පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link

Wednesday, October 28, 2015

සැළුන් මාම (නිසදැස් )



ඔන්න ඉස්සර අපි කොන්ඩ කැපුවෙ මෙහෙමයි...දැන්නම් සැලුන් මොඩ් වෙලා ****


බෝම ඇත ඉස්සර
තිබුන අපෙ හන්දියේ
කොස් ගහක් යට
ලෑලි පෙට්ටි සැළුන් කඩය
මට තාම මතකයි
වෘක්ශ දේවතාවුන්ගේ වුව
හිස හැදුව
අරගෙන කතුර වම් අතට
කැපුවේ කොණ්ඩයම මිස උඹ
නොවේ බෙලි අන් අයගේ
මුවහත් කොට දැලි පිහිය
අතුල්ලා කිඹුල් හමේ බෝම
කෙස් ගසුත් දෙකට පැලෙන සේ
කැපුවේ රැවුල මිස
නොව මුව කමල
සැළුන් කඩයටම වී නොසිට
උඹ් ආව ගිය අපෙ ගමටද
ගමේ ගොඩෙ පාර දිගම මිස
නැත වූයේ පාපැදියක්වත්
උරුමෙට

අනේ ආයෙත් දවසක
එන්ට මාමා දැලි පිහි
කතුරු නොව
මේ මගේ දරු පැටවුන්ට
සීනි බෝලයක්වත් අරගෙන

No comments:

Post a Comment