Saturday, September 26, 2015

හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ

දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වන හාමුදුරුවනේ…//





kapuge



"....... අප පරපුරේ කිසිවකු පරපණ නොනසති....හිංසා 

නොකරති..ඒ අනුහසින් අප පරපුරේ කිසිවෙක් අකලට මිය

පරලොව නොයත්...එහෙයින්ම මේ මා පුතුගේ ඇටකටු

බව නොපිලිගමි...." මහා ධර්මපාල ජාතකය..
.
 ඈත දඹදිව ධර්මපාල කියල රජ කෙනෙක් සිටිය අතර ඔහුගේ පරම්පරාවේ සියල්ලන්ම නියමිත ආයුෂ වළඳල තමයි මිය ගියෝය .කිසිම කෙනෙක් අකාලයේ මිය ගියේ නෑ .මේ රජතුමාගේ පුත් කුමාරය  දිසාපාමොක් ආචාරිය ලඟට ඉගෙනීමට ගිය අතර .ඉතින් මේ දිසාපාමොක් ආචාරීන් ළඟ ඉගෙන ගනිපු වෙනත් තරුණ ශිෂ්‍යයෙක් මිය යනව.ඉතින් මේ සිදුවීම වෙලාවේදී ධර්මපාල පුත් කුමාරය ඉතාම පුදුමයෙන් මේ දිහා බලල කියනව අපේ පරපුරේ නම් කිසිම කෙනෙක්  මේ විදියට අකාලයේ මැරෙන්නේ නෑ කියල.ඉතින් මේ කාරණාව පරික්ෂා කරන්න දිසාපාමොක් ආචාරිය එළුවෙක්ගේ  ඇට කැබැල්ලකුත් අරන් යනව ධර්මපාල රජතුමා ලගට,ගිහින් කියනව පුත් කුමාරය මිය ගියා කියල.
මේ වෙලාවෙ ධර්මපාල රජතුමා කොක් හඬ දාල හිනා වෙනව.ඔහු කියනව ඒක වෙන්න බෑ මොකද තමුන්ගේ පව්ලේ සියලු දෙනාම පන්සිල් රකින අය,ඔවුන් රට පාලනය කරන්නෙ දස රාජ ධර්මය අනුව.ඒ නිසා ඔවුන් සියල්ලන්ම නියමිත ආයු වළඳල තමයි මිය යන්නෙ කියල.මේ තමයි අපි දන්නා ධර්මපාල ජාතකය.
          80 දශකයේදී තවත් පියෙක් තමන්ගේ පුතාව යවනවා  ඉගෙන ගන්න.දළදා හාමුදුරුවන්ගේ අඩවියට,හන්තාන අඩවියට.මේ පිය රජතුමාත් බොහොම දැහැමිව තමුන්ගේ දහදිය මහන්සියෙන් ජීවත් වෙන පියෙක්,මේ නිසා ඔහුත් අකල් මරණ ගැන දන්නෙ නෑ.නමුත් දවසක් තමන්ගේ පුතා ගෙදර එනව පෙට්ටියක,උඩුකුරුව සැතපිලා ,දෑත් බැඳගෙන.මේ වතාවේ මේ පියාට හිනා වෙන්න ඉඩක් නෑ.නමුත් ඔහුට පුදුමයි මේ දේ සිද්ධ උණේ කොහොමද කියල.නමුත්  ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා.ඉතින් මේ අවනඩුව කාට කියන්නද??මේ පියා එක් පියෙක් නෙමෙයි,80 දශකයේ අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සියළුම පියවරු නියෝජනය  කරන පියෙක්.ඉතින් මේ අවනඩුව නීතියත් වල් වැදුන කාලයක වෙන කාගෙන් අහන්නද, දළදා හාමුදුරුවන්ගෙන් ඇර?

දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වන හාමුදුරුවනේ…//

හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ 
ඔබවහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හමුදුවනේ 
පිරුවට අන්දා ඇස් දෙක පියවා  ගෙන ආවලු හාමුදුරුවනේ 
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ….//

ඇඳිරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ 
වනන්තරේ වැඳී සෙනගට අසුවුන මරු වැල පෑගුන කෙනෙකුන්දෝ 
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ 
දහඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නෙ..//

කාලය දීපය දේශය දන්නා මතු බුදු වන හාමුදුරුවනේ 
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු හමුවුන නැති බව නැත දන්නෙ…
තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ 
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇඳිරිදුනේ…// 

Wednesday, September 23, 2015

දානයක් සත්පුරුෂ දානයක් වීමට නම්..........

දානයක් සත්පුරුෂ දානයක් වීමට 

නම්...............






මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ ඒ භාග්‍යවත් වු අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්‌කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර දී මේ උතුම් වූ දහම් පෙළ දේශනා කළහ. ඒ මෙසේය. “මහණෙනි, සත්පුරුෂ දාන පහකි. ඒ කුමක්‌ද? “සද්ධාය දානං දේති” ශ්‍රද්ධාවෙන් දන් දෙයි. ශ්‍රද්ධාව නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ම ඇති කර ගන්නා වූ ප්‍රසාද ලක්‍ෂණ ගුණයයි. අවබෝධයෙන් ම ශ්‍රද්ධාවට පත්වීම නම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම අරමුණු කරගෙන, නව අරහාදී බුදුගුණ තේරුම් ගැනීමයි. එමෙන්ම එම බුදු ගුණයන් වෙතට සමීප වීමයි. එම බුදුගුණයන් තේරුම් ගෙන අවබෝධයට පැමිණෙන විට, සිත ඇලීමෙන් සහ ගැටීමෙන් මිදෙන්නට පටන් ගනියි. එවැනි සිතකට ඉතාම පහසුවෙන් දීම පුරුදු කළ හැකිය. “පයතපානී” “වොස්‌සග්ගරතො”” යනුවෙන් සඳහන් කළේ එයයි. එනම් දෙන්නට සෝදා ගත් අත් දෙකෙන් සහ දීමට නැමුණු අත් දෙකක්‌ යනුවෙනි. දානයකදී සකස්‌ විය යුතු අවස්‌ථා තුනම මානසික වශයෙන් මෙහිදී සකස්‌ වෙයි. එනම් පූර්ව ෙච්තනා (දානයට පෙරාතුව, අලෝභ, අදොaස, අමෝහ නම් වූ කුසල ෙච්තනා පැවතීම ( පුඤ්චන ෙච්තනා (දානය සිදුකරන අවස්‌ථාවේදී ද. අලෝභ, අදොaස, අමෝහ කුසල ෙච්තනා පැවතීම) සහ අපර ෙච්තනායි (දානයෙන් පසුවද අලෝභ, අදොaස, අමෝහ නම් වූ කුල ෙච්තනා පවත්වා ගැනීමයි.)



   මෙයට තවත් දහම් කොටසක්‌ එකතු කර ගත හැකිය. එනම් “සෝමනස්‌ස සහගත ඥාණසම්පයුක්‌ත අසංඛාරික සිත් පෙළක්‌ පැවතිය යුතු බවය. එහි අදහස මෙසේයි. දානමය ක්‍රියාව කෙරේ ප්‍රසාදයෙන් ද, කර්මය හා එහි ඵලය පිළිබඳ අවබෝධයෙන් ද අනුන්ගේ මෙහෙයවීමකින් තොරව තමාගේම සිතේ මෙහෙයවීමෙන් ම සිත හා සිතුවිලි සකස්‌ වීමයි.
දෙවනුව සඳහන් කරන්නේ “සක්‌කච්චං දානං දේති” “සකසා දන් දෙයි” යනුවෙනි. මෙහිදී දාන සංවිභාගරතෝ” යනුවෙන් සඳහන් කළ පරිදි, මනා කොට, පරීක්‍ෂාකාරීව ද සංවිධානයෙන් ද. විමසා බලා ද දන දෙන්නේය. “කාලේන දානං දේති” යනුවෙන් සඳහන් කරන්නේ සුදුසු කාලයෙහිම දන් දිය යුතු බවය. දන් දීමේදී පූජා බුද්ධියෙන් සහ අනුග්‍රහ හෙවත් අනුකම්පා බුද්ධියෙන් ද යුතුව එය කළ හැකිය. එනම් බුද්ධාදී උතුමන් වෙනුවෙන් සිදු කරන දානය නම් උතුම් ගුණයන් සලකාගෙන කරන පූජාවකි. එය පූජා බුද්ධියෙනි. නැති බැරි අයෙකුට හෝ යමක්‌ ඉල්ලාගෙන පැමිණි කෙනෙකුට හෝ ඥාති හිතමිත්‍ර අයෙකුට යමක්‌ දෙන්නේ නම් එය අනුකම්පාවක්‌ ලෙස ය. මෙම කුමන හෝ ආකාරයකින් නිසි කල දානය හෙවත් දීම සිදු කළ හැකිය.මීළඟට සඳහන් කරන්නේ “අනග්ගහිත චිත්තෝ දානං දේති” යනුවෙනි. එනම් දෙන දෙයෙහි සිතේ බැඳීමක්‌ නැතිවම දන් දෙන බව ය. “මුත්තචාග” යනුවෙන් සඳහන් කරන්නේ ද මෙයයි. මෙහිදී පරමාර්ථ ධර්ම කථාවෙහි සඳහන් කරන 

“පටිනිස්‌සග්ග” නම් වූ එනම් අත්හැරීම ඉලක්‌ක කිරීමක්‌ අදහස්‌ කෙරේ. ආධ්‍යාත්මික (අජ්ජධත්ත) හෝ බාහිර (බහිද්ධා) නම් වූ කවර දෙයක්‌ වුවද තණ්‌හා මදමාන දෘෂ්ඨීන්ගෙන් බැහැරව දීම හෙවත් අත්හැරීම ම මින් අදහස්‌ කෙරේ. මෙම දාන කතාවෙහි අවසන් වශයෙන් සඳහන් කරන්නේ “අත්තානංච පරංච අනුපහච්ච දානං දේති” යනුවෙනි. එනම් තමාගේද, අන්‍යයන්ගේ ද ශීලයෙන් ආරම්භ වෙන්නා වූ ගුණයන් නැති නොකොට ගෙනම දන්දිය යුතු බවයි. මෙහිදී පස්‌ පව්, දස අකුසල් වලින් බැහැරව ම දානය කළ හැකි වන්නේ නම්, කිසි විටෙකවත් තමාගේ ගුණයකට හෝ අන් අයට හෝ හානියක්‌ විපතක්‌ නොවන්නේ ය. මෙහිදී ගලපා ගත යුතු දහම් පෙළ මෙසේ ය. “උට්‌ඨාන විරියාදිගතේහි භෝගේහි බාහාබල පරිචිතේහි සේදා වක්‌ඛත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි” යන්නයි. එනම් භෝග හෙවත් ධනය සපයා ගත යුත්තේ උට්‌ඨාන වීර්යෙන්ද, දැතේ බාහු බලයෙන්ද, දහදිය වැගිරීමෙන්ද, ධර්මානුකූලව ම බවය. එසේ උපයා ගත් යමකින් දෙන දානය උත්කෘෂ්ඨ දානයක්‌ වීමට මූලික පසුබිම සකස්‌ කරයි.
මෙසේ අවබෝධයෙන් යුතුවම දන්දීම නිසා ලැබෙන විපාකයෝ කවරේද යත්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.



“මහණෙනි, සැදැහයෙන් දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු වූයේ දැකුම්කලු වූයේ, ප්‍රසාද එළවන සුළු වූයේ මනා වූ ප්‍රසන්න ද වෙයි.”


“මහණෙනි සකස්‌ දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහාධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. දරුවෝ ද ස්‌වාමි භාර්යාවෝ ද, දාසයෝ ද, කම්කරුවෝ ද, පිරිවර ද කීකරු වෙති. කන් යොමු කරති. දැනුම සඳහා සිත් පිහිටුවති.
“මහණෙනි, නිසි කල්හි දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග වූයේ ආඪ්‍ය ද වෙයි. සුදුසු කල ඔහුගේ හෝ ඇයගේ යහපත සඵල වෙයි.
“මහණෙනි, දෙන දෙයෙහි නොබැඳුණු සිත් ඇතිව දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇති වූයේ, මහා භෝග වූයේ, ආඪ්‍ය ද වෙයි. උදාර වූ පස්‌කම් ගුණයෙන් යුතු භෝග පරිහරණයට සිත නැමෙයි.
“මහණෙනි, තමා හා අන් අයට පීඩා නොකොට දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇති වූයේ මහා භෝග ද වූයේ ආඪ්‍ය ද වෙයි. ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ තමාට අප්‍රිය අයගෙන් හෝ කිසිවකුගෙන් හෝ ඔහුට හෝ ඇයට භෝගයන්ට කරදරයක්‌, විපතක්‌ හානියක්‌ නොවෙයි.


භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම දහම් පෙළ සත්පුරුෂයකුගේ දන්දීමේ පිළිවෙතයි. එසේ අවබෝධයෙන් ම යුතුව සිදු කරන ලද දානයේ විපාක. ප්‍රාර්ථනා කළත් නොකළත් එම සත්පුරුෂයාට ලැබෙයි. සම්මා සම්බුද්ධත්වය, පච්ෙච්ක බෝධිය, අරහත්වය. අධිෂ්ඨාන කරන කවර බෝධිසත්වයෙක්‌ වුවද, පාරමී ගුණ අතර දානය ප්‍රමුඛත්වයෙන්ම පුරුදු කරයි. නිවන් මගෙහි පරම අධිෂ්ඨානය වන තෘෂ්ණාව නැති කිරීම මූලික වශයෙන් සැකසී ඇත්තේ ද දානය ප්‍රධාන කොටගෙන ය. දාන චිත්තයෙන් මෙහෙයවන කුසල් මග “අත්හැරීමට” එනම් අස්‌මි මානය ඉවත් කොට සසරබැමි බිඳ දැමීමට මාර්ගය සකසා දෙයි. මෙම ධාතු ස්‌කන්ධ, ආයතනයන්ගෙන් සැදුම්ලත් ශරීර පුඤ්ජය, අනිත්‍ය වශයෙන්ද. දුක්‌ වශයෙන් ද අනාත්ම වශයෙන් ද දැක ගනියි “නේතං මම, නේසෝ, හමස්‌මි, නමේෂො අතීතා)
සකසා දෙන්න, ගෞරවයෙන් දෙන්න, සියතින්ම දෙන්න, හැකි හැම වෙලාවකම හැකි අයුරින්ම දෙන්න. ආත්ම දෘෂ්ඨිය බැහැර කොට. දෙන දෙය සිතින් අල්ලා නොගෙන, ධර්මාවබෝධය ඇතිවම දෙන්න. මගඵල සහ නිවන ඒ මගට අරමුණු වනු ඇත.

Tuesday, September 22, 2015

...ලොව යුග පිළිබද මත විවරණය කිරීම

...ලොව යුග පිළිබද මත විවරණය කිරීම






හින්දු,ඉස්ලාම්,ක්‍රිස්තියානි යන ආගම් වල පෙන්වා දෙන පරිදි විශ්වය දෙවියෙකු විසින් නිර්මාණය කරන ලද්දකි..හින්දුන්ට අනුව විශ්වයේ නිර්මාතෘ “මහාබ්‍රහ්මයා” ය,ඉස්ලාම් දහමට අනුව නිර්මාතෘවරයා “අල්ලාය “, කිතුනුවන්ට අනුව “දෙවියන් වහන්සේ”ය..බයිබලයට හා කුරාණයට අනුව විශ්වයේ ආරම්භය අවුරැදු 5000කට වැඩි නොවේ.නමුත් වෛදක ග්‍රන්ථ වලට අනුව පෘථිවියේ වයස වසර 362,880,000 කට වඩා පැරණිය..ක්‍රි.පු 6වන සියවසේ භාරතයේ පහළ වු ‍මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ මැවුම්කරැවකු ඇතැයි තිබූ මතය මිත්‍යාවක් බවත්,ලෝකයේ මුල නොපෙනෙන බවත් පෙන්වාදුන් සේක.බුද්ධ කාලයේ පහළ වු ජෛන ආගමේද මැවුම්කරැවකු පිළිබදව මතය පිළිනොගත් බව සදහන්ය..

වෛදික ග්‍රන්ථ වලට අනුව ලෝකයේ යුග හතරකට බෙදා වෙන් කොට ඇත.භගවත් පුරාණයේද ඓතිරීය බ්‍රාහ්මණයේත් මේ ගැන දීර්ඝ විස්තරයක් සදහන්ය..එම යුග 4 මෙහෙමයි...

1.කෘත යුගය
2.ත්‍රෙතා යුගය

3.ද්වාපර යුගය

4.කලියුය විදිහටයි.....

මෙයින් පළමු යුගය වන කෘත යුගයට වර්ෂ 1,728,000 ක්ද

ත්‍රෙතා යුගයට වර්ෂ 1,296,000 ක්ද

ද්වාපාර යුගයට වර්ෂ 864,000 ක්ද

අපි දැන් මේ ඉන්න කලි යුගයට වර්ෂ 432,000 ක්ද වෙන් කොට ඇත... 


දැන් මම හොයා ගත්තු විස්තරේට අනුව ඉස්සෙලම කෘත යුගය ගැන පොඩි විස්තරයක් දාන්නම්.....මේ ගැන මම තාම හොයනවා..මට හම්බවෙච්ච ලිපි වලින් එක ලිපියක් මෙන්න මෙ‍හෙමයි කෘත යුගය ගැන කියලා තිබුනේ....

“කලිං ශයාතෝ භවති
සංජීවා නස්තු ද්වාපාරං

උත්තිෂ්ඨ සෙත්‍රාතා කාතංභවති සම්පද්‍යා තේචරං”


ඓතරීය බ්‍රාහ්මණයෙහි සදහන් ඉහත කී ශ්ලෝකය පවසන විදියට කෘත යුගය කියන්නේ ඉතා උතුම් යුගයක් බවත් එය ඇවිදින යුගය බවත්ය.මහාභාරතයේද මේ ගැන කරැණු දැක්වෙයි..මිනිස්සු රන් භාජනවල බොජුන් ගත් අතර ඉතා දියුණු යහපත් මිනිසුන් බවද ප්‍රකාශ වෙයි. .

අද වගේ අභ්‍යන්තර ගැටුම් වලින් තොර සමාදානයෙන් කටයුතු තළ යුගයකි.කරදරද බොහෝ අඩු විය..ලෝකයේ යහපත සදහා වරින්වර මනුලොවට සම්ප්‍රප්ත වූ මහා විෂ්ණු දෙවියෝ මේ යුගයේද මත්ස්‍ය,කුර්ම,වරාහ,නරසිංහ යන අවතාර ලෙස පහළ වු බව වෛෂ්ණවයෝ කියති.නවීන විද්‍යාවටත්,වාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයටත් එකගව හින්දු ධර්මයේ විෂ්ණු අවතාර දක්වා ඇතැයි කියලා ලිපිය තවදුරටත් සදහන් කරලා තියෙනවා..ජීවින් මුලින්ම ජලයේ පහළ වු බවත් ක්‍රමයෙන් පසුව දිය ලොඩ දෙකේම වාසයට හුරැපුරැදු සතුන්ද අනතුරැව තිරිසන් සතුන්ද ඉන් පසුව අඩක් මිනිස් හා අඩක් සිවුපා ලක්ෂණ වලින්ද පහළ වු බව ජීව විද්‍යාව කියයි...

විෂ්ණුගේ පළමු අවතාරය මාළුවෙකි..
දෙවන අවතාරය දිය ගොඩ දෙකේ‍ම විසිය හැකි කුර්මයාය(ඉදිබුවාය)..

තුන්වෙනි අවතාරය ඌරැ අවතාරයකි...

හතර වන අවතාරය “නරසිංහ අවතාරයයි” (අඩක් මිනිස් රැවක්ද අඩක් සිංහ රෑපයකින්ද යුක්ත)........

ඔන්න ඔහොම තමයි කෘත යුගය ගැන මං හොයා ගත්තු ටික....


ත්‍රෙතා යුගය

මෙම යුගයේදී මහාබ්‍රහ්මයා යාගය ලොවට දුන්නේය..යුගයකින් නව යුගයකට ලොකුම දායාදය නම් යාග කිරීමයි කියල තමා මූලාශ්‍රයන් සදහන් කර ඇත්තේ.විෂ්ණු දෙවියෝ මේ යුගයේදි වාමන,පරිශ්‍රරාම,රාම,චන්ද්‍ර යන අවතාර වලින් පෙනී සිට මහත් වූ වික්‍රමයණ් කළහ..රාමායන කාව්‍යයේ යාගයන්ගේ පළ මහත් විභූතියෙන් යුතුව වර්ණනා කොට ඇත.සූර්ය වංශයට අයත් කකුස්සත,ත්‍රිසංකු,හරිශ්චන්ද්‍ර,මරුදත්ත,සාගර,අංශ්‍රරාම,රඝු,අජ,දශරථ,රාම යන රජුන් මිහිපිට වාසය කළේ ත්‍රෙතා යුගයේදීය..මිනිසුන්ගේ පරම ආයුෂය මෙකළ අවුරුදු 1000 ක් බවත්,මිනිසාගේ උස තුදුස් රියනක් බවත්,ආහාර වැළදුවේ රිදී භාජන වල බවත් මිනිසුන් දාන ධර්ම චර්යාවන්හි යෙදිමින් උග්‍ර තපස් රැකී බවත් භගවත් පුරාණය සදහන් කරයි.එසේම ත්‍රෙතා යුගයේදී මිනිසුන්ගේ පව් කොටස් එකකි.පින් කොටස් 3කි.අපේ වචනෙන් කියනවානම් ඒකාලේ උදවියට ඉහෙන් බහින රෝගයක් තිබුනෙ නැහැලු.මෙම යුගයේ සටන් ගැන දිර්ඝ විස්තරයක් රාමායනයේ සදහන් වෙයි..අවුරුදු 1,296,000 ක් මෙම යුගයට අයත් වී තිබී ඉකුත් වී ඇත..

ඔන්න ඉතින් ත්‍රෙතා යුගය ගැන ඔහොමයි හොදේ...ඹන්න දැන් තමයි මිනිසුන්ගේ පිරිහිම පටන් ගන්නේ..


ද්වාපර යුගය

ද්වාපර යුගයේදී මිනුසුන්ගේ පිරිහීම ක්‍රමත්‍රමයෙන් ආරම්භ වේ..ඓතරීය බ්‍රාහ්මණය පෙන්වා ඇක්තේ මෙම යුගය මද ගමනින් යුක්ත වූ බවයි..මිනිසුන් තඹ මෙන් වටිනාකම අඩුකොට හුවා දක්වා ඇත.මේ යුගයට අයත් වසර 864,000 ක් ඉක්ම ගොස් ඇත්තේය...
දැන් මම මේ කියන්ඩ කියලා ලැහැස්ති වෙන්නේ ඔයාලයි මායි ජීවත් වෙන මේ යුගය ගැන හොදේ..අමුතුවෙන් ඉතින් රහ කොරලා කියන්ඩ දේකුත් නෑ නොවැ..එෟකට කාරි නෑ..අන්තිම යුගය ගැනත් බලලාම යමුකෝ..
ඒ තමයි,

කලියුගය
ක්‍රි.පූ.3102 දී ආරම්භ වූ කලියුගයට වර්ෂ 432,000කි.වෛදික මතය අනුව ඉතාම පිරිහුණු යුගය කලියුගයයි.ඒක ඉතින් මගෙත් මතය තමයි..ඔයාලගේ කොහොමද කියලනම් මං දන්නේ නෑ..කොහොම කොහොම හරි මෙම යුගය අවසානයේදී ලෝක විනාසයක් සිදු වේ..එකල්හි ලෝක සංරක්ෂක විෂ්ණු දෙවියෝ කල්කි අවතාරයෙන් පැමිණ ධර්මය පිහිටුවන බව වෛෂවණයෝ කියති.ලෝක විනාශය ගැන බෞද්ධ පොත පතේද සදහන් වේ..බෞද්ධ මතය අනුව අවසාන කල්පය වු මේ කල්පය හෙවත් මහ භද්‍ර කල්පයයි.මිනිසා ආහාර නිපදවිම අතින් පමණක් නොව නව නිෂ්පාදන සෙවීම අතින්ද මෙම යුගයේදී දියුණුවට පත්වුවද මිනිසා සතුව පැවතියා වු උසස් ගුණධර්ම ක්‍රමක්‍රමයෙන් පිරිහිමට පත්වේ.ඒක ඉතින් පැහැදිළියි නේ...සෑම වෙලාවෙදීම බලාපොරොත්තු රහිත දේ සිදුවන විට පුදුම නොවන ඇතැම් අය”මේ කලියුගයේ හැටි ඉතින් ඔහොමතමා” කියයි..ඇත්තටම ඉතින් මිනිස්සු පිරිහුනාම වෙන්නේ මොනවද කියලා තමන් වත් දන්නෙ නෑනොවැ ඉතින්...!මං හරිය....?
තව තවත් පුරාණ ග්‍රන්ථ වල සදහන් වෙන්නේ ඉතා පිරිහුණු යුගය කලියුගය හෙවත් ඔබත් මාත් ජීවත් වන මෙම යුගයයි....

හම්....! ඕං යුග හතර ගැනම දන්න දන්න තරමින් කිව්වා හොදේ...දැන් ඉතින් ඔයාලගේ ගුණ දොස් තමා බලාපොරොත්තුව..

Sunday, September 20, 2015

සමරෙගෙ සරම සරම නොවී කම්බාය වූ විට..


සමරෙගෙ සරම සරම නොවී කම්බාය වූ විට..






චූටි නහය සමරෙගෙ , ජානිගෙ වගෙමයි

ඇරපු අතක් නෑ කෙල්ල කපාපු පලුව උඹෙ

ආයෙමත් කෙල්ලෙක්.....ආයෙමත් කෙල්ලෙක්

මගෙ කරැමෙ...පූරැවෙ කරැමෙ

පරම්පරාව ගෙනියන්න, කොල්ලෙක්

එකම එකෙක්, ජංගි කොටයක් ඇදන්

මිදුලෙ සෙල්ලන් කරන්න

එකම එක කොල්ලෙක්

පිරිමි පුතෙක්

ජානි උඹ ව‍්ද වුනා නම් හොදයි මීට

ඔව්..ඔව් ඇදට ආවම රත්තරන් රෑට

දෙයියනේ...වරද මගෙද

යකෝ ශුක්ර, ඩිම්බ වැඩ වරද්දගෙන ඇති

බෝධි පූජාවට පිළී කාල යන්නැති

නෑ...සමරෙගෙ.මගෙ ගෑණුකම

ඔහෙග පිරිමකමට වඩා උඩින් ඇති

ඔහෙගෙ..අම්මගෙ කටවහ වදින්නැති

ඔව් ජානි උඹෙයි වරද.....

කෙල්ලො දෙන්නෙකුට දෑවැදි

ලොකු වුනාම පරිස්සම් කරහල්ලකො ඉතිං

රත්නසූරිය පරම්රාව ඉවරයි

අප්පච්චිගෙ නම ගෙනියන්නෙ කවුද බොණ්ඩියෙ

දාගනිං ජානි උප්පැන්නට

නම ඕන එකෙක්ගෙ

පොට්ටනි ගහං අරං පලයං

දූ පොඩ්ඩ බොගෙ

Saturday, September 19, 2015

ගෝකන්න බවුද්ද විහාරය

ගෝකන්න බවුද්ද විහාරය හෙවත් ත්‍රීකුණාමලය කොරනේශ්වරම් හින්දු කෝවිල.........


 නැගෙනහිර පලාතෙ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙ පිහිටි මෙම ස්ථානය අද වනවිට හින්දු කෝවිලක් බවට පත්වී ඇත.(.නමුත් අතීත ශිලා ලේඛ්හන අනුව මෙය ක්‍රිස්තු වර්ශ 3 වන සියවස රජ කල මහසෙන් රජු දවස ඉදි වූවකි.නමුත් අතීත රාවණා කතා වලට අනුව මෙහි තොරතුරක් අනුව උතුර ඉන්දියාවෙ කර්නාට ප්‍රදේශයෙ ඇති මහ බලෙශ්වර් කෝවිල පාලනය කල ශිව දෙවියන්ගෙ ස0කල්පයක් අනුව එකල ශ්‍රීල0කාවේ ආරක්ශාව වෙනුවෙන් රාවන පැමිණි අතර එහිදී සිවගේ ස0කල්පයක් ඇතිව මෙය බිහි වන්නට ඇතිබද රාවණා ප්‍රභන්දවල සදහන් වේ.).
 කෙසේ වෙතත් පෘතුග්‍රීසින් ල0කාවට පැමිණි කාලයේ මෙහි විසූ භික්ශුන් වහන්සේලා සහ යාපනය අවට ඇති කදුරුගොඩ විහාර  ආදියෙන් එකල මෙය බවුද්ද විහාරයක් බව මොනවට පැහැදිලි වේ..පරන්ගින් විනාශ කරනතාක් කල් එහි හාමුදුරුවන් වහන්සේලා වැඩ විසූ බවත් බවුද්ද පරිසරයක් තිබූ බවත් පිලිගත හැකි බවට සාක්ශි එමටය.
කාලයාගේ ඇවෑමෙන් දමිල පරිසයක් බිහිවීම තුල ක්‍රමයෙන් මෙම විහාරය ද්‍රවිඩකරනයට නතුවිය.එසේ කියන්නෙ අතීතයෙ ගෝනගම පත්තාන, ගෝකන්න ලෙස සින්හල පරිසයක බිහිවූ අතර පසුව එය ගෝන .gona  ලෙස කෙටියෙන් භාවිත වන්නටත් විය.ඉන්පසු ක්‍රම්යෙන් එය ගෝනකතිත්ත Gonakathitta ලෙසත් සිරිගෝනකන්ද ලෙසත් වෙනස්වූ බව මහාවන්ශය සදහන් කරයි. ක්‍රිස්තු වර්ශ 10 වන සියවස වනවිට මෙය සම්පූර්නයෙන් ද්‍රවිඩ ආභාශයක් ගන්නා අතර එය තුන් ආකාරයක නම් එකතු වීමකින් යොඋතුව තිරිකෝනේශ්වරම් ලෙස නම්කරන ලදි.( ඊට පෙර කියන්න ඕන ක්‍රිස්තු වර්ශ 10 වන සියවසේ තම තීකුනාමලය යන නම භාවිතයට ආවෙ.ගෝන , කෝන ලෙසත් , දමිලයන්ගෙ උතුම් යන අර්ථය සහිතව තිරිකෝනම් බිහිවිය.පසුව දමිල අයගේ භාවිතයේ එන මල්ලාඉ යන වචනය එක් කරමින් ත්‍රීකුණාමලයි ලෙස බිහිවිය....)( මලයාලම් සාස්තරෙ හොදට කියනවා කියල අහල ඇතිනෙ,,සමහර විට එවන් වචන ආභාශයක් ගන ඇති.)

ක්‍රිස්තුවර්ශ 1956 වර්ශයේදී කොරනේශ්වරම් හින්දු කෝවිල බිහිවීමට පෙර මහාචාර්ය ජයතිලක මහතා විසින් කරන ලද වාර්තා අනුව එහි මුල් කාලයෙ සින්හල බවුද්ද පරිසරයක් සහිතව සහ විහාර පැවති බවත් දමිල අය වන්දනාමාන කිරීම සදහා මුහුද ආසන්නයේ ප්‍රදේශයක් යොදාගත් බවත් සදහන් කරනව.
ඒ කෙසේ වෙතත් ෆෙඩ්‍රික් නෝර්ත් අඬුකාරවරයාගේ අණ පරිදි කරන ලද කැනීම් වලදි මෙය ක්‍රිස්තු වර්ශ 8 වන සිය වසේදී අග්බෝ රජු විශින් නැවත ප්‍රතිස0ස්කරනය කල බවත් එහිදී විශාල බුද්ද ප්‍රතිමා සහ බවුද්ද නටබුන් සොයාගත් බවත් ඒවා  1 වන සියවස දක්වා දිව යන බවත් සදහන් වේ.ඒ වගේම් දැනට මෙම කෝවිල අසල ඇති බෝ වෘක්ශයද විහාරයට අයත්ව තිබූ බවත් පසු කාලීනව කරන ලද කැණීම වල්දි හෙලි වූයේ මෙමෙ ප්‍රදේශය ක්‍රිස්තු පූර්ව 5 වන සිය වසේ ආරම්භ වූ බවයි.එසේ කීමට හේතුව  කැණීම් වලදී සොයාගත් බ්‍රාහ්මීය ශිලා ලේඛන හා නටබුන් මගින් එය තහවුරු කර ගත හැකි නිසාය.ඔබ අප දන්න පරිදි ලන්කාවේ දමිල ආක්‍රමන පැවති අතර ත්‍රීකුණාමලය ප්‍රදේශය මුහුද ආසන්නයේ පැවතීම ඔවුන්ට ඉතා පහසු වෙන්න ඇති කියා අපිට සිතිය හැක.වරින් වර දමිල ආක්‍රමන සමග සටන් කර බේරාගත් මෙම ප්‍රදේශයෙ ක්‍රමයෙන් වර්තමානයේදී මුලුමනින්ම  දමිල පාලනයකට සහ ජනඝනත්වයෙන් බහුල ප්‍රදේශක් වීමෙන් අපිට අහිමි වුන විහාරයේ ප්‍රවුඩත්වය බිහිවීම බවුද්දයාට හිමි විය යුතුය.
විශේශයෙන් අග්ගබෝදි රජතුමා,පරක්ක්‍රමභාහු රජතුමා  දමිල හමුදා සමග සටන් කර අත්පත් කරගත් ප්‍රදේශයේ බවුද්ද පුර්ජීවය නැවත් ය්තා තත්වයට පත් කිරීමට දිවිහිමියෙන් ක්‍රියාකලහ..ඒ වගේම් මෙහි ශිලා ලේඛනවල දැක්වෙන පරිදි ගෝකන්න , ගෝන ,සොරගම තිත්ත,ගෝකන්න්තිත්ත යන වචන එකල පාලනය කල භද්දකච්චායනා කුමරිය,පඩුවස්ද්වු රජු යන අය භාවිතා කරන්න ඇතැයි යන්න අනුවද මෙම ටිරුකෝනේශ්වරම් කෝවිලේ ඉතිහාසය පුරා වසර 2500 කට එහා දිව යනව බව පෙන්වා දිය හැක.
මූලාශ්‍ර


1. Journal of the Royal Asiatic Society (Ceylon Branch)

2. Paranavithana,Senerat Inscriptions of Ceylon.

3. Epigraphiya Zeylanica

4. Spolia-Zeylanica

5. Ancient Ceylon-The journal of the Archeological Dept.


Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular