පොත පත කියවන සොයන අය සදහා සොයා ගන්න link

Monday, October 17, 2016

පියවරෙන් පියවර





පෙර දිගින් සිනාසෙන වෙලාවට                  දිනින්දා
මව්-පියන්ගේ හිසේ රන් ඔටුනු                     පලන්දා
මවගෙ කුසතල වකුටුවී සිටිය                     කලින්දා
දස මසක ඇවෑමෙන් ලොව දකී                  බිලින්දා

දෙමව්පිය රැකවලේ ළමාවිය ගෙවෙන              තුරු
මනස මෙහෙයා සොයයි තුරුණු විය නමැති  හිරු
හොඳ නරක දෙකෙන් එක පැත්තකට වෙලා හුරු
පියාපත් ලැබුණ ලෙස ඉගිල්ළෙයි සිතැ’ගි          යුරු

පවුල් දිවියට එළඹ මව් පියන්ගෙන්                        මිදී
සිහින ලෝකය පුරා සොයයි මසුරන්              පොදී
ගෙවල් දොරවල් හදා සුර සැපට පෙම්                 බදී
අවුල් වුණහොත් දිවිය නුදුටු දෙවියන්                  වදී

අතීතය මෙනෙහි කර දෙතුන්වර                හුහුල්ලා
දෝංකාරය නිසා සවන් යුග                            අගුල්ලා
ඇද වැටෙන හැටි දකින තටු සිඳුන            කුරුල්ලා
සුසුම් නල වැල් දිගේ පියමනී                          මහල්ලා






2 comments:

  1. මව්පිය අවවාද කමකට නොගෙන ඉඳ
    පව්කම් කරන නාඹර හිත් සැපය විඳ
    කව්-රුත් මුදල් රසයට ලොබ බඳින සඳ
    ගව් ගණනක් දුරිනි සැනසුම ඉන් ලැබෙනවද......

    ජයවේවා!!!

    ReplyDelete