Wednesday, October 7, 2015

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා




ජාතියේ මුර දේවතාවන් වන ගුරුවරුන් නමදිමු
ආචාර්‍ය භක්තිය
උගන්වන්නා ආචාර්‍යවරයා වේ,භාශා ශාස්ත්‍ර පමණක් නොවහස්ත කර්මාන්තය වෙලදාම ආදී දේද උගන්වනා ආචාර්‍යවරයා වේ.ඔබගේ ජීවිතය කෙසේ නමුත් යහමගකට පමුණුවා ගැනීමට මාර්ගය පෙන්වූ තැනණ්ත්තා ආචාර්‍යවරයා බව සැලකිය යුතුය
ඔබගේ ආචාර්‍යවරයාට ඔබ කොතරම ඔබ කොතරම ආදරය විය යුතුද ,ගවුරව කල යුතුද?ආචාරයැ භක්තිය ඔබ තුල යම් තරමක් බලවත්ද ?එතරමටම ඔබගේ දියුණුව අභිවුර්ධිය වැඩිවන්නේය.ගුරුව්‍රයා කෙරෙහි ඔබගේ භක්තිය ඇතිවිට ගුරුවරයාද ඔබට මහත් භක්තියෙන් ආදරයෙන් වැඩ කරයි උගන්වයි යහමග කියා දෙයි
එවිට ඔබගේ දියුණුව  පුර පක්ශයේ චන්ද්‍ර‍යා මෙන් දිනෙ දින දියුනු වේ
ගුරුවරයාගෙ හිත රිදවා ලැබියන්යුතු ආශිර්වාදය නොලදහොත් කිසිවිටක ඔබට දියුනු විය නොහැක.

Saturday, October 3, 2015

සිත තුළ අකුසලය හටගත්විට එයින් කර්ම සකස්වන ආකාරය

සිත තුළ අකුසලය හටගත්විට එයින් කර්ම 

සකස්වන 

ආකාරය පිළිබඳ සාමාන්‍ය පුහුදුන් ලෝක සත්වයාට 

අවබෝධයක් නැත




. අවිද්‍යාවෙන් යුක්ත බැවින් සිතට වහල් වී කර්ම රැස්කරයි. එම කර්ම විපාකදෙන බවත් එයින් බේරීමට ස්ථානයක් නොමැති බවත් පුහුදුන් සත්වයාට වැටහෙන්නේ නැත. සියල්ල අවබෝධ කර ගත් ලොව්තුරා බුදුන්වහන්සේ පමණයි කර්මය පිළිබඳ සත්‍ය වශයෙන් කරුණු කාරණා දේශනා කොට වදාළේ.

"අපාය" යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි.
බෞද්ධයින් වශයෙන් අප කාටත් අපාය යන වචනය ඇසෙත් ම බිය මුසු අකැමැති ස්වභාවයක් අප සිතට නැගෙයි. ඊට හේතුව ‘පව් කරන අය අපායේ යති’ යන මේ සංකල්පය කුඩා කල සිට ම අප කාගේත් සිත් තුළ පැළ පැදියම් වී ඇති බැවිනි. කුඩාකල අප පාපයෙන් වැළැක්වීම පිණිස මෑණියන් අපට අවවාද දෙන්නේ ‘පව් වැඩ කරන්න එපා. පව් කරන අය අපායේ යනවා’ යන වදනින් ය. කුඩා කල අපාය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? යන්න අපට ප්‍රශ්නයක් වූව ද අපට අපේ මෑණියන් කියාදෙන අපායේ ඇති ගිනිදැල්, ලෝදිය, කටුඉඹුල වැනි දේ කිසිදා අමතක නොවෙයි. මේ නිසා ම අප බොහෝ දෙනෙක් පාපයන්ගෙන් වැළකීමට හෙවත් අයහපත් දේ නොකිරීමට යම් තරමකට පෙළඹවීමක් ලබා දෙයි.

දහම් පාසල තුළින් ද පාසල තුළින් ද ප්‍රාථමික අධ්‍යාපනයත් සමඟ අපට පන්සිල්වල වටිනාකම තේරුම් කිරීමට උත්සාහ කරන්නේ ‘සතුන් මරන්න එපා අපායේ යනවා. අනුන්ගේ දේවල් ගන්න එපා අපායේ යනවා. කාමයේ වරදවා හැසිරෙන්න එපා අපායේ යනවා. බොරු කියන්න එපා අපායේ යනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා අපායේ යනවා’ යන අවවාද වලිනි.

මේ නිසා අපාය යන සංකල්පයට ඇති බිය නිසාම පන්සිල්වල නියම අර්ථය නොදැන ගත්ත ද ඒවා ආරක්ෂා කිරීමට අප පුංචි කාලයේ සිට ම හුරු පුරුදු වෙයි. එයින් අප නොදැනුවත්ව ම අපේ ජීවිතවලට යම් සදාචාරාත්මක හරයක් එකතුකර ගනියි. එබැවින් අප පාපයෙන් වැළැක්වීම පිණිස අපාය යන සංකල්පය ඍජුවම අපේ ජීවිතයට බල පා ඇති බව මෙයින් පැහැදිළි වෙයි. අප පව් නොකළ යුත්තේ අපායට ඇති බිය නිසා ද? එසේ නැතිනම් එයින් අප ජීවිතයට යම් අගතියක් වීමට ඉඩ ඇති නිසා ද? එසේත් නැතිනම් අපේ ආගමට දහමට ඇති ගෞරවය නිසා ද යන්න අවබෝධයෙන් තේරුම් ගත යුත්තකි.
මේ කරුණු සලකා බලන විට ‘අපාය’ යනු පව්කම්වල නිරතවන සියලු දෙනා මතු භවයන් හි දී ඔවුන් කළ අකුසල කර්මයන්ට අනුව විපාක ලබා දෙන ස්ථානයක් බව දහම පිළිබඳ සුළු හෝ දැනුමක් ඇති කාට වුව ද පැහැදිලි වෙයි. මේ නිසාමය අප කවුරුත් අපාය යන වචනයට අකැමැත්තක්, බිය මුසු ස්වරූපයක් මෙන් ම පිළිකුල් හැඟීමක් ඇති කරගනු ලබන්නේ.

බුදු දහමෙහි නරකය – තිරිසන් - ප්‍රේත – අසුර යනුවෙන් සතර අපායක් පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත. නරකය යනුවෙන් අදහස් කරන්නේ නිරයෙහි අනන්ත දුක් විඳින සත්ත්වයන් ය. තිරිසන් යනුවෙන් අදහස් කරන්නේ තිරස් අතට හෙවත් හරහට යන සතුන් ය. එනම් අලියා ඇතාගේ සිට සියලු සිව් පා සතුන් මෙම වර්ගීකරණයට ඇතුළත් වෙයි. ප්‍රේත යනු නිසි පරිදි ආහාර - පාන, වස්ත්‍ර - වාසස්ථානාදිය නොලබා දුකසේ ජීවත්වන එමෙන් ම අප්‍රසන්න හා විරූපී ශරීරයන්ගෙන් යුතුව දිවිගෙවන පිරිසකි. අසුර යනු දෙවින්යන්ට පරාජය වූ දෙවියන්ගේ පිළිකුලට භාජනය වූ දෙවියන්ගේ සතුරු පිරිසකි. මේ සතර අපාය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මතු ලිපිවල පළ කිරීමට බලාපොරොත්තු වෙමු.
අපාය යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි. ‘දුග්ගතිං’ යන්නෙහි තේරුම නපුරු ගති පැවතුම් ඇති තැන යන්නයි. ‘විනිපාතං’ යන්නෙහි අදහස නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති තැන යන්නයි. ‘නිරයං’ යනු නරකය හෙවත් පව් කළ අය උපදින ස්ථානය යන්නයි. ඒ අනුව මේ පද හතරෙහි තේරුම ‘සැපයක් නැති, නපුරු ගතිපැවතුම්, ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති පව් කළ අය උපදින ස්ථානය’ යනුවෙන් අර්ථ දැක්විය හැක.
සත්තං කායදුච්චරිතෙන සමන්නාගතා වචිදුද’දරිතෙන සමන්නාගතා
මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා
මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපා යං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා
ඉහත සූත්‍ර පාඨයෙන් පැහැදිළි වන්නේ කයෙන් දුසිරිතෙහි යෙදුණු වචනයෙන් දුසිරිතහෙි යෙදුණු මනසින් දුසිරිතෙහි යෙදුණු ආර්ය ධර්මයට නිගරු කරන වැරදි වැටහීම් ඇති වැරැදි කර්මයන්හි යෙදුණු පුද්ගලයින් සිරුරේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයක් නැති, නපුරු ගතිපැවතුම් ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති නිරයෙහි උපදින බවයි.

පෙළ දහමෙහි අපට වැඩි වශයෙන් හමුවන්නේ 'නිරය' යන වචනයයි. එමෙන් ම ‘නේරයිකා සත්තා’ යන වචනය ද අපට හමුවෙයි. නේරයිකා යන වචනයෙහි තේරුම නිරයෙහි උපන් යන අදහසයි. ඒ අනුව නේරයිකා සත්තා යන්නෙන් නිරයෙහි උපන් සත්වයෝ යන අදහස එයි. එසේ වූව ද අප දෛනික ව්‍යවහාරයේ දී බොහෝ සෙයින් භාවිත කරන්නේ අපාය හෝ දුගතිය යන වචනයන් ය. ඒ සියල්ලන්ගේ ම එකම අදහසක් ඇති බව පැහැදිලි වෙයි. එනම් ‘සැපයෙන් තොර දුක් සහිත ස්ථානයක උපන් අය’ යන්නයි.

සත්ත්වයින්ගේ උප්පත්තිය සිදුවන ක්‍රම හතරක් පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ විස්තර වෙයි. එනම්, අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙනි. මෙයින් හතරවන තැනට විස්තර වන ඕපපාතික යන්නෙහි අදහස ඉබේ පහළවන යන්නයි. ඒ අනුව ඉබේ පහළවන සත්ත්වයන් මෙසේ ය. දෙවියන්, නිරයේ උපදින අය, ඇතැම් මිනිසුන්, දුක්විදින ඇතැම් ප්‍රේතාදීන් යන මේ පිරිස් ඕපපාතික ගණයට අයත් වෙයි.
කතමා ච, සාරිපුත්ත , ඕපපාතිකා යොනි? දෙවා, නොරයිකා, එකච්චෙ ව මනුස්සා, එකච්චෙ ච
විනිපාතිකා අයං වුව්වති, සාරිපුත්ත, ඕපපාතිකා යොනි,
මජ්ක්‍ධිම නිකාය – මහා සීහනාද සූත්‍රය
මෙහි දී අපායෙහි හෙවත් නිරයෙහි උපදින සත්ත්වයන් ලෙස ‘නෙරයිකා’ හා ‘විනිපාතිකා’ යන වර්ගීකරණයන්ට අයත් සත්ත්වයන් හඳුනාගත හැකිය. ඒ අනුව අපායෙහි හෙවත් දුගතියෙහි පහළවීම හෙවත් හටගැනීම සිදුවන්නේ තමා කළ අකුසල කර්මයේ විපාකය අනුව බව මෙයින් පැහැදිලි වෙයි. නිරයේ හෙවත් අපායෙහි විවිධ වර්ගීකරණයන් ඇත. එමෙන් ම ඒ ඒ නිරයන්හි ප්‍රමාණයන් මෙන් ම ඒ ඒ නිරයන්හි දී පමුණුවන දඬුවම හා ආයුෂ ප්‍රමාණ ආදියෙහි විවිධ වෙනස්කම් ඇත.

අකුසලමූලයෝ තිදෙනෙක් වෙති. ලෝභය අකුසල මූලයෙකි, ද්වේශය අකුසල මූලයකි, මෝහය ද අකුසල මූලයක් වේ. මිනිස් සිතේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ලෝභය නමැති අකුසල මූලය වැඩෙන ආකාරය විමසීමට ගනිමු. නුනුවණින් මෙනෙහි කරන්නාට ලෝභය නමැති අකුසල මූලය හටගත් විට එය මුල්කොට ගෙන මසුරු සිත බලවත් වේ.
එසේ ලෝභ සහගත සිතිවිලි නැවැත නැවැත රැස් කරමින් අපිරිසුදු සිතින් වචනයෙන්, කයින් කර්ම රැස් කරයි. මසුරු වූයේ ලෝභයෙන් ම සිත මැඩ ගත්තේ වෙයි. භාවිත වූයේ වෙයි. ප්‍රබල වූයේ බලවත් ලෝභ සිතැත්තේ වෙයි. හෙතෙම තමාට අර්ථ සාධනයක් සලසා ගැනීමට කැමැත්තෙන් එනම් ඡන්ද රාගයෙන් අන් අයට වධ පමුණුවයි.
ඒ තුළින් තාවකාලිකව සතුටු වී ජීවත් වූවත් ඒ ඒ පුද්ගලයාගේ සීලාදි ගුණ ධර්මයන්ගේ ප්‍රමාණ මත තමාට එහි විපාක ගෙවීමට සිදුවෙයි. ඒ පිළිබඳ හැඟීමක් අවබෝධයක් නැතිව පුහුදුන් සත්වයෝ මරණින් මතු සතර අපායට වැටී අනේකවිධ දුක් විඳිති. එහි කාලවකවානුවත් කිව නොහැකි ය.

ද්වේශය ද අකුසලයකි. එය සිතෙහි බලවත් වූ විට සිතින්, කයින්, වචනයෙන් අකුසල කර්ම රැස් කරයි. සිත මැඩගෙන පවතියි. ද්වේශ මූල සිත බලවත් වූයේ මෙරමා හට නපුරු වචනයෙන් පරිභව කරයි. රළුවදන් ප්‍රකාශ කරයි. දුශ්චින්තාම සිතයි. වධ පමුණුවයි. බන්ධන සිදු කරයි. අත් පා සිඳියි. ධන හානි පමුණුවයි. ගැරහීම් බහුලව සිදු කරයි. මං පැහැර ගනියි. ජීවිත විනාශ කිරීමට පෙළැඹෙයි. මෙසේ අනේකවිධ දුක් පමුණුවයි. තමාට එහි කර්ම විපාක එන බව නොසිතයි. මෙසේ ද්වේශය නිධාන කොටගෙන, කරණ කොටගෙන එයම ප්‍රත්‍ය කරගෙන බාලතෙම මහත් වූ පාප ක්‍රියාවන් සිදු කර ගනී. එයින් අනිෂ්ඨ විපාක විඳීමට සිදුවෙයි. එසේ වූවත් බාලතෙම ඒ ගැන නොසිතා කටයුතු කරයි. විපාක දෙන විට ළයට අත් ගසා විලාප දෙමින් වැළපෙයි.
මෝහය ද බලවත් අකුසලයකි. මුළාවූයේ කරුණු කාරණා තේරුම් කරගැනීමට අදක්‍ෂ වූයේ, මෝහයෙන් මඩනා ලද්දේ එයින් බලවත් වූ සිත් ඇත්තේ අන් අයට වධ හිංසා සිදු කරයි. ධනය සොරකම් කරයි. බිය පමුණුවයි. අභූත චෝදනා ඉදිරිපත් කරයි. කළ නොකළ කාරණාවෙහි මුසාබස් දොඩයි. අනර්ථවාදී යැයි ද අධර්ම වාදී යැයි ද අවිනයවාදී යැයි ද මෝහය මුල්කොට ගෙන අන් අයට අවඥා කරයි. දොස් පවරයි. අවුල් කරනු පිණිසම උත්සාහ දරයි. සමඟි සමාදානය බිඳවයි. අඹු දරුවන් බිඳවයි. ගුරු ශිෂ්‍යයන් බිඳවයි. සේවක සේව්‍යයන් බිඳවයි. රජ සහ රට වැසියන් බිඳවයි. මෙසේ අනේකවිධ අකුසල කර්ම රැස් කරයි. එහි අනිටු විපාක තමා කරා පැමිණෙන බව බාල තෙම නොසිතයි. මුසා බස් දොඩමින් ගම් නියම් ගම් රටවල් ගිනි තබයි.

මෙසේ ලෝභය කරණකොට ගෙන ද්වේෂය කරණකොටගෙන මෝහය කරණකොටගෙන, එයම වැළැඳගෙන එයින් මැඩුණු සිත් ඇති තැනැත්තා මෙලොව දැඩි වෙහෙස සහිතව උපායාස සහිතව, පරිදාහ සහිතව බොහෝ කලක් දුකින් පීඩිතව වාසය කරයි. මෙලොව හාත්පසින්ම තැවෙයි. මරණින් මතු සතර අපාදී දුගතියම ලබයි. අතීතයේ ද වර්තමානයේ ද අනාගතයේ ද ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගෙන සත්වයෝ වෙහෙසට පත් වී මහත් දුගතියට වැටී කාල පරිච්ඡේදයකින් තොරව අපමණ දුකට පත්වෙති. යම් හෝ ඵල දරණ ගසක් වසාගෙන මාළුවා වැල හාත් පසින් වර්ධනය වන්නේ වැඩීමට පත්වන්නේ එම ගස ඒ තුළින් වර්ධනයට පත්නොවන්නේ, විනාශයට පත් වන්නේ යම් සේද, ඒ ආකාරයෙන්ම ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසලයන් හාත්පසින්ම කුසල ධර්මයන්ගෙන් ඈත්කර පාපයට පත්කර බොහෝ වෙහෙස දෙවමින් සත්වයා මෙලොවත් තවා පරලොවද දුර්ගතියට පමුණුවන්නේ ය.

ලෝභයේ ආදීනවය සහ බියකරුභාවය වටහා ගැනීමටත් සංවේගය උපදවා ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල ප්‍රහාණ කිරීමටත් උනන්දුවනු පිණිස මේ කතාපුවත කවුරුන් අවධානයෙන් බලත්වා! ලෝසක හිමිට කිසි දිනක කුස පිරෙන්න ආහාරයක් ලැබුණේ නැත. ඊට හේතුව වූයේ පුරාණ අකුසල කර්මයක් විපාක දීමයි. කාශ්‍යප ලොව්තුරා බුදුන්වහන්සේගේ ශාසනයේ පැවිදිව හොඳින් සිල් ගුණ පුරමින් සිටියේ ය. එහෙත් ලාභාපේක්‍ෂාවෙන් රහත් භික්‍ෂූන් වහන්සේ නමකගේ සිවුපසය වළක්වාලීය. එම රහතන් වහන්සේට දායක පිරිස සලකනවාට කැමැති වූයේ නැත. එම භික්‍ෂූන් වහන්සේට දුන් කිරිබත් පාත්‍රය ද ද්වේශ සිතින් ගිනි අඟුරෙහි ලා පුළුස්සා දැම්මේ ය. මෙම පාපකාරී ලාමක අකුසලයෙන් අපායෙහි ඉපිද අනන්ත දුක් වින්ඳේ ය. ආත්ම පන්සියයක්ම පිළිවෙළින් යක්‍ෂයෙක්ව උපත ලැබුවේ ය. එම ජාති පන්සියයේම මහත් සා පිපාසයෙන් දුක් වින්දේ ය. එකම දවසක ගැබිමල කා කුස පුරවාගත්තේ ය.

ඉන්පසු තිරිසන් යෝනීයවන පහත් වූ සුනඛ ආත්ම පන්සියයක් උපත ලැබුවේ ය. එහි දී ද දුක් පීඩා වින්දේ ය. වමනය කළ බත් අසුචි කෑවේ ය. මනුලොව ද ඉපිද දුක් වින්දේ ය. අවසාන අත්බවෙහි පිළිසිඳ ගත් දා පටන් ගම්මානය ද පිරිහී ගියේ ය. මෙයට හේතු සොයන ගම්වාසීහු ගැබ්ගත් මව ගමෙන් පිටමන් කළහ. ඇයට ද කිසිම කෙනෙකුගෙන් පිළිසරණක් නොවීය. ආහාර, වස්ත්‍ර, ඉඳුම් හිටුම් නොවී අතිමහත් දුක් වින්දා ය. පසුව දරුවා බිහි කර යමක් ඉල්ලා ඇවිදීමට හැකි වයස තෙක් හදා වඩා කබලක් අතට දී මහ පාරේ අත්හැර දමා ගියා ය. එදා සිට මේ කුඩා දරුවා මහ මඟ ඉඳුල් කමින් දුකසේ හැදුණේ ය. දිනක් සැරියුත් මහරහතන් වහන්සේට මහ මඟ කබලක් ගෙන ඉතා දුක්බරව යන දරුවා දැක මහත් සංවේගයක් ඇතිවිය.

උන්වහන්සේ මේ දරුවා විහාරයට ගෙන ගොස් පැවිදි කළහ. ලෝසක හිමි සමඟ පිණ්ඩපාතයෙහි වැඩියහොත් සැරියුත් මහරහතන් වහන්සේට ද දානය නොලැබෙන්නේ ය. ඒ තරමටම අවාසනාවන්ත විය. රහත්වීමට පවා සසර පිරූ පාරමි දම් බලවත් වූවත්, ඒ පසු පස අකුසල කර්මයද පැමිණියේ ය. දානය පාත්‍රයට පුජා කරන්නට දායක පිරිස පැමිණියද පාත්‍රයේ දන් පිරී තිබෙන බව ඔවුන්ට පෙනී යයි. එබැවින් දන් බෙදීමක් සිදු නොවේ. ඇතැම් විට බෙදුවත් ඒ හැම වියැළී යන්නේ ය. ස්වල්පයක් ම ඉතිරි වන්නේ ය.

පිරිනිවන් පාන දිනතෙක් කුස පිරෙන්න ආහාරයක් නොලැබුණේ ය. ලෝසක හිමියන් පිරිනිවන් පාන දවසේ සැරියුත් මහරහතන් වහන්සේ විසින් තවත් භික්‍ෂුවක අතේ ලෝසක හිමිට දානය එවන ලදී. එම භික්‍ෂුවද අතරමඟ එම දානය වැළැඳුවේ ය. ලෝසක හිමිට නොලැබුණේය. එම කාරණය දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ සංවේගයට පත් වී ප්‍රණීත වූ චතුමධුර පාත්‍රය තමන් වහන්සේගේම අත මත තිබියදීම වළඳවන්නට සැලසූහ.
එදින පමණක් කුස පිරුණේ ය. එදිනම පිරිනිවන් පෑහ. එක් දවසක් කළ පාපකර්මය ආත්ම ගණනක් දුක් විපාක දීමට බලවත් වූයේ බුද්ධාන්තරයක්ම අපමණ දුක් වින්දේ ය.ඔබත් මෙලෙස අකුසල මූලයන්හි දොස් දැක ලාමක අකුසල වලින් මිදෙන්නට උනන්දුවන්න.

Tuesday, September 29, 2015

පන්ඩිත් අමරදේවගේ ස0ගීතයේ සුදු නෙළුම කෝ..ගීතය


සුදු නෙළුම කෝ..ගීතය තුළින්.පන්ඩිත් අමරදේවගේ 

ස0ගීතයේ 

සැගවුන සටහන් මට හිතෙන හැටි




අසූව දශකයේ තමය් ගීතය රත්නශ්‍රී විසින් ලියවිලා තියෙන්නේ.දේශපාලන මාරුකිරීමක් හේතුවෙන් ඒ කාලේ ගීපද රචකයාට යන්න ලැබෙනවා මොනරාගල පැත්තෙ තියන අති දුශ්කර ගමක ඉස්කොලකට උගන්වන්න(හුලංදාවද කොහෙද) .ගමේ මිනිස්සු හුඟක් දුප්පත් අය..ඒ නිසා හුඟක් ලමයි ඉස්කෝලේ ගිහිං ඉවර උනහම ගෙදර වැඩකට හේනක වැඩකට උදව් දෙන එකයි කලේ..එතුමා මෙහෙම පාසලේ පංතියේ උගන්නනකොට දකිනවා පංතියේ ගැනු ලමෙක් හැමදාම එකම ඇඳුමක් ඇඳලා පංතියට එන.පොඩි විශේශත්වයක් තිබුනේ මේ ගැනු ලමයා හැමදාමත් පාසල් ගිහින් ඉවරවෙලා ගමේ වැවට ගිහින් සුදු නෙලුම් මල් කඩලා දෙමට මල් විහාරෙට එන මිනිස්සුන්ට විකුනපු එක. ඒ කාලේ ගීපද රචකය පංසලට යනකොට පෙලක් වෙලාවට මේ පුංචි ගැනුලමයත් ඉන්නවලු සුදු නෙලුම් විකුන විකුනා..

කොහොම උනත් ලඟ එන පුර පෝයට මල් නෙලන්න මේ පුංචි නංගියා වැවට බැස්ස හැමදාමත් වගේ..ඒත් එදා හොදටම අනෝරා වැස්සක් වැටෙමින් තිබුනේ..හිතේ ලොකුවටම ආසාවක් තිබුනේ පෝයට මල් විකුනලා ඒ සල්ලි වලින් කවක‍ටු පෙට්ටියක් ගන්න ඉස්කෝලේ වැඩ වලට.ඒත් අවාසනවකට ඇය ටිකෙන් ටික දියට ඇදිල ගිහින් නොපෙනී ගියා..දවස් තුනකට පස්සෙයි ඇගේ මිනිය හම්බුනේ..රත්නශ්‍රීට මේ බව ආරංචි වෙලා ඔහු යනවා මලගෙදර..මිනිය තියන්න තැනක් නැ.ගෙදරක් කියල එකම කාඹරයයි තියෙන්නේ. ගමේම මිනිස්සු එකතු වෙලා ඉටි රෙදි වලින් පැලක් හදලා ඒ පැලේ අඹ කොට වලින් හදපු පෙට්ටියක මිනිය තියලා තියනවා..මේ කවියා තමන්ගේ හදවත විඳවමින් දකිනවා ඉස්කෝලේට ඇඳල ඇඳල කහපාට වෙච්ච එකම සුදු ගවුම මිනියට අන්දවලා තියනවා.
මේ සියල්ල දැකලා සියලු සිදුවීම් එකතු කරලා රත්නශ්‍රී මේ සිදුවීම් පෙල ගීයකට පෙරලනවා.

"සුදු නෙලුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් අසූව දශකයේ තමය් ගීතය රත්නශ්‍රී විසින් ලියවිලා තියෙන්නේ.දේශපාලන මාරුකිරීමක් හේතුවෙන් ඒ කාලේ ගීපද රචකයාට යන්න ලැබෙනවා මොනරාගල පැත්තෙ තියන අති දුශ්කර ගමක ඉස්කොලකට උගන්වන්න(හුලංදාවද කොහෙද) .ගමේ මිනිස්සු හුඟක් දුප්පත් අය..ඒ නිසා හුඟක් ලමයි ඉස්කෝලේ ගිහිං ඉවර උනහම ගෙදර වැඩකට හේනක වැඩකට උදව් දෙන එකයි කලේ..එතුමා මෙහෙම පාසලේ පංතියේ උගන්නනකොට දකිනවා පංතියේ ගැනු ලමෙක් හැමදාම එකම ඇඳුමක් ඇඳලා පංතියට එන.පොඩි විශේශත්වයක් තිබුනේ මේ ගැනු ලමයා හැමදාමත් පාසල් ගිහින් ඉවරවෙලා ගමේ වැවට ගිහින් සුදු නෙලුම් මල් කඩලා දෙමට මල් විහාරෙට එන මිනිස්සුන්ට විකුනපු එක. ඒ කාලේ ගීපද රචකය පංසලට යනකොට පෙලක් වෙලාවට මේ පුංචි ගැනුලමයත් ඉන්නවලු සුදු නෙලුම් විකුන විකුනා..


කොහොම උනත් ලඟ එන පුර පෝයට මල් නෙලන්න මේ පුංචි නංගියා වැවට බැස්ස හැමදාමත් වගේ..ඒත් එදා හොදටම අනෝරා වැස්සක් වැටෙමින් තිබුනේ..හිතේ ලොකුවටම ආසාවක් තිබුනේ පෝයට මල් විකුනලා ඒ සල්ලි වලින් කවක‍ටු පෙට්ටියක් ගන්න ඉස්කෝලේ වැඩ වලට.ඒත් අවාසනවකට ඇය ටිකෙන් ටික දියට ඇදිල ගිහින් නොපෙනී ගියා..දවස් තුනකට පස්සෙයි ඇගේ මිනිය හම්බුනේ..රත්නශ්‍රීට මේ බව ආරංචි වෙලා ඔහු යනවා මලගෙදර..මිනිය තියන්න තැනක් නැ.ගෙදරක් කියල එකම කාඹරයයි තියෙන්නේ. ගමේම මිනිස්සු එකතු වෙලා ඉටි රෙදි වලින් පැලක් හදලා ඒ පැලේ අඹ කොට වලින් හදපු පෙට්ටියක මිනිය තියලා තියනවා..මේ කවියා තමන්ගේ හදවත විඳවමින් දකිනවා ඉස්කෝලේට ඇඳල ඇඳල කහපාට වෙච්ච එකම සුදු ගවුම මිනියට අන්දවලා තියනවා.
මේ සියල්ල දැකලා සියලු සිදුවීම් එකතු කරලා රත්නශ්‍රී මේ සිදුවීම් පෙල ගීයකට පෙරලනවා.


"සුදු නෙලුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මුතියංගනේ
පුන් පෝයද පහලෝස්වකේ
මල් නෙලා විකිනූ පංසලේ"
කොහොම උනත් ගීතයට අනුභූතිය වෙච්ච සිදුවීම හුලංදාවේ ඉස්කොලේ ගිය දෙමට මල් විහාරෙ සුදු නෙලුම් විකුනපු පුංචි දැරිය උනත් සොර බොර වැවයි මහියන්ගනේ පංසලයි ගීපද අතරට එකතු කරලා තියෙන්නේ ගීතයේ සංවේදි බව අසන්නාට හොඳට දැන්නේන්න වෙන්න ඕනි.
වැවට කලුවර යා උනා
සංසාර දුක බෝ උනා
නෙලූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පා උනා
සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙලුම් මල දැස පියවී
මෙහා ඉවුරට පා උනා


රත්නශ්‍රී කියන විදියට එදා මේ පුංචි දැරිය සදහට දෙනෙත් පියාගනිද්දි ඇගේ දෙමවුපියන්ගේ ඇසේ සිහින් කඳුලක් වැහෙන්නේ ඇයත් හැමෝටම උරුම සංසාර දුකට පත් උනු නිසයි..කොහොම උනත් මා අසා ඇති පරිදි දිනෙක අමරදේවයන් ජෝන් ද සිල්වා රඟහලේ මේ ගීය ගයද්දි එතන හිටපු මහාචාර්‍ය සරත්චන්ද්‍රයන්ගේ ඇස් වලත් කඳුලු පිරුනලු..


ගී පද-රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පංඩිත් අමරදේව





Saturday, September 26, 2015

හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ

දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වන හාමුදුරුවනේ…//





kapuge



"....... අප පරපුරේ කිසිවකු පරපණ නොනසති....හිංසා 

නොකරති..ඒ අනුහසින් අප පරපුරේ කිසිවෙක් අකලට මිය

පරලොව නොයත්...එහෙයින්ම මේ මා පුතුගේ ඇටකටු

බව නොපිලිගමි...." මහා ධර්මපාල ජාතකය..
.
 ඈත දඹදිව ධර්මපාල කියල රජ කෙනෙක් සිටිය අතර ඔහුගේ පරම්පරාවේ සියල්ලන්ම නියමිත ආයුෂ වළඳල තමයි මිය ගියෝය .කිසිම කෙනෙක් අකාලයේ මිය ගියේ නෑ .මේ රජතුමාගේ පුත් කුමාරය  දිසාපාමොක් ආචාරිය ලඟට ඉගෙනීමට ගිය අතර .ඉතින් මේ දිසාපාමොක් ආචාරීන් ළඟ ඉගෙන ගනිපු වෙනත් තරුණ ශිෂ්‍යයෙක් මිය යනව.ඉතින් මේ සිදුවීම වෙලාවේදී ධර්මපාල පුත් කුමාරය ඉතාම පුදුමයෙන් මේ දිහා බලල කියනව අපේ පරපුරේ නම් කිසිම කෙනෙක්  මේ විදියට අකාලයේ මැරෙන්නේ නෑ කියල.ඉතින් මේ කාරණාව පරික්ෂා කරන්න දිසාපාමොක් ආචාරිය එළුවෙක්ගේ  ඇට කැබැල්ලකුත් අරන් යනව ධර්මපාල රජතුමා ලගට,ගිහින් කියනව පුත් කුමාරය මිය ගියා කියල.
මේ වෙලාවෙ ධර්මපාල රජතුමා කොක් හඬ දාල හිනා වෙනව.ඔහු කියනව ඒක වෙන්න බෑ මොකද තමුන්ගේ පව්ලේ සියලු දෙනාම පන්සිල් රකින අය,ඔවුන් රට පාලනය කරන්නෙ දස රාජ ධර්මය අනුව.ඒ නිසා ඔවුන් සියල්ලන්ම නියමිත ආයු වළඳල තමයි මිය යන්නෙ කියල.මේ තමයි අපි දන්නා ධර්මපාල ජාතකය.
          80 දශකයේදී තවත් පියෙක් තමන්ගේ පුතාව යවනවා  ඉගෙන ගන්න.දළදා හාමුදුරුවන්ගේ අඩවියට,හන්තාන අඩවියට.මේ පිය රජතුමාත් බොහොම දැහැමිව තමුන්ගේ දහදිය මහන්සියෙන් ජීවත් වෙන පියෙක්,මේ නිසා ඔහුත් අකල් මරණ ගැන දන්නෙ නෑ.නමුත් දවසක් තමන්ගේ පුතා ගෙදර එනව පෙට්ටියක,උඩුකුරුව සැතපිලා ,දෑත් බැඳගෙන.මේ වතාවේ මේ පියාට හිනා වෙන්න ඉඩක් නෑ.නමුත් ඔහුට පුදුමයි මේ දේ සිද්ධ උණේ කොහොමද කියල.නමුත්  ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වෙලා.ඉතින් මේ අවනඩුව කාට කියන්නද??මේ පියා එක් පියෙක් නෙමෙයි,80 දශකයේ අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සියළුම පියවරු නියෝජනය  කරන පියෙක්.ඉතින් මේ අවනඩුව නීතියත් වල් වැදුන කාලයක වෙන කාගෙන් අහන්නද, දළදා හාමුදුරුවන්ගෙන් ඇර?

දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වන හාමුදුරුවනේ…//

හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ 
ඔබවහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හමුදුවනේ 
පිරුවට අන්දා ඇස් දෙක පියවා  ගෙන ආවලු හාමුදුරුවනේ 
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ….//

ඇඳිරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ 
වනන්තරේ වැඳී සෙනගට අසුවුන මරු වැල පෑගුන කෙනෙකුන්දෝ 
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ 
දහඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නෙ..//

කාලය දීපය දේශය දන්නා මතු බුදු වන හාමුදුරුවනේ 
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු හමුවුන නැති බව නැත දන්නෙ…
තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ 
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇඳිරිදුනේ…// 

Wednesday, September 23, 2015

දානයක් සත්පුරුෂ දානයක් වීමට නම්..........

දානයක් සත්පුරුෂ දානයක් වීමට 

නම්...............






මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ ඒ භාග්‍යවත් වු අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්‌කාරය වේවා. භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර දී මේ උතුම් වූ දහම් පෙළ දේශනා කළහ. ඒ මෙසේය. “මහණෙනි, සත්පුරුෂ දාන පහකි. ඒ කුමක්‌ද? “සද්ධාය දානං දේති” ශ්‍රද්ධාවෙන් දන් දෙයි. ශ්‍රද්ධාව නම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ම ඇති කර ගන්නා වූ ප්‍රසාද ලක්‍ෂණ ගුණයයි. අවබෝධයෙන් ම ශ්‍රද්ධාවට පත්වීම නම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම අරමුණු කරගෙන, නව අරහාදී බුදුගුණ තේරුම් ගැනීමයි. එමෙන්ම එම බුදු ගුණයන් වෙතට සමීප වීමයි. එම බුදුගුණයන් තේරුම් ගෙන අවබෝධයට පැමිණෙන විට, සිත ඇලීමෙන් සහ ගැටීමෙන් මිදෙන්නට පටන් ගනියි. එවැනි සිතකට ඉතාම පහසුවෙන් දීම පුරුදු කළ හැකිය. “පයතපානී” “වොස්‌සග්ගරතො”” යනුවෙන් සඳහන් කළේ එයයි. එනම් දෙන්නට සෝදා ගත් අත් දෙකෙන් සහ දීමට නැමුණු අත් දෙකක්‌ යනුවෙනි. දානයකදී සකස්‌ විය යුතු අවස්‌ථා තුනම මානසික වශයෙන් මෙහිදී සකස්‌ වෙයි. එනම් පූර්ව ෙච්තනා (දානයට පෙරාතුව, අලෝභ, අදොaස, අමෝහ නම් වූ කුසල ෙච්තනා පැවතීම ( පුඤ්චන ෙච්තනා (දානය සිදුකරන අවස්‌ථාවේදී ද. අලෝභ, අදොaස, අමෝහ කුසල ෙච්තනා පැවතීම) සහ අපර ෙච්තනායි (දානයෙන් පසුවද අලෝභ, අදොaස, අමෝහ නම් වූ කුල ෙච්තනා පවත්වා ගැනීමයි.)



   මෙයට තවත් දහම් කොටසක්‌ එකතු කර ගත හැකිය. එනම් “සෝමනස්‌ස සහගත ඥාණසම්පයුක්‌ත අසංඛාරික සිත් පෙළක්‌ පැවතිය යුතු බවය. එහි අදහස මෙසේයි. දානමය ක්‍රියාව කෙරේ ප්‍රසාදයෙන් ද, කර්මය හා එහි ඵලය පිළිබඳ අවබෝධයෙන් ද අනුන්ගේ මෙහෙයවීමකින් තොරව තමාගේම සිතේ මෙහෙයවීමෙන් ම සිත හා සිතුවිලි සකස්‌ වීමයි.
දෙවනුව සඳහන් කරන්නේ “සක්‌කච්චං දානං දේති” “සකසා දන් දෙයි” යනුවෙනි. මෙහිදී දාන සංවිභාගරතෝ” යනුවෙන් සඳහන් කළ පරිදි, මනා කොට, පරීක්‍ෂාකාරීව ද සංවිධානයෙන් ද. විමසා බලා ද දන දෙන්නේය. “කාලේන දානං දේති” යනුවෙන් සඳහන් කරන්නේ සුදුසු කාලයෙහිම දන් දිය යුතු බවය. දන් දීමේදී පූජා බුද්ධියෙන් සහ අනුග්‍රහ හෙවත් අනුකම්පා බුද්ධියෙන් ද යුතුව එය කළ හැකිය. එනම් බුද්ධාදී උතුමන් වෙනුවෙන් සිදු කරන දානය නම් උතුම් ගුණයන් සලකාගෙන කරන පූජාවකි. එය පූජා බුද්ධියෙනි. නැති බැරි අයෙකුට හෝ යමක්‌ ඉල්ලාගෙන පැමිණි කෙනෙකුට හෝ ඥාති හිතමිත්‍ර අයෙකුට යමක්‌ දෙන්නේ නම් එය අනුකම්පාවක්‌ ලෙස ය. මෙම කුමන හෝ ආකාරයකින් නිසි කල දානය හෙවත් දීම සිදු කළ හැකිය.මීළඟට සඳහන් කරන්නේ “අනග්ගහිත චිත්තෝ දානං දේති” යනුවෙනි. එනම් දෙන දෙයෙහි සිතේ බැඳීමක්‌ නැතිවම දන් දෙන බව ය. “මුත්තචාග” යනුවෙන් සඳහන් කරන්නේ ද මෙයයි. මෙහිදී පරමාර්ථ ධර්ම කථාවෙහි සඳහන් කරන 

“පටිනිස්‌සග්ග” නම් වූ එනම් අත්හැරීම ඉලක්‌ක කිරීමක්‌ අදහස්‌ කෙරේ. ආධ්‍යාත්මික (අජ්ජධත්ත) හෝ බාහිර (බහිද්ධා) නම් වූ කවර දෙයක්‌ වුවද තණ්‌හා මදමාන දෘෂ්ඨීන්ගෙන් බැහැරව දීම හෙවත් අත්හැරීම ම මින් අදහස්‌ කෙරේ. මෙම දාන කතාවෙහි අවසන් වශයෙන් සඳහන් කරන්නේ “අත්තානංච පරංච අනුපහච්ච දානං දේති” යනුවෙනි. එනම් තමාගේද, අන්‍යයන්ගේ ද ශීලයෙන් ආරම්භ වෙන්නා වූ ගුණයන් නැති නොකොට ගෙනම දන්දිය යුතු බවයි. මෙහිදී පස්‌ පව්, දස අකුසල් වලින් බැහැරව ම දානය කළ හැකි වන්නේ නම්, කිසි විටෙකවත් තමාගේ ගුණයකට හෝ අන් අයට හෝ හානියක්‌ විපතක්‌ නොවන්නේ ය. මෙහිදී ගලපා ගත යුතු දහම් පෙළ මෙසේ ය. “උට්‌ඨාන විරියාදිගතේහි භෝගේහි බාහාබල පරිචිතේහි සේදා වක්‌ඛත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි” යන්නයි. එනම් භෝග හෙවත් ධනය සපයා ගත යුත්තේ උට්‌ඨාන වීර්යෙන්ද, දැතේ බාහු බලයෙන්ද, දහදිය වැගිරීමෙන්ද, ධර්මානුකූලව ම බවය. එසේ උපයා ගත් යමකින් දෙන දානය උත්කෘෂ්ඨ දානයක්‌ වීමට මූලික පසුබිම සකස්‌ කරයි.
මෙසේ අවබෝධයෙන් යුතුවම දන්දීම නිසා ලැබෙන විපාකයෝ කවරේද යත්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරති.



“මහණෙනි, සැදැහයෙන් දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු වූයේ දැකුම්කලු වූයේ, ප්‍රසාද එළවන සුළු වූයේ මනා වූ ප්‍රසන්න ද වෙයි.”


“මහණෙනි සකස්‌ දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහාධන ඇතියේ මහා භෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. දරුවෝ ද ස්‌වාමි භාර්යාවෝ ද, දාසයෝ ද, කම්කරුවෝ ද, පිරිවර ද කීකරු වෙති. කන් යොමු කරති. දැනුම සඳහා සිත් පිහිටුවති.
“මහණෙනි, නිසි කල්හි දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම්, මහා ධන ඇතියේ මහා භෝග වූයේ ආඪ්‍ය ද වෙයි. සුදුසු කල ඔහුගේ හෝ ඇයගේ යහපත සඵල වෙයි.
“මහණෙනි, දෙන දෙයෙහි නොබැඳුණු සිත් ඇතිව දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇති වූයේ, මහා භෝග වූයේ, ආඪ්‍ය ද වෙයි. උදාර වූ පස්‌කම් ගුණයෙන් යුතු භෝග පරිහරණයට සිත නැමෙයි.
“මහණෙනි, තමා හා අන් අයට පීඩා නොකොට දන් දී යම් යම් ම තැනක ඒ දානයේ විපාක උපදනේ නම් මහා ධන ඇති වූයේ මහා භෝග ද වූයේ ආඪ්‍ය ද වෙයි. ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ තමාට අප්‍රිය අයගෙන් හෝ කිසිවකුගෙන් හෝ ඔහුට හෝ ඇයට භෝගයන්ට කරදරයක්‌, විපතක්‌ හානියක්‌ නොවෙයි.


භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම දහම් පෙළ සත්පුරුෂයකුගේ දන්දීමේ පිළිවෙතයි. එසේ අවබෝධයෙන් ම යුතුව සිදු කරන ලද දානයේ විපාක. ප්‍රාර්ථනා කළත් නොකළත් එම සත්පුරුෂයාට ලැබෙයි. සම්මා සම්බුද්ධත්වය, පච්ෙච්ක බෝධිය, අරහත්වය. අධිෂ්ඨාන කරන කවර බෝධිසත්වයෙක්‌ වුවද, පාරමී ගුණ අතර දානය ප්‍රමුඛත්වයෙන්ම පුරුදු කරයි. නිවන් මගෙහි පරම අධිෂ්ඨානය වන තෘෂ්ණාව නැති කිරීම මූලික වශයෙන් සැකසී ඇත්තේ ද දානය ප්‍රධාන කොටගෙන ය. දාන චිත්තයෙන් මෙහෙයවන කුසල් මග “අත්හැරීමට” එනම් අස්‌මි මානය ඉවත් කොට සසරබැමි බිඳ දැමීමට මාර්ගය සකසා දෙයි. මෙම ධාතු ස්‌කන්ධ, ආයතනයන්ගෙන් සැදුම්ලත් ශරීර පුඤ්ජය, අනිත්‍ය වශයෙන්ද. දුක්‌ වශයෙන් ද අනාත්ම වශයෙන් ද දැක ගනියි “නේතං මම, නේසෝ, හමස්‌මි, නමේෂො අතීතා)
සකසා දෙන්න, ගෞරවයෙන් දෙන්න, සියතින්ම දෙන්න, හැකි හැම වෙලාවකම හැකි අයුරින්ම දෙන්න. ආත්ම දෘෂ්ඨිය බැහැර කොට. දෙන දෙය සිතින් අල්ලා නොගෙන, ධර්මාවබෝධය ඇතිවම දෙන්න. මගඵල සහ නිවන ඒ මගට අරමුණු වනු ඇත.

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular