Wednesday, September 16, 2015

මළ ගෙවල්වල එල්ලෙන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එක ****


ශ්‍රී සද්ධර්මයෙන් බිඳක්!

මළ ගෙවල්වල එල්ලෙන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එක ****
*************************************************************************
මළ ගෙවල්වල එල්ලෙන "අනිච්ඡාවත සංඛාරා" බැනර් එක
අපි මළගෙයකට ගියාම, ගොඩක් වෙලාවට දකින එකක් තමයි, "අනිච්ඡාවත සංඛාරා" ලොකු කළු අකුරෙන් ලියලා බැනර් එකක් එල්ලලා තියෙනවා. ඉතින් නිකමටවත් අපිට හිතුනද මොකක්ද මේ කියලා තියෙන්නේ? මේකෙ සැඟවුණු දහම් අරුතක් තියෙනවාද කියළා. ඇහුවාම කියන්නේ "සියළුම සංස්කාරයෝ අනිත්‍යයි" කියළානේ. ඕකෙන් මොනවද අපි දැකපු සත්‍ය. මෙයින් කියවෙන ධර්මතාවය ගැන අවබෝධ වී ඇත්තේ කීයෙන් කීදෙනාටද. මෙම ගාථාව අරිහතුන් වහන්සේලා නිතර භාවිතා කරපු, අවබෝධ කරගත්ත ධර්මතාවයේ ගාථාවක්. මහරහතන් වහන්සේලා තමන්ගේ යථාවබෝධය ලැබුනායින් පසු උන් වහන්සේලා මේ ලෝකේ දැක්ක හැටි විස්තර කරන ගාථාවක්.

සාරයි කියන දෘෂ්ඨියේ ඉඳගෙන, හිතනවා නම්, කියනවා නම්, කරනවා නම්, ඔය වැඩ පිළිවෙල කැමති සේ නැති වැඩ පිළිවෙලක්. කැමති සේ පවත්වාගෙන යන්න උත්සහ කරන, කැමතිසේ පවත්වන්න බැරි වැඩ පිළිවලක්. සංඛාර අනිච්ඡයි කිව්වේ ඕකයි. එදා කෙනෙක් මිය ගිය පසු ඔහුගේ හෝ ඇයගේ මළ ගෙදර වැඩිය ආර්‍යය භික්‍ෂූන්වහන්සේ, සංඛාරයන්ගේ අනිච්ඡතාවය පෙන්වන්න හොඳම අවස්ථාව ලෙස ගෙන ඕක විස්තර කලා.

මෙය උපමා වශයෙන් බලමු. හොඳම උදාහරණය ලගම තියෙනවා. මෙච්චර කල් හිතන් හිටියේ කොහොමද ලෝකේ අල්ලන්න නේද දැඟලුවේ ඉන්නකල්. ලොකුකම් කරගෙන, ගහබැන ගෙන, මරාගෙන ,අයිතිවාසිකම් කියාගෙන කොහොමද හිටියේ. මොකද අද වුනේ. ලස්සන කරන්න, හැඩ වැඩ කරන්න, සුන්දර කරන්න, මේ ශරිරය පෝෂණය කරන්න දඟලලා අද මොකද වෙලා තියෙන්නේ. ඔය කරපු වැඩ පිලිවෙලේ හරය දැන් පේනවා නේද. අපේ කැමැත්ත, හොද හැටියට පවත්ව ගන්න. නමුත් උනේ මොකක්ද ඔක්කොම නැතිවෙලා ගියා. මෙන්න මේ ශරිරය දිහා බලලා ඕක තේරුම් ගන්න කියලා එදා හිටපු පිරිසට ධර්මයක් දේශනා කලා. ඔය හරියටම දැකලා අවබෝධ කරගෙන කියූ ගාථාව තමයි අද සම්ප්‍රදායක් විදියට මළ ගෙදරට ඇවිල්ලා භික්ෂූන් වහන්සේලා දැන් කියන්නේ.

ඕක බලාගෙන හිතාගන්න ඔය ගොල්ලොත් ඉපදුනා නම් ඔය වගේම වැනසිලා යනවා. හදාගෙන, රැකගෙන, පෝෂණය කරගෙන ඉන්න හැදුවත් හම්බවෙන්නේ නැහැ. ඔය අසහනය නවත්වා ගත්තේ නැත්නම් ගමන ඉවර නැහැ. නැවතක් ඔය වගේ දෙයකට උරුමකම් කියනවා. ඕක තමයි අපි මෙච්චර කල් ආපු ගමන. ඔය ගමනෙ හරයක් හම්බවුනාද ? එහෙනම් මොකද්ද හරය. ඔය බලාපොරොත්තු සදහටම නැතිවෙලා ගියා නම් එදාට අසහනයෙන් නිදහස් වෙනවා, පැවැත්මෙනුත් නිදහස් වෙනවා. ඔය මළ මිනිය බලලා ඕක තේරුම් ගන්න කියලා විග්‍රහ කරලා දුන්නා.

Saturday, September 12, 2015

ඊශ්‍රායලය බිහි වූ හැටි






ඊශ්‍රායලය බිහි වූ හැටි

ඊශ්‍රායලය කියන්නේ මහා පුදුමාකාර රටක්. මැද පෙරදිග තිබෙන එකම මුස්ලිම් නොවන රට තමා මෙය.(යුදෙව්වන් කිව්වත් වැරදි නැහැ.) මා ඉතිහාසය පුරාවටම නොයෙකුත් ජාතීන් අතින් කෙනෙහිලිකම් වලට ලක් වෙලත් ඔවුන් තම ජාතිය වෙනුවෙන් සටන් වදිමින් අවසානයේ තමන් වෙනුවෙන්ම රටක් පිහිටුවා ගැනීම.

ඊශ්‍රායලයේ කතාවත් මහ අග මුල නැති කතාවක්ම තමා.

ඊශ්‍රායලයේ වසර 3000 කට පමන පෙර කාලයේ පටන් යුදෙව්වන් සිටි බවට සාක්ෂි තිබෙන බවයි පෙනෙන්නේ. හීබෘ බයිබලයේ පල්මු පොතේ(Book of Genesis) සඳහන් වෙන පරිදි ඒබ්‍රහම්ගේ මුනුපුරා වන ජේකොබ් ඔහුගේ නම ඊශ්‍රායල් ලෙසට වෙනස් කලා. ඔහුට පුතුන් 12ක් හිටියා. ඔවුන් "ඊශ්‍රායෙල්ගේ දරුවන් ලෙසින්" හැඳින්වූ ගෝත්‍ර 12ක් බිහි කලාලු. ඔවුන්ගෙන් සිවුවැන්නා වන ජුඩාහ්(Judah) පිහිටවපු, Kingdom of judah වලින් තමා යුදෙව්වන්ගේ ආරම්භය සිදු වන්නේ.

එතැන් පටන් ගත වූ සහස්‍රක තුනක පමණ කාලයක් තුල යුදෙව්වන් නොයෙකුත් ජාතීන් යටතේ තාඩන පීඩන වලට ලක් වුනා. ඔවුන් ජීවත් වූ ප්‍රදෙශයේන් කිහිප වරක්ම ඔවුන්ව පැන්නූ අතර, නොයෙක් වර ඔවුන්ව සමූල ඝාතනය කරනු ලැබුවා. ඇසිරියන්ලා, බැබිලෝනියන්වරු,පර්සියන්ලා, ග්‍රීක්වරුන්,රෝමානුවරුන්, කුරුස යුද්ද වලදී ක්‍රිස්තියානුවන්, ඉන් පසුව අරාබි කාරයන් මේ විදිහට යුදෙව්වන්ට පීඩන කල පිරිස්. ඇතම් පිරිස් වෙන පලාත් වලට පැන ගියා. ‍යුරෝපයට පමණක් නොව රුසියාවට, ඉන්දියාවට සහ චීනයට පවා ඔවුන් ගිය බව කියවෙනවා. කොහොම වුනත් ඒ කිසිම තැනකින් ඔවුන්ට හරි සැලකිල්ලක් ලැබුනේ නැති බවයි පෙනෙන්නේ.

ප්‍රන්ශ විප්ලවයත් සමග නව අදහස් යුරෝපය පුරා පැතිර යාමට පටන් ගත්තා. කොන් වී සිටි යුදෙව්වන්ට සම අයිතිවාසිකම් පිලිබඳ සිහින පෙනෙන්න පටන් ගත්තා. තමන්ගේම දෙශයක් හැමදාම යුදෙව්වන් සිහින දැකි දෙයක්. විප්ලවයෙන් පසු මේ අදහස් ක්‍රියත්මක කිරීමට පිරිස් රැස් වුනා. ඔවුන් නව දේශය හැඳින්වූයේ සයෑන්(Zion) නමින්. 1897 දී පලමු සයෑන් කමිටුව තීරණය කලා යුදෙව්වන් සඳහා දේශයක් පලස්තීනය මුල කරගෙන පිහිටුවීමට. (ජේරුසුලම අවට පෙදෙසට පලස්තීනය යන නම දමා තියෙන්නේ ක්‍රි.පූ.131 පමණ, රෝමන්වරු විසිනුයි.)

ඊශ්‍රායලය බිහි වීමට බ්‍රිතාන්‍ය මගින් වූ බලපෑම අති විශාලයි. පලමු ලෝක යුද්ධය වන විට, පලස්තීනය අයිතිව තිබුනේ ඔටෝමන් අධිරාජ්‍යයටයි. මධ්‍යම බලවේගයනට විරුදුව කරන සටනේදී, බ්‍රිතාන්‍යට යුදෙව්වන්ගේ සහාය ලැබුන බවක් සඳහන්. ඔටෝමන්වරුන්ගේ පරාජයත් සමග, පලස්තීනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතට ගැනුනා 1920 දී. මෙම පෙදෙස බ්‍රිතාන්‍ය පලස්තීන අධිකාරිය(British mandate of palestine) ලෙස හැඳින්වූවා. බ්‍රිතාන්‍ය පලස්තීන අධිකාරිය පිහිටුවීමේ එක් අරමුණක් වූයේ යුදෙව්වන් සඳහා රටක් ලබා දීම බව සඳහන්.

කෙසේ වෙතත් 1921 වන විට බ්‍රිතාන්‍ය පලස්තීන අධිකාරියෙන් 3/4 පමණ වන භූමි ප්‍රදෙශයක් මුල් කරගෙන ට්‍රාන්ස්ජොර්දාන්(transjordan) නමින් නව අරාබි රටක් පිහිටුවනු ලබනවා බ්‍රිතාන්‍යයන් විසින්. මෙම පෙදෙසට යුදෙව්වන්ට යාම තහනම් කල බවත්, පලස්තීනයට අයත්ව තිබූ ඉතාම සාරවත් පෙදෙස් මෙය බවත් සඳහන්.එනම් බ්‍රිතාන්‍යන් විසින් මුස්ලිම් වෙරුන් වෙනුවෙන් පෙදෙසක් වෙන් කර දෙනවා. අරාබි-බ්‍රිතාන්‍ය හොඳ හිත පවත්වා ගැනීම මෙහි අරමුණයි.

කෙසේ වෙතත් 1917-1948 කාලය තුල බ්‍රිතාන්‍ය පාලනය යටතේ, ලෝකයේ නොයෙක් දෙසින් යුදෙව්වන් පලස්තීනයට පැමිනෙනවා. මෙහි වැදගත් ම දෙය නම් බ්‍රිතාන්‍ය පාලනයක් නොතිබෙන්නට මුස්ලිම් වරුන් කිසි විටක මෙසේ යුදෙව්වන්ට පැමිණෙන්නට ඉඩ දෙන්නේ නැහැ. යුදෙව් සංක්‍රමණ වලට විරුදුව අරාබි වරුන් දැඩි ක්‍රියා මාර්ග ගත් බවයි, පෙනෙන්නේ. අවසානයේ, බ්‍රිතාන්‍ය පාලනයම සංක්‍රමණ නීති පනවමින් යුදෙව්වන්ගේ පැමිණීම අවම කරනවා. ඔය අතර තමයි යුදෙව්වන් විසින් බ්‍රිතන්‍යය පාලනයට විරුද්ධව සටනක් පටන් ගන්නේ.

1947 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරනවා, පලස්තීනය කඩා වෙන් කිරීමට. ඒ සමගම පලස්තීනයේ යුදෙව්වන් සහ අරාබි ජාතිකයන් අතර සිවිල් යුද්ධයක් ඇරඹෙනවා.

කෙසේ වෙතත් 1948 මැයි 14 වන් දින අවසන් බ්‍රිතන්‍යය හමුදා ඉවත් වීමත් සමගම යුදෙව් සංවිධානය විසින් ඊශ්‍රායලය නමින් නිදහස් රටක් ප්‍රකාශයට පත් කරනවා. අවසානයේ ඊශ්‍රායලයට අයිති වූ පෙදෙස මුලු පලස්තීනයෙන්(ජෝර්ඩානයත් ඇතුලුව )6.7% වූ බවයි පැවසෙන්නේ.

මෙයට මුස්ලිම් වරුන් ප්‍රතිචාර දක්වන්නේ හරිම අපූරු විදිහකට, අවට ඇති අරාබි රටවල් පහක් (ට්‍රාන්ස්ජොර්ඩාන්,ඊජිප්ත්තුව,සිරියාව,ලෙබනනය, ඉරාකය ) පහුවදාම ඊශ්‍රායලය ආක්‍රමණය කරනු ලබනවා.

Saturday, August 22, 2015

හැම ආගමකින්ම කියා දෙන ශ්‍රධ්ධාව




හැම ආගමකින්ම කියා දෙන ශ්‍රධ්ධාව

ඉතිහාසයේ සිද්ධින් අපිට කියා දෙන ආකාරය

මේ කතා පිරික්සද්දී ශ්‍රද්ධාව කියන එක වැදගත් සාධකයක් බව පැහැදිලියි. හැබැයි අවශ්‍ය වෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාව. එහෙමත් නැත්නම් කරුණු නිවැරදිව වටහාගෙන අවබෝධයෙන් ඇති කරගන්නවා වූ පැහැදීම. එහෙම නැතුව අමූලිකා ශ්‍රද්ධාව නෙමෙයි. ඔය අමූලිකා ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ තමා හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිද්දී මිදුල අතු ගගා හිටිය ඉදල හාමුදුරුවන්ගේ ඇඟෙන් හේත්තු කරලා හාමුදුරුවන්ට දණ ගහලා වඳිනවා වගේ වැඩ කරන්නේ.
බුදු දහමෙන් **************
*****ගඟේ ඔරු පාරු පදින තොටියෙකුත් දැක ගන්න නොහිටපු නිසා උපාසකයා "ඔරු පාරු නැති වුණාට කමක් නැහැ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යනවා" කියලා හිතලා ගල් තලාවක් මතුපිට ඇවිදිනවා හා සමානව අචිරවතී ගංගාවේ දිය කඳ මතින් ඇවිදගෙන යනවා.
ගඟ මැදට එද්දී හයියෙන් වතුර ගලන නිසා මේ උපාසකයාගේ හිතේ බය ඇතිවෙලා බුද්ධාලම්භන ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න යනවා. ඒත් ආයි පාරක් බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගත්තු ඒ උපාසකයා ආයි පාරක් ගල් තලාවක් උඩ ඇවිදිනවා හා සමානව ගංගාව උඩින් ඇවිදගෙන ගිහින් අවසානයේදී ජේතවනාරාමයේදී බුදුන් වහන්සේව බැහැ දකිනවා.

මේ කතාවේ විදිහටත් බුදුන් වහන්සේ ගැන තමන්ගේ හිතේ ඇතිවුණු අසීමිත ශ්‍රද්ධාව [බුද්ධාලම්භන ප්‍රීතිය] හේතු කරගෙන වතුර උඩ ඇවිදපු උපාසකයා බුද්ධාලම්භන ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න ගියත් ආයි පාරක් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගෙන වතුර උඩින් ඇවිදගෙන ගිහින් ගංගාව තරණය කරනවා.

කිතුණු දහමෙන්****************
"බය වෙන්න එපා, ධෛර්යය ගන්න. මේ මම" කියලා.ඒ වෙලාවේදී ජේසුතුමාගේ ප්‍රධාන ශ්‍රාවකයා වුණු පේදුරුතුමා ජේසුතුමාට කියනවා "ස්වාමිනි මේ ඔබ වහන්සේම නම් වතුර මතින් ඔබ වහන්සේ සමීපයට එන්න මට අණ කරන්න" කියලා.

ඒකට පිළිතුරු විදිහට ජේසුතුමා කියනවා "පැමිණෙන්න පේදුරු" කියලා.

ජේසුතුමාගෙන් අණ ලැබීමත් එක්ක පේදුරුතුමා ඔරුවෙන් වතුරට බැහැලා වතුර උඩින් ජේසුතුමා ගාවට ඇවිදගෙන යනවා. එහෙම යද්දී සුළඟ වේගවත් වුණු බව දැකපු පේදුරුතුමා බය වෙනවා.

ඒත් එක්කම තමන් වතුරේ ගිලෙන්න පටන් ගත්තු නිසා පේදුරුතුමා හයියෙන් කෑ ගහනවා "ස්වාමීනී මාව බේරගන්න" කියලා. ජේසුතුමා එතනට ඇවිත් පේදුරුතුමාගේ අතින් අල්ලාගෙන අහනවා "කෝ ඔබේ ශ්‍රද්ධාව ? ඔබේ ශ්‍රද්ධාව හීන වුණා නේද ? සැක කළේ ඇයි ?" කියලා

පස්සේ පේදුරුතුමාවත් අතින් අල්ලාගෙන ජේසුතුමා ඔරුවට නගිනවා. ඊට පස්සේ කුණාටු සුළඟ නැතිවෙලා ගිහින් සියල්ල සන්සුන් වෙනවා.

ඒ කතාවේ කියවෙන විදිහට ජේසුතුමා ගැන පේදුරුතුමාගේ හිතේ ඇතිවුණු ශ්‍රද්ධාව හේතු කරගෙන පේදුරුතුමා වතුර උඩත් ඇවිදිනවා. ඒත් ශ්‍රද්ධාව හීනවීමත් එක්කම දියේ ගිලෙන්න ගියා.

Sunday, August 2, 2015

සරදියෙල්ගේ පියා හලාවත -හාල්දඬුවන ගමේ පදිංචිකාරයකු වූ ආදාසි අප්පුය. ඉංග‍්‍රිසි පාලකයන්ගේ කෲර පාලනයට එරෙහිව කැරලි ගැසූ සරදියෙල්

              ඉංග‍්‍රිසි පාලකයන්ගේ කෲර පාලනයට     
                   එරෙහිව  කැරලි ගැසූ සරදියෙල්

 1815 දී කන්ද උඩරට රාජ්‍යය ද යටත් කරගත් ඉංග‍්‍රීසීන් මුළු රටම තම ආධිපත්‍යයට යටත් කර ගත්තේය. ඉන්පසුව ඉංග‍්‍රීසීන්ට එරෙහි පළමු කැරැුල්ල වාර්තාවන්නේ 1818 දීය. ඒ කැප්පෙටිපොළ අදිකාරම් හා මඩුගල්ලේ නිලමේතුමාගේ මූලිකත්වයෙනි. පසුව ඉංග‍්‍රීසින් ඔවුන් දෙදෙනාගේ හිස ගසා මරාදමන ලදි. අනතුරුව ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව කැරලි ගසන්නේ ගොංගාලේගොඩ බණ්ඩා හා වීරපුරන් අප්පුය. ඉංග‍්‍රීසි ආණ්ඩුව මේ වීරයන් දෙදෙනා ද වෙඩි තබා ඝාතනය කරන්නේය.
අනතුරුව ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව යුද ප‍්‍රකාශ කළ අයකු සිටියේ නම් ඒ සරදියෙල්ය. මහ ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගීසිටියේ තනි පුද්ගලයෙක් වශයෙනි. ඔහුට ජනසමාජයේ සහාය තිබිණි. අසාධාරණයට එරෙහිවත්, තම ජන සමාජය තළාපෙළා දමන විදේශ බලවේගවලට එරෙහිවත් ඔහු නැගී සිටියේය. ඉංග‍්‍රීසීන්ට එරෙහිව වචනයක් හෝ කථා නොකරන සමයක සරදියෙල් තම තුවක්කුව ඉංග‍්‍රීසීන්ට එරෙහිව පත්තු කළේය. වීරපුරන් අප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩාට පසුව ඉංග‍්‍රීසිහු ඝාතනය කරන ලද සරදියෙල් ද ඔවුන් මෙන් ජාතික වීරවරයකු බවට පත් නොවන්නේ කුමන හේතුවකටදැයි සැක සිතෙන තරම්ය.
සරදියෙල් උපත ලැබුවේ 1832 මාර්තු 25 වැනි දින යැයි පැවසේ. සරදියෙල්ගේ පියා හලාවත - හාල්දඬුවන ගමේ පදිංචිකාරයකු වූ ආදාසි අප්පුය. උතුවන්කන්ද - මොලගොඩ පදිංචි පිචෝහාමි ඔහුගේ මවය. ආදාසි අප්පුගේ රැකියාව වූයේ කරත්ත බැදීමත් කරත්තයේ ගොස් කළ දුම්කොළ වෙළෙඳාමත්ය.
ජංගම වෙළෙඳාමේ කරත්තයෙන් ගොස් ආදාසි අප්පු නතර වූ තැනක් තිබුණි. ඒ පිචෝහාමිගේ කෝපි කඩයයි. එහිදී කෝපි කෝප්පයකින් සප්පායම් වූවාට අමතරව ආදාසි අප්පු පිචෝ හාමිගේ කඩයේ නවාතැන් ද ගත්තේය. මේ ඇයි හොඳයි බව දුරදිග ගොස් පසුව ආදාසි අප්පු පිචෝහාමි සහේට ගත්තේය.
මේ යුවළට දාව පළමුව උපන් දරුවා වූයේ සරදියෙල්ය. තවත් දරුවන් හතර දෙනකු පසුව උපන්නේය. කතෝලිකයකු වූ ආදාසි අප්පු තමන්ගේ බාලදරුවන් හතර දෙනා හලාවතට රැගෙන ගොස් පල්ලියේ දී බෞතිස්ම කළ අතර වැඩිමලා වූ සරදියෙල් අධ්‍යාපනය ලබන්නට ගමේ පංසලට බාර කළේය. ආදාසි අප්පුත්, පිචෝහාමිත් ගොස් සරදියෙල් පළමුව බාරදුන්නේ බෙලිගම්මන පන්සලටය. එහෙත් එකල දැනඋගත් හිමිනමක් වාසය කළේ මාවනැල්ල ඉලූක්ගොඩ පිහිටි ශෛලමස්ථාරාමයේය. මේ නිසා බෙලිගම්මන පන්සලේ සිට ඉලූක්ගොඩ පන්සලට සරදියෙල් අධ්‍යාපනය ලබන්නට පැමිණියේය.
ඉලූක්ගොඩ ගුණරත්න හා පළමුගෙදර ගුණරතන යන හිමිවරු ඒ වන විටත් විහාරස්ථානයේ පිරිවෙනක් පවත්වාගෙන ගියහ. ඒ මගින් අධ්‍යාපනය ලද්දේ කෝරාළවරුන්, රටේ රාළ, ගම්මුලා දැනීන් වැනි ප‍්‍රධානීන්ගේ දරුවන්ටය. ධනපති පන්තියේ දරුවන් සමග සරදියෙල් එකට වාඩි වී වැල්ලේ අකුරු ලිවීමත්, බණ මඩුවේ පැදුරුවල වාඩි වී පොත් කියවීමත් රටේ රාළලාට මෙන්ම ගම්මුලාදැනීන්ටත්, ඉවසුම් නොදුන්නේය. ඔවුහු ඒ සඳහා විරෝධය පෑහ. ඉන් පසුව බොහෝ විට අනෙක් දරුවන්ගේ ආවතේව කටයුතු හා බැලමෙහෙවරකම් කරන්නට ද සරදියෙල්ට සිදුවිය.
එපමණක් නොව ධනපති පන්තියේ දරුවන්ගේ නොයෙක් අවලාද හා ඇනුම් පදවලට ලක්වීමටද සරදියෙල්ට සිදුවිය. මේ නිසා එතැන එපාවන තැනක් බවට පත්විය. ඒ වන විටත් පාලි භාෂාව තරමක් දුරට ඉගෙනගෙන තිබුණු සරදියෙල් වැලිපිල්ලේ අකුරු ලියා වචන රැසක්ම ලියන්නට පුරුදුව සිටියේය. එහෙත් පන්ති භේදය මුල්තැනට දමා අනෙක් ශිෂ්‍ය පිරිසගේ රුදුරු ක‍්‍රියාකලාපය ඉවසාගත නොහැකිව දිනක් ආරච්චිල කෙනකුගේ පුත‍්‍රයාට හා තවත් කීප දෙනකුට දරුණු ලෙස පහර දුන්නේය.
මේ සිද්ධියෙන් ගම්මුලාදැනීහු රටේ රාළලා සහ කෝරාළවරු මහත් කළබලයට පත්වූහ. තම පන්තියට නොගැළපෙන මේ කොල්ලාට එරෙහිව ඔවුහු අමුතුම චෝදනාවක් ගෙනාහ. පන්සලේ පිහිටි පන්තියේ දී ගම්මුලාදෑනියකුගේ පුත‍්‍රයකුට අයත් වටිනා හවඩියක් සරදියෙල් විසින් සොරකම්කරන ලදැයි එම චෝදනාව විය. මේ අභූත චෝදනාව මත සරදියෙල් පොලිස් අත්අඩංගුවට පත්විය.
ගෝන්දිවෙල ආරච්චිල විසින් පොලිසිය කරන ලද මේ ව්‍යාජ පැමිණිල්ල නිසා සරදියෙල්ට දින ගණනාවක්ම පොලිස් කුඩුවේ ලගින්නට සිදුවිය.
පොලිසියෙන් නිදහස් වූ පසු සරදියෙල් කොලූ ගැටයා උතුවන්කන්දේ සිට කොළඹ බලා යන කරත්තයක ගෝනි පඩංගුවක සැඟවී කොළඹට ගියේය. තම මවගේ කෝපි කඩයේ හැදීවැඞී ඇති හුරුව නිසා සරදියෙල් කොළඹ පිහිටි තේ කඩයක සේවය කළේය. අනතුරුව ඔහු යුද හමුදා බැරැක්කයක සේවය කළ හමුදා නිළධාරීයකු ළඟ සේවයට එක්විය. පසුව ඔහු කාලයක්ම බැරැක්කයේ සේවය කළේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16 - 17 ක් පමණ විය.
මේ හමුදා බැරැක්කය පිහිටියේ කොළඹ කොටුවේය. සිවිල් කම්කරුවකු ලෙස එහි සේවය කරද්දී ඔහුට ඉංග‍්‍රීසි පාලනයේ ඇති රළු බව හා ඒ මගින් රටේ ජනතාව පෙළන පාලනය පිළිබඳවත්. ඒ පිළිබඳව සකස් කෙරෙන සැලසුම්, කථාබහ සහ ක‍්‍රියාකාරකම් ද දක්නට, ආසන්නට ලැබිණි. එංගලන්තයෙන් පැමිණි සුදු ජාතික නිළධාරීන්ට කත් අදින අපේම රටේ දීන පිරිස් ගැන සරදියෙල්ගේ ලේ කකියන්නට පටන් ගත්තේය.
එංගලන්තයේ සුද්දන්ගේ විස්කි සහ වයින් බෝතලයටත්, විවිධ වරප‍්‍රසාදවලටත් යට වෙමින් ඇතැම් සිංහල, මුස්ලිම් හා දමිලයන් රට පාවා දෙමින් සිටින බවට සරදියෙල් තේරුම්ගෙන සිටියේය. ඔවුන්ට යස පාඩමක් උගැන්වීමත්, ඔවුන්ගෙන් රට බේරා ගන්නටත් අධිෂ්ඨාන කරගත් සරදියෙල් හමුදා බැරක්කයෙන් පැනයාමට තීරණය කළේය.
හමුදා බැරැක්කයේ සාදයක් පැවැති අවස්ථාවක සරදියෙල් කළේ එහි ආයුධ ගබඩාවට පැන තුවක්කු කිහිපයක්, පිස්තෝලයක් සහ පතොරම් තොගයක්ද රැගෙන එම ස්ථානයෙන් පලායාමයි. පසුදින හමුදා නිළධාරීන් විසින් ආයුධ සමග සරදියෙල් අතුරුදන්වීම ගැන රජයේ ඉහළ තැන්වලට දැන්වීය.


ජනතා සහය නොඅඩුව තිබුණත් සරදියෙල් බොහෝවිට සිටියේ හුදකලාවය. කොළඹින් පැනවිත් උතුවන්කන්ද තම වාසස්ථානය කරගත් ඔහු තම දෑසට පෙනෙනතෙක් මානයේම තම අණසක පැතිරෙව්වේය. කොළඹ - නුවරපාරේ සිට සැතපුම් 04 ක් පමණ ගිය පසුව වම්පසින් අඩි 1410 ක්පමණ උසැති උතුවන් කන්ද දිස්වෙයි. එහි මුදුනත ඇති ගල්කුල සරදියෙල් ගලය. උතුවන්කන්දට වම්පසින් පිහිටියේ ඌරාගල කන්දයි. ඊට එහායින් දෙවනගල කඳු පන්තිය පිහිටා ඇත. මෙරට පළමුවරට තේ වගා කළ බව පැවැසෙන ලූල්කඳවල වත්ත ද පිහිටියේ මීට ආසන්නවය.
උතුවන්කන්ද පිහිටි ගම්මානය ‘‘උතුවන’’ ය. අවට ගම්මානවන්නේ මුවපිටිය, මොළගොඩ, මොළගම, කිරිවන්දෙණිය හා තොටගමයි. මේ ගම්මාන අවට වනරොදින් ගහණය. වනපෙත මැදින් උතුවන්කන්ද තරණය කරන අයකුට ඒ සඳහා විශාල වෙහෙසක් දරන්නට සිදුවේ. කඳු මුදුනට ආසන්නවීමට පෙර ඇති ගල්තලාව මත පිහිිටි ගල් ගුහාව සරදියෙල්ගේ වාසස්ථානය ලෙස සැලකේ. ගල්තලාව මත කිහිප දෙනෙකුට සිටිය හැකි නමුත් ඒ අසලින් ගල අභ්‍යන්තරයට විහිදෙන ගල් ගුහාව තුළට රිංගාගත හැක්කේ බඩගාගෙන ගොස්ය. අඩි 30 ක් පමණ ඇතුළට මෙම මාර්ගය පිහිටා ඇතැයි කියනු ලැබේ. සරදියෙල් මෙම මාර්ගය ඔස්සේ ගොස් ක්‍ෂණිකව ගල් ගුහාවට රිංගා ගැනීමට සමතෙකු බව පැවැසෙයි. වෙනත් අයෙකුට ඊට රිංගා ගැනීම දැඩි අසීරු කාර්යයකි.
කඳු මුදුනට නැගගත් පසුව කෑගල්ල ප‍්‍රදේශය පවා හොඳින් දර්ශනය වෙයි. සැතපුම් ගණනාවක් ඈතට හතර දිශාවම හොඳින් දර්ශනය වීම නිසා සරදියෙල්ට හොර රහසේ කන්ද මුදුනට ළඟාවීමට කිසිවකුට හෝ නොහැකි විය. හුදකලාව සිටි සරදියෙල්ට, පසුව ඔහුගේ හොඳම මිතුරා බවට පත්වන මම්මලේ මරික්කාර් හමුවෙයි. ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නේද අහඹු ආකාරයටය. රාපොළකදී සප්පායම් වෙමින් සිටි මම්මලේට දක්නට ලැබුණේ තුවක්කු බටයක් අතින් ගත් තම වයසේම වූ තරුණයෙකි. තුවක්කුව අත දරා සිටියේ සරදියෙල්ය. ‘‘මේ තුවක්කුවෙන් මොනවද කරන්න පුළුවන්. ඕකේ මුනිස්සම එළියට එනකොට එතන ඉන්න එකාට පැනල දුවන්නත් කාලය ඇති යැයි’’ මම්මලේ මරික්කාර් සරදියෙල්ට සරදමක් කළේය.
‘‘උඹට මොනවද කරල පෙන්වන්න ඕනේ මේ තුවක්කුවෙන්’’ සරදියෙල් අභියෝගයක් කළේය.
‘‘හොඳයි උඹ කොකා ගස්සපන්, මම මේ ඇඟිල්ල මුනිස්සම එළියට එන්න කලිං අහකට ගන්නවා’’ මම්මලේ අභියෝගයට පිළිතුරු දුන්නේය.
තුවක්කුව බෙහෙත් කොටන එකක් බව සිතා මම්මලේ මරික්කාර් තුවක්කු බටයට ඇඟිල්ල තබාගත්තේය. සරදියෙල් කොකා ගැස්සුවේය. මම්මලේ මරික්කාර්ගේ ඇගිල්ලක් වෙන් කරමින් උණ්ඩය පිටවිය. මම්මලේගේ වෙරිමත සිදී ගියේය. වේදනාවෙන් කෑගැසුවේය. සරදියෙල් අත තිබුණේ හමුදා බැරැක්කයෙන් සොරාගත් තුවක්කුවක් බව පසුව මම්මලේ දැන ගත්තේය.
මේ සිදුවීමෙන් පසුව මම්මලේ මරික්කාර් සරදියෙල් සුසංයෝගය ඇතිවිය. සිංහල - මුස්ලිම් වශයෙන් ජාතින් දෙකකට අයත් වුවද මේ දෙදෙනා එදා ඇතිකරගත් මිතුදම පසුකාලීනව ඉංග‍්‍රීසි පාලකයන්ට මහා හිසරදයක් බවට පත්විණි. මම්මලේගේ සහෝදරියක වන තංගම්මා සමග සරදියෙල් පේ‍්‍රම සබඳතාවක් ඇති කරගත් බවත්, මේනකා වශයෙන් හඳුන්වන්නේ ද ඇයම බවත් පැවැසේ. මම්මලේට අමතරව සරදියෙල්ගේ යහළුවන් වූයේ සිරිමලා, හවඩියා, උක්කිඳා සහ කිරි හොඳාය
කෑගල්ල ප‍්‍රදේශයේ සුදු ජාතිකයකුට අයත් තේ වත්තක් තිබිණි. එහි සේවකයෝ සියයක් පමණ සේවය කළහ. වත්තේ කංකානම ලෙස සේවය කළ සුදු ජාතිකයන්ට ගැතිකම් කරන කංකානම කළේ වත්තේ වැඩකළ සේවකයන්ට මත්පැන් හා සූදුවට පුරුදු කිරීමය. මාසික පඩියදාට මත්පැන් බොන්නටත්, සුදු කෙළින්නටත් කංකානම සියලූ පහසුකම් යොදා තිබුණි. ඇතැම් කම්කරුවෝ මාසය පුරා වැඩකර අතට ගත් වැටුප සූදු පළට පූජා කළහ. කංකානම මේ මගින් විශාල මුදලක් සොයා ගත්තේය. මේ සුදුපොළ පිළිබඳව ආරංචි වූ සරදියෙල් දිනක් මුදල් ද රැගෙන සූදුපලට පැමිණියේය. සරදියෙල් ද සූදුපළට ඒ මුදල් පැරදිණි. පසුව කංකානම සතු වූ මුදල් පොදිය ද කොල්ල කා සරදියෙල් පැන ගියේය.
පසුවදා උදෑසන එම මුදල් සියල්ල සරදියෙල් විසින් දුප්පතුන් අතර බෙදා දෙන ලද බව ද කියැවේ. තම දියණියගේ දෑවැද්ද සඳහා වසර ගණනක් තිස්සේ දුක්මහන්සි වී වැඩකරන රිදීකාසි 500ක් සොයාගත් මිනිසකු ඒ මුදලද රැගෙන කැලය මැදින් යනවිට සරදියෙල් එතැනට කඩා වැදුනේය ‘‘උඹ ළඟ මුදල් කීයක් තිබේදැයි’’ සරදියෙල් විමසුවේය.
මා ළඟ රිදීකාසි 500 ක් තියෙනවා. මම මේවා වතුවල වැඩකරලා අමාරුවෙන් හොයාගත් මුදල්. මගේ දුවගේ විවාහයට තමයි මේ මුදල් රැගෙන යන්නේ. අනේ පුතේ මේක නම් ගන්න එපා’’ යැයි අසරණ ගැමියා සරදියෙල් ගෙන් ඉල්ලා සිටියේය.
‘‘මට ඔය සල්ලි ටික දීපන්, හවසට මෙතනටම වරෙන්. මම උඹට සල්ලි ටික දෙන්නම්’’ කියමින් සරදියෙල් මුදල් මල්ලත් රැුගෙන ගිය පසුව ගැමියා විලාප තබමින් එම ස්ථානයේම රැුදී සිට තිබේ. නියමිත ලෙස හවස් කාලයේදී එතැනට පැමිණි සරදියෙල් ගැමියාට රිදීකාසි 500 ආපසු දී සරදියෙල්ගේ අතින්ද තවත් මුදලක් ලබාදුන් බව පැවැසෙන්නේ’’දුවගේ මඟුල හොඳට ගනින්’’ යනුවෙන් පවසමිනි.
පසුව හෙළිවූයේ කංකානම ගේ සුදුපළට ගොස් රිදීකාසි 500 පැරදීමෙන් පසුව එයින් පැහැරගත් මුදලින් ගැමියාට මුදල් ලබාදුන් බවය. උතුවන්කන්දට වී සිටින සරදියෙල්ට ආරක්ෂාව සපයන ලද්දේ ඔහුගේ මිතුරන් විසිනි. මම්මලේ මරික්කාර් ඒ අතර ප‍්‍රධාන විය.
කොළඹ නුවර මාර්ගයේ ගමන් ගන්නා බර කරත්ත පිළිබඳව ඔහු කඳු මුදුනේ සිට මහත් අවධානයෙන් සිටියේය. මුදල් යහමින් ඇති මුස්ලිම් වෙළෙඳුන් හා කෝපිවතු පාලනය කළ සුද්දන්ගේ කරත්ත සරදියෙල්ගේ කොල්ලයට හසුවිය. ඔවුන්ගේ දේපල, මුදල්වලට අමතරව සරදියෙල් ඔවුන් සතුව තිබුණු තුවක්කුද පැහැර ගත්තේය.
කෑගල්ල ඉංග‍්‍රීසි දිසාපතිවරයා වූ සෝන්ඩර්ස්ට සරදියෙල් ගැන දිනපතා එන පැමිණිලි වැඩිවන්නට විය. කෑගල්ල දිසාවේ තම අණසකට වඩා වැඩි වේගයෙන් සරදියෙල්ගේ අණ ක‍්‍රියාත්මක වෙමින් තිබෙන බව දැනගත් දිසාපතිවරයා මේ සඳහා රහස් සැලසුමක් දියත් කළේය.
ඉංග‍්‍රිසි පාලකයන්ගේ කෲර පාලනයට එරෙහිව කැරලි ගැසූ සරදියෙල් හොරෙකු, මංපහරන්නකු වූයේ ඉංග‍්‍රීසි පාලකයින්ටය. සිංහල ජනතාවට ඔහු සදාතනික වීරවරයෙකි. සරදියෙල්ගේ නාමය අපේ රටේ ජාතික වීරවරයින්ගේ ලේඛනයේ අගභාගයටවත් වැටිය යුතුයැයි අප කියන්නේ ඒ නිසාය.සබාන් නැමැති ‘‘ජා’’ ජාතික විදේශීය පොලිස් නිලධාරියා සරදියෙල් හා මම්මලේ අතින් වෙඩිකා මියගිය දිනය අදටත් අපේ ජාතික පොලිස් දිනයයි

Friday, July 31, 2015

ධර්ම පරාක්‍රම සමයේ හලාවත........ තනිය වල්ලභ රජතුමා.....

                    ධර්ම පරාක්‍රම සමයේ හලාවත........
                         තනිය වල්ලභ රජතුමා.....


සකලකලා වල්ලභ කුමාරයාත්, තනිය වල්ලභ කුමාරයාත් ධර්ම පරාක්‍රමබාහු සමයේ හලාවත ප්‍රදේශයට ගොඩ බැහැපු කයාල් පටුනෙන් ආපු අදිරාස රායන් කියන මුදලි සහ මුස්ලිමරුන් පිරිස රජතුමාගේ මුතුපරවල මුතු ලබාගන්නත් අලි ඇතුන් අල්ලන්නත් පටන් ගත්තා. ඒක වළක්වන්න රජතුමාගේ අණින් උඩුගම්පොළ හිටිය සකලකලා වල්ලභ තමගේ සහෝදර මාදම්පේ පාලකය වුණු තනිය වල්ලභත් එක්ක පිටත් වුණා.
අශ්වයෙක් පිට නැගුණු සකලකලා වල්ලභ සහ ඇතෙක් පිට නැගුණු තනිය වල්ලභ සේනාව මෙහෙයවලා අදිරා...ස රායන් ඇතුළු මුස්ලිම්වරුන්ව මරා දමනවා. ඒ ජයග්‍රහණය රාජාවලිය දක්වන්නේ "ඇත්තු ගන්ඩ ආ යොනුන්ඩ බල්ලකු විචරත් බැඳ ගන්ඩ නොදී නැවුත් පොඩි කොට මේ ආකාරයෙන් යුධ ජයගෙන..." ආදී වශයෙන්.
සකලකලා වල්ලභයන්ගේ සහෝදරයා වුණු තනිය වල්ලභත් කලින් දක්වපු විදිහට රාජ්‍යයේ දේශපාලනික ස්ථාවරත්වයට ලොකු වැඩ කොටසක් කළා වගේම ආර්ථික ස්ථාවරත්වයටත් වැඩ කටයුතු කරලා තියෙනවා.
වැව
තමන්ගේ පාලන ප්‍රදේශය වුණු මාදම්පේ ප්‍රදේශයේ වාරි කර්මාන්ත කීපයක්ම කරවලා කෘෂි කර්මයට අවශ්‍ය ජලය ලබාදෙන්න තනිය වල්ලභයනුත් කටයුතු කරලා තියෙනවා. ඉන් ප්‍රධාන වාරි කර්මාන්තයක් වෙන්නේ "මහවැව" යි.
ඉතින් තනිය වල්ලභයනුත් මරණයෙන් පස්සේ ජනතාව "තනිවැල්ලේ දෙවියන්" නමින් වන්දනා කරන්න පටන් ගත්තා. සුදු අශ්වයෙක් පිටේ නැඟිලා සුදු වස්ත්‍රාභරණයෙන් සැරසිලා වේගයෙන් තවමත් තනියවැල්ලේ දෙවියන් තමන්ගේ බල ප්‍රදේශයේ ගමන් තම වැසියන්ගේ ආරක්ෂාව සලසන බවයි ජනතාවගේ පිළිගැනීම වෙන්නේ.
තනිවැල්ලේ දෙවියන්ගේ අශ්වයා.

  
මාදම්පේ ප්‍රදේශයට යන කොට සුදු අශ්වයෙක්ගේ රුවක් ඉදි කරලා තිබෙන දේවාලය තමා මේ තනිවැල්ලේ දෙවියන්ගේ දේවාලය වෙන්නේ. කෝට්ටේ යුගයේ පටන් තිබුණු මේ දේවාලයේ වර්තමානයේ දක්නට ලැබෙන ගොඩනැගිලි ගලින් ඉදි කරන්නේ 1894 දී.
ඒ කෙසේ නමුත් දේවාලයේ පෞරාණිකත්වය පෙන්වන වසර 250 ක් පමණ පැරණි බෝධි වෘක්ෂයකුත් දේවාල භූමියේ දක්නට ලැබෙනවා.

තනිය වල්ලභයන්ගේ මරණයට හේතුව සොයා බැලුවොත් ඒක සිද්ධ වෙන්නේත් එතුමාගේම මුණුබුරා අතින්. තනිය වල්ලභයන්ට හිටියේ දියණියක්. ඇය විවාහ වුණේ සොළී කුමාරයෙක් සමඟ. ඔවුන්ගේ දරුවන් වුණේ වීදිය බණ්ඩාර සහ තම්මිට සූරිය බණ්ඩාර කියන කුමාරවරුන්.
අවසානයේදී 1583 දී පමණ තනිය වල්ලභයන් මියයන්නේත් කලින් කිව්වා වගේ තමන්ගේම මුණුබුරා වුණු වීදිය බණ්ඩාර අතින්.

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular