Friday, November 15, 2024

ඉල් මහ සැමරුම



වැඩිම ගවයන් පිරිසක් නිදහස් කළ එකම පොහොය දිනය අද .....

අභය ධානය සදහා සහභාගි උන් හැමෝටම බොහොම පිං 🙏🌝





සාදය හමාරයි රටම උදාරයි





සාදය හමාරයි

 රටම උදාරයි

හොරු ටික ගෙදර යැවූ වගයි

මින්ස්සුන්ගෙ මොළය පෑදුණයි


🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

Wednesday, November 6, 2024

 😃 බහුරූ  කෝලං දැන් නෑ  😃


දැන් බස්  බෙදන්නෙ   නෑ

 දැන් රොටී කන්නෙ     නෑ 

 දැන් හාල් බෙදන්නෙ   නෑ

 ඇයි ද  දන්නෙ             නෑ





Wednesday, October 16, 2024

 දියවන්නා කුමර /කුමරියෝ 😃

විශ්‍රාම සුවය වෙනුවෙන් 

විසිර ගිය මිතුරෝ සියල්ල 

වැලිකඩ දී හමුවිය යුතුමයි 

👍👍👍

Friday, January 15, 2021

🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️දකුනේ සද




 🖤දකුනේ සද 🖤


♥️පොල් ගස් පෙල එක යායට සදකැන් දෙන හැන්දෑවක මාතර සද ලස්සනදැයි ,,

හිතින් අහනවා ,,,,,,,


දකුනේ සද ඈත ඉදන් සිනා පානවා ,,,,,,


♥️විකසිත පෙම් මල් පූදින අවිහිංසක නෙතු අද්දර මට ඉඩදැයි හැමදාටම 

හිතින් අහනවා,,,,,,


දකුනේ සද ලැජ්ජාවෙන් දෑස් පියනවා,,,,,,


♥හිරු අවරට වඩින කලට දිවුල් ගසක් යට හිදගෙන දොඩමලු වන්නට හැකිදැයි 

හිතින් අහනවා ,,,,,,,,


දකුනේ සද ප්‍රේමනීය රටා අදිනවා ,,,,,,,,,,,,


♥️නොමැකෙන ලෙස හද සිතුවම්, බිතුසිතුවම් වී ඇති කල සද මගෙමැයි හැමවිටදිම

හිතින් අහනවා,,,,,,,,,,,


දකුනේ සද දෑස් වලින් කතා මවනවා,,,,,,,,,


♥️සසර පුරුදු එක් වුනාම හමුවන එක අරුමයක්ද නුබ ගැන තතු හැම විටකම 

හිතින් අහනවා,,,,,,,,,


දකුනේ සද එබී බලා සිනා ගෙනෙනවා,,,,,,,,,


♥️ඉසුරුමුනියෙ විහාරයේ පෙම් යුවළට සම නොවුනට අපි තරම්ම ඔවුන් නොවේ

හිතින් අහනවා,,,,,,,,


දකුනේ සද ලෙන්ගතුකම දොවා වඩිනවා,,,,,,,


♥️නුඹේ නමට ලියපු ගීය පද එකිනෙක ගලපන විට සංසාරෙම සුවද දේවි 

හිතින් අහනවා,,,,,,,,,


දකුනේ සද ආදරයෙන් මදෙස බලනවා,,,,,,,,


                                         

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular