Saturday, October 10, 2015

රා මදින්නගේ ජීවිත කතාවෙ සැගවුන දෙය අත්දැකීමෙන්

මාතෘකාව දැක්ක ගමන් කට්ටියටම වෙරි හැදෙයිද දන්නෙ නෑ..එහෙනම් මේ රා කට්ට ගහලම ගමුකො.....

රා මැදීමෙ අවදානම් බව සහ සැගවුන දුක් ජීවිත




                                                                                                         ( රා කට්ට  )


මේ වනාහි සැඩ පරුශ මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙනව වගේ හා සමාන වේ.රස්සවට ගිය කෙනා යළි නිවසට එනකන් කිසිම විශ්වාසයක් නැහැ,මොකද ඒ තරමටම අවධානම්,
මෙහේ තිබෙන කර්කශ බව,දුක් මුසු බව එකතු කර ඉතා සාර්ථක ගීතයක්ද වසර ගනනවාකට මෙර නිර්මාණය වුනා..

අමරදේඅවයන්ගේ සුදු නෙළුම කෝ සොර බොර වැවේ ගීතයේ අර්ථය සේම මෙම ගීතයේද සැගවුන අර්ථය ගත් කල ජීවිතය ගැට ගහ ගන්න වෙර දරන මිනිසුන්ගෙ අව්වට වැස්සට එළියට කළුවරට හුරු වී ඇති ආකාරය මොනවට පැහැදිල් වේ.
"" මලේ කදුළු නෑ සිතේ සතුට නෑ ජීවිතයේ මේ සන්සාරේ """
එහෙම කියන්නෙ රා මල හඩන්නෙ නැත්නම් තම දරු පවුල රැක බලා ගන්න මුදල් රැස් කරන්නෙ කිහොමද මේ ගලා යන ජීවිතයෙ..මොකද ගස් නැග්ග පමනින් රකියාව කර මුදල් නිලැබෙන නිසාවෙනු.රා  හෙවත් පොල් මල අඩල රා එලියට මුසු කලොත් පමනයි මුදල් ලැබෙන්නෙ.

.ගීතය අහන්න පුලුවන්  මෙතනින්


..මගෙ බ්ලොග් එකේ තියෙන්නෙත් කොස්වාඩිය කියලනෙ.ඉතින් අපේ ගම් පලාත ප්‍රසිද්දයි රා කර්මාන්තයට.මේකට වසර 60 කටත් වඩා ඉතිහාසයක් තියෙනව කියල තමයි අහල තියෙන්නෙ..නමුත් මේ කර්මාන්තෙ යෙදෙන, එ කියන්නෙ අපිට රා සපයා දෙන්න වෙර දරන ජීවිත වල සත්‍ය කතාව  ඇහුවොත් හිතාවි කොතරම් අවිනිශ්චිතද කියල.අර කියමනක් තියෙනවනෙ මුහුදෙ යන මිනිහයි අතුරෙ යන මිනිහගෙයි ජීවිතේ කොයි වෙලේද ඉවර වෙන්නෙ කියල.ඒ තරමට 100, සීයක්ම අවිනිශ්චිතයි..මේ අවිනිශ්චිත බව එක්ක සැගවුන රහස ගැන තමයි අද ලියන්න යන්නෙ.


පොල් ගස වනාහි තාල වර්ගයට අයත් වන අතර එහි පල ප්‍රයෝජන සීමාවක්නම් නැත.ඒවා අතර අප ප්‍රදේශයටත් පුත්තලම ,ගම්ප දිස්ත්‍රීක්කය ඇතුළුව බේරුවල කොච්චිකඩේ ප්‍රදේශවලටත් ආවේනික වූ ප්‍රධාන කර්මාන්තයකි පොල් ගසේ පලෙන් ලබා ගන්නා කදුල හෙවත් රා.රා ගැන කියද්දි ඒකෙ ගොඩක් දේවල් පිලිබද මටනම් ප්‍රායෝගිකවම ලොකු අත් දැකීමක් තියෙනව.හේතුව මම එම කර්මාන්තයේ නියැලුනකෙනෙක් නිසා බැවිනි..

අපි පොල් ගසක් සිටුවා වසර ගනනාවක් බලා සිටි පසු එයින් පොල් හෝ පොල් වෙනුවට රා ලබා ගැනීමට ඉඩම් අක්කර ගනන් හෝ සුලු වශයෙන් භාවිතා කරනව.මේ සදහා එක්කො තම සන්තකව ඇති ඉඩම් වල ගස් හෝ නැත්නම් කුලී පදනම මත ( කුලී පදනම යනු එක ගසක් අවුරුද්දකට බැගින් ගස් ගොඩක් සන්ඛයාවක් ).මිලදී ගන්නව.ඉන්පසු භාරදූරම කර්‍ය වන්නෙ එම ගස් මැදීම හෙවත් රා මදින්න ලෙස විරිදාවලිය ලත් කෙනෙකු සොයා ගැනීමයි. (  මේකෙදි ඉතිහාස කතාවක් කියන්නම වෙනව අපිට මේ රා කර්මාන්තයට මිනිසුන් සහභාගී වෙලා තියෙන්නෙ ඉන්දියාවෙන් මෙරටට සන්ක්‍රමනය වූ දමිල මිනිසුන් හෙවත් අන්නෙ නමින් විරුදාවලිය ලත් පිරිසක්ලු..)ඉතින් ආයෙ කතාවට ආවොත් මේ මදින්න ඉතාම අත්දැකීම් බහුල පෘශ්ට දේහයකින් සමන්විත පුදගලයෙකි.හේතුව පොල් ගසට නැගීම සදහා ඉතා යෝග්‍ය ශරීරයක් සහ ශක්තිය තිබිය යුතුයි.( ඒ වගේ මිනිහෙක්ගෙ අතින් පාරක් කෑවොත් ඉදල ඉවරයි,මොකද ඒ තරමටම කර ගැට අත් පා වල පිහිටා තිබීමයි.එහෙම වෙන්නෙ නිතරම කඹ සහ මට්ට ස්පර්ශ වීම නිසයි.)

රා මදින්නා සහ ඊ සදහා අවශ්‍ය ආයුධ කට්ටලය හෙවත් ආම්පන්න ටිකත් සපයාගන්න වෙනව..ඔහුගේ නිළ ඇදුම ලෙස යොදා ගන්නා නිල් පාටින් මසා ගත්ත කුඩා රෙද්දක් ,මෙයට අපි කියන්නෙ කච්ච රෙද්ද කියල ( මේකත් ඉන්දියාවෙ වචනයක් වෙන්න ඕනා


 1 කච්ච රෙද්ද්ද
 2 ලබු ගෙඩිය,( ෆයිබර් ග්ලාස් වලින් සෑදූ )
 3 මල් තැලුම
 4 මල් කපන පිහිය
 5 අත් පිහිය හෙවත් 
 6 පා පැදිය
7 අත් බැනියම




( මෙන්න ඉන්නව හය හතරෙ පොරක් )

















ආයෙත් කතාවට ආවොත් රා මදින්න සහ මුදලාලි අතර සිදුවන සම්බන්දතාවය අනුව රා මැදීමට ආරම්භ කරනු ලබනව.මුදලාලි යනු ගස් කුලියට අරන් පුදගලයකු ලවා රා ලබා ගැනීම හෝ තමන්ගේම දේපල ඉඩම් වල ගස් වලින් රා කර්මාන්තය කරන පුද්ගලයාය.
ගසක් මැදීම කියල තමයි අපි හදුන්වන්නෙ රා ලබා ගැනීමට කරන ව්‍යායාමයේදි.මුලින්ම කියනව නම් රා මදින්නට උචිත ආයුද කට්ටලයක් සහ නිල ඇදුමක් සපයා දෙන්න ඕන.(වර්තමානයේනම් කොට කලිසම සහ බැනියම් වලට මාරු වී ඇත)..පොල් ගස් ගත්තට එයින් නිශ්පාදනයක් ලබාගන්නටනම් මාස දෙකක්වත් අඩුම තරමේ බලන් ඉන්න වෙනව..ඒකට හේතුව මුල් කාල සීමාව යොදා ගන්නේ පොල් ගසේ හොදින් වැඩුනු පොල් මල් තැලීම සදහාය.මේ වනාහී ඉතා භාරදූර කාර්‍යයකි.

දැන් ඉතින්  මදින්න පටන් ගත්ත කියමුකො..ඔන්න ඉතින් උදේ හවස දෙවතාවක් මේ මල් තලන්න ඕන.ඒකට අපි කියනව පදම් කරනව කියල. (හරියට ප්‍රොබේශන් පීරියඩ් එක වගේ) මේ කාලය තුල නොවරදවා මල් තැලුවේ නැත්නම් නිසියාකාරව ඉන් පසු ලැබෙන ප්‍රථිඵලය සාර්ථක වන්නෙ නැත.මොකද නිසියාකාරව මුල් මාස ය තුල තලන ආකාරය අනුව තම එම මල් නියම විදියට පදම් වී කදුලු හෙවත් රා එලියට එන්නෙ.


(  මේ තියෙන්නෙ කදුලු මල )


ඔය විදියට පදම් කාලය ගියාම ඉන් රා බාන්න හෙවත් මලෙන් රා ගන්න කාලය උදා වෙනව.මේකෙදි  මැටියෙන් සෑදු මුට්ටි, දිග කඹ (ලණූ)  යොදාගෙන ගස මුදුන සිට පහලට බාගන්නව හෙවත් රා ලබා දෙනව.








                                           ( රා මුට්ටි )




.










මැදීම සදහා ගස් සකස් කිරීම 

රා මැදීම සදහා ගස් සකස් කරන්නෙ මෙහෙමයි.අපි හිතමු ගස් පනහක් තියෙනව කියල එකම පේළියකට සැදිල හෝ කිසියම් පිලිවෙලකට පිහිටල.ඒ වගේ අවස්ථාවක ඕන කරන්නෙ මුල් ගස එකේ සිට පනස්වන ගස් දක්ව අර කලින් කිව්ව කඹ ආකාරයෙන් ගසේ පොල් අතු ව්ලට ආසන්නව  ගස් දෙකක් දෙක යා වන සේ අතුරක් ලෙස සකස් කර ගන්නව.මෙතනදි පලමු ගසට නැගීම සදහා පොල් ලෙලේ වලින් සාදාගත් අපි ඒවට කියනව පොල් මට්ට කියල,ගස දිගේ ඉහලට ඉහලට පරතරය අඩි දෙකක් පමන වන්සෙ ගසට සිර කර බැද තබනව.මේ ලෙස ඉහලට ගිය පසු අතුර ( කඹ ) හමුවන් අවස්ථාවේදි එම අතුර මාර්ගයෙන් ගසකින් ගසකට මාරු වී තම රාජකාර්ය කරගෙන යන්න පුලුවන්..ඒසේම් මෙම උඩ සිදුවෙන කාර්‍යභාරය සහ අවිනිශ්චිත රැකියාව නිම කර බිමට බහින්නත් අර මන් කිව්ව ගස්වලින් 50 වන ගසටද පොල් ලෙලි මට්ට වලින් සකස් කරගෙන සීරුවට බහිනව

ඉතින් ඔය විදියට උදේ සහ සවස ලෙස දෙවතාවක් මේ රාජකාරියෙ යෙදෙන්න වෙනව.මොකද නැත්නම් පොල් රා විනාකිරි බවට පත් වෙනව.







අතුර , අතුරේ යනෙනා ගමන 









 පොල් ලෙලි වලින් සකස් කර ගන්න මට්ට





      ලණු හෙවත් කඹ





නගින බහින ආකාර




 ( මේ වගේ ගස් උසින් මීටර 50 ට වඩා තියෙනව.අපෙ දෙ ඇස් වලින්  අනන්තවත් දැක තියෙනව ගහෙන් 
වැටෙන අවස්තා.මීකට අපි කියන්නෙ ගහෙන් පාත් වෙනව කියල.
අර බලලුන්ට හත් පණ තියෙනව වගේ සමහරු වැටුනත් මැරෙන්නෙ නැතිව බේරිලත් තියෙනව.අපේම ගස්වලින් දවසක් වැටුන මනුස්සයෙක් බේරුන බේරිල්ල දැකල මාර සතුටක් ආවෙ.හැබැයි ඉතින් වන්දි ගෙවන්න ඕන.නැත්නම් කේස් තමා.    ) 



                                                                                                                                                                                                                                                                                                                                                                      
වැටුප් ලබන ක්‍රමය             **********  මට්ට බැදීම                                                           
     මාස්පතා හෝ සතිපතා වැටුප් ගෙවන අතර වැටුප් ලබන්නේ ඉහත කිව්ව ආකාරයට බිමට බාල දෙන රා ප්‍රමානය අනුවයි.එය ගැලුන්බ්සහ බෝතල ස0ඛ්‍යාව අනුව තීරනය වේ..ගැලුමකට රුපියල් 50 හා ඒ හා ආසන්න ගනනක් ගෙවනු ලබයි.පාලන් මිලක් නැතුවා මෙන් එක් එක් අය වෙනස් ආකාරයට ගෙවති.
.

වර්තමාන තත්වය
.
මීට වසර 10 කට පමන පෙර ඉතාම සාර්තක ස්ව්‍යන් ව්‍යාපාරයක් වූ අතර කාලයාගේ ඇවෑමෙන් ස්වාභාවික පොල් රා වෙනුවට ඇමෝනියන් සීනි සහ විශේශිත වූ රසායනික ද්‍රවය භාවිතා කරමින් නිශොආදනය කරන රා මුදලාලිල බිහිවීමත් බහුල වශයෙන් අපගේ ප්‍රදේශය හා අවට ගමාන වල ජනයා විදේශගත වීමේ ප්‍රවනතාවය නිසා සම්පූර්නයෙන්ම මෙම වැයාපාරය වෙනස් මුහුනුවරකට වර්තමානයේ හැරී ඇත.ඒ වගේම රා මදින්නන් ගේ දුලබතාවය නිසා මුදල්,බලය ඇති සල්ලිකාර රා මුදලාලිල ක්‍රතිම රා වයාපාරයේ යෙදී සිටිති.ඔවුන්ට පොල් ගසින් රා ලබා ගන්න අවශ්‍ය වන්නෙ ඉතා මද ප්‍රමානයකි.මොකද එය ඉතා විශාල ලීටර් ප්‍රමානයක් බවට ඔවුන්ටපත් කර ගැනීමට හැකිය( ගැලුම් ලීටර් වුනේ මෙතන ස්කාගාර ස0ස්ථාව ලීටර් වලින් ගනනය කරන නිසාය.,ස්කාගාරය යනු රා ලබා ගන්නා තැන්..අපේ මහ මුදලාලිනම් ඩිස්ටලරීස් කොම්පනි ඔෆ් රොක්ලබ්ඩ් කියන ආයතනට දිල විශාල මුදලක් උපයා ගන්නව.(.මෙහි සැගවුන කතා එමටයි..කියන්න ඔඉන නැහැනෙ.ජරාව ජරාව.)..

සාමාන්‍යෙන් පොල් ගස් 50 කින් රා ගැලුම්6, 7 දවසකට ලබා ගන්න පුලුවන්.සමර ගස්නම් ගිඩක් අඩනව.සමහර ගස්නම් අඩන්නෙ බොහොම ටිකයි....මාසෙකට රුපියල් 50000 ආසන්න වැටුපක් ගන්න අයද තාම ඉන්නව අපේ ගම් පලාත්වල.මොකද මගෙ මස්සිනා කෙනෙකු තාම මෙම වයාපාරයේ යෙදී සිටිනව.නමුත් අර කිව්ව වගේ කෘතිම රා කර්මාන්තයේ නොයෙදේ..මෙලෙස සුලු සුලු කර්මාන්ත කරුවන්ගේ රා ලොකු ලොකු කර්මාන්ත කරුවන් අරගෙන රා මවා නිකන් ඉදගෙන ලක්ශ ගනන් උපයා ගන්න එක අපිට ඉරිසියාවට කරුනක්  නොවේ.නමුත් අද ලෝකයේ කොහෙ බැලුවත් සිදු වන්නේ .. මෙයයි.

ඊලග පෝස්ට් එකෙන් කියන්නම් පොල් රා ගසෙන් ලැබෙන අජරාමර නිශ්පාදන....


 ( දෙවන කොටස බලාපොරොත්තුවන්න )



(ඉස්සරනම් ඔන්න ඉතින් ඉස්කොලෙ යාලුවො කැම්පස් එකේ යාලුවො ඔෆිස් එකේ යාලුවො එහෙම ඇවිත් රස බලල කරපු කෝලන් මතක් වුනාම බක බක ගාල හිනා.මොකද නොදැකපු නො බලපු රසයක් ආස්වාදය කොරන්න ගිහින් සිද්ද් වෙච්ච අකරතැබ්බවල් ගොඩයි ඒ දවස්වල)

Wednesday, October 7, 2015

මළ ගෙවල්වල එල්ලෙන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එක ****


ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්!

මළ ගෙවල්වල එල්ලෙන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එක ****
*************************************************************************
මළ ගෙවල්වල එල්ලෙන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එක
අපි මළගෙයකට ගියාම, ගොඩක් වෙලාවට දකින එකක් තමයි, "අනිච්ඡාවත සංඛාරා" ලොකු කළු අකුරෙන් ලියලා බැනර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් නිකමටවත් අපිට හිතුනද මොකක්ද මේ කියලා තියෙන්නේ? මේකෙ සැඟවුණු දහම් අරුතක් තියෙනවාද කියළා. ඇහුවාම කියන්නේ "සියළුම සංස්කාරයෝ අනිත්‍යයි" කියළානේ. ඕකෙන් මොනවද අපි දැකපු සත්‍ය. මෙයින් කියවෙන ධර්මතාවය ගැන අවබෝධ වී ඇත්තේ කීයෙන් කීදෙනාටද. මෙම ගාථාව අරිහතුන් වහන්සේලා නිතර භාවිතා කරපු, අවබෝධ කරගත්ත ධර්මතාවයේ ගාථාවක්. මහරහතන් වහන්සේලා තමන්ගේ යථාවබෝධය ලැබුනායින් පසු උන් වහන්සේලා මේ ලෝකේ දැක්ක හැටි විස්තර කරන ගාථාවක්.

සාරයි කියන දෘෂ්ඨියේ ඉඳගෙන, හිතනවා නම්, කියනවා නම්, කරනවා නම්, ඔය වැඩ පිළිවෙල කැමති සේ නැති වැඩ පිළිවෙලක්. කැමති සේ පවත්වාගෙන යන්න උත්සහ කරන, කැමතිසේ පවත්වන්න බැරි වැඩ පිළිවලක්. සංඛාර අනිච්ඡයි කිව්වේ ඕකයි. එදා කෙනෙක් මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ මළ ගෙදර වැඩිය ආර්‍යය භික්‍ෂූන්වහන්සේ, සංඛාරයන්ගේ අනිච්ඡතාවය පෙන්වන්න හොඳම අවස්ථාව ලෙස ගෙන ඕක විස්තර කලා.

මෙය උපමා වශයෙන් බලමු. හොඳම උදාහරණය ලගම තියෙනවා. මෙච්චර කල් හිතන් හිටියේ කොහොමද ලෝකේ අල්ලන්න නේද දැඟලුවේ ඉන්නකල්. ලොකුකම් කරගෙන, ගහබැන ගෙන, මරාගෙන ,අයිතිවාසිකම් කියාගෙන කොහොමද හිටියේ. මොකද අද වුනේ. ලස්සන කරන්න, හැඩ වැඩ කරන්න, සුන්දර කරන්න, මේ ශරිරය පෝෂණය කරන්න දඟලලා අද මොකද වෙලා තියෙන්නේ. ඔය කරපු වැඩ පිලිවෙලේ හරය දැන් පේනවා නේද. අපේ කැමැත්ත, හොද හැටියට පවත්ව ගන්න. නමුත් උනේ මොකක්ද ඔක්කොම නැතිවෙලා ගියා. මෙන්න මේ ශරිරය දිහා බලලා ඕක තේරුම් ගන්න කියලා එදා හිටපු පිරිසට ධර්මයක් දේශනා කලා. ඔය හරියටම දැකලා අවබෝධ කරගෙන කියූ ගාථාව තමයි අද සම්ප්‍රදායක් විදියට මළ ගෙදරට ඇවිල්ලා භික්ෂූන් වහන්සේලා දැන් කියන්නේ.

ඕක බලාගෙන හිතාගන්න ඔය ගොල්ලොත් ඉපදුනා නම් ඔය වගේම වැනසිලා යනවා. හදාගෙන, රැකගෙන, පෝෂණය කරගෙන ඉන්න හැදුවත් හම්බවෙන්නේ නැහැ. ඔය අසහනය නවත්වා ගත්තේ නැත්නම් ගමන ඉවර නැහැ. නැවතක් ඔය වගේ දෙයකට උරුමකම් කියනවා. ඕක තමයි අපි මෙච්චර කල් ආපු ගමන. ඔය ගමනෙ හරයක් හම්බවුනාද ? එහෙනම් මොකද්ද හරය. ඔය බලාපොරොත්තු සදහටම නැතිවෙලා ගියා නම් එදාට අසහනයෙන් නිදහස් වෙනවා, පැවැත්මෙනුත් නිදහස් වෙනවා. ඔය මළ මිනිය බලලා ඕක තේරුම් ගන්න කියලා විග්‍රහ කරලා දුන්නා.

ගෝකන්න බවුද්ද විහාරය හෙවත් ත්‍රීකුණාමලය කොරනේශ්වරම් හින්දු කෝවිල.........

ගෝකන්න බවුද්ද විහාරය හෙවත් ත්‍රීකුණාමලය කොරනේශ්වරම් හින්දු කෝවිල.........


 නැගෙනහිර පලාතෙ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙ පිහිටි මෙම ස්ථානය අද වනවිට හින්දු කෝවිලක් බවට පත්වී ඇත.(.නමුත් අතීත ශිලා ලේඛ්හන අනුව මෙය ක්‍රිස්තු වර්ශ 3 වන සියවස රජ කල මහසෙන් රජු දවස ඉදි වූවකි.නමුත් අතීත රාවණා කතා වලට අනුව මෙහි තොරතුරක් අනුව උතුර ඉන්දියාවෙ කර්නාට ප්‍රදේශයෙ ඇති මහ බලෙශ්වර් කෝවිල පාලනය කල ශිව දෙවියන්ගෙ ස0කල්පයක් අනුව එකල ශ්‍රීල0කාවේ ආරක්ශාව වෙනුවෙන් රාවන පැමිණි අතර එහිදී සිවගේ ස0කල්පයක් ඇතිව මෙය බිහි වන්නට ඇතිබද රාවණා ප්‍රභන්දවල සදහන් වේ.).
 කෙසේ වෙතත් පෘතුග්‍රීසින් ල0කාවට පැමිණි කාලයේ මෙහි විසූ භික්ශුන් වහන්සේලා සහ යාපනය අවට ඇති කදුරුගොඩ විහාර  ආදියෙන් එකල මෙය බවුද්ද විහාරයක් බව මොනවට පැහැදිලි වේ..පරන්ගින් විනාශ කරනතාක් කල් එහි හාමුදුරුවන් වහන්සේලා වැඩ විසූ බවත් බවුද්ද පරිසරයක් තිබූ බවත් පිලිගත හැකි බවට සාක්ශි එමටය.
කාලයාගේ ඇවෑමෙන් දමිල පරිසයක් බිහිවීම තුල ක්‍රමයෙන් මෙම විහාරය ද්‍රවිඩකරනයට නතුවිය.එසේ කියන්නෙ අතීතයෙ ගෝනගම පත්තාන, ගෝකන්න ලෙස සින්හල පරිසයක බිහිවූ අතර පසුව එය ගෝන .gona  ලෙස කෙටියෙන් භාවිත වන්නටත් විය.ඉන්පසු ක්‍රම්යෙන් එය ගෝනකතිත්ත Gonakathitta ලෙසත් සිරිගෝනකන්ද ලෙසත් වෙනස්වූ බව මහාවන්ශය සදහන් කරයි. ක්‍රිස්තු වර්ශ 10 වන සියවස වනවිට මෙය සම්පූර්නයෙන් ද්‍රවිඩ ආභාශයක් ගන්නා අතර එය තුන් ආකාරයක නම් එකතු වීමකින් යොඋතුව තිරිකෝනේශ්වරම් ලෙස නම්කරන ලදි.( ඊට පෙර කියන්න ඕන ක්‍රිස්තු වර්ශ 10 වන සියවසේ තම තීකුනාමලය යන නම භාවිතයට ආවෙ.ගෝන , කෝන ලෙසත් , දමිලයන්ගෙ උතුම් යන අර්ථය සහිතව තිරිකෝනම් බිහිවිය.පසුව දමිල අයගේ භාවිතයේ එන මල්ලාඉ යන වචනය එක් කරමින් ත්‍රීකුණාමලයි ලෙස බිහිවිය....)( මලයාලම් සාස්තරෙ හොදට කියනවා කියල අහල ඇතිනෙ,,සමහර විට එවන් වචන ආභාශයක් ගන ඇති.)

ක්‍රිස්තුවර්ශ 1956 වර්ශයේදී කොරනේශ්වරම් හින්දු කෝවිල බිහිවීමට පෙර මහාචාර්ය ජයතිලක මහතා විසින් කරන ලද වාර්තා අනුව එහි මුල් කාලයෙ සින්හල බවුද්ද පරිසරයක් සහිතව සහ විහාර පැවති බවත් දමිල අය වන්දනාමාන කිරීම සදහා මුහුද ආසන්නයේ ප්‍රදේශයක් යොදාගත් බවත් සදහන් කරනව.
ඒ කෙසේ වෙතත් ෆෙඩ්‍රික් නෝර්ත් අඬුකාරවරයාගේ අණ පරිදි කරන ලද කැනීම් වලදි මෙය ක්‍රිස්තු වර්ශ 8 වන සිය වසේදී අග්බෝ රජු විශින් නැවත ප්‍රතිස0ස්කරනය කල බවත් එහිදී විශාල බුද්ද ප්‍රතිමා සහ බවුද්ද නටබුන් සොයාගත් බවත් ඒවා  1 වන සියවස දක්වා දිව යන බවත් සදහන් වේ.ඒ වගේම් දැනට මෙම කෝවිල අසල ඇති බෝ වෘක්ශයද විහාරයට අයත්ව තිබූ බවත් පසු කාලීනව කරන ලද කැණීම වල්දි හෙලි වූයේ මෙමෙ ප්‍රදේශය ක්‍රිස්තු පූර්ව 5 වන සිය වසේ ආරම්භ වූ බවයි.එසේ කීමට හේතුව  කැණීම් වලදී සොයාගත් බ්‍රාහ්මීය ශිලා ලේඛන හා නටබුන් මගින් එය තහවුරු කර ගත හැකි නිසාය.ඔබ අප දන්න පරිදි ලන්කාවේ දමිල ආක්‍රමන පැවති අතර ත්‍රීකුණාමලය ප්‍රදේශය මුහුද ආසන්නයේ පැවතීම ඔවුන්ට ඉතා පහසු වෙන්න ඇති කියා අපිට සිතිය හැක.වරින් වර දමිල ආක්‍රමන සමග සටන් කර බේරාගත් මෙම ප්‍රදේශයෙ ක්‍රමයෙන් වර්තමානයේදී මුලුමනින්ම  දමිල පාලනයකට සහ ජනඝනත්වයෙන් බහුල ප්‍රදේශක් වීමෙන් අපිට අහිමි වුන විහාරයේ ප්‍රවුඩත්වය බිහිවීම බවුද්දයාට හිමි විය යුතුය.
විශේශයෙන් අග්ගබෝදි රජතුමා,පරක්ක්‍රමභාහු රජතුමා  දමිල හමුදා සමග සටන් කර අත්පත් කරගත් ප්‍රදේශයේ බවුද්ද පුර්ජීවය නැවත් ය්තා තත්වයට පත් කිරීමට දිවිහිමියෙන් ක්‍රියාකලහ..ඒ වගේම් මෙහි ශිලා ලේඛනවල දැක්වෙන පරිදි ගෝකන්න , ගෝන ,සොරගම තිත්ත,ගෝකන්න්තිත්ත යන වචන එකල පාලනය කල භද්දකච්චායනා කුමරිය,පඩුවස්ද්වු රජු යන අය භාවිතා කරන්න ඇතැයි යන්න අනුවද මෙම ටිරුකෝනේශ්වරම් කෝවිලේ ඉතිහාසය පුරා වසර 2500 කට එහා දිව යනව බව පෙන්වා දිය හැක.






මූලාශ්‍ර


1. Journal of the Royal Asiatic Society (Ceylon Branch)

2. Paranavithana,Senerat Inscriptions of Ceylon.

3. Epigraphiya Zeylanica

4. Spolia-Zeylanica

5. Ancient Ceylon-The journal of the Archeological Dept.

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා




ජාතියේ මුර දේවතාවන් වන ගුරුවරුන් නමදිමු
ආචාර්‍ය භක්තිය
උගන්වන්නා ආචාර්‍යවරයා වේ,භාශා ශාස්ත්‍ර පමණක් නොවහස්ත කර්මාන්තය වෙලදාම ආදී දේද උගන්වනා ආචාර්‍යවරයා වේ.ඔබගේ ජීවිතය කෙසේ නමුත් යහමගකට පමුණුවා ගැනීමට මාර්ගය පෙන්වූ තැනණ්ත්තා ආචාර්‍යවරයා බව සැලකිය යුතුය
ඔබගේ ආචාර්‍යවරයාට ඔබ කොතරම ඔබ කොතරම ආදරය විය යුතුද ,ගවුරව කල යුතුද?ආචාරයැ භක්තිය ඔබ තුල යම් තරමක් බලවත්ද ?එතරමටම ඔබගේ දියුණුව අභිවුර්ධිය වැඩිවන්නේය.ගුරුව්‍රයා කෙරෙහි ඔබගේ භක්තිය ඇතිවිට ගුරුවරයාද ඔබට මහත් භක්තියෙන් ආදරයෙන් වැඩ කරයි උගන්වයි යහමග කියා දෙයි
එවිට ඔබගේ දියුණුව  පුර පක්ශයේ චන්ද්‍ර‍යා මෙන් දිනෙ දින දියුනු වේ
ගුරුවරයාගෙ හිත රිදවා ලැබියන්යුතු ආශිර්වාදය නොලදහොත් කිසිවිටක ඔබට දියුනු විය නොහැක.

Saturday, October 3, 2015

සිත තුළ අකුසලය හටගත්විට එයින් කර්ම සකස්වන ආකාරය

සිත තුළ අකුසලය හටගත්විට එයින් කර්ම 

සකස්වන 

ආකාරය පිළිබඳ සාමාන්‍ය පුහුදුන් ලෝක සත්වයාට 

අවබෝධයක් නැත




. අවිද්‍යාවෙන් යුක්ත බැවින් සිතට වහල් වී කර්ම රැස්කරයි. එම කර්ම විපාකදෙන බවත් එයින් බේරීමට ස්ථානයක් නොමැති බවත් පුහුදුන් සත්වයාට වැටහෙන්නේ නැත. සියල්ල අවබෝධ කර ගත් ලොව්තුරා බුදුන්වහන්සේ පමණයි කර්මය පිළිබඳ සත්‍ය වශයෙන් කරුණු කාරණා දේශනා කොට වදාළේ.

"අපාය" යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි.
බෞද්ධයින් වශයෙන් අප කාටත් අපාය යන වචනය ඇසෙත් ම බිය මුසු අකැමැති ස්වභාවයක් අප සිතට නැගෙයි. ඊට හේතුව ‘පව් කරන අය අපායේ යති’ යන මේ සංකල්පය කුඩා කල සිට ම අප කාගේත් සිත් තුළ පැළ පැදියම් වී ඇති බැවිනි. කුඩාකල අප පාපයෙන් වැළැක්වීම පිණිස මෑණියන් අපට අවවාද දෙන්නේ ‘පව් වැඩ කරන්න එපා. පව් කරන අය අපායේ යනවා’ යන වදනින් ය. කුඩා කල අපාය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? යන්න අපට ප්‍රශ්නයක් වූව ද අපට අපේ මෑණියන් කියාදෙන අපායේ ඇති ගිනිදැල්, ලෝදිය, කටුඉඹුල වැනි දේ කිසිදා අමතක නොවෙයි. මේ නිසා ම අප බොහෝ දෙනෙක් පාපයන්ගෙන් වැළකීමට හෙවත් අයහපත් දේ නොකිරීමට යම් තරමකට පෙළඹවීමක් ලබා දෙයි.

දහම් පාසල තුළින් ද පාසල තුළින් ද ප්‍රාථමික අධ්‍යාපනයත් සමඟ අපට පන්සිල්වල වටිනාකම තේරුම් කිරීමට උත්සාහ කරන්නේ ‘සතුන් මරන්න එපා අපායේ යනවා. අනුන්ගේ දේවල් ගන්න එපා අපායේ යනවා. කාමයේ වරදවා හැසිරෙන්න එපා අපායේ යනවා. බොරු කියන්න එපා අපායේ යනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා අපායේ යනවා’ යන අවවාද වලිනි.

මේ නිසා අපාය යන සංකල්පයට ඇති බිය නිසාම පන්සිල්වල නියම අර්ථය නොදැන ගත්ත ද ඒවා ආරක්ෂා කිරීමට අප පුංචි කාලයේ සිට ම හුරු පුරුදු වෙයි. එයින් අප නොදැනුවත්ව ම අපේ ජීවිතවලට යම් සදාචාරාත්මක හරයක් එකතුකර ගනියි. එබැවින් අප පාපයෙන් වැළැක්වීම පිණිස අපාය යන සංකල්පය ඍජුවම අපේ ජීවිතයට බල පා ඇති බව මෙයින් පැහැදිළි වෙයි. අප පව් නොකළ යුත්තේ අපායට ඇති බිය නිසා ද? එසේ නැතිනම් එයින් අප ජීවිතයට යම් අගතියක් වීමට ඉඩ ඇති නිසා ද? එසේත් නැතිනම් අපේ ආගමට දහමට ඇති ගෞරවය නිසා ද යන්න අවබෝධයෙන් තේරුම් ගත යුත්තකි.
මේ කරුණු සලකා බලන විට ‘අපාය’ යනු පව්කම්වල නිරතවන සියලු දෙනා මතු භවයන් හි දී ඔවුන් කළ අකුසල කර්මයන්ට අනුව විපාක ලබා දෙන ස්ථානයක් බව දහම පිළිබඳ සුළු හෝ දැනුමක් ඇති කාට වුව ද පැහැදිලි වෙයි. මේ නිසාමය අප කවුරුත් අපාය යන වචනයට අකැමැත්තක්, බිය මුසු ස්වරූපයක් මෙන් ම පිළිකුල් හැඟීමක් ඇති කරගනු ලබන්නේ.

බුදු දහමෙහි නරකය – තිරිසන් - ප්‍රේත – අසුර යනුවෙන් සතර අපායක් පිළිබඳ කරුණු ඉදිරිපත් කොට ඇත. නරකය යනුවෙන් අදහස් කරන්නේ නිරයෙහි අනන්ත දුක් විඳින සත්ත්වයන් ය. තිරිසන් යනුවෙන් අදහස් කරන්නේ තිරස් අතට හෙවත් හරහට යන සතුන් ය. එනම් අලියා ඇතාගේ සිට සියලු සිව් පා සතුන් මෙම වර්ගීකරණයට ඇතුළත් වෙයි. ප්‍රේත යනු නිසි පරිදි ආහාර - පාන, වස්ත්‍ර - වාසස්ථානාදිය නොලබා දුකසේ ජීවත්වන එමෙන් ම අප්‍රසන්න හා විරූපී ශරීරයන්ගෙන් යුතුව දිවිගෙවන පිරිසකි. අසුර යනු දෙවින්යන්ට පරාජය වූ දෙවියන්ගේ පිළිකුලට භාජනය වූ දෙවියන්ගේ සතුරු පිරිසකි. මේ සතර අපාය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මතු ලිපිවල පළ කිරීමට බලාපොරොත්තු වෙමු.
අපාය යන පදය බුදු දහමෙහි බොහෝ තැන්වල විස්තර වන්නේ තනි පදයක් ලෙස නොවේ. තවත් පද කිහිපයක් සමගිනි. එනම් ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං’ යනුවෙනි. මෙහි දී ‘අපායං’ යන පදය හා ‘දුග්ගතිං විනිපාතං’ යනු සෙසු පදත් නිරය, යන්නට විශේෂණ පද ලෙස යෙදී ඇත. ඒ අනුව බලන විට අපාය යන්න මෙහි දී විස්තර වන්නේ නිරය යන්නට විශේෂණ පදයක් ලෙසය. ‘අපායං’ යන්නෙහි තේරුම වන්නේ සැපයක් නැති (අ+පායං) තැන යන්නයි. ‘දුග්ගතිං’ යන්නෙහි තේරුම නපුරු ගති පැවතුම් ඇති තැන යන්නයි. ‘විනිපාතං’ යන්නෙහි අදහස නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති තැන යන්නයි. ‘නිරයං’ යනු නරකය හෙවත් පව් කළ අය උපදින ස්ථානය යන්නයි. ඒ අනුව මේ පද හතරෙහි තේරුම ‘සැපයක් නැති, නපුරු ගතිපැවතුම්, ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති පව් කළ අය උපදින ස්ථානය’ යනුවෙන් අර්ථ දැක්විය හැක.
සත්තං කායදුච්චරිතෙන සමන්නාගතා වචිදුද’දරිතෙන සමන්නාගතා
මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා
මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපා යං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා
ඉහත සූත්‍ර පාඨයෙන් පැහැදිළි වන්නේ කයෙන් දුසිරිතෙහි යෙදුණු වචනයෙන් දුසිරිතහෙි යෙදුණු මනසින් දුසිරිතෙහි යෙදුණු ආර්ය ධර්මයට නිගරු කරන වැරදි වැටහීම් ඇති වැරැදි කර්මයන්හි යෙදුණු පුද්ගලයින් සිරුරේ බිඳීමෙන් හෙවත් මරණින් පසු සැපයක් නැති, නපුරු ගතිපැවතුම් ඇති නපුරු හා දරුණු වැටීම් හෙවත් පතිතවීම් ඇති නිරයෙහි උපදින බවයි.

පෙළ දහමෙහි අපට වැඩි වශයෙන් හමුවන්නේ 'නිරය' යන වචනයයි. එමෙන් ම ‘නේරයිකා සත්තා’ යන වචනය ද අපට හමුවෙයි. නේරයිකා යන වචනයෙහි තේරුම නිරයෙහි උපන් යන අදහසයි. ඒ අනුව නේරයිකා සත්තා යන්නෙන් නිරයෙහි උපන් සත්වයෝ යන අදහස එයි. එසේ වූව ද අප දෛනික ව්‍යවහාරයේ දී බොහෝ සෙයින් භාවිත කරන්නේ අපාය හෝ දුගතිය යන වචනයන් ය. ඒ සියල්ලන්ගේ ම එකම අදහසක් ඇති බව පැහැදිලි වෙයි. එනම් ‘සැපයෙන් තොර දුක් සහිත ස්ථානයක උපන් අය’ යන්නයි.

සත්ත්වයින්ගේ උප්පත්තිය සිදුවන ක්‍රම හතරක් පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ විස්තර වෙයි. එනම්, අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික වශයෙනි. මෙයින් හතරවන තැනට විස්තර වන ඕපපාතික යන්නෙහි අදහස ඉබේ පහළවන යන්නයි. ඒ අනුව ඉබේ පහළවන සත්ත්වයන් මෙසේ ය. දෙවියන්, නිරයේ උපදින අය, ඇතැම් මිනිසුන්, දුක්විදින ඇතැම් ප්‍රේතාදීන් යන මේ පිරිස් ඕපපාතික ගණයට අයත් වෙයි.
කතමා ච, සාරිපුත්ත , ඕපපාතිකා යොනි? දෙවා, නොරයිකා, එකච්චෙ ව මනුස්සා, එකච්චෙ ච
විනිපාතිකා අයං වුව්වති, සාරිපුත්ත, ඕපපාතිකා යොනි,
මජ්ක්‍ධිම නිකාය – මහා සීහනාද සූත්‍රය
මෙහි දී අපායෙහි හෙවත් නිරයෙහි උපදින සත්ත්වයන් ලෙස ‘නෙරයිකා’ හා ‘විනිපාතිකා’ යන වර්ගීකරණයන්ට අයත් සත්ත්වයන් හඳුනාගත හැකිය. ඒ අනුව අපායෙහි හෙවත් දුගතියෙහි පහළවීම හෙවත් හටගැනීම සිදුවන්නේ තමා කළ අකුසල කර්මයේ විපාකය අනුව බව මෙයින් පැහැදිලි වෙයි. නිරයේ හෙවත් අපායෙහි විවිධ වර්ගීකරණයන් ඇත. එමෙන් ම ඒ ඒ නිරයන්හි ප්‍රමාණයන් මෙන් ම ඒ ඒ නිරයන්හි දී පමුණුවන දඬුවම හා ආයුෂ ප්‍රමාණ ආදියෙහි විවිධ වෙනස්කම් ඇත.

අකුසලමූලයෝ තිදෙනෙක් වෙති. ලෝභය අකුසල මූලයෙකි, ද්වේශය අකුසල මූලයකි, මෝහය ද අකුසල මූලයක් වේ. මිනිස් සිතේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ලෝභය නමැති අකුසල මූලය වැඩෙන ආකාරය විමසීමට ගනිමු. නුනුවණින් මෙනෙහි කරන්නාට ලෝභය නමැති අකුසල මූලය හටගත් විට එය මුල්කොට ගෙන මසුරු සිත බලවත් වේ.
එසේ ලෝභ සහගත සිතිවිලි නැවැත නැවැත රැස් කරමින් අපිරිසුදු සිතින් වචනයෙන්, කයින් කර්ම රැස් කරයි. මසුරු වූයේ ලෝභයෙන් ම සිත මැඩ ගත්තේ වෙයි. භාවිත වූයේ වෙයි. ප්‍රබල වූයේ බලවත් ලෝභ සිතැත්තේ වෙයි. හෙතෙම තමාට අර්ථ සාධනයක් සලසා ගැනීමට කැමැත්තෙන් එනම් ඡන්ද රාගයෙන් අන් අයට වධ පමුණුවයි.
ඒ තුළින් තාවකාලිකව සතුටු වී ජීවත් වූවත් ඒ ඒ පුද්ගලයාගේ සීලාදි ගුණ ධර්මයන්ගේ ප්‍රමාණ මත තමාට එහි විපාක ගෙවීමට සිදුවෙයි. ඒ පිළිබඳ හැඟීමක් අවබෝධයක් නැතිව පුහුදුන් සත්වයෝ මරණින් මතු සතර අපායට වැටී අනේකවිධ දුක් විඳිති. එහි කාලවකවානුවත් කිව නොහැකි ය.

ද්වේශය ද අකුසලයකි. එය සිතෙහි බලවත් වූ විට සිතින්, කයින්, වචනයෙන් අකුසල කර්ම රැස් කරයි. සිත මැඩගෙන පවතියි. ද්වේශ මූල සිත බලවත් වූයේ මෙරමා හට නපුරු වචනයෙන් පරිභව කරයි. රළුවදන් ප්‍රකාශ කරයි. දුශ්චින්තාම සිතයි. වධ පමුණුවයි. බන්ධන සිදු කරයි. අත් පා සිඳියි. ධන හානි පමුණුවයි. ගැරහීම් බහුලව සිදු කරයි. මං පැහැර ගනියි. ජීවිත විනාශ කිරීමට පෙළැඹෙයි. මෙසේ අනේකවිධ දුක් පමුණුවයි. තමාට එහි කර්ම විපාක එන බව නොසිතයි. මෙසේ ද්වේශය නිධාන කොටගෙන, කරණ කොටගෙන එයම ප්‍රත්‍ය කරගෙන බාලතෙම මහත් වූ පාප ක්‍රියාවන් සිදු කර ගනී. එයින් අනිෂ්ඨ විපාක විඳීමට සිදුවෙයි. එසේ වූවත් බාලතෙම ඒ ගැන නොසිතා කටයුතු කරයි. විපාක දෙන විට ළයට අත් ගසා විලාප දෙමින් වැළපෙයි.
මෝහය ද බලවත් අකුසලයකි. මුළාවූයේ කරුණු කාරණා තේරුම් කරගැනීමට අදක්‍ෂ වූයේ, මෝහයෙන් මඩනා ලද්දේ එයින් බලවත් වූ සිත් ඇත්තේ අන් අයට වධ හිංසා සිදු කරයි. ධනය සොරකම් කරයි. බිය පමුණුවයි. අභූත චෝදනා ඉදිරිපත් කරයි. කළ නොකළ කාරණාවෙහි මුසාබස් දොඩයි. අනර්ථවාදී යැයි ද අධර්ම වාදී යැයි ද අවිනයවාදී යැයි ද මෝහය මුල්කොට ගෙන අන් අයට අවඥා කරයි. දොස් පවරයි. අවුල් කරනු පිණිසම උත්සාහ දරයි. සමඟි සමාදානය බිඳවයි. අඹු දරුවන් බිඳවයි. ගුරු ශිෂ්‍යයන් බිඳවයි. සේවක සේව්‍යයන් බිඳවයි. රජ සහ රට වැසියන් බිඳවයි. මෙසේ අනේකවිධ අකුසල කර්ම රැස් කරයි. එහි අනිටු විපාක තමා කරා පැමිණෙන බව බාල තෙම නොසිතයි. මුසා බස් දොඩමින් ගම් නියම් ගම් රටවල් ගිනි තබයි.

මෙසේ ලෝභය කරණකොට ගෙන ද්වේෂය කරණකොටගෙන මෝහය කරණකොටගෙන, එයම වැළැඳගෙන එයින් මැඩුණු සිත් ඇති තැනැත්තා මෙලොව දැඩි වෙහෙස සහිතව උපායාස සහිතව, පරිදාහ සහිතව බොහෝ කලක් දුකින් පීඩිතව වාසය කරයි. මෙලොව හාත්පසින්ම තැවෙයි. මරණින් මතු සතර අපාදී දුගතියම ලබයි. අතීතයේ ද වර්තමානයේ ද අනාගතයේ ද ලෝභ, ද්වේෂ, මෝහ මුල් කරගෙන සත්වයෝ වෙහෙසට පත් වී මහත් දුගතියට වැටී කාල පරිච්ඡේදයකින් තොරව අපමණ දුකට පත්වෙති. යම් හෝ ඵල දරණ ගසක් වසාගෙන මාළුවා වැල හාත් පසින් වර්ධනය වන්නේ වැඩීමට පත්වන්නේ එම ගස ඒ තුළින් වර්ධනයට පත්නොවන්නේ, විනාශයට පත් වන්නේ යම් සේද, ඒ ආකාරයෙන්ම ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසලයන් හාත්පසින්ම කුසල ධර්මයන්ගෙන් ඈත්කර පාපයට පත්කර බොහෝ වෙහෙස දෙවමින් සත්වයා මෙලොවත් තවා පරලොවද දුර්ගතියට පමුණුවන්නේ ය.

ලෝභයේ ආදීනවය සහ බියකරුභාවය වටහා ගැනීමටත් සංවේගය උපදවා ලෝභ, ද්වේශ, මෝහ ආදී අකුසල ප්‍රහාණ කිරීමටත් උනන්දුවනු පිණිස මේ කතාපුවත කවුරුන් අවධානයෙන් බලත්වා! ලෝසක හිමිට කිසි දිනක කුස පිරෙන්න ආහාරයක් ලැබුණේ නැත. ඊට හේතුව වූයේ පුරාණ අකුසල කර්මයක් විපාක දීමයි. කාශ්‍යප ලොව්තුරා බුදුන්වහන්සේගේ ශාසනයේ පැවිදිව හොඳින් සිල් ගුණ පුරමින් සිටියේ ය. එහෙත් ලාභාපේක්‍ෂාවෙන් රහත් භික්‍ෂූන් වහන්සේ නමකගේ සිවුපසය වළක්වාලීය. එම රහතන් වහන්සේට දායක පිරිස සලකනවාට කැමැති වූයේ නැත. එම භික්‍ෂූන් වහන්සේට දුන් කිරිබත් පාත්‍රය ද ද්වේශ සිතින් ගිනි අඟුරෙහි ලා පුළුස්සා දැම්මේ ය. මෙම පාපකාරී ලාමක අකුසලයෙන් අපායෙහි ඉපිද අනන්ත දුක් වින්ඳේ ය. ආත්ම පන්සියයක්ම පිළිවෙළින් යක්‍ෂයෙක්ව උපත ලැබුවේ ය. එම ජාති පන්සියයේම මහත් සා පිපාසයෙන් දුක් වින්දේ ය. එකම දවසක ගැබිමල කා කුස පුරවාගත්තේ ය.

ඉන්පසු තිරිසන් යෝනීයවන පහත් වූ සුනඛ ආත්ම පන්සියයක් උපත ලැබුවේ ය. එහි දී ද දුක් පීඩා වින්දේ ය. වමනය කළ බත් අසුචි කෑවේ ය. මනුලොව ද ඉපිද දුක් වින්දේ ය. අවසාන අත්බවෙහි පිළිසිඳ ගත් දා පටන් ගම්මානය ද පිරිහී ගියේ ය. මෙයට හේතු සොයන ගම්වාසීහු ගැබ්ගත් මව ගමෙන් පිටමන් කළහ. ඇයට ද කිසිම කෙනෙකුගෙන් පිළිසරණක් නොවීය. ආහාර, වස්ත්‍ර, ඉඳුම් හිටුම් නොවී අතිමහත් දුක් වින්දා ය. පසුව දරුවා බිහි කර යමක් ඉල්ලා ඇවිදීමට හැකි වයස තෙක් හදා වඩා කබලක් අතට දී මහ පාරේ අත්හැර දමා ගියා ය. එදා සිට මේ කුඩා දරුවා මහ මඟ ඉඳුල් කමින් දුකසේ හැදුණේ ය. දිනක් සැරියුත් මහරහතන් වහන්සේට මහ මඟ කබලක් ගෙන ඉතා දුක්බරව යන දරුවා දැක මහත් සංවේගයක් ඇතිවිය.

උන්වහන්සේ මේ දරුවා විහාරයට ගෙන ගොස් පැවිදි කළහ. ලෝසක හිමි සමඟ පිණ්ඩපාතයෙහි වැඩියහොත් සැරියුත් මහරහතන් වහන්සේට ද දානය නොලැබෙන්නේ ය. ඒ තරමටම අවාසනාවන්ත විය. රහත්වීමට පවා සසර පිරූ පාරමි දම් බලවත් වූවත්, ඒ පසු පස අකුසල කර්මයද පැමිණියේ ය. දානය පාත්‍රයට පුජා කරන්නට දායක පිරිස පැමිණියද පාත්‍රයේ දන් පිරී තිබෙන බව ඔවුන්ට පෙනී යයි. එබැවින් දන් බෙදීමක් සිදු නොවේ. ඇතැම් විට බෙදුවත් ඒ හැම වියැළී යන්නේ ය. ස්වල්පයක් ම ඉතිරි වන්නේ ය.

පිරිනිවන් පාන දිනතෙක් කුස පිරෙන්න ආහාරයක් නොලැබුණේ ය. ලෝසක හිමියන් පිරිනිවන් පාන දවසේ සැරියුත් මහරහතන් වහන්සේ විසින් තවත් භික්‍ෂුවක අතේ ලෝසක හිමිට දානය එවන ලදී. එම භික්‍ෂුවද අතරමඟ එම දානය වැළැඳුවේ ය. ලෝසක හිමිට නොලැබුණේය. එම කාරණය දැනගත් සැරියුත් මහරහතන් වහන්සේ සංවේගයට පත් වී ප්‍රණීත වූ චතුමධුර පාත්‍රය තමන් වහන්සේගේම අත මත තිබියදීම වළඳවන්නට සැලසූහ.
එදින පමණක් කුස පිරුණේ ය. එදිනම පිරිනිවන් පෑහ. එක් දවසක් කළ පාපකර්මය ආත්ම ගණනක් දුක් විපාක දීමට බලවත් වූයේ බුද්ධාන්තරයක්ම අපමණ දුක් වින්දේ ය.ඔබත් මෙලෙස අකුසල මූලයන්හි දොස් දැක ලාමක අකුසල වලින් මිදෙන්නට උනන්දුවන්න.

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular