Friday, March 31, 2017

ශිෂ්‍යත්වය










පටවා කළුගලක් සමනලයකුගෙ පිටේ
දෙයි පුහුණුවක් ඉගිලෙන්නට හැටට හැටේ
බසයක් තුළම බත් අහුරක් ඔබා කටේ
ටියුෂන් යද්දි මල් පරවී බිමට වැටේ!

ලොකු පාසලක් ලොකුකම පෙන්වනු පිණිස
හිමි වී ජයෙන් ජය වෙන්නට හෙට දවස
සංසිඳුවන්න මවුපිය සිප්නැණ පවස
පොඩි දරුවන්ගෙ පොර පිටියක් වෙයි නිවෙස!

හැකිනම් දෙසීයම අරගන්නට ලකුණු
දිව රෑ දෙකේ මල්පොඩි හඬවයි පිපුණු
වනපෙත තුරුඋයන් දැක මල්පල පිරුණු
පිට පාරෙන් දුවයි විලසින් වෙඩි වැදුණු

කැල නැත මතකයේවත් නෑ හිත මිතුරු
අරගෙන සරුංගල් නොහදයි උණ පතුරු
අස්වනු විභාගෙන් නෙළුවොත් ලෙස සොඳුරු
පාරක දෙපා නවතිනවද මල් ඇතිරු




2 comments:

  1. ගහක වැලක සිසිලක් විඳ ගන්න නැතී
    හිතක පුංචි සමනල කෝ කොහෙද යතී
    පොතක ළමා ගති සිරකර දුකක් දෙතී
    රටක නැතිවෙලා යාවිද ළමා ගතී......

    ජයවේවා!!!

    ReplyDelete

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular