Friday, December 11, 2015

වැඩ කරන ජනතාව වෙනුවෙන් නිර්මාණය කර ගායනා කල ගීත



මීට දශක කීපයකට පෙර නිර්මාණය වූ ගීත අතරින් කම්කරු ජනතාව වෙනුවෙන් ඉතාම සාර්ථක ලෙස නිර්මාණය කර ගායනා කල ගීත අසන විට අපට දැනෙන්නේ පුදුමාකාර වින්දනයකි.එතරම් ඩුරට මෙම නිර්මාණ කරුවෝ ,ගයකයෝ අති සාර්ථකය.එවන් ගීත කිහිපයක පහත රසවින්දනය සදහා ඉදිරිපත් කෙරේ



හැත්තෑව දශකයේ මතු වූ සිංහල ගීත අතර අමරණීය ගීතයක් ලෙස ‘අඳුරු කුටිය’ නැමැති ගීතය හඳුන්වා දිය හැකි ය. මේ ගීතය එකල සරල සංගීතයේ පැවැති ආකෘතිය පුපුරවා හළ ගීතයක් විය. සංගීතයට වඩා මිනිස් හඬෙහි ඇති බල පෞරුෂය මේ ගීතයෙන් සමාජගත විය. එහෙත් මේ සියල්ල ම අබිබවා නැඟී සිටින්නේ මේ ගීතයෙන් මතුවන සමාජ යථාර්ථයයි.

මේ ගීයට පසුබිම් වන්නේ රවින්ද්‍රනාථ තාගෝර් ගේ ගීතාංජලියෙහි අන්තර්ගත පද්‍යයකි. එහෙත් ඒ පද්‍ය අනුකරණය නොකරන රචකයා එය පොදු ජනතාවගේ ගීතයක් බවට පත් කරනු ලබයි. මේ ගීයෙහි දිවෙන පදමාලාව, කවිතා ගුණය හා ගේයතා ගුණය රැකගත් නිර්මාණයක් වන්නේ එබැවිනි.
මා මෙහි දී මහගම සේකරයන්ගේ පැදි පෙළක් දිග හරින්නේ තත්සර ඇසුර පාඨකයන් වෙනුවෙනි.

“දවසක් දා

කැඩපත ඉදිරියට ගොසින්

ඇඳි සළු පිළි උනා දමා

හෙළුවැල්ලෙන් බලා උනිමි

වැද්දෙකු තව වැද්දෙකු හට

මුණ ගැසුණාක් මෙන් වෙමි මම

මගේ ම පිළිබිඹුවට

නිකමට විරිත්තුවෙමි

එවිට ඔවුහු
දුනු ගී ගෙන
මා හා සටනට සැරසුණහ
සිනාසුනෙමි
එවිට ඔවුහු දුනු හී ගෙන
මා හා මිතුරු වූහ
බැටළු රංචු දක්කාගෙන
තණ බිමකින් තණ බිමකට
ඇවිද ගියෙමි
මම සීසා දිය බැඳ
ශිෂ්ටාචාරය ඉන් නෙළාගතිමි
යාග හෝම බිලි පූජා
වේද මන්ත්‍ර ගී කීවෙමි
ගයා ශීර්ෂයේ දී
බෝ මැඩ විප්ලවය දුටිමි
බැබිලෝනිය ග්‍රීසිය චීන මහා ප්‍රාකාරය
ගොඩනැඟුවෙමි
සක්වල තුළ විදුලි වෙසින් ඉඟිළී ගොසින්
සඳ කතරින් වැලි ගෙනාමි
ඒත් මට වැටහෙයි
මම තාමත් ළදරුවෙක්මි
ලොව ගැන කිසිවක් නොදන්න
ලොව ගැන තිබියේවා
මා ගැනවත් මම නොදනිමි
කැඩපත මත පිළිබිඹුවෙන්
මම කවුරු ද මම ඇසුවෙමි
පිළිබිඹුවෙහි ගැබ් වී ඇති
දේව හැඩය
එවිට පළමු වරට දුටිමි

(මහගම සේකර)

කෙතරම් දීර්ඝ කවියක් වුව ද මා මෙය තත්සර ඇසුර පාඨකයන්ට සිහිපත් කළේ මනුෂ්‍යයාගේ වටිනාකම මනුෂ්‍යයා නොදන්න බවත්, මනුෂ්‍යයා තුළ දෙවියකු සැඟවී සිටින බවත් සේකර මනාව පෙන්වා දී ඇති බැවිනි. එහෙත් දේවත්වය ඊටත් එහා තලයකට ගෙන යාමට මේ හීනයේ රචකයා සමත් වෙයි.

“අඳුරු කුටිය තුළ

දොරගුළු ළාගෙන

ගයන ගීතිකා යදින යාතිකා

දෙවියන් හට නෑසේ...





දෙවියන් අදහන මිනිසුන් සමඟ ගැටලුවක් මේ තේමාව මඟින් ඇති කර ගැනීමට අවශ්‍ය නොවේ. දෙවියන් ඇදහීම හෝ නොඇදහීම මානව අයිතියකි. එහෙත් කම්කරුවාට මේ තුළ දෙන්නෙ අනල්ප වටිනාකමකි.

“මේ තරම් සියුමැලි ද කලුගල්

හිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස දුන් මිනිසා සොයා

(රජීව් වසන්ත වෙල්ගම)
(ගායනය - සුනිල් එදිරිසිංහ)

තිරයේ රඟන මිනිසුන්ට අප්‍රමාණ ප්‍රේක්ෂකයෝ සිටියි. එහෙත් තිරය පිටුපස සිටින්නෝ තිරයෙන් ම වැසී යති. කම්කරුවා ද ඇතැම් කලාකරුවන් මෙන් ම තිරයෙන් වැසී යන්නකි. මේ සමඟ තවත් පදමාලා කීපයක් මගේ මනැසට ගලා එයි.

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ

දෑතේ විරියෙනි රටවල් හැඳුණේ

ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්

මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ

(රඹුකන සිද්ධාර්ථ හිමි)

අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා

රන් දාදිය තාර වෙලා බිමට ගලනවා

මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා

පාර අයිනෙ අපි සැමදා බලා ඉන්නවා



(ගායනය - එඩ්වඩ් ජයකොඩි)

කම්කරුවා අහිංසකයෙකි. පාණ්ඩිත්‍යයෙන් තොර වූවකි. එහෙත් ඔහු මිනිසෙකි. මේ මිනිසා කඩේ යැවීම පහසු ය. කම්කරුවෝ දෙවිවරු නොවෙති. දෙවිවරු පාලකයෝ ය. නිල දරුවෝ ය. ඒ ඔවුන් ලබා උපන් හැටි ය. මේ මොවුන් ලබා උපන් හැටි ය. කම්කරුවාට පාලකයෙක් විය නොහැකි වන්නට පුළුවන. බලධාරියෙන් නොවන්නට පුළුවන. කම්කරුවන්ට දේවත්වය ලබාදිය යුත්තේ ඔවුන් අන්දන්නට නම් එය සාහසික අපරාධයකි. එවිට ‘මඩ සෝදාගත් කළ ගොවියා රජකමට සුදුසුයි” වැනි පපඩම් වර්ණනාවක් අද අපට අනවශ්‍ය ය. එහෙත් රචකයා මේ කුහකත්වය ජය ගනී. ඒ ඔහුගේ ව්‍යංග්‍යාර්ථ පූර්ණ භාෂා ප්‍රාතිහාර්යයෙනි. පහත සඳහන් පෑ පේළිය ඒ සඳහා කදිම නිදසුනකි.

“බලන් කඩ තුරා හැර දැසේ”

කඩතුරා පහ කළ විට යථාර්ථය සඳ + එළිය සේ දිළිසේ.
මේ කියන දෙවියෝ සළු පිළි පැලැඳ නොමැත. ඔවුන්ගේ සළු පිළි දූවිලි ය. එහෙත් ඒ දූවිල්ලෙන් උපදින්නේ අනාගතයට පාර තනන දෙවියෙකි.

“සිනිඳු සුවැති සළු සිරසින් හැරදා

දූවිලි මඩ වැකි පිළිගත පලඳා

දෙවියන් රුව දක්නට හැක්කේ





මේ ගීතයෙහි මහා ප්‍රාතිහාර්යය කරන්නේ සංගීතඥයා ය. වැඩ කරන මිනිසාගේ කර්ණ කඨෝර ස්වරය මිනිස් හඬ මඟින් මතු කිරීමට කේමදාසයෝ මහගු වෑයමක යෙදෙති.
මහා දුක් කන්දරාවක් අත්විඳිය, කම්කරුවා ගේ හද ගැහෙන රාවය කේමදාසයෝ සංගීතය හා මිනිස් හඬ සමඟ සංකලනය කරති. එය සාමාන්‍ය සරල ගීතයේ සීමාව සමතික්‍රමණය කරන්නකි. එසේ ම මේ දෙවියන් හා එක්විය හැක්කේ නිකමුන්ට නොව වැඩ කරන මිනිසුන්ට බව රචකයා පවසයි.
එය ශ්‍රමය හා ශ්‍රමිකයන් වෙනුවෙන් පුදන සැබෑ (සැබෑ) මල් මිටකි. එහෙත් මේ සියල්ල දැකීමට නම් දෑසෙහි බැඳි කඩතුරාව ඉරා දැමිය යුතු ම ය. කුමන හී රචනා කළ ද අදත් මේ සැබෑ දෙවියා ආව තේව කාරයෙකි. දෙවියන් සිටින්නේ අදත් දෙවියන් සිටින තැන්වලම ය. කඩතුරාව අදත් ඉවත් වී නොමැත. සුන්දර ගීයක දේවත්වය ලබන වැඩ කරන ජනතාව අදත් සිටින්නේ දේවාලයේ කුණු බක්කියේ බව වරක් දෙවරක් නොව තුන් වරක් ම කියමින් නවතිමි.



Tuesday, December 8, 2015

ගීයක සුන්දරත්වය සහ සැගවුනු අරුත්- මට ම අහිමි වන මගේ දියණිය



මට මගෙ දූගෙ පුංචි කාලෙ මතක් වෙනවා. මට දුව නළවන්නවත් ලැබුණෙ කලාතුරකින්. මං ගෙදර එනකොට මගෙ දුව නිදි. ඒත් මං එයාට ආදරෙයි. මට ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ මේ පදමාලාව සිහි උණේ මීට ගොඩක් කාලෙකට ඉස්සර. ඊට පස්සේ දුවට තියෙන ආදරය හින්ද ම මාත් පදමාලාවක් ලිව්ව. මං ඒ පදමාලාව ඔබ හමුවෙ තියන්නෙ නිහතමානී ව. හුඟක් ලංකාවෙ කලාකාමී හිතවත්තු මෙය අගය කළ නිසා. ඔබට රහක් නැතිනම් මට සමාවෙන්න.
හිමිදිරියේ පිනි අහුලන
සඳ එළියේ තරු අල්ලන
පුංචි දූට දේදුන්නක්
ගෙනල්ල දෙනවා
පරිස්සමට ඊතලයක් ළඟින් තියනවා

පංචායුධ කුමාරයා
නුඹ කැන්දන් යන දවසේ
ආශාවෙන් බලා ඉන්නවා
මගෙ දූටත් ආයුධයක් දෙන්න හිතෙනවා
විදුලි අකුණු වැහිකුණාටු
මගේ දූට හිරිහැර නම්
හිත හදාන බලා ඉන්නවා
මගෙ දූටත් රන් පත්තිනි සලඹ ගේනවා
මේ අනාගත නිර්මාණයක්. සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක. ගායනා කරන්නේ අමරසිරි පීරිස්. ඒත් මේ නිර්මාණයට වඩා මගේ හදවත ආදරේ කරන නිර්මාණයක් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ලියල තියෙනවා.

ගීතය අහන්න මෙතනින්


https://www.youtube.com/watch?v=3UY9PxahnYk

”දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනේ
කාලයෙ රිය සක මහලු මගෙන් නුඹ
ඈතට ගෙන යන්නේ



රචකයා සිහිකරන්නේ දියණියගේ කුඩා අවදිය. දෑතේ පැටලෙමින් හුරතල් කතා කියපු අවදිය. කාලය විසින් සියල්ල ඔහුගෙන් උදුරාගනු ලැබ ඇති වග ඔහුට සිහිවෙනවා. “කාලය රිය සක” වැනි රූපකයක් යොදා ගැනීමෙන් රචනය වඩාත් ප්‍රාණවත් වෙනවා. තමන් වයසට යන විට බොහෝ දේ තමාගෙන් ඈත්වෙනවා වගේ දියණියත් ඈත්වන බව ඔහුට දැනෙනවා.
ඒ සමඟ ම අතීතය පිළිබඳ චිත්‍ර පෙළක් ඔහු ඉදිරියේ දිගහැරෙනවා. ඒ අතීත සිහිනය තුළ රැදෙන්නේ දියණිය සමඟ ගෙවුණු අතීතය පිළිබඳ පැහැබර මතක සටහන්.
බොළඳ මියුරු බස්
සවන් නිවාලූ
කැකුළු සිනා රස
සිත සනහාලූ
අතීත සිහිනය
බොඳවී දියවී
ඈතට පාවෙන්නේ
දරු සෙනෙහස හරියට ගඟක් වගේ. ගඟ පහළට ගලනවා මිසක ඉහළට ගලන්නෙ නෑ. දෙමව්පියො අප ගැන හිතනවා. අපි දෙමව්පියන් ගැන හිතනවට වඩා අපේ දරුවො ගැන හිතනවා. අපේ දරුවො අපි ගැන හිතනවට වඩා ඒගොල්ලන්ගෙ දරුවො ගැන හිතනවා. මේ තමයි ඇත්ත.
”පරපුර වඩන ලෙසින්
වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ
මතක වරායෙන් නොපෙනෙන ඈතක
වැලිබත පාවෙන්නේ
මං ආයෙත්මත් මගේ දියණිය දිහා බැලුවා. ඇය පාඩම් කරනවා. ඇයත් මගේ ළඟ හැමදාම නොඉන්න බව දැනෙන කොට හීන් දුකක් ඇතිවෙනවා. ඒ මගේ උරුමය. සෑම පියවරුන්ගේම උරුමය. ඒකට අපිට හුරු වෙන්න වෙනවා. සුජාතා අත්තනායක ගැයූ අජන්තා රණසිංහයන් ගෙ පදමාලාවක් මට මතක් වෙනවා.


ගීතය අහන්න මෙතනින්
https://www.youtube.com/watch?v=S9P9WyPMdh4




”පුංචි දවස්වල නින්දට යද්දී
පීතුපාදං නමාමහං කියලා
වැන්ද දෙපා අද යළිත් වඳීන්නම්
මංගල ගමනට යන්න අවසරයි
පියාණනී...
කොහොම උණත් මහලු විය කියන්නෙ බොහෝ දේ අපට අහිමි කරන දුක්බර සමයක්. මටත් හෙට දවසක ඒ දුක්බර සමයට පය තබන්නට වෙනවා. දරුවන්ගෙන් ඈත්වෙලා හුදෙකලා වූ දෙමාපියන්ගේ ශෝකය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නන්දා මාලිනියගේ මුවට නැංවූයේ මෙන්න මෙහෙම.


ගීතය අහන්න මෙතනින්

https://www.youtube.com/watch?v=2BY-X6gaC5Y

”සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේළිය කැටුව මපුතු ද වෙන්විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ
දූලගෙ තාත්තා ඈත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වකගසාගෙන
මං ඉන්නවා නෙත කඳුළැලි දරාගෙන
දරුවන් ඇඳුම් ඇඟළුම් ගෙන සිඹින්නෙමි
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමි
ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී
සුද්ධෝදන රජතුමා බුදුහාමුදුරුවන්ට දරු සෙනෙහස කියල දුන්න හැටි මතක් වෙනවා. එය සම සිඳ මස් සිඳ, නහර සිඳ ඇට මිදුළු සිඳ පියකුගෙ මවකගෙ පතුලටම කිඳා බසිනවා.
අමරදේවයන් මේ ගීතය ගයන්නේ හැඟීම් බරව. එයට ගැළපෙන තනුවක් ගීතය පුරා දිවයනවා. මගේ මතක වරායෙ පුංචි මතක ඔරුගොඩක් ගොඩගැහිලා මගේ දුව උයපු වැලිබත් ඔරුවක සිතිජයේ ඈත කෙළවරට ඇදෙනවා. මගේ ඇසට කඳුළක් උනනවා ඒ කඳුළු අතරින් බොඳවෙලා මගේ දුව මට පේනවා.

Sunday, December 6, 2015

පූජ්‍ය ග0ගොඩවිල සෝම හිමි ( ගුණ අනුස්මරණය වෙනුවෙනි ).


මීට වසර 13 කට පෙර සිටම ගම් නියම් ගම් වලට ගොස් පහදා දුන් නියම සත්‍ය රහසේම සැගව යැව්වත්  අදටත් එදා දෙසූ ඒ සත්‍ය අප අතර දකින්න ලැබෙන්නේ වර්ථමාන ශ්‍රී ල0කාව තුළ වෙසෙන අප අපේ රටේ ජාතියේ ආගමේ විනාශය දකින  නිසාවෙනි.“ඇයි “ඒ  ...අන්තනෝමතික ලෙස ක්‍රියා කරන දේශපාලකයනුත් අගම්වාදී කණ්ඩායමුත් රටට  කරනු ඒ විනාශ මිස රටක් ලෙස ජාතියක් ලෙස ඉදිරියට යාමට නොව පරිහානියට ඇද දැමීමය
“ඇයි මෙතරම් මහා ජනකායක්?” කියා මේ රටේ දේශපාලන නායකයන් ඇසුවේ ඒ නිසාය. “ඒ වෙන නායකත්වයක් නොතිබූ නිසාය” යන පිළිතුර අද රට මුහුණ පා තිබෙන ලොකුම ප්‍රශ්නය කුමක්දැයි පෙන්නුම් කරයි. “සිදුවෙමින් පවතින ජාතික හා ශාසනික විනාශයද පැහැදිලිව ප්‍රකට වෙද්දී මුනිවත රැකීම කුහක භික්ෂු ප්‍රතිපදාව නොවන්නේ දැයි මගේ සිත මටම දොස් නගන්නට විය.” සෝම හාමුදුරුවන්ගේ මේ වදනෙන් උන්වහන්සේ කරන්නට බලාපොරොත්තු වූයේ කුමක්දැයි මනාවට විස්තර වේ.
ලාංකීය බුදු සසුනේ පැවිදි බව ලැබූ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමකි. භික්ෂු සම්ප්‍රදාය අනුව උන් වහන්සේ උපන්  ( 1948 /04/24 ) ග්‍රාමය වන ගංගොඩවිල නම උන් වහන්සේගේ නාමය මුලට යොදාගෙන ඇත. තම ගුරු පියාණන් වූ අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ අඩිපාරේ යමින් බුද්ධ ශාසනයට සහ සිංහල බෞද්ධයන්ට උන් වහන්සේ මහත් සේවාවක් ඉටුකළහ.
සෝම තෙරුන්ගේ අකල් අපවත් වීම අදටත් මත භේදවලට තුඩුදෙන කරුණක් වී තිබේ.
සෝම හිමියන් විසින් එදා ගොඩ නැගූ ජන විජය පදනම අප රටට ජාතියට කළ සේවය සහ එයින් ගොඩ නැගූ නිවහල් සමාජයේ උරුම කරුවෙකුව වීම සහ අප විහාරයට 2003 වර්ශය මුල භාගයේ වඩම්මවා ධර්ම දේශණයක් දේශණා කිරීමට සලසා දීමත් එයින් අප ප්‍රදේශයේ තුළ පවා තිබූ අන්‍ය ආගම් වාද සහ බුදු දහමට විනාශ කිරීමට කටයුතු කල රාජ‍ය නොවන ස0විධාන පවා අක්‍රිය කලේය.ප්‍රදේශය පුරා නොමග ගිය මිනිසුන් අතර රෝගීන් සුව කිරීම දොස්තරට භාර නොදී යම් යම් දේව මෙහෙයුම් මගින් සුව කර ගැනීමට ගොස් ජීවිත හානි කරගත් මිනිසුන්ගේ පවුල්වලට සත්‍ය  අවභොඅධ කර දීමත් එවැනි මිත්‍යා පසු පස ගිය ( පාශ්ටර් වරුන් පසු පසා මන්ධ මානසිකයන් යහමගට ගත්තේය

සෝමහිමිගේ චරිතය
පුජ්‍ය ගංගොඩවිල සෝම තෙර උපත ලැබුවේ ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරයට අවට ප්‍රදේශයක පිහිටි අර්ධ නගරයක් වන ගංගොඩවිලදීය. වයස අවුරුදු 26ක් වු සෝම තෙරුණුවන්ගේ භාරකාරත්වය 1974දී ලංකාවේ සම්මානීත්වයට පාත්‍ර වු භික්ෂු දෙනමක් වන පුජ්‍ය මඩිහෙ පඥ්ඥාසීහ මහා නා හිමි තෙර හා පුජ්‍ය අම්පිටියේ රාහුල මහ තෙර වෙත හිමිවිය.සාමණේරනමක් ලෙස මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට පැමිණි උන්වහන්සේ ඉහත භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් මහා සංඝයානන් වහන්සෙලාගේ ක්‍රියා පටිපාටිය ඉගෙන ගනු ලැබුහ. වර්ෂ 1976 දී උපසම්පදාව ලද සෝම තෙරුන් වහන්සේ වැඩි දුරටත් නියම පාලි බසින් බුදු දහම පිළිබඳව ලියවුණු පාඨ ග්‍රන්ථයන් අධ්‍යයනය කරන ලද අතර බුදු දහමේ ඉගැන්වීම් පිළිබඳව සොයා බැලීමට මෙන්ම නොයෙකුත් සොයා ගැනීම් පාදක කර ගනිමින් ග්‍රන්ථ රචනා කිරීමටත් වැඩි රුචිකත්වයක් දැක්විය. තරුණ පරම්පරාවේ ජීවිත ධර්මය අනුව හැඩගැස්වීම සෝම තෙරුන්ගේ ප්‍රධාන පරමාර්ථය විය.මේ සදහා හොද ප්‍රවේශයක් ලෙස උන්වහන්සේ විසින් පිහිටවා ගනු ලැබු "තරුණ සවිය" නැමැති සංවිධානය සදහන් කළ හැකිය. හුදකලා ප්‍රදේශයන් තෝරා ගනිමින් භාවනාවේ නිරතවුනු සෝම තෙරුණුවෝ භාවනාවේ දක්ෂ සිසුවෙක් වූහ. බුදුන්වහන්සේ විසින් උගන්වනු ලැබු භාවනාව විෂයක් ලෙස ගනිමින් අධ්‍යනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්විය උන්වහන්සේ භාවනාව පිළිබඳව වැදගත් කරුණු එක් කර "බුද්ධාස්ථුප" නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරන ලදී.

වික්ටෝරියාව සමග පැවති සම්බන්ධතා මත ආරාධනාවක් අනුව 1986 දී ධර්ම දේශනාවක් සඳහා එහි වැඩම කළ උන්වහන්සේ මාස හයකට පසු නැවත ලංකාව බලා වැඩම කිරීමෙන් අනතුර 1989 දී වික්ටෝරියා බෞද්ධ විහාරය පිහිටුවීම සදහා පදනම දමන ලදී. අවසාන කාලය තුළ උන්වහන්සේට අවශ්‍ය වුයේ බෞද්ධාගමේ අගයන් පිළිබඳ මිනිස් සිත් තුළට කා වැද්දීමයි. එපමණක් නොව ගංගොඩවිල සෝම හිමියෝ දහස් ගණන් රටවල් වල සංචාරය කරමින් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශික්ෂාපද පහ සාමාන්‍ය සරල දිවි පෙවතකට අදාළ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ධර්මය පැතිර වීමට කටයුතු කළහ. එමෙන්ම දහස් ගණන් ක්‍රිස්තියානි ජනයා උන්වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කළ අතර මෙසේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ප්‍රධාන හේතුව වුයේ උන්වහන්සේ විසින් යොදා ගත් සරල අදහස් දැක්වීමේ ක්‍රියා පටිපාටියයි.මෙය ධර්ම දේශනා සාර්ථක විමට ඉතා වැදගත් කරුණක් වූ අතර බොහෝ අවස්ථා වල උන්වහන්සේගේ ධර්ම ශාවක පිරිස වුයේ තරුණ තරුණියන්ය.


වික්ටෝරියා බෞද්ධ විහාරය
වර්ෂ 1993 දී වික්ටෝරියා බෞද්ධ විහාරය නමින් නොබෙල් පාර්ක් හිදී නව විහාරයක් පිහිටුවන ලද අතර ධර්මය ප්‍රචලිත කිරීමේ අදිටනින් පිහිටුවන ලද මෙම විහාරය ලාංකීය ජනතාව සඳහා පමණක් නොව වෙනත් ජාතින් අතරද ධර්මය ප්‍රචලිත කිරීමේ අරමුණින් ඇති කරන ලදී.වර්තමානයේදී මෙම ආයතනය තුළ සියළුම ආගම්වල ජනයා ඉතා සාර්ථක ලෙස තම කටයුතු කරගෙන යනු ලබන අතර මුල්කාලයේ මෙම විහාර භූමිය විශාල එකක් නොවු බැවින් සියළු කාර්යයන් නිසියාකාරයෙන් කර ගෙන යාමට අපහසු විය.එම නිසා සෝම හිමියන් විසින් අක්කර 5(20,000 වර්ග මීටර්)ක ප්‍රමාණයේ භූමි ප්‍රදේශයක් නැවත මිලදී ගන්නා ලද අතර නව භූමියේ ගස් 800 පමණ වගා කරන ලදී.මෙම භූමිය මිලදී ගැනීම නිසා ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය ආරම්භ කිරීමට හැකි විය. සෝම හිමියන් ශ්‍රි වජිරානන්ද ධර්මායතනයේ ශිෂ්‍ය නායකයකු ලෙස මෙන්ම ධර්ම දේශකයකු ලෙස ධර්මායතනය සමග ඉතා සමීපව කටයුතු කරන ලදී. පූජ්‍ය මඩිහෙ පඤ්ඥාසීහ මහනායක තෙරුන් හා පූජ්‍ය අම්පිටියේ රාහුල තෙරුන් යන භික්ෂු දෙනම උන්වහන්සෙගේ ගුරුවරුන් වූහ.මෙම ගුරුහාමුදුරුවන් දෙනම සදහා සිතේ පැවති ආදරය හා භක්තිය දෙවෙනි වුයේ බුදුන්වහන්සේ සදහා පමණි. සෝම හිමියෝ ගිහි කල ග්‍රීන්ලන්ඩ් විද්‍යාලයේද පසුව ඉසිපතන විද්‍යාලයේද අධ්‍යාපනය හදරනු ලැබූ අතර මෙකල උන්වහන්සේ දක්ෂ රග්බි ක්‍රීඩකයෙක් වූහ. රිච්මන්ඩ් බෞද්ධ විහාරයෙන් ලැබුණු ආරාධනාවක් අනුව 1986 දී පූජ්‍ය සෝම හිමි ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවට වැඩම කරන ලද අතර උන්වහන්සේ මාස තුනක පමණ කාලයක් එහි වැඩ වාසය කරනු ලැබූහ. ඕස්ට්‍රේලියාවේ මහායාන ධර්මය ප්‍රචලිත වී තිබු බැවින් නිවරදි ථෙරවාදී බුදු දහම නිවරදි ආකාරයෙන් ප්‍රචලිත කළ යුතු යැයි සිතු උන්වහන්සේ එම කාර්යය දියත් කිරීම සදහා නැවතත් 1989 දී ඕස්ට්‍රේලියාව බලා වැඩම වූහ.මෙහිදී උන්වහන්සේ විසින් පළමු සිංහල විහාරය මෙල්බන් නගරයේ රිජෙස්ට් විදියේ, ස්ප්රිහන්ගුවෙල් වල "මෙල්බන් ශ්‍රී ලංකා විහාරය" නමින් පිහිටුවා ඇත .1993 දී උන්වහන්සේ විසින් මෙල්බන් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයෙන් ගොස් නොබෙල් පාර්ක් හි 21,රීච් මාවත හි වික්ටෝරියා බෞද්ධ විහාරය සාදන ලදී.පසු කාලීනව මෙම විහාරය ශාක්‍යමුනි විහාරය නමින් හැදින් විය. සෝම හිමියන් දුර දක්නා නුවණකින් හා නිවැරදි දැක්මකින් යුක්තව බෞද්ධ දර්ශනයට මග එළි පෙහෙළි කිරීම හා බෞද්ධ අධ්‍යාපනය නගා සිටු වීම සඳහා ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය නමින් ඕස්ට්‍රේලියාවේ බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය පිහිටුවීමේන් බෞද්ධ ආගම පිළිබඳ පරීක්ෂණ පවත්වමින් ප්‍රායෝගිකව හැදැරීමට කැමති පුද්ගලයන් සදහා ශිෂ්‍යත්ව පිරිනමනු ලැබීමද අරමුණක් වීය.

වසර හතකට පසු 1996 වර්ෂයේදී නැවත ශ්‍රී ලංකාවට වැඩම කළ උන් වහන්සේ ටික කලක් ලංකාවේ වැඩ වාසය කිරීමේ අරමුණින් පසු විය.පියාගේ හදිසි ආබාධය සහ අධ්‍යාත්මික දියුණුව වැඩි කර ගනු පිණිසත් ලංකාවේ ටික කලක් වැඩ වාසය කිරීමට අදහස් කර ගෙන සිටියද පියාගේ ආබාධය දරුණු අතට හැරීම නිසා උන්වහන්සේට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ වාසය කිරීමට සිදු විය. එමෙන්ම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන කාලය අතර තුර පිටතින් පැමිණි බලවේගයන් හමුවේ බෞද්ධ ආගම විනාශය කරා ගමන් කරන බව සෝම හිමියන්ට අවබෝධ විය. උන්වහන්සේ දුෂ්කර ප්‍රදේශවලට විශේෂයෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාර නිසා විපතට පත් වු ප්‍රදේශවල ජනයාට උපකාර කිරීම සදහා එම ප්‍රදේශ වලට වැඩම කිරීම උන්වහන්සේගෙන් සිදුවූ සමාජ සත්කාරයකි.
කෙටි කාලයක් සදහා නැවත ඕස්ට්‍රේලියාවට වැඩම කළ සෝම හිමියන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනයා ඉන් මුදවා ගැනීම සදහා එහි ආධාර එක් රැස් කිරීම පිණිස සංවිධානයක් ආරම්භ කරනු ලැබීය.ඉන් නොනැවතුන සෝම හිමි ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට එම විපතට පත් ජනයා හා දුෂ්කර ප්‍රදේශ වල ජනයා සමග ළඟින් ඇසුරු කිරීමට හා විවිධ වු උපකාර කිරීමට කටයුතු සංවිධානය කළහ.
ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාව බලා වැඩම කළ සෝම තෙරුන්ට දක්නට ලැබුණේ මත් උවදුර සීඝ්‍රයෙන් වැඩි වූ ලාංකීය සමාජයකි. මත් උවදුරින් ලාංකීය ජනයා මුදවා ගැනීම සදහා උන්වහන්සේ තරුණ පිරිස් සමග එක්ව ජනතාවගේ අවධානය ඒ වෙත යොමු කළ සේක.
එපමණක් නොව පන්සල් භූමිය තුළ කුඩා කෝවිල් ස්ථාපිත කිරීමට විරුද්ධව උන්වහන්සේ සංවිධානාත්මකව නැගී සිටි සේක.

අපවත් වීම
2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන් පීටස් බර්ග්ස් හිදී මහරගම, විජේරාම ගංගොඩවිල සෝම හිමි රුසියන් රජයෙන් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබා ගැනීම සදහා රුසියාවට වැඩම කළසේක. එහිදී උන්වහන්සේට ඇතිවු හදිසි හෘදයාබාධයක් නිසා සෙන් පීටස් බර්ග්ස්හි රෝහලකට හදිසියේ ඇතුල් කරන ලද අතර එහිදී උන්වහන්සේගේ රෝගී තත්ත්වය වැඩිවීමෙන් වසර 56 ක ආයු වළදා අපවත් වූහ.
උන්වහන්සේගේ අපවත් වීම නිසා ලාංකීය ජනතාව මහත් කම්පාවට පත් වු අතර එම අපවත් වීම සෑම කෙනෙකුගෙම සිත් තුළ සැක සංකා මතු කරන්නටද හේතු විය.
බොහෝ දෙනා මෙය ක්‍රිස්තියානි මුලධර්ම වාදයෙන් සිදු කරන ලද මරණයක් ලෙස විශ්වාස කරති. එම නිසා මරණය පිළිබඳව තොරතුරු අනාවරණය කිරීම සඳහා කොමිසමක් පත් කරන ලදී.මෙම කොමිසම මගින් මරණ පරීක්ෂණ දෙකක් පවත් වනු ලැබු අතර මෙම කොම්සමේ සාමාජිකයන් තිදෙනෙකුගේ අවසන් නිගමනය වුයේ එම මරණය ඕනෑකමින් කරන ලද්දක් බවයි. එමෙන්ම එක් කොමිසන් සාමාජිකයකු පැවසුවේ ඒ සදහා සාක්ෂි නොමැති බවයි.

(බුදු දහම රැකගැනීමේ අටියෙන් අති විහාල මෙහෙයක් ඉටුකල අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ දැයෙන් සමුගෙන  2015  දෙසැම්බර් 12 වැනිදාට වසර 12 ක් පිරේ. රටට, ජාතියට උන්වහන්සේ ඉටු කල මෙහෙය වචන කීපයකින් සටහන් කල හැක්කක් නොවුවද මේ සටහන් තැබෙනුයේ උන්වහන්සේගේ එකී මෙහෙවරට කරන උපහාරයක් වශයෙනි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහ මහතා විසින් රචිත “සෝම හාමුදුරුවන්ගේ බෞද්ධ දේශපාලන දර්ශනය” නමැති ග්‍රන්ථයෙන් උපුටා ගත් ලිපියකි මේ.)
2003 දෙසැම්බර මස මැද භාගයේදී අප දුටුවේ බෞද්ධ විප්ලවයික. කහ විප්ලවයකි. බෞද්ධ බලවේගයකි. නියමය නම් ජීවත්ව සිටියදී විප්ලවයකට, බලවේගයකට නායකත්වය දීමය. නමුත් සෝම හාමුදුරුවන් විප්ලවයක් ඇති කළේ උන්වහන්සේ මෙලොව අතහැර ගිය පසුවය. එම කහ විප්ලවය බෞද්ධ සිත් තුළ මෝරමින් තිබුණු බව නිසැකය. නැතිනම් එදා අප දුටු ඒ බෞද්ධ පිබිදීම දකින්නට නොලැබෙනු ඇත.
නිහඩව මෝරමින් පවතින ගිනි කඳු පුපුරා යන්නේ බලාපොරොත්තු නොවූ ලෙසය. ඒ ස්වභාව ධර්මයාගේ නිර්මාණයකි. සෝම හාමුදුරුවෝ බුද්ධ දේශනය මත පිහටා කෙලින්ම බෞද්ධයින්ගේ බුද්ධියට සහ සිත්වලට ආමන්ත්‍රණය කළහ. ඒ නිසා අවදි වූ බෞද්ධ සිත් ගිනි කන්දක් ලෙස නොව මහා සිසිල් ධාර්වක් ලෙස උතුරා ගලා යන්නට විය. බෞද්ධ සිසිල් ධාරාවක් ලෙස ගැලුවේය. බෞද්ධ මහා බලවේගයක් ලෙසය.
එම බලවේගයේ රහස පොදු බෞද්ධ ජනතාව වටහා ගත්තේ ය. නමුත් රටක වැසියන් එකාවන්ව සිය බලය විදහාපාන විට දේශපාලඥයෝ කලබල වෙති. දේශපාලඥයින්ගෙන් තොරව ඇතිවන බලයට මේ පිරිස බිය වෙයි. එදා බෞද්ධයින් පෙන්වා සිටියේ අහිංසක බලවේගයකි. ඒ බලවේගය බලය උදෙසා ඇතිවූවක් නොව, ධනය උදෙසා ඇතවූවක් නොව, පාර්ලිමේන්තු ආසන සඳහා වූ බලවේගයක්ද නොවීය. ඒ බලය බෞද්ධයිනගේ බුද්ධියට, සිත් තුළට සමීප වූ බුද්ධ පුත්‍රයෙක් වෙනුවෙන් ගලන ලද්දකි.
මෙම බලවේගයේ රහස සොයන්නට වූවන් අතර මේ රටේ සුපිරි දේශපාලඥයකු ද විය. “ඇයි මෙතරම් ජන ගංගාවක්?” යන ප්‍රශ්නය මේ දේශපාලනඥයාද ඇසුවේය. මේ ප්‍රශ්නයට ලැබුණු පිළිතුර වූයේ “නායකත්වයක් නොතිබූ තැන සෝම හාමුදුරුවෝ නායකත්වයක් ලබාදුන්නා. මේ ඓතිහාසික සිද්ධියේ හේතුව එයයි.” මේ පිළිතුර අසා මෙම දේශපාලඥයා ඊට දුන් පිළිතුර වූයේ එය ඇත්ත විය හැකි බවයි. දේශපාලනඥයින්ට නොලැබෙන කිසිවකුගේ පෙළඹීමක් නොමැතිව සෝම හාමුදුරුවන්ට ලැබුණ ඒ මහා ගෞරවය මෙම දේශපාලනඥයින්ට තෝරා ගන්නට බැරි බව කිව යුතු නොවේ.
“නැණ පහන අවදි කළ සෝම හාමුදුරුවෝ”, “නිර්මල බුද්ධ ධර්මය දේශනා කළ සෝම හාමුදුරුවෝ”, “රටත්, ජාතියත් අවදි කළ සෝම හාමුදුරුවෝ යන මේ පාඨ බැනර්වල ලියා තිබෙනු දුටුවේ ගමක් පසු කරමින් යන විටය. මෙම පාඨ “කහ විප්ලවයේ” ආරම්භයද? එමෙන්ම පෙර සඳහන් දේශපාලනඥයා නැගූ “මේ තරම් සෙනෙහෙබර ජන සන්නිපාතයක්” යන ප්‍රශ්නයට ලැබිය යුතු පිළිතුරද යට කී පාඨවල ඇත.
සෝම හාමුදුරුවන් ආරම්භ කළ ඒ “කහ විප්ලවය” සියලු භේද යටපත් කොටගෙන විකාශනය විය. බෞද්ධ බලවේගයක් මේ රටේ තිබෙන බව අපි දුටුවෙමු. අවශ්‍ය වන්නේ බෞද්ධයන් ගරු කරන නායකත්වයකි.
සෝම හාමුදුරුවන් මේ රටේ බෞද්ධ ජනතාව‍ කෙරෙහි බලපෑවේ කුමන අයුරකින්ද? ඊට සරල පිළිතුරක් මෙන්ම සංකීර්ණ පිළිතුරක්ද වේ. භික්ෂුවක් හැටියට නිර්මල බුදු දහමේ පිහිටා බෞද්ධයා අද මුහුණ පා ඇති ප්‍රශ්න කෙරෙහි බුද්ධිගෝචරව, සෘජු ලෙස සලකා බැලීමේ බලයක් හා ශක්තියක් උන්වහන්සේට හිමිව තිබුණි. සෑම ප්‍රශ්නයක්ම බුද්ධියට හසු කොට ඒ අනුව පිළිතුරු සෙවූහ. හැම දේකම මිණුම් දණ්ඩ ලෙස උන්වහන්සේ සැලකුවේ බුද්ධ දේශනයයි.
සෝම හාමුදුරුවෝ බුද්ධ ධර්මය හැම දෙනෙකුටම පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පැහැදිලි ලෙස විස්තර කර දුන්නාහ. එලෙසම ලෞකික සහ ලෝකෝත්තරවශයෙන් බුද්ධ ධර්මය කාටත් සෙත සලසන අයුරු විස්තර කර දුන්නාහ. මෙය පෙර සඳහන් සරල පිළිතුර ලෙස සඳහන් කිරීමට පුළුවන
සෝම හාමුදුරුවන්ගේ බුද්ධ දර්ශනය ගත් විට අපට පෙනී යන්නේ බුද්ධ ධර්මය ඉතා ගැඹුරින් හදාරා මිනිසා සහ සාමජය අතර පවතින සම්බන්ධතාවයන් බුද්ධිමත් ලෙස විග්‍රහ කළ බවත් ඒ අනුව එම සම්බන්ධකම් පිළිබඳ පුළුල් අර්ථ කථනයක් කළ බවත්ය. විචාරශීලී පදනමේ සිට කළ මේ අධ්‍යයනවලදී අප රට මුහුණ පා සිටින සියලුම විෂමතාවන් අප බුදු මග හැර ගොස් ඇති නිසා ඇතිවූ ඒවා බව උන්වහන්සේ නිගමනය කළහ. මේ ගැන උන්වහන්සේ කුමක් කීවේද?
“හින්දු බලපෑම මත බුදු දහම යටපත් වී මිථ්‍යාව ඉස්මතු වන සැටිත් බුදු සසුනේ මුර දේවතාවන් වන භික්ෂූන් වහන්සේ පවා ගතානුගතික සම්ප්‍රදායනට හා චාරිත්‍ර විධිවලට ගැතිවී වමතින් ගත් බණ පොත ජනතාවට පෙන්වමින් දකුණතින් ගත් මිසදිටු දරුණු කෙටේරියෙන් බුදු සසුනේ මුල සිඳුලන ආකාරය දහමට හා විනයට අනුව සසඳද්දී ප්‍රකටවම දිස්වන්නට විය. මේ හේතුවෙන් සිදුවෙමින් පවතින ජාතික සහ ශාසනික විනාශයද පැහැදිලිව ප්‍රකට වෙද්දී මුනිවත රැකීම කුහක භිකෂු ප්‍රතිපදාවක් නොවන්නේ දැයි මගේ සිත මටම දොස් නගන්නට විය.”
අද සිදුවෙමින් පවතින ශාසනික සහ ජාතික විනාශය සෝම හාමුදුරුවන් දුටුවේ එලෙසය.
ඉන්පසු උන්වහන්සේ උන්වහන්සේට හිමිවූ කාර්යභාරය පිළිබඳ තීරණය කළේ මෙසේය.
“භික්ෂුවක වශයෙන් මිථ්‍යා දෘෂ්ටි ග්‍රහණයෙන් බුදු සසුන බේරා ගැනීම පළමු වගකීම විය යුතු බව මගේ තීරණය විය. සසුනෙන් තොර වූ සිංහල ජාතියක් ගැන සිතීම වැදගත් නොවන බව මම පසක් කලෙමි.
සෝම හාමුදුරුවන් ගත් මේ තීරණය අනුව උන්වහන්සේ ක්‍රියා කළ අයුරු දුටු මේ රටේ බෞද්ධයෝ පැහැදුණහ. එදා ලක්ෂ ගණනින් උන්වහන්සේ අපවත්වීම ගැන දුක් වූයේ ඒ පැහැදීම නිසා බව පිළිගත යුතු වේ.
අද බුද්ධාගම ලබා ඇති කණගාටුදායක තත්ත්වය ගැන උන්වහන්සේ මෙසේ කීහ.
“යමෙක් පංචශීලය සමාදන්ව ඒ අනුව හික්මෙන්නේද, හේ සියලු භෝග ලබන්නේය. කිතු ගොස් ලබන්නේ, විශාරදව වැජඹෙන්නේ යැයි බුදුරදුන් දෙසූ නොවෙනස් බුදු වදන් නොදන්නේ හෝ නොවටහා ගන්නේ හෝ බුදුරදුන් දෙසූ පංචශීලය අමතක කොට ඒ පංචශීලය සායි බබා හට ආරෝපණය කළෝ සිංහලයෝය. සිංහල බෞද්ධයෝය. බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් හා අනු ව්‍යඤ්ජනයන් සායි බාබාට සසඳා ගීත ගැයුවෝද ඔවුහුමය.”
මිථ්‍යා දෘෂ්ටීන් බුද්ධාගමට ඇතුළත් වු අයුරු දුටුවේ සෝම හාමුදුරුවන් පමණක්ම නොවේ. මේ රටේ බොහෝ බෞද්ධයන් මේ වර්ධනය නොදැක්කා නොවේ. සෝම හාමුදුරුවන් සෘජුව ඒ බව මුළු රටටම ප්‍රකාශ කළේ පෙර සඳහන් උන්වහන්සේගේ තීරණය අනුවය. නායකත්වය කියනු ලබන්නේ මෙවැනි ක්‍රියාවලීන් සෑදුණ ක්‍රියාපිළිවෙතකටය.
තමන් වහන්සේගේ ඒ තීරණය පිළිබඳ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පවසා ඇත
“රටේ අස්සක්, මුල්ලක් නෑර කුඩා දරුවාගේ පටන් මහල්ලා හෝ මැහැලිය දක්වා, ස්ත්‍රී-පුරුෂ, ගිහි-පැවිදි භේදයකින් තොරවම පැතිරී යන දුරාචාර වසංගතය නිසා සිංහල ජාතිය හා සම්බුදු සසුනත් තව අඩසිය වසක් ඇතුළත් ලක් දෙරණින් අතුරුදන් වීමට නියමව ඇත. එසේ වුවුද තෙරුවන් කෙරෙහි මනාව පිහිටා සැදැහැ ඇති අපට ඒ විනාශය ඉදිරිය් අන්ධයකු, ගොළුවකු, බිහිරෙකු සේ සිටීම කළ නොහැකිය.”
මහානායක, නායක ස්වාමීන් වහන්සේලා රටපුරාම සිටින්නාහ. නමුත් උන්වහන්සේලා සෝම හාමුදුරුවරුන් නොවන්නේ මන්ද? මෙම ප්‍රශ්නයට පිළිතුර සෝම හාමුදුරුවෝම වෙන්න පුළුවන
පෙර සඳහන් සෝම හාමුදුරුවන්ගේ වදන් ලබා ගනු ලැබුවේ “දේශය සුරකින රන් අසිපත” යන උන්වහන්සේගේ ග්‍රන්ථයෙන්ය. මින් පසුවත් එම ග්‍රන්ථයෙන් කරුණු උපුටා දැක්වීමට බලාපොරොත්තු වෙමු.
ජනතාව අවදි කළ හැක්කේ යම්කිසි ආගමකට හෝ දර්ශනයකටය. මානව ඉතිහාසයෙන් ඒ බව පැහැදිලි කොට ඇත. පසුගිය දෙසැම්බර් මාසයේදී මේ රටේ ඉතිහාසයට එක්වූ කාල පරිච්ඡේදයක් ඔප්පු කළේ මේ ටිකමය. සෝම හාමුදුරුවන් අවදි කළ බෞද්ධයින් ලක්ෂ ගණනින් උන්වහන්සේට ගරු බුහුමන් දැක්වූයේ උන්වහන්සේ ගොඩ නගා ගත් පැහැදිලි දර්ශනයක් නිසාය. බුද්ධ දර්ශනයෙන් උන්වහන්සේ බිහිකර ගත් ඒ දර්ශනය කුමක්ද? ඒ දර්ශනයට හසුවූ කරුණු මොනවාද?
බුදු දහම පිළිබඳ සෝම හාමුදුරුවන් පෙන්නුම් කළ දැනුම, අවබෝධය මෙතරම් යයි කායා පෑමට නුපුළුවන. උන්වහන්සේ ලැබූ ඒ අවබෝධය ගිහියාට නව ආගමික අත්දැකීමක් විය. ඊට හේතු වූයේ ඉතා සරල අන්දමින් බුදු දහම පිළිබඳ උන්වහන්සෙගේ දැනුම සහ අවබෝධය සාමාන්‍ය දැනුමක් ඇත්තන්ට කියා දීමය.
සෝම හාමුදුරුවන්ගේ දර්ශනය වත්මන් ලාංකීය සාමාජය සහ බෞද්ධයා මුහුණ දී ඇති තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස ගොඩ නැගුණ එකක් ලෙස සැලකුවත් වරදක් නැත. මේ බව උන්වහන්සේගේ වචනවලින්ද පැහැදිලි වේ. “භික්ෂුවක වශයෙන් මිථ්‍යා දෘෂ්ටි ග්‍රහණයෙන් බුදු සසුන බේරා ගැනීම පළමු වගකීම බව මගේ තීරණය විය.”
මින් පෙර වුවුද ආගමික ශාස්තෘවරුන්, දාර්ශනිකයින්, චින්තකයින් බිහිවී ඇත්තේ සෝම හාමුදුරුවන් පවසා ඇති පරිදි සමාජයක්, රටක් හෝ ආගමක් පරිහී යන හෝ වියවුල් ඇති වකවානුවලදීය.
අද අප පසුවන්නේ රට අරාජික තත්ත්වයක පවතින අවස්ථාවකය. ආගමික වශයෙන් ගත් කළ බුදු සසුන සහ බෞද්ධයින් නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පා ඇති අවස්ථාවකය. එවැනි තත්ත්වයක් පිළිබද අධ්‍යයනය කිරීම සහ ඒ අනුව ලබාගත් අව‍බෝධය දර්ශනයක් ලෙස විකාශනය වෙයි. දර්ශනයක් ඇති අයෙක් සෝම හාමුදුරුවෝ පවසා ඇති පරිදි අන්ධයකු, ගොළුවකු හෝ බිහිරකු සේ සිටින්නේ නැත. ඉතිහාසය මේ බව පෙන්වා දී ඇත. සෝම හාමුදුරුවන්ට දාර්ශනිකත්වය ලැබෙන්නේ ඒ නියමය පරිදිය. උන්වහන්සේ දේශනා කොට නැවතුනේ නැත. ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කළහ.
පෙර අපරදිග ඉතිහාසය සතුව ඇත්තේ අප දැනුවත් කළ හැකි තොරතුරු සම්භාරයකි. අප ඉන් ප්‍රයෝජනය ගත යුතුය. ආගමික සමාජයීය දේශපාලනමය වශයෙන් ගත් කළ මේ හැම ක්ෂේත්‍රයක් තුළම පැවැති, පවතින හානිකර ගති පැවතුම් පිළිවෙත් ආදියට විරුද්ධව දැඩි ලෙස නැගී සිටි අවස්ථාවලින් ඉතිහාසය ගහණය. යුක්තිය, සාධාරණය, විමුක්තිය, සමානාත්මතාවය, සදාචාරය යන මේවා දාර්ශනිකයින්ගේ, පූජකවරුන්ගේ, විමසිල්ලට භාජනය වූ සමහර කරුණුය. ඈත අතීතයේ සිට සෑම ආකාරයේම දූෂණවලට විරුද්ධව හඩක් නැගුණ බව ඉතිහාසය පෙන්වා දෙයි.
පැවතුණු තත්ත්වයන්ට විරුද්ධව පැන නැගුණ විරෝධතා සියල්ල ගැනම ලිවීම මෙම ලිපියේ අරමුණට අදාල නොවන නිසා එක විරෝධතාවක් ගැන පමනක් කරුණු ස්වල්පයක් සටහන් කරන්නට කැමැත්තෙමු. 16 වැනි ශත වර්ෂයේදී කතෝලික ආගම් පූජකවරුන්ගේ, විශේෂයෙන්ම පාප් වහන්සේලාගේ පැවැත්මට විරුද්ධව මහා විරෝධයක් පැන නැගුණේය. ඒ වන විට කතෝලික පල්ලියේ පූජකවරුන්ගේ පැවැත්ම ගැන දැඩි කලකිරීමක් ඇති වී තිබුණි. නොයෙකුත් චින්තකයෝ ඊට විරුද්ධව ලීවා පමණක් නොව ක්‍රියාකාරී ලෙසද ඔවුනගේ කලකිරීම ප්‍රකාශ කළහ.
මේ සමයේදී ආගමික කටයුතු ඉබේ මෙන් පුරුද්ද අනුව සිදු කෙරිණි. පූජකවරුන් බුද්ධිමය වශයෙන් වැදගත් බලවේගයක් නොවීය. බුද්ධිමය වශයෙන් ඔවුන්ගේ අනුගාමිකයින්ගේ මනස කෙරෙහි කිසි බලපෑමක් කරන්නට නුපුළුවන් වූවා මෙන්ම ඔවුනගේ ආගම ධර්මයේ විකාශනය උදෙසා කිසිම අලුත් දෙයක් ඔවුන්ට ඉදිරිපත් කරන්නට බැරි විය. එම පූජකවරුන්ට තමන්ගේ බුද්ධිමය ශක්තිය කෙරෙහි කිසිවකුගේ ගරුත්වය ආකර්ශනය කර ගැනීමට බැරි විය. පූජකවරුන්ගේ අනුගාමිකයින් දුටුවේ මොවුන් නිර්ර්ථක දේශනා කරමින් බාහිර සැප සම්පත් ඇතුව ජීවත් වූ බවයි.
ථෙ ඵ්‍රඉසෙ ඔෆ් Fඔල්ල්ය් නමැති ග්‍රන්ථයකින් ඉරාස්මස් නමැති පූජකවරයාද ඒ සමයේදී පූජකවරුන්ගේ බාහිර චාරිත්‍රාදීන්ට දැක්වූ සැලකිල්ල සහ ඔවුන්ගේ තණ්හාව සහ මෝඩකම් දැඩි ලෙස විවේචනයට ලක් කළේය. රෝමයේ සිට ආණ්ඩු කරන පාප් වහන්සේගේ පාලනය ඒ සමයේදී පැවති ආකාරයට ක්‍රිස්තියානි ලෝකයට විනාශකාරී එකක් වූ බව ඉරාස්මස් එක් අවස්ථාවකදී සිය මිතුරෙකුට යැවූ ලිපියක සඳහන් කලේය. මෙවැනි තත්ත්වයක් යටතේ පූජකවරුන්ට සිය අනුගාමිකයින් කීකරු බවක් දැක්වූ නමුත් ඔවුන් කෙරෙහි නිසි ගෞරවයක් දැක්වූයේ නැති බව ඉතිහාසඥයින් පෙන්වා දී තිබේ.
මේ තත්ත්වය පුළුල් ලෙස අධ්‍යයනය කළ මාර්ටින් ලූතර් නමැති පූජකවරයෙක් සහ විශ්ව විද්‍යාල අචාර්යවරයෙක් සිය ප්‍රතිචාරය මෙසේ දැක්වීය. “‍මම නිදහස්ව ජීවත් වෙන්නට කැමැත්තෙමි. කිසිම බල අධිකාරයක, මණ්ඩලයක වේවා, වෙන අන් කිසි බලයක් වේවා, විශ්ව විද්‍යාලයේ වේවා, පප්තුමාගේ වේවා, මෙවැනි කිසිම බල අධිකාරියක වහලෙක් වීමට මම නොකැමැත්තෙමි. සත්‍ය යයි මම විශ්වාස කරන දේ නොබියව විශ්වාසයක් ඇතුව ප්‍රකාශ කර සිටින්නෙමි.”
මොහුගේ මේ විරෝධය පැන නැගුණේ පෙර සඳහන් කළ පරිදි පල්ලියේ පැවැති සුඛෝපභෝගී පැවැත්ම සහ පල්ලියේ අනුගාමිකයින්ගේ අවශ්‍යතාවයන්ට කන් නොදීම සහ ඒවා පිළිබඳ ක්‍රියා නොකිරීම නිසාය. පූජකවරුන්ගේ සහ කාර්දිනල්වරුන්ගේ දුරාචාර ජීවිත පිළිබඳ ඔහු කම්පනයට පත්විය. මේ පූජකවරුන් තමන් ඉටු කරන්නාවූ නොයෙකුත් ආගමික වතාවත් කෙරෙහි නින්දාශීලී සහ සමච්චල්කාරී ආකල්පයක් දැක්වීම ඔහුගේ කෝපයට හේතු විය.
මුදල් ගෙවා පවු සමා කර ගැනීමේ ක්‍රමයක් මුදල් ඉපයීමේ මාර්ගයක් කරගැනීම සාමාන්‍ය ජනයාගේ දැඩි විරෝධයට ලක් විය.
සාමාන්‍ය වශයෙන් ගත් කළ ඒ අවදියේ පාප්වරු බවට පත්වූ අය ඒ තනතුරුවලට සුදුස්සෝ නොවූහ. 1492 සිට 1503 දක්වා පාප් තනතුරේ කටයුතු කළ ඇලෙක්සැන්ඩර් බෝගිය පාප්තුමා ඒ පදවියට පත්වූයේ විශාල වශයෙන් අල්ලස් දීමෙන් බව ඉතිහාස පොත්වල සඳහන් වේ.
පූජකවරුන්ගේ දුරාචාර හෙළා දැක ඊට විරුද්ධව නැගී සිටි ලූතර්ට සාමාන්‍ය ලබ්ධිකයින්ගේ සහයෝගය ලැබුණි. දෙවියන් වහන්සේ සහ බයිබලය කෙරෙහි විශ්වාසය තැබීම ප්‍රමාණවත් වේ යයි ලූතර් ලබ්ධිකයින් සහ දෙවියන්වහන්සේ අතර අතරමැදියන් අවශ්‍ය නොවන බවද ප්‍රකාශ කළේය.
ලූතර්ගේ විරෝදය පුළුල් ව්‍යාපාරයක් බවට පත්ව 16 වැනි හත වර්ෂයේදී ඇතිවූ ක්‍රිස්තියානි ආගම පිළබඳ මහා ප්‍රතිසංස්කරණයට මග පෑදුවේය.
පවතින ක්‍රම හා පැවතුම් සාමාන්‍ය ජනයාගේ අනුමැතියට හේතු නොවන පරිදි සිදුවේ නම් ඊට විරුද්ධව නැගී සිටීම වැළැක්විය නොහැක. එවැනි අවස්ථාවලදී ජනතාව මෙහෙයවීමට සමත් නායකයින් පෙරට ඒම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. ආගමික පමණක් නොව දේශපාලන වශයෙන් ගත් කළද සිදුවන්නේ මෙපමණය. රට කුමක් වුවත් ක්‍රියාත්මක වන්නේ එකම න්‍යාය බවද පැහැදිලිය.
යමිකිසි සංස්ථාවක්, සංවිධානයක් දූෂිත වූ කළ එහි පැවැත්ම කෙටි වන්නට පුළුවන. එසේම එවැනි සංස්ථා අරමුණුවලින් පලා යන විට හෝ ඒවායේ අනුගාමිකයින්ගේ අදහස් උදහස්වලට කන් නොදී සිටින විට හෝ ඔවුනගේන් ඈත් වන විට හෝ ඒවා නිවැරදි කරගන්නා බලාපොරොත්තුවෙන් ඇතිවෙන ප්‍රතිචාර ව්‍යාපාර වැළැක්වීමට නුපුළුවන.
දැන් අප අපේ රට ගැන සලකා බැලිය යුතුය. අපේ ර‍ට දැඩි වියවුල් තත්ත්වයක පවතින බවට තර්කයක් නැත. ආගමික, දේශපාලන, ආර්ථික, සාමාජයීය වශයෙන් ගත් කළ මේ රටේ කිසිවකුට සතුටු විය හැකි තත්ත්වයක් නැත.
සෝම හාමුදුරුවන් ඉටු කළ, ඉටු කරන්නට බලාපොරෝත්තු වූ කාර්යභාරය මැනිය හැක්කේ මේ පසුබිම් තුළය. සෝම හාමුදුරුවන්‍ අපවත්වූ දින සිට ආදාහනය සිදුකළ අවස්ථාව වෙන තෙක් මෙරට අත්දුටු දේ පෙර සඳහන් තත්ත්වයට විරුද්ධව නැගීසිටි පුළුල් නිහඩ විප්ලවයකි. අප රටවාසීන් කිසිදාක නොදුටු විප්ලවයක් ලෙස හඳුන්වා දීමටද පුළුවන. “ඇයි මෙතරම් මහා ජනකායක්?” කියා මේ රටේ දේශපාලන නායකයන් ඇසුවේ ඒ නිසාය. “ඒ වෙන නායකත්වයක් නොතිබූ නිසාය” යන පිළිතුර අද රට මුහුණ පා තිබෙන ලොකුම ප්‍රශ්නය කුමක්දැයි පෙන්නුම් කරයි. “සිදුවෙමින් පවතින ජාතික හා ශාසනික විනාශයද පැහැදිලිව ප්‍රකට වෙද්දී මුනිවත රැකීම කුහක භික්ෂු ප්‍රතිපදාව නොවන්නේ දැයි මගේ සිත මටම දොස් නගන්නට විය.” සෝම හාමුදුරුවන්ගේ මේ වදනෙන් උන්වහන්සේ කරන්නට බලාපොරොත්තු වූයේ කුමක්දැයි මනාවට විස්තර වේ.
සෝම හාමුදුරුවන්ගේ මේ මෙහෙය ඉටු කිරීමට උන්වහන්සේ අවිය කර ගත්තේ බුදු දහමයි. උන්වහන්සේගේ ආගමික, සාමජයීය, දේශපාලන සහ ආර්ථික දර්ශනය බිහි වුයේ බුදු දහමෙන්ය. එය ඉතා බලසම්පන්න දර්ශනයක් විය. උන්වහන්සේගේ දේශනාවල කිසිම පටහැනි බවක් හෝ ප්‍රතිවි‍රෝධී බවක් නොදුටුයේ මේ නිසාය. සෝම හාමුදුරුවෝ මෙන් සෑම ක්ෂේත්‍රයක් සඳහාම බුදු දහම අර්ථවත් යයි පෙන්වා දෙන ඒකාබද්ධ දර්ශනයක් වෙන කිසිවකුගෙන් මෑත ඉතිහාසයේ දකින්නට නොලැබුණු බව උන්වහන්සේගේ අපවත් වීම හේතුකොට ගෙන අප අත්දුටු සිද්ධීන්ගෙන් පැහැදිල වේ.
අද ලංකාවට අවශ්‍යව ඇත්තේ දැඩි විනය, දැඩි නීතිගරුක බව, දැඩි ප්‍රතිපත්ති ගරුක බව සහ හැම දෙයක්ම මැනීම සඳහා මිණුම් දණ්ඩක් සහ බලවත් දර්ශනයකි. මේ සියල්ලම බුදු දහම විසින් මිනිසාට ලබා දෙනු ලැබ ඇත. අප අද මුහුණ පා සිටින සියළුම ප්‍රශ්නවලට පිළිතුර සෝම හාමුදුරුවෝ බුදු දහමින් ලබා දුන්හ.

Saturday, December 5, 2015

අල්ල නම් දෙවියගේ ගල් ගසා මැරීම ( නිසදැස් )

                              
ගල් ගසා මරන්නට 
නීති පොතේ මිනිසත්කම
බාල්දු කෙරූ දෙවියනි අල්ලාහ්
ඔබ සත්තකින්ම මා හට නම් 
තිරිසනෙකු තරම්වත් නොවටිමි


නිස්සද්ද හිත අස්සෙ 
ගොඩක් අදහස් තෙරපෙනව
සැනසුමක් නෑතොපට වෛරයෙන් තෙරපනව
බල්ලෙකුවත් අකමැති වුන මරණය 
අල්ලහ් කියන දෙවියෙකුත්
කැමති උන තරම


දෑතින් යදින්නම් ඉල්ලමි එකපාරක්
හෙලන්නට එපා ජීවිත කිසිදාකත්
මියෙන්නට හරින ජීවිත සිය ගානක්
සාප කරයි නුඹ හට අනෙක වරක්


ආගම් වාද කියලා ජීවිත බිලි දෙන්න
ආගම් මොටද මේ තරමට බලි අරින
ඇත දොෂයක් අල්ලාහ් හට නොවැරදිම
නැතිනම් හැකිද ජීවිතයක් බිලි දෙන්න


ආගම් අවැසි නැත දන හට දඩුවම් ලන්න
කියා දෙන්න යහමග සත් හඩින් සැම
ලෝකෝත්තර බවින් පිරිපුන් දැහැමි කම
එක වරක් කියා දීපන් ලෝ දනට


මාව නෙවෙයි මැරුවේ ගල් ගසලා
සාප කෙරුවෙ මිනිසත් කමටයි තොපලා
රැදුනු කරුණාව මිනිසාගෙ දෙපිටින් යන්නා
අල්ලාහ් මලේ මා නොව මිනිසත් කම සත්තා


............./////............
සුන්දර සිතිජ ඉම
Gurugoda Siriwimala Thero

මෙම නිසදැස් පෙළ ලබා ගත්තෙ අපෙ හාමුදුරුවන්ගේ මුහුණු පොතෙන් අවසර සහිතවය
මන්ද මුහුණු පොතේ ජනප්‍රිය පෝස්ට් එකක් නිසා මගේ බ්ලොග් එකට ලියන්න අවසර ලබා ගත්ත




Saturday, November 28, 2015

දහම් පාසල් ඉතිහාසය හා බෝසත් දරුවන් තනන පින් බිම





ඉතිහාසය

ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද දහම්ි පාසල දිවයිනේ ප‍්‍රථම දහම් පාසල වශයෙන් ඉතිහාසගත වී ඇත. එය ආරම්භ වූයේ කි‍්‍ර.ව. 1895 අගෝස්තු මස 03 වන ඉරිදාය. එදා සිට අද දක්වා මෙය නොකඩ කොට පවත්වා ගෙන එනු ලැබේ.

දහම් පාසල් ආරම්භ කරන ලද්දේ 19 වන සියවසේ අග භාගයේ පැවති බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නියමුවා ලෙස සැලකෙන ඇමරිකන් ජාතික සෙන්පති හෙන්රි ස්ටීල්  ඕල්කට් තුමා විසිනි. 1880 මැයි මස 17 වන දින ගාල්ල වරායෙන් ශී‍්‍ර ලංකාවට පැමිණි  ඕල්කට් තුමා සත්‍යයට වඩා උතුම් ධර්මයක් නැත යන ආදර්ශ පාඨය යටතේ ලෝකය සියලූ ආගම්, ජාතීන් එකමුතු කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද පරමවිඥාර්ථ සමාගමේ සම නිර්මාතෘවරයා ය. එතුමා සමඟම ලංකාවට පැමිණි රුසියන් ජාතික එච්.පී. බ්ලැවැට්ස්කි මැතිණිය මේ සමාගමේ අනෙක් නිර්මාතෘවරිය වුවාය.

ලංකාවට පැමිණ දෙදවසකට පසු ගාල්ලේ විජයානන්ද මහා විහාරයට පැමිණ එවකට විහාරාධිපතිව වැඩ විසු අක්මීමන ධර්මාරාම මහා ස්වාමීන් වහන්සේ වෙතින් පන්සිල් සමාදන් වී බෞද්ධයන් බවට පත් වූ මේ දෙපළ අතරින්  ඕල්කට් තුමා එවක ශී‍්‍ර ලංකික බෞද්ධයන් යටත් විජිත පාලනයට පත්ව සිටි ඛේදජනක තත්වය දැක සංවේගයට පත් ව බෞද්ධයන් සතු අයිතිවාසිකම් රැක දීමට නිර්භිතව ඉදිරිපත් විය. එහි ප‍්‍රතිඵලයක් හැටියට වෙසක් පෝදින නිවාඩු දිනයක් බවට පත් කිරීමට හැකිවිය
“මගේ හිතට වැදගත් අදහසක් පහළ විය. බෞද්ධ ළමයින් ඔවුන්ගේ ආගම දිවයිනේ තිබෙන හැම පන්සලකම විශේෂ දිනවල නියමිත පැය ගණනක් උගත යුතුය”. මෙම අදහස එතුමාගේ සිය දේශනාවල නොයෙක් වර පවසන්නට ඇත. එතුමාගේ මේ සංකල්පය කි‍්‍රයාවට නැංවූයේ ගාල්ලේ සුබ නිවසෙහි විසු විජයානන්ද විහාරස්ථානයෙහි දායකයෙකු වූ ඩි.ජේ. සුබසිංහ මහතායි. සුබසිංහ මහතා  ඕල්කට් තුමාගේ ප‍්‍රථම භාෂා පරිවර්තකයා විය.  ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් පිහිටවනු ලැබු පරමවිඥාර්ථ සමාගමේ ගාල්ල ශාඛාවේ ලේකම්වරයා වූයේ ද සුබසිංහ මහතාය. මේ අනුව සුබසිංහ මහතා  ඕල්කට් තුමා පන්සිල් සමාදන්ව බෞද්ධයෙකු වු මෙම විහාරස්ථානයේ එතුමාගේ තවත් සංකල්පයක් වූ ප‍්‍රථම දහම් පාසල ඇරඹීමට ද මුලික විය.

අස්සජි මහ රහතන් වහන්සේ උපතිස්ස තරුණයාට දේශනා කළ ‘යේ ධම්මා හේතුප්පභවා.....’ යන ගාථාවේ පළමු පද දෙක ඇසීමෙන් ම සෝවාන් භාවයට පත් වූයේ එ ම පද දෙක පාඩම් සිටීමෙන් නොව එ ම ගාථාවේ තේරුම අවබෝධ කරගත් නිසා ය
  • දහම් පාසලක් යනු.

ධර්මය උගන්වන සහ ධර්මය ඉගෙන ගන්නා ආයතනයකි, දහම් පාසල. කුඩා අවදියේ සිට බෞද්ධ දුවාදරුවන් ට බුදුදහම සහ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ඇතිකිරීම දහම් පාසල තුළින් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණකි. දහම් අධ්‍යාපනය ලබන දරුවන් ට ජීවිතය සහ ජීවිතයේ යථා ස්වරූපය පැහැදිලි ලෙස අවබෝධ කරවීම දහම් පාසලකින් විය යුතු ප්‍රධාන වගකීමකි.


  • දහම් පාසලක තිබිය යුතු අරමුණු. 

බුදුදහමේ හරය පිළිබඳ බෞද්ධ දරුවා තුළ පැහැදිලි ආකල්පයක් ගොඩනැගිය යුතු ය. හරය නිස්සාරවත් නම්, ශක්තිමත් නැති නම්, වටේ ඇති දෙය කොපමණ අලංකාර කළ ද, පිරිසිඳු කළ ද, එයින් පලක් නැත. කුඩාකල සිට දහම් පාසල වෙත පැමිණ දහම් අධ්‍යාපනය ලබාගන්නා දරුවා තුළ යම් ආකාරයක වැරදි ආකල්පයක් ඇති වුවහොත් හෝ ඇති කළහොත් එය එ ම දරුවා ගේ ජීවිත කාලය පුරාවට ම දැඩි ලෙස බලපෑමක් එල්ල වනු ඇත. කුඩා කල සිට ගසකට වැඩීම සඳහා අවැසි ජලය, වාතය, හිරු එළිය ආදී දෑ නිසි කල ට නිසි ලෙස ලැබුණහොත් එය අනාගතයේ සාරවත් දැවැන්ත වෘක්ෂයක් බවට පත්වනු ඇත. කුඩාකල සිට ම බුදුදහමේ හරය ක්‍රමානුකුල ලෙස දරුවන් වෙත කියා දීම දහම් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණකි.


බෞද්ධ සංස්කෘතිය, සාරධර්ම, සිරිත් විරිත් සියල්ලක් ම දරුවා ට කියාදෙන සහ කියාදිය හැකි එක ම ස්ථානය දහම් පාසල යි. දැනුම පාසලකින් හෝ අධ්‍යාපන ආයතනයකින් හෝ අවශ්‍ය නම් මුදලට පවා ගත හැකි නමුදු සාරධර්ම, සිරිත් විරිත් උගත හැකි වන්නේ දහම් පාසල් අධ්‍යාපනය තුළින් ම පමණකි. දහම් පාසල සහ සාමාන්‍ය පාසල අතර ඇති ප්‍රධාන වෙනස නම් එය යි. එ බැවින් කුඩා කල සිට සාරධර්ම, ගුණධර්ම නිසි ලෙස දරුවන් ට කියා දීම දහම් පාසලක තව ත් එක් ප්‍රධාන අරමුණකි.


  • වර්තමාන අධ්‍යාපන රටාව සහ දහම් පාසල.

විභාග සහ සහතික පත්‍ර පමණක් ඉලක්ක කර ගත් වර්තමාන අධ්‍යාපන රටාව අදවන විට බොහොමයක් දහම් පාසල් ද, ගිලගෙන ඇති බව අප ට පැහැදිලි වේ. අද බොහෝ විට ළමයින් දහම් පාසල් අධ්‍යාපනය ලබන්නේ සහතිකයක් ලබා ගැනීමට මිස ගුණධර්ම හෝ සාරධර්ම හෝ ඉගෙනීමට නො වේ.  පාසලේ දී අපට ඉගෙනීමට සිදු වී ඇත්තේ බටහිර අධ්‍යාපන ක්‍රමය යි. විභාගය සහ විභාග සහතිකය මත පදනම් වූ මෙ ම අධ්‍යාපන ක්‍රමය දහම් පාසලට ගෙන යාම ආගම පිළිබඳ හැඟීමක් ඇති බෞද්ධයන් වන අපට කෙ සේ වත් එකඟ විය නො හැකි ක්‍රියාවකි. මේ බටහිර අධ්‍යාපන ක්‍රමය නිසා අද දහම් පාසල් පමණක් නොව පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ද බිඳ වැටී ඇත.

වර්තමාන ශ්‍රී ලංකාවේ සමහර බෞද්ධයන්ට පොහොය දිනකටවත් පන්සල් යාමට අවකාශ නැත. මක්නිසාද යත් මේ තරගකාරී සමාජය තුළ මිනිසුන් යාන්ත්‍රික වී ඇත. එසේ සිදුවී ඇත්තේ මේ අධ්‍යාපන රටාව නිසයි. අතීතයේ ලක්දිව තුළ එතරම් භෞතික දියුණුවක් නොතිබුණ ද ඉතා උසස් ආධ්‍යාත්මික දියුණුවක් තිබුණි. වර්තමාන අධ්‍යාපන රටාවෙන් සිදුවන්නේ මිනිසාව දැනුමින් පෝෂණය කිරීමයි. නමුත් මෙම අධ්‍යාපන ක්‍රමයට කිසිම දෙයක් පිළිබඳව යථාවබෝධයක් ලබා දිය නොහැක. අතීතයේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය මීට වඩා බෙහෙවින් සාර්ථක විය.



බෞද්ධ ධර්ම කරුණු කටපාඩම් කරවීම හෝ සාරධර්ම ලැයිස්තුවක් ලියා කටපාඩම් කරවීම දහම් අධ්‍යාපන නො වේ. එයින් අදහස් කළේ පාඩම් කර ගැනීම මතක තබාගැනීම නො කළ යුතු දෙයක් ලෙස නො වේ. ප්‍රධානත්වය දිය යුත්තේ දහම් අධ්‍යාපනය පිළිබඳ සහ සාරධර්ම පිළිබඳ ඇති දැනුම ප්‍රායෝගිකත්වය ට ගොඩනගා ගන්නා ආකාරය පැහැදිලි කරවීම යි. ජීවිතයට ගලපා ගැනීම යි.


අස්සජි මහ රහතන් වහන්සේ උපතිස්ස තරුණයාට දේශනා කළ ‘යේ ධම්මා හේතුප්පභවා.....’ යන ගාථාවේ පළමු පද දෙක ඇසීමෙන් ම සෝවාන් භාවයට පත් වූයේ එ ම පද දෙක පාඩම් සිටීමෙන් නොව එ ම ගාථාවේ තේරුම අවබෝධ කරගත් නිසා ය. එ මෙන් ම චුල්ලපන්ථක තෙරුන්ට ගාථා පාඩම් නො වීම නිසා මහපන්ථක තෙරුන් උන්වහන්සේ ව පන්සලෙන් පිටුවහල් කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන්ට සුදුරෙදි කඩක් දී ‘රාජෝ හරණං’ කියමින් එය පිරිමැදීමට උපදෙස් දුණි. ඒ ඔස්සේ සිත යොමු කිරීමෙන් උන්වහන්සේ අරහත් භාවයට පත් විය. එ මෙන් තමන් ඉගෙන ගත් දේ පිළිබඳ යථාවබෝධ තිබිය යුතු ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විශාල පිරිසකට නිවන් මඟ කියා දුන්නේ ධර්මය කටපාඩම් කරවීමෙන් නො ව ධර්මය අවබෝධ කර ගැනීමට සැලැස්වීමෙන් ය. එ ම නිසා තමන් කරන කියන දේ පිළිබඳව මනා අවබොධයක් නොමැති ව එ හි දියුණුවක් ද බලාපොරොත්තු විය නො හැකි ය. මේ අනුව ඉතාමත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් බුදුන් වහන්සේ බුදුදහමේ හඳුන්වා දී ඇත. එ මෙන් ම ගුරුවරුන්ට හොඳ ම ආදර්ශමත් චරිතය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්විය හැක. පාඩම් කර විභාග ලිවීමේ මෙ ම අධ්‍යාපන ක්‍රමය කොහෙත්ම සාර්ථක නැත. මක් නිසාද යත් පාඩම් නො කර මෙ ම විභාග සමත් විය නො හැකි නිසා ය. බුදුරජාණන් වහන්සේ සුදුස්සන් තෝරාගෙන තනතුරු පිරිනැමුවේ මෙ වැනි තරගකාරී විභාග පැවැත්වීමෙන් නො වේ.
.
  • දහම් පාසල් තරඟ සහ විභාග 

දහම් පාසල යනු තරඟකාරීත්වක් නොමැති විය යුතු ස්ථානයකි. බුදුදහම තුළ තරඟයක් කිසිසේත් අවශ්‍ය නැත. නමුත් දහම් පාසල් මට්ටමින් විභාග පවත්වා කොතරම් දුරට දරුවා සාර්ථක ද, නැති ද, යන වග තීරණය කිරීම සඳහා යොදා ගැනීම වරදක් නො වේ. මෙ හි වරදක් ඇති වන්නේ තරඟයක් බව ට පත් වුවහොත් පමණකි.

මෙම තරග පැවැත්වීම නිසා එකිනෙකා තුළ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඊර්ෂ්‍යාව, ආත්මාර්ථකාමිත්වය වැනි හැඟීම් ඇතිවේ. මේවා යහපත් ගුණාංග නොවේ. මෙ සේ බුදුදහම රැක ගැනීමට සිටින අය බුදුදහමේ පිරිහීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කිරීම හදවතින්ම බුදුන් සරණ ගිය පිරිසගේ බලවත් කනගාටුවට කරුණකි. දාන, ශීල, භාවනා ආදී පුණ්‍යක්‍රියා සඳහා දරුවන් සහභාගී කරවීම ත්, දහම් අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයකි. ඒ උදෙසා සියලු දහම් පාසල්, සංවිධාන සක්‍රීය ලෙස ක්‍රියාත්මක විය යුතු ව ඇත.

ළමයින් යොමු කිරීමට දෙමවුපියන්ගෙ කැපවීම

ඉතාම අසතුටුදායක කරුණ නම් වර්තමානයේ අපිට දැකිය හැක්කේ දහම් පාසල් අධ්‍යාපනයට යොමුවන ප්‍රමාණය අඩුවෙමින් පවතින බවක් දැකිය හැක.එයට ප්‍රධානතම හේතුව වන්නේ පසල ඇධ්‍යාපන ක්‍රමයට හුරු වූ සිසුන් ඉරිදා දව පවුද්ගලික පන්ති සදහා යොමුවීමත් , දහම පාස්ල අවතක්සේරු කිරීමත් නිසාය.අවතක්සේරු කිරීම යනු සමාන්‍යයෙන් ...දහම් පාසලකින් බලාපොරොත්තුවන ආධ්‍යාත්මික වටිනාකම නොදන්න නිසා එය දෙස අවිචාරයෙන් බලා දරුව්න එහි ගොස් දැනුමක් ලබා නොගනී යන මතය දැරීම්,තරුණ ආචාර්‍ය  මණ්ඩලය දෙස වැරදි ඇසකින් බැලීම ආදි කරුණු දැක්විය හැක.
( මෙය ගම්බදව විශාල එස වෙනස් තත්වයක් ගනී )

අචාර්‍ය වරුන්ගේ මද බව හා පොත පත පරිශීලනය මද බව
කෙනෙකුට යම් දෙයක් ඉගැන්වීමටනම් තමා දැනුමෙන් සන්නද්දව සිටිය යුතුය.එවිට ගුරු මුශ්ටියකින් තොරව කෙන්කුට දැනුම බෙදා දිය හැකිය කිසි ගැට්ළුවක් නොමැතිව.මා දුටු දෙය නම් බොහෝ ආචාර්‍ය වරුන් වර්හමානයේ පොතපත  පරිශීලනය කිරීම ඉතාමත් පහත් තත්වයක පවති.එසේ වනවිට කෙසේද ඉදිරියට යන්නේ.මෙවැනි තත්වයක් උඩ බොහෝ සිසුන් 8.9. වසර පන්ති වලට පැමිණි පසු වේලාව නිකරුනේ ගතකරමින් සිටීමත් ,දැනුමකින් තොරව ඉරිදා උදැසන ගත කිරීමත් නිසාවෙන් දහම් පාසල් අත ඇරිමට තීරන ගනි.එම නිසා සිසුන් මෙන්ම ආචාර්‍ය මණ්ඩලයේද වගකීමකි දැනුම සොයා යාම.එවිට පිරිපුන් සමාජයකට සියල්ලම නොව කොටසක් හෝ යහපත් විදියට යොමු කිරීමට හැකි වීමෙන් වර්තමානයේ පවතින ව‍යසන තතවය යම්තක් දුරට සමනය කරගන්න හැකියාව ලැබේ





සම්බුදු හිමිගේ සදහ සිහිලෙන් සැනහෙන  අප සිරිලක් දරුවො........

උදාර ගුණ දම් සිත දරුවෝ


Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular