Thursday, October 20, 2016

කදුළු මිළ කළ හැකි නම්




කඳුළු මිල කළ හැකි නම්
බෝ පෝසත් ය අද මම්
තැවුල් විකිණිය හැකි නම්
සත් මහල් මත හිඳිමි අද මම්

සිනා සල්පිල් ඇති කළ
කවුරු ගොඩවෙද කනස්සලු පිල
සතුටු විදුලිය බල බල
කවුරු තපිතිද තැවුල් ගිනි මැල

ඇතිරිලි මත සුමට
නිදන සිහිනය දකින දනහට
ඇවිටිලි කොට කුමට
අකමැතිය ගොඩවෙන්න පැදුරට

දෑවැදි පහුරු පිට
නැග දන ඇදෙති එගොඩට
මට මිල නැති කලට
කවුරු කරති ද මෙමා එගොඩට

1 comment:

  1. දෑවැදිම නොපතන
    පිරිස් ඇත තව වෙන
    ළඟදි මෙහි සපැමින
    නුඹව යයි කැන්දාගෙන........

    ජයවේවා!!!


    දෑවැදිම නොපතන
    පිරිස් ඇත තව වෙන
    ළඟදි මෙහි සපැමින
    නුඹව යයි කැන්දාගෙන........

    ජයවේවා!!!


    ReplyDelete

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular