Monday, October 3, 2016

කසාවත







පුංචි සන්දියෙ දුවල පැනලා
ලන්ද බඩවැටියේ
ගඩා ගෙඩි කා ඇවිද නැටූ හැටි
ඕවිටක් ගානේ,

කුරුලු ගීයට බටනළා හඬ
මුසුකළා මම ආදරෙන්
ඇරී පාසල් සවස් යාමයෙ
ගත කලා සෙල්ලමෙන් නිතරම,

පුංචි සිවුරෙන් දෙවුර වහගෙන
බෝ සෙවණ යට භාවනාවේ
යෙදී උන්නත් මගේ  අම්මේ
ඒව සිහිවෙන විට දුකයි ,


සෙල්ලමට සිත දුව ගියත් මගෙ
එහෙත් මගෙ දුක තුනී වෙනවා
හතර වරිගෙ ම නිවන් දක්නා
බවක් එදා අම්මා කී නිසා.




1 comment:

  1. හයක් හතරක් තේරෙන්නේ නැති කුඩා දරුවන් මහණ කිරීම දැන්වත් නැවැත්විය යුතුය

    ReplyDelete

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular