🖤දකුනේ සද 🖤
♥️පොල් ගස් පෙල එක යායට සදකැන් දෙන හැන්දෑවක මාතර සද ලස්සනදැයි ,,
හිතින් අහනවා ,,,,,,,
දකුනේ සද ඈත ඉදන් සිනා පානවා ,,,,,,
♥️විකසිත පෙම් මල් පූදින අවිහිංසක නෙතු අද්දර මට ඉඩදැයි හැමදාටම
හිතින් අහනවා,,,,,,
දකුනේ සද ලැජ්ජාවෙන් දෑස් පියනවා,,,,,,
♥හිරු අවරට වඩින කලට දිවුල් ගසක් යට හිදගෙන දොඩමලු වන්නට හැකිදැයි
හිතින් අහනවා ,,,,,,,,
දකුනේ සද ප්‍රේමනීය රටා අදිනවා ,,,,,,,,,,,,
♥️නොමැකෙන ලෙස හද සිතුවම්, බිතුසිතුවම් වී ඇති කල සද මගෙමැයි හැමවිටදිම
හිතින් අහනවා,,,,,,,,,,,
දකුනේ සද දෑස් වලින් කතා මවනවා,,,,,,,,,
♥️සසර පුරුදු එක් වුනාම හමුවන එක අරුමයක්ද නුබ ගැන තතු හැම විටකම
හිතින් අහනවා,,,,,,,,,
දකුනේ සද එබී බලා සිනා ගෙනෙනවා,,,,,,,,,
♥️ඉසුරුමුනියෙ විහාරයේ පෙම් යුවළට සම නොවුනට අපි තරම්ම ඔවුන් නොවේ
හිතින් අහනවා,,,,,,,,
දකුනේ සද ලෙන්ගතුකම දොවා වඩිනවා,,,,,,,
♥️නුඹේ නමට ලියපු ගීය පද එකිනෙක ගලපන විට සංසාරෙම සුවද දේවි
හිතින් අහනවා,,,,,,,,,
දකුනේ සද ආදරයෙන් මදෙස බලනවා,,,,,,,,