Sunday, December 25, 2016

සුනාමියට වසර 12 යි







ගැඹුරු සත්සර පතුල බිදලා
ඇබරි ඇබරී වියරු රළ පෙල
මුහුද මහ මැද දෙදරවාලා
බුර බුරා නැගි කුරිරු රළ පෙල

වෙරළ සම්පත ගිලා ගත්තේ
මිනිස් ජීවිත දසදහස් ගනනින්
නිවෙස් සුණු විසුණු කරමින්
සියලු හිමිකම් නසා දමලා

දුවපු මහ දන මනන් අතරේ
මහළු ගැබ්බර අබල දුබල අයද
හැති දමා පරදුවට තබලා
දිව්වෙ තම දිවි රැකුමටා

නිමාවුනි රළ බිදුනු පෙම හා
මහ පොළොව දෙවනත් කරාලා
ශේශවූ වේ කැබලි පමනකි
ගලින් ඉදිවුන මාලිගා




2 comments:

  1. ජීවිතේ අනියතයි....
    බුුදු හිමි දෙසු බනේ...

    ReplyDelete
  2. වසර දොළහක මතක සෙවනැලි
    නිතර සිහිවී තැවෙයි යළි යළි

    ජයවේවා!!!

    ReplyDelete

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular