Friday, October 7, 2016

මම නුඹේ පියා ය


 






මහලු වුව ජීවිතය?
අය කොටස පරදවා
වැය කොටස හිස ඔසවා
දූගේ ටියුෂන්වලට
පුතුගේ පාසල් වියදමට...
 
යහමින් කුස පුරවා ද?
කසී සළු ඇඟ දවටා ද?
 
ණයකරුගේ ගිණුම් පොතට
පඩි පත ම යට වෙලා...
කුලී වැඩ කොටස
අත පයට පවරලා...
පුතුනි, මම නුඹේ පියා ය
දැන් ඉතින් මහලු වී
අතපයට වාරුවක් නොමැති ව
තව ම හරි හරියට
මහා පොළවට ඔට්ටු වෙමි...
 
නුඹලා;
වැඩි වැඩිහිටියන් ව
ජීවිතය ගැටගසන තුරු









4 comments:

  1. හරිම පව්...

    // නුඹලා;
    වැඩි වැඩිහිටියන් ව
    ජීවිතය ගැටගසන තුරු//


    ඉන් පස්සෙත් නිවනක් ලැබෙයි ද ?

    ReplyDelete
    Replies
    1. හරිම පව්
      නමුත් ඊට පස්සෙ දරුවන්ගෙ දරුවො
      මුණු බුරෝ බලාගන්නත් එපාය

      Delete
  2. හොඳ නිසඳැසක්

    ReplyDelete
  3. ජීවිතයත් මරණයත් අතර රැකියාවේ නිරත පියෙක්ගේ කදුළු. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular