Wednesday, January 13, 2016

වැසිකිළි තිබිය යුත්තේ එය තිබිය යුතු තැන ය. එය සාලයට ගෙන එන්නේ නම් එය ද මානව හිමිකම් කඩකිරීමකි. පරිසර දූෂණයකි.




ඹ කපුගේ ගැන දන්නව ද?
නෑ...
උඹ දෑස නිලුපුල් තෙමා අහල තියෙනව ද?
නෑ...
එතකොට මාරියාවේ?
නෑ...
උඹල මොනවද බං අහන්නෙ?

මේ . ප්‍රශ්නය අසන්නේ මම මගේ  මිතුරෙකුගෙනි

කපුගේ බැබළෙන්නට කරුණු කීපයක් බලපායි. පළමුවැන්න නම් ඔහුගේ හඬයි. පාළු සුසාන භූමියක් පසු කරගෙන සුළඟේ දෝංකාර දෙන ශෝකී නාදයක් ඔහු සතු ය. “උන්මාද සිතුවම්” නමැති ගීය ඔහු ගැයු විලාසයට කිසිවකුට අනුකරණය කළ නොහැකි ය. “උලලේනෝ” වැනි ගීතයක් අනුකරණය කිරීමට, ආධුනිකයකු හෝ උත්සාහ කරනු මා දැක නැත. “මාරියාවේ” නැමැති ගීයද එසේ ම ය.

අනෙක් කරුණ වන්නේ ප්‍රතිභා පූර්ණ ගීත රචකයන් රාශියක් ඔහු වටා එක්වීමයි. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, රත්න ශ්‍රී විජේසිංහ, රංබණ්ඩා සෙනෙවිරත්න හා ලූෂන් බුලත්සිංහල ඒ අතරින් ප්‍රධාන ය. ඔවුන් ගේ ගේය පද මාලා මා පෙර කී සුවිශේෂ සොහොන් හඬ සමඟ මනා ව බද්ධ විය. එසේම ඔහු සඳලුතලයෙන් බැස මිනිසුන්ට බද්ධ වූ සොඳුරු මිනිසකු විය.


ලූෂන් බුලත්සිංහලයන් ගේ නිර්මාණයක් ගැන මම ගිය වතාවේ ද සටහනක් තැබුවෙමි. මෙවර ද ඔහුගේ නිර්මාණයක් තෝරා ගැනීම ගැන කිසිවෙක් අමනාප නොවෙත් වා! “සුදු නැන්දා” නම් වූ ගීතය වැඩියෙන් විකාශනය වූයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය තුළයි. මේ ගීය එකල කොතරම් ජනපි‍්‍රය වී ද යත් මිතුරන් සමඟ විනෝද වන සෑම විටක ම මම මේ ගීය ගායනා කළෙමි.

ගැමි තරුණයකු මුහුණ දෙන ශෝචනීය අනුභූතියක් මේ සඳහා වස්තු වෙයි. තම වස්තු බීජය සංකේතාත්මක කාව්‍යමය භාෂාවක් ඔස්සේ ගොනු කිරීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත් වෙති.

නෑනා මස්සිනා සම්බන්ධය ගැමි ජීවිතය හා බද්ධ වූවකි. බොහෝ විට මස්සිනා නෑනා දෙමාපිය ආශිර්වාදය මත විවාහ කරගනී. එහෙත් මේ ගැමි තරුණයාට එබඳු වාසනාවක් හිමිවී නොමැති ය. කිනම් හෝ දෛවෝපගත අභාග්‍යයක් නිසා සියල්ල කණපිට පෙරළි තිබේ. රචකයා මේ විරසකය සන්නිවේදනය කරන්නේ පාරිසරික සංකේත ඔස්සේ ය.
 

“සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
මාමණ්ඩි ඇයි මට මඟ හැරියේ...

ඔහු දුටු විගස සුදු නැන්දා දොර වසයි. මාමණ්ඩී මඟ හැර යයි. ගේ තුළින් ඇසෙන්නේ ඉකි බිඳුමකි. වෙනදා ඔහු පිළිගැනීමට ඉදිරියට දිව එන සිනා මුහුණ අද දකින්නට නොමැත. ඒ සුසුදු වත ගේ මුල්ලට වී ඉකි බිඳියි. මෙය ගැමි පරිසරයේ සිදුවිය හැකි සිද්ධි දාමයකි. මේ දර්ශනය රචකයා චිත්‍රයට නඟයි. ලූෂන් බුලත්සිංහල සිංහල ගීතයේ රූප රචකයා වන්නේ එබැවිනි. තම නෑනණ්ඩියගේ නිවසේ පරිසරය ම ඔහුට එරෙහි වන ආකාරය රචකයා චිත්‍රයට නඟයි
 

වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා

රචකයා විසින් ශෝක රසය මැවීම සඳහා යොදාගන්නේ මීළඟ අවස්ථාවයි. තම නෑනණ්ඩියට තෑගි දීමට රීදි පොටක් ඔහු හංගාගෙන පැමිණ ඇත. මේ ගැන නොදන්නා හීන් නඟාට ඒ ගැන කෙසේ පවසන්න ද? රිදී පොට තෑගි දීම ගැන දින සති මාස ගණන් මැවු සිහින සියල්ල බොඳ වී ගොසිනි.
 

රිදී පොටක් හංගා ගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ


රචකයා තම පාරිසරික සංකේත මාලාව ඉදිරියට ම ගෙනි යයි. ඒ සෑම සංකේතයක ම මේ තරුණයාගේ පරාජිත ඉරණම රැඳී පවතී. තම නෑනා ගේ සැළලිහිණි කූඩුවේ සැළලිහිණියාට ද මේ වෙනස වැටහී තිබේ. උගේ සතුටු ගී ගොළු වී ගොසිනි. කනප්පුවේ තිබෙන බුලත් හෙප්පුව වූ කලී හිත හොඳින් කෙනෙකු පිළිගැනීමේ සංකේතයකි. ඒත් ඒ හොඳ හිත පළුදු වී ගොසිනි. මේ මොහොතේ හෙප්පුව බිම වැටී තිබේ. ඒ අජීවී වස්තු පවා වේදනාවට පත් වී තිබේ.
 

තටු පොරවාගෙන සැළයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පර මල් වැඩලා
ගලේ විහාරෙත් ගොළු වීලා

පහන් පැලේ මල් පිදීමට තරම් පහන් සිතක් දැන් පහළ නොවේ.
මල් අසුන මත ඇත්තේ පරමල් ය. පෝදාට දෙදෙනා එක් ව මල් පිදීමට ගිය ගලේ විහාරය පවා තුෂ්ණිම්භූත ව බලා සිටී. ඔවුන්ගේ ආදරය සමඟ ආගමික ගුණ සුවඳ ද බද්ධ වී තිබු ආකාරය රචකයා මේ මඟින් මතු කර දක්වයි.
සෑම කවියක් ම ගීතයක් නොවේ. එහෙත් සෑම සාර්ථක ගීයක ම හොඳ කවියක් ගැබ් ව පවතී. මෙය හොඳ කවියක් අන්තර්ගත හොඳ ගීයක් වන්නේ එබැවිනි.

සුභාවිත සිංහල ගීතය අද කඩා වැටෙන්නේ හොඳ කවියන් ගීත රචනයට අවතීර්ණ නොවීම හේතුවෙනි. අද තරුණ පරපුර විශ්වාසය තබා ඇත්තේ තනු නිර්මාණ ගැන පමණි. එසේ නොමැති නම් ඔවුන් ගේ විශ්වාසය රූප රචනා කෙරෙහි ය.

රසිකයන්ගේ රසිකත්වය ද සැබැවින් ම මොට වී ඇත. එසේ නැතිනම් මොට කර ඇත. ශ්‍රී ලංකාව ගොඩගන්නට කර්මාන්තශාලා හෝ මහාමාර්ග තැනිමෙන් පමණක් ම නොහැකි ය. බාල පරපුරට හොඳ දේ අසන්නට ඉඩ තැබිය යුතු ය. වල් බූරු ජනමාධ්‍ය තුළ වල් පැළ උදුරා දැමිය යුතු ය.

මානව හිමිකම්වල සැබෑ අර්ථය හඳුනා ගත යුතු ය. ඕනෑ ම දෙයක් ඉදිරිපත් කිරීමට නිදහසක් ඇත්නම් ප්‍රතික්ෂේප කිරීමේ නිදහස ද පැවතිය යුතු ය. වැසිකිළි තිබිය යුත්තේ එය තිබිය යුතු තැන ය. එය සාලයට ගෙන එන්නේ නම් එය ද මානව හිමිකම් කඩකිරීමකි. පරිසර දූෂණයකි.

එදා ගීතය අර්ථයෙන්,රසයෙන් ගුණාත්මක වුවද වර්තමානයේ බහුතරයක්ම නිර්මාණ බිහි වන්නේ යටිගිටියෙන් කෑ ගැසූ ,කන්දොස්කිරියාවෙන් සහ සොටු පෙරා ගත් හඩන පනක් තුළින් තරුනය,තරුනියන්ගේ සිත් වසග කරන අනර්ථවත් හුදෙක් ආලයෙන් මත්වූ පරාදවූ විලාපය තබන්නා වූ ගීතය

ගමක පාසලක් ගොඩ නැගීමෙන් ගමක් යහපත්ව ගොඩ නැගෙනවද,ඉන්පසු රටට වැඩ දායි පුදගලයෙකු බිහිවෙනවාද හා සමානවම අර්ථවත් ගීතය නිර්මාණයෙන් ,ඇසීමෙන් යහපත් සිතුවිලි පහල වෙන රසිකයන්ද් බිහිවේ.

ප්‍රසිද්ධ ස්ථානවල කුණු දැමීම තහනම් ය. එහෙත් ප්‍රසිද්ධ ජනමාධ්‍ය වලින් කුණු බෙදා හරියි. නිවේදක ගිරව් හා ගිරවියෝ ඒ සඳහා සැදී පැහැදී සිටිති.

එක් ප්‍රසිද්ධ සිංහල ගුරුතුමෙක් රූපවාහිනියේ “අසැබි චිත්‍රපට” සඳහා ඉඩක් සැපයිය යුතු බව දේශනයකදී පැවසුවේ ය. අපට ඒ තරම් ම නිදහසක් අවශ්‍ය ද? මේ ගැන තවත් සිතන්නට ඔබ පෙලැඹේ නම් “තත්සර ඇසුර” තවත් අර්ථවත් වනු ඇත. මක්නිසාද, සංගීතයේ තත්සර අප ඇසුරු කළ යුත්තේ, වඩා යහපත් හෙට දවසේ සංවේදී මිනිසුන් බිහි කිරීමට මිස පිස්සන් බිහි කිරීමට නොවන බැවිනි.



Wednesday, January 6, 2016

මෙරට සංගීත ක්ෂේත‍්‍රය රැප්කාරයන්, හිපියන්, සූකිරි බටිල්ලන්, මොඩ් ගොවියන් මැද අරාජික වී තිබෙ

.



ප මේ ගත කරනුයේ ඇතැම් මාධ්‍යවල ඔසවා තැබීමෙන් එක් දිනකදී ‘සුපිරි තරු’ බවට පත් වන්නන් ඊළඟ දිනයේදී කොහේදැයි සොයා ගත නොහැකි සමයකි. අනෙක් අතට අද තරු නොවන්නේ කවුරුන්දැයි සොයා ගැනීම කළුනික සෙවීමක් වී තිබෙන්නේ පඳුරකට ගැසූ කල්හි තරු රොත්ත ගණනින් වැටෙන තරු පෙනෙන්නට තිබෙන බැවිනි.
මෙරට සංගීත ක්ෂේත‍්‍රය රැප්කාරයන්, හිපියන්, සූකිරි බටිල්ලන්, මොඩ් ගොවියන් මැද අරාජික වී තිබෙ
පහත තිබෙන්නෙ ආචාර්‍ය පණ්ඩිත් අමරදේවයන් විසින් 1966 ගායනා කළ ඉතාම රසවත් අරථවත් ගීතයකි.

වර්ථමානයේ එක් එක් අය විසින් මෙවන් අදිවිතීය කළා කරුවන්ගේ ගීත අනුකරණය තුළින් සිදුවන විනාශ ඉතාම අසාධාරණයකි.

මෙන්න ගීතය






පෙම්වතකු විරහ වේදනාවට තබා ගැහැණියක් විළිරුජාව ට හෝ නොතබන විලාප, කලාප වශයෙන් සංයුක්ත තැටිවල කොටා අපට බෙදන බෙලහීන, නපුංශක අහවලුන් අඩුම තරමින් මේ ගී පදවැල් නිකමට හෝ කියවාබැලිය යුතුයි. එසේ කියවා තේරුම්ගෙන හෝ දන්නා අන්‍යයකු ලවා තේරුම්කරවාගෙන හෝ   "නිර්මාණකරණය" නම් වන ඉච්ඡාබසට මුවාවී අපගේ පරම අභිමානය වන උදාර මව්බස අපයෝජනය කිරීම වහාම නවතාදැමිය යුතුයි. ගේයපද නිමැවුමකදී ගතෙහි දී මෙන් දෘඪ රීතින් අකුරට රැකීමට අපහසුවන්නට බැරිනැත. නිර්මාණශීලිබව ද බහුශ්‍රැතබව ද අවැසිවන්නේ එතැනදී ය. උපමාවක් යෙදීමට මුලින් ඒ උපමාව දැනසිටිය යුතුය. එවිට "සෙව්වන්දි නිල්ජලාශේ විලේ හංසයාටයි" වැනි කුණුහරුප ලියන්නට සිදුවන්නේ නැත. හඩු බසින්ම ඇසුවොත්, සුස්තරේ දන්නවානම් තනි ඇහැට ඇඬෙන්න දෙන්නට බැරිද? සිතේ හටගත් විරහව ගඟක් නොව සාගරයක් උතුරන්නට ඇසට කඳුළු නැඟු අයුරු ද වේදනාවෙන් දෑස් පියවුණේ කෙසේදැයි යනුද ගුණසිංහ සුරින් ලියාඇති අන්දම දකින ඔබ අන්ද-මන්ද නොවන්නේද? 
"සිතෙහි නැඟී පෙම් රළ පෙළ වෙරළ වැළඳ නිල් දෑසක කඳුළුවලට පෙරලුනා, දෑස අඳුර කැටිවුණා."
මේවා මහප්‍රාණ වැඩි කියා සිතෙයි නම් ඊට ද අපේ මව්බස පිළිතුරු සපයා ඇති අයුරු මෙන්න,
"වඳිමු සුගත සෑසි පියා, සුදු අරලිය මලිනි පුදා, සසරදුකින් එතෙරවන්න, පතමු නිවන් සැපත සැමා."
මහප්‍රාණ නැත. අපබ්‍රංශ නැත. කුණුහරුප ද නැත. සරළ සුගම සුන්දර සිංහල!

..
ගීත රූපවාහිනී වැඩසටහන් සඳහා රූපයට නැඟීමේදී රූප රචනාවල අද අපට බොහෝ විට දකින්න ලැබෙන්නේ විසූක දස්සන, විච්චූර්ණ දේවල්. ගීතයට එම රූප රාමු කොතරම් අදාළ ද කියලා සමහර අවස්ථාවල මට හිතාගන්න බැහැ.”
අද ගීත නොගයන කෙනෙක් හොයාගන්න බැහැ. ගායනයෙහි ප‍්‍රතිභාව ඇති තරුණ පරපුරක් අපට සිටියත් ඔවුන් පවා නොමඟ යවනසුලු ගායන තරග, රැලි, ජනප‍්‍රිය සංස්කෘතික ප‍්‍රවණතා වත්මන් මාධ්‍ය යාන්ත‍්‍රණයෙහි දකින්න ලැබෙනවා. ව්‍යාජ හීන ලෝකවල තරු ලෙස පුම්බා අතරමං කරන තාරුණ්‍යය ඉන් මුදවා යහ මඟට ප‍්‍රවේශ කිරීමටත් සුභාවිත සංගීත කලාවේ ප‍්‍රමිතිය රැක ගැනීමටත් රාජ්‍ය මට්ටමේ වැඩපිළිවෙළක් අවශ්‍ය යැයි ඔබට සිතෙන්නේ නැද්ද?

“ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නත් මෙහිදී බලපානවා. ඕනෑම කෙනෙකුට ගීත ගයන්න ඉඩ තිබිය යුතු යැයි පොදු මතයක් අද අපේ රටේ ඇතිවී තියෙනවා. එදා ගුවන් විදුලිය පමණක් පැවැති යුගයේ ගීතයේ ප‍්‍රමිතිය රැකුණා.
සංගීත පරීක්ෂණවලින් ශිල්පීන් වර්ගීකරණය කොට ඔවුන්ට සරල ගී වැඩසටහන් ලබා දුන්නා. අද ගුවන් විදුලි හා රූපවාහිනි නාළිකා වැඩියි. නමුත් ගීතයක ප‍්‍රමිතිය ගැන ඔවුන්ගේ කිසිදු සැලකිල්ලක් නැහැ.
මේ නිසා සෑම මාධ්‍ය නාළිකාවක් ම අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතියක්, නීති රීති මාලාවක් සකස් කිරීම ඉතා වැදගත්. එතැනදී ගීතයක ප‍්‍රමිතිය රැක ගැනීමට ඉවහල් වන වගන්ති ද ඇතුළත් විය යුතුයි. නිර්මාණකරුවන්ට කර්තෘභාගය ගෙවීම නීති ගත කරන්න අපි බොහෝ වාරයක් සාකච්ඡා කළා. එය ලබන මාසයේ සිට කි‍්‍රයාත්මක වීමට සකස් කර තිබෙනවා.
විද්‍යුත් මාධ්‍ය මුළු දවසෙම යැපෙන්නෙ මේ ගීතවලින්. නමුත් කර්තෘ භාගය නොගෙවා මඟ හරින්න බොහෝ මාධ්‍ය ආයතන උත්සාහ කරනවා. එදා ගුවන් විදුලියේ රිජ්වේ තිලකරත්න මහතාගේ යුගයේත් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ඩී.බී. නිහාල්සිංහ මහතාගේ යුගයේත් උසස් ප‍්‍රමිතියක් ඇති වුණේ ඔවුන් අනුගමනය කළ නිවැරදි ප‍්‍රතිපත්ති නිසා.
 පෞද්ගලික නාළිකාවලට රජයෙන් බලපත‍්‍ර ලබාදෙන විට ඔවුන් අනුගත විය යුතු නිශ්චිත ආචාර ධර්ම පද්ධතියකට යටත්ව එය සිදු කළා නම් අද මෙරට සංගීත කලාවට බලපාන හානිකර තත්ත්වයන් බොහොමයක් වළක්වා ගන්න ඉඩ තිබුණා.

එතෙක් ප‍්‍රමිතිය රැකගෙන තිබුණු රජයේ නාළිකා පවා තරගකාරීත්වය නිසා අද පෞද්ගලික නාළිකාවල ඇතැම් දේ අනුකරණය කිරීමට යෑම කනගාටුවට කරුණක්. ඒ නිසා සංගීතය ප‍්‍රමුඛ සියලු කලාවන් හි අනාගත සුරක්ෂිත භාවය සඳහා එවැනි ප‍්‍රමිතිය රැකෙන නිශ්චිත වැඩපිළිවෙළකට යෑම අවශ්‍යයි.
හොඳ ගීත කොතරම් බිහි වුණත්, ඒවා මාධ්‍ය මඟින් නිසි ලෙස ප‍්‍රචාරය වෙන්නේ නැහැ. පසුගිය කාලයේ සෝමතිලක ජයමහගේ හොඳ ගීත රැසක් බිහි වුණා. ඔහු ගී ගයන්නේ ඉඳහිට.
එසේම ගීත නිර්මාණයට ඔහු විශාල වෙහෙසක් දරනවා. නමුත් මේ එකදු ගීයක්වත් මට නම් කිසිම නාළිකාවකින් ඇසුණේ නැහැ. මෙවැනි දේ සිදුවන විට මේ රටේ මාධ්‍ය ගැන මට විශාල කලකිරීමක් ඇති වෙනවා. ඒවායේ නිතර අසන්න දකින්න තියෙන්නේ බාල, නිසරු අවර ගණයේ ඝෝෂාකාරී ගීත.”
වත්මන් තරුණ පරපුර බටහිර රැල්ලත් සමග පියබා යන හැටි දැක්කම මා දකින්නෙ රැල්ල වෙරළට ආදරය කලත් රැල්ල වෙරල කලකදි විනාශ කරනව වගේ ගසාගෙන යන ආකාරයකි,කිසිදු හැගීමක් නැති අසන්නාද දන්නේ නැති හිස් කිරිපනු ස0ගීතය ඔවුන් අසති.
පහු ගිය දිනක පිට රටින් ආ එන් රික් බලන්න ගොස් රටම විලිලැජ්ජා කල තරුණියන් වැනි මනස හිස් අයගෙන් අපිට සිතා ගත හැකිවන්නෙ අනේ කාල් වනේ වාසේ වගේ දෙයකි
අවබෝධය හා අගයක් නැති අපේ රටේ කළාව විහිලුවක් සේ ගනන් නොගෙන ඉතාම ආශාවෙන රස විදින්නේ නම් අපේ කළාව කොතරම් සුන්දරද,නිහඩද,මනස්ට කොතරම් සහනයක්ද යන්න මොනවට පැහැදිලි වේ










Tuesday, December 22, 2015

අසිරිමත් නත්තල සමරමු බැතියෙන්

ගුරුගොඩ සිරිවිමල හාමුදුරුවො
මුහුනු පොතෙන්.


තරු මල් පිපිලා නිසසලයි මුමුනයි තරු වැල් රහස් හොරෙන් බිල්දෙකුදෝ බිහිවන්නෙ උතුම් සුසුදු ගවලනයේ.
අහසේ තරු බරවී සිහින හොරෙන් ඇහිදියි පුංචි දෙකම්මුල් සිප සනසන්නට උතුම් බිලිදුන්ගේ
ලෝ සත සනහන කරුනාවයි රග දෙන සිරියාවයි යුක්තිය රජ කරනට ගෙල පානා උතුම් බිලිදෙකුමයි
සිනහව පා දුක් විදි මිනිසුන් හට ආදරයෙන් මුව විදා වදන් ගවලෙන තුල ජාත බිලින්දෝ දුකිනි ගොඩ නැගුනේ
ලොවට වැඩ ඇතිනේ

සිහිකරමූ සිහි ඇතිවා ජේසු බිලින්දා ජාත දිනේ මැරකම් නොකරමු
යුක්තිය සැමට බෙදා සාමය සතුට සමාදානය පාමු මෙතින් ජේසු බිලින්දා ඉපදුන උතුම් දිනේ



ගුරුගොඩ සිරිවිමල හාමුදුරුවො මුහුනු පොතෙන්.


https://www.facebook.com/profile.php?id=100010372604190

Sunday, December 20, 2015

ආනන්ද භවන්// එකට වැදී තෝසේ ගිලිනවා.. එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බණිනවා...






  සි0හලේ        ලේ
ආවා          බොලේ

කාලෙන් කාලෙට එන
වසන්තේ නෑ අඩු පාඩු
මේ ගති අත් හැරියේ නැත්නම්
අපෙ රට ( ජාතිය ) කුඩේ කුඩු

ඔන්න ආයෙත් සැරයක් බුකි ඇතුලු සමාජ ජාලා වෙබ් අඩවි ආක්‍රමනය කිරීමේ මහා සටන ඇරඹුනා.

පුන්චි කෙල්ලො කොල්ලො කඩේ ගිහින් බඩු ගන්නා හා සමානව තම ප්‍රොෆයිල් පික්චර් එක ඇතුලු මුහුනු පොත සිසාරා වැට කොටු බැද ගෙන අපේම අපේම නවාතැනක්  ලෙසා
සි0හලේ
කියා මහා ලොකු අකුරින්ම.
මේ වනාහී තවත් අර එක එක බල සේනා වාගේ දේශපාලන අතකොළුවල් නොවේද?
මහා මොල කරුවෙකු විසින් පච්චයක් කොටා සි0හලේ කියා එකෙකුව  දමා මේ යන ගමන කොපමන දුරක් යයිද?.
බෙග් මහතා ගයන විට පන්සලේ""
හඩයි සිහලුන් මහ දවාලේ "


ආනන්ද භවන්// එකට වැදී තෝසේ ගිලිනවා.. 
එලියට ඇවිදින් යාපනේ දෙමළුන්ට බණිනවා...

කෙසෙල් කොලේ තෝසේ තුනයි දාලා ගේන්නේ// 
ඉටලී මසල වඩේ සාම්බාරු ගේන්නේ//  
කරාමයක් ලඟට ගිහින් අත සෝදන්නෙ
හෙළයා////
ආනන්ද භවන් ගිනි තිබ්බා ආලෙන් මත්වී
ජාතී ආලෙන් මත්වී 

ආනන්ද භවන්..

https://www.youtube.com/watch?v=m2XBsfEYCe0

https://www.youtube.com/watch?v=Tf_IocuW8Zs




හුදෙක් මෙය ජාතිවාදය වපුරවා බලය ලබා ගන්න වෑයමක්ද නැතහොත් කාගේ හෝ කඩේ යැවීමක්ද යන්න නොබෝ දිනකින් අපිට දැන ගන්නට ලැබේ.

දුක නම් වත්මන් තරුන පරපුර යමක් අවබෝදයෙන් තිරව විමන්සනයෙන් තොරව භාවිතා කිරීමෙන් යන්නන් වාලේ ගොස් අතරමන් වීමයි.
බහුල ලෙස විදේශ ගත අය අන්තර්ජාලය තුල වපුරන එක් එක් විශ බීජ අනෙක් අය ගන්නේ හුදෙක් රගපෑමටත්,වීරයන් වීමටත්,නැගල යාමටත්‍ ය.අවසානයෙ සිදුවන්නෙ හිස් බස් දොඩලා පුස්සක් වීමටය.




ඩුබායි අපි සින්හලේ
ඉතාලි අපි සින්හලේ
කටාර් අපි සින්හලේ
...............
මුලු ලෝකෙම අපි සින්හලේ


ජය වේවා ලේ   දාතුවට




Saturday, December 19, 2015

පන්ති සහිත සමාජයේ තැලෙන ජීවිත උදෙසා ගැයෙන ගී




ලූෂන් බුලත්සිංහලයෝ සිංහල ගීතයේ රූප රචකයා යන විරුදාවලිය ලබා ඇත්තෝ ය. එය සැබෑවකි. ඔහු විසින් රචනා කරන ලද “දම් පාටින් ලා සඳ බැස යනවා” නැමැති ගී යේ පද විමසා බැලීම පමණක් ම ඒ සඳහා සෑහෙයි. ස්ත්‍රි පුරුෂ පේ‍්‍රමයේ නොදුටු අපූර්ව පාර්ශවයක් ප්‍රථමයෙන් ස්පර්ශ කරන්නේ ද ඔහු ය. ගුණදාස කපුගේ සහ මාලනී බුලත්සිංහල ගායනා කරන “මං හින්දා ඔබ නෙතඟින් කඳුළක් හෙළන්නෙපා” නැමැති ගීය විමසන්නකුට එය පහසුවෙන් අවබෝධ කරගත හැකි ය.


පිපුණු මලේ රුව එමල දනීදෝ
පන්ති සහිත සමාජයක සමාජ පීඩනය වස්තු කර ගැනීමේ දී බොහෝ කවියන් මෙන්ම ගීත රචකයෝ ඌන ප්‍රතිභාවක් ප්‍රදර්ශනය කරති. ඒ නිර්මාණාත්මක ගුණය වෙනුවට වාර්තාමය කෘත්‍රිම බවක් නිර්මාණයට ආරෝපණය වන බැවිනි. මේ අභියෝගය ජයගැනීමට ජන්ම ප්‍රතිභාවක් සතතාභ්‍යාසයත් පැවතිය යුතුමය. ලූෂන් බුලත්සිංහලයන් ඒ ද්විත්වය නොමඳ ලබා ගත් රචකයකු බව පැහැදිලිය.
මලකි දුවේ නුඹ
හැඩරුව බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා
කලාව වූ කලී සත්‍ය හා කල්පිතය යි. මේ කල්පිතය තුළ එක්තරා දිළිඳු මවකගේ සිතුවිලි හා හැසිරීම් රචකයා රසිකයා හමුවේ තබයි. තමාගේ රුව තමාට නෙපෙනීම සැබෑවකි. එසේ ම මලක් සේ පිපෙන තම දියණිය රූ ශෝභාව පිළිබඳව මව තුළ ඇතිවන්නේ ද එබඳු හැඟීමකි. එහෙත් ඇය කැඩපත අසලට වී හැඩරුව බලද්දී මේ මව ගේ හදවත තුළ ජනිත වන්නේ විශාල වේදනාවකි.
එනම් මේ මව නිවසේ එකම වීදුරු කැඩපත බිඳ දමයි. මෙයින් රචකයා ප්‍රදර්ශනය කරනුයේ තම දියණිය දුකට පත්වනු බලා සිටීමට මව තුළ ඇති අකැමැත්තයි. එසේ තමන්ට උරුම වී තිබෙන දරිද්‍රතාවෙන් ගැලවීමට ඇති නොහැකියාවයි. දයා කරුණ බරිත මවක තුළ මෙබඳු සුසුමක් ඇතිවීම ස්වාභාවිකය. සමාජ විෂමතාව පිළිබඳ ව සියුම් කම්පනයක් මේ කල්පිත සිද්ධිය තුළින් ජනිත වේ.අතට කරට පැලඳීම යනු නව යෞවනයට පා තබන ඕනෑ ම යුවතියක ගේ සිහිනයකි. මේ දියණියට අතට කරට පැලඳීම වූ කලී සිහිනයක් ම පමණක් වෙයි. දිළිදු බවේ පතුලට ම කිඳා බැස සිටින ඔවුන් වෙත මුතු මාල හතක් වී පැමිණෙන්නේ නැතිබැරි කම පමණි. මෙබඳු රූපකාර්ථි නැංවීම වූ කලී කලාතුරකින් ගීත රචකයකු තුළ හටගන්නා ප්‍රතිභාවකි. මෙහිදී රචකයා තවත් කල්පිතයක් ගොඩනඟනු ලබයි.
“පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
තම දියණියට දුකක් නොදැනීමට ඈ මේ උත්සාහය ගත් නමුත් ඇය පරාජිත වන ආකාරය රචකයා ඉදිරිපත් කරන්නේ අපූර්වත්වයෙන් යුතු කාව්‍යෝක්තීන් භාවිතා කරමිනි.
“කටුමැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
කැඩපත බිම දැමීමෙන් ඇගේ යෞවනය සඟවන්නට නොහැකි ය. කුප්පි ලාම්පුවේ එළිය ඇගේ හෙවණැල්ල කටුමැටි බිත්තියේ අඳින මොහොතක, ඈ ඒ හෙවණැල්ල දෙස බලාගෙන හිස පීරයි. රචකයා මවන පරිසරයෙන් මොවුන් මුහුණ දෙන දරිද්‍රතාව සංකේතවත් වෙයි.
මේ සිදුවීම් රචකයා යොදාගන්නේ මේ දිළිදු මව ලබන කම්පාව වඩ වඩාත් රසිකයාට සන්නිවේදනය කරනු පිණිසයි.
සමාජය තුළ ඇත්තේ පාරිභෝගික සමාජයකි. වැඩවසම් සමාජයේ මෙන් නිල් වරළ මල් වලින් සරසා නෙළුම් දඬු මාලයක් ගෙල පලඳින්නට වර්තමාන පාරිභෝගික සමාජයේ නොහැකි ය. කඩ සාප්පු පිරී පවතින්නේ නේකවර්ණ සළුපිළි හා පලඳනා වලිනි. යොවුන් වියට පත් අනික් කුමරියන්, කසීරට සළු වලින්, ගාන්ධාරයේ විලවුන් වලින් හා සිව් සැට බරණින් සැරසෙද්දී ඒ අහිමි යෞවනියක තුළ වේදනාවක් ඇතිවුණු නිසැකය. තම දියණියට හැඩට රුව අඳින්නට පලඳින්නට ලබා දෙන්නට නොහැකි වන මවක තුළ ඇතිවන වේදනාව ඊටත් වඩා ප්‍රබල වේ. මෙවැනි තේමාවන් වස්තු කරගැනීමේදී නිරන්තරයෙන් ලූෂන් බුලත්සිංහලයෝ තම පරිකල්පන ශක්තිය මැනවින් විදහා දක්වති. පහත සඳහන් වන්නේ එතුමන් මාලනී බුලත්සිංහල වෙනුවෙන් රචිත පද මාලාවකි.
“රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලේ
අද නුඹෙ සිරි යහනේ
හීනෙන් හිනා නොවී මා
හඬවාපන් මේ රෑ යාමේ”





























මෙබඳු අනේක දුක් වේදනා වළඳන මවුවරු අප අතර සිටිති. එහෙත් ඒ වේදනාව කෙබඳු දැයි ඒ මවුවරුනට විස්තර කළ නොහැකි ය. ඒ වේදනාව හඳුනාගත යුත්තේ කලාකරුවා ය. එය හඳුනා ගැනීමේ සංවේදිතාවය ඔහු තුළ නිරායාසයෙන් තිබිය යුතු ය. ලූෂන් බුලත්සිංහලයන් වඩා වැදගත් වන්නේ ඒ සංවේදීතාව නිස්සරණාධ්‍යාසයෙන් ම එතුමන් තුළ ගැබ් වී ඇති බැවිනි.
නිවසෙහි දැන් වීදුරු කැඩපතක් නොමැති ය. එහෙත් මේ මව නැවත දකින්නේ කුමක් ද? හිමිදිරියේ ම නිසසල ජලය ඇති ළිඳට ඇය එබී සිටින ආකාරයයි. කණකර ආභරණ නොමැති අගේ වත ඇයට ඇස ගැටෙනු ඇතැයි මව බියට පත් වෙයි.
“ළිඳේ අඩිය හිරි නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
රචකයා ඉදිරිපත් කරන මේ සිදුවීම් කල්පිත සිදුවීම් බව පැහැදිලි ය. එහෙත් ඒ කල්පිත සිදුවීම් ඔස්සේ සමාජ විෂමතාවය මානව සමාජයට ගෙන දෙන විවිධ දුක් පීඩා හොඳින් ස්පර්ශ කිරීමේ අවස්ථාව රචකයා විසින් උදා කරගනු ලබයි.
මේ ගීතය මීළඟට ආලෝකමත් වන්නේ සංගීතය හා ගායනය තුළිනි. ගායිකාවක සතු සිංහල ලකුණ නන්දා මාලිනිය සතුය. ඇගේ හඬ තුළ ඉන්දීය සම්භාව්‍ය හෝ යුරෝපීය සම්භාවය නොමැති ය. එසේ ම සාම්ප්‍රදායික සංගීත ආකෘතියෙන් මිදුණු තනු නිර්මාණයක් මේ සඳහා සංගීතය සැපයු ඩන්ස්ටන් සිල්වා සංගීතවේදියා විසින් යොදාගෙන තිබේ.
මේ ගීතය රචනා කිරීම සඳහා මුල බීජය රචකයා තුළ පහළ වන්නේ කොතැනින් දැයි මම නොදනිමි. මා දන්නා පරිදි මේ සඳහා මූලික වී ඇත්තේ රජරට ජනකවියකි. අවාසනාවට ඒ ගැන මේ මොහොතේ මට සිහිපත් නොවේ. සිහිපත් වුවහොත් ලිපිය අවසානයේ එය ලියා තබන්නෙමි. හැත්තෑව දශකයේ මතක සුවඳ විහිදුවන ගීත අතර සංකීර්ණ සමාජ ගැටලුවක් සංයමශිලීව ප්‍රතිනිර්මාණය වූ අවස්ථාවක් ලෙස මේ පද මාලාව නම් කළ හැකි ය.

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular