Friday, September 18, 2015

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ගිරිහඬු සෑය

 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ගිරිහඬු සෑය ශාසනික වැදගත්කමකින් යුතු පුදබිමකි. 

ත්‍රස්තවාදී ගැටුම් හෙයින් දශක කිහිපයක් ජන අවධානයෙන් ගිලිහුණු මෙම පින්බිම අද යළිත් බොදුනුවන්ගේ අවධානයට ලක්වෙමින් තිබේ. ගිරිහඬු සෑය වැදගත් වන්නේ එය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සත් සතිය ගතකරන අතර ලබාගත් කේශ ධාතූන් තැන්පත් කර ඇති ස්ථානය වීමයි.එය මෙරට ඇති පළමු වටදාගෙය වශයෙන්ද සැලකෙයි. සම්බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ සත් සතිය අවසානයේ පනස්වැනි දිනයේදී එම වනයට අරක්ගත් දේවතාවියකගේ වචනය පරිදි පැමිණි තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් විලඳ හා මීපැණි ප්‍රථම දානය ලෙස පිළිගන්වන ලද බව පූජාවලියේ සඳහන්ය. දානය පිළිගැනීමෙන් චිත්ත ප්‍රබෝධයට පත් මෙම වෙළෙඳ දෙබෑයෝ වැඳුම් පිදුම් සඳහා යමක් ඉල්ලා සිටි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතූන් වහන්සේලා ලබාදුන් බවද පූජාවලියේ වැඩිදුරටත් සඳහන්ය.
බුදුරජාණන් වහන්සේ ජීවමාන අවස්ථාවේදීම පුද සත්කාර ලබන්නට කේශ ධාතූන් වහන්සේ රැගෙන වෙළෙඳ දෙබෑයන් දඹදිව උත්තලා නගරයේ සිට ලංකාවට පැමිණ ඇත. ඔවුහු ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමලයටය. කුච්චවේලිය, කට්ටුකුලම් ප්‍රදේශයේ ගල් වරායෙන් ගොඩබිම සමීපයට පැමිණ යාංඔය ඔස්සේ ගිරිකණ්ඩ පර්වතයට ඔවුහු ළඟාවී තිබේ. එහි පිහිටි සුරක්ෂිත තැනක බුදුරජාණන් වහන්සේ කේශ ධාතූන් තැන්පත් කර සිය ආහාර ගෙන ඇති අතර ගිමන් හැර පිටත්ව යන්නට සූදානම් වන අවස්ථාවේදී මෙම කේශ ධාතු සහිත පැස එතැනින් ඉවත් කරගත නොහැකි වූ බවත්, එහිම එය නිදන් කොට ගිරිහඬු සෑය ඉදි කළ බවත් ඉතිහාසය ගැන දක්වන මහාචාර්ය එච්.ටී. බස්නායක මහතාගේ 'ගිරිහඬු මහ වෙහෙර පින් බිම තිරියාය' කෘතියෙහි සඳහන් වෙයි. පසු කාලයක මෙම ෙශෙලමය පර්වතයේ කටාරම් කොටා බ්‍රාහ්මී ලිපි පිහිටුවා මහ සඟරුවනට පූජා කිරීමෙන් මෙම පුදබිමේ දෙවැනි අදියර ඇරඹී ඇති බවත්, අටවැනි සියවස වන විට වටදාගෙය ඉදිකර ඇති බවත් පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමිපාණෝ සිය කෘතිවල සඳහන් කරති.
මහනුවර යුගයේදී රචිත නම් ‍පොත නමැති විහාරස්ථාන නාමාවලිය මෙකී පුදබිම නිතුපත්පාන යනුවෙන් හඳුන්වා ඇත. නිතිපතා දැල්වුණු පහනක් තිබෙන ස්ථානය පසුව නිතුපත්පාන යනුවෙන් බිඳී ව්‍යවහාරයට ආ බව සැලකෙයි.
කාලයක් මහා වනාන්තරයෙන් යටවී තිබුණු මෙම ඓතිහාසික ස්ථානය 1929 වසරේදී හමුවූ ලියවිල්ලක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එහි ඉතිහාසය ගවේෂණය කර තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිදන් කොට ඉදි කළ ගිරිහඬු සෑය මෙය බව රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරයි. 1951 වසරේදී මෙම තොරතුරු දැන ගැනීමෙන් අනතුරුව එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඩී.එස්. සේනානායක මැතිතුමා පුරාවිද්‍යා අධිකාරී සෙනරත් පරණවිතාන සූරීන් ලවා තිරියායේ පුරාවිද්‍යා කඳවුරක් ඇති කර මෙම වැදගත් සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇත.වටදාගෙය හෙළිපෙහෙළි කර මතුකරගෙන තිබේ.
මෙම පුදබිම ත්‍රස්තවාදී ගැටුම් නිසා 1985න් පසුව හානි වී ජනශූන්‍ය වූ අතර විහාරස්ථානයේ වැඩ විසූ සංඝරත්නයද ස්වකීය දිවි ගලවාගෙන ඇත්තේ සැඟවී ජීවත් වීමෙන්ය. 2005 වසරින් පසු ගැටුම් තවත් උත්සන්න වූ හෙයින් ගිරිහඬු සෑය විහාරස්ථානය හා අවට හිස් වී හුදකලා වී ඇත.බැතිමතුන්ට එහි ළඟාවිය නොහැකි වී තිබූ අතර පසුව නාවික හමුදාව විසින් මෙම භූමිය යළි අත්පත් කරගෙන තිබේ.

යුද්ධය නිසා වැසී තිබුණු ගිරිහඬු සෑ පුදබිම යළි බොදු දනන් හට විවෘතය. ගැටුම් අවසන් වීමත් සමග දැන් නැවතත් තිරියාය ප්‍රදේශයට වන්දනාවේ යන බොදුනු දනන්ගේ වන්දනාවට ගිරිහඬු සෑයද එකතු වී තිබේ. උරුමයක උල්පත පදනම මැදිහත්ව මහා සංඝරත්නය සහ පරිත්‍යාගශීලීන් සම්බන්ධ කරගෙන ගිරිහඬු සෑය භාර අරමුදලක් සම්පාදනය කළේය. මෙම අරමුදල ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් ඇති කර වන්දනාකරුවන්ට නවාතැන් සහ ආහාරපාන සකස් කරගැනීමේ අවශ්‍යතා සපුරන්නට අවශ්‍ය බව අවබෝධ කරගත්තේය.






බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිදන්ව ඇති මෙම බොදු බිම නිසි බුහුමනට ලක් කිරීම බොදුනුවන්ගේ යුතුකමකි.






Thursday, September 17, 2015

“Hotel California ගීතය තුලින් අප දෘශ්‍ය කිරීමට උත්සහ දැරුවේ 70 දශකයේ ‘ඇමරිකානු සිහිනයේ' අඳුරු යටිබඩ හා සංගීත ක්ෂේත්‍රයේ පැවති දුරාචාරය යි.”

“Hotel California ගීතය තුලින්  අප දෘශ්‍ය කිරීමට උත්සහ දැරුවේ 70 දශකයේ ‘ඇමරිකානු සිහිනයේ' අඳුරු යටිබඩ හා සංගීත ක්ෂේත්‍රයේ පැවති දුරාචාරය යි.”
              ඒ Hotel California ගීතයේ රචකයා වූ ඩොන් හෙන්ලි (Don Henly) ගේ වචනයි.




1970තරම් ඈත යුගයක වුවද ධනවාදී සමාජ ක්‍රමයක් මගින් කළා ක්ෂේත්‍රයේ පුද්ගලයෙකුගේ ආත්මය සූරාකෑමේ ඛේදවාචකය ඇමරිකාව තුල දක්නට හැකිවිය.එකී හෘදසාක්ෂියේ  හඬ එම යුගයේ කරලියට බට ඊගල්ස්(Eagles) නම් රොක්(Rock) සංගීත කණ්ඩායමෙන් ප්‍රතිරාව දේ.
“Hotel California ගීතය තුලින්  අප දෘශ්‍ය කිරීමට උත්සහ දැරුවේ 70 දශකයේ ‘ඇමරිකානු සිහිනයේ' අඳුරු යටිබඩ හා සංගීත ක්ෂේත්‍රයේ පැවති දුරාචාරය යි.”
              ඒ Hotel California ගීතයේ රචකයා වූ ඩොන් හෙන්ලි (Don Henly) ගේ වචනයි.
On a dark desert highway,cool wind in my hair
Warm smell of colitas , rising up through the air
Up ahead in the distance,I saw a shimmering light
My head grew heavy and my sight grew dim
ඒ,සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත්වූ මනුෂ්‍යත්වයෙන් තොර සමාජ කාන්තාරයක් යන වෙහෙසකර ගමනේදී ක්ෂේම භූමියක් සේ පෙනෙන මිරිඟුවක්,ඉදිරියෙන් ඇති බවට හඟවන මාර්ග සංඥා ය.එය ගත සනහන සීත සුලන් රැල්ලකි.විටෙක සීතලට ගැලපෙන උණුසුම් මාරිජුවානා ගන්ධයකි.මේ පොපියන සංවේදනයන් තුල හැඟීම් වලින් හිස බරවන අතරේම බුද්ධියේ පෙනීම හීන වේ.
“මිනිසෙකු විසින් ජීවිතයේදී අත්දැකිය හැකි භයානක දේවල් දෙකකි.එනම් ගැහැණිය සහ මත්ද්‍රව්‍ය යි.”
                එසේ කියන්නේ මෙමෙ ගීතයට හඬ මුසුකරන Don Felder ය.
Then she lit up a candle and show me the way
අපායක් විය හැකි දිව්‍යලෝක තුල තමන්ට ආශ්වාස කිරීමට ඔක්සිජන් වුවද සැපයීමට සුදානම් කාන්තාවන් සිටියි.එය,එකට කොක්ටේල් එකක් පානය කිරීමේ අවමයේ සිට ගංජා කුරක ආලෝකයෙන් සුඛාන්ත ලෝකයේ අඳුරු මුළු පෙන්වීම දක්වා දිගු වේ.
            ඇමරිකානු ජනප්‍රිය සිහිනයේ ගිලී සුඛාන්තය කර යන ගමනේදී ඔවුන් වඩ වඩාත් අතෘප්තිකර වේ.මධ්‍යසාර යෙන්  ඔවුන්ගේ උගුර තෙත් නොවේ, කෙතරම් අභිසුරුලියන් හමුවේ වුවද ඔවුන්ගේ රාගය නොසන්සිඳේ.අසහනකාරී බවේ හි තුඩ වෙලාවක් අවේලාවක් නොමැතිව පපු තුලට කිඳා බසී.නින්ද අවශ්‍යම කටුක රාත්‍රියයන්ගේ දී පවා නින්දෙන් අවදි වීමට ඔබට බලකරයි.(Wake you up in the middle of the night just to hear them say…)
          ජීවිතය සොයා යන්නවුන් අවසානයේ තමන්ගේ අතෘප්තිකර ජීවිතය තුල ආත්මීය වශයෙන් සිරගත වේ.(We are just prisoners here of our own device).
අවසානයේදී ධනවාදී සමාජ ගංගාවේ තමන්ට අහිමි වූ තමන්ම ම සොයා ඇවිදින්නට ඔවුන්ට සිදුවේ.බොහෝ දෙනා එසේ සෙවීම අතහැර දම ඔහේ පාවී යන අතර එතරම් සැඩ පහරක වුවද උඩුගම් බලා පිහිනන්නට පොර බඳින  එකෙක් දෙන්නෙක් නැතුවා නොවේ.එසේ වුවත් එකී හැම අවස්ථාවකදී ම සිදුව ඇත්තේ ‘මෙයින් නික්මීම මරණය පමණක්ය’ යන්න ඔවුන්ට සිහිගන්විම පමණි.මේ ඔවුන්ගේ ශෝකාලාපයයි……

Last thing I remember I was, running for the door
I had to find the passage back to the place I was before
Relax said the night man we are programmed to receive 
You can check out anytime you like but you can’t never leave…
මඟ දිගට ටෙලිවිෂන් කුණු බක්කි අවුස්සමින් දිනක් පහන්වන ඇසිල්ලෙහි සියලු ක්ලේශ නසා රියලිටි තරුවක්  වීමට අතදරුවාගේ පටන් පොරකන සමාජයකට උචිතම තැන Hotel California 


විද්‍යාව අභිබවා යන බුදු දහම ඊලග භවය සකස් කරගන්න ආකාරය

විද්‍යාව අභිබවා යන බුදු දහම

ඊලග භවය සකස් කරගන්න ආකාරය



බුදු රජාණන් වහන්සේගේ ධර්මයට අනුව සියල්ල සිදුවන්නේ යම්කිසි හේතුවක් නිසාය. හේතුවක් නොමැතිව කිසිවක් සිදු නොවේ. සත්ත්වයා වනාහී 'ආත්මයක්', 'පුද්ගලයෙක්', තිරිසනෙක් හෝ එවැන්නෙක් වශයෙන් හැඳින්විය හැකි කෙනෙක් නොව ස්කන්ධ පහක සංයෝගයෙන් ක්‍රියාන්විත වන අවිද්‍යාව නිසා 'මමය' මගේය මා සතුය යන මුලාවෙන් (හෙවත් අවිද්‍යාවෙන් (මෝහයෙන්) ) සාමාන්‍ය පෘතග්ජනයා එල්බ ගන්නා මතයෙක් පමණි. මෙය තෝරා බේරා ගැනීම අතිශයින්ම දුෂ්කරය. මේ නිසාම කෙලවරක් නොමැති මේ සසරේ සත්ත්වයා නිරතුරුවම සැරිසරණ බව බුදු රජාණන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රඥාවෙන් දුටු සේක. සත්‍ය වශයෙන් උත්පත්තියත්, මරණයත් එකම පැවැත්මක පැති දෙකකි. හේතු ඵල ධර්මයට අනුව, මරණය සිදුවූ වහාම විඤ්ඤාණය ඒ සිරුරෙන් ඉවත්ව, වෙන සිරුරක ලැගුම් ගනියි. නමුත් ඒ එකම විඤ්ඤාණයද නොවේ. එය වෙනස් වී ඇත. මරණාසන්නව ඇති වන චිත්තයට අනුව (කුසල් අකුසල් වශයෙන්) පඨිසන්ධි විඤ්ඤාණය පහල වේ. ඊළඟ භවය කොතැනකදැයි විසඳෙන්නේ මේ අනුවය. බුදු දහමට අනුව ජීවීන් (සත්වයින්)වෙසෙන තල හෙවත් භූමි (පාලියෙන් ලෝක ) 31 කි. මේ සියල්ල සිදුවන්නේ ජීවත්ව සිටියදී සිදු කරන ලද කර්මයන්ට අනුවය. කර්ම වශයෙන් හඳුන්වන්නේ කයින් වචනයෙන් හා සිතෙන් සිදු කරණ ක්‍රියාවන්ය. මේ ක්‍රියා කුසල අකුසල වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. යම් කිසි කෙනෙක් කෙරෙහි ද්වේශ සහගත සිතින් ක්‍රියා කල හොත්, ඒ සිතිවිල්ල පවා අකුසල වශයෙන් සටහන් වෙයි.
මේ සන්දර්හයට  අනුව පැවැත්ම යනු ජීවිත්වීමයි. භූමිය, තලය, යනුවෙන් හැඳින්වෙන්නේ එක්තරා රාජ්‍යයක් වශයෙන් අර්ථ දැක්විය හැක. පාලි භාෂාවෙන් 'ලෝක' වශයෙන් මෙය හඳුන්වනු ලබයි. ප්‍රාර්ථනාවෙන් පමණක් මේ ලෝක වලට පිවිසිය නොහැක. ජීවත්ව සිටියදී කරන ලද ක්‍රියාවන් අනුව මේ ලෝකවල උත්පත්තිය සිදුවේ. යමෙක් ප්‍රාණඝාත, සොරකම්, කාමයන්හි වරදවා හැසිරීම්, මුසාවාද, පරුශ වචන, ආදී වූ අකුසල කර්මයන් කොට ඇත්නම් නිසැකයෙන්ම දුගතියක උත්පත්තිය ලබයි. එසේම දාන සීල භාවනාදී කුසල කර්ම හේතු කොට ගෙන සත්ත්වයා සුගතියක උත්පත්තිය ලබයි. මේ විශ්ව නියාම ධර්මය (law of kamma) සියලුම සත්ත්වයින්ටම බලපාන, බෞද්ධයන්ට පමණක් නොව සියලු සත්ත්වයින්ටම පොදු ධර්මතාවයක් බව බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත. මේ ධර්මතාවය බුදු රජාණන් වහන්සේ විසින් නිෂ්පාදනය කරන ලද්දක් නොව, අදත් එදත් කවදත්, පැවතුනු, හා පවතින ධර්මතාවයකි. මෙපමණ කලක් මෙලොව පහල වූ බුදු රජාණන් වහන්සේලා විසින් මෙය ප්‍රකාශ කල සේම, ගෞතම බුදු රජාණන් වහන්සේද බෝ මැඩදී උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාවෙන් මේ ධර්මය අවබෝධ කොට යලිත් ලොවට කියා දුන් සේක. 
මේ කිසිම භවයෙක පැවැත්ම ස්ථිර නැත. ඒ කියන්නේ අනිත්‍යතාවයයි. එක් එක් භවයන්හි ජීවිතය එකිනෙකට වෙනස් වේ. සමහර භවයන්හි පැවැත්ම කල්ප වලින් ප්‍රකාශ වෙයි. මිනිස් ලොව පැවැත්ම ශත වර්ශයක් පමණ වෙයි, බොහෝ විට ඊට වඩා අඩුය. නිවන් අවබෝධ කොට මේ චක්‍රයෙන් ගැලවෙන තුරු මේ භව තරණය සිදු වේ. වරෙක බඹ ලොව ඉපදුණු සත්ත්වයෙක් ඊලඟ භවයේ දුගතියක ඉපදීමට පිලිවන. උදාහරණ බෞද්ධ සාහිත්‍යයේ අති මහත් ප්‍රමාණයක් ඇත. කර්මය නම් වූ නියාම ධර්මයෙන් කිසිවෙකුට ගැලවිය නොහැක. බුදු රජාණන් වහන්සේට පවා කර්ම පලදුන් අවස්ථා ඉතිහාසයේ සඳහන්ය. (චිංචි මාණවිකාවගේ අපහාසය වැනී) සමහර කර්ම මේ භවයේදී පල නොදී වෙනත් භවයන්හිදී පල දේ. මේ භවයේදීම පල දෙන කර්ම දිට්ඨධම්ම වේදනීය කර්ම වශයෙන් හැඳින් වේ. අභාවප්‍රාප්ත මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින්, එතුමා විසින් කරන ලද සමීක්ෂනයක ප්‍රතිඵල වශයෙන් දිට්ඨ ධම්ම වේදනීය කර්ම යන පොත සිංහල සාහිත්‍යයට එක් වී ඇත. සාමාන්‍යයෙන් දිට්ඨධම්ම වේදනීය කර්ම බරපතල කර්ම වශයෙන් සැලකෙනු ලබයි. සත්ත්වයා එක් එක් ලෝක වල ජනිත වන්නේ ඔවුනොවුන්ගේ කර්මය අනුවය. අපි කර්මය දායාද කොට සිටින්නෙමු. .
මේ අනුව බුදු දහමේ තල, භූමි හෙවත් ලෝක 31ක් දක්වා තිබේ. ඉන් එකොලොහක් ඇස් කන් නාසාදී පංචේන්ද්‍රියයන්ගේ බලපෑම මත පිහිටා ඇත. මේ එකොලහ ඇතුලත මනුශ්‍ය ලෝකයද වෙයි. පහලින්ම ඇත්තේ නිරයයි. ඊලඟට සත්ව ලෝකයද, ප්‍රේත ලෝකයද, අසුර ලෝකයද වෙයි. මේ දුගති ලෝක වල ඇත්තේම දුකමය. මේ එකොලහ හැරුණු විට තව ලෝක 16ක් සුගති ගණයට අයත් වේ. ඒවායේ නා නා ප්‍රකාර, දෙවි දේවතාවුන් වෙසෙති. ඉන් ඔබ්බෙහි ශරීරයක් නැති සිත පමණක් ඇති ලෝක හතරකි. මෙහි ආයු කාලය ඉතාමත් දිගය. බුදු රජාණන් වහන්සේ මේ ලෝක පතින්නේ මේ චක්‍රවාලය තුල පමණක් නොව කෝටි සංඛ්‍යාත වූ අනෙක් චක්‍රවාල තුලද මෙවැනි ලෝක පවතින බව වදාල සේක. නවීන විද්‍යාවට අනුව මෙය දැන් සනාථ වී ඇත.
මේ ලෝක වල උත්පත්තිය සිදුවන්නේ කෙනෙකුගේ කර්ම ශක්තිය අනුවය. යමෙක් බොහෝ කුසල් කොට ඇත්නම් සුගතියක උපත ලබයි. බොහෝ කොට අකුසල් කොට ඇත්නම් දුගතියක උපත ලබයි. මේ මනුශ්‍ය ලෝකයෙහි පවා සමහරු දුප්පත්වද, සමහරු පොහොසත්වද, සමහරු රෝගීවද, සමහරු විරූපීවද සමහරු මන්ද ආයුෂ ඇතිවද උපත ලබයි. මේ සියල්ලම සිදුවන්නේ හේතුඵල දහම අනුවය. හේතුඵල දහම හැරුනු විට බලපාන වෙන කිසිම බලවේගයක් නැත. සමහරු ප්‍රේතයන්ව ඉපිද සිය පෙර භවයන්හි ඥාතීන්ට විපත් කරවන අවස්ථා සාහිත්‍ය්යේ සඳහන්ය. එවැනි විපත් වලට භාජනය වන්නේද පෙර කල කර්මය අනුවය. පෙර පින් කොට ඇත්නම් ප්‍රේතයාට පවා කිසිවක් කල නොහැකිය. http://rightmindfulness.wordpress.com/
ඉන්ද්‍රිය ගෝචර ලෝක කාම දුගති සහ කාම සුගති වශයෙන් ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදේ. 
මජ්ජිම නිකායේ 129 සහ 130 කොටස් වල විස්තර සහිතව මෙය දක්වා ඇත. 
1. නිරය - ආනන්තර්ය පාපකර්ම කලවුන් මේ නිරයේ කල්ප ගනන් පැසෙන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි. 
2. තිරච්චන යෝනි - මිනිස් ඇසට පෙනෙන මිනිස් නොවන සත්වයින් මේ නමි හැඳින් වෙයි
3. ප්‍රේත ලෝකය - මේ ලෝක වාසීන් මිනිස් ඇසට සාමාන්ය‍යෙන් නොපෙනෙන නමුදු, ඔවුන්ගේ පැවැත්ම දැනගත හැක. විශාල ආමාශයන් හා ඉතා කුඩා කටවල් සහිත් මේ සත්ත්ව විශේෂයෝ ඔවුනොවුන්ගේ කර්ම අනුව එක් එක් ස්වරූප ගනිති. මියගිය දේශපාලනඥයින්ද මොවුන් අතර සිටින බව හඳුනා ගෙන ඇත. 
4. අසුරයෝ - අසුරයෝද (titans) නිතරම පාහේ නොයෙක් අන්දමේ ඝට්ඨන, කලහ යුද්ධ වල පට ලැවෙන දුක්ඛිත අන්දමට ජීවත්වන සත්ව කොට්ඨාසයකි.
5. ඊලඟට ඇත්තේ මනුශ්‍ය ලෝකයයි. මෙහි වසන්නෝ සිය කර්මය අනුව නොයෙක් අන්දමට උත්පත්තිය ලබති. සැප දුක මිශ්‍රව පවතී. 
6. මීලඟට ඇත්තේ චාතුර්මහරාජික දෙව් ලොවයි. ගාන්ධර්වයින්, සතරවරම් රජ දරුවන් ඇතුලු එක්තරා යක්ෂ ක්ටසක්ද මෙහි වෙසෙන බව සඳහන්ය. 
7.තාවතිංසය ශක්‍රයා ඇතුලු දෙවියන් මෙහි වාසය කරති. 


8. යාම දෙව් ලොව

9. තුසිත දෙව් ලොව

10. නිම්මානරති දෙව් ලොව

11. පරනිම්මිත වසව්ත්ති දෙව් ලොව.

රූපී බ්‍රහ්ම ලෝක

12.පාරිසජ්ජ බ්‍රහ්ම ලෝක

13. පුරෝහිත බ්‍රහ්ම ලෝක

14. මහා බ්‍රහ්ම

15. පරේත්තාබ දේව

16. අප්පමානාභ දේව

17. ආභස්සර දේව

18. පරිත්තාසුභ දේව

19. අප්පමාන සුභ දේව

20. සුභකින්න දේව

21. වේහප්ඵල දේව

22. අසඤ්ඤ සත්තා

23.අවිහා දේව

24. අතප්පා දේව

25. සුදස්ස දේව

26. සුදස්සී දේව

27. අකනිටා දේව

අරූපී ලෝක

28. ආකාසඤ්ඤායතානුපග්ග දේව

29. විඤ්ඤානාචායතානුපග්ග දේව

30. ආකිංචානංයාතානුපග්ග දේව

31. නේවසංඤ්ඤානාසඤ්ඤායතානුපග දේව

දොලොස්වැනි ලෝකයේ සිට විසිහත්වැනි ලෝකය දක්වා ඇති ලෝක දහසයේ ඇත්තේ පුරුෂ දේවයින් පමණි. ඒ නිසා සියලු රාග ද්වේශ මෝහ ව්ලින් මිදුනු දේව කොට්ඨාස ඒ ලෝක වල වාසය කරති. ඉතා ශාන්තව ජීවත්වන, ඉතාම්ත් සතුටින් බොහෝ කල් වසන දේව කොට්ඨාස මෙහි ඇත. මනු ලොව වසද්දී භාවනාදී ආගමික කටයුතු වල යෙදුනු භවතුන් මේ ලෝක වල උත්පත්තිය ලබති. බුදු දහමට අනුව දෙවියන් කිහිප වර්ගයක් ඇත. ඔවුන්ගේ අණසක මිනිස් ලොවට නොමැත. මුගලන් මහ රහතන් වහන්සේ මේ ලෝක වල සැරිසරා එක් එක් දේවතාවන්ගෙන් දෙව් ලොව ඉපදීමට හේතුපාදක වූ පින්කම් ඔවුන්ගෙන්ම අසා මනුශ්‍යයන්ට ඇසීමට සැලැස්වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. 28, 29, 30 සහ 31 යන දේව ලෝක වල වෙසෙන දෙවිවරුන්ට කයක් නොමැත. කයක් නොමැති බැවින් ධර්මය ශ්‍රවනය කිරීමටද නොහැක. මිනිස් ලොවේදී භාවනා කොට ධ්‍යාන ලබාගත් පින්වතුන් මේ ලෝක වල උපත ලබති. නමුත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කලේ විපස්සනා භාවනාව දියුණු කොට සසර කෙලවර කර ගැනීමටය. 

සාමාන්‍ය වශයෙන් අවිද්‍යාවෙන් අන්ධවූ පෘතග්ජනයා මෝහය නිසාම රාග ද්වේශ මෝහ වශයෙන් සියලුම අකුසල වල යෙදෙයි.. කරන කලට අකුසල් ඉතාමත් ප්‍රීතිජනකය. එහි විපාක පලදෙන විට අතිශයින්ම ශෝක ජනකය. බොහෝ දෙනෙක් ඒ ගැන සිහිකරන්නේ නැත. මිය යාමට ප්‍රථම ඊලඟ භවය ගැන ඉඟියක් ඕනෑම කෙනෙකුට දැනෙයි.

මගේ  ජීවිතයේ මරණාසන්න රෝගීන්ගේ ප්‍රකාශවලින් මම නොදත් දේ ගැන අත්දැකීම් ලබා ඇත්තෙමි. වෛද්‍ය මතය වූයේ 'සිහි විකල්ලෙන් ඔවුන් නන් දොඩවන' බවයි. නමුත් හොඳට සිහිය ඇති බව හෝ නැති බව රෝගියා හා කථා කිරීමෙන් වටහා ගත හැක. මට හමු වූ බොහෝ රෝගීන් සතුන් මරා කන අබෞද්ධයෝය. ඔවුන් බොහෝ දෙනෙක් අපා ගත වූ බව ඔවුන් දුටු දර්ශන වලින් පැහැදිලිය. 

වෙනත් ආගම් වල සර්ව බලධාරී දෙවි කෙනෙක් ගැන සඳහන් වන අතර බෞද්ධ මතයට අනුව 'දේව' යන සත්ව කොට්ඨාසය ඊට ඉඳුරාම වෙනස්ය. මනුශ්‍යන් සේම නාම රූප හෝ නාම පමණක් වූ ස්කන්ධයෝ වෙති. ඒපෙර කරන ලද්දාවූ කර්මයන්ගේ විපාක වශයෙනි. එඋ විපාක අවසන් වූ පසු ඒ සත්වයින්ද අපාය ආදී වූ දුගති ලොවක ඉපදීමට පිලිවන. මේ කර්ම නියාමයේ පිලිවෙතය. එයින් ගැලවීමට කිසිවෙකුට නොපිලිවන. සියලුම දේව කොට්ඨාස නිවන් මගට නොපිලිවන් සත්වයින්මය. යම් අන්දමකට ද්වේශ සහ මෝහ යන අන්ධකාරයන් දුරු කල සත්වය්යින් මේ ලෝක වල උත්පත්තිය ලබති. මිනිස් සිත ඉතා ඉක්මනින් කිලිටි වෙයි. රාග ද්වේශ මෝහ යන අකුසල් සාමාන්‍ය ජනයා පටලවා ගනියි. මේ නිසා සිදුවන අකුසල කර්ම වල විපාක සිහි වන්නේ මරණාසන්නවය. එවිට පසුතැවිලි වුවද, මරණාසන්න දර්ශන වලින් දුගතියකට යන බව පැහැදිලිවම පෙනෙයි. බුදු රජාණන් වහන්සේ වදාල හේතු ඵල දහමට අනුව මෙලොව වසන මිනිසුන් නා නා ප්‍රකාරය. සමහරු උපන් දා පටන්ම ශාන්ත ගති පැවතුම් ඇත්තෝය. සමහරු ඉතා දූෂිත සිත් ඇතිව අන් අයට අපහාසාත්මකව ක්‍රෝධව, නා නා අකුසල් ක්‍රියා කරති. මේ ගති පැවතුම් පෙර ගතකල භවයන්ගේ ස්වරූපය කියාපායි. මේ භවයේදී ඒ අඩුපාඩු නොසලකා හරින්නා යලිත් ඒ අකුස්ල්ම කොට අපාගත වී බොහෝ කාලයක් ගත කරයි. බොහෝ විට එය සිදුවන්නේ 'මමංකාරය හෙවත් egotism නිසාය. 'මම' වශයෙන් සත්ත්වයෙක් ඇති බවට වැරදි දෘෂ්ටියක් ඇති වේ. මේ 'මම' රැක ගැනීම සඳහා ඒ තැනැත්තා සියලු අකුසල් උපදවා ගනියි. සක්කාය දිට්ඨි හෙවත් සත්කාය දෘෂ්ටිය වශයෙන් හැඳින් වෙන්නේද මේ සිද්ධාන්තයමය.
තෙරුවන් සරණයි

Wednesday, September 16, 2015

මළ ගෙවල්වල එල්ලෙන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එක ****


ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්!

මළ ගෙවල්වල එල්ලෙන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එක ****
*************************************************************************
මළ ගෙවල්වල එල්ලෙන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එක
අපි මළගෙයකට ගියාම, ගොඩක් වෙලාවට දකින එකක් තමයි, "අනිච්ඡාවත සංඛාරා" ලොකු කළු අකුරෙන් ලියලා බැනර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් නිකමටවත් අපිට හිතුනද මොකක්ද මේ කියලා තියෙන්නේ? මේකෙ සැඟවුණු දහම් අරුතක් තියෙනවාද කියළා. ඇහුවාම කියන්නේ "සියළුම සංස්කාරයෝ අනිත්‍යයි" කියළානේ. ඕකෙන් මොනවද අපි දැකපු සත්‍ය. මෙයින් කියවෙන ධර්මතාවය ගැන අවබෝධ වී ඇත්තේ කීයෙන් කීදෙනාටද. මෙම ගාථාව අරිහතුන් වහන්සේලා නිතර භාවිතා කරපු, අවබෝධ කරගත්ත ධර්මතාවයේ ගාථාවක්. මහරහතන් වහන්සේලා තමන්ගේ යථාවබෝධය ලැබුනායින් පසු උන් වහන්සේලා මේ ලෝකේ දැක්ක හැටි විස්තර කරන ගාථාවක්.

සාරයි කියන දෘෂ්ඨියේ ඉඳගෙන, හිතනවා නම්, කියනවා නම්, කරනවා නම්, ඔය වැඩ පිළිවෙල කැමති සේ නැති වැඩ පිළිවෙලක්. කැමති සේ පවත්වාගෙන යන්න උත්සහ කරන, කැමතිසේ පවත්වන්න බැරි වැඩ පිළිවලක්. සංඛාර අනිච්ඡයි කිව්වේ ඕකයි. එදා කෙනෙක් මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ මළ ගෙදර වැඩිය ආර්‍යය භික්‍ෂූන්වහන්සේ, සංඛාරයන්ගේ අනිච්ඡතාවය පෙන්වන්න හොඳම අවස්ථාව ලෙස ගෙන ඕක විස්තර කලා.

මෙය උපමා වශයෙන් බලමු. හොඳම උදාහරණය ලගම තියෙනවා. මෙච්චර කල් හිතන් හිටියේ කොහොමද ලෝකේ අල්ලන්න නේද දැඟලුවේ ඉන්නකල්. ලොකුකම් කරගෙන, ගහබැන ගෙන, මරාගෙන ,අයිතිවාසිකම් කියාගෙන කොහොමද හිටියේ. මොකද අද වුනේ. ලස්සන කරන්න, හැඩ වැඩ කරන්න, සුන්දර කරන්න, මේ ශරිරය පෝෂණය කරන්න දඟලලා අද මොකද වෙලා තියෙන්නේ. ඔය කරපු වැඩ පිලිවෙලේ හරය දැන් පේනවා නේද. අපේ කැමැත්ත, හොද හැටියට පවත්ව ගන්න. නමුත් උනේ මොකක්ද ඔක්කොම නැතිවෙලා ගියා. මෙන්න මේ ශරිරය දිහා බලලා ඕක තේරුම් ගන්න කියලා එදා හිටපු පිරිසට ධර්මයක් දේශනා කලා. ඔය හරියටම දැකලා අවබෝධ කරගෙන කියූ ගාථාව තමයි අද සම්ප්‍රදායක් විදියට මළ ගෙදරට ඇවිල්ලා භික්ෂූන් වහන්සේලා දැන් කියන්නේ.

ඕක බලාගෙන හිතාගන්න ඔය ගොල්ලොත් ඉපදුනා නම් ඔය වගේම වැනසිලා යනවා. හදාගෙන, රැකගෙන, පෝෂණය කරගෙන ඉන්න හැදුවත් හම්බවෙන්නේ නැහැ. ඔය අසහනය නවත්වා ගත්තේ නැත්නම් ගමන ඉවර නැහැ. නැවතක් ඔය වගේ දෙයකට උරුමකම් කියනවා. ඕක තමයි අපි මෙච්චර කල් ආපු ගමන. ඔය ගමනෙ හරයක් හම්බවුනාද ? එහෙනම් මොකද්ද හරය. ඔය බලාපොරොත්තු සදහටම නැතිවෙලා ගියා නම් එදාට අසහනයෙන් නිදහස් වෙනවා, පැවැත්මෙනුත් නිදහස් වෙනවා. ඔය මළ මිනිය බලලා ඕක තේරුම් ගන්න කියලා විග්‍රහ කරලා දුන්නා.

Saturday, September 12, 2015

ඊශ්‍රායලය බිහි වූ හැටි






ඊශ්‍රායලය බිහි වූ හැටි

ඊශ්‍රායලය කියන්නේ මහා පුදුමාකාර රටක්. මැද පෙරදිග තිබෙන එකම මුස්ලිම් නොවන රට තමා මෙය.(යුදෙව්වන් කිව්වත් වැරදි නැහැ.) මා ඉතිහාසය පුරාවටම නොයෙකුත් ජාතීන් අතින් කෙනෙහිලිකම් වලට ලක් වෙලත් ඔවුන් තම ජාතිය වෙනුවෙන් සටන් වදිමින් අවසානයේ තමන් වෙනුවෙන්ම රටක් පිහිටුවා ගැනීම.

ඊශ්‍රායලයේ කතාවත් මහ අග මුල නැති කතාවක්ම තමා.

ඊශ්‍රායලයේ වසර 3000 කට පමන පෙර කාලයේ පටන් යුදෙව්වන් සිටි බවට සාක්ෂි තිබෙන බවයි පෙනෙන්නේ. හීබෘ බයිබලයේ පල්මු පොතේ(Book of Genesis) සඳහන් වෙන පරිදි ඒබ්‍රහම්ගේ මුනුපුරා වන ජේකොබ් ඔහුගේ නම ඊශ්‍රායල් ලෙසට වෙනස් කලා. ඔහුට පුතුන් 12ක් හිටියා. ඔවුන් "ඊශ්‍රායෙල්ගේ දරුවන් ලෙසින්" හැඳින්වූ ගෝත්‍ර 12ක් බිහි කලාලු. ඔවුන්ගෙන් සිවුවැන්නා වන ජුඩාහ්(Judah) පිහිටවපු, Kingdom of judah වලින් තමා යුදෙව්වන්ගේ ආරම්භය සිදු වන්නේ.

එතැන් පටන් ගත වූ සහස්‍රක තුනක පමණ කාලයක් තුල යුදෙව්වන් නොයෙකුත් ජාතීන් යටතේ තාඩන පීඩන වලට ලක් වුනා. ඔවුන් ජීවත් වූ ප්‍රදෙශයේන් කිහිප වරක්ම ඔවුන්ව පැන්නූ අතර, නොයෙක් වර ඔවුන්ව සමූල ඝාතනය කරනු ලැබුවා. ඇසිරියන්ලා, බැබිලෝනියන්වරු,පර්සියන්ලා, ග්‍රීක්වරුන්,රෝමානුවරුන්, කුරුස යුද්ද වලදී ක්‍රිස්තියානුවන්, ඉන් පසුව අරාබි කාරයන් මේ විදිහට යුදෙව්වන්ට පීඩන කල පිරිස්. ඇතම් පිරිස් වෙන පලාත් වලට පැන ගියා. ‍යුරෝපයට පමණක් නොව රුසියාවට, ඉන්දියාවට සහ චීනයට පවා ඔවුන් ගිය බව කියවෙනවා. කොහොම වුනත් ඒ කිසිම තැනකින් ඔවුන්ට හරි සැලකිල්ලක් ලැබුනේ නැති බවයි පෙනෙන්නේ.

ප්‍රන්ශ විප්ලවයත් සමග නව අදහස් යුරෝපය පුරා පැතිර යාමට පටන් ගත්තා. කොන් වී සිටි යුදෙව්වන්ට සම අයිතිවාසිකම් පිලිබඳ සිහින පෙනෙන්න පටන් ගත්තා. තමන්ගේම දෙශයක් හැමදාම යුදෙව්වන් සිහින දැකි දෙයක්. විප්ලවයෙන් පසු මේ අදහස් ක්‍රියත්මක කිරීමට පිරිස් රැස් වුනා. ඔවුන් නව දේශය හැඳින්වූයේ සයෑන්(Zion) නමින්. 1897 දී පලමු සයෑන් කමිටුව තීරණය කලා යුදෙව්වන් සඳහා දේශයක් පලස්තීනය මුල කරගෙන පිහිටුවීමට. (ජේරුසුලම අවට පෙදෙසට පලස්තීනය යන නම දමා තියෙන්නේ ක්‍රි.පූ.131 පමණ, රෝමන්වරු විසිනුයි.)

ඊශ්‍රායලය බිහි වීමට බ්‍රිතාන්‍ය මගින් වූ බලපෑම අති විශාලයි. පලමු ලෝක යුද්ධය වන විට, පලස්තීනය අයිතිව තිබුනේ ඔටෝමන් අධිරාජ්‍යයටයි. මධ්‍යම බලවේගයනට විරුදුව කරන සටනේදී, බ්‍රිතාන්‍යට යුදෙව්වන්ගේ සහාය ලැබුන බවක් සඳහන්. ඔටෝමන්වරුන්ගේ පරාජයත් සමග, පලස්තීනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතට ගැනුනා 1920 දී. මෙම පෙදෙස බ්‍රිතාන්‍ය පලස්තීන අධිකාරිය(British mandate of palestine) ලෙස හැඳින්වූවා. බ්‍රිතාන්‍ය පලස්තීන අධිකාරිය පිහිටුවීමේ එක් අරමුණක් වූයේ යුදෙව්වන් සඳහා රටක් ලබා දීම බව සඳහන්.

කෙසේ වෙතත් 1921 වන විට බ්‍රිතාන්‍ය පලස්තීන අධිකාරියෙන් 3/4 පමණ වන භූමි ප්‍රදෙශයක් මුල් කරගෙන ට්‍රාන්ස්ජොර්දාන්(transjordan) නමින් නව අරාබි රටක් පිහිටුවනු ලබනවා බ්‍රිතාන්‍යයන් විසින්. මෙම පෙදෙසට යුදෙව්වන්ට යාම තහනම් කල බවත්, පලස්තීනයට අයත්ව තිබූ ඉතාම සාරවත් පෙදෙස් මෙය බවත් සඳහන්.එනම් බ්‍රිතාන්‍යන් විසින් මුස්ලිම් වෙරුන් වෙනුවෙන් පෙදෙසක් වෙන් කර දෙනවා. අරාබි-බ්‍රිතාන්‍ය හොඳ හිත පවත්වා ගැනීම මෙහි අරමුණයි.

කෙසේ වෙතත් 1917-1948 කාලය තුල බ්‍රිතාන්‍ය පාලනය යටතේ, ලෝකයේ නොයෙක් දෙසින් යුදෙව්වන් පලස්තීනයට පැමිනෙනවා. මෙහි වැදගත් ම දෙය නම් බ්‍රිතාන්‍ය පාලනයක් නොතිබෙන්නට මුස්ලිම් වරුන් කිසි විටක මෙසේ යුදෙව්වන්ට පැමිණෙන්නට ඉඩ දෙන්නේ නැහැ. යුදෙව් සංක්‍රමණ වලට විරුදුව අරාබි වරුන් දැඩි ක්‍රියා මාර්ග ගත් බවයි, පෙනෙන්නේ. අවසානයේ, බ්‍රිතාන්‍ය පාලනයම සංක්‍රමණ නීති පනවමින් යුදෙව්වන්ගේ පැමිණීම අවම කරනවා. ඔය අතර තමයි යුදෙව්වන් විසින් බ්‍රිතන්‍යය පාලනයට විරුද්ධව සටනක් පටන් ගන්නේ.

1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරනවා, පලස්තීනය කඩා වෙන් කිරීමට. ඒ සමගම පලස්තීනයේ යුදෙව්වන් සහ අරාබි ජාතිකයන් අතර සිවිල් යුද්ධයක් ඇරඹෙනවා.

කෙසේ වෙතත් 1948 මැයි 14 වන් දින අවසන් බ්‍රිතන්‍යය හමුදා ඉවත් වීමත් සමගම යුදෙව් සංවිධානය විසින් ඊශ්‍රායලය නමින් නිදහස් රටක් ප්‍රකාශයට පත් කරනවා. අවසානයේ ඊශ්‍රායලයට අයිති වූ පෙදෙස මුලු පලස්තීනයෙන්(ජෝර්ඩානයත් ඇතුලුව )6.7% වූ බවයි පැවසෙන්නේ.

මෙයට මුස්ලිම් වරුන් ප්‍රතිචාර දක්වන්නේ හරිම අපූරු විදිහකට, අවට ඇති අරාබි රටවල් පහක් (ට්‍රාන්ස්ජොර්ඩාන්,ඊජිප්ත්තුව,සිරියාව,ලෙබනනය, ඉරාකය ) පහුවදාම ඊශ්‍රායලය ආක්‍රමණය කරනු ලබනවා.

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular