තත්ත්වය රැකිය යුතු බව හැම තැනම කියයි අපමණ වෙහෙස ගෙන රැකුමට කරුණු සොයයි එය රකිනවා නම් කිසිවෙක් නොමඟ නොයයි නැති තත්ත්වයක් ගෙන සමහරු ඉහළ ගියයි යුතුකම ගුණදහම දිවියට වැද ගත්වේ පොදුජන මෙහෙය සලකන වැඩ අග පත්වේ නිවැරදි ගමන් මඟ ගිය හොත් රස වත්වේ රැකෙනව නියති හිත හොඳ පිරිසගෙ තත්ත්වේ
නැති තත්ත්වයක් මුදලින් ගන්නටයි සිතා
ReplyDeleteහති නැති සමහරුන් අවැඩත් කරයි පුතා
බැති සිත් මණුදහම් වැඩකට නැතැයි ගොතා
කති බොති තත්ත්වේ ඇත්තේ මුදලටයි සිතා....
ජයවේවා!!!
කදිම පිලිතුර සොයුර..........ජය වේවා
ReplyDelete