දෝතට අරන් දෙන රස කිරි මිහිරි පෙරා
දුන් කිරිවලින් ඇග ලේ මස් නහර පුරා
බිහි කළ මවට වඳිනෙමු දිවි තිබෙන තුරා
අම්මා කෙනෙකු හට කියනා ගුණ වරුණ
දරුවන් සැමට සිටිනා ලක් දෙරණ
අම්මා වරුන් ඇත සොද ගුණදම් පුරන
ගෙන් ගෙට බුදුන් ලෙස සිටිනා මිණි පහන
බුදු සසුනටත් තම දරුවන් පූජා කරන
රට ජාතිය රකින්ටත් දරුවන් හරින
සැම නිවසකම අම්මා යන අකුරුව් තුන
නිවසට දෙව් දුවකි අම්මා අග රැජින
ලොව මුදු ගුණය එකතැන කැටිකළ අම්මේ
නිවසට මුනිදුවක් ආදර බර අම්මේ
සසරින් සසර යන විට අපි අම්මේ
නිවන් නිවේවා මතු බුදු වී අම්මා
කියන්නට ලියන්නට
ReplyDeleteඅපරිමිත ගුණයට
බැහැනෙ වැනුමට
මවගෙ ගුණ කවියට....
ජයවේවා!!!