විට මට ඉගෙන ගන්න,
උදවු කරන්න ගැහැනියක් සිටියා.
ඒ තමා මගේ
ගුරුතුමිය


මා අධ්‍යර්යමත් වන විට,
මා මං මුලා වන විට, මට ප්‍රශ්න විසද ගන්න ,
හැමවිටම මට ශක්තිය ලබා දෙන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
බිරිද


මං සැරපරුෂ වන විට,
මගේ හදවත උනුකරන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
දියනිය


මා මියැදෙන විට මාව බාර ගන්න ගැහැනියක් ඉදීවි,
ඒ තමා මගේ
ම්ව්බිම

-----------------------------------------------------------------------------------------------------------


Saturday, October 10, 2015

රා මදින්නගේ ජීවිත කතාවෙ සැගවුන දෙය අත්දැකීමෙන්

මාතෘකාව දැක්ක ගමන් කට්ටියටම වෙරි හැදෙයිද දන්නෙ නෑ..එහෙනම් මේ රා කට්ට ගහලම ගමුකො.....

රා මැදීමෙ අවදානම් බව සහ සැගවුන දුක් ජීවිත




                                                                                                         ( රා කට්ට  )


මේ වනාහි සැඩ පරුශ මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙනව වගේ හා සමාන වේ.රස්සවට ගිය කෙනා යළි නිවසට එනකන් කිසිම විශ්වාසයක් නැහැ,මොකද ඒ තරමටම අවධානම්,
මෙහේ තිබෙන කර්කශ බව,දුක් මුසු බව එකතු කර ඉතා සාර්ථක ගීතයක්ද වසර ගනනවාකට මෙර නිර්මාණය වුනා..

අමරදේඅවයන්ගේ සුදු නෙළුම කෝ සොර බොර වැවේ ගීතයේ අර්ථය සේම මෙම ගීතයේද සැගවුන අර්ථය ගත් කල ජීවිතය ගැට ගහ ගන්න වෙර දරන මිනිසුන්ගෙ අව්වට වැස්සට එළියට කළුවරට හුරු වී ඇති ආකාරය මොනවට පැහැදිල් වේ.
"" මලේ කදුළු නෑ සිතේ සතුට නෑ ජීවිතයේ මේ සන්සාරේ """
එහෙම කියන්නෙ රා මල හඩන්නෙ නැත්නම් තම දරු පවුල රැක බලා ගන්න මුදල් රැස් කරන්නෙ කිහොමද මේ ගලා යන ජීවිතයෙ..මොකද ගස් නැග්ග පමනින් රකියාව කර මුදල් නිලැබෙන නිසාවෙනු.රා  හෙවත් පොල් මල අඩල රා එලියට මුසු කලොත් පමනයි මුදල් ලැබෙන්නෙ.

.ගීතය අහන්න පුලුවන්  මෙතනින්


..මගෙ බ්ලොග් එකේ තියෙන්නෙත් කොස්වාඩිය කියලනෙ.ඉතින් අපේ ගම් පලාත ප්‍රසිද්දයි රා කර්මාන්තයට.මේකට වසර 60 කටත් වඩා ඉතිහාසයක් තියෙනව කියල තමයි අහල තියෙන්නෙ..නමුත් මේ කර්මාන්තෙ යෙදෙන, එ කියන්නෙ අපිට රා සපයා දෙන්න වෙර දරන ජීවිත වල සත්‍ය කතාව  ඇහුවොත් හිතාවි කොතරම් අවිනිශ්චිතද කියල.අර කියමනක් තියෙනවනෙ මුහුදෙ යන මිනිහයි අතුරෙ යන මිනිහගෙයි ජීවිතේ කොයි වෙලේද ඉවර වෙන්නෙ කියල.ඒ තරමට 100, සීයක්ම අවිනිශ්චිතයි..මේ අවිනිශ්චිත බව එක්ක සැගවුන රහස ගැන තමයි අද ලියන්න යන්නෙ.


පොල් ගස වනාහි තාල වර්ගයට අයත් වන අතර එහි පල ප්‍රයෝජන සීමාවක්නම් නැත.ඒවා අතර අප ප්‍රදේශයටත් පුත්තලම ,ගම්ප දිස්ත්‍රීක්කය ඇතුළුව බේරුවල කොච්චිකඩේ ප්‍රදේශවලටත් ආවේනික වූ ප්‍රධාන කර්මාන්තයකි පොල් ගසේ පලෙන් ලබා ගන්නා කදුල හෙවත් රා.රා ගැන කියද්දි ඒකෙ ගොඩක් දේවල් පිලිබද මටනම් ප්‍රායෝගිකවම ලොකු අත් දැකීමක් තියෙනව.හේතුව මම එම කර්මාන්තයේ නියැලුනකෙනෙක් නිසා බැවිනි..

අපි පොල් ගසක් සිටුවා වසර ගනනාවක් බලා සිටි පසු එයින් පොල් හෝ පොල් වෙනුවට රා ලබා ගැනීමට ඉඩම් අක්කර ගනන් හෝ සුලු වශයෙන් භාවිතා කරනව.මේ සදහා එක්කො තම සන්තකව ඇති ඉඩම් වල ගස් හෝ නැත්නම් කුලී පදනම මත ( කුලී පදනම යනු එක ගසක් අවුරුද්දකට බැගින් ගස් ගොඩක් සන්ඛයාවක් ).මිලදී ගන්නව.ඉන්පසු භාරදූරම කර්‍ය වන්නෙ එම ගස් මැදීම හෙවත් රා මදින්න ලෙස විරිදාවලිය ලත් කෙනෙකු සොයා ගැනීමයි. (  මේකෙදි ඉතිහාස කතාවක් කියන්නම වෙනව අපිට මේ රා කර්මාන්තයට මිනිසුන් සහභාගී වෙලා තියෙන්නෙ ඉන්දියාවෙන් මෙරටට සන්ක්‍රමනය වූ දමිල මිනිසුන් හෙවත් අන්නෙ නමින් විරුදාවලිය ලත් පිරිසක්ලු..)ඉතින් ආයෙ කතාවට ආවොත් මේ මදින්න ඉතාම අත්දැකීම් බහුල පෘශ්ට දේහයකින් සමන්විත පුදගලයෙකි.හේතුව පොල් ගසට නැගීම සදහා ඉතා යෝග්‍ය ශරීරයක් සහ ශක්තිය තිබිය යුතුයි.( ඒ වගේ මිනිහෙක්ගෙ අතින් පාරක් කෑවොත් ඉදල ඉවරයි,මොකද ඒ තරමටම කර ගැට අත් පා වල පිහිටා තිබීමයි.එහෙම වෙන්නෙ නිතරම කඹ සහ මට්ට ස්පර්ශ වීම නිසයි.)

රා මදින්නා සහ ඊ සදහා අවශ්‍ය ආයුධ කට්ටලය හෙවත් ආම්පන්න ටිකත් සපයාගන්න වෙනව..ඔහුගේ නිළ ඇදුම ලෙස යොදා ගන්නා නිල් පාටින් මසා ගත්ත කුඩා රෙද්දක් ,මෙයට අපි කියන්නෙ කච්ච රෙද්ද කියල ( මේකත් ඉන්දියාවෙ වචනයක් වෙන්න ඕනා


 1 කච්ච රෙද්ද්ද
 2 ලබු ගෙඩිය,( ෆයිබර් ග්ලාස් වලින් සෑදූ )
 3 මල් තැලුම
 4 මල් කපන පිහිය
 5 අත් පිහිය හෙවත් 
 6 පා පැදිය
7 අත් බැනියම




( මෙන්න ඉන්නව හය හතරෙ පොරක් )

















ආයෙත් කතාවට ආවොත් රා මදින්න සහ මුදලාලි අතර සිදුවන සම්බන්දතාවය අනුව රා මැදීමට ආරම්භ කරනු ලබනව.මුදලාලි යනු ගස් කුලියට අරන් පුදගලයකු ලවා රා ලබා ගැනීම හෝ තමන්ගේම දේපල ඉඩම් වල ගස් වලින් රා කර්මාන්තය කරන පුද්ගලයාය.
ගසක් මැදීම කියල තමයි අපි හදුන්වන්නෙ රා ලබා ගැනීමට කරන ව්‍යායාමයේදි.මුලින්ම කියනව නම් රා මදින්නට උචිත ආයුද කට්ටලයක් සහ නිල ඇදුමක් සපයා දෙන්න ඕන.(වර්තමානයේනම් කොට කලිසම සහ බැනියම් වලට මාරු වී ඇත)..පොල් ගස් ගත්තට එයින් නිශ්පාදනයක් ලබාගන්නටනම් මාස දෙකක්වත් අඩුම තරමේ බලන් ඉන්න වෙනව..ඒකට හේතුව මුල් කාල සීමාව යොදා ගන්නේ පොල් ගසේ හොදින් වැඩුනු පොල් මල් තැලීම සදහාය.මේ වනාහී ඉතා භාරදූර කාර්‍යයකි.

දැන් ඉතින්  මදින්න පටන් ගත්ත කියමුකො..ඔන්න ඉතින් උදේ හවස දෙවතාවක් මේ මල් තලන්න ඕන.ඒකට අපි කියනව පදම් කරනව කියල. (හරියට ප්‍රොබේශන් පීරියඩ් එක වගේ) මේ කාලය තුල නොවරදවා මල් තැලුවේ නැත්නම් නිසියාකාරව ඉන් පසු ලැබෙන ප්‍රථිඵලය සාර්ථක වන්නෙ නැත.මොකද නිසියාකාරව මුල් මාස ය තුල තලන ආකාරය අනුව තම එම මල් නියම විදියට පදම් වී කදුලු හෙවත් රා එලියට එන්නෙ.


(  මේ තියෙන්නෙ කදුලු මල )


ඔය විදියට පදම් කාලය ගියාම ඉන් රා බාන්න හෙවත් මලෙන් රා ගන්න කාලය උදා වෙනව.මේකෙදි  මැටියෙන් සෑදු මුට්ටි, දිග කඹ (ලණූ)  යොදාගෙන ගස මුදුන සිට පහලට බාගන්නව හෙවත් රා ලබා දෙනව.








                                           ( රා මුට්ටි )




.










මැදීම සදහා ගස් සකස් කිරීම 

රා මැදීම සදහා ගස් සකස් කරන්නෙ මෙහෙමයි.අපි හිතමු ගස් පනහක් තියෙනව කියල එකම පේළියකට සැදිල හෝ කිසියම් පිලිවෙලකට පිහිටල.ඒ වගේ අවස්ථාවක ඕන කරන්නෙ මුල් ගස එකේ සිට පනස්වන ගස් දක්ව අර කලින් කිව්ව කඹ ආකාරයෙන් ගසේ පොල් අතු ව්ලට ආසන්නව  ගස් දෙකක් දෙක යා වන සේ අතුරක් ලෙස සකස් කර ගන්නව.මෙතනදි පලමු ගසට නැගීම සදහා පොල් ලෙලේ වලින් සාදාගත් අපි ඒවට කියනව පොල් මට්ට කියල,ගස දිගේ ඉහලට ඉහලට පරතරය අඩි දෙකක් පමන වන්සෙ ගසට සිර කර බැද තබනව.මේ ලෙස ඉහලට ගිය පසු අතුර ( කඹ ) හමුවන් අවස්ථාවේදි එම අතුර මාර්ගයෙන් ගසකින් ගසකට මාරු වී තම රාජකාර්ය කරගෙන යන්න පුලුවන්..ඒසේම් මෙම උඩ සිදුවෙන කාර්‍යභාරය සහ අවිනිශ්චිත රැකියාව නිම කර බිමට බහින්නත් අර මන් කිව්ව ගස්වලින් 50 වන ගසටද පොල් ලෙලි මට්ට වලින් සකස් කරගෙන සීරුවට බහිනව

ඉතින් ඔය විදියට උදේ සහ සවස ලෙස දෙවතාවක් මේ රාජකාරියෙ යෙදෙන්න වෙනව.මොකද නැත්නම් පොල් රා විනාකිරි බවට පත් වෙනව.







අතුර , අතුරේ යනෙනා ගමන 









 පොල් ලෙලි වලින් සකස් කර ගන්න මට්ට





      ලණු හෙවත් කඹ





නගින බහින ආකාර




 ( මේ වගේ ගස් උසින් මීටර 50 ට වඩා තියෙනව.අපෙ දෙ ඇස් වලින්  අනන්තවත් දැක තියෙනව ගහෙන් 
වැටෙන අවස්තා.මීකට අපි කියන්නෙ ගහෙන් පාත් වෙනව කියල.
අර බලලුන්ට හත් පණ තියෙනව වගේ සමහරු වැටුනත් මැරෙන්නෙ නැතිව බේරිලත් තියෙනව.අපේම ගස්වලින් දවසක් වැටුන මනුස්සයෙක් බේරුන බේරිල්ල දැකල මාර සතුටක් ආවෙ.හැබැයි ඉතින් වන්දි ගෙවන්න ඕන.නැත්නම් කේස් තමා.    ) 



                                                                                                                                                                                                                                                                                                                                                                      
වැටුප් ලබන ක්‍රමය             **********  මට්ට බැදීම                                                           
     මාස්පතා හෝ සතිපතා වැටුප් ගෙවන අතර වැටුප් ලබන්නේ ඉහත කිව්ව ආකාරයට බිමට බාල දෙන රා ප්‍රමානය අනුවයි.එය ගැලුන්බ්සහ බෝතල ස0ඛ්‍යාව අනුව තීරනය වේ..ගැලුමකට රුපියල් 50 හා ඒ හා ආසන්න ගනනක් ගෙවනු ලබයි.පාලන් මිලක් නැතුවා මෙන් එක් එක් අය වෙනස් ආකාරයට ගෙවති.
.

වර්තමාන තත්වය
.
මීට වසර 10 කට පමන පෙර ඉතාම සාර්තක ස්ව්‍යන් ව්‍යාපාරයක් වූ අතර කාලයාගේ ඇවෑමෙන් ස්වාභාවික පොල් රා වෙනුවට ඇමෝනියන් සීනි සහ විශේශිත වූ රසායනික ද්‍රවය භාවිතා කරමින් නිශොආදනය කරන රා මුදලාලිල බිහිවීමත් බහුල වශයෙන් අපගේ ප්‍රදේශය හා අවට ගමාන වල ජනයා විදේශගත වීමේ ප්‍රවනතාවය නිසා සම්පූර්නයෙන්ම මෙම වැයාපාරය වෙනස් මුහුනුවරකට වර්තමානයේ හැරී ඇත.ඒ වගේම රා මදින්නන් ගේ දුලබතාවය නිසා මුදල්,බලය ඇති සල්ලිකාර රා මුදලාලිල ක්‍රතිම රා වයාපාරයේ යෙදී සිටිති.ඔවුන්ට පොල් ගසින් රා ලබා ගන්න අවශ්‍ය වන්නෙ ඉතා මද ප්‍රමානයකි.මොකද එය ඉතා විශාල ලීටර් ප්‍රමානයක් බවට ඔවුන්ටපත් කර ගැනීමට හැකිය( ගැලුම් ලීටර් වුනේ මෙතන ස්කාගාර ස0ස්ථාව ලීටර් වලින් ගනනය කරන නිසාය.,ස්කාගාරය යනු රා ලබා ගන්නා තැන්..අපේ මහ මුදලාලිනම් ඩිස්ටලරීස් කොම්පනි ඔෆ් රොක්ලබ්ඩ් කියන ආයතනට දිල විශාල මුදලක් උපයා ගන්නව.(.මෙහි සැගවුන කතා එමටයි..කියන්න ඔඉන නැහැනෙ.ජරාව ජරාව.)..

සාමාන්‍යෙන් පොල් ගස් 50 කින් රා ගැලුම්6, 7 දවසකට ලබා ගන්න පුලුවන්.සමර ගස්නම් ගිඩක් අඩනව.සමහර ගස්නම් අඩන්නෙ බොහොම ටිකයි....මාසෙකට රුපියල් 50000 ආසන්න වැටුපක් ගන්න අයද තාම ඉන්නව අපේ ගම් පලාත්වල.මොකද මගෙ මස්සිනා කෙනෙකු තාම මෙම වයාපාරයේ යෙදී සිටිනව.නමුත් අර කිව්ව වගේ කෘතිම රා කර්මාන්තයේ නොයෙදේ..මෙලෙස සුලු සුලු කර්මාන්ත කරුවන්ගේ රා ලොකු ලොකු කර්මාන්ත කරුවන් අරගෙන රා මවා නිකන් ඉදගෙන ලක්ශ ගනන් උපයා ගන්න එක අපිට ඉරිසියාවට කරුනක්  නොවේ.නමුත් අද ලෝකයේ කොහෙ බැලුවත් සිදු වන්නේ .. මෙයයි.

ඊලග පෝස්ට් එකෙන් කියන්නම් පොල් රා ගසෙන් ලැබෙන අජරාමර නිශ්පාදන....


 ( දෙවන කොටස බලාපොරොත්තුවන්න )



(ඉස්සරනම් ඔන්න ඉතින් ඉස්කොලෙ යාලුවො කැම්පස් එකේ යාලුවො ඔෆිස් එකේ යාලුවො එහෙම ඇවිත් රස බලල කරපු කෝලන් මතක් වුනාම බක බක ගාල හිනා.මොකද නොදැකපු නො බලපු රසයක් ආස්වාදය කොරන්න ගිහින් සිද්ද් වෙච්ච අකරතැබ්බවල් ගොඩයි ඒ දවස්වල)

Sunday, September 20, 2015

සමරෙගෙ සරම සරම නොවී කම්බාය වූ විට..


සමරෙගෙ සරම සරම නොවී කම්බාය වූ විට..






චූටි නහය සමරෙගෙ , ජානිගෙ වගෙමයි

ඇරපු අතක් නෑ කෙල්ල කපාපු පලුව උඹෙ

ආයෙමත් කෙල්ලෙක්.....ආයෙමත් කෙල්ලෙක්

මගෙ කරැමෙ...පූරැවෙ කරැමෙ

පරම්පරාව ගෙනියන්න, කොල්ලෙක්

එකම එකෙක්, ජංගි කොටයක් ඇදන්

මිදුලෙ සෙල්ලන් කරන්න

එකම එක කොල්ලෙක්

පිරිමි පුතෙක්

ජානි උඹ ව‍්ද වුනා නම් හොදයි මීට

ඔව්..ඔව් ඇදට ආවම රත්තරන් රෑට

දෙයියනේ...වරද මගෙද

යකෝ ශුක්ර, ඩිම්බ වැඩ වරද්දගෙන ඇති

බෝධි පූජාවට පිළී කාල යන්නැති

නෑ...සමරෙගෙ.මගෙ ගෑණුකම

ඔහෙග පිරිමකමට වඩා උඩින් ඇති

ඔහෙගෙ..අම්මගෙ කටවහ වදින්නැති

ඔව් ජානි උඹෙයි වරද.....

කෙල්ලො දෙන්නෙකුට දෑවැදි

ලොකු වුනාම පරිස්සම් කරහල්ලකො ඉතිං

රත්නසූරිය පරම්රාව ඉවරයි

අප්පච්චිගෙ නම ගෙනියන්නෙ කවුද බොණ්ඩියෙ

දාගනිං ජානි උප්පැන්නට

නම ඕන එකෙක්ගෙ

පොට්ටනි ගහං අරං පලයං

දූ පොඩ්ඩ බොගෙ

Wednesday, July 22, 2015

කම්බායෙන් පටන් ගන්න කාන්තා ජීවිකාව















ගැහැණු කම....
.සරමක්ද?
කම්බායක්ද?.....අපෝ!.... පුතෙක් ඉපුදුනා නම් තමයි හොද!...-
දුවේ ගේ අතුගාලා දාන්න.
අක්කි මට තේ එකක් දානවද?
නංගි.. සුදු නංගි වගේ මගේ ඇදුම් ටික හෝදලා දමන්න හොදේ....
චූටි මැනිකේ මට උයන්න ටිකක් උදව් කරන්නකෝ
------------------------------------------------------
ගැහැණු ළමයි වැඩ කරන්න පුරුදු වෙන්න ඕන
ගැහැණු ළමයි ගෙදරට වෙලා ඉන්න ඕන
ගැහැණු ළමයි හයියෙන් හිනාවෙන්න හොද නෑ
ගැහැණු ළමයි සංවරව හැසිරෙන්න ඕන
...........................................................
අලුත් මනමාලි ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න
ඔය රෙදි ටිකත් දාන්න. නෑනා සෝදයි.
අලුත් ලේලි කෑම රසට උයයි.
ලේලි ගේ අස් පස් කරලා අතුගාලා දමයි.
----------------------------------------
කසාද බැදලද?
ළගදි ප්‍රසූත නිවාඩු ගන්න අදහසක් නැහැනේ..
එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ.
--------------------------------------------
බබාට සනීප නෑ....... මහත්තයාට සනීප නෑ..........
ඕවා හරියන්නෙ නෑ රක්සාවත් එක්ක.
.................................................................
මගේ ඇදුම් අයන් කරලද?
කෝ මගේ කෑම එක?
කෝ මගේ බෑග් එක.
මම එන්න පොඩ්ඩක් පරක්කු වෙයි.
ඔයා ටිකක් කලින් ඇවිල්ලා මගේ කමිස ටික සෝදල දමන්න.
-----------------------------------------------------------------
වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?
උදේට කාලා යමු
දවල් කෑම අරන් යමු
මගදි කන්නත් මොනවා හරි හදන්න
ඔය කඩවල් වල කෑම කන්න බෑ
--------------------------------------
ඔයාට ක්ලිනික් යන්න මම ඕන නැහැනේ.
අම්මා හරි නංගි හරි එක්ක යන්න.
-----------------------------------
ඔයාට පුළුවන්නෙ තනියම ගිහින් බබාට ඉන්ජෙක්ෂන් එක දෙන්න.
අපි දෙන්නම නිවාඩු දමන්න ඕන නැහැනේ.
------------------------------------------
බබාට ඉදුල් කට ගාන්න නැකතක් හදන්න ඔයාට යන්න පුළුවන් නේ.
පඩියට පස්සෙ දවසක් කියල හදාගන්න.
අපි පාටි එකකුත් දමමු.
------------------------------------

බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපි පාටි එකක් දමමු
මම යාළුවන්ටත් එන්න කිව්වා
හොදට කෑම ටිකක් හදන්න.. බයිට් ටිකකුත් එක්ක.. දන්නවනේ ඉතින්.
-----------------------------------------------

දැන් සර්වන්ට්ස් ලා ඕනෙ නැහැනේ.
බබා ඩේ කෙයා එකකට දමමු
ඔයාට පුළුවන්නෙ උදේට ගිහින් දමලා හවසට අරන් එන්න.
----------------------------------------------
අම්මේ බඩගිනියි
අම්මේ කට දනවා වතුර ඕනේ
අම්මේ කක්ක බරයි
අම්මෙ කලිසමේ චූ ගියා
අම්මෙ අයියා ගැහුවා
අම්මෙ මල්ලි කෙනිත්තුවා
---------------------------------
අම්මෙ මගේ පැන්සල කෝ?
අම්මෙ මගේ ඔළුව පීරන්න
අම්මෙ මගේ ටයි එක ගැට ගහන්න
අම්මෙ මගේ ලේස් ගැට ගහන්න
--------------------------------
අම්මෙ කෝ මගේ සපත්තු?
අම්මෙ කෝ මගේ පනාව?
අම්මෙ කෝ මගේ කෑම එක?
අම්මෙ මගේ ඇදුම් අයන් කලාද?
අම්මෙ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා කෑම ලෑස්ති කරන්න.
------------------------------------------------
ළමයින්ට හොද නරක කියලා දෙන්න ඕන අම්මා.
ළමයින් ට පොත් කියවන්න අම්ම හුරු කරන්න ඕන
ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා අම්මා දැන ගන්න ඕන.
ළමයින්ට ගේ දොර වැඩ හුරු කරන්න අම්ම දැන ගන්න ඕන.
----------------------------------------------------
අම්මෙ අපි එනකොට හවස් වෙයි බබාට වෙලාවට කෑම දෙන්න.
අම්මෙ බබා නෑව්වද?
බබාට සනීප නෑ අම්මට පුළුවන්නේ ළග ඉන්න
--------------
ආච්චි මේ ගවුම අන්දන්න
ආච්චි මගේ ඔළුව පීරන්න
ආච්චි මට හෝම්වර්ක් කියලා දෙන්න
ආච්චි මට කතාවක් කියලා දෙන්න
ආච්චි මට කවියක් කියලා දෙන්න
ආච්චි මට බඩගිනියි.
ආච්චි මගේ ඇදුම් සේදුවද?
ආච්චි මගේ ඇදුම් අයන් කලාද

මෙලෙස කම්බායක ලෙස මේ ලෝකට ඉපදිල සමාජෙන් බැට කා අවසානයේ තම ජීවිත පරිත්‍යාග මුලු මහත් ලෝකයටම පුදනේ පවුලක නිමැවුම් කරු ලෙසිනි

එසෙම පියාගේ රැකවරනය යටතේ හැදී වැඩී,වයසින් වැඩිවත්ම පිරිමි සහෝදරය්නගේ ( සිටීනම් පමනක ) රැකවරනය යටතේත් ,විවාහයෙන් පසුව ස්වාමිපුරුශ්යන්ගෙනුත් ,පිරිමි දරුවන් ලැබූ කල ඔවුන් යටතේත්,වයසට ගිය කල මුනුබුරගේත යටතේත්,
තම ජීව්ත සටන නිමකරමින් සත් පත්තිනි මවුවරුන් සේ ලෝකයට සෙත සල



Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular