අවදි වී හිරුට පෙර
මුළුතැන්ගෙට නොවේ
ලන්කාවට ම එළිය හෙල
සුළි සුළන් පිඹ
අවුළුවා දර ලිප
සෙනෙහසේ බත පිසින්නී
කාලයට කළු ගැහුණු
කොපුල්තල මිටියාවත මත
පුයර මල් රේණු උළාගන්නී
සමනළුන් ඉගිළෙන
ඔසරියට මුවාවී
ඉරේ සැර හීවලින්
බේරෙමින් බේරෙමින්
ත්‍රීවීලරයක් සේ ම
පොඩි ඉඩෙන් කාලය විදගෙන
පාසලට දුවන්නී
පන්ච කල්‍යානය
ටිකෙන් ටික නටඹුන් ව යයි
ලේන්සුවේ අග
ඩහදිය බින්දුවක් රඳවයි
පාසලට හැමෝටම සිරියාවෙ පෙති විදාගයි
යසෝදරා
මා ළඟ ම නැවතිලා තව මොහොතකට
මේ අහන්න
නුඹ මිස
මා පිරූ පාරමිතාවක් නම් නැත මෙලොව !
--------------------------------------------
දුෂාන් ජයරත්න
Hi niice reading your blog
ReplyDelete