Monday, November 9, 2015

ගැහැණු ලමයිනේ බලාගෙනයි


ගැහැණු ලමයිනේ බලාගෙනයි
චීත්ත කැලක් වෙලා ඉපදිලා තැලෙන පොඩි වෙන සමාජයේ උඹ උපාසක අම්මෙක් වෙලා නිවන් යන හැටි

උඹල අම්ම  බඩේ ඉන්නකල් සිහින මැවුවෙ ***කෙල්ලෙක් *** ලැබුනොත් හොදයි කියල වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් ඉන්න ඕන නිසා.

නර්ස් නෝනල ඔට්ටු වෙලා ඔට්ටු වෙලා උඹව මේ ලෝකෙට අරන් දුන්නෙ මාව සිසර් කලාට පස්සෙ.ඒ වෙලාවෙ කිව්වෙ ***සෝක් කෙලි පොඩ්ඩක්*** හම්බෙලා තියෙන්නෙ කියල.

ටික ටික උඹ ලොකු මහත් වෙන්න ගත්තට පස්සෙ උබැළෑ අප්පච්චි කිව්වෙ දැන් ***ළමිස්සියක්*** ටිකක් පරිස්සමින් ඉන්න කියල,,

ටිකෙන් ටික ලොකු වෙලා උඹ ගමේ ගොඩේ ඉස්කෝලෙ යන එනකොට ගමේ උන් කියන්න ගත්තෙ ***හැඩකාර කෙල්ලක් ***කියල.

ඔය අතරෙ තමයි ගොඩාක් අඩු පාඩු කම්  මැද උගන්වන්න උඹලගෙ අප්පුච්ච මහන්සියෙන් වැඩ කරල කරල බැරි ගැහුනෙ.
උඹ ඒ දුක දැනගෙන කොහොම හරි සාමන්‍යපෙළ ඉස්කෝලෙටම ආඩම්බරයක් දීල ඉහලින් පාස් වෙද්දි ඉස්කෝලෙ නෝනල කීව්*** හරි දස්ස කෙල්ල***  කියල

 ඒත් අපේම කරුමෙට  උබලගෙ අප්පුච්ච මළාම උඹලගෙ නැන්ද   කීවෙ පවු ආසරණ  ***එකී කියල.***

කොහෙන් කොහොම හරි උඹලගෙ අම්මගෙ පපුවෙ අමාරුව වැඩි වෙලා කරකියා ගන්න දෙයක් නැතිව් වෙද්දි උඹේ ඉස්කෝල ගමන කඩාකප්පල් වෙලා ගාමන්ට් එකෙ රස්සාවට ගියාම ඒකෙ උන් කීවෙ ***උත්සාවන්ත කෙල්ල*** කියල

මාසයක් මැරිල මැරිල ගත්ත පඩියෙන් අම්මටත් චීත කැල්ලක් අරන් දීල උඹත් අලුත් ගවුමක් ඇදන් වැඩපලට ගියම ගේට්ටුවෙ සිකියුරිටි අයියල කීවෙ අලුත් එක *** පට්ට කෑල්ල*** කියල

ඔය යන එන අතරෙ උබට මොකක් හරි වෙනසක් වෙලා හන්දියෙ ත්‍රී වීල් අයිය එක්ක සම්බන්දයක් හදා ගෙන ඉන්නව දැක්කම අහල පහල උන් කීවෙ   ***ඒකිත්***   ඉවරයි කියල


උඹේ නොදැනුවත් කමට ත්‍රී වීල් අයිය එක්ක එහෙ මෙහෙ ගිහින් අමාරුවෙ වැටුනම ගමේ උන් කීවෙ   ***අනාථ වෙච්ච එකියක්   ***කියලය

උඹ කොහොම හරි බඩක් උස්සගෙන වැඩත් කරල ලමයවත් හදාගෙන ඉන්නකොට වටේ උන් කිව්වෙ  *** මාර බඩ්ඩක් ***  තමා කියල

කොහොමෙන් කොහොම හරි උඹත් ඉන්න බැරිව ත්‍රීවීල් අයියව හොයල ආපු තරහට ඒකව මරල දැම්මම ලෝකෙම උන් කීවෙ උඹ ***අපරධ කාරියක් ***කියලය

පොලීසියෙන් ඇවිත් උඹව කුදලන් යනකොට උන් කීවෙ නැගපන්  ජිප් එකට ***බැල්ලී ***  කියලය.

එතකොට උඹ කෑ ගහල ඇඩුවෙ අනේ මගෙ පොඩි එකී කියලය.කවුද බලා ගන්නෙ කියලය.ඒකිත් ලමා නිවාසෙකට අරන් ගියනෙ
පොලීසියෙන් අරන් ගිහින් උසාවියට දාපු උඹට නඩුකාර උන්නැහෙ ඇමතුවේ ***විත්තිකාරිය***  ලෙසය

උඹ අසරණ වෙලා මෙහෙම මහ උළු ගෙදරට අරන් ගියාම ඒකෙ උන් උඹව භාර දුන්නෙ මෙන්න ***අලුත් නම්බර් එකක් *** කියලය

කාලය ගෙවිල ඔහොම උඹගෙත් අවසානය ලගා වෙලා පාන්සුකූලයට වැඩිය හාමුදුරුවො කිව්වෙ*** මේ උපාසිකාව***   කියලයි


ඉතින් ගැහැණු දරුවනේ මේ ලෝකෙ හරිම කුරිරුයි
නැති බැරි මිනිස්සුන්ට සමාජය සලකන්නෙ හරි භයානක විදියටයි
ඉතින් පරිස්සම් වෙයල්ල.





ජීවිත කාලයක් පුරාවට 
හසරැලින් මල් මැසූ ගවුම්පොඩි,
දඟ කතා ගොතා සැදු කළාලය,
අම්මගේ උණුහුමේ-
සුවඳ ගත් පොරෝණය, 
කප කපා නෙත පිනූ පින්තූර
අලවලා නිම කෙරූ සිහින පොත,

ගෙන යන්න වෙන්නේ නැහැ..
ගැහැණු ළමයිනේ,
ඇඟිලි බැඳ රන් හුයෙන්
නික්ම යන හෙට දාට




දියණියක් ලෙස මෙලොව බිහිවූ දා පටන් අම්මගෙ තාත්තගෙ අයියගෙ සෙවනේ හැදෙන්නටත් ඔවුන්ගේ රැකවරණය නිබදවම පැතීමටත් ස0සාරෙන් ස0සාරෙට තමජීවිතයේ නවාතැන සකසා ගැනීමත් අදිටන් කරගත් මෙලොව බිහිවූ එකම මනු සතා කාන්තාවයි


කිරි සුවද දැනෙන දා සිට සහකරුවෙකු කැන්දාගෙන යන දා දක්වා මේ ර0ගනයේ යෙදීමට තමන්ට සිදුවීම විටෙක අවනඩුවක් වේද කියා සිතේ.නමුත් ආදි කාල්යේ සිටම අප ස0කෘතිය බිහිවී ඇත්තේ ගැහැණය අනුන්ගේ රැකවරණය යටට ඇද දැමීමයි.මන්ද එසේ වන්නේ සමාජයෙන් ඇයට සිදුවන්නා වූ අකරතැබ්බයන් නිසාද?ඇයි එස වන්නේඅ.?

තම මවගේ පියාගේ රැකවරනට අමතරව වැඩිහිටි සහෝදර සහෝදරියන් ගේ රැකවරණයද ලබමින් සිරවුන ජීවිතයක්ඩෝ ඇය ගත කරන්නේ කියා විටෙක් සිතෙනවා නොවේ.

 පාසලකට ගියත්.පන්සලකට ගියත් ගමනක් බිමනක් ගියත් තනිව නොයන ඇය අම්මා  තාත්තා අයියා ගෙන් කෙනෙකු සමග යාමට හැමවිට සිදුවෙයි.

ඇයි එසේ වන්නේ ගමේ ගොඩේ ඇම්බැට්ටයන්ගෙන් ආරක්ශා කරගන්නද?කෲර සමගයෙන් බේරා ගන්නද?පැහැර ගැනීම්,දූෂණ කිරීම් නිසාද?ඔව් එසේ විය හැක.එස සිදු වී ඇත.සුදුසු කල්හි තම සහකරුවා සොයා ගන්නාතාක් කල් මේ විදින අසාධාරණයට වග කිව යුතේ කවුද?මෙසේ ගැහැණු ලමයේකුගේම් සහොදර වෙනත් පිරිමින්ගෙන් නොවේද?

නිමක් නොමැති සසර දුක ඔබට හිමියි
--------------------------------------------------------------------------------------------------------
-----------------------------------------------------------
ගැහැණියක් ලෙස ඉපදී මේ ලොව මොන තරම් සුන්දර කරනවද 

මං ඉපදුනු වෙලේ මාව අල්ල ගන්න,
උනුසුම දෙන්න ගැහැනියක් ළග හිටිය
ඒ තමා 

මගේ 
අම්ම

ළදරුවෙකු ලෙස මා වැඩෙද්දී,
මාව ‍රැකබලා ගන්න,
සෙල්ලම් කරන්න
ගැහැනියක්  සිටියා
ඒ තමා මගේ
හෝදරිය..

මං පාසල් යන විට මට ඉගෙන ගන්න,
උදවු කරන්න ගැහැනියක් සිටියා.
ඒ තමා මගේ
ගුරුතුමිය


මා අධ්‍යර්යමත් වන විට,
මා මං මුලා වන විට, මට ප්‍රශ්න විසද ගන්න ,
හැමවිටම මට ශක්තිය ලබා දෙන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
බිරිද


මං සැරපරුෂ වන විට,
මගේ හදවත උනුකරන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
දියනිය


මා මියැදෙන විට මාව බාර ගන්න ගැහැනියක් ඉදීවි,
ඒ තමා මගේ
ම්ව්බිම

-----------------------------------------------------------------------------------------------------------


Saturday, November 7, 2015

‘‘මරිජුවානා’’ ලෝකය උන්මත්තකයින්ගෙන් පිරී පවතී.නමුත් අප ඔවුන් හා එකතු විය යුතු යැයි ඉන් කියැවෙන්නේ නැත

.



‘‘මරිජුවානා’’ යන වචනය කරලියට පැමිණෙන්නේ එක්දහස් නවසිය තිස් ගණන් වල මුල භාගයේදීය. මෙම වචනය නිර්මාණය කරන ලද්දේ කංසා පිළිබඳ ජනයා අතර තිබූ යහපත් ප‍්‍රතිරූපයත්, කංසා පැලෑටියේ සුවිශේෂ ඉතිහාසයත් මකා දැමීමේ අදහසිනි. මේ ලිපියේ පහතින් දැක්වෙන සියළු කරුණු ඒ සඳහා සාක්‍ෂි දරණ අතර, එම සෑම කරුණක්ම බි‍්‍රටැනිකා විශ්ව කෝෂයේ පැහැදිලිව සඳහන්ව ඇත. මෙහි සුවිශේෂත්වය වන්නේ බි‍්‍රටැනිකා විශ්ව කෝෂය පවා වසර 150 ක් පුරාවට තවමත් මුද්‍රණය වන්නේ ‘‘කංසා කඩදාසි’’ මත වීමයි.

බහුතරයකගේ අදහස කංසා යනු භයානක මත්ද්‍රව්‍යයක් බවත්.....මේවා භාවිතයෙන් මිනිස් සිරුරට විවිධ අතුරු ප‍්‍රතිඵල ඇතිවිය හැකි බවත්ය. නමුත් බටහිර රටවලින් කංසා තහනම ආරම්භ වන තෙක්ම ආසියානු රටවල් තුල කංසා විවිධ එදිනෙදා ප‍්‍රයෝජන සඳහා යොදාගත් බව දන්නේ අතලොස්සකි

1) වර්ෂ 1880 වන තෙක්ම ඇමරිකාව ප‍්‍රමුඛ බොහෝ රටවල පාසල් පොත් සියල්ල මුද්‍රණය කරනු ලැබුවේ....‘‘කංසා කඩදාසි’’ මත හෝ හන කඩදාසි මතයි. (Jack Fraizer, Hemp Paper Reconsidered 1974)

2) වර්ෂ 1631 සිටම 1800 මුල් භාගය වන තෙක්ම කංසා යොදා ගෙන බදු ගෙවීමේ හැකියාව ඇමෙරිකානුවන්ට තිබිණි. (LA Times, Aug 21)

3) 17 වන හා 18 වන සියවස්වලදී කිසියම් ඇමෙරිකානුවෙක් කංසා වවන්නට විරුද්ධ වුවහොත්, ඔහු නීතියට එරෙහි වන්නෙක් ලෙස සලකා ඬුවම් නියම කර ඇත. වර්ජිනියා ප‍්‍රාන්තයේ වර්ෂ 1763 සිට 1769 දක්වා කංසා වැවීම ප‍්‍රතික්‍ෂේප කරන්නන් සිරගත කිරීමේ නීතියක් කි‍්‍රයාත්මක කර ඇත. (G.M. Herdon Hemp in Colonial Virginia)

4) ඇමෙරිකාවේ ජාතික විරයන් ලෙස සලකන ජෝජ් වොෂින්ටන්, තෝමස් ජෙෆර්සන් තවත් බොහෝ පුරෝගාමීන් කංසා වතු වල හිමිකාරිත්වය දරමින්, කංසා වගා කළේය. (Washington and Jefferson Diaries, Jefferson smuggled hemp seeds from China to France then America)

5) ඇමෙරිකාවේ මුල්ම කඩදාසි කම්හල් කිහිපයෙන් එකක හිමිකාරිත්වය බෙන්ජමින් ෆ‍්‍රෑන්ක්ලින් විසින් දරණු ලැබූ අතර, මෙහි කඩදාසි නිෂ්පාදනය සිදු කරනු ලැබුවේ කංසා ආධාරයෙනි. එමෙන්ම වර්ෂ 1812 ආරම්භ වූ යුද්ධය ඇරඹුනේ කංසා වෙළඳාම මුල්කර ගනිමිනි. නැපෝලියන්ගේ අරමුණ වූයේ මොස්කව් සිට එංගලන්තය දක්වා සිදුවණ කංසා සැපයුම නතර කිරීමයි. (Jack Herere Emeror wears no clothes.)

6) වසර දහස් ගණනක් තිස්සේ සියයට අනූවක් පමණ නැව් කඹ හා රුවල් නිපදවන්නේ කංසා ආධාරයෙනි. ‘කැන්වස්’ යන වචන ලන්දේසීන් කංසා සඳහා යොදා ගනු ලබන ‘කැනබීස්‘ යන්නෙන් බිඳී ආවකි. (Webster's New World Dictionary)

7) වර්ෂ 1820 පමණ වන තෙක්ම සියයට අසූවක් පමණ වූ ඇමෙරිකානු රෙදි පිළි, රුවල්, ඇඳුම්, ඇඳ ඇතිරිලි ආදී බොහෝ දෑ නිෂ්පාදනය කරනු ලැබුවේ කංසා පැළෑටිය මගිනි. මෙම නිෂ්පාදනය නතර වන්නට හේතු වූයේ කපු නිෂ්පාදන හඳුන්වා දීමයි. 

8) පළමු බයිබලය, සිතියම්, සටහන්, ඇමෙරිකානු නිදහස් ප‍්‍රකාශනය හා ව්‍යවස්ථාව පවා මුද්‍රණය කරනු ලැබුවේ කංසා මගින් නිපදවූ කඩදාසි මතයි. (U.S Governemet Archives)

9)  බොහෝ ඇමෙරිකානු ප‍්‍රාන්ත වල මුලින්ම සිදුකළ වගාව වූයේ කංසා වැවීමයි. වර්ෂ 1880 පමණක් කෙන්ටකි ප‍්‍රාන්තයේ නිෂ්පාදනය ටොන් 40,000 ඉක්මවා තිබිණි. විසි වන ශතවර්ෂය වන තුරුම ඇමෙරිකාවේ වැඩිම ආදායමක් ලබා දෙන වගාව වූයේ කංසා වගාවයි. (State Archives)

10) කංසා වගාවේ පිළිබඳ පැරණිම තොරතුරු වසර 5000 ක් පමණ පැරණි චීන ඉතිහාසය තෙක් දිවයයි. එසේම කංසා වෙළඳාම පිළිබඳ තොරතුරු පුරාණ ඊජිප්තුවේ පවා සිදු වූ බවට සාධක සොයාගෙන ඇත.

11) රෙම්බ‍්‍රෑන්ටස්, වැන් ගෝ, ගේන්ස් බරෝ වැනි සුප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිල්පීන්ගේ චිත‍්‍ර ඇතුළු බොහෝමයක් පැරණී කැන්වස් චිත‍්‍ර අඳිනු ලැබ ඇත්තේ කංසා කැනවස් මතයි.

12) වර්ෂ 1916 දී පමණ ඇමෙරිකානු රජය අනුමාන කරන ලද්දේ වර්ෂ 1940 පමණ වන විට සියළු කඩදාසි කංසා මගින් නිපදවිය හැකි බවත් තවදුරටත් ගස් කපා දැමීමට සිදු නොවිය හැකි බවත්ය. රජයේ සංගණනයන් අනුව අක්කරයක කංසා වගාවක්, අක්කර 4.1ක වවා ඇති ගස් ප‍්‍රමාණයකට සමාන වන බව හෙළි විය. මේ හේතුවෙන් ඒ වන විට කංසා ආශි‍්‍රත විවිධ කි‍්‍රයාවලි සඳහා ඇමෙරිකානු රජය පිඹුරුපත් සකසමින් සිටියේය. (U.S. Department of Agricultural Archives)

13) වර්ෂ 1937 පමණ වන තෙක්ම ඉහළම ප‍්‍රමිතියේ තීන්ත හා වාර්නිෂ් නිෂ්පාදනය කරනු ලැබුවේ කංසා මගිනි. වර්ෂ 1935 පමණක් ඇමරිකාවේ කංසා බීජ ටොන් 58,000 ක ප‍්‍රමාණයක් තීන්ත ආශි‍්‍රත නිෂ්පාදන සඳහා යොදා ගැනුණී. (Sherman William Pain Co. testimony before the U.S. Congrass against Marijuana Tax Act)

14) හෙන්රි ෆෝඞ් විසින් නිර්මාණය කරන ලද පළමු මෝටර් රථය නිපදවනු ලැබුවේ කංසා ඉන්ධන මගින් ධාවනය වීමටයි. එසේම මෝටර් රථයේ නිෂ්පාදනය කටයුතු සඳහා ද කංසා යොදාගෙන තිබුණි. ෆෝඞ් සතුව තිබූ විශාල කංසා වතුයායේ ලබාගත් මෝටර් රථය හා හෙන්රි ෆෝඞ්ගේ ඡුායාරූප බොහෝමයක් දක්න ඇත. මෙම මෝටර් රථය වටා වූ ප්ලාස්ටික් ආවරණය සම්පූර්ණයෙන්ම කංසා ආශ‍්‍රයෙන් නිපදවා තිබූ අතර එය ලෝහ ආවරණයකට වඩා දහ ගුණයකින් ශක්ති සම්පන්න විය. (Popular Mechanics, 1941)

15) වර්ෂ 1938 දී කංසා සඳහා ‘බිලියන් ඩොලර් ක්‍රොප්’ යන අනවර්ථ නාමය යොදා ගැනුණි. මක්නිසාද යත් ඉතිහාසයේ ප‍්‍රථම වරට වගාවක වෙළඳ ශක්‍යතාව (Business Potential) ඩොලර් මිලියනය ඉක්මවා යෑමයි (Popula Mechanics, Feb 1938)

16) වර්ෂ 1938 පෙබරවාරි මාසයේ ‘මිකැනිකල් ඉන්ජිනියරින් මැගසීන්‘ (Mechanical Engineering Magazine)
 සඟරාව ‘වගාකල හැකි වඩාත්ම ලාභදායී සහ අපේක්‍ෂාසහගත වගාව’ (The most profitable and disireable crop that can be grown) යන හිසින් යුතු ලිපියක් පළ කළේය. එහි පැහැදිලි කල පරිදි විසිවන සියවසේ තාක්‍ෂණය යොදා ඇමෙරිකාව තුළ හා ලොව වටා වගා කළේ නම් ලොව ලාභදායී හා විශාලතම වගාව කංසා විය හැකි බවයි.

වර්ෂ 1942 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විනාඩි 14 ක චිත‍්‍රපටයක් (Hemp for Victory) නිකුත් කළේය. ඉන් කියවුනේ ‘දේශපේ‍්‍රමී ඇමෙරිකානු ගොවියන්’ (Patriotic American Farmers) විසින් වසරකට අක්කර 350,000 ක පමණ කංසා, යුධ අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය කළ යුතු බවයි.

කංසා වගාව හා නිෂ්පාදනය කිසි විටෙකත් පරිසර හානියක් සිදු නොකරයි. USDA පති‍්‍රකා අංක 404 ප‍්‍රකාශ කල පරිදි කංසා වගාව අනෙකුත් නිෂ්පාදනයන්ට වඩා හතරේ සිට හත් ගුණයක් පරිසර හිතකාමී බවයි.



කුමන්ත‍්‍රණය (The Conspiracy).............
============================

කංසා වගාව ඇමෙරිකාව තුල තහනම් වන්නේ, ඩූ පොන්ට්, ඇන්ඩ‍්‍රැ මෙලර් සහ හැරී ජේ. ඇන් ස්ලින්ගර් නම් ව්‍යපාරිකයන් තිදෙනාගේ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිපළයක් වශයෙනි. වර්ෂ 1937 දී ඩූ පොන්ට් විසින් තෙල් සහ අඟුරු ආශ‍්‍රයෙන් ප්ලාස්ටික් නිපදවීම සඳහා පේටන්ට් බලපත‍්‍රය ලබා ගත්තේය.  ඔහු තමන්ගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කළේ ප්ලාස්ටික්, සෙලෝෆේන්, සෙලියුලොයිඞ්, මෙතනෝල් ආදිය දැන් තෙල් ආශ‍්‍රයෙන් නිපදවිය හැකි නිසා කොටස්කරුවන්ට තම ආයතනයේ ආයෝජනය කරන ලෙසයි. නමුත් ඔහුගේ ව්‍යාපාරයෙන් සියයට අසූවක් පමණම කංසා ආශ‍්‍රිත නිෂ්පාදන නිසා විනාශයට පත්විය.

මේ අතර ඩූ පොන්ට්ගේ ඉහළම ආයෝජකයා බවට පත්වන ඇන්ඩ‍්‍රැ මෙලන් තම බෑනා වන හැරී ජේ. ස්ලින්ගර් ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප‍්‍රධානියා බවට පත් කරන අතර ඉන් පසු කංසා වගාව ඔවුන්ගේ ව්‍යපාරයන්ට තර්ජනයක් ලෙස වටහාගත් ඔවුහු, තමන්ගේ අධිරාජ්‍ය බිඳ වැටීම වලක්වනු පිණිස මෙක්සිකානු වචනයක් වන ‘මරිජුවානා‘ යන්න ආදේශ කොට ඇමෙරිකානු ජනයාගේ මනසට කංසා පිළිබඳ වැරදි අර්ථ කථනයක් ආරූඪ කළෝය.


මාධ්‍ය හැසිරවීම.............(Media Maipulation)
================================

විලියම් රැුන්ඩෝල්ප් හරිස්ට් යනු ඇමෙරිකානු ‘කහ පුවත්පත් කලාවේ’ (Yellow Journalism) නිර්මාතෘවරයායි. පසුකාලීනව  ඕෂන් වේල්ස් විසින් නිපදවූ සුප‍්‍රසිද්ධ සිනමා පටයක් වූ ‘සිටිසන් කේන්’ (Citizen Kane) චිත‍්‍රපටයට ද පාදක වූයේ මොහුගේ ජීවිත කථාව බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. නමුත් විශාල ලෙස දැව වගා කරන ව්‍යාපාරයක හිමිකරු වූ හෙතෙම කඩදාසි නිපදවීමේ කම්හලක ද හිමිකාරිත්වය දැරීය. තමන්ගේ ව්‍යාපාරයට අභියෝගයක් වූ කංසා වගාව යටපත් කිරීම උදෙසා හර්ස්ට් විසින් 1920 සිට 1930 දක්වා තම පුවත්පත් හරහා මරිජුවානා හා සම්බන්ධ අපරාධ රැුල්ලක් පිළිබඳ වාර්තා කරන්නට විය. හර්සට් ගේ මෙම මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක වූයේ ද යත්, වාහන අනතුරේ සිට මානුෂිකත්වය නැතිවීම දක්වා සියල්ලට මරිජුවානා වගකිව යුතු බව පාඨකයා විශ්වාස කරන්නට විය.

සමකාලීනව විවිධ නිර්මාණකරුවන් විසින් මරිජුවානා හා සම්බන්ධ චිත‍්‍රපට විශාල සංඛ්‍යාවක් නිපදවීම සිදු කෙරිණි. මෙහි අභිප‍්‍රාය වූයේ මරිජුවානා විරුද්ධ නීති මාලාවක් (Anti Marijuana Low) සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. (Films: Reefer Madness (1936), Marijuana Assasin of Youth (1935), Marijuana: The Devils Weed (1936) )

ඉහත සඳහන් කළ Reefer Madness සිනමා පටය අවසාන වන්නේ සුපුරුදු "The End" සටහන සමගින් නොව, වෙනස් අන්දමේ සටහනකිනි. එනම් චිත‍්‍රපටය අවසානයේ තිරය පිරෙන්නට "Tell Your Children" යනුවෙන් සටහන් කරමිනි. වර්ෂ 1930 පමණ වන විට ඇමෙරිකානු ජනතාව දේශජ, පටු මානසිකත්වයකින් යුතු පිරිසක් බවට පත්ව තිබිණි. බලයේ සිටින පිරිස් විසින් හෝ පුවත්පත්, රේඩියෝ මගින් යමක් ප‍්‍රකාශ වූයේ ද එය සුපිරිසිදු සත්‍ය බව පිළිගන්නට ඔවුහු සූදානම්ව සිටියෝය. එයින් නොනැවතී එය තම දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට ද පාරම්පරිකව සම්පේ‍්‍රශණය කළෝය.

වර්ෂ 1937 අපේ‍්‍රල් 14 වැනි දින ඩූපොන්ට් ගේ උත්සාහය සාර්ථක විය. ‘මරිජුවානා බදු තහනම් කිරීමේ‘පනත සම්මත වීය.මෙයට මුල් වූ සෙනෙට් සභික රොබර්ට් ඩෆ්ටන් ඩූ පොන්ට් ගේ සහායකයෙක් වූයෙන් ඔහුට කාර්යය තවදුරටත් පහසු විය.

නමුත් ඇමෙරිකානු වෛද්‍ය සංගමයේ භෞත චිකිත්සක වරයෙක් වූ ජේම්ස් වුඞ්වර්ඞ් පසුව ප‍්‍රකාශ කළේ ‘තමන් මරිජුවානා බදු තහනම් කිරීමේ පනතට සහයා දැක්වූයේ මරිජුවාන යනු කංසා බව නොදැන සිටීම නිසා’ බවයි.

හර්ට්ස් ගේ පුවත්පත්වල මුල් පිටු වලින් කියවුණු මරිජුවානා අපරාධ කංසා වලට විරුද්ධ උපායක් බව දැන සිටියේ කිහිප දෙනෙක් පමණි. ඇමෙරිකානු වෛද්‍ය සංගමය ‘කැන්බීස්‘ (කංසා* යනු විවිධ සුව කිරීම් සඳහා යොදා ගන්නා ඔසුවක් බව දැන සිටියේය. 

නමුත් 1937 කංසා තහනමට ලක්විය. මිනිස් ඉතිහාසයේ වටිනාම හා වැදගත්ම පැලෑටිය මත්ද්‍රව්‍යයක් ලෙස ප‍්‍රකාශයට පත්විය.

අද වනවිට පෘථිවිය බලශක්තිය අතින් ගැටළු රැුසකට මුහුණ පාමින් සිටී.ගොලීය උණුසම වැඩිවීමට ප‍්‍රධාන හේතු විශාල වශයෙන් වැසි වනාන්තර විනාශ වීම බව විද්‍යාඥයින්ගේ අදහසයි. පරිසර ¥ෂණය, විෂ, රසායනික ද්‍රව්‍ය මිනිසා විනාශ කරමින් සිටී.කංසා ක‍්‍රමවත්ලෙස, කාර්මීකරණය කරමින් වගාවක් ලෙස නැවතත් ලොව පුරා ව්‍යාප්ත කළේ නම් මේවාට පිළිතුරක් ලැබෙනු ඇත ස්වාභාවික ජීව වායු නිෂ්පාදනයෙන් දැනට ක්‍ෂය වෙමින් පවතින පොසිල ඉන්ධන සඳහා සාර්ථක විකල්පයක් ලබා දිය හැකි වනු ඇත. මන්දයත් දැනටමත් අප සතු පොසිල ඉන්ධන වලින් සියයට අසූවක් පමණ අප භාවිතාකර තිබීමත් පොසිල ඉන්ධන යනු සීමාසහිත නැවත නිෂ්පාදනය නොවන සම්පතක් වීමත් හේතුවෙනි.

විශ්මිත පැළෑටිය.......(The wonder plant)
============================

කංසා තන්තු, දැව තන්තු වලට වඩා ඉහළ ගුණාත්මක අගයකින් යුක්ත බව සොයා ගෙන ඇත. දැව මගින් කඩදාසි නිෂ්පාදනයට වඩා කංසා මගින් කඩදාසි නිෂ්පාදනයේ දී අඩු රසායන ද්‍රව්‍ය ප‍්‍රමාණයක් අවශ්‍ය වන බව සැළකේ. එසේම කංසා කඩදාසි කහපැහැයට හැරෙන්නේ නැත. ඉහළ කල්පැවැත්මක්ද ඇත. කංසා පැළය එක් සෘතුවක් තුළ වැඩිවියට පත්වන අතර ගසකට මේ සඳහා වසර ගණනාවක් ගත වේ.


සියළු ප්ලාස්ටික් නිෂ්පාදන කංසා ආශ‍්‍රයෙන් නිෂ්පාදන කළ යුතුව ඇත. එයට හේතු වන්නේ කංසා බීජ තෙල් ආශ‍්‍රයෙන් නිපදවන ප්ලාස්ටික් වර්ග පසට ජීර්ණය වන හෙයින් පරිසර හානියක් සිදු නොකිරීමයි. පරිසර විද්‍යාව යනු ඩු පොන්ට් වැනි ව්‍යපාරිකයන්ට හෝ දේශපාලඥයන්ට අවනත නොවන කි‍්‍රයාවලියකි.

කංසා ආශ‍්‍රයෙන් ෙඖෂධ නිෂ්පාදනය කාලාන්තරයක් පුරා සිදුවූවක් වුවද මේ වන විට ‘මරිජුවානා ෙඖෂධ (Medical Marijuana) ලබා දෙන්නේ අත ලොස්සකට පමණි. සෙසු සියල්ලෝම රසායනික ෙඖෂධ භාවිතා කරති.

ලෝක කුසගින්නට පිළිතුරක් කංසා මගින් ලබා දිය හැක. කංසා ආශ‍්‍රයෙන් අසීමිත ආහාර ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. එසේම කංසා බීජවල ඉහළම තත්වයේ ස්වාභාවික ප්‍රෝටීන අඩංගුව ඇත. කොලොස්ටරෝල් දිය කර හරින ස්වාභාවික අම්ල විශේෂ දෙකක් කංසා බීජවල අඩංගු වේ.

අවශ්‍ය නම් කංසා පැළෑටියෙන් ඇඳුම් සකසා ගත හැක. කංසා ආශ‍්‍රයෙන් නිපදවන ඇඳුම් ශක්තිමත් බවින් හා කල්පැවැත්මෙන් ඉහළ තත්වයේ පවතී. නමුත් ඇමෙරිකානු ෆැසිස්සට් වාදී රූපවාහිනී නාලිකා කංසා ඇඳුම් පිළිබඳ ප‍්‍රචාරය කිරීමෙන් වැලකී සිටී. කලක් ඉහළම කංසා නිෂ්පාදන සිදුකළ කෙන්ටකි ප‍්‍රාන්තයේ අද වනවිට කංසා ආශ‍්‍රයෙන් නිෂ්පාදනය කළ ඇඳුම් තහනමට ලක්කොට ඇත.


ඉතිහාසය පුරාවට මෙය බෙහෙත් ද්‍රව්‍ය ලෙස භාවිත  වි

ක්‍රි, පු 2330 කාල වකවානුවෙ නෙග්  නම් චීන  ගුප්ත අධිරාජ්‍යා විසින්
රක්තවාතය,මතකය මදකම,මැලේරියාව,රූ මැටික්,ප්‍රතිකාර ලෙස ග0ජා තේ පානයක් ලෙස සකස් කර ලෙඩ රෝග සුවපත කල බව සදහන් වේ.
එමෙන්ම අප්‍රිකාව විශේශයෙන්ම ඉන්දියාව වගේ රටවල ආගමික අරමුණු වලින් මානසික ආතතිය ඇති කර ගැනීමටත් දරු ප්‍රසූති වල්දී වේදනාව සමනය කරන මත්ද්‍රව්‍යක් ලෙසත් භාවිතා කල අතර පසුව වයිද්‍යවරුන් එය තහනම් කල බවත් කියවේ,මන්ද බොහේ සෙයින් ඇබ්බැහි වීම නිසාය

18 වන සිය වස අගභාගය වන විට ඇමරිකාව විසින් මෙය සමේ ඇතිවන පිළිස්සුම් වලට ප්‍රතිකාර වශයෙනුත් ලි0ගේන්ද්‍රිය ආශ්‍රිතව බෝවන රෝග සමනය කිරීම සදහාත් හන  පැලෑටියේ බීජ සහ මුල් භාවිතා කර ඇත.

ලෝකය උන්මත්තකයින්ගෙන් පිරී පවතී.නමුත් අප ඔවුන් හා එකතු විය යුතු යැයි ඉන් කියැවෙන්නේ නැත.එකතුවන්න.පිරිස් දැනුවත් කරන්න. අපට ලෝකය රැුකගන්නට පිරිසිදු බලශක්ති ප‍්‍රභවයක අවශ්‍යතාවය ඇත. ඔබත් දැනුවත් වෙන්න. ඔබේ ඊළඟ පරම්පරාවත් දැනුවත් කරන්න.

කංසා පානය ගැන ලෝකය කථා කරන්නේ අකමැත්තෙනි. නමුත් ලෝකයේ වසරකට දුම්කොළ මගින් මිලියන භාගයක පිරිස් මිය යයි. ඇල්කොහොල් භාවිතයෙන් වසරකට මිලියන භාගයක් මිය යයි.

කංසා පානයේ දී ඇතිවන තත්වය බීමත් කමේ දී ඇතිවන ‘බබල් බ්‍රෙන්’ නම් තත්වයට බොහෝ දෙනා සමාන කරයි. නමුත් සත්‍යය නම් පුද්ගලයෙකුගේ නිර්මාණශීලීත්වය කංසා පානයේ දී ඇතිවන තත්වයේ දී දියුණු වේ. ඔබ කලාව විඳිය හැක, ස්වභාව ධර්මය අගය කළ හැක. මෙය බීමත් පුද්ගලයෙකුගේ මානසිකත්වය හා කිසිවිටෙක සමපාත නොවේ. ඔබ අවසිහියට වඩා හොඳ සිහියෙන් පසුවේ.

පසු වදන

මේ දිනවල  මුහුණු පොතේ හා සමාජ ජාලා වෙබ් අඩවි තුල බහුලව තරුණයන අතර කතා බහට සහ සමහරුන් නොදැනුවත්කම නිසා බොබ්මාලෙ අණුක්‍රනය තුලින් තම අදහස් ප්‍රකාශ කිරිමට මෙම ශාකය යොදා ගෙන ඇත් බව අපිට දැකිය හැකිය.

එමෙන්ම විශේශයෙන් ලන්කාවෙද් මත්ද්‍රව‍ය බාල තරුනයන් අතර ප්‍රබල උත්තේජකයක් ලෙස යොදා ගනිමින් සමාජ්යේ නොයෙකුත් විශමාර ක්‍රියාවන්ට යොමු වීමට මෙය කදිම හේතුවක් වී ඇත.එමෙන්ම මා සිටිනා ලන්කාවෙන් බැහැර රටේ පවා අපේ රට නියෝජනය කරන පිරිස් ඉතා ඉහල මිලකට වුවද මිලදී ගැනීමට ඇබ්බැහි වී ඇත.මා එය ඇස් දෙකින්ම දැක්ක අතර ඔවුන් පසු පස ගොස් විකුණ්නන් සහ මිලදී ගන්න ආකාරයද පර්‍රිකශා කලෙමි.

අප්‍රිකානුවන් විසින් විකිනීමට ප්‍රවනතාවයක් දක්වන් අතර ආසියාතිකයින් පිටරටවලදී භාවිතා කිරීමට පුරුදු වී සිටිති


මූලාශ්‍ර
wikipedia histry of CANNABIS PLANT

Hemp is illegal because billioniores want to remain billioniores....!


http://www.slideshare.net/marijuanaedibles/history-of-medical-marijuana

http://content.time.com/time/health/article/0,8599,1931247,00.html

History of Medical Marijuana

  1. 1. History Of Medical Marijuana For More InfoSan Francisco Medical Marijuana
  2. 2. INDEX• Preface• History of Marijuana• 6000 B.C.-100 B.C.• Before 1500• Before 1900• Before 2000• Finale
  3. 3. Preface• The oldest known written record on cannabis use comes from the Chinese Emperor Shen Nung in 2727 B.C.• Ancient Greeks and Romans were also familiar with cannabis, while in the Middle East, use spread throughout the Islamic empire to North Africa.
  4. 4. History of Marijuana
  5. 5. 6000 B.C.-100 B.C. • Cannabis are used for food, medicines, fiber and clothes in China. • Bhang is mentioned in the Hindu sacred text Atharva Veda as "Sacred Grass", one of the five sacred plants of India. • Hemp spreads throughout northern Europe.
  6. 6. Before 1500• Dioscorides mentions the use of Marijuana as a Roman medicament.• Persian legend of the Sufi master Sheik Haidars of Khorasans personal discovery of Cannabis and its subsequent spread to Iraq, Bahrain, Egypt and Syria.• Hashish introduced to Iraq in the reign of Caliph Mustansir.
  7. 7. Before 1900• French and British cultivate Cannabis for hemp at their colonies.• Hashish becomes a major trade item between Central Asia and South Asia.• 70,000 to 80,000 kg of hashish legally imported into India from Central Asia each year.
  8. 8. Before 2000 • "Smash", the first hashish oil appears. • FDA establishes Compassionate Use program for medical marijuana. • Canada is first country in the world to offer medical marijuana to its patients.
  9. 9. FINALE• Nowadays:For More Info: San Francisco Medical Marijuan













Wednesday, November 4, 2015

අනේ බොල ආයුධ පුහුණුව --( නිසදැස් )

.

රටේ අච්චර
කරන්නට වැඩ
තියෙනකොට මුන්
ඉල්ලනව තව
වෙඩි තියන්නට
කා කොටා ගන්නටත්
උපන්ගෙයි සාක්ෂතරාවය 
නැති සමහරක් ඇමතියො
ආරක්ෂාව මදිලු
මේ ජනතා නායකයොලු
මුන්ට ඕනෑ දෙන්ට විගහින්
මොන්ටිසෝරියෙ පෙලපොතේ සිට
----------------------------------------------
තරුන පරපුර නැතිව රැකියා
ස0වර්ධනය දැන් අඩියටම වී
තේ වෙලෙන්දන් අඩති සැමදා
නාය ගිය උන් තාම අසරණ
රටේ නායක ඒරොප්පෙමලු
හුදී ජනයා කරපු ගොන්කම
කියා හිත හිත හූල්ලති දැන්
අනේ මෙහෙමත් ගොන් ටිකක් අපි
පත් කරන්නෙමු 48 සිට....

*************************
අපි
විමුක්තිය හොයන්න සංසාරෙ තිබුණාවෙ
මේ බවේ ඔන්න ඔහෙ ගෙවුණාවෙ


Monday, November 2, 2015

හනික වරෙවු කොල්ලනේ මෙන්න මෙහෙ වරෙවු





හනික වරෙවු කොල්ලනේ මෙන්න මෙහෙ වරෙවු
හනික වරෙවු කෙල්ලනේ නට නටා වරෙවු

අවම බලයෙන් පිලිගන්වන ගුටි දන්සැලට එනවනම් මේ ටිකත් දැනගෙන ආවොත් හොදයි
නැත්නම් හෙටත් කන්න වෙන්නෙ රීප්ප පටි ,බැටන් පොලු කදුළු ගෑස් නෙවේ මීගමුවෙ ඇන්ටනී කාපුව,කටුනායක රොශේන් චානක කාපුව  නොව රතු පස්වලට අකිලල රවිශාන් කාපුව වගේ තමා කන්න වෙන්නෙ ,එහෙමත් නැත්නම් 89,90 කාපුව වෙන්නත් පුලුවන්

කොයියම් ආකාරයක හෝ නිදහසට කරුණු කිව හැකි වුනත් පසුගිය දා ශිෂ්‍ය පෙළපාලියකට හා උදඝෝෂණයකට එල්ල කළ පොලිස් පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැක. අවම වශයෙන් එම ප්‍රහාරය නීතියේ සදහන් පරිදි අවම බලය පාවිච්චි කිරීමක් හෝ නොවේ. එය මුළුමනින්ම පදනම් වී තිබුනේ පොලීසියේ පරපීඩක කාමුකත්වය තෘප්ත කර ගැනීම මත ය. එළව එළවා පහරදීමත් බිම වැටුන පසුව පහරදීමත් අවම බලය පාවිච්චි කිරීමක් නම් ශ්‍රී ලංකා පොලීසියට සිවිල් පාලනය යනු කුමක්දැයි මුල සිට ඉගැන්විය යුතුය. දීර්ඝ කාලයක් තිස්සේ සිවිල් පාලනයෙන් තොරව හදිසි නීතියෙන් හා මර්දනීය ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති වලින් ගොඩනගා ගත් සංස්කෘතියක හැදුනු වැඩුන පොලිස් දෙපාර්තමේන්තුවට මෙම ප්‍රහාරය සරළ අත්දැකීමක් විය හැකිය. එහෙත් නීතියේ ආධිපත්‍යය හා මානව අයිතීන් වලට කළ යුතු ගෞරවය ඉල්ලා සිටි සමාජයකට මෙය තිරිසන් ප්‍රහාරයකි. ඒ නිසාම ගනුදෙනුව බේරා ගත යුත්තේ පොලිස් නිලධාරීන් සමග නොවන අතර යහ පාලනයක් සදහා ප්‍රතිපත්ති ඉස්මුරුත්තේ යවමින් වේදිකාවන්හි කෑ ගැසූ දේශපාලකයන් සමග ය

විරෝධතා...
කාලයක් තිස්සෙ ඉවර නොවන අරගල වල එක් අවස්ථාවක සිසු ඉල්ලීම්.මොවුන් කොතරම් සාධාරනද?තම ඉගෙනීම,කාලය,දෙමවුපිය බලාපොරොත්තු කැප කරමින් සිසු අයිතීන් ඉල්ලීමට පෙල ගැසෙන්නෙ මොන තරම් පරාර්ථකාමී හැගුමෙන්ද.
පවුද්ගලික විශ්විද්‍යාල පනත,නීති විද්‍යාල ගැටළු,උපාධි අසමානතා ගැටළු මේ සා විවිදාකාර ගැටළු ඇති තැන් නිරවුල් කරගන්න අන්තර් විශ්ව විද්‍යාල ශිශ්‍ය බලමණ්ඩලය,ශිශ්‍ය ව‍යාපාර පෙල ගැසෙන්නේ තම ජීවිත අවධානමද තබමිනි.



 comment එකකින් උපුටා ගත්

නුඹලා හට ඇත්තේ මේ රටේ ඔළුගෙඩි සමඟ බද්ධ වූ කුහකත්වයක් හා වෛරයකි.
ඈත පිටිසර, දහසකුත් කම්කටොළු මැද .සිරියාවතීගේ දුවත්, සයිමන්ගේ පුතත් සිය හැකියාව හේතුවෙන්ම අධ්‍යාපනයේ හිනි පෙත්තට නඟිද්දී....


නුඹලාගේ දරැවනට,
දුක් විඳින ජනතාවගේ උරමතින්, සියළු සැප පහසුකම් හා වරප්‍රසාද මධ්‍යයේවුවද, ඔවුන් සමග තරඟ කිරීමට ඇති නොහැකියාව හේතුකොටගෙන නුඹලාට ඇත්තේ බද්ධ වෛරයක් බව ඉතිහාසය පුරාවටම පැහැදිලි වෙමින් තිබේ.
මේ කප්පාදු කරමින් මර්දනය කිරීමට වෙර දරන්නේ ඒ අයිතියම නොවෙද.

ඉතිං තව ඔළු පලපල්ලා... ඉතිහාසයේ කලාමෙන් මොල ගලවපල්ලා... අතපය කඩලා හිරේ දාපල්ලා....
එහෙත් නතර කල නොහැකිනම් සතර අත හොර උපාධි කඩ දමා අපට නොහැකි, නුඹලාට හැකි අධ්‍යාපනය නුඹලාගෙ දරැවනට මුදලට ගෙනත් දීපල්ලා....
මේ අර අදින්නේ එයට බව ඉතාමත් පැහැදිලිය.

ලෝකයක් අධ්‍යා‍පනයේ හා තාක්ෂණයේ නව මං පෙත් සොයා යද්දී අප ආපසු හැරී දුවමු.
කැලේ පිපුන මල් කැකුළු ලෝකයක් දකින්නට ඇති වරම් අහිමිකොට අප තරම් දීන, නිච,මිලේඡ්ච හා කුහක ජාතියක් තවත් නැතිබව ඔප්පුකොට පෙන්නමු...

නුඹලාගේ ලේ පිපාසය හා වෛරය සංසිදේවී...

ඉතිහාසය පුරාම ඉතා මැනවින් දුටිමි
ඒ නුඹලාගේ හැටිය.
නමුත් අවාසනාවනම්..
ඒ පිඩනයට ලක්වන්නාම හරි අපූරැවට එය සාධාරණීකරණය කිරීමට මානබලමින් සිටීති.
බලය නොමැතිවිට එරෙහිවූ දෙයම, බලය ලැබුණු විට අමතක කර දමා එයට මල්මාලා දමාපෝෂණය කරමු. කරමු.

අප පුදුම නොවන්නෙමු....
"ගස්බැලයින්ට අධ්‍යාපනය දුන්නහම, ගහකට යවල පොල්ගෙඩියක් කඩාගන්න ගමක කොල්ලෙකු සොයා ගැනීමට නොහැකිවේයයි" කියුවන් ජාතික වීරයන් වූ අරැම පුදුම රටක් බැවිනි."

මතක තබා ගතයුතු දෙය.
වර්තමාන සිසු පෙල ගැසීම් වල ඉන්න සිසුන් සියල්ලෝම 1989,1990 ට පසුව උපන් අයවේ.එසේම ඔවුන් ඉල්ලීම ඉල්ලන්නෙ එක්සත් ජාතික පක්ශයට අයත් ආණ්ඩුවෙන කියලත් අමතක කර ඇත.යූ ඇන් පී රජයක් කෙසේද විශ්ව විද්‍යාල තුළ සිසු ව‍යාපාර මර්දනය කලේ කෙසේද යන්නත් දන්නවානම් අනාගතයේදී මුහුණ දෙන්නට වන අවධානම බොහෝ භයානකය.ඉතා ඇත දුශ්කර ගම්මානවලින් එදා කුලියක් කරල තම දරුවන්ට උගන්වන්න උත්සාහ කරන දෙමවුපියන්ගේ දරුවන් තමයි බහුල වශයෙන්ම මේ සිසු ව්‍යාපාරවල යෙදී ඉන්නෙ කියල අප කවුරුත් දන්නව හොදින්.

කඩේ යාම

බොහෝ විශ්විද්‍යාල වල මේ වගේ විරොව්ධ්තාවලට බහුල වශයෙන්ම යොදා ගන්නව ප්‍රෙශාල හෙවත් අලුතින් පැමිණි සිසු කණ්ඩායම්.මොකද සරසවියෙ නැවුම් බව තුළ ඔවුන්ට තම පැවැත්ම සදහා යෙදීමට සිදුවන අතර විශේශයෙන්ම නේවාසිකාගාර වල ඉන්න සිසුන්ට බොහෙ සේ බලපාන කරුනකි මෙය.නැත්නම් ඒවායෙ රැදී සිටීමටද ප්‍රශන මත්වේ.
පෙරට එන සිසුන් අතර විවිධ දේශපාලන පක්ශවලට තම ප්‍රවනතාව දෙන අයද  මොවුන් අරද සිටී.ඒ ඇයි ඇතුලෙ ඉන්න වසර 3,හෝ 4 තුල ඔවුන් තම බලය ,පරිසරය සකස් කරගෙන එලියට යනවිට ඔවුන්ගේ අනාගතය සරු කරගන්න මේක තො තැන්නක්,( අත් දැකීම් 1997-2001 වසරේ කොලඹ සරසවියේ සිටි සියලුම ශිශ්‍ය ව්‍යාපාරවල නායකයින් ඇමති ලේඛ්ම,සාමාන්‍යාදිකාරීන්,සම්බන්ධීකරන ලේඛ්මලා වීම)
එසේම බලය පවතින සරසවි ශ්ශ්‍ය සභා කණ්ඩායම් නොරුස්සන අනිත් ශිශ්‍ය ව‍යාපාර ( රජයට සහය දෙන ) සිසු විරෝධතා පාවාදීම්ද සිදු වේ.( උදා...හෙට විරෝදතාවයක් තිබේනම් අද පනිවිඩ මාරගයෙන් ආන්ඩුවේ ඇමතීන් දැනුවත් කිරීම.)



ආණ්ඩුව

අපගේ අවාසනාවටම හැම රජයකින්ම පතවන අද්‍යාපන ඇමතිල තරම් සිසුන් දඩයම් කරන තිරිසන් ඇමතිලා ලැබීම අපගේම වාසනවනය.දැන් දැන් ඇමතිවරුන්ට ආයුධ පුහුණුවද රජයෙන් දෙන්නට සූදානම් වන්නේ හොදකටනම් නොවේ.

පක්ශය හා ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ලබා දුන් පොරොන්දු එකිනෙකට වෙනස් වුවත් බලයට පැමිණි පසු පාලකයන් එකම ආකරයට හැසිරීමෙන් බලයට පැමිණි පසු පුද්ගලයකු පාලනය වන්නෙ බලය විසින් බව ශ්‍රී ලංකාවේ ජනතාවට අවබෝධ වුනු බවට සැකයක් නැත.

80 දශකයේ සිසු ඝාතන වල සිට අප රටේ වඩාත්ම අප්‍රසාදයට ලක්වූ රජයේ දෙපාර්තමේතුව පොලීසියයි. 
දේශපාලකයින් පුහුණු කරවීමට, ඔවුන්ගේ හැසිරීම පාලනය කිරීමට හා ඔවුන් ගන්නා රටට බලපාන තීරන වලට බලපෑම් කිරීමට තබා ජනතා නියෝජිතයන් පත්කර ගැනීමවත් වඩා විධිමත්ව සිදුවේයයි බලාපොරොත්තු තැබිය නොහැකිය.
ඒ නිසා අඩුම තරමේ පොලිස් නිලධරීන් බඳවා ගැනීමට නිසි ක්‍රියාපිලිවෙළක් සකසා සාම්ප්‍රදායික ආයුධ පුහුණුවට අමතරව, විනයාණුකූලව, තිරිසනුන් ලෙස නොව මිනිසුන් ලෙස හැසිරෙන ආකාරය කියා දෙන මානසික උපදේශන වැඩමුළු ආරම්බ කර නැතිකරගත් ජනතා විශ්වාසය ප්‍රතිස්ථාපනය කරගත යුතුව ඇති බව වටහා ගැනීමට පොලිස් සේවයේ බලධාරීනට දැන්වත් නුවණැස පෑදිය යුතුය.


අවධානම.

පොලිස් කොමිසම් සහ වාර්ථා රජයටම හිතවත් පක්ශව ප්‍රකාශ කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශන,ඇමති වාර්ථා තුලින් ගම්‍ය වන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්ය.අගමැති විශේශ  පරීක්ශනයක් පවත්වන්න නියෝග කරන්නේ මොනා කරන්න හිතාගෙන යන්න කාට තේරිවිද?පොලිස් මාධ්‍ය ප්‍රාකශ කල දෙය අනාගතයට කොතරම් අවධානම් වේද යන්න ගැන සලාකා බැලුවොත් මෙය කොතරම දුරට භීශනයකට මග පාදනවාද යන්න ගැනත් අප සලකා බැලිය යුතුය.එමෙන්ම පවතින අස්ථාවර රජය මේ වනවිට පොලිස් අකටයුතුකම් නිසා ජනතාව අතර ඉතාමත් අපකීර්තියට පත්වී හමාරනිසාය


මුහුනු පොත තුලින් සාදාරනත්වය ඉල්ලන නන්ගිල,මල්ලිලගෙ නිර්මාන දකිද්දි අනේ මෙහෙම ලන්කාවක් කියා සිතෙනව
හුදෙක්ම බොහෝ අය කබරගොයත් තල ගොයා කර ගන්නවා මෙන් දේශපාලන් වාසි,වයිරය,පලිගැනීම සහ කොමිටල් අරබයා ලියන,බෙදා ගන්න අදහස් කිසිම වැද ගැම්මකට නැත.අද වෙන්නෙ යම් තැනක සිද්දවෙන දෙය සැනෙකින් සමාජ ජාල වෙබ් අඩවි වලට මුදා හැර එයින් විනෝදයක් ලැබීමය.මෙවන් සිසු පහරදීම් සිදු වූයේ මෑත ඉතිහාසයෙ පමන්ක් නොවන බව අමතක නොකරන්න. ( මාද මෙවන් දේ සම්බන්දයෙන් විරෝදතාවය දක්වා මෙවන්,අකරතැන්බවලට මුහුන දුන් නිසා.) .
අද සිදුවන්නේ ල0කාවෙ දේශපාලනය සිඩු දඩයම  දිගටම පවත්වාගෙන යාමයි.
සිසු සිසු ඉල්ලිම සමග සෙල්ලම් කරන්නේ කවදාවත් දිනා ගත නොහැකි තරගයකට ඇද දමමිනි.පොරොන්දු දී ඒ පොරොන්දු ඉටු නොවුනු කල සිසුන් කුලප්පු කර සිසු ව්‍යාපාර කඩාකප්පල් කිරීමයි.
මෙහිදූ සිදුවන දෙයක්නම් එකම් අද්‍යාපනය ලබන සරසවි සිසුන් අතරද එකම් ගැටලුඑව වෙනස් ආකාරයට ,පාට කන්නාඩිවලින් බැලීමත් දේශපාලන පක්ශ වලට කඩේ යාමත්‍ නිසා සිසු අයිති කිසිදා ඉටු නොවෙ 
සාමකාමි පෙලපාලියකින් ගොස් ඉල්ලීම් කල විට කවදාව්ත් රජය ඒවා ඉටු නොකරයි.
එමෙන්ම රජ්‍යේම අතකොලු වූ සිසුන් මාර්ගයෙන් මේවා කඩාකප්පල් කර සිසු පලිගැනීම්ද සිදු කරයි.
මෙය වෙනස් කල යුතුයි.
මහ පුටුවල ඉන්න මහ මොලගෙඩිද,ඒවාට අනුව යන නීතිය අනිසි ලෙඩ ප්‍රයෝජනය ගන්නා පොලිසියද අවබොද කර ගත යුතු දේ බොහොයි




අවම බලය යොදපු අවස්ථා







උසි ගැන්වීම





අනාගතය




Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular