Wednesday, November 30, 2016

කඩදහි ඔරු - ( සාර භූමියේ අතීතය සුන්දරය )










අපේ අතීතයෙ පුංචි දවස්වල වැහි කාලෙට එන පොඩි දිය පාරේ නුඹයි මායි බැස වතුර කඩිත්තේ මතකයි කඩදහි ඔරු පා කෙරුවා යන්නෙ ටික දුරයි ඔරුවෙ දිය පිරෙයි කොළයත් දියවෙයි වතුරට බිලි වෙයි නුඹේ පුංචි නිල් නෙත් යුග අතරින් දුටුවොත් ගිලිහෙන කඳුළක් දිය මත යළිත් හැදුවොතින් කඩදහි ඔරුවක් සිනා මල් පිපෙයි නුෙඕ ලවන් මැද පති කුලයට ගිය නුඹ අද ගම නැත දොළ පාරෙද දිය වියළී ගොස් ඇත මගෙ කඳුළු කැට කොපමණ හැලුණත් වියළී ගිය දොළ ඉපදීමක් නැත ගිලුන ඔරු හැමත් දිරාපත්ව ගොස් මා පමණක් මෙහි දැන් ඉතිරිව ඇත





2 comments:

  1. මිය ගිය මතකය සිහි නොම වේවා
    දිය පිරි දොළ යළි ගලා බසීවා
    ගිය ඔරු පෙර දින සැමරුම් වේවා
    තිය මින් සුසුමන් මා දුක් වූවා.......

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඕවා ඔහොම තමා...........

    ReplyDelete

Top

සාමය උදාවන ගාසා තීරය

  යුද්ධය  යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්‍රික ගැටුම් වල සිට නගර, රාජ්‍යයන් හා අධිරාජ්‍යයන් අතර ඇති...

Popular