අය වැයෙන් බියර් මිල අඩු කිරීමට යෝජනා විය. බියර් මිල අඩු කිරීමත් සමඟ නීති විරෝධී කසිප්පු පරිභෝජනය අඩු වන බව ආණ්‌ඩුවේ මැති, ඇමැතිවරු ප්‍රසිද්ධියේ කතාබහ කළහ. ඒ කතාවලින් සනාථ වන්නේ රටේ කසිප්පු ජාවාරම වැඩි වී ඇති බව ඇමැතිවරු ද දැන සිටින බවය. එහෙත් එම කතා අම්බානට කසිප්පු බී මොළය කරච්චල් වී සිටින බෙබාලාට නම් ආතල්ය. සිහිබුද්ධියෙන් සිතන කෙනෙකු නම් ඒ කතා අසා හාස්‍යයෙන් සිනා සී පිළිකුළෙන් ඉවත දමන්නේය. මන්ද බියර් පාරිභෝගිකයන්ගේ සහ කසිප්පු පාරිභෝගිකයන්ගේ සමාජ පන්තීන් හා ජීවන රටාව බෙහෙවින්ම වෙනස්‌ය. තුන්වේලටම කසිප්පු බොන බේබද්දෙකුට සූර් වෙන්නට බියර් බූලියක් බිව්ව ද මදිය. බියර් එකක සහ කසිප්පු බෝතලයක ඇති ඇල්කොහොල් ප්‍රමාණය සහ බේබදු සමාජ පන්ති දෙක අතර විශාල වෙනසක් ඇති බව ප්‍රථමයෙන් අප වටහාගත යුතුය. රටේ නීති විරෝධී කසිප්පු ජාවාරම ගැන කතා කළ යුත්තේ ඊට පසුය.
මේ වන විට මෙරට කසිප්පුජාවාරම විශාල ලෙස වර්ධනය වෙමින් තිබේ. වාර්තා වන අන්දමට කසිප්පු ජාවාරම වැඩිවීමට ප්‍රධාන හේතුව අරක්‌කු මිල වැඩී වීමටත් වඩා පොලිසිය කසිප්පු ජාවාරම්කාරයන්ව අත්අඩංගුවට නොගැනීමය.
''මාසෙකට නඩුවක් දීලා... ඕ.අයි.සී. මහත්තයටයි, එස්.අයි. මහත්තයටයි කීයක් හරි අතමිට මෙලෙව්වහම වැඩේ ෂේප්... රාළහාමිලාට නම් දඩමස් ටිකක්, හොඳ අරක්‌කු බෝතලයක් දුන්නම ඉහටත් උඩින්...'' රට පුරා කසිප්පු ජාවාරම්කාරයන් අප සමඟ හරි උජාරුවට එසේ කියූ වාර අනන්තය. එවැනි පොලිස් නිලධාරීන් සහිත ප්‍රදේශවල කසිප්පු ජාවාරම් සිදුවන ස්‌ථාන වැටලීම් කළ ද ඵලක් නැත. වැටලීමට පෙර කසිප්පුකාරයන්ට ඔත්තුව යන්නේය. එසැණින් ක්‍රියාත්මක වන කසිප්පුකාරයන් බඩු භාණ්‌ඩ ද රැගෙන මාරු වන්නේය. වැටලීම අසාර්ථකය. කසිප්පුකාරයන් නැවතත් පෙරන්නේය. කසිප්පු ජාවාරමයි, එකී ප්‍රදේශවල පොලිසියි ගහට පොත්ත වගේය. එහෙයින් ගමෙන් කසිප්පු ජාවාරම තුරන් කිරීම විශාල අභියෝගයකි. දැන් සිදු කළ යුත්තේ කසිප්පු ජාවාරමේ මුදුන් මුල මුලින්ම උදුරා දැමීමය. එනම් කසිප්පු පෙරීමට යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන යීස්‌ට් පරිභෝජනයට නීති පැනවීමය.
වාර්තා වන අන්දමට වර්ෂයකට මෙරටට යීස්‌ට් මෙටි්‍රක් ටොන් තුන්දහසක් පමණ ආනයනය කරනු ලැබේ. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන පහළොවක් පමණය. ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් යීස්‌ට් ආනයනය කරනු ලබන අතර වර්තමානයේදී බහුලව යීස්‌ට් ආනයනය කරනු ලබන්නේ චීන රටෙනි. මෙරට ලියාපදිංචි ආයතන දහයක් පමණ යීස්‌ට් ආනයනය කරනු ලැබේ. ඒ අතරින් සියයට හතළිහක පමණ යීස්‌ට් ආනයනය කරනු ලබන්නේ මෙරට ලියාපදිංචි බහුජාතික සමාගමක් විසිනි. එම ආයතනය ඇතුළු සියලු ආයතන ආනයනය කරනු ලබන යීස්‌ට් ප්‍රමාණයෙන් මෙටි්‍රක් ටොන් එක්‌දහස් පන්සීයක් පමණ බේකරි නිෂ්පාදන සහ බිස්‌කට් සඳහා යොදාගන්නා අතර, යීස්‌ට් ආනයනය කරනු ලබන ආයතන විසින්ම බේකරිවලට යීස්‌ට් බෙදාහැරීම සිදු කරනු ලැබේ. ආනයනය කරනු බලන ඉතිරි යීස්‌ට් මෙටි්‍රක් ටොන් එක්‌දහස් පන්සීයෙන් වැඩි ප්‍රමාණයක් අලෙවිවන්නේ කසිප්පු ජාවාරම සඳහාය. එහෙත් එම ගනුදෙනුව යීස්‌ට් ආනයනය කරන ආයතන සහ කසිප්පු ජාවාරම්කාරයන් අතර සෘජුව සිදුවන ගනුදෙනුවක් නොවේ. කසිප්පු ජාවාරම සිදුවන ප්‍රදේශවල ඇති වෙළෙඳසල් හරහා වක්‍රාකාරව සිදුවන ගනුදෙනුවකි. විශේෂයෙන්ම යීස්‌ට් වෙළෙඳාම ජයටම සිදුවන්නේ තොග වෙළෙඳසල් හරහාය. රට පුරා තොග වෙළෙඳසල්වලට බෙදාහරින යීස්‌ට් තොග බොහෝ විට මිලදීගනු ලබන්නේ කසිප්පු ජාවාරම්කාරයන් විසිනි. මන්ද බේකරි නිෂ්පාදන සහ ගෘහස්‌ථව පිළියෙළ කරගන්නා පිටි කෑමවලට හැරනු විට යීස්‌ට් යොදාගනු ලබන්නේ කසිප්පු පෙරීම සඳහා පමණි.
මෙරටට ආනයනය කරන යීස්‌ට් වර්ග හතරකි. වැඩි සීනි යීස්‌ට්, අඩු සීනි යීස්‌ට්, ටුඉන් වන්
යීස්‌ට් සහ බේකරි නිෂ්පාදනවලට භාවිතා නොකරන යීස්‌ට්‌ය. මේ අතරින් මෙරටට බහුලව ආනයනය කරනු ලබන්නේ අඩු සීනි යීස්‌ට්‌ය. බේකරි කෑම සඳහා භාවිතා නොකර යීස්‌ට් තොග සෘජුවම යොදාගනු ලබන්නේ කසිප්පු පෙරීම සඳහාය. අඩු සීනි යීස්‌ට් තොග බහුලව යොදාගනු ලබන්නේ ද කසිප්පු පෙරීම සඳහා. බේකරි නිෂ්පාදන සඳහා සියයට හැත්තෑපහකට වැඩි ප්‍රමාණයක් ලබාගන්නේ ටුයින් වන් යීස්‌ට්‌ය.
මෙරට බහුල තම යීස්‌ට් අලෙවියක් සිදුවන්නේ මීගමුව, වෙන්නප්පුව, හලාවත අවට ප්‍රදේශවලය. මාදම්පේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළෙඳසලක මාසයකට යීස්‌ට් කන්ටේනර පෙට්‌ටියක් (කිලෝ ග්‍රෑම් 20000 ක්) අලෙවි වන බව ද වාර්තා වේ. එමෙන්ම කුරුණෑගල, ගල්ගමුව, කැකිරාව, අනුරාධපුරය, පොළොන්නරුව ආදී උතුරු මැද බොහෝ ප්‍රදේශවලට මෙන්ම කොළඹ, කළුතර, අලුත්ගම, ගාල්ල, මාතර දෙනියාය, වීරකැටිය, කතරගම, බුත්තල, මොනරාගල, ඇඹිලිපිටිය, රත්නපුරය ආදී ප්‍රදේශවල ද යීස්‌ට් තොග වශයෙන් අලෙවි වන බව වාර්තා වේ. මාසයකට යීස්‌ට් ටින් දහස මිලට ගන්නා තොග වෙළෙඳසල් ද ඒ අතර තිබේ.
වර්තා වන අන්දමට මාසයකට මෙරට පිටි පරිභෝජනය මෙටි්‍රක් ටොන් හැටදහසකි. එම පිටි ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් බිස්‌කට් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වන අතර ඉතිරිය බේකරි නිෂ්පාදන සහ ගෘහස්‌ත පරිභෝජනය සඳහා යොදාගනු ලැබේ. බේකරි නිෂ්පාදන ක්‍රියාවලියේදී ද සෑම පිටි කෑම වර්ගයකටම යීස්‌ට් යොදනු නොලැබේ. එමෙන්ම පිටි කිලෝ සීයක නිෂ්පාදන සඳහා යීස්‌ට් යොදනු ලබන්නේ ග්‍රෑම් 250 - 500 අතර ප්‍රමාණයකි. මෙරට ලියාපදිංචි සහ නොවන සම්පූර්ණ බේකරි සංඛ්‍යාව හාරදහස් පන්සීයත් පන්දාහත් අතර ප්‍රමාණයකි. එම බේකරිවල පාන් මෝලියකටම යොදන්නේ යීස්‌ට් ස්‌වල්පයකි. බේකරියක සතියක නිෂ්පාදනවලට යීස්‌ට් ග්‍රෑම් 500 ක ටින් එකක් ප්‍රමාණවත්ය. එවැනි පසුබිමක වර්ෂයකට යීස්‌ට් මෙටි්‍රක් ටොන් තුන්දාහසක් ආනයනය කරනු ඇත්තේ රටේ ජනතාවට කිරි හොදි කෑමට නොවන බව යීස්‌ට් ආනයනය කරන ආයතන ද දැනුවත්ය. එමෙන්ම බේකරි කෑමවලට නොගන්නා යීස්‌ට් ආනයනය කරනු ලබන්නේ පිට්‌ටු හදන්න නොවන බවද එම ආයතන දැනුවත්ය. එහෙත් එම ආයතන ව්‍යාපාරික මානසිකත්වයෙන් වාසිය ඉදිරියේ තොත්ත බබාලා ගානය. මෙරටට යීස්‌ට් ආනයනය කරනු ලබන ආයතනවලින් වැඩි ප්‍රමාණයක් බහුජාතික සමාගම්ය. රටේ මිනිස්‌සු කසිප්පු බී මියගිය ද ඔවුන්ට ගැටලුවක් නැත. ඔවුන්ට ඇවැසි යීස්‌ට් අලෙවියෙන් ලැබෙන ලාභය පමණි.
1977 අවුරුද්දට පෙර මෙරට වෙළෙඳපොළේ යීස්‌ට් ලබාදෙනු ලැබුවේ බේකරි බලපත්‍ර හිමියන්ට පමණි. එමෙන්ම යීස්‌ට් විකිණීමේ අයිතිය පැවරී තිබුණේ සමුපකාරවලට පමණි. මෙරට වෙළෙඳපොළට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීමත් සමඟ යීස්‌ට් වෙළෙඳාමත් නිදහස් විය. ඕනෑම වෙළෙඳසලක යීස්‌ට් විකිණීමට අවස්‌ථාව සැලසිණි. ඒ සමඟ පාන්වලට මිලට ගත් යීස්‌ට් ස්‌වල්පයක් දමා පළතුරු වඩියක් ගහගෙන අඩියක් ගහපු මිනිස්‌සු මහා පරිමාණයෙන් කසිප්පු පෙරන්න ගත්හ. ටික කාලයක් ගත වන විට ගම්බද ප්‍රදේශවල සහ කොළඹ වතුවල බෙබාලට කසිප්පු නැතිවම බැරි මත් වතුරක් විය. ප්‍රදේශයෙන්, ප්‍රදේශයට කසිප්පුවලට විශේෂ නම් ද පටබැඳිණි. හැලි අරක්‌කු, පෙති අරක්‌කු, ඒ නම් අතර ප්‍රසිද්ධය. පෙති අරක්‌කු ප්‍රසිද්ධ කොළඹ වතුවලය. පෙති අරක්‌කු යනු සීනි, යීස්‌ට්‌වලට අමතරව මානසික රෝගීන්ට ලබාදෙන බෙහෙත් පෙති කිහිපයක් ද ගෝඩා හැලියට කලවම් කර පෙරා ගන්නා ලද කසිප්පුය. හැලි අරක්‌කු යනු පොල් රාවලට සීනි, යීස්‌ට්, රටඉඳි, පරණ වූ පළතුරු එකතු කර සතියක් පමණ පල් කර හැලියකට දමා රත් කර පේරා ගන්නා ලද කසිප්පුය. හැලි අරක්‌කුවලට ප්‍රසිද්ධ මීගමුව, කොච්චිකඩේ, හලාවත, පුත්තලම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය.
කසිප්පුවලට ඇති ඉල්ලුම වැඩිවීමත් සමඟ හැලිය පැත්තකට දමා බැරල් භාවිතා කරමින් සීනි සහ යීස්‌ට් පමණක් යොදාගෙන අද පල්වෙන්න දමා හෙට පෙරන තත්ත්වයට කසිප්පු ජාවාරම දියුණු විය. ගෝඩා සහිත යකඩ බැරල් රත් කිරීමට දර ලිප් වෙනුවට ගෑස් ලිප් යොදාගන්නා තරමට කසිප්පු ජාවාරමට උපරිම තාක්‍ෂණය එකතු විය. වතුර බැස යන දිය පාරක් සහිත කැලෑ ප්‍රදේශයක රහසිගතව කරගෙන ගිය කසිප්පු ජාවාරම අද වන විට නිවාස, ගොඩනැඟිලි තුළ පේරන තරමට කසිප්පුකාරයන් කෙරුම්කාරයන් බවට පත්ව සිටිති. රත් කර දඟර කම්බියක ආධාරයෙන් පෙරා ගන්නා කසිප්පු සැර කිරීමට සීනි, යීසAට්‌වලට අමතරව කටු කම්බි, සිමෙන්ති, බැටරි කුඩු සහ ඇතැම් වේදනා නාශක පෙති වර්ගද ගෝඩා හැලියට එකතු කරන බව කසිප්පු ජාවාරම්කාරයන් සූර් පිට අපට කියූ විස්‌තරය. එසේ පෙරා ගන්නා ලද කසිප්පු ස්‌ප්‍රීතු බෝතලයකට වතුර බෝතල් තුනක් පමණ කලවම් කිරීමට හැකි බවද ඔවුන්ගේ අදහසය. එහෙත් යීස්‌ට් නොමැතිව කසිප්පු පෙරීමට නොහැකි බව කසිප්පු ජාවාරම්කාරයන්ගේ ද අදහසය. එසේ නම් මෙරට යීස්‌ට් වෙළෙඳාමට සීමා පැනවීමක් සිදු කරන්නේ නම් කසිප්පු ජාවාරම නතර කිරීමට විශාල පිටිවහලක් වන බව සැබෑය. එහෙත් යීස්‌ට්‌වලට සීමා පැනවිය යුත්තේ මෙරට බේකරිකරුවන්ට අවැඩක් නොවන අයුරිනි.
මෙරට මද්‍යසාර භාවිත කරන පුද්ගලයන්ගෙන් සියයට හතළිස්‌නවයක් (49%) කසිප්පු පානය කරන්නන් බව සමීක්‍ෂණ වාර්තාවලින් පෙන්වා දෙන්නේය. රට තුළ නීති විරෝධී මත්පැන් භාවිතය සහ අලෙවිය වැඩි වීම යනු නීත්‍යනුකූල මත්පැන් වෙළෙඳාමෙන් රජයට අයවිය යුතු බදු ආදායම පහළ වැටේ. එමෙන්ම ප්‍රමිතියෙන් තොර නීති විරෝධීව නිෂ්පාදනය කරන මත්පැන් පානය කර රෝගීන් වන මිනිසුන් සුවපත් කිරීමට රජයට විශාල වියදමක් දැරීමට සිදු වී තිබේ. ගම්බද, වතු ජනපද තුළ මිනිසුන්ගේ බීමත්කම නිසා ගෘහස්‌ථ හිංසනය, ලිංගික අපයෝජනය, විරැකියාව සහ දිවි නසාගැනීම් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ. බිරින්දෑවරු දවස මුළුල්ලේ වෙහෙසී කුලියක් කර උපයා ගන්නා සොච්චම බේබදු සැමියන් මංකොල්ලකා ගන්නා නින්දිත සිද්ධි ගම් පළාත්වලින් ඕනෑවටත් වඩා වාර්තා වේ. ගෙවල්වල අඩ දබරවලට මුල කසිප්පු බව ගැමි කාන්තාවන් කියති. මත්පැන් බී දුක තුනී කරගන්නා බව කියන පිරිමි සිටිති. එහෙත් බීමත් සැමියාගේ වධ බන්ධන නිසා දුක තුනී කරගැනීමට බොන ගැහැනු නම් නොවෙති. එහෙයින් දුකට මත යනු හිස් කතාවකි. තිතට මත යනු අද තිබෙන බරපතල ගැටලුවකි. පොලිසිය සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රවල වාර්තාවලට අනුව මත්පැන් නිසා මරණ වැඩිම රටක් ලෙස අපේ රටට ද ඉදිරියෙන්ම සිටිති. අධික මත්පැන් භාවිතය නිසා සීරෝසිස් රෝගය වැළදී මිය යන ප්‍රමාණය ද මේ වන විට වර්ධනය වෙමින් තිබේ. තුන්වේලටම කසිප්පු බොන බේබදු මිනිසුන්ට බොහෝ විට අවසානයේ උරුම වන්නේ සීරෝසිස් රෝගී තත්ත්වයෙනුත් ඔබ්බට ගිය දුක්ත මරණයකි. අක්‌මාව, වකුගඩු දිය වී ගොස් ඇඟ ඉදි මී, කාසකාරයක් ලෙස මියෑදෙන විට තැම්බුණු ඉස්‌සෙක් ගානය.
එහෙත් හොඳ හැටි මතට ඇබ්බැහි වී සිටින බේබද්දන් නම් කසිප්පු, අරක්‌කු නැති නම් බැටරි කූරක් හෝ උරච්චි කර දිව තබාගෙන මත් වන බව නොරහසකි. එමෙන්ම මත්පැන් මිල කොතරම් ඉහළ ගියද බොන මිනිහා ආණ්‌ඩුවට බැණ, බැණ හෝ බොන බව ද අපි දනිමු. අපට ඇවැසි මත්පැන් බී මැරෙන්න යන අයව මතින් ගලවාගැනීම නොවේ. මතට ඇබ්බැහිවෙමින් සිටින තරුණ පරම්පරාව මත් දියෙන් ගොඩගැනීමය. එහෙයින් රටේ මිනිසුන්ට කසිප්පු බී ඉස් ගෙඩි සේ මියෑදෙන්න ඉඩ දෙනවද? නීති විරෝධී මත් දියෙන් ගොඩ ඒමට යීස්‌ට් පරිභෝජනයට සීමා මායිම් දමනවාද? තීරණය කළ යුත්තේ රටේ බලධාරීන්ය. කසිප්පු ජාවාරම නතර කළ හැකි හොඳම සහ කෙටිම මාර්ගය අපි පෙන්වා දුන්නෙමු. දැන් බලධාරීන් ක්‍රියාත්මක වන හැටි අපි බලා සිටිමු.

මාදම්පේ වෙළෙඳසලකට මාසෙකට යීස්‌ට් කන්ටේනරයක්...

tharanga rathnaweera
වැඩිපුර තියෙන්නේ බොරු
ReplyDelete