Wednesday, November 11, 2015

14 වෙනි දලයි ලාමා





කවුද මේ දලෙයි ලාමා සහ කුමන ආකාරයේ දර්ශනයක්ද යන්න ගැන ටිකක් හදාරන්න සිතුනා.මන්ද අද ලෝකයේ බොහෝ බටහිර රටවල ලාමා ධර්මය අනුව යන්නන් බිහි වෙමින් පවතින බාවත් ඉතා බහුලව සමාජ ජාලා වෙබ් අඩවිද දකින්නට ලැබීමත් දැකිය හැක



ලොව පවතින බෞද්ධ රටවල් අතරින් මහායාන බුදුසමයේ ආලෝකය ලද රටක් වශයෙන් ටිබෙට් දේශය හැදින්විය හැකිය. ටිබෙටය හෙවත් තිබ්බතයේ රාජ්‍ය නායකයා මෙන් ම ආධ්‍යාත්මික නායකයා වන්නේ ටෙන්සිස් ගියස්ටෝ හෙවත් දලයි ලාමා තුමාය.

දලයි ලාමා කියන්නේ බෞද්ධ නායකයෙක් විදිහට පිළිගත්තත් එතුමා ථේරවාදී බෞද්ධ දර්ශනය දේශනා කරන කෙනෙක් නෙමෙයි. ථේරවාදයටත් මහායානයටත් වඩා වෙනස් ලාමා දහම නමින් හැඳින්වෙන ටිබෙටයටම පමණක් ආවේණික වෙන දහමක් තමා එතුමා දේශනා කරන්නේ. ඒක සකස් වෙන්නේ ථෙරවාදී, මහායාන වගේම හින්දු සංකල්පත් පාදක වෙලා තියෙන බව පේනවා. 

ලාමා දහම අනුව පුනරුප්පත්තිය දලයි ලාමාට විතරක් නෙමේ උසස් ලාමාවරුන් හැමෝටම අදාළයි. එයාලා නැවත නැවතත් ඉපදිලා කලින් තත්වයටම ලඟා වෙනවා. ලොබ්සෑං රැම්පාගේ දිබ්බ චක්ඛු පොතේ මේ ගැන හොඳ විස්තරයක් තියෙනවා


දලයි ලාමා කියන්නේ තනතුරක්. එතුමා තමා ටිබෙටයේ රාජ්‍ය නායකයා වගේම ලාමා දහමේ නායකයා. ලෞකික හා ආධ්‍යාත්මික නායකයා කියලා කියමුකෝ. එහෙම බලද්දී පාප් තනතුර වගේ තමා


උපත 14 වෙනි දලයි ලාමා )


කුඩා කල

උන් වහන්සේ ඊසාන දිග ටිබෙටයේ මකසලර් නම් පිටිසරබද කුඩා ගමක 1935 ජූලි 06 වන දා උපත ලැබීය. එතුමා ට කුඩා කල නම් තැබුයේ ලාමෝ දොන් ඩුප් නමිනි. එතුමාගේ දෙමව්පියෝ සුළු ගොවීහු වූහ.

දරුවන් 16 දෙනෙක් විසූ පවුලක එතුමා සාමාජිකයෙක් වුව ද එයින් ජීවත් වූයේ 06දෙනෙක් පමණි.වයස අවුරුදු 02 වන විට ම ඔහුගේ උපත 13 වන දලයි ලාමා හෙවත් තැබ්ටෙක් ගියස්ටෝගේ පුනරුත්පත්තිය ලෙස සැලකින. දලයි ලාමාවරුන් අවලෝකිතේශ්වර හෙවත් ඩෙන්රෙසිග් නම් බෝධිසත්වවරයකු ලෙස මෙන් ම ටිබෙටය ට මගපෙන්වන සාන්තුවරයා ලෙස ද ප්‍රකටය. උන් වහන්සේ අවුරුදු 06 ක් වැනි ළදරු අවධියක තම ආශ්‍රමික අධ්‍යාපනය අරඔන ලදී. එහිදී තර්ක ශාස්ත්‍රය, ටිබෙට් කලාව,සංස්කෘත භාෂාව, වෛද්‍ය විද්‍යාව හා බෞද්ධ දර්ශනය යන විෂයන් හදාරණලදි. එතුමා 14 වන දලයි ලාමාවරයාවේ.උන් වහන්සේ ගෞරව සහිතව ලරම්පා නම් බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය ට සමාන උපාධියකින් ද පිදුම් ලැබීය.

නොබෙල් සාම ත්‍යාගය සමග




 දලයි ලාමාවරු..

 1 වෙනි දලයි ලාමාගේ සිට වර්තමානයේ ඉන්න 14 වෙනි දලයි ලාමා දක්වා ඉන්නේ එක පුද්ගලයාගේ පුනරුප්පතිය කියලා තමා ඔවුන් විශ්වාස කරන්නේ. ඒ වගේමයි දලයි ලාමා කියන්නේ ජිවමාන බුදුවරයෙක් කියලයි ඔවුන් සලකන්නේ.
පළවෙනියාගේ ඉදන් 14 වෙනියා දක්වා හිටිය සහ ඉන්න දලයි ලාමාවරු කියලාඔවුන් සලකන්නේ . ඒ ඇරෙන්න වර්තමානයේ දලයි ලාමාවරු නැහැ ඉන්නේ දලයි ලාමා විතරයි. 

උන් වහන්සේ ට පහළින් පංචන් ලාමා කියලා තනතුරකුත් ඒ හැරෙන්න ලාමාවරුන් නමින් හැඳින්වෙන පිරිසත් ඉන්නවා. 

ලාමාවරු කියන්නේ කාදිනල්වරු වගේ කට්ටියක් කියලා කියන්න පුලුවන්. ලාමාවරු පන්සල් පාලනය, ආයතන පාලනය, දලයි ලාමාගේ කටයුතුවලට සහය වීම වගේ දේවල් කරනවා. 

ඒත් කාදිනල්වරුන්ගෙන් පාප්තුමා පත් වෙනවා වගේ ලාමාවරුන්ට කවදාවත් දලයි ලාමා වෙන්න නම් බැහැ.
 උදාහරණයක් කිව්වොත් 13 වෙනි දලයි ලාමා මියගියේ 1933 දී. 14 වෙනි දලයි ලාමා ඉපදුණේ 1935 දී. 12 දලයි ලාමා මියගියේ 1875. 13 වෙනි දලයි ලාමා උපදින්නේ 1879. 

හිටපු දලයි ලාමා මිය යන්න කලින් කරන ප්‍රකාශ වගේම ටිබෙටයේ තියෙන ශුද්ධ විලකින් පෙනෙන සංකේත, අනාවැකිකරුවන්ගේ අනාවැකි පදනම් කරගෙන දලයි ලාමාගේ පුනරුප්පත්තිය හොයන්න පිරිස් පිටත් කරනවා. වසර දෙක තුනක්ම මෙයාලා ඒ දරුවාව හොයනවා. 

ඊට පස්සේ දලයි ලාමාගේ පුනරුප්පතිය කියලා හඳුනා ගන්නා ළමයාව පරීක්ෂණ කීපයකට භාජනය කරලා කලින් දලයි ලාමාගේ පුනරුප්පතියමද කියලා තහවුරු කරගන්නවා. ඒකෙදී කලින් දලයි ලාමා පාවිච්චි කරපු භාණ්ඩ හඳුනා ගැනීම වගේ පරීක්ෂණ කීපයක් තියෙන්නේ. 

ඊට පස්සේ අලුත් දලයි ලාමාව ටිබෙටයේ අගනුවර වෙන ලාසාවේ තියෙන පෝතලා මාළිගාවට අරගෙන ගිහින් ඉගෙන්වීම් කරනවා. ඊට පස්සේ අවුරුදු 18 දී වගේ තමා රාජ්‍ය බලය එතුමාට හිමිවෙන්නේ අභිෂේක උත්සවේකින් පස්සේ. 

දලයි ලාමාගේ මියයාමේ ඉදන් අලුත් දලයි ලාමා රාජ්‍යත්වයට පත්වෙනකම් රෙටිං රින්පොචේ කියන නිලධාරියා තමා පාලනය ගෙනියන්නේ [රාජ්‍යාධිකාරී වගේ ධූරයක්] 

. දලයි ලාමා තනතුර අරාජිකව පවතින්නේ දලයි ලාමාගේ පුනරුප්පත්තිය හමුවෙනකම් විතරයි. ඒ කියන්නේ උපරිම අවුරුදු 4 ක් 5 ක් වගේ. දූතයන් හොයාගන්නා ඒ කුඩා දරුවාව ටික දිනකින්ම දලයි ලාමා විදිහට නම් කරලා එයාට වන්දනාමාන පවා කෙරෙනවා. 

ඒත් එයාට රාජ්‍ය පාලනය සම්බන්ධව වගේම ආගමික කටයුතු සම්බන්ධවත් නිසියාකාර බලයක් ලැබෙන්නේ අවුරුදු 18 දී පමණ වෙන අභිෂේකයෙන් පස්සේ. එතකම් දලයි ලාමා වෙනුවෙන් රෙටිං රින්පොචේ පාලනය ගෙනියනවා. 

දලයි ලාමා කුඩා අයෙක් කියලා පූජනීය තත්වයෙන් හා වන්දනා මාන කිරීමෙන් අඩුවක් කරන්නේ නැහැ. මොකද 1 දලයි ලාමාගේ ඉදන් පැවත ගෙන එන දලයි ලාමා මේ කුඩා ළමයා වෙන නිසා 

මේ තියෙනේ 14 වෙනි දලයි ලාමාගේ ජීවිත කතාව ඇසුරෙන් හදපු කුන්ඩුන් කියන චිත්‍රපටියේ trailer එක. ඒකත් පොඩ්ඩක් බලන්නකෝ 

http://www.youtube.com/watch?v=cFm8oP9c9Hs
https://www.youtube.com/watch?v=cFm8oP9c9Hs

දේශපාලන වගකීම

පස් වැදෑරම් වැඩපිළිවෙල 1949 දී චීනය විසින් ටිබෙට් රට ආක්‍රමණය කිරීමෙන් පසු 1950 දී ටිබෙට් රට සම්බන්ධයෙන් සම්පූර්ණ දේශපාලන වගකීම  උන් වහන්සේ පිට පැටවිණ. 1959 දී ටිබෙට් ජනතා රැල්ල චීනය විසින් ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීම නිසා උන් වහන්සේ ට තම රටින් බැහැරවීම ට සිදු විය. 1963 දී දලයි  උන් වහන්සේ විසින් ටිබෙට් රට සදහා ප්‍රජාත්‍රන්තවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලදී.එය ටිබෙටයෙන් බැහැර තිබ්බත තිබ්බත වාසීන් ගේ ප්‍රඥප්තිය ලෙස සැලකේ.

 ටිබෙටය කියන්නේ දලයි ලාමාගේ රාජ්‍යය   [පාප්තුමාගේ වතිකානුව වගේ] දලයි ලාමා රාජ්‍යය නායකයා වගේම ආගමික නායකයා වුණා. උන් වහන්සේ  පත් කරපු ඇමති මණ්ඩලයක් සහ අගමැතිවරුන් හරහා තමා රට පාලනය වුනේ. 






ඒත් චීනය වරින්වර ටිබෙටයේ ස්වාධීනතාවයට බලපෑම් එල්ල කරනවා. අවසානයේදී මාවෝ සේතුංගේ අණින් 1951 දී විතර චීන හමුදා ටිබෙටය ආක්‍රමණය කරනවා. ඒ වෙලාවේ දලයි ලාමා ඇතුළු නිලධාරීන් පිරිසක් ආරක්ෂාව පතාගෙන ඉන්දියාවට පැනලා යනවා. 



ඒ ආපු ගමන දලයි ලාමා තවමත් ඉන්දියාවේ ඉදන් ටිබෙටයේ නිදහස වෙනුවෙන් සටන් කරනවා. ඒ වගේමයි ලෝක සාමය උදෙසා කටයුතු කරනවා. රටින් රටට ගිහින් දේශන එහෙම පවත්වනවා. 



ඒත් චීනේ නම් ටිබෙටය දෙන පාටක් නැහැ. එයාලා ඒක හොඳට අල්ලාගෙන ඉන්නේ :



1987 සැප්තැමබර් 21 වන දින ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය ඇමතූ දලයි ලාමා  සාමය අරඹයා පස් වැදෑරම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේය. දලයි ලාමා  සාමය උදෙසා ම කැපවූ නායකයෙකි. ප්‍රචණ්ඩකාරී ආක්‍රමණ හමුවේ පවා උන් වහන්සේ දිගට ම අවිහිංසවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.  උන් වහන්සේ රටවල් 62 ක සංචාරය කරමින් රාජ්‍ය නායකයන් ආගමික නායකයන් විද්‍යාඥයන් රැසක් ම හමුවී ඇත.

ග්‍රන්ථ රචනා

 උන් වහන්සේ ග්‍රන්ථ 72ක ට ආසන්න සංඛ්‍යාවක් රචනා කොට ඇත. දලයි ලාමා  අවධාරණය කරන දෙයක් නම් එකමුතුකම මුලු හදවතින් ම ඇතිවිය යුත්තක් වන අතර එය තුවක්කු කටක් ඇතුලෙන් බිහිවිය නොහැකි බවයි. දලයි ලාමා හැම උදයක ම ටිබෙට් ජාතිකයන් ට පමණක් නොව චින සහෝදර සහෝදරියන් ට ද එක ලෙස ම ආශීර්වාද කරයි. බෞද්ධ භික්‍ෂුවක් වශයෙන් දලයි ලාමා  සියළු ජනතාවගේ සිතීමේ හා කතා කිරීමේ මූලික අයිතිවාසිකම ගැන නිරායාසයෙන් පවසයි. ඒ නිසා ටිබෙට් ජනතාව  උන් වහන්සේ ජීවමාන දෙවි කෙනෙකු සලකති.එනිසා උන් වහන්සේග් පිංතූරයක් රැගෙනයාම පවා චිනයේ සිර දඩුවම් ලැබිය හැකි වරදකි.
ඇතැම් අවස්ථා වල උන් වහන්සේ ටිබෙට් වැසියන් ට පවසන්නේ බුදු දහම ඉගැන්වීමේ හැකියාව ඇති චීන ජාතිකයන් යටතේ වුවද බුදු දහම අධ්‍යයනය කරන ලෙසයි. තමන් මුල් බැසගත් ආගමික විශ්වාසය ඇතුලත ම අධ්‍යයනය කරනු මිස බුදු දහම වැළදගන්නැයි විදේශිකයන් ට නොපැවසීම ට තරම්  උන් වහන්සේ සුවිශේෂී නායයෙක් විය.

බුදු දහම ගැන උනන්දුවක් නොදක්වන පිරිසක් සිටින ස්ථානයක ට ගිය විට  උන් වහන්සේ ඔවුන් ට ඉදිරිපත් කරන්නේ වෛද්‍යවරයකු මෙන් ඕනෑ ම ආගමිකයකු ට එදිනෙදා ජීවතය ට ප්‍රයෝජනවත් වන සරල පිළිවෙත්ය. උන් වහන්සේ ඔටුණු පැළදුවේ වයස අවුරුදු 04 ක් තරම් ළදරු වයසේදීය. වයස අවුරුද 07 වන විට දෙවන ලෝක සංග්‍රාමය ට අවශ්‍ය අවි ටබෙට් දේශය හරහා ප්‍රවාහනය කිරීමේ ප්‍රශ්නය සාකච්ඡා කිරීම ට  උන් වහන්සේ රූස්වෙල්ට්ගේ රාජ්‍ය දුතයින් පිළිගැනීමට ද සමත් විය. වයස අවුරදු 15 වන විට මාවෝ සේතුංට එරෙහිව ජනතාව නම්මවා ගැනීම ට සාකච්ඡා කරන තරම ට මේරූ පූර්ණකාලීන දේශපාලන නායකයකු විය. ලාසා අගනුවර සටන් ඇවිල යන විට උන් වහන්සේ වයස අවුරදු 11ක් පමණ විය.

ලාසා වෙත චීනයේ ප්‍රචණ්ඩත්වය පැතිර යන විට උන් වහන්සේ ට රට හැරදමා පලායාම ට සිදුවන විට උන් වහන්සේගේ වයස අවුරුදු 23 ක් පමණි.  උන් වහන්සේ 1959 සිට වාසය කරන්නේ උතුරු ඉන්දියානු කදුකරයේ ධරම්සාලා නම් ස්ථානයේය. ඉන් පසු උන් වහන්සේ ට ඓතිහාසික ටිබෙට් සංස්කෘතිය ටිබෙටයෙන් පරිබාහිරව අලුතින් ම ගොඩනැගීම ට සිදු විය. ආගමක ට වඩා බුදු දහම මනස පිළිබඳ විද්‍යාවක් ලෙසඋන් වහන්සේ  පෙන්වා දුන්නේය.  උන් වහන්සේ පවසන්නේ අප ලෝකය දෙස බලන ආකාරය වෙනස් කිරීමෙන් අප ට ලෝකය වෙනස්කළ හැකි බවය.

උන් වහන්සේ ඉල්ලා සිටියේ ටිබෙට් දේශයේ ආරක්‍ෂාව හා විදෙස් කටයුතු චීනයෙන් සිදු කෙරෙන අතර අන් සියලු දේ සදහා ටබෙට් ජාතිකයන් ට ස්වෛරීත්වය හිමිවන ස්වං පාලනයකි. 1908 දී ලෝකයේ තිබුනේ ටිබෙට් බෞද්ධ මධ්‍යස්ථාන 02 ක් පමණක් වුව ද මේ වන විට නිව්යෝක් නගරයේ පමණක් 40 ක් පමණ ඇත. ලෝකය වඩාත් යහපත් වීමට සැබෑ ලෙස ම උදවු වන විප්ලවය නම් අප ඇතුලතින් ම ඇතිවන විප්ලවය බව  උන් වහන්සේ ගේ අදහසයි.  උන් වහන්සේ පවසන්නේ බුදු දහම දියුණු කරන්න ට හොද ම තැන පවුල බවයි.

ටිබෙට් දේශයේ අසහාය ආගමික නායකයාණන් වූ දලයි ලාමා මුලු මහත් ලෝකයේ ම සම්භාවනාව ට පාත්‍ර වූආගමික නායකයෙකි. උන් වහන්සේ සම්මන ගණනාවකින් ද පිදුම් ලැබීය. ලෝකයේ විවිධ විශ්ව විද්‍යාල හා වෙනත් ආයතන වලින් උන් වහන්සේ ට පිරිනමන ලද සම්මාන හා ත්‍යාග ගණන 99 ඉක්මවා ඇත. ටිබෙටයේ නිදහස සදහා ගෙන යන අවිහිංසාවදී සටන අගයමින්  උන් වහන්සේ වෙත 1989 දී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණි.  උන් වහන්සේ 1959 වර්ෂයේ පිලිපීනයයේ රැමෝන් මැක්සේසේ සම්මානයෙන් ද පිදුම් ලැබීය.උන් වහන්සේ  සාමය වෙනුවෙන් සම්මාන 06 ක් ද මානව හිමිකම් වෙනුවෙන් සම්මාන 05 ක් ද හිමිකරගෙන ඇත.
ටිබෙට් ජාතිකයන් තුළ  උන් වහන්සේ කෙරෙහි දැඩි භක්තියක් ඇත. උන් වහන්සේ  බීජිං පාලකයන් විසින් සලකන්නේ ටිබෙට් ජාතිකයන් ගේ සතුරකු හා බෙදුම් වාදියකු ලෙසය. එහෙත් උන් වහන්සේ  අදත් ටිබෙටයේ මිලියන 06 ක ට ආසන්න බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික නායනයාණන් මෙන් ම ලෝක ආගමික නායකයෙක් ද වේ.  උන් වහන්සේ බුදු දහමේ ජාත්‍යන්තර ව්‍යාප්තිය වුදෙසා ඉටුකර ඇති මෙහෙය අති විශාලය.

No comments:

Post a Comment